Friday, September 6, 2013

X නම් නොබැලිය යුතු BAN නම් තහනම් - X BAN 2013


වරක මෙය නැරඹීමට පැමිණි එවකට අධ්‍යපන ඇමතිව සිටි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා එයට මෙවැනි අර්ථකතනයක්ද දී ඇත.

X නම් නොබැලිය යුතු 

BAN නම් තහනම් 
එනම් නොබැලිය යුතු දේවල් කිසිවක් නොමැති යන්න අරුත් ගැන්වී. 

බණ්ඩාරනායකය.... ශ්‍රී ලාංකික පාසල් වංශ කතාව තුල නොමැකෙන මතක සටහන් රාශියක් ඉතිරි කල අභිමානවත් පාසලකි. 1918න් ඇරඹි ඒ ගමන් මග අද වන විට ලබා ඇති ප්‍රගතිය අතිමහත්ය. සිය 95 වන සංවත්සවය සමරමින් පවත්වන අධ්‍යාපනික ප්‍රදර්ශනය ලබන මස දියත් වීමට නියමිතය. 

මෙවන් අති දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් වෙනත් කිසිම පාසලකින් පවත්වන්නේ නැත. පවත්වාද නැත. එය අවිවාදයකින් තොරව සෑම දෙනාම පිළිගතයුතු සත්‍යයකි. 1990 න් ඇරඹි X BAN ප්‍රදර්ශනය, පාසල් ප්‍රදර්ශන කලාව උඩුයටිකුරු කලේය. මෙහිදී ඉදිරිපත් වූ නව නිර්මාණ නරඹන්නන් මවිත කලේය. විශ්මිතය. එවැනි නිර්මාණ මේ තාක් කිසිදු පාසලකින් ඉදිරිපත් වී නොමැති බව නම් නොඅනුමානය. 

75 වන සංවත්සරය (1993) - ලංකාවෙ ප්‍ර‍ථම වතාවට පාසල් මාධ්‍ය ඒකකයක් තමන් විසින්ම නිපදවූ ඇන්ටනාවක් මගින් සජීවී FM විකාශයක් පැවැත්වීම. (සියනෑසර FM) මීට අවුරුදු ගණනාවකට  පස්සේ එක එක පාසල්වල සරවල් ආවාට සියනෑසරයේ රාවය බිදලිය නොහැකි විය. 
 සරලවම කියනවනම්,
Now lots of school have their own radio channel.
Some says they are the leaders of school media
Some says they are the changers of school media
Some says they are the makers of school media
But
Nayakenz are the creators of school media 

2008දී බණ්ඩාරනායක මාධ්‍ය ඒකකය සජීව රූපවාහිනී නාලිකා විකාෂයක් ගෙන එමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කලේය. සියනෑ රෑ ටීවී මෙවර ප්‍රදර්ශනයේදී අපේ මල්ලිලා ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයද ආක්‍රමණය කරාවි. පැමිණ ඒ අත්දැකීමද විදගැනීම මැනවි. මේවා වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැත. 



2008 X BAN - ROO TV Studio


MEDIA UNIT ROXXX

සිරා අයියාගේ මතකය අනුව 1993දී පොළව යටට හරලා හදපු විශාල පිරමීඩයක් වගේම, පිට්ටනිය අසලට වෙන්න ගැඹුරට කනින ලද මිනිරන් පතල සහ මිනිරන් පතලෙන් පිට්ටනියට ඇතුලුවිය හැකි ලෙස කැණීම් කර තිබූ දෝනාවක් තිබුනලු. රජාගේ ප්‍රථම X BAN අත්දැකීම 2003ය. මෙහිදීද මිනිරන් පතලක් තිබුනේය. අඩි 10ක් පමණ ගැඹුරට බැස පොළව යටින් අඩි 6ක් පමණ ගිය තැන මිනිරන් හමුඋනේය. ඒවා මිනිරන් ආලේපිත කලුගල්ය. ප්‍රදර්ශනය අවසානයේ අපි කලේ ඒවා ගෙදර ගෙනියන එකය. 2003දී තිබූ පිරමීඩයත් මාරම ගතිය. අඩි 20ක් පමණ උස දැවැන්ත පිරමීඩයකි. ඇතුලේ පාරාවෝ රජුන්ගේ සිතුවම් සිත්තම් කර තිබුනි. මගපෙන්වන්නා සමග නොගියහොත් අනිවා අතරමං වන ලෙස මං සකස්කර තිබුනි. ඒවා නම් මාරය. 

