Wednesday, July 24, 2013

හොරු සමග හෙළුවෙන් - Naked with Thieves


රාජ වැඩපොල තියෙන්නේ දඹදෙණිය ටවුමට කිට්ටු වෙන්නය. ඔය හරියේ ගෙවල් එහෙමත් එච්චරම නැත. ටයිට් කණු දෙකක් අතර දුරකින් වගේ එක ගෙදරක් හොයා ගන්න පුළුවන්ය. හැබැයි රාජ වැඩපොල ඉස්සරහ ගෙදර නං ටිකක් ලොකුය. හොද පරණ සල්ලි බාගේ එහෙම තියෙන ගෙදරක්ය. අර එදා අපේ වැඩපොලට හොරු පැන්න වෙලාවේ කෝල් කලේ මේ ගෙදර අක්කලා ටිකය. අපේ පියතුමා දක්ෂයා හින්දා එදා නං හොරාව අල්ලා ගත්තේය. අල්ලා ගත්තා විතරක් නොව චූ පාරෙන් අභිරහස විසදුවේ ප්‍රේක්ෂක ජනතාව අන්ද මන්ද කරමින්ය. 


කැතම සීන් එක කියන්නේ ඒ අක්කලාගේ ගෙදරට හොරු පැනලාය. මේ ඇසළ පෝය දවසෙමය. මේක නං ලොවෙත් රොබරියක්ය. ෆුල්ම සුද්දයක් දීලා තිබ්බේය. පෝය දවසේ දඹදෙණි මහජන ක්‍රීඩාංගනේ තොරණක් තිබ්බේය. මාරක ලිද, මෙරිගෝ රවුන්ඩ් එහෙමත් ඉතින් ඔය වගේ පොට් වල වරදින්නේ නැත. මේ ගෙදර කට්ටියත් එදා රෑ ඕක බලන්න ගිහින්ය. ආපහු එනකොට ගෙදරට බඩු පැකට් වෙලාය. එදා රෑ 11.30 ට විතර රජ ගෙදරට කෝල් එකක් ආවේය. බොරු මොකටද රජා හිටියේ කෙල්ලෙක් එක්ක චැටක් දාගෙනය. මව්තුමිය නිදිමරගාතේ නැගිටලා ආවේය. 

අම්මා: හලෝ........මොනවා??? එහෙමද??? හරි හරි අපි එනවා දැන්....

අම්මා දුවගෙන දුවගෙන ගිහින් තාත්තාට කතා කලාය. එයත් නිදිමර ගාතේ ඇවිත් මූණ හෝදගන්න ගියේය. මට නිකන් දැන් තෝන්තුව වගේය. මේ වෙන්නේ මොකද්ද? මට කිසිම අයිඩියාවක් නැත. 

රජා: මොකද අම්මේ සීන් එක?

අම්මා: අන්න වැඩපොල ඉස්සරහා ගෙදරට හොරු පැනලා....

රජා: නෑ...... ඔය යන්නද හදන්නේ? මාත් එනවා....

අම්මා: එතකොට මල්ලි?

රජා: නිදි නිදි... අපි යං...

දඩ බඩ ගාලා ලොරියට නැගලා අපි වැඩපොල ලගට ගියෙමු. යනකොට කට්ටිය ලබ්බට හෙන ගහලා මූණ හදාගෙන ඔහේ බලාගත්තු අත බලාගෙනය. තාම පොලිසියවත් ඇවිල්ලා නැත. 

තාත්තා: කෝල් කලාද පොලීසියට?

එයාලා: ඔව් ඔව්..දැන් එයි...

පොලිසිය එන්න කලින් අපි ගේ ඇතුලේ රවුමක් දැම්මෙමු. රොබරියේ තාක්ෂණේ කොහොමද කියනවානං මුන් හෙන සැලසුම්සහගතව ගේම දීලාය. හැම අල්මාරියක්ම කඩලාය. දොර රෙදි කෑලි කෑලි වලට ඉරලාය. කුස්සියේ තිබ්බ පිහි ඇදවල් උඩය. ඒ මදිවට මුළු ගේ හැමතැනම මිරිස්කුඩු ඉහලාය. මේක දැකලා නිකන් මට මොකද්ද මොකද්ද වගේය. 

රජා: මොකෑ මේ මිරිස් කුඩු හැමතැනම??

තාත්තා: ඔය මිරිස්කුඩු ඉස්සහම පොලිස් බල්ලන්ට ඉව එන්නේ නෑ...

රජා: අම්මටසිරි එහෙමද?

