Monday, July 15, 2013

බෑ බෑ...මුන් එක්ක ඉන්න බෑ!!! - It's Impossible to spend time with these Bastards


හම්මා... අපි කට්ටිය එදා ගලදාරිය සුද්ද කරන්න සෙට් උනාට පස්සේ ලෙක්චර්ස් ආවේ අදය. වෙනදා වගේම මොකාක් හෝ චාටර් වැඩක් සෙට් වෙන බව මට ඉවෙන් මෙන් දැනුනේය. හුගක් වෙලාවට ඉරිදට වැටෙන්නේ ස්ට්‍රක්චරල් ලෙක්චර් එකය. ගිය සතියේ වගේ මේ සෙනසුරාදත් ටොයිලට් ගැන ඉගෙන ගන්න ආවාට තිබ්බේ වෙන ලෙක්චර් එකක්ය. අද මුළු දවසම ස්ට්‍රක්චරල්ය. උදේ ලෙක්චර් එකනන් ටිකක් විතර බෝරින්ග් ය. එතන තිබ්බේ සර් ගාන දෙනවා...එයාම හදනවා... අපි ලියා ගන්නවා වගේ සීන් එකක්ය. ඒ අස්සේ සමහරු රජාගේ එක්ස්ටර්නල් එක උදුරගෙන ෆිල්ම් හිටන් කොපි කරනවා වගේ ලාවට දැක්කේය. එලෙසින් උදේ ලෙක්චර් එක අහවර උනේය. 

රුපියල් 100ට තියෙන ප්‍රයිඩ් රයිස් 2කුත් අරගෙන අපි බත් කන්න සෙට් උනේය. අනිත් උන්ගේ බතුත් එක්ක ඔක්කොම බත් පැකට් 6ක් 7ක් තියෙන්නට ඇත. සුපුරුදු පරිදි සරණාගතයෝ වගේ කන්න පටන් ගත්තේය. ලොකු ලොකු ඇන්ටි පාරවල්, ලස්සන අක්කා කෑලි සුපුරුදු පරිදි අපි දිහා කට ඇරගෙන බලාගෙනය. අපිට දැන් ඒවා පුරුදුය.

ඕ මයි ගෝඩ්... 
අර බලන්න අනේ..... 
අපේ පොඩි එක්කෙනත් ඔයිට වඩා හොදට කනවා...
අපරාදේ බත්....

මෙවැනි වදන් දැන් ඇහිලාම අපට පුරුදුය. මේ සංස්කෘතිය වෙනස් කරන්න හැමදාම අපි ප්‍රසිද්ධියේ එකට කන්නේය. ඕක හැමදාම දකිනකොට උන්ටත් ඕක පුරුදු වේවිය. ඔය සීන් එක තියෙන්නේ ඉරිදට විතරය. MBA කරනවා කියලා උන් ඉන්නේ හෙනම එකෙන්ය. ඇවිදින්නේ නැත. දැහැනකට සම වැදිලා පාවෙනවාය. ටීවී එකේ ප්‍රවෘත්ති කියන අක්කා කෙනෙකුත් අපි දිහා බලාගෙනය. 

දුලියා: අද රෑ ප්‍රවෘත්ති බලහල්ලා...

රජා: ඒ මොකටද බං...

දුලියා: අපි කන හැටි අද රෑට ප්‍රවෘත්ති වල යනවා බං. 8ට කියන්න එකට දාන්නේ බලහන්කෝ... :D

කාලා ඉවරවෙලා ආයෙත් ලෙක්චරේට ගියෙමු. MBA ලෙක්චර් එකක් ඉවරවෙලාය. ඒත් තාම කෑලි හතර පහක් සර් වට කරගෙන ප්‍රශ්න අහන්නේය. අපිටත් මොකද....අපිට ලෙක තියෙන්නේ මේ හෝල් එකේය. අපි කෙලගෙන ඇතුලට ගිහින් ඉදගත්තෙමු. ප්‍රශ්න අහ අහ හිටපු කෑල්ල දැකපු කට්ටිය ඇසි පිය නොසලා ඒ දිහා බලාගෙනය. ඒ අතර කවුදෝ එකෙක් උගේ එක්ස්රේ විෂන් එක දාලා ඇදුම් හරහා බලලාය.

කවුදෝ එකා: අඩෝ...ඒකි ඇදන් ඉන්නේ අර පැත්තට කප් එක තියෙන බ්‍රා එකක් ඕයි...

රජා: තෝ ඒකත් බැලුවද????

එකා: නැත්තන්උඹලා බැලුවේ මොනවද???

රජා: නෙදකින්...!!!

