Wednesday, October 30, 2013

අතීත මතකයන් දිගේ - School Van Memories




මේ දවස් වල අපිට සූ ගාලා වැඩය. කැම්පස් එකේ ගෘප් ප්‍රොජෙක්ට්ද, ඉස්කෝලේ බ්ලොග් සංගමේ පොඩි උන්ගේ වද දීම්ද, අළුත් සාමාජිකයන්ගේ තදබදයද අරවද මේවද ලොවෙත් නැති ප්‍රශ්න ඔක්කොම වැටෙන්නේ මහා කැත විදිහටය. සංගමේ වැඩ කරලා, ගෘප් එකට වැඩ කරලා බුදියගන්නකොට කොහොමත් 12වත් වෙනවාය. ආයේ මහ කැත කළු පාන්දර 5ට නැගිටිනවා කියන්නේ නම් දුක්ඛදෝමනස්සයක්ය. ඔය වෙලාවට ෆෝන් එකේ එලාම් එක වැදුනත් පොඩ්ඩක් හයියෙන් පයින් පාරක් දුන්නම ඌත් බල්ලා වගේ සද්දේ වහලා මට තවත් නිදාගන්න දෙන්නේය.

ඔහොම නිදාගන්න ගිහින් වැඩිපුර පැය බාගයක් විතර සැපට නින්ද ගියේය. ඒකත් ඇහැරුනේ උදේ පාන්දර මව්තුමිය ඇවිල්ලා ජාතිය අමතනකොටය. දැන් ලෑස්තිවෙලා පාරේ බස් එකේ ගියොත්නම් රජාට අනිවා කෝච්චිය මිස් වෙන්නේය. 

අම්මේ......ස්කූල් බස් එකේ ඉඩ තියෙනවද දන්නෑ නෙහ්???

දන්නෑ...අංකල් ආපුවාම අහලා බලනවා...

කමක් නෑ...ඉඩ නැති උනත් මම යනවා. පරක්කුවෙලා හොදටම...

ආ...ඇත්තද? තව ටිකක් රෑ වෙලා නිදාගත්තනම් හරි...

දඩ බඩ ගාලා ලෑස්තිවෙලා ස්කූල් බස් එක අල්ලගන්න ගේ ඉස්සරහට දිව්වෙමි. බස් එකට නැගලා ඉස්සරහම සීට් එකේ ඉදගෙන එහෙම ඩ්‍රයිවර් අංකල්ගෙන් ඉඩ තියෙනවද ඇසුවෙමි. ලැබුනේ සතුටුදායක පුවතකි. අවුරුද්දකට විතර පස්සේ ආයෙත් ස්කූල් බස් එකේ යන්නේ අදය. දැන් බස් එකේ රත්නාවලියේ කෙල්ලෝ එහෙම ගොඩා...ක්ය. මම උන් දෙස නම් ඇහැක් ඇරලා බැලුවේ නැත. 2002  ඉදන් 2010 වෙනකන් පුරා අවුරුදු 8ක් ගම්පහට ගිය පාරවල් අස්සෙන් ඔහේ ඇදෙද්දී ඒ සොදුරු මතකය ටික ටික ඇවිස්සුනේය.  

ඉස්සරම වෑන් එක එලෙව්ව වයසක සීයා කෙනෙක්ය. එයා අපේ පියරජාගේ මාමා කෙනෙක්ය. ආතල් ඩයල් එක කියන්නේ ලොවෙත් ෆන්ය. කියන කතා වලට මැරෙන්න හිනාය. පොර පොරටම නමක් දාගෙන හිටියේය. අපි නම අහපුවා කියන්නේ ඔය නමය. ඒ කිරිපූර්වක නම් නම්බු නාමයය. තාම අපේ යුවරජා සීයට කියන්නේ ඔය නමය. වෑන් එක එලෝන හැටි දැක්කම හුස්ම හිරවෙන්නේය. මොකක් හරි වාහනයක් ඉස්සර කරනකොට සීට් එකෙන් ඉස්සරහ බර වෙලා ස්ටියරිවීල් එක උඩ නැගගෙන හෙන ගේමක් දෙන්නේය. ඉස්සර කරලා ඉවර උනාම ආයෙත් හේත්තු වෙන්නේය. 