ඔන්න රජා වැදගත් කරුණක් ඉගෙන ගත්තේය. අපේ බලුතඩියටත් මිරිස්කුඩු පාරක් ගහලා බලන්න ඕනෑය. ටික වේලාවකින් පොලිසිය ආවෝය. දැන් ඉතින් එතන අපිට කරන්න වැඩක් නැති හින්දා අපි ආපහු ගෙදර ඇවිත් හොදට දොයියගත්තෙමු. එතකොට වෙලාව 1ටත් කිට්ටුය. 

සුපුරුදු පරිදි පාන්දර 10ට විතර රජාට ඇහැරුනේය. මුණකට හෝදලා කිරි එකක් ගහන්න හදනකොටම අම්මා මාව කුලප්පු කලාය. 

අම්මා: අන්න... ඇගිලි සලකුණු ගන්නවලු. පොලිස් බල්ලෝ එහෙමත් ඇවිල්ලලු. ගිහින් බලනවා ඕනෙනම්. 

හහ්...ඔය වගේ ඒවා මිස් කරනවද මම? දුම් දාන කිරි එක එක උගුරට ගහපු මම බයික් එක අරන් සිං...ගාලා වැඩපොලේය. හතර වටේ මිනිස්සු ටිකත් ගෙදරට ඇවිල්ලාය. මමත් ඉතින් එහෙන් මෙහෙන් හොම්බ දාලා පොඩ්ඩක් ලගට වෙලා බලන් හිටියෙමි. හෙන බඩමුදලාලි කෙනෙක් වගේ එකෙක් ඇගිලි සලකුණු හොයන්නේය. පොලිස් බව්වෝ දෙන්නෙක් හති ඇර ඇර තව මුල්ලකය. අනේ ඒ බව්වෝ දෙන්නනං හෙන ෂෝයිය. මට ගෙදර අරන් යන්න හිතුනේය. අත ගාන්න හිතුනත් මට මුන්ව ෂුවර් නැත. අපේ දඩෝරියත් මට කාපු එකේ මුන් කෑවොත් එහෙම මම ඉවරය. 


කොච්චර මිරිස්කුඩු ඉහලා තිබ්බත් හොරුන්ට එක පිහියක මිරිස්කුඩු ගාන්න අමතක වෙලාය. එක බව්වෙක් ඒ ඉව පාර දිගේ දුවන්න ගත්තේය. අහල පහල මිනිස්සුත් ඌ පස්සෙන් දුවන්න ගත්තේය. හැබැයි අඩි ගානක් පස්සෙන්ය. කට්ටිය එක එක අදහස් දෙන්නේය. 

1 - මූ කෑවොත් එහෙම විනාසයි...
2- මාර ඉවක් නෙ....
3- මූ බල්ලෙක්ද? වලහෙක්ද?

එහෙම කියනකොට මට අපේ බැච් එකේ එකෙක් මතක් උනේය. ඌ අපේ බලුස්ට කියන්නෙත් වලහා කියලාය. අනේ උන් එහෙම නැත. මට නං බල්ලෝ තරම් සෙට් වෙන ජාතියක් ලොවෙත් නැත. බල්ලා හති දාගෙන නියරක් මැද්දෙන් දුවලා දුවලා අන්තිමට වෙල පිටිපස්සේ ඇල ගාවින් නතර උනේය. හරි බබා හම්බෙලාය. හොරා ඇලෙන් පැනලා ගිහින්ය. බල්ලාගේ ඉව ලොස් උනේය. 

බල්ලා ආපහු එන්න හැරුනේය. පස්සෙන් දුවපු උන් ටිකත් බල්ලෝ ටික වගේ බිම බලාගෙන ආපහු ආවේය. හාපෝ...රෙදි නැත. මදෑ හොරු ඇල්ලුවා. :D

ආපහු ගෙදරට ආවට පස්සේ ඔය එහෙන් මෙහෙන් කනප්පු කතාවක් ඇහුනේය. කනප්පුවක් දැම්මොත් නං සුපිරිය. මම තාම ඕකක් ලයිව් දැකලා නැත. අනේ........ගෙදර මිනිස්සුන්ගේ කනප්පු අදහස ස්ථිර වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

මල හත්තිලව්ව කියන්නනෙ, මේ පෝය නං මහ අමුතුම පෝයක්ය. උදේ පාන්දර තනි තනක් එළියෙ දාගෙන එක මල හෝන්තුවක් දවස විකාර කලේය. මහ රෑ හොරු නින්ද කෑවේය. 

