Friday, September 27, 2013

ජයග්‍රහණ සැමරුම - Victory Celebration at Galadari High Tea Buffet

කියන්න යන්නේ පට්ට හැපි ආරංචියක්ය. අපේ බැච් එකේ සෙට් එක රජගෙදර සවාරියට ආපු වෙලාවේ වෙන මොනවා නැතත් පට්ට පොටෝ ටිකක් නම් අල්ලගත්තේය. ඔය අස්සේ ආපු අන්තර්විශ්වවිද්‍යාලීය පොටෝ තරගෙකටත් ඔය පොටෝ එකක් දැම්මේය. කරුමේ කියන්නේ ඒ පොටෝ එක තුන්වෙනි තැන දින්නේය. ඔය පොටෝව ගහන්න අම්බලම ලග උඩ පනින්න ගිහින් එතන කඩේ අංකලයා අපිට බැන්නේය. දැන් ඉතින් ඒ ගැන දුකක් නැත. මන්ද අපි දින්නේය.

කොහොමටත් දෙවනි වටයට යන්න එකම සුදුසුකම උනේ බුකියේ වැඩිම ලයික්ස් ලබා ගැනීමය. අපිට ඉතින් ඔය හිගාකන වැඩ හෙනට පුරුදු හින්දා ලයික් හිගාකන්නම ගිහින් මැසේජ් යනවා මාසෙකට බ්ලොක් වෙලාම ගියේය. ඒත් කමක් නැත. තුන්වෙනි තැනට අදාල රුපියල් 5000 හේ තෑග්ග අපිට ලැබුනේය.

ජයග්‍රාහී පොටෝව
ඔය 5000ට කරන්න දේකුත් නැත. සැමගේ එකම පැතුම උනේ ආයෙත් ගලධාරි බුෆේ එක සුද්ද කිරීමය.ගින්දර වගේ ඊයේ හවස ගලධාරියට කට්ටියම සෙට් උනේය. බඩට අරක්ගෙන සිටින හිගන පවුලේ සුදහගින්දර නිවා දැම්මේය. ඒ පිනම ලයික්ස් දැමූ සැමට බෙදා දිය යුතුය. උන් කිසිම ආකාරයක හිත් අමනාපයක් ඇතිකර ගත යුතු නොවේය. මන්ද අපි උන්ටත් හරියන්න කෑවේය.... ^_^

හැමදාම පොටෝ ගහලා ඇල්බම් හදන එකේ, මේ පාර අපි පොඩි වීඩියෝවක් කලෙමු. ඒකත් හැබැයි පොඩි ගතියකට ආවේය. ඩැඩීලගේ ජීවිතේ විදින්න සින්දුව ගත්තු වීඩියෝ ක්ලිප් කෑලි වලට ලෙසටම සෙට් උනේය. එහෙන් මෙහෙන් අමුණලා රජා වීඩියෝව ගොඩදැම්මේය. අපි ඉතින් වීඩියෝ එඩිටින් එක්ස්පර්ට්ස්ලා නොවේය. ඒ උනාට මේකෙ පොඩි ගතියක් නැත්තේමද නැත. 

කලින් සැරේ ගලදාරි සුද්දය මෙතනින් 


මේ පාර පිස්සු පීකුදු මොංගල් කෑලි විසිවෙන වීඩියෝව..........



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

44 comments:

  1. මෙව්වා එක මෙව්වා වෙනවා මෙව්වා වෙලා යන්න

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි ලොක්කා... යකෝ උඹ යහතින් ගෙදර ගියාද? කෝල් කරන්නත් අමතක උනා. අවුලක් නෑ ඉතින්... ලාවට මෙව්වා වෙලානේ හිටියේ :))

      Delete
  2. පට්ට ඇ.වීඩියෝ එකය් සින්දුවය් පට්ටෙට මැච් වෙනවා :)

    ReplyDelete
    Replies
    1. හහහා... මමත් හිතුවට වැඩිය ගතියට ආවා! =))

      Delete
  3. ඒකෙත් පොඩි ලල් එකක් නැතිවමත් නෙවෙයි... ;)

    ReplyDelete
  4. යකො මුන්ට නැගිටලා හිටියොත් කට හොලවන්නම එපයි..!

    ReplyDelete
    Replies
    1. කෑවොත් නිදිමතයි... නැගිට්ටොත් බඩිගිනී :))

      Delete
  5. උඹලගෙ ජයග්‍රහණය ගැන මගේ සුභාශිංෂන...ෆොටෝව එළ...

    ReplyDelete
  6. කෝ උඹ අපිට දෙනව කිව්ව රුපියල් දහය? ලයික් එකකට රුපියල් දහයක් දෙනව කියල කිව්වෙ. අපේ රුපියල් පහ කේවා! අම්ම ඕක....!