වෑන් එක මීරිගමට එනකන් එන්නේ මාළදෙණිය පාරෙය. උදේට ඔය පාරේ වෙල් යායවල්වල කොක්කු රෑන් රැන් පිරිලාය. අපි කරන්නේ වෙලක් ලගින් යන වෙලාවට යටිගිරියෙන් කෑගහන එකය. එතකොට වෙලේ ඉන්න කොක්කු ඔක්කොම එකපාරට ඉගිලිලා යන්නේය. ඒක නම් පට්ට ලස්සනය. අන්තිමට වෙල් යායවල් හතරක් පහක් පහු උනාම කට්ටියගේ උගුරු බල්ලෝ කාලා වගේය. කෑගැස්සෙන්නෙත් නැත.


ඉස්කෝලේ ඇරිලා ආපහු එනකොට කරන වැඩේ නම් මාලදෙණිය පාරේ දෙපැත්තේ තියෙන ගස්වල කොළ කැඩීමය. වීදුරු වලින් මුළු කදම එළියට දාගෙන එක විකාරයක්ය. කඩන කොළ නවතින්නේ කෙල්ලන්ගේ ඔළුව උඩය. දවසක් ඔහොම අත පය එළියට දාගෙන ගිහින් රජාව පොලිසියෙන් ඇල්ලුවේය. මිනිහා එදානම් මට හොදවයින් ටිකක් කිව්වේය. එදා හිටගෙන ඉද්දි කකුල් දෙක ගැහුනා වගේ මට ලාවට මතකය. 

පාරෙ යන වෑන් වලට වතුර ගහන එක ඉස්සර හෙන ආතල් වැඩක්ය. දවසක් වෙන වෑන් එකකට වතුර ගහලා උන් අපිව ෆලෝ කලේය. සීයා වෑන් එක අතුරු පාරවල් වලින් දදා වතුර ගහපු එකාව බේරගන්න හෙන ගේමක් දුන්නේය. අනිත් වෑන් එකත් අත අරින්නේම නැත. පස්සෙන්ම එනවාය. කොහොමහරි වතුර ගහපු අයියව මගින් බස්සලා අපි දිගටම ගියෙමු. මෙන්න බොලේ අර වෑන්කාරයා පාර මැද හිටගෙනය. අපිට වෑන් එක නවත්තන්න උනේය. අනිත් ඩ්‍රයිවරයා ජාතිය අමතලා පිටත්ව ගියේය.

සල්ලි දාලා අයිස්, කලගෙඩිහේනෙන් රඹුටන්, ගඩුගුඩා කන එකත් ඉස්සර හෙන විනෝදාංශයක්ය. ඉස්කෝලේ ඇරිලා එන ගමන් සල්ලි දාලා ඕවා අරගෙන මුළු වෑන් එකම කන්නේය. දවසක් අයිස් අරගෙන පැකට් දෙකක් වැඩිවෙලාය. කන්න එකෙකුත් නැත. එදා නම් උනේ පට්ට සීන එකය. සීයා ඉස්සරකරනකොට ඉස්සරහට බර වෙද්දිම එකෙක් අයිස් පැකට් එකක් සීයාගේ ෂර්ට් එක අස්සට දාලා පස්සට දිව්වේය. තප්පර 10කින් විතර සීයා හොදම හුනුහබ්බෙන් සට පට ගාලා බනින්නේය. හම්බෝ......අපිට හිනා වෙලාම බඩ කොරඋනේය. 