2003දී දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන ගුවන් යානවක් අපේ අයියලා හැදුවෝය. අටපට්ටමෙත් එය පෙන්නුවේය. ඒක ගුවන් ගත කරන්න මාස ගාණක් කට්ට කාලා හදපු ට්‍රැක් එකේ පසුකාලීනව අපි ක්‍රිකට් ගැස්වෙමු. ඒවා නම් නොමැකෙන මිහිරි මතකයන්ය.

බයෝ කරන උන්ගේ X BAN ආශාව නම්, හෙන පත ඩයිනසෝර් හැදීමය. 2003දිත්, 2008දිත් එය ඉතිරිපත් උනි. මැටි ගහලා ගහලා හෙන ගේමක් දී හදන ඩයිනෝ විද්‍යා අංශයම කැපී පෙන්වන්නට සමත් උනේය. මෙහිදී බයෝ උන්ගේ ඉතුරු වැඩ කිඩ ටිකත් බැලිය යුතුමය. වෛද්‍ය පීඨ වල ප්‍රදර්ශන පරාදය.

අපි සෙට් එක හදපු කාර් එකට විද්‍යා අංශයේ දෙවනි ස්ථානය හිමිවූ අතර ප්‍රථම ස්ථානය දිනාගත්තේ LOW COST TOUCH SCREEN එකක් හැදූ අපේම පන්තියේ උන්ය. ඒක නම් සිරාය. අපේ ෂර්ට් එක උඩ ලිව්වත් ඒක මැෂින් එකට ගන්න පුළුවන් සීන් එකක්ය. මාරය...

Low Cost Touch Screen


පැතුම් අයියාගේ X BAN මතක මෙතනින්

අපි සෙට් එක හැදුව කාර් එක
 2008 රාජ මතක සමග අපි සෙට් එක හැදුව කාර් එක මෙතනින් 


බිමට වැටුන චොපර් එක

ස්කූල්මේඩ් ප්ලේන් ^_^


එන්න.. පැමිණෙන්න... විදගන්න... නරඹන්න....
   X BAN - 2013

අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය 
ඔක්තොම්බර් මස 9 සිට 13 තෙක්
උදේ 7 සිට සවස 5 දක්වා



ගම්පහ බණ්ඩාරනායක විදුහල් පරිශ්‍රයේදී


වැඩිදුර විස්තර අප්ඩේට් වනු ඇත...


මීට නායකවරුන්ගේ බ්ලොග් නියෝජනය,

සිරා අයියා - සිරාගේ කාමරය
පැතුම් අයියා - අන්තර්ජාලයේ මගේ බිත්තිය
පවනි අයියා - මතක වස්තුව
ගයාන් - දුම් කවුළුව
චොකා - වෙඩික්කාරයා
පේලි - තනිවූ ගවේෂක

Get Readyyyyy
 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

77 comments:

  1. අඩේ, දුරයිනෙ බොලව්,, නැතිනම් එනෝ.. :(

    ReplyDelete
    Replies
    1. ආ... බොලාට වෝටර් වල්ඩ් එන්න පුළුවන්. ඔතනින් ටිකක් මෙහාට එන්න බෑ?? :)

      Delete
  2. මිනිරන් පතලනම් අපේ වැඩක් 2004 වාණිජ අංශයෙන්.නමකුත් දැම්මනේ "බෝගල පතල" කියල.

    ReplyDelete
    Replies
    1. එහෙමද???? එලාස්... මට නම නං මතකේ තිබ්බේ නෑ :)