ප/ලි:

ජොලියට වගේ මේකත් අහගෙන යන්ඩෝ...ඔය අපේ තාත්තගෙ යාළුවෝ කට්ටිය එහෙම පාටි වලට සෙට් උනාම කියන ප‍ට්ට සින්දුවක්. බොහොම අමාරුවෙන් හොයාගත්තේ. මුල මතක නැතුව ඉදලා ^_^

 මාදු ගගේ මම නාන වෙලාවේ....
ගැඹුරු දියේ සිට ආවා.....නේ...
මේම හුංගා.... ආවානේ මේම හුංගා.... 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

61 comments:

  1. kawuda yakooo thoge batch eke ekaa? :3

    ReplyDelete
    Replies
    1. අපේ බල්ලට හෙන බය එකෙක් බං... මූණ නං උඹේ වගේමයි! :))

      Delete
  2. සිංදුවනම් පට්ට පට පට...

    සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
  3. Replies
    1. පිස්සුද බං... ඒ වෙලාවේ මම හොදට චැට :))

      Delete
  4. Replies
    1. ඔව් බං.... රෙදි නෑ!!! =))

      Delete
  5. පෝයට ගහන ටැබ්ලට් ඉවරද?අනිත් පෝයට තන,දෙතන වෙයිද දන්නෑ නේද බන්?

    ReplyDelete
    Replies
    1. සීන් එක කියන්නේ.... හරහට ගියේ :)

      Delete
  6. අඩො මම තමයි හොරා... :)

    ReplyDelete
    Replies
    1. ඈ... මම හිතන් හිටියේ මම කියලා.

      Delete
    2. එහෙනං දෙන්නම පැන්නවත්ද? :-O

      Delete
  7. යකෝ .... මිරිස් කුඩු ඉහින්නෙ, කරල් කිලෝ එක ගෙඩි රුපියල් දෙසීය විස්සක් ! :-O

    අර වතුර වල බලල ආපු බල්ල පස්සෙ බල්ල මාක් වෙල උඹත් ගෑටුවද. d(

    අර සිංදුව පොඩි මල්ලියි චූටි මල්ලියි අල පෙන්නද්දි මමත් දැක්කා. :D

    ReplyDelete
    Replies
    1. ඉතින් හොරාගේ අතින් යනවද? ගෙදර තිබ්බ එව්වනේ බං ඉහලා තියෙන්නේ :))

      ගෑටුවා නේන්නං... හයියූ!!

      සිරා නේ ඒක..

      Delete
  8. යකෝ රජෝ අර වගේ රාජකීය රහස් උඹ මෙතැන කියලා දැන් මිරිස් කුඩුත් ගණන් යනවා. :-O

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.... ඉතින් හොදයිනේ. සැර නැතුව කමු :)

      Delete
  9. හොර කතාව කලින් ලිව්ව නේද බං?

    මට ඒ වගෙ මීටර් නේ..

    ReplyDelete
  10. //බයික් එක// ?? :)

    අර සින්දුව මං කලින් අහල තියනව. ඒක එල සින්දුව..

    ReplyDelete
    Replies
    1. මට නං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... :)

      Delete
  11. උබ මග ඈරල ඉදපන්.නෑත්තන් බල්ල උබලගෙ ගෙදර එවි.ෆොටො එකෙ බල්ල සොක් නෙ බන්

    ReplyDelete
    Replies
    1. ඌ ආවොත් ඉතින් දන්නවනේ.... අපේ බව්වා ඉස්සරහට දාලා මම ශේප් වෙනවා! :))

      Delete
  12. ඕකට කෑලි මිරිස් හරියන්නේ නැද්ද කියලා උඹ බල්ලගෙන් ඇහුවේ නැද්ද?

    ReplyDelete
  13. උඹ ගැන නම් සැකයි රජෝ..

    ReplyDelete
  14. ....//මට නං බල්ලෝ තරම් සෙට් වෙන ජාතියක් ලොවෙත් නැත. //.....
    මං හිතුවේ රජාට මූවත් සෙට් වෙලා කියලාය. තූ: නොදකින්, ඒ බලලවත් මූට සෙට් වෙලා නැත. :(

    ReplyDelete
  15. කතාවේ ගත යුත්තක් ඇත්තේම නැතිය. ගත හැකි එකම දෙය නම් කර දඩු උස්වුණු උඹලා හන්දා අම්මටයි තාත්තටයි එකට නිදාගන්නවත් නැතිය. වහාම ඒ දෙය සෙට් කරපිය. නැතිනම් පව උඹටයි මලයටයි ය.

    ReplyDelete
    Replies
    1. ගත යුත්තක් තියෙන ඒවා මේ බ්ලොග් එකේ ලියවෙනවා නලීන් අයියා මීට කලින් දැකලා තියෙනවද?
      ලොල් =))

      Delete
    2. කොල්ලෝ විහිලු කරන්නේ මං ගණන් ගන්න එපෝ..