නිවාඩු දෙන දවසට වතුර ගහගන්න එක සම්ප්‍රදායය. එදාට වෑන් එක ඉවරය. වතුර ඉවරවෙනකොට කාගෙ හරි ගෙදරකින් පුරවගෙන ඇවිත් ආයේ ගහගන්නවාය. දවසක් සීයා වෑන් එක නවත්තලා වතුර බෝතල් ඔක්කොම වත්තකට විසිකලේය. එදා නම් හෙනම අජූත දවසක්ය. හොරගොල්ල සමාධිය ගාව අපි නිවාඩු දවස් වලට වෑන් එක නවත්තලා ක්‍රිකට් ගැසුවෙමු. ඒ දවස් මතක් වෙද්දිත් මට නිකන් මොකද්ද වගේය. 

වැස්ස දවස්වලට වෑන් එක ඇතුලට එළියට වඩා වහින්නේය. සීට් ටික ඉවරය. පහුවදාට තෙමුන සීට් ටික පට්ටම ගදය. එදාට මේකෙ යනවා කියන්නේ තනිකර කරුමයක්ය. සමහරු ඔහේ තෙත ගොඩේ ඉදගෙන යන්නේ එතන ඉන්නේ ඌ නෙමේ වගේය.

ගම්බද ලලනී සුකුමා.....ලී.....ගමටම ඔබ මනමාලී.... වගේ කෙල්ලෙක් හිටියේය. වෑන් එකේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ එයාටය. ඒත් ඉතින් කරගත්ත එකෙක් නැත. ඒලෙවල් වලින් පස්සේ ලොවෙත් නැත. දැක්කෙත් නැත. වැස්ස කාලෙට ඒ ගෑල්ලමයගේ ගේ ගාව හෙන දිය උල්පතක් මතු වෙන්නේය. හෝ ගාලා වතුර මතුවෙන්නේය. සපත්තු දෙක ගලෝලා ගිහින් ඔතෙන්ට වෙලා වතුරේ දුවන එක, උඩ පනින එක මාර හැපියක් ගෙනාවේය. 

තවත් කරපු පට්ටම සීන් එකක් නම් වවුල් රොකට් එකට නූලක් ගැටගහලා පාර දිගේ ඇදගෙන එකය. හෙන මැෂින් නූල් බම්බුවෙන් බාගයක් විතර දුරය යනකන් දිග ඇරලා පාර දිගේ ඇදගෙන යන්නේය. ඒක නිකන් හරියට වෑන් එක පිටිපස්සෙන් රොකට් එකක් එනවා වගේ සීන් එකක්ය. නුවර පාරේ ඕක ඇදගෙන යනකොට පිටිපස්සෙන් එන වාහන එහෙම කන්න වගේ අපි දිහා බලාගෙනය. බයිසිකල්කාරයෝ බයවෙන්නේය. හැබැයි උන් එකෙක්වත් ඒක යටකරන්නේ නැතුව අපේ ආතල් එක අපිට ගන්න ඉඩ දුන්නේය. හැබැයි මාලදෙණි පාරේ ඕක පියඹාගෙන යනකොට සෑහෙන අකරතැබ්බ වෙන්නේය. ලොකු වංගු වලින් හරෝනකොට රොකට් එක ගස්වල පැටලිලා නූල කඩාගන්නේය. ආතල් එකත් එතනින් කුඩුය.

ඔය අතරමැද කාලය තුල වෑන් එක දෙතුන් පාරක් ඇන ගත්ත අවස්ථාද නොතිබුනාම නොවේය. ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බා නම් කියලා මට කියන්න ඕනේ නැත. මොකද, ඕනේ කිව්වට යන්න බැරි හින්දාය.