      Delete
    2. නෑ මලේ...2004 තිබුන මිනිරන් පතල වගේ නෙමෙයි...1993 තිබුන පතල ඊට වඩා බොහොම ගැඹුරුයි...වර්තමාන කෘෂිකර්ම එකක ගොඩනැගිල්ල තිබුන තැන තමයි එය ඉදිකර තිබුනෙ...ප්‍රදර්ශනයේ අවසන් අංගය ලෙස නරඹන්නන් මිනිරන් පතලට බැස්සට පස්සෙ එහි අඩියේ සිට කැපූ දෝනාවක් දිගේ ක්‍රීඩා පිටියට පැමිණ එහි ඉදිකර තිබූ සැණකෙළි භූමියට සම්බන්ධ වීමට හැකි ලෙසයි එය නිමවා තිබුනෙ...මම මේ ප්‍රදර්ශනය 1993 සිට පැවැත්වූ සෑම වාරයකම නැරඹුවා..මෙවර තමයි එය මට මගහැරෙන්නෙ..1993 පැවැත්වූ ප්‍රදර්ශනය තමයි මට නම් විශිෂ්ඨම ප්‍රදර්ශනය...එය එතරම්ම විශිෂ්ඨයි.

      Delete
    3. එහෙමද??? සුපිරියට තියෙන්න ඇති!

      දැන් එහෙම එකක් කපන්න වෙන්නේ නෑ. පිට්ටනිය වටේම පඩිපෙල්නේ. අපි ඉස්කෝලෙට එනකොට තිබ්බා වගේ ඒ හරියේ තිබ්බ වැටකෙයියා පදුරු අදත් තිබ්බානම්.... :)

      Delete
    4. 2004 නෙමේ 2003 වෙන්න ඕන නේද?
      1998දීත් තිබුනා පතලක් පිස්සු කොර. ඒ කාලේ මම ශිෂ්‍යත්වේ ලියලත් නැහැ. එක පැත්තකින් ගිහින් තව පැත්තකින් එන්න තිබුනේ :D

      Delete
  3. බැනර් එකක් හදල දුන්නොත් පල කරන්න පුලුවන්!

    දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. බැනර් එයි ඕනේ තරම්... දෙන්නම්!

      Delete
  4. යන්න නම් වෙන්නෙ නෑ බං, ඔන්න ඉති උඹලගෙ ඉස්කෝලෙ වැඩේට අපෙන් සුබ පැතුම් !

    අපිටත් බලාගන්න ආයෙ විස්තර ටිකක් දාමුකො.

    ReplyDelete
    Replies
    1. එලකිරි... දාන්නං :) එන්න බලහන් බං!

      Delete
    2. උඹට ඉතිං කවදද කොහෙවත් යන්න වෙලාවක් තිබුනෙ...උඹේ හැමදාම උත්තරේ

      //යන්න නම් වෙන්නෙ නෑ බං//

      උඹට කෑ හැටියේ බඩ යාමද නැත්නම් රත ගායද...අනේ බොල DDT යො පොඩ්ඩක් ගෙයින් එළියට බැහැලා බලහං...රටේ ලෝකෙ වෙන දේවල්....

      Delete
    3. අයියෝ බං සිරා, ඔය කරත්ත යුගෙන් එළියට වරෙන් බං. දැන් ඩොංගලේ ගහන් කම්පීතරයක් ඉස්සරහ පුටුවක වාඩි උනාම මුළු ලෝකෙම කකුල් දෙක ළඟ. ගිනි අවුවෙ බස්වල තෙරපීගෙන කට්ට කාගෙන ඇවිදින්න ඕන නෑ යකෝ.

      සිරාවටම බං මම ප්‍රොෆයිලයක් හදද්දිත් කවදාවත් ඒකෙන් එළියට එන අදහසක් තිබුනෙ නෑ, අදටත් එසේමැයි. :) උඹල ගෙට්ටුවට ගම්පහ එන්න කියලත් මම ආවෙ නැත්තෙ ඒකයි. නැත්නම් මම ඒ දවස්වල මාස දෙකකට විතර සැරයක් කඳානට ඇවිත් දවස් දෙක තුනක් ඉඳලත් යනව. ඔය ඩිංග මොකක්ද. ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් මම ප්‍රොෆයිල් ෆොටෝ එක සතියකට මාරුකරා, ඒත් එකක් බ්ලර්, අනෙක පැත්තකින් ගතිපු හැරිල ඉන්න එකක්. ඇත්තටම මට ඊට වඩා ටිකක් වෙනස් පෙනුමක් තියෙන්නෙ. මාව පාරකදි දැක්කත් උඹල අඳුරගන්න එකක් නෑ බං. සමහර අය දැකල අඳුරගෙන කතාකරන්න ආස හිතුනත් ..... බලමු, මේ පුංචි රටේ කවදක හරි අපි හම්බෙන්නෙ නැතෑ.

