Tuesday, June 18, 2013

ගොළුබෙලි කතන්දර - Snail Stories


මේ දවස් වල අම්බානකට වහින්නේය. රෑට ඇත්තේ පුදුම සීතලක්ය. බෙඩ්ෂීට් එකටත් වතුර වැටිලාද කොහෙදය. ඒකත් පට්ට සීතලය. වහින දවස් වලට මතක් වෙන කවි පද කීපයකුත් අඩවියේ තිබුනේය. මතක විදිහට තාමත් තිබ්බාද කොහෙදය. ඒ අග්ගලා ගල් වෙන සීන් එකක් ගැනය. මතක උන්ට නම් නම ඇහෙද්දිත් හිනා යනවාමය. ඉස්සර නම් අපේ ගෙවල් පැත්තේ වහින කාලෙට නොවරදින බොක්කක් හිටියේය. ඒ ගොළුබෙල්ලාය. උගෙ එක කුස උපන් මල්ලී වූ හංගොල්ලාත් එහෙන් මෙහෙන් මතු උනේය. 

හෙන දුක හිතෙන සීන් එක කියන්නේ දැන් ඒ එකෙක්වත් අපේ ගෙවල් පැත්තේ පේන්න නැත. මේකත් කොටන්න හිතුනේ බෝඩිමේ ඉදන් කැම්පස් එකට යන අතර මග කාණුවක් ලග හිටපු හෙන පත සයිස් ගොළුබෙලි යාළුවෙක් දැක්කාට පසුවය. ඌ නං ජරාව කාලම මහත් වෙච්ච එකෙක්ද කොහෙදය. බාගවිට මම දැකපු ලොකුම ගොළුබෙල්ලන්ගෙන් එකෙක්ද කොහෙදය. 

ඉස්සර රජාලා පදිංචි වෙලා හිටියේ පියරජාගේ මහගෙදරය. ගේ පිටිපස්සේ පොඩි බුලත් කොරටුවක් තිබුනේය. රජා හදිස්සියට දුවල ගිහින් ඕකට චූ කරන නිසාදෝ කොහෙද සරුවට බුලත් හැදී තිබුණි. ඕකේ ප්‍රධාන ආරක්ෂකයා අපේ සීයාකොල්ලා සමග ඇටිකුකුළාය. වැස්ස කාලෙට මේ දෙන්නට බරටම වැඩය. ගොළුබෙල්ලෝ රෑන් පිටින් බුලත් කොටුවට බහින්නේය. මහ රෑ ක්‍රියාත්මක වෙන සීයා බාල්දියකුත් අරගෙන ගොළුබෙල්ලෝ ඇහිලුවේය. වැඩේට පූර්ණ අනුග්‍රහය රජාගෙන්ය. මොකද මම නැත්තන් වැඩේ කරන්න වෙන්නේ නැත. ටෝච් එක මගෙ අතේය. මේකත් අර මම නැතුව ගමේ උන්ට ෆුට් බෝල් ගහන්න බෑ කිව්වා වගේ සීන්කෝන් එකක්ය. අහුලගත්තු ගොළුබෙල්ලෝ සෙට් එකම විසිකරන්නේ ගෙට එහා පැත්තේ වූ බෝක්කුවටය. අනේ ඉතින් ඊට පස්සේ උන්ට මොනා උනාද කියා දන්නේ උනුත් එක්කම හිටපු ගොළුබෙල්ලෝ විතරමය. 

රෑට සීයා ක්‍රියාත්මක උනාට දවල්ට ක්‍රියාත්මක වෙන්නේ රජා සමග ඇටිකුකුල් ෆ්‍රෙඩාය. මම ඔය පව්කාර වැඩවලට අතගහන්නේ නැත. මම සහභාගි වෙන්නේ වක්‍රාකාරවය. ඒ කියන්නේ රවුමටය. රවුමට කියන්නේ මෙහෙමය. චූටි රජා බයිසිකල් පදින්නේ ගේ වටේට රවුමටය. ඔහොම රවුමට යනකොට යනකොට හිටුපු ගමන් චටස්....ගාලා සද්දයක් ඇහෙන්නේය. ක්‍රීස්.....ගාලා බ්රේක් ගහලා රජා පස්ස බලන්නේ නිකන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 6 එකේ රොක් වගේය. පිටිපස්සෙන් කවුරුහරි බලන් හිටියනං ඌ බයටම විසික්වෙලාය. ඔහොම බලන එක පාරකවත් එකෙක්වත් මගෙ පස්සෙන් හිටියේ නැත. ඒත් කට්ට කඩාගත්තු ගොළුබෙල්ලෙක් බිම වැතිරී සිටියේය. සොරි යාළුවා.....ඊලග දවසේ කහ ඉරෙන් ඉක්මනට පාර පයින්න...කියන රජා වෙඩිල්ල වගේ වාෂ්ප වෙන්නේය. මේ ඉරණම ගොළුබෙල්ලෝ සෑහෙන පිරිසකට අත්වෙන්නේය. 