ඒකා: කොහොමද ඒකි ඇදගෙන ඉන්නේ ජී ස්ට්‍රින්ග් එකක් නං....
හම්මා.........චක චක චක චක

අපි: :D :D

දැන් වෙලාව දවල් 1ය. උදේ 9ට පටන් ගත්තු ගාන තාමත් හදන්නේය. හති දාගෙන අපිත් හදන්නෙමු. සමහර තැන් වල නං ලාචෝරුය. සුළු කිරීම කරන්න කැල් එකත් ඉඩ මදි වගේය. ඔහොම එපා වෙලා බෝඩ් එක දිහා බලාගෙන ඉන්නකොට බාගෙට ඉවර වෙච්ච වතුර බෝතලයක් රජා ගාවට ආවේය. 

රජා: මොකටද යකෝ මේක මට එව්වේ???

එකෙක්: ඕකෙ කට ඉඹලා බලහන්කෝ....ස්ට්‍රෝබෙරි සුවදයි බං... අරකිගෙ ලිප්ස්ටික් එකේ....

රජා: අම්මට ඔව් යකෝ....හම්මා...සුවද!!!

කාවින්ද: ඒකිගේ විදුරුමස් දියවෙලා ගද ගහනවා ඇති බං.... ඒකයි ඕවා ගාන්නේ. තොපි ඉඹිනවා දාගෙන. ක්ෂය රෝගයද දන්නෙත් නෑ....

රජා: අවුලක් නෑ.... තොපි ඔක්කොම ඉම්බනේ.ඔක්කොටම තමා හැදුනොත්. 



හවස 3.30ට තේ ඉන්ටවල් එකය. සිං ගාලා නෙස්කැෆේ මැෂින් එක ගාවට දිව්වෙමු. ගොජ ගොජ ගාලා කෝපි 2ක් දාගෙන ඉදගෙන පොඩි වට මේස සාකච්ඡාවක් දැම්මෙමු. ඒක අස්සේ කැන්ටිමේ ටීවී එකේ රගර් මැච් එකක්ය. දැන් කට්ටිය රගර් ගැන කතාවය. 

ගයාශාන්: අඩෝ අර කාල්ටන් 7 සුපිරි නේ බං...කවද්ද තියෙන්නේ?

රජා: සිරාවට කවද්ද බං ෆයිනල්???

හසියා: මතක නෑ බං....

ගයාශාන්: එතකොට ඒ ටීම් එකේ 7යි නේ බං??? 

කාවින්ද: ඔව් බං... එතකොට නිකන් එකේ කීයක් ඉන්නවද? 16ද

හසියා: වෙන්ඩ ඇති බං...

ගයාශාන්: මොකද්ද යකෝ... තෝ රගර් ගැහුවා නේද?

හසියා: ඕවා මතක කාටද බං...අපි බෝලේ එන්නැති මුල්ලක් අල්ලන් අයිස ගහපු උන්නේ.

ඒවා අස්සේ රගර් ටීම් වල නම් ගැන කතාවය. 

ගයාශාන්: අඩෝ මහ අමුතු නම් නේ බං තියෙන්නේ. අපිත් හදමුද ටීම් එකක්. 

කාවින්ද: මොකද්ද දාන නම???

කට්ටිය එක එක අදහස් දෙන්නේය. එක එකාගෙ ගමේ නම දාලා කියන්නේය. හිනා කාලා මැරුනේය. මේ ඒ ටිකක්ය. 


අංගොඩ මොංගල්ස්
ගම්පොල ලබ්බ බසාස්
ගිරෑලු ගෙම්බෝ
හංවැල්ල මඩකරි
පානදුර පරයි
කැළණි කිඹුල්ලු

කොහොමහරි උදේ 9ට හදන්න ගත්තු ගාන හවස 5 වෙනකනුත් හැදුවේය. ඒත් ඉවර නැත. මේවා විභාගෙට ආපුවාම කොහොම හදන්නද මන්දාය. හැබැයි අන්තිම පැය කීපයේ බොක්කෙන්ම ගණන් හදපු හින්දා රජා ස්ට්‍රක්චරල් සමග පෙමින් බැදුනේය. සිරාවටම මාරය!

ඔක්කොම ඉවර වෙද්දී අමිල අයියාට හෙම්බිරිස්සාව උග්‍ර වෙලාය. යන ගමන් කතාව ඒ ගැනය. 

අමිල අයියා: ඉක්මනට යමන්... මට රුපියල් 3000 ක විතර බේත් ගන්න තියෙනවා.

ගයාශාන්: එච්චර යනවද බං හෙම්බිරිස්සාවට???

අමිල අයියා: නැතුව...ඩොකා හම්බෙන්නම 1000යි. බේත්වලට 2000යි. 

