අවුරුදු 4ක 5ක පමණ දිගු නිහැඩියාවකින් පසුව රජා නැවත බ්ලොග් එක ලියන්න කියා සිතුවේය. ඒ දවස් වල ලියන්න තිබුණු ඔක්කොම කතා ටික ඉවර වෙලා තිබුනේය. මේ අවරුදු 4,5 කාලය තුල මරු මරු සීන් උනේය. මතක් මතක් වෙන එක දෙක රජ අයෙත් ලියන්නේය. ඉස්සර වගේම එහෙන් මෙහෙන් පොඩි ආතල් එකක් දාල උපරිමෙන් කරන්න හෙනම ට්රයි එක දෙන්නේය.
ඒ දවස් වල රජා රාගම පැත්තේ සයිට් එකක ඉන්ජා විදිහට වැඩ කරන කාලෙය. රජාගේ බොසා එලම ඩයල් එකක්ය. හෙන වස පොරක් උනාට පුල්ම අතල් එකේ ඉන්න එකෙක්ය. පොර කොච්චර වස උනත් බෙස්ට් බොස් එවර් ටයිප් කියන්න තරම් හිතෙන්නේය. පොරගේ වයිෆ් කැන්සර් එකකින් නැතිවෙලා දැන් ටිකක් කල්ය. ළමයි 4ක් එක්ක පොර තනියම කල් ගෙවන්නේය. වෙලාවකට මිනිහ හෙන පව් කියලත් හිතෙන්නේය. ඒ තියෙන අවුල හින්දමද මන්ද මිනිහ ඩේලි ගහනවාය. කොච්චර බිව්වත් මේකට වදින්නෙත් නැති තරම්ය. වැදිලා වැදිලා වදින තැන් ගෙවිලා ගිහින්ද කොහෙදෝය.
දවසක් හවසක පොර අපේ සයිට් එකට කඩන් පාත් උනේය. අද බොන්න ඕනේ. යමල්ලා.. සයිට් එකේ හිටපු උන් ටික පුල් හොල්මන්ය. අපේ ස්ටෝර් කීපර් සයිට් එකට කන්න උයන ඇන්ටිට කෝල් එකක් දීලා ඌරු මස් බයිට් එකක් දාගත්තේය. ඌ එක කලේ කොයි වේලාවේද, කාගේ කීමටද කවුරුවත් දන්නේ නැත. යකෝ මුන්ගේ මේ උනන්දුව සයිට් එකේ වැඩ වලටත් තිබුන නං මේ තට්ටු 10 බිල්ඩින් ටික අපි ඉවර කරන්නේ මාස 6න් ය.
ගම්පහ-ජා ඇල පාරේ වෙලක් මැද්දෙන් ගිහින් යන්න පුළුවන් බන්ට් එකක් තියෙන්නේය. අම්මටසිරි ආයේ බොන්න කියපු පොට් එකය. කට්ටිය එතනට යනකොට හොදටම කලුවර වෙලාය. කාර් වල ලයිට් එළියෙන් බොන්න පටන් ගත්තේය. බෝතල් 2ක් විතර ඉවර වෙනකොට සෙට් එකට තණකොළ කාගෙන යන්න වැදිලාය. කාපන්, බීපන්, සැපේ ඉදපන්.... මේං වඩේ ගෙඩිය. අපේ බොසත් මෙන්න මේකා වගේය.
කට්ටිය දැන් සින්දු කියන්න පටන් ගත්තේය. ඔහොම ඔහොම සින්දු කියාගෙන ආතල් එකේ කියාගෙන ගියේය. බොසා සින්දු කියන එක නැවත්තුවේය.
බොසා: හරි දැන් උබලා මන් කියන සින්දුව කියපල්ලා. එදා මේද තුර කියහල්ලකෝ...
කට්ටිය සින්දුව ගැම්මට පටන් ගත්තේය.
එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා..
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා..
මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා..
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා..//
කියනවත් එක්කම බොසා වතුර වල පැත්තට දුවගෙන ගියේය. මෙන්න මේකා වලට පනින්න යන්නේය. අපේ සේෆ්ටි ඔෆිසර් කොල්ලා සෙල්ලන් පිස්තොලෙන් තිබ්බ ටීක් බෝලයක් වගේ වේගෙන් ඒ පැත්තට දිව්වේය. ඒත් එක්කම ඔක්කොමලා දුවගෙන ගිහින් බොසාව අල්ලගත්තේය.
සේෆ්ටි: සර්.. සර්.. මොකද මේ කරන්න හදන්නේ?
බොසා: මට වයිෆ් ව මතක් උනා බං.. ඔය සින්දුව අහද්දී මට වයිෆ් ව මතක් වෙනවා බං...මට මේකට පනින්න දීපල්ලා..
සේෆ්ටි: සර් ලමයි ටිකට මොකද වෙන්නේ.. මෙන්න මෙහෙ එන්න පිස්සු නැතුව..
රජාට නිකන් ඇඩෙන්න වගේ ආවේය. පොර මොන තරන් අවුලකින් ඉන්නවා ඇද්දෝ කියලා හිතෙනකොටත් මට නිකන් පිස්සු වගේය. බොහොම අමාරුවෙන් මිනිහව කුදලාගෙන කාර් එකට දාලා ගෙදර යැව්වේය.
අදටත් මං පොරට හෙන ගරු කරන්නේය. ඒ අර ළමයි 4 දෙන තනියම බලාගෙන ඉන්න එකටය. පොර කොච්චර බිව්වත් මොනවා කරත් මට එක වැඩක් නැත. රජා දැන් වෙන තැනක වැඩ කරන්නේය. එත් මේ බොසා තාමත් රජා එක්ක ෆිට් ය. එකේ පිස්සු පොටෝ එහෙම එවන්නේය. එත් පොර ඉන්න මානසික මට්ටම මට තාමත් හිතාගන්නවත් බැරිය. අච්චර ආදරේ කරන වයිෆ් එක පාරට දාලා ගිහාම එන වේදනාව මට නං සිරාවටම පිස්සු වගේය.
ප/ලි:
එදා හොදටම රෑ උන හින්දා සැන්ඩි ගන්න කඩයක් සෙට් උනේ නෑ. වතුර දාලා බං ගැහුවේ.
රජා ඉතින් බොන්නේ නෑනේ. බයිට් කනවා විතරයි :D
![]() |
M.S ගේ සින්දුවේ තාලෙට කියන්න හොදේ. |
M.S ගේ සින්දුවේ ලින්කුව...
සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!