    ReplyDelete
    Replies
    1. හහහා...... මම එහෙම කිව්වද? මට මතක නෑනේ :))

      Delete
  7. අඩුම ගානෙ ලයික් දාපු උංට කඩල ඇටේ ගානෙවත් දෙන්න තිබ්බ නේද.

    වීඩියෝ එකනං කොලිටි. උඹල ගිලල දාපු ‍ටික ඇදල අර වේටර් කාරයට එපා වෙන්න ඇති.
    මොකටද බං උඹල ඔච්චර ටොයිලට් යන්නෙ බියර් බීලද?

    ReplyDelete
    Replies
    1. වේටර්කාරයා කියන්න එපා ඒ අක්කට........... :(
      හරි ලස්සන කටහඩක් තිබ්බේ..

      අපි එක වටයක් ඉවර උනාම ලගට එනවා ආ යූ ඩන් සර්??? කියලා අහනවා. දහ පාරක් විතර ආවා කෝම හරි... අනේ තාමත් ඒක ඇහෙනවා වගේ :((

      Delete
  8. Bada yanawa sure ekata umbalata !!

    ReplyDelete
    Replies
    1. උඹ වරෙන් අපේ බඩ එකතු කරන් යන්න :))

      Delete
  9. කන එක ඇරෙන්න වෙන දෙයක් කල්පනා වුණේ ම නැද්ද?

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා මතක් වෙන්නද :)

      Delete
  10. බඩරාජී මහ රජ......yakO ඕකට mamatH ලයික් demmA බොල.....පින අනුමෝදන් කෙරුවට නමස්තේ....

    ReplyDelete
  11. විඩියෝ එක නියමයි.... හුජ්ජ කෑලි නැත්නම්.....උඹලා වගේ සෙට්වලට හෝටල් ට්‍රේඩ් එකේ කියන්නේ බලු කපුටෝ කියලා. දානෙට ලෑස්තිවෙයන් කියලා තමයි උන් පටන්ගන්නේ.:D

    ReplyDelete
    Replies
    1. මොකද්ද යකෝ හුජ්ජ හුජ්ජ ගාන්නේ. ලස්සනට චූ කියලා කියනවකෝ!!!

      බුහහා... බලු කපුටෝ??? සැර සීන් එක :))

      Delete
  12. Replies
    1. දන්නවනේ ඉතින් අපි වැඩක් කලොත් :)

      Delete
  13. වීඩියෝව පට්ට හොඳේ.....

    මහ පිස්සු මොංගල් ඩයල් ටිකක් මුං නම් :D

    කමන්නෑ ඉතිං දානයක් දුන්නා හා සමානයිනේ ඉතින් මුං ටික කෑවා කියන්නේ :D

    ReplyDelete
  14. අපිත් එහෙනම් දානෙකට සම්මාදන් උනා ඕං :D

    video එක සුපිරියට speed control කරලා තියෙනවා එල ඇඃ ;)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් :))

      මම හිතුවේ චොර වෙයි කියලා. පොඩ්ඩක් ගතියට ආවා!

      Delete
  15. යකෝ ගලදාරියෙන් 5000ට පුලුවන් උනාද මේ ඔක්කොම කරගන්ඩ? පට්ට ඈ

    ReplyDelete
    Replies
    1. නෑ බං.. අතිනුත් ටිකක් ගියා :)

      Delete
  16. රජෝ උබලා හිගකාලා සල්ලි හොයන අපු බවක් පෙන්න නැ වීඩියෝවේ

    ReplyDelete
    Replies
    1. ඈ...? එහෙම පේන්නේ නැද්ද? ලොකු දෙයක් :))

      Delete
  17. යකෝ ගලදාරි එක සතියක් වහල තිබ්බෙ මේ සීන් කෝන් එකනිසාද ඈ මම හිතුව ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. තවත් වහලද??? හපුයි... :))

      Delete
  18. එල එල වැඩේ හොදයි

    ReplyDelete
  19. වීඩියෝව එල.. ජයග්‍රහණයට සුභ පැතුම්..

    ReplyDelete
  20. හයියූ ගලධාරී.... (අවධානයට ගන්න... ජීවිතේට රජා ඉන්න පැත්තක හෝටලයක් පටන් ගත්තාට බුෆේ නොදමන්න)

    ආ යූ ඩන්... :v

    ReplyDelete
  21. ගලධාරිය ඊට පස්සේ දවසම වහල තිබ්බ කියල සී නිවුස් එකේ කියල තිබ්බ.මොනවද ඔයි උබල කනවට වඩා වොස් රුම් වලනේ ඉන්නේ.විලි ලැජ්ජාවේ සන්තෝසේ බඩගිනි :පි

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)