රජා: යකෝ...අපේ ගෙදර යමන් ආයේ. මම අරන් දෙන්නං ගෙට එහා පැත්තේ ලේඩි ඩොක්ටගෙන්. ඔයිට බාගයක් අඩුවෙන් යයි. ලස්සන ඩොක්ට..

අමිල අයියා: එහෙම හරින්නෑ බං. මගෙ මේ විසබීජයක් කැරකෙනවලු. ඒකලු මෙහෙම වෙන්නේ...

ගයාෂාන්: ඕක අල්ලන්නද 3000ක් ගන්නේ? මම ඕක අල්ලලා දෙන්නං. මට 3000 දියන්....

හසියා: උඹ නහයෙන් රිංගනවද?

ගයාෂාන්: ඔව්... හැබැයි උඹ එහෙම රිංගන්න එපා... උඹේ තඩි බඩ හිරවෙයි.

රජා: බුහහහා....ඔව් බං!!

ගයාෂාන්: කොහොමද නහය ඇතුලේ පඩයක් යැව්වොත්....??? ඕක කොහෙන් පිටවෙයිද දන්නෑ....

අපි: බුහහහා....අම්බෝ!!!!! :D :D

අමිල අයියා: කන් දෙකෙන් යයි නේ මෙහෙම මෙහෙම.... අත් දෙකෙන් දුම පෙන්නමින් කීවේය. 




බෝඩිම ගාවට යනකන් එකම හිනා ලෝකයය. පාරේ හිටපු උන් අපි දිහා බැලුවා වගේ යන්තමට මතකය. තාමත් නිකන් බුරියේ උල් ගතිය බැහැලා නැද්ද මන්දාය. 


තවත් මොංගල් දවසක් එසේ නිමාවිය.....

කලින් මොංගල් දවස්

1) ළමයි හදන හැටි (ලිව්ව තුන්වෙනි පෝස්ට් එක...අන්න කාව්‍යා අක්කට ප්‍රථිපලත් හම්බෙලාලු ^_^ )


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

58 comments:

  1. බොලා ලෙක්චර් කියල කරන්නෙ කන එකයි හිනාවෙන එකයිද රාජෝ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ.

      Delete
    2. හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ :))

      Delete
  2. ෂැහ් ... මට ස්ට්‍රෝබෙරිත් එපා......උනා.

    උඹලෑ ගමේ නම දාලා එහෙම ටීම් එකකට නමක් හැදුවෙ නැත්ද? නැත්නම් ඉලධාරියා විසින් ඒක වාරණය කළාද?

    ReplyDelete
    Replies
    1. * බලධාරියා

      Delete
    2. ඒක මාර සුවදයි බං...කෙල උනත් =))

      ඇයි ඔය තියෙන්නේ... ගිරෑලු ගෙම්බෝ!!!

      Delete
    3. ගිරෑලු කියන්නෙ මොකක්ද බං. කලින් අහපු මතකයක් නෑ වගේ. :-? කෑරලු නම් අහල තියෙනව.

      Delete
    4. ගිරිඋල්ල බං.. ගිරිඋල්ල!! :)

      Delete
  3. හනෙ රජෝ...... හි හි

    ReplyDelete
  4. මොකක්ද රජෝ උඹ මේ කරන්නේ මොංගල් කෝස් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ලොල්...අනේ මන්දා =))

      Delete
  5. "රුපියල් 100ට තියෙන ප්‍රයිඩ් රයිස් 2කුත් "
    "ගොජ ගොජ ගාලා කෝපි 2ක් දාගෙන"
    මොකද රජෝ දැන් දෙන්නෙක්ට කනවද???

    ReplyDelete
    Replies
    1. එකෙක් දෙක ගානේ බොනවා බං... නිකන් දෙන ඒවනේ :)

      Delete
  6. අන්න හරි බං !!! නිකං දෙනවනං අත අරින්න හොඳනෑ !!!! අද්දැකීමෙන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. නැතුව... සමහර දවස් වලට 4,5ත් බොනවා. කට්ටිය මූණ දිහා බලනවා. අපි සැලෙනවද? නෑ..... :))

      Delete
  7. හෙක් හෙක් .....මුන්ට මොංගල්ද කොහෙද :D

    ReplyDelete
  8. ආතල් ගන්ඩ තියෙන ටික කාලේ ආතල් ගන්ඩ ඕනෙ බං ඇතිවෙන්ඩ.