රජාගෙන්, සීයාකොල්ලගෙන් හා ඇටිකුකුලගෙන් බේරෙන ගොළුබෙල්ලෝ හද්ද වාසනාවන්තය. මොකද උන්ට ලෝක පූජිත විය හැකිය. සමහර දවස්වල හවසට පොඩිරජා සමග සීයාගේ දැවැන්ත දාම් තරගාවලියය. සීයව පරදා ජය ගන්නට කැතම ට්‍රයි එකක් දෙන්න ඕනෑය. මොකද සීයා දාම් ශූරයාය. හැබැයි සීයට කැරම් ගහන්න බැරිය. රජා පැරදීගෙන එනවා වගේ දැනෙන කොටම ක්ෂණිකව දුවලා ගිහින් කැරම් බෝඩ් එක උස්සන් එන්නේය. එතකොට සීයා කරන්නේ එතනින් මාරු වී වෙන මොකක්හරි සෙල්ලමකට රජාව ඇදගෙන යාමය. 

අර වාසනාවන්ත ගොළුබෙල්ලන්ගේ වැඩකිඩ ලොවට පෙනෙන්නේ එතකොටය. බුලත් කොටුව වටේ ඇවිදලා හොද තරුණ ගොළුබෙල්ලෝ දෙන්නෙක් හොයාගත යුතුය. වැඩිය ලොකු වෙන්නත් බැරිය. හොද පෙනුම තියෙන එකෙක් හොයාගත යුතුය. තරගය නම් සෙන්ටිමීටර් 15 මහා ධාවන තරගාවලියය. රජාගේ ගොළුබෙල්ලා හා සීයාගේ ගොළුබෙල්ලා ආරම්භක ඉරමත තබා බලාගෙන සිටිය යුතුය. ඉස්සරලාම කට්ටෙන් ඔළුව දාලා සෙන්ටිමීටර් 15 යන ගොළුබෙල්ලාගේ හිමිකරුවා ජයග්‍රාහකයා වන්නේය. ඌ හෙමින් හෙමින් යනකන් ටිකක් ඈතට වෙලා චියර් කල යුතුය. 

කමෝන් ගොළු....කමෝන්... 
ඇර ගොළුවා ඇර.... 
තව චුට්ටයි ඔහොම යං...
ආ...ආ...ආ.........

තරගය බලා සිටිය උන් කෑගහන්නේ එහෙමය. සමහර වෙලාවට ඌ කෙලින්ම යන්නේ නැතුව වටේ යන්න ගන්නේය. ඒ නම් ඉතින් හිමිකරුවාගේ අවාසනාවමය. ඇයි තව සමහර වෙලාවට ඌ කට්ටෙන් ඔළුව එලියට ගන්නේම නැත. ඒත් ඉතින් ඒ ත්‍රිල් එක ගන්න ගොළුබෙලි තරගයක් තියලම බලන්න ඕනෑය. සීන් එක කියන්නේ දැන්නම් අපේ ගෙවල් අහලකවත් බේතකටවත් හොයාගන්න ගොළුවෙක් නැත. 

ප/ලි:    

මේ ගොළුබෙල්ලෝ කියන තරම් හිරිකිත නෑ බං. උන්ගෙත් පොඩි කලාත්මක ගතියක් තියෙනවා. හැබැයි ඉතින් හංගොල්ලානං පජාතයි ඈ...දවසක් පොඩි කාලේ ගේ ඇතුලේ ඉදලා එකෙක්ව පෑගිලා ලෙස්සලා ගියා මීටර් සීයක් විතර. ඔක්කොමත් හරි පස්සේ අර සෙවල ගතිය යනකන් යටිපතුල හෝදන එකනේ එපාම වෙන්නේ. ඒවා ලේසියෙන් යන්නෙත් නෑ. ඊයා!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

100 comments:

  1. https://www.google.lk/search?q=escargot+recipe&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=MQDAUcW4N8_NrQfs1IDYDw&ved=0CE8QsAQ&biw=853&bih=456

    cook......