වෑන් එකේ සෙට් එකට තිබ්බ නම් ටික  -

නරියා, පගරයා, රීජන්ට්, ලොරියා, පොළගා, එළුවා, කළුවා, සීනි, ඔසාමා බින් ලාඩන්, ගෙම්බා, කොඩ්ඩා, පොල්ගහ, ඇටකිච්චි, පොඩිතැන, ජහුටි, ජහුටා... :D :D

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

76 comments:

  1. රජා මොන හුයන්නක් කරනවද මන්ද. මම දැන් කලින් එකට කමෙන්ට් එක දැම්මට පස්සේ ඒක පබ්ලිෂ් කරන්න දුන්නේ නෑ ඒ පොස්ට් එක අයින් කරලා. බලපන් බොට හඳ දැක්කම පිස්සු වැඩිවෙලාද කියලා.

    ReplyDelete
    Replies
    1. යකෝ මේ බ්ලොගර් පිස්සු කෙලිනවා... මටත් දැන්නම් සද මෝල් වෙනවා... =D>

      Delete
  2. මටත් ඔය ඉස්කූල් වෑන් එකේ ගිය එකේ ප්‍රථිපලයක් විදිහට අර හර්ශණයගෙ ඇල්බම් එකම පාඩං... "මොකෑ පුතේ උඹේ කටේ" සීන් තියෙන එක.

    එක දවසක් උදේ හදිස්සියට වෑන් එකට නැගල වාඩිවෙලා ඉන්නකොට අක්කෙක් බලු විදිහට හිනාවුනා. විලි හතයි. බලනකොට නිල් පාට කොට කලිසමේ සුදු පාටට හෙනම ආවාටයක්... =D> කලිසමේ ශිපර් එක ඇරගෙනනෙ..

    ReplyDelete
    Replies
    1. හහහහා.... ඇඩෙනවා. යකෝ ඒවා ලස්සන සින්දු!!! ‍:))

      ඈක්කා ඕයි =))

      Delete
  3. අපේ වෑන් අංකල් අමු **යා බං. ඉස්සරහ හැමදාම යන තඩි කොල්ලගෙ අහවල් එක මිරිකලා උෟව කුලප්පු කරනවා..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට මෙයාගෙත් මිරිකලාලු එදා ඉදන් මු ඉස්සරහලු යන්නේ

      Delete
    2. අප්පා බං සෑමා එහෙමද?? :))

      Delete
  4. o.O මටනම් ඕවා මතක නෑලු. මම ඔහොම වැන් එකක ගියෙත් නෑලු. කෙල්ලන්ගෙන් ගුටි කාලත් නෑලු. කෙල්ලන්ගෙන් කිව්වේ රජාටලු..... ඔය වෑන් එකේ ගිය හෙනම කොල්ලා රජාලු.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඔහොම මඩ ගහල මදි රජාට... ගහනවනම් ගහපන් හෙන මඩක්,......

      Delete
    2. ඔය කෑගැහුවට දන්නෝ දනිති කවුද ගෑණි කියලා. ඉන්ටනැෂනල් කෙල්ලෝ මයිනට ගහන්නේ සෙම හැලෙන්න.. විලි ලැජ්ජයි යකෝ.. ඊයා!!!

      Delete
  5. අපිටත් අපෙ නොවෙන ඔහොම කාලයක් තිබුනාලු
    හය හතර

    ReplyDelete
    Replies
    1. මටත් මගේම නොවන එකක් හිටියා :((

      Delete
  6. මම නම් පයින් තමා වැඩිපුර ගියේ එහෙම යනකොට පාර දෙපැත්තේ ගස් වල ගෙඩි වලටනම් වග කියනවා අනිවා

    ReplyDelete
    Replies
    1. අපි පයින් ගියොත් පහුවදා උදේ වෙයි ඉස්කෝලෙට යද්දි :)