      Delete
    4. අපිව හම්බෙන්න ඕනේ නෑ බං... ඇවිල්ලා ප්‍රදර්ශනේ බලහන්. :))

      මොකෝ උඹ අපිව හම්බුනා කියලා කන්නවත් දෙයක් අරන් එන එකෙක්යෑ...

      Delete
    5. උඹට තදබල පෝබියාවක් තියෙනවා...මොකටද බන් නිතර දෙවේලෙ බ්ලොග් වලින් කථා බහ කරන එකෙක් අදුනගෙන කථා බහ කරන්න ඔය තරම් භය...උඹව අදුනගත්තා කියලා උන් උඹව කන්න හදනවද ? මමත් උඹ වගේ හැංගිලා හිටියා නම් බ්ලොග් ලිවිල්ලෙන් අදුනගත්ත වටිනාකියන මිතුරන් එකෙක්වත් අද මට නෑ...ඔය හැංගිලා ඉන්නෙ ගල් ගුහාවෙන් එළියට ඇවිත් මිනිස්සු අදුන ගනින්...ඒකෙන් උඹට වාසියක් මිස අවාසියක් වෙන්නෙ නෑ...ඔහොම හැංගිලා ඉන්නෙ මිනිස්සු අතරට එන්න භය මානසික රෝගීන් සහ සමාජයෙන් වහං වෙලා ඉන්න මිනීමරුවො/ස්ත්‍රී දූෂකයො/අපරාධ කාරයො...

      Delete
    6. //උඹට තදබල පෝබියාවක් තියෙනවා මොකටද බන් නිතර දෙවේලෙ බ්ලොග් වලින් කථා බහ කරන එකෙක් අදුනගෙන කථා බහ කරන්න ඔය තරම් භය...උඹව අදුනගත්තා කියලා උන් උඹව කන්න හදනවද ?//

      බුදු අම්මෝ... ! උඹල හිතන් ඉන්න මඟුල් නෙවි යකෝ. අර දෙවෙනියට කිව්ව මිනීමරුවො/ස්ත්‍රී දූෂකයො/අපරාධකාරයො කෑල්ල නම් ඔන්න අවුලකුත් නෑ. හෙහ් හෙහ් ...

      ඒ ෆෝබියාව මොන වගේ කියලද සිරා උඹ හිතන් ඉන්නෙ, උඹ මාව හිනස්සනව බං. එළියට එන්නෙ නැති හුඟක් අය ඉන්නව බ්ලොග් ලියන අය අතරත්. ඒ කවුරුවත් ලෙඩ්ඩු නෙවි කියලත් උඹ දන්නව. ඒ වගේම ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ අය කවුරුවත් සමාජෙට නොඑන අය කියලවත්. මම කියපු දෙයක් ඇරෙන්න උඹ මම ගැන මොකුත් දන්නෙ නෑනේ, ඉතිං ... ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා වැරදි නිගමන ඇතිකරගන්න එපා බං. මම සමහර වෙලාවට විහිළුවට කියපු දේවල් උඹ ඇත්තටම බාර ගන්නත් ඇති කියල උඹ දාපු කමෙන්ට්වලින් මට දැනිල තියෙනව සිරා. කමක් නෑ, එකෙන් කාටවත් වැඩි පාඩුවක් වෙනකක් නෑ. මම මගේ පාඩුවෙ ජීවත් වෙන සාමාන්‍ය මනුෂ්‍යයෙක් විතරයි. තවත් මම මේ ගැන නම් කිසිම දෙයක් කතා කරන්නෙ නෑ. උඹට කැමති දෙයක් හිතාගනින් මචං.