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  2. ගොලුබෙලි බිත්ර තමා බං ලස්සනම. කහපාට බෝල බෝල එක රොත්තකට සෙට් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අඩේ මං දැකලා නෑනේ :(

      Delete
    2. මාලු ටැංකියටකට ගොලුබෙල්ලෙක් දාල බලාපං මලයා.

      Delete
    3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    4. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  3. මුට රාජ සම්පත් ලැබිලා තියෙන්නේ ගොලුබෙල්ලන්ගෙන් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙහෙම ඉන්නේ c-)

      Delete
  4. ගොළුබෙල්ලා හන්ගොල්ලා තරග රජවරුන් රජවාසල් වල පවත්වා ඇති බව මට එක හාල්පරුවෙක්වත් කියා නැත. අද සත්‍යවබෝදය ලැබිණ.රජාද හන්ගොල්ලා වගේ වෙන්නට ඇත්තේ මේ නිසාම වියයුතුය. මු කුමාරය කාලේ එල ලස්සනය. පස්සේ පස්සේ හන්ගොල්ලා විය.( දිට්ටදම්මවෙදණිය කරුමය ). =)) ජය වේවා.................

    ReplyDelete
    Replies
    1. බඩම පල මයිනට! :))

      රාජ සම්පත!!!

      Delete
  5. ගොළුබෙලි රේස්... හි හි.. දැන් නං පේන්න නෑ තමා කට්ටිය වැඩිය....

    හාපෝ.. හංගොල්ලො කිව්ව ගමන් මට මතක් වෙන්නේ අපේ මලයා ඔයින් එකෙක්ව රස කර කර කාපු හැටි..හි හි..

    ReplyDelete
    Replies
    1. ඈ...කෑවා???? :-O

      මොකුත් උනේ නැද්ද?



      Delete
  6. මම නං වැඩිපුර ආස ගොළුබෙල්ලගේ කට්ටෙන් ඉස්සගෙන යන්න. ඊයා! හම්බෙල්ලෝ නං හිරිකිත යි. මට ළාවට වගේ මතක යි කාගෙ ද මන්දා බ්ලොග් එකක දාල තිබුණා කෙහෙල් මුව මාළුවක් එකක් තැම්බුණ හම්බෙල්ලෙක් හිටපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. හහහා...සෝයාමීට් වගේ තියෙන්න ඇති නේ? :))

      Delete
  7. ‍ගොළුබෙල්ලගෙ පරම හතුර තමයි ඇටිකුකුළ. උං දුටුතැන කාල දානව.
    මේ පැත්තෙනං තාම ටික දෙනෙක් පේන්න ඉන්නව සමහර වෙලාවට.

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවට අපේ පැත්තේ හිටපු උන් නෑනේ. වද වෙලා ගිහින්ද කොහෙද..

      Delete
  8. උඹ එතකොට ඇටිකුකුලෙක්ද රජෝ... හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ.. මම රාජ කුමාරයෙක් :))

      Delete
  9. අඩේ එහෙමට කියලා අඩු නෑ. අපේ ගෙදර පැත්තේ නම් තාමත් ඔය සෙට් පිටින් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. සිරාවට අපේ පැත්තේ නෑ ඕයි!!! :(

      Delete
  10. ඈ රජෝ... අපේ ගෙවල් පැත්තෙ මේ ඊයෙ පෙරීද හිටියා..... පත සයිස් ගොලු බෙල්ලෙක්.... ඌ පට්ටම ලස්සනයි මචන්... මගේ අතේ දුරකතනය තිබුනෙ නෑ ඒ වෙලාවෙ ඌව රූපරාමුවකට සම්බන්ද කරගන්න....

    ReplyDelete
    Replies
    1. අපරාදේ..ලස්සන උන් ඉන්නවා තමා වයිරං වයිරං තියෙන. පට්ට ගති!

      Delete
  11. ඇයි බං පාර්ලිමේන්තුවෙත් ඉන්නේ... අගමැතිතුමා...

    ReplyDelete
    Replies
    1. හෙහ්...පව් අප්පා! :)

      Delete
  12. ඒකත් හොද රේස් එකක් තමයි නේද? මල ජරාව... මට නම් හිරිකිතයි හරියට.. හැබැයි ඉතින් අහිංසක සත්තු..

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් හොයාගෙන තියලා බලනවකෝ පට්ට ඈ! :))

      Delete
  13. පට්ට හිනා ඕයි. (සොරි සොරි, එක රජෙකුට ඕයි කියනව ඇහිලා ඒක තහනං කොළානේ)

    අපේ පැත්තෙ හිටිය වඩු බාසෙක් නං, ගොළු බෙල්ලෙක් අල්ලලා, හෝදලා, කෝප්පෙකට දාලා, ලුනු වතුර දාලා රැයක් තියලා අරං, කට්ට විසි කරලා උදේ හිස්බඩ බොන්න පුරුදු වෙලා හිටියා.