      Delete
  7. " ලොකු වංගු වලින් හරෝනකොට රොකට් එක ගස්වල පැටලිලා නූල කඩාගන්නේය. ආතල් එකත් එතනින් කුඩුය. "

    o_O

    මම වෑන් දෙකක ගියා,එකෙක්නම් හෙන කුපාඩි.නිවාඩු දෙන දවසට එන්නේ එක්කෝ පට්ටම කලින්,නැත්තම් කුණුවෙන්න පරක්කු වෙලා,අපි වතුර ගහගන්න නිසා,දවසක් අපි දෙට එකම එක්කහු වෙලා වෑන් අන්කලයටයි ඔක්කොටම වතුර ගැහුවා එපා වෙන්නම.එදා ඉදන් උ ශේප්,අනික් එක්කෙනානම් උබලෑ එකා වගේ ^_^ e කාලෙට ආපහු යන්න තියෙනවනම් :(

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි අවුල්ද??? :))

      ඇඩෙනවා නේ බං :(

      Delete
  8. අපිනම් ගියේ හලිම අහින්තක ළමුන් විලසින්ය :D

    ReplyDelete
  9. මමත් හරිම හොඳ ළමයෙක් වගේ ගමේ ඉස්කෝලෙට පයින් ගිහිල්ලා . නගරේ ඉස්කෝලෙට ඉක්කූල් බුස් එකේ ගියා .

    ඇයි අවුල්ද ??

    ReplyDelete
    Replies
    1. අවුල් නේන්නං...ඇයි පයින් ගියේ? :)

      Delete
  10. අපිට කොහෙන්ද පූසෝ මාළු! හූවයි බල්ටි බාගයයි ඉස්කෝලේ! පයින්ම තමා ගමන ඉතිං!

    ReplyDelete
    Replies
    1. උඹලා මූදු ගියේ නැනේ... ඒකයි මාළු නැත්තේ!

      Delete
  11. අපිට ඉතින් එහෙම එකම කියලා බස් එකක් තිබුනේ නෑනේ බං.. හන්දියේ සෙට් එක එකතු උනාම එන බස් එකක එල්ලුනා.. එල්ලුන එකේ ඉතින් කෙල්ලො ඉන්නවද බලලා මොකක් හරි කුප්ප වැඩක් කලා..

    ReplyDelete
    Replies
    1. හහහා... අපිට හැමදාම එකම කෙල්ලෝ ටික. හැබැයි වෙන වෑන් එකක් සෙට් උනාම පට්ට!!! :))

      Delete
  12. කෙල්ලගේ ගේ ගාව කියන එකේ "ගේ" කියන කාල දැක්කේ නෑ. මට පෙනුනේ " වැස්ස කාලෙට ඒ ගෑල්ලමයගේ ගාව හෙන දිය උල්පතක් මතු වෙන්නේය. හෝ ගාලා වතුර මතුවෙන්නේය." කියලා ,මම බැලුවා මොනෝ කුනුහරුපයක්ද යකෝ එක කියලා

    ReplyDelete
  13. යකෝ... බලහන් ඉතිං.... මගෙ ඩ්‍රාෆ්ට් එකේ තියෙන එකම එක පෝස්ට් එක ස්කූල් වෑන් එකේ කෙලපු පිස්සු ගැන... මුලදිම ලියපු එකක්... ඒ මදිවට ඒකට දාලා තියෙන්නෙත් ඔය උඹ උස්සලා තියෙන ෆොටෝ එකමයි... තාම ඒක දාන්න හිත හදාගන්න බැරි උනා.... දැං මං කවදහරි ඒක පබිලිෂ් කරන්නෙ කොහොමද කියපං ඉතිං හරකා.... ගර්ර්ර්ර්ර්ර්... හි හි....

    ReplyDelete
    Replies
    1. අපායට ගියත් ඉස්සෙල්ල යන්න කියන්නෙ ඕකට තමයි.

      Delete
    2. මම යන්තං ඉස්සර උනා....

      Delete
    3. අඩෝ මට හරකා කිව්වා නේද? 
      මහ නපුරියක් :((

      Delete
  14. ඊයේ රෑ එනකොට මාතෘකාව විතරය. රජාට දැන් පිස්සු හැදීගෙන එන බව පෙනේය. අනිවා කෙල්ලන්ගෙන් ගුටිකා තිබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මටත් එසේ සිතෙන්නේය...

