Thursday, August 8, 2013

ගලධාරි සුද්දය (කාලා මැරෙමු) - Galadari Buffet (Let's Eat & Die)


හැමදාම රංජි අයියගේ බත් කඩෙනුයි, සීයේ රයිස් කඩෙනුයි, කැන්ටිමෙනුයි කන එකේ අපි සෙට් එක තරු පහ පොට් එකකින් බඩ කට පුරෝ ගන්නට ගියෙමු. හැමදාම රචනා ලියන එකේ අද ගේම ගහන්නේ විරිදුවෙන්ය. 


සකල සිරින් පිරි සිරි ලංකාවේ, ගලධාරිය නම් හෝටලයේ...
අඩුවට තියෙනා බුෆේ බුදින්නට, දවසක් අපි ටික සෙට්වූයේ...
දුලියා යෂිකයා කාවින්දයා හා, ශිහාරා එන බව පැවසූයේ...
එලකිරි වාගේ අශානයත්, උඩ පැනගෙන අත්දෙක ඉස්සුවනේ...

එදා හවස තුන හමාර වෙනකොට, සෙට් වෙන්නට කතිකා කෙරුනේ...
රුපියල් දාහක් පර්ස් එකේ ගෙන, හෙමි හෙමිහට ඒ පැත්තට ඇදුනේ...
මේයව් අස්සේ අශානයා හට, බැක්පැක් ගන්නට ඕනේ උනේ...
රජා සමග ඌ බම්බා වලින් බැස, එම්.සී එතුලට රිංගුවනේ...

එම්සී ඇතුලේ කැරකෙන විටදී, යෂිකයා එතනට පාත්උනා...
අපි තුන්කට්ටුව බෑග් සොයා, හෙමි හෙමිහිට පියවර එසවූවා...
අම්බෝ ඒවගේ ගණන් ඇසූ විට, රජාට සිහිසුන් නැති වූවා...
මාවත් ඇදගෙන අශානයා හා, යශිකයා එතනින් යන්න ගියා...

එලියට ඇවිදින් පට් පට් ගාලා, ප්‍රයිවට් බසයට ගොඩ වූවා...
රුපියල් දොලහක් කොන්දට දීලා, ගලධාරිය ලග බැහැගත්තා...
කාර් එකක ආවා වාගේ අපි, පාක් එක හරහා ඇවිද ගියා...
සික්කා ඉද්දී අහක බලාගෙන, හෝටලේ ඇතුලට පාත් උනා...

දුලියා සමගින් කාවින්දයලා, හෙන තඩි පුටුවක ඉද සිටියා...
අපි සෙට් එක ඉද ගත් පමණින් එය, ඉණ ගාවට එරිලාම ගියා...
ඉදගත් පමණින් අකුණු ගැහුවා සේ, දුලියගේ කැමරා පත්තු උනා...
අහල පහල සිටි වේටර් කොලුවොත්, ඒ හෙන එළියට බය වූවා...

හතරට එළබුණ ශ්‍රී සුභ මොහොතින්, බුෆේ බකට් ටික විවර උනා...
දඩි බිඩි ගාලා නැගිටලා පුටුවෙන්, කෙල පෙර පෙර අපි ඇදී ගියා...
පළවෙනි වටයට පිගාන පුරවා, පාන් ජාති හොරකම් කෙරුවා...
කියන්න ලැජ්ජයි මෙලෝ රහක් නෑ, ගත්තු හින්දා කාලා දැම්මා...

ගින්දර වාගේ දෙවනි වටේටත්, අපි සෙට් එක පියවර තැබුවා...
පිගාන පුරවා ෂෝටීස් සමගින්, සොසේජස්ද පුරවා ගත්තා...
එහා පැත්තේ වූ අයිස් කෝපි, වීදුරු දෙක දෙක මුන් අරන් ගියා...
ඒක බලන් හිටි වේටර් මාමා, තනියම අඩනවා මම දැක්කා...

කනවට වැඩියෙන් පොටෝ ගහනවා, මම නං දැක්කේ මෙහෙදි තමයි...
අතට ගන්නවා කටට දානවා, බඩටත් යනවා මුන් ගැහුවයි...
අහල පහල සිටි අක්කලා නංගිලා, මෙදෙස බලාගෙන හිනාඋනයි...
නැවතත් පුටුවෙන් නැගිට ගිහිල්ලා, ස්ට්‍රෝබෙරි පුරවා ගත්තයි...