    ReplyDelete
  9. උඹට පාඩම් කරන එව්වා මතක නැති වුණාට අනිත් හැම මගුල ම මතකයිනේ. හැක! හැක!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා... පාඩම් කරනවා වගේද මේවා :))

      Delete
  10. පිස්සු කොල්ලන්ගේ ආතල් හිතින් විඳවමින් කියෙව්වෙම්. අපට කොයින්ද දැන් ඔය ආතල්. මතක් වෙනකොටත් දුකයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ නලීන් අයියා... ඕකත් වයසක්ද?? :)

      යමුද පොඩි අඩියකට?

      Delete
  11. මීට සමානමද මන්දා අපේ ලෙක්චරසුත්. අනේ මන්දා අප්පා හලිම මාන්දමිකයි අජූතයි පජාතයි කුජීතයි

    ReplyDelete
    Replies
    1. කුප්පයි, හිරිකිතයි, ගුජුප්සාජනකයි =))

      Delete
  12. මචං අර ලේඩි ඩොක්ටර් ලගට මාව අරන් පලයන්කෝ.. පඩයක් හිරවෙලා තියෙනවා එලියට ගන්න කියන්න...

    ReplyDelete
    Replies
    1. වරෙන් යමු... හැබැයි පඩේ අල්ලන්න ඇතුලට රිංගුවොත් තමා උඹට මැහුම් දාන්න වෙන්නේ හොදේ =))

      Delete
  13. හිනාවෙන්න.. කාල තරවෙන්න... ඔන්න ඕකයි තියරිය :v මමනං පිම්බත් වැටෙනවා :v කොච්චර හින උනත් කොට්ට වගේ ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන මල්ලි බීච් වලට එහෙම යන්න එපා. උඹ රටේ එහා කොනෙන් මතු වෙයි :))

      Delete
  14. ඉන්න ටිකේ ෆන් එකේ ඉන්න එපැයි.. නැද්ද බං.. :)

    ReplyDelete
  15. ඔය කාලේ ඔහොම තමා රජෝ ඉන්න ඕනි.... නැත්තන් පස්සේ දුක් වෙන්න වෙනෝ.....

    ReplyDelete
  16. හඃ හඃ හඃ හඃ ආතල් ලෝකයයි. හිනා කාලා මැරෙන්නේ පින්තුර දැක්කම හැක හැක හැක.
    මේ වගේ සැප වින්දදා, අසන නිරිදෝ වෙන කොයින්දා කිව්වලු පස්ට පස්ට !! :D

    ReplyDelete
  17. යකෝ ඇත්තටම බුරිය උල් වෙනවනෙ යකෝ....

    ReplyDelete
  18. මොංගල් ඩයල් සෙට් එකක් :P :P

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. සිහි විකල් වෙනවා මුන් එක්ක ඉද්දි :))

      Delete
  19. අඩේ comment එකක් දාන්නේ හුග කාලෙකින්ද කොහෙද.එල ඇ

    ReplyDelete
    Replies
    1. සිරාවට නේ... සෑහෙන කාලෙකින්. මොක උනේ?? :)

      Delete
  20. බුදු අම්මෝ හොඳ වෙලාවට ඒ කාලේ "මැත්ස් " කලේ නැත්තේ.
    ඇයි යකෝ එක ගානක් හදන්න මිනිස් පැය 6 * කොල්ලෝ 10 = 60
    මුන්ට පාලමක් හදන්න දුන්නොත් ගණන් ටික හදා ගන්නම අවුරුදු 5 ක් වත් යයි.
    ඔන්න ඔහේ චීනාටම පාලම්, බෝක්කු, පාරවල් හදන්න දෙමු.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒ පළවෙනි ගාන හින්දනේ වැඩිපුර වෙලා අරන් හදන්නේ... :)

      අනික ඕවට සොෆ්ට්වෙයා තියෙනවනේ අපි මේ බොරුවට උඩ දාගෙන හැදුවට!!!

      Delete
  21. එල ආතල් එකෙන්ම වෑඩෙ ගොඩ දා ගනින්

    ReplyDelete
  22. ජී ස්ට්‍රිංග් කෑල්ල තමා ලොල් ම..හහ් හහ හාහ් හහ

    ReplyDelete
    Replies
    1. ලොල්... අනේ මන්දා ඉතින් =))

      Delete
  23. අඩේ අද තමයි මෙතන අහු උනේ ..... උබ නියම ර්ජෙක්නේ බන් ...... ඔන්න අද ඉදන් අපිත් රජ සබාවේ

    ReplyDelete
  24. එල එල..... වෙල්කම් ටු ද ක්ලබ් මචන් :))

    ReplyDelete
  25. හපොයි රජෝ...හැබෑවටම මෙව්ව නම් රාජකීය අත්දැකීම් තමයි...හෙහේ...මාත් එනවා ඕං පයිණ්ඩකරුවෙක් විදිහට හරි ගන්නවනම්...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)