      Delete
    2. මේ Halloween කාලේ නිසා නියම ස්වරෑපය මතුවෙමින් ඇත ‍:))

      Delete
  15. අපිට කොයින්ද ඉතිං ස්කූල් වෑන්. අල්ලපු වත්තෙ තිබ්බ ඉස්කෝලෙට ගොයින් පයින් තමයි ඉතිං.

    ReplyDelete
  16. අනේ මන්ද බන්.... ආපහු ඉස්කෝලෙ යන්න තියෙනවනම්..... කියල වැඩක් නෑ... මම නම් ඔය වෑන් වල ගිහිල්ල නෑ... පයින් තමා...

    ReplyDelete
  17. මං නං ඉස්කූල් වෑන් එහෙක නෙමේ ගියේ ඉස්කූල් බස් එහෙක.. ඒ ගැනත් කතා දෙක තුනක් මතක් උනා.. ඒ ගැන පසුවට ලියන්ඩ ඕන...

    ඒක නෙමේ බණ්ඩාරනායක විද්‍යාලයේ සෑහෙන සෙට් එකක් බ්ලොග් ලියනවා නෙහ් ... :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා. ඉස්කෝල ගැන ලියවෙන පෝස්ටුවලින් තමා අහුවුණේ :)

      Delete
    2. තව එනවා සෙට් එකක්...... ෆලෝ කරන්න බලාගෙන ඉදහල්ලා :)

      Delete
  18. ස්කූල් වැන් සැමරුම් නම් එමට ඇත. කොල්ලෝ ඉස්සර, ඉස්කොලේ අන්තිමට දවසට කෙල්ලන්ගේ වැන් හොය හොය වතුර ගහන සිරිතක් තිබුන නිසා, අපි එදාට යන්නේ වැන් එකේ ඔක්කොම ජනේල වහගෙන. අයියෝ.... අයෙත් යන්න ඇත්නම් ඉතින්. කොච්චර ලස්සන කාලයක්ද. :)

    ReplyDelete
    Replies
    1. හහහා.... අපි ගහපුවත් වැදුනද දන්නේ නෑ... :))

      Delete
  19. පිස්සු හැදෙනවා රජෝ.
    මං නම් එකම දවසයි ස්කූල් වෑන් එකක ගිහින් තියෙන්නෙ. ඒ හන්දා ස්කූල් වෑන් ෆන් අරන්ම නැත.

    ReplyDelete
    Replies
    1. ඒවත් ගන්න ඕනේ ඒවා ඕයි :)

      Delete
  20. matath e kaleta yanna aith asai eth yanna bane kalaya mawu wenasaka arume...

    ReplyDelete
  21. මම a/l කරලා රිසාල්ට් එනකම් ගෙදර ඉන්න කොට රත්මලානේ ඉදලා මියුසියස් යන ස්කුල් වැන් එකක් (ලගම නෑයෙක්ගේ) මාසයක් ඩයියර් වැඩේ කරා.... ඒ වගේ ලස්සන රස්සාවක් මට ආයෙත්නම් කවදාවත් හම්බ වෙලා නෑ ඕයි

    ReplyDelete
    Replies
    1. හම්මා.......... ඒකනම් පට්ට!!!!

      මටත් හොයලා දෙන්ඩකෝ.. =)) =))