ගෙවනා මුදලට අඩුවෙන් කෑවේ, යෂිකයා කියලයි පැතිර ගියේ...
උගුරේ අන්තිම ගැටිත්ත වෙනතෙක්, එක එක අයිටම් බඩට ගියේ...
හෙට උදේට වන බඩේ අමාරුව, නැතිකෙරුමට උණු කෝපි තිබේ...
ගොජ ගොජ ගාලා උතුරන වතුරෙන්, කෝපි තුනක් මුන් ඇද බෑවේ...

කාලා බීලා අන්තිමේදී අපි, හෝටලේ ඇතුලේ ඇවිද ගියා...
පූල් එකේ සිරි නරඹන අටියෙන්, ලිෆ්ට් එක ඇතුලේ පියෑඹුවා...
එතන මුරට සිටි කාන්තාව හට, ශිහාරා කඩුවෙන් බැට දුන්නා...
අන්තිමේදී ඒ පොඩි නැන්දා, මුන් ටික පූල් එකට ඇතුල් කලා...

ගෝල්ෆේස් එක දිහා බලාගෙන, අපි පොඩි කයියක් ඇරඹුවා...
එහා පැත්තේ තිබු පුටු වල ඉදගෙන, සුද්දෝ කපල් සිරි නැරඹුවා...
එක පාරට ආ හුළං පාර දැක, සුද්දී හොදටම මෝල් උනා...
බෙල්ල බදාගෙන පුටුව පෙරලගෙන, සුද්දී සුද්දගේ කට කෑවා...

මේක බලාගෙන ඉන්න බැරුව අපි, ආපහු එන්නට පිටත් උනා...
රජා සමග ආ ශානයා ඇවිදන්, මහ ලේකම් දුම්රිය පලට ගියා...
පානදුරේ යන දුම්රියේ එල්ලි, බෝඩිම දක්වා ගමන් කලා...
තව ඩිංගෙන් උන් සෙනගට හිරවී, බුෆේ කෑලි එලියට පැන්නා...

වෙනත් එවුන් එක දෙක ගෙන කන විට, අපි සෙට් එක පහ හය කෑවා...
ස්ට්‍රෝබෙරි හා අයිස් කෝපි, මම වීදුරු හතක්ම ඇද බෑවා...
හෝටලේට ෆුල් පාඩු කරලා අපි, තව දවසක් එන බව කීවා...
අන්න එලෙස ගලධාරී සුද්දය, සැම තුටු කරමින් නිමා උනා... 



ප/ලි:



සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්

තාලෙ දන්නේ නැති අයට මෙන්න තාලේ....මේ තාලෙට තමා කියන්නේ. වෙන තාල දාගෙන නාගන්න එපා...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

73 comments:

  1. ade mechara kanda ubalage badawalda bolaw thynne???? :o ;)

    ReplyDelete
  2. අඩෙ උබට විරිදු ලියන්නත් පුලුවන් නෙ.උබල සල්ලි ගෙවුවෙ නෑතෙයි.පට්ට ඈ

    ReplyDelete
    Replies
    1. ගෙව්වා ගෙව්වා... බර ගානක් ගෙවලා ආවේ :))

      Delete
  3. රජෝ තරහා අවසර, උඹනාන්සෙ දිගටම කතාම ලියන්ට කයි නොලියා... :P

    ReplyDelete
    Replies
    1. මමත් ඕක කියන්නමයි හිටියෙ..කවි ටික නම් අජූතයි

      Delete
    2. එහෙනං උඹලා දෙන්නා එකතු වෙලා ලියලා එවහන්කෝ.. මම පබ්ලිෂ් කරන්නං

      පොඩි තැන් දෙක තුනක අවුලක් ඇත්තේ. 5-p

      Delete
  4. තාලේ හරි මදි පුතා තව උත්සහ කරන්න :D

    ReplyDelete
    Replies
    1. ෂුවර් උඹ මේවා කියන තාලේ දන්නේ නෑ... :))

      Delete
  5. කියන්න ලැජ්ජයි මෙලෝ රහක් නෑ, ගත්තු හින්දා කාලා දැම්මා...lol lol

    ReplyDelete
  6. බඩේ හිඟන පවුලක් ඉන්නවද බොල? :O

    ReplyDelete
  7. හෆොයි බං, දැකපු මිනිස්සු හිතන්න ඇති සාගතේකට අහුවෙච්ච පුලන්නො ටිකක් කියල. :))

    (මොකද බං මේ දෙක දෙක දාලා තියෙන්නෙ. එක පාරක් පබිලිෂ් කොරාම මැදෑ)

    ReplyDelete
    Replies
    1. හහහා... :))