    ReplyDelete
    Replies
    1. ෂහ්! අධිප්‍රෝටීන් නෙව.

      Delete
    2. ක්ෂණික බඩයෑමක් ඇත්තේ! =))

      Delete
    3. අපොයි අහනකොටත් වමනෙට එනවා..

      Delete
    4. හෆොයි ඌ ඇස් වහගෙනද දන්නෙ නෑ බොන්නෙ. පව් අහින්සක ගොළු බෙල්ලො

      Delete
    5. වඩ්ඩ නං කියන්නෙ ඒක ඇඟට හොඳයි කියලනෙ. මං ගියපු පුරාවිද්‍යා දේශනයකදි දේශකයා (බ්ලොග් ලියන එකා නෙවේ) කිව්වා බලංගාඩ මානවයා ගොළු බෙල්ලො එකතු කරලා දවස් දෙක තුනක් තියලා, විෂ ගතිය ගියහම කාලා තියෙනවා කියලා. ඒකනේ ඔය බලංගොඩ මානවයා හිටිය ජනාවාස අවට සිදුරු කරපු බෙලි කටු වකාරෙට තියෙන්නෙ. උදාහරණ - බෙල්ලන්බැඳි පැළැස්ස, මිනි ඇතිරිය, පාහියංගල, කූරගල, බටදොඹලෙන....

      Delete
    6. අම්මටහුඩු...එහෙමත් එකක්ද?

      Delete
    7. ගොලුබෙලි 'ජූස්' බොන කතාව මාත් අහල තියනව. :)

      Delete
  14. එල එල.මටත්ාසයි ආසයි වගේ ගොලුබෙලී රේස් එකක් තියන්න.ඒත් අල්ලන්න හිරිකිත නැද්ද අප්පා ;)

    ReplyDelete
    Replies
    1. තියහන් තියහන්...කට්ටෙන් උස්සලා ගනින් :)

      Delete
  15. හංගොල්ලා කියන්නෙ රෙදි ගැලවෙච්ච ගොලුබෙල්ලාමයි. ඌට නිවාස දැවෙන ප්‍රශ්ණෙකුත් තියෙනවා.

    ReplyDelete
  16. අඩේ ඕවමයි ඉස්සර ඉස්කෝලේ යනකොට දකිනවා ගොලුබෙල්ලෝ පාර පුරා ඉන්නවා.
    කාලෙකින් එකෙක් දැක්කේ නෑ නොවැ.
    මක් වෙලාද මන්දා//

    ReplyDelete
  17. මොන කරුමයක්ද මන්දා මේක නම්. මගේකමෙන්ට් එක ස්පෑම් එකෙන් අහුලලා ගොඩින් තියපං රජතුමා.

    මම ඩූඩ්.

    ReplyDelete
  18. සිරාවට ගොළුබෙල්ලොන්ට මොනා වෙලාද මන්දා බන්. වෙනදා මේ වගේ වැහි කාලෙට රොතු පිටින් හිටියේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං...උන් වද වේගෙන යනවද කොහෙද!! :(

      Delete
  19. අනේ රජෝ රජාට ගැළපෙන දෙවල්ද මේ ලියන්නේ.රජෙක් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ..මට වෙච්ච ඒවනේ ලියන්නේ :)

      Delete
  20. අපො ඔකුන් වගාවක් පෑත්ත පලාතක තියන්න හොද නෑ

    ReplyDelete
  21. ඔය ගොලු බෙල්ලන් හා හංබෙල්ලන් ගිය පාරවල් ලුමිනස් වර්ණයන්ගෙන් දිලිසෙනවා රජා දැක තිබේද..?

    ඉස්සරම ගොලුබෙල්ලන්ගෙන්..එකේක පැලජාති පරිස්සම් කරගන්න නොකරපු කෙමක් නැත. සැලුන් වලින් ගේන කෙස් පැලය මුල දමයි..කූඩලු පැල ඉන්දයි...දැන් කිසි කෙස් එකක් නැත.අල්ලපු ඉඩමට තණකොල වලට එකම සැරයක් වස ගැව්වේය...අදටත් ගොලුබෙල්ලන් ආගිය අතක් නෑත..!