      Delete
  22. ඔය වතුර ගහන්ඩ ගොසින් තව පොඩ්ඩෙන් මගේ අනාගතේට කෙල වෙනවාය. එදා අපේ බස් එකෙනව් වෙන ඉස් එකක් කෙල්ලන්ට අම්බානක වතුර ගැසුවෙමු. මං තරුවා හිටියේ පිටි පස්සේ පුට්බෝඩ් එකේය. ඉස්සරහින් ගහපු වතුර පාරක් වැදී තිබුනේ පාරේ සිටි මරුමුස් අයියා කෙනෙක්ටය. මල අසුහාරදාහට නැග්ග ඔහු මල අතේ තියාගෙනම පිටිපස්සේ දොරෙන් අපේ බස් එකට එල්ලුනේ අපට හොදවැයින් නෙලන්නටය. බසයත් එවලේ හෙමින් ඇදෙනවාය. අහෝ කරුමයකි අර යකා බසයේ පොල්ල කියා එල්ලුනේ මගේ කකුලේය. කකුලේ කීයාව කොටසක් කකුල අසලින්ම තිබූ අහවල් එකේය. මගේ දෑස ඉදිරියේ සෞරග්‍රහ මණඩලේ පැව්වේය. මම දගලද්දි අරූ අතාරින්නේ නැතිවම සිටියේය. මගේ වාසනාවට මට එහා පැත්තේ සිටි එකා හොදවැයින් පයින් පාරක් අරූට එල්ල කලෙන් ඌ එලියට විසි විය. ගෙදර ඇවිත් බලන විට අහවල් එක ගාවම තඩියට සීරිලාය. තව පොඩ්ඩනේ මගේ අනාගතේම වතුරේය..

    ReplyDelete
    Replies
    1. අපරාදේ...නෙහ්? :)) ඕක කැඩිලාම යන්න තිබ්බේ !!

      Delete
  23. හි හි මන් නම් පයින් ගියේ මල්ලියේ අවුරුදු 13 ක් තිස්සේ ගඩාගෙඩි කකා වෙලවල් වල නට නටා ,, ස්කුල් බස් දැකලා විතරයි බන්

    ReplyDelete
    Replies
    1. ආ...ඔයා ගඩාගෙඩිත් කෑවද? :))

      Delete
  24. kollo oya van wala yanakota harima LOL sahagathi wage ne ban... kellonam thawa kamak na kiyamuko..

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් යකෝ යන්න... දුර ඉදන් එන උන් නැතුව ප්ලේන් වල එන්නයැ :)

      Delete
  25. අනේ ළමයි වෑන්වල කො‍ටුවෙලා ඉස්කෝලෙ යන්න වුන උඹලා ගැන දුකහිතෙනවාය.අපිනම් ගියේ ලංගම විතරක් තිබුන කාලේ ස්කූල් බස් එකේය.කිසිම දවසක වරදින්නේ නැත.කොහොමහරි බස් එකක් එවනවාමය.ඩිපෝවේ අය ස්කූල් බස් වලට ප්‍රයෝරිටිය දෙනවාමය.කාලයක් ඩබල් ඩෙකර් එකක් තිබුනේය.මහරගම ඩිපෝ එකේ තවම තියනවද මන්දා 23 ශ්‍රි 2696.කොහොමහරි උඩ තට්‍ටුවේ කොන්දොස්තර ගැටයා සුජාතා එකට ගිය ළමයෙක්ව කසාද බැන්දේය.හොඳම දේ මෙන්න.මේක ඉස්කෝල ගනනාවකට ගිය බස් එක.මෙන්න ලිස්ට් එක .අනුලා,විශාඛා,දේවි බාලිකා,යශෝධරා,ගෝතමී සමග ඩී,එස්.,කේරී., අන්තිමට අපි නාලන්ද. මේක කියවලා ඉරිසියා කරන්න එපා.කරපු දේවල් පොත් ගානක් ලියලත් ඉවර කරන්න බැරිය.

    ReplyDelete
  26. ස්කුල් වැන් කියන්නේ ඉතින් වෙනමම ආතල් එකක් තමයි ....
    යකෝ මෙච්චර කල් මම හිතන් හිටියේ අපි වැන් එකේ ගත්ත ආතල් ගත්තේ අපි විතරයි කියලා ..
    බලන් ගියාම වෑන් වල යන හැම එකාම ඒ ආතල් එක අරන්නේ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඕයි... ඒක දන්නේ ගිය උන් විතරයි..!! :)

      Delete
  27. අඩෝ ඇත්ත කියපං. උඹල ආස කරේ වතුරේ පැනල නටන්නද නැත්තං ඒ කෙල්ල වතුරේ දුවගෙන යනවා බලන්නද?