      ලාංකීය එකෙන්ද ආවේ? පොඩි අවුලක් උනා..
      කලින් එක රෝලේ අප්ඩේට් උනේ නෑ. ආයෙ දැම්මා :(

      Delete
  8. සිරාවටම මට නම් මේක ෆිට් නැ බන්....... අර උබේ කතා තරම් ගතියක් නැ වගේ.. තරහ අවසර එහෙම කීවට....... කතාම ලියපන් බන්..... මොනවා උනත් ඕක බඩක් නෙමේ අර උබ බලන්න යන අම්ම්බලමක් ඕක ඇතුලට දාගෙනද කොහෙද ඉන්නේ

    ReplyDelete
    Replies
    1. බුහහහා... අම්බලමක්? =))

      Delete
  9. ඈ රුපියල් දාහට ඔච්චර කන්න පුළුවන්ද රජෝ.... ?

    ReplyDelete
  10. එතනත් ඉවර කලාද

    ReplyDelete
  11. අඩේ මලේ හරියටම සුවර් ද දාහෙන් පුළුවන් කියලා?

    ReplyDelete


  12. මල්ලෝ රුපියල් 1000 න් ගලධාරියෙන් කන සිස්ටම් එක කියල දෙන්නකෝ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි....

      බුෆේ එකක් තියෙනවා.
      බදාදා ඉදන් ඉරිදා දක්වා. 3.30 - 6.00 වෙනකන්.
      එක්කෙනෙක්ට 1200/-
      හුස්ම ගන්න බැරි වෙනකන් කාලා එන්න තියෙන්නේ :))

      Delete
  13. විරිදුවත් පස්ට ,, පුටෝ ටිකත් පස්ට ,,නියමයි ඒ වගේම ඔයාගේ පෙනුම හරි අහිංසකයි ,පිළිවෙලයි (සැ.යු පෙනුම විතරයි)

    ReplyDelete
    Replies
    1. හික්ස්... දන්නෝ දනිති :))

      Delete
  14. රජෝ උඹ ෂර්ට් එක එළ ඈ....

    ReplyDelete
    Replies
    1. ටැංකූ ටැංකූ...

      ඕකේ නිධාන කතාව කිව්වොත් මෙතන ඉන්න හම්බෙන්නෑ බං. ඒක හින්දා මොකුත් කියන්නෑ :))

      Delete
  15. යකෝ ඔහොම පිස්සු නටලා ගලදාරිය වැහුවොත් එහෙම අපි කන්නෙ කොහෙන්ද බොල?

    ReplyDelete
    Replies
    1. ඇයි බං..
      ගෝල්ෆේස්, කින්ග්ස්බරි, රාජ්, සිනමන්, හිල්ටන්..
      තියෙන්නේ ලග පාත ඕනේ තරම් :)

      Delete
  16. ගලදාරියේ ඉතිහාසේටම ඔහොම කෑවේ උබලා සෙට් එක කියලා අන්න ගලදාරියේ නෝටිස්
    බෝර්ඩ් එකේ දාලා තිබුනා ... කාටද ආඩම්බර .

    ReplyDelete
    Replies
    1. හොහ් හොහ් හෝ..... සිරාවට? =))

      Delete
  17. යකෝ තෝපිල වගේ පෙරේතයො ටිකක්,...




    (හොරෙන් අසමි. මචන් කොහොමද බන් 1000 න් ඔච්චර කෑවෙ... කියල දියන්කො ක්‍රමේ...)

    ReplyDelete
    Replies
    1. නැවතත් දැනුම්දෙමි....

      මෙහෙමයි....

      බුෆේ එකක් තියෙනවා.
      බදාදා ඉදන් ඉරිදා දක්වා. 3.30 - 6.00 වෙනකන්.
      එක්කෙනෙක්ට 1200/-
      හුස්ම ගන්න බැරි වෙනකන් කාලා එන්න තියෙන්නේ :)

      Delete
  18. ඇයි බන් බොලගේ මහපට ඇඟිල්ල ළඟට යනකම්ම තියෙන්නේ ආමාශයද?

    ආරංචියක් ආවා ගලධාරි එකේ බුෆේ නවත්තලා කියලා.....

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ... එහෙම වෙන්න බෑ. අපි උන්ට කිව්වා ආයේ එනවා කියලා :))

      Delete
  19. සකල සිරි පිරි සිරි ලංකාවේ, ඒ කාලේ හෝටලයක් තිබු‍ණේ...
    සුද්දෝ ඒකට ගලදාරිය යැයි කියල නම තබලා තිබුණේ...
    අඩුවට තියෙනා බුෆේ බුදින්නට, දවසක් මුං ටික සෙට්වූයේ...
    එදා සිටං ගලදාරිය යන නම අතීත පොත්වල ඉතුරු උණේ...