      //මොකෝ උඹ අපිව හම්බුනා කියලා කන්නවත් දෙයක් අරන් එන එකෙක්යෑ...//

      අඩෝ රජා ... උඹ කොහොමද එහෙම කියන්නෙ, අපි මීට කලින් කෑමකට සෙට්වෙල නෑ කියල මම හිතනවා. කවුද දන්නෙ සුපිරි කෑමක් දෙන්නට නූලෙන් මිස්වෙල තියෙනව වෙන්නත් පුළුවන්. :))


      රජා, සිරා,

      අභිරහසක් වෙන්න මට ඕන නෑ. මේව වැදගැම්මක් නෑ, නොසැලකිය යුතු දේවල්. මේ හැමදේම තාවකාලිකයි බං, බොහෝ විට මම තව වැඩි දවසක් මෙහෙම ඉන්නකන්නෑ. නැවත එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. අපි ඒව ගැන කතා නොකර ඉමු බං. ඔය වැඩක් නැති රෙද්දවල් ගැන වැඩිය හිතන්න එපා බන්ස්ල, මේ මම ඉන්නව වගේ හැමදේම විහිළුවෙන් සැහැල්ලුවෙන් අල්ලන් හිටපන්. මම කවදාවත් සබඳකම් ඇතිකරගන්න හදිසි උනෙත් නෑ, ඇති කරගතිපුව නිරපරාදෙ නැතිකරගෙනත් නෑ. ඒ මගේ හැටි. ඒ වගේම උඹල දෙන්න ඇතුළුව මට සයිබරයෙදි හුඟක් යාළුවො අඳුරගන්න ලැබුනා. ඒ හැමෝම මම මේ වෙලාවෙ සිහිපත් කරනවා, ස්තූතියි යාළුවනේ. මෙච්චර ඉක්මනට යන්න අදහසක් තිබුනෙ නැති උනත් මම හිතනව දැන් ඇති කියල. පුළුවන් උනොත් ආයෙ කමෙන්ට් එකක් හරි දාලා යන්න එන්නම්.

      නැවතත් ... බලමු, මේ පුංචි රටේදි කවදක හරි අපි හමුවෙයි.

      Delete
    7. මම සීරියස් ගත්තෙ නෑ බං...උඹව පොඩ්ඩක් තරහා ගස්සන්න මම එහෙම කිව්වෙ...මම අන් අයගෙ මතයට ගරු කරන කෙනෙක්...උඹ හා මා අතර බ්ලොග් වලින් ඇතිවෙලා තියෙන සුහද කම නිසයි එහෙම කිව්වෙ...

      Delete
    8. අයියෝ බං මේ බලහන්කෝ... DDT වැඩේ සිරාවට අරගෙනද? :-O

      Delete
    9. DDT යො උඹ තරහා වෙලාද...ඕකනේ කරන්න බැරි...උඹට විහිලුවක් වත් තේරෙන්නෙ නෑනෙ...මැරුම් නොකා වරෙන් අද වගේම හෙටත් බොග් කියවන්න..

      Delete
    10. DDT
      එන්න එපා. හැංගිලාම ඉඳපං. ඒක වඩා හොඳයි. මගේ උපදේශෙ ඒකයි.

      Delete
  5. බලමු බලමු try එකක් දීලා එන්න....

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන්.... මාත් එන්න යන්න එන්න පුළුවන්! :)

      Delete
  6. අපිට කොයින්ද පූසෝ මාලු කිවුවලු... :(
    මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  7. ලංකාවේ හිටියනම් අනිවා බලන්න යනවා ..අර මම කියපු හිල තාම තියෙනවද කියල හොයල බලන්න .. :)

    ReplyDelete
  8. සුබ පැතුම් එක් කරමි!

    ReplyDelete
  9. පැතුමත් BC ද ? සාර්ථක වේවා.. අපිත් එන්නම්කෝ බලලා යන්න..

    ReplyDelete
    Replies
    1. අන්න එල.... අපි හම්බෙමුකෝ...!!! :)

      Delete
  10. වැඩේ සාර්ථක වේවා ! සුබ පැතුම් !!

    ReplyDelete
  11. උඹලාගේ ඉස්කෝලේ බොහොම වැදගත් ඉස්කෝලයක් බන්. මගේ පුරාණ හිතවතෙක් හිටියා මෙත්සිරි හපුආරච්චි කියලා.දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. රජෝ උඹ ඌව දන්නවාද?

    ReplyDelete
    Replies
    1. නම නම් අහලා පුරුදුයි... අනේ අදුරන්නේ නම් නෑ!! :)

      Delete
    2. වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරත් මා සමග එකට වාණිජ අංශයෙන් උසස් පෙළ ලියූවෙක් බව සටහන් කරමි.