    ReplyDelete
    Replies
    1. වතුරේ මොනවා බලන්නද බං... :))

      Delete
  28. කියන්න තියෙන සියලු දේ දැනටම ලියා ඇත...වෙලාවක කියවා බලනු සොදා...

    ReplyDelete
  29. කෝ බොල ඊයේ මං ඉස්සෙල්ලම ඇවිත් දාපු කොමෙන්ටුව...?

    ReplyDelete
  30. //නරියා, පගරයා, රීජන්ට්, ලොරියා, පොළගා, එළුවා, කළුවා, සීනි, ඔසාමා බින් ලාඩන්, ගෙම්බා, කොඩ්ඩා, පොල්ගහ, ඇටකිච්චි, පොඩිතැන, ජහුටි, ජහුටා... :D :D//

    දැන් කොයිකද බොට තිබ්බ නම :D

    ReplyDelete
  31. රජා ලොක්ක බොට වගේම ඉස්කෝල වෑන් වල ගිය හැමෝම ඔය වගේ ආතල් අරගෙන තියෙනවා.රජා කියනව වගේ ආයෙත් ආයෙත් ඒ කාලෙට යන්න තිබුනනම් කියල හිතෙන වාර අනන්තයි..මොකද දැන් අපි එකම දේකට කොටු වෙලානෙ ජීවත් වෙන්නෙ..

    ReplyDelete
  32. හි හි හි හි හි...................
    මමත් ගියේ ස්කූල් බස් ඒකේ.....

    ReplyDelete
    Replies
    1. ෂා........ අමරෙත් ගියාද ඒකක?? :))

      Delete
  33. වෑන් ආතල් නම් අපිටත් තියනවා. අන්තිම දවසේ පාටියයි, වතුර ගහගැනිල්ලයි, අපිට පස්සේ ඉවරවෙන සීනියර් සෙක්ෂන් අය එනකල් ක්‍රිකට් ගහන එව්වයි, අනික් වෑන් වලට වතුර ගහපුවා, වලි සේරම... ආ ඇයි දාල ගිය දවසට බස් එකේ එක අතින් එල්ලිලා ගිය හැටි.. දවසක් ඔහොම බස් එකේ ගිහින් මම ඉස්කෝලෙට ගිහින් උදේට කාලත් එද්දී මෙන්න වෑන් එකේ උන් දෙන්න එනවා නිකම් මීටර් 1000ක් දිව්වා වගේ.. බැලුවම අපිට අල්ලපු ගමේදී ඒ හිපාටුව කැඩිලා..
    හැබැයි මම නම් වැඩි කල් නොයා කෝච්චියට සෙට් උනා..

    ReplyDelete
    Replies
    1. අම්බෝ...කැඩිච්ච සීන් නම් හෙනට බං.... :))

      Delete
  34. යකෝ මම මෙච්චර කල් හිතන් හිටියේ තොපේ ජාතියේ එවුන් ඉස්කෝලේ ගියේ දෝලාවෙන් කියලා.

    ReplyDelete
  35. ශා................මරු මරු .......... :)

    ReplyDelete
    Replies
    1. මමත් ස්කූල් වෑන් එකේ යනකාලේ ඔය වගේ ආතල් ගත්තා.........:D

      Delete
  36. ඉතා කැපවීමෙන් සකස් කරන ලද බ්ලොග් අඩවියකි. මෙම වෙබ් අඩවියට වැඩි වටිනාකමක් එක් කිරීමේ අරමුණින් පිණිස ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒවා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටලු නොමිළේ නිරාකරණය කර දෙනු පිණිස අපගේ ලිපිනය මෙහි සනිටුහන් කරන්නෙමු. http://cardslanka.blogspot.com/

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)