      Delete
  16. කනප්පුවෙන් හොරු අල්ලන වැඩේ ඇත්තට බලන්න නම් මමත් ආසයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා...මමත්! දැකලම නෑනේ!

      Delete
  17. මේ පහල තියෙන බැගෑපත් ඉල්ලීම මං දැන් දැක්කේ .

    //අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)//

    හඃ හඃ හඃ
    කතාව පස්ට !

    ReplyDelete
    Replies
    1. ඕක අවුරුදු ගානක ඉදන් ඔතන තියෙනවා බං :))

      Delete
  18. මමත් ඇවිත් ගියා..නැහැ නැ නැ බ්ලෝග් එකට

    ReplyDelete
  19. මමනම් සෑහෙන දෙයක් ඉගෙන ගත්ත.. අනිත් දවසෙ හොර කමේ යද්දි මිරිස් කුඩු ගෙනියනව..." අපෝ බෑ මිරිස් වල ගණන්..|"... අනික තමා වතුර වලකින් පැනල යනව... කොහොමද වැඩේ.. පට්ට පට පට...

    ReplyDelete
    Replies
    1. අන්න හොද ළමෙක්... මොනවාහරි දෙයක් ඉගෙනගෙන! :-h

      Delete
  20. උඹයි මල්ලියි සෙට් වෙලා නේද ගේම දුන්නෙ. මලයගෙ කට හොඳ නැති හින්දනෙ ඌ ගෙදර දාල ගියේ. :D

    අර සිංදුවනං අපි නොදන්න ලයිව් එකේ මම අහල තියෙනව. අපරාදෙ ඒ ප්‍රෝගෑම් එක නැවැත්තුවෙ.

    ReplyDelete
    Replies
    1. ඌ නිදි...... :)

      සිරාවට නේ? අපරාදේ :((

      Delete
  21. //පාන්දර 10ට//හික් හික් .. අර පොලිස් බල්ල නං හරි හුරතල් සෝඕඕඕඕ..................ඕයි

    ReplyDelete
    Replies
    1. 10 කියන්නේ පාන්දර තමා... :))

      සැරයි හොදේ...

      Delete
  22. ඔය සින්දුව අවුරුදු ගානකට ඉස්සෙල්ල ටී වී එකේ බැලුවා මතකයි,අපි නොදන්න ලයිව් වැඩ සටහනක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔය ඉතින් වීඩියෝවෙත් යන්නේ අ.ල කියලා :)

      Delete
  23. මිට පස්සේ හොරකමේ යනකොට ඇල පාරවල් ළඟ තියෙන ගෙවල් වලටම යන්න ඕන.

    ReplyDelete
  24. අක්කිලගෙ සත්තලන් බඩු සේරමත් පැකට් වෙලා ඇති එහෙනං.
    දුක හිතෙනව අක්කිල ගැන.

    ReplyDelete
    Replies
    1. පැකට් පැකට්... ඔක්කොම පැකට්!!!

      Delete
  25. මිරිස් කුඩු ඉහින සීන් එක ෆිල්ම් එකක තිබුණු එකක්ලු. අර දෙමාපියෝ මරලා දාපු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාපනේ පැත්තේ ඔහොම එකක් කරලා ඕක ජනප්‍රිය උනානේ. අඩවි රජ බොලා තීන්දුව දීපන්, මිරිස් කුඩු අරන් යන උන් තමා හොරු !

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි ඔව්මයි නේ...

      Delete
  26. හොරු අල්ල ගත්තද රජෝ? රජෙක් උනාම ඔහොම ඉදල බෑනේ...

    ReplyDelete
  27. කනප්පුව ගැන කතාව දැකලා, ඩ්‍රැකියා මීට අවුරුදු පහළොවකට විතර කලින් ගියන්න හිතං හිටිය කතාවක් එළියට ආවේය. ඒකත් පුළුවං උන වෙලාවක බ්ලොග් එකේවත් දාන්න ඕනෙය. වැඩේ තියෙන්නෙ ඒ කතාවෙ මූලික වස්තු බීජය කන්ගැට්ටා හෙවත් ටයිගර් වුඩ්ස් මේ ළඟදි කොරපු එකෙන් ඒ කතාවට ලැබෙන්න තිබුණු වටිනාකම නැති වෙච්ච එකය.

    ReplyDelete
    Replies
    1. එල එල දාමු වෙලාවක :)

      Delete
  28. මදෑ ඉදලා ඉදලා ආවා හොරු අල්ලපු හැටි බලන්න :/

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)