      Delete
    3. Sira aiya, commerce wala kage class ekeda? Kumari miss or kuum miss??

      Delete
    4. මම තිස්ස සර් කියලා ඉංග්‍රීසි උගන්වපු...අද රත්නාවලියෙ උගන්වන...ඉස්සර ක්‍රිකට් භාරව හිටිය සර්ගෙ පන්තියෙ...නුවන් හිටියෙ රණසිංහ කියලා තවත් ඉංග්‍රීසි උගන්වපු ගුරුවරයෙකුගෙ පන්තියෙ...මේ ගුරුවරු දෙදෙනාම අයිස් පප්පලා....රණසිංහ ට කොල්ලො කිව්වෙ ග්ලැසියර් කියලා...ඒ කිව්වෙ අයිස් කදු යායක්...

      Delete
    5. මෙත්සිරි අංකල් දැන් ආදී ශිෂ්‍ය සංගමයේ. :)

      Delete
    6. සිරා අයියා : අම්මෝ ඒක නම ඇත්ත තමා :D රණසිංහ සර් අපිටත් ඉගැන්නුවා. 2009 වගේ තමා පැන්ෂන් ගියේ. තිස්ස සර් නම් ගියේ 2002දීද කොහෙද.

      Delete
    7. @ sira aiya
      Ranasingha sir ta kiwwa anith nama thama "Simba"
      2008 to 2009 apita english kale Ranasingha sir thama

      Delete
  12. උඹව ඇතුලට ගනීවිද උන් ??

    ReplyDelete
  13. එන්න වෙන එකක් නෑ බන්, සුබ පතනව

    ReplyDelete
    Replies
    1. එන්න බලනවා ඉතින්.. ලබන මාසේ තියෙන්නේ :)

      Delete
  14. Replies
    1. උඹලටනම් දුර වැඩී තමා :))

      Delete
  15. රාජකීය වැඩක් රජෝ,ඔන්න සුබ පැතුම් එක්ක මාත් එනෝ..

    ReplyDelete
  16. ලංකාවේ ඉන්න කාලේවත් කිව්වනම් එන්න තිබුන කොහෙද ආයේ ලංකාවට එන්නේ නොවැම්බර්

    ReplyDelete
  17. පොඩ්ඩක් ඉඳපන්... අපි තාම වැඩෙට බැස්සෙ නෑ

    ReplyDelete
    Replies
    1. හික්.... හා හා.. වෙලට බැහැපන්කෝ එකට හාමු =))

      Delete
  18. ගම්පහ එකෙක් වෙලා ඕකට නෑවිදිං ඉන්නෝද බං අපි :) ගියපාරත් ගියා.. සුභ පැතුම් ඈ .. ජය වේවා!!

    පවනි උඹව මරයි යකෝ.. ඌ අමාරුවෙන් හංගන රහස ඕම ප්‍රසිද්දියෙ දාන්න එපා :D

    ReplyDelete
    Replies
    1. අන්න එල කොල්ලෝ...!!

      ඒක ප්‍රසිද්ධ රහසක් බං දැන් :))

      Delete
  19. සමා වෙයන් මලයො...පහුගිය දවස්වල මම මෙහෙ වෙළද ප්‍රදර්ශනයකට මගේ ආයතනය වෙනුවෙන් කලයුතු වැඩ කටයුතු රාශියක හිරවෙලා හිටියෙ...උඹලා කරපු කථා බහ දැක්කත් මට කල හැකි යමක් තිබුනෙ නෑ...