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව්... අපේ බුලත් කොටුවේ කූඩළු පැල හිටෝලා තිබ්බා තමා!! :)

      ඇයි ඒ දන්නෑ දිලිසෙන්නේ නේ??

      Delete
  22. දැන් ගොළුබෙල්ලොත් අඩුයි.... ඇටිකුකුල්ලුත් අඩුයි...

    ReplyDelete
    Replies
    1. ඇටිකුකුලෝ නං ඉන්නවා බං.. ගොළුවෝ තමා අඩු!

      Delete
  23. අඩේ මේක කියෙව්වමයි මතක් උනේ අප්පා. ගොළු බෙලලෙක් තියා කට්ටක්වත් දැක්කෙ නෑනෙ හුග කාලෙකින්.

    ReplyDelete
  24. උඹත් උස නැත්තේ එකයි බං රජෝ හැක් හැක් :D

    ReplyDelete
    Replies
    1. අඩෝ...වෙඩි කන්න එපා ඈ! :))

      Delete
  25. උබ දන්නවද දවසක් මගෙ අතට හංගොල්ලෙක් පොඩි වෙලා මම අත ලෙලි යනකල් ඇතිල්ලුවා.
    ගොලු බෙල්ලත් ජරාව බං. අර කට්ට නිසා අල්ලන එක ෂේප්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඕයි...ඒවා යන්නෑ ලේසියෙන්. ඊයා!!

      Delete
  26. රජා මල්ලි මෙහේ මුහුදු ගොළුබෙල්ලෝ කෑමට ගන්නවා,හැබැයි උනුත් ඔය ගොළුබෙල්ලෝ වගේම තමා ඊයා සිරිකිතේ බෑ

    ReplyDelete
  27. ඔහේ නැති උනාට කතානියා පොලේ නම් ඉන්නවා කුඩ පිරෙන්නම.. රස කෑමක්ලුනේ බං..

    ReplyDelete
    Replies
    1. ඊයා ඕයි...කටින්ද දන්නෑ කන්නේ!

      Delete
  28. දැන් මොකද්ද අප්පා ගොලුබෙල්ලන්ගේ තියන කලාත්මක ගතිය?

    ReplyDelete
  29. issara ape gedar paththeth hitiya habata dan goda la;ekin asawata golu bellek dakke nane raja kiywamai eka matath mathak une

    ReplyDelete
  30. හන්ගොල්ලෝ බිත්තියේ ගියාම ඒ පාර අව්වට පට්ටෙට දිලිසෙනවා

    ReplyDelete
  31. උබ ගොලුබෙල්ලෝ ඩේවල් දාලා කාලා නැද්ද බං, මාර රහයි.. හැබැයි ටිකක් ලිස්සනවා .

    ReplyDelete
    Replies
    1. නෑනේ බං... සෝයාමීට් වගේද? =))

      Delete
  32. සියගේ බුලත් විටේ රසයේ වෙනසක් එහෙම වුනේ නැද්ද හදිස්සියට අර වැඩේ කොලාට පස්සේ..

    ReplyDelete
    Replies
    1. ඒකනං සීයගෙන් අහන්නම වෙනවා :))

      Delete
  33. බොලාගේ පොඩි කාලේ හෙන ෂෝයි රජෝ.....

    ReplyDelete
  34. ගොලුබෙල්ලෝ ගොලු උනේ හොඳ වෙලාවටය.. නැත්නම් උන් රජාට සහ සීයාට හොඳ හොඳ ඒවා කියනු ඇත. කතාව නම් මාරම ජොළිය .. :D

    ReplyDelete
    Replies
    1. උන් ගොළු නෑ... කතා කරනවා!! අපිට තේරෙන්නෑ :))

      Delete
  35. අපේ පැත්තෙ නෑ සෑහෙන්න ගොලුබෙල්ලො ඉන්නවා එකෙක් දෙන්නෙක් එවන්නද ඔයාලගෙ පැත්තට ?

    ReplyDelete
    Replies
    1. සිරාවට...?? දෙන්නෙක් එවන්න අපිට රේස් එකක් තියන්න! :)

      Delete
    2. දෙන්නෙක් නෙමෙ ඉන්න ඔක්කොම එවන්නම් .... ඊයා උන්ව අල්ලන්න තමයි බැරි

      Delete
    3. :)) කට්ටෙන් උස්සන්න

      Delete
  36. මාත්ගොළුබෙල්ලෙක්ට අට ගස්සොලා පුරුදු කරලා ගන්න ඕනි රේස් එකකට.

    ReplyDelete
    Replies
    1. අට නෙමේ...මුන්ට ගස්සන