    ReplyDelete
  20. ubala kata kana ekakuth balala chik ;-)

    ReplyDelete
    Replies
    1. බැලුවේ නැහැ ඕයි...දැක්කා :))

      Delete
  21. යන්න දාහයි එන්න දාහයි කන්න දාහයි.... එක්කෝ ඕනි නැහැ මෙහෙ තියනවා සුට්ටි හෝටලයක් එකෙන්ම කනවා... රජෝ ඇත්තටම ඔච්චර කෑවේ කොහොමඩ් බන් ..

    ReplyDelete
    Replies
    1. ලොල්...

      කෑවේ කටින් බං :)

      Delete
  22. කෑම වරදක්ම නෑ වගේ..... කෑවට පස්සේ විරිදු බඩ ගිහිල්ල තියෙන්නේ .... හි...හි...හි....

    ReplyDelete
    Replies
    1. අති විශිෂ්ඨයි හොදේ..!

      Delete
  23. කීයක් ගන්නවද බං එක ඔලුවකට? හැම දාම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නැවතත් දැනුම්දෙමි....

      මෙහෙමයි....

      බුෆේ එකක් තියෙනවා.
      බදාදා ඉදන් ඉරිදා දක්වා. 3.30 - 6.00 වෙනකන්.
      එක්කෙනෙක්ට 1200/-
      හුස්ම ගන්න බැරි වෙනකන් කාලා එන්න තියෙන්නේ :)

      Delete
  24. මාර කෑමක් නේ...තාම යහතින් නේ ද?

    ReplyDelete
  25. අපේ පැත්තේ මහ ඉහලින් බුෆේ එකක් පටන් ගත්තා.හරියට සෙනගත් හිටියා.ඒත් මාස තුනක් වත් රන් කලේ නෑ.එකත් එකටම උබල රිංගන්න ඇති එතෙන්ටත්.හික් හික්

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. උන්ට පාඩු ඇති බං අපි වගේ උන් ගිහාම :)

      Delete
  26. ගලදාරියට රින්ගූ බඩජාරියන්.....

    ලොල් ඈ

    ReplyDelete
  27. ආතල් ඊලග බදාදා 1200 අරන් අපිත් එනවා. යකෝ කවදා කාපුවද මේවා ! එක්කෝ ගලදාරිය අපිව නැති කරනවා නැත්නම් අපි ගලදාරියව නැති කරනවා ! පස්ට පස්ට !

    ReplyDelete
    Replies
    1. යමල්ලා යමල්ලා.. ඕවා දෙන්නේ කාලා මැරෙන්න! :))

      Delete
  28. හැක හැක හැක හැක
    පට්ට විරිඳු ටික
    මේක අර ඉස්සර කාලේ වගේ හන්දියක් ගානේ කියන්න ෆේමස් කරනන් තියෙන්නේ .
    එල එල

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමේට තමා ලිව්වේ හැබැයි... දරුණු අවුලක් නෑනේ බං? :)

      Delete
  29. මේ බන් රජෝ රංජි අයියාගේ බත් කඩේට උඹ යන්නේ අර කඩේ ඉන්න තඩි කැලි දෙක නිසා වෙන්න ඇති මයේ හිතේ...:D

    මම තේ බොන කඩෙන්නේ බෝල රජෝ තෝපි මේ බුෆේ කලා තින්නේ...

    ReplyDelete
    Replies
    1. බුහහහා... උඹ යනවද ඒකට. මම වැඩිපුරම ඒකට යන්නේ උන්ගෙ කෑම රහයි බං. හොදට ලුණු මිරිස් දාලා උයනවා. අනික පෝක් තියනවනේ...... :))

      Delete
  30. හොඳ කෑමක් කාල තියෙනවා වගේ...

    ReplyDelete
  31. hariyata kaama dakala nathi untanam owa aathal wenna athi...

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. අපි හැමදාම උඹලා වගේ ගලධාරියෙන් කන්නේ නෑනේ. ඉතින් අපිට ආතල්!!!
      උඹට අවුලක්ද?

      Delete
  32. kaala tiyanawa hondatama wadi newe madi.....

    ReplyDelete
  33. ade ban mekata yana vidiya apitath kiyapanko.. yanna asa unata danne nene yanna, poddak visthra kirapanko

    ReplyDelete
    Replies
    1. umba oya uda dala thiyna cment ekama methana paste karanna epa. poddak pehedili karapan,, eka wasere lamayekta kiyanwa wage,, yana ena vidye indanma

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)