    මම ඉතාමත් දුක් වෙනවා...මම උගත් පාසලේ ඉතාමත් උත්කර්ෂවත් අවස්ථාවක් මෙවර මට මගහැරීම සම්බන්ධව...සිරාට කොන්ද කෙලින් තියාගෙන ඕනෑම ප්‍රශ්නයකට නොභියව මුහුණදීමේ හැකියාව ලබා දුන් පාසල් මෑණියන් වගේම විද්‍යාලයීය ශිෂ්‍යභට ව්‍යාපාරයත් මේ වෙලාවෙ ආදරයෙන් සිහිපත් කරනවා... පුංචි පාසලක ඉදන් ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා 1993 බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත් වූ සැනින්ම වගේ තමයි 75 සංවත්සරය පැවැත්වූවේ...ඒ කාලය අද තරම් තාක්ෂණිකව ඉදිරියට ගිය අවදියක් නොවූ නිසාමදෝ විද්‍යාලයේ එවකට සිසුන් ඉතාමත්ම කැපවීමෙන් විවිධ අංග නිර්මාණය කලා. ඒ අතරින් යෝධ පිරමීඩය, මිනිරන් පතල සහ අපේම සිසුන්ගේ තාක්ෂණික ඥාණයෙන් නිපදවූ ඇන්ටනාවක් මගින් ලංකාවෙ විදුහලක් පළමුවෙනි වරට පැවැත්වූ සජීවී එෆ් එම් විකාශය පවත්වන්නටත් එදා හැකියාව ලැබුනා...එය ඉතාමත්ම විශිෂ්ඨ තත්වයක්...

    මට අද වගේ මතකයි...එවකට 6 වසරෙ හිටිය මම වගේ පොඩි උන්ට මේ ප්‍රදර්ශනේට සක්‍රීයව දායක වෙන්න කාලයක් නොතිබුනත්...අපිට හැකි අයුරින් විවිධ කාර්යයන්ට දායක වෙච්ච ආකාරය. එක සිසුවෙක්ට ප්‍රදර්ශනය පිළිබද මුද්‍රණය කරපු පෝස්ටර් 3 බැගින් ලබා දුන්නා තමන්ගේ ප්‍රදේශ වල අලවන්න. මම කලින් කියපු එෆ් එම් විකාශය පිළිබදවත් එහි විශේෂයෙන් සටහන් කර තිබුනා...මම එවකට පාසලට ආපු පාසල් සේවා වෑන් රථයෙ හිටිය රතු පාට ටයි අක්කලා මගේ පෝස්ටර් සියල්ල බලෙන්ම වගේ ගත්තා ඒ අයගෙ ගෙවල් කිට්ටුව අලවන්න...ඒ හැම දෙනාම අපේ එෆ් එම් විකාශය පිළිබද කියවා විශ්මයට පත් වෙච්ච හැටි මට හොදට මතකයි.

    පිරමීඩය ගැන විශේෂයෙන් කියනවා නම්..එයත් පොළව ගැඹුරට හාරා ඒ මත තමයි ඉදිකර තිබුනෙ...මමියක් පිරමීඩයක් තුල තියෙන ආකාරය මැනවින් නිරූපනය වුනා වගේම...එදායින් පස්සෙ අපේ පාසලේ ඉදිකරපු හැම පිරමීඩයක්ම ඉදි කලෙත් එතන...ඒ තමයි වර්තමාන සා/පෙ පන්ති ඇති ස්ථානය...ප්‍රදර්ශනයට පස්සෙ කුණු දමා මේ වලවල් ගොඩ කලත්...ආයෙත් ප්‍රදර්ශනයක් පැමිණෙන විට මේ කුණු ගොඩ එනවා...අපේ පාසලේ බාලදක්ෂයන්ටම ආවේණික වැල පාලම් ගැනත් නොකියාම බෑ...රජා මල්ලිලා නිපදවූ ආකාරයේම පුංචි කාරයක් පාසලේ පොකුණ ලග විලෝ ගහ වටේ පැද ගිය ආකාරයත් මතකයි...එයත් රතු පැහැතියි...අද ඒ විලෝ ගහ එතන නෑ...

    පුංචි එකෙකු විදියට 75 සංවත්සරය අවස්ථාවේ මම තදින් කරපු ප්‍රාර්ථනයක් තිබුනා...ඒ තමයි විද්‍යාලයට වසර සියයක් පිරෙන දවසෙ වැඩිහිටියෙකු ලෙස විද්‍යාලයට මට කරන්න පුලුවන් හොදම පරිත්‍යාගයක් පුද්ගලික මුදලින් කරන බවට...මම තවමත් ඒ ප්‍රාර්ථනයේ ජීවත් වෙන්නෙ...

    මා මෙන් බොහෝ උන්ට ජීවන මග පැදයන්නට ශක්තිය,ධෛර්යය සැපයූ විද්‍යාලයීය මාතාව තවත් සියක් කල් යෙහෙන් වැජඹේවා...එයයි මගේ පැතුම...ලොව කොතනක සිටියත් අපේ විද්‍යාලයේ උන්ගේ හදවතේ ගැඹුරුම තැන විද්‍යාලය පිළිබද සැමරුම් සමග මහා බලගතු ආදරයක් ඇති බව මා මෙන්ම ඔබත් පසක් කරගෙන ඇතුවාට සැකයක් නෑ...

    2003 X Ban ප්‍රදර්ශනයේ වීඩියෝ මතකයන් මා සතුව පැවතියත්...මා නොරටක වෙසෙන හෙයින් ඒවා ඔබ සියල්ලන්ට සමීප කල නොහැකි වීම ගැන කණගාටුයි...මා මෙන්ම මේ ප්‍රදර්ශනයට පැමිණීමට හැකියාවක් නැති ආදි සිසු සැමට දැක බලාගැනීමට හැකි ලෙස...ප්‍රදර්ශනයේ කදිම ඡායාරූප එකතුවක් ඔබේ බොගෙන් බලන්නට සැදී පැහැදී සිටිමි.....

    සියලුම නායකවරුන්ට ජය !

    ReplyDelete
    Replies
    1. 100 වෙනි සංවත්සරේට මමත් පුළුවන් උපරිමෙන් උදව් කරනවා. එතකොට මමත් යම් තත්වෙක ඉදීනේ. තව අවුරුදු 5ක්ම තියෙනවානේ.

      මම හිතුනොත් හැමදාම වගේ යනවා ප්‍රදර්ශනේ බලන්න. දෙන්නං පොටෝ ගමකට!!! :)

      Delete
    2. අඩේ කළු ජෙමත් අපේ එකෙක්ද? එලනේ!

      Delete
  20. සැහ් බණ්ඩාරණායක සෑහෙන සෙට් එකක් බ්ලොග් සැට් එකේ ඉන්නව‍ නෙ. කාටද ආඩම්බර. කට්ටියටම එක දවසක යන්න පුලුවන්නම් නියමයි !!! රජා ඕගනයිස් කරනවනං අපි කැමතියි :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ...

      එල එල මං ඕගනයිස් කරලා කියන්නම්!! :)

      Delete
  21. විස්තර දාන්න , එන්න Try කරන්නම්.

    ReplyDelete
  22. Malli la 1st place una touch screen eka haduwe mama. Api out vela nisa e davas vala grade 12 podi aya dennek thamai demonstration kale. Mama dan eka thava develop karala thiyenne. Iskoleta mama a aluth system 1k free denna hithagenai inne. Ape 2006 batch eke Dinuka Madushan Dayananda, Mahesh Chamara Somarathna, Waruna Lakmal thamai sup eka dunne.

    ReplyDelete
    Replies
    1. හැට්ස් ඔෆ් බ්‍රදර්ස්....... :-h

      Delete
  23. එල මචන් අපිත් එන්න ට්‍රයියක් දන්නම්... එල එල... උබට ඉතින් රාජ්‍ය අනුග්‍රහය තියෙනවනෙ... එලට කරපන්.... මගෙන් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. වරෙල්ලා වරෙල්ලා... :)

      Delete
  24. රජෝ... X Ban කියන එක තවත් විදියකින් අර්ථ දක්වලා තියෙනවා මට ඇහිලා තියෙන විදියට, Exhibition of Bandaranayake College කියලා. එකත් සඳහනක් දාපං පුළුවන් නම්. මං හිතන්නේ උබත් අහලා ඇති.

    ReplyDelete
  25. මට පැතුම් අයියව contact කර ගන්න විදියක් කියන්න ... මම මේ පාර එයාගේ කාල යන්ත්‍රය හදනවා ... ඉක්මනට ...

    ReplyDelete
    Replies
    1. virtualpathum@gmail.com මේල් එකක් දාල බලන්න. හරි ගියේ නැත්තං මෙතන රිප්ලයි එකක් දෙන්න. මම නම්බර් එක මේල් කරන්නම්.

      Delete
    2. ආ... ඔය හම්බෙලා තියෙන්නේ උත්තරත් එක්කම :)

      Delete
    3. අයියේ මට පුලුවන්නම් නම්බර් එක දෙන්න .... ලොකු හැලුප් එකක් ...

      Delete
  26. සියලුම නායකවරුන්ට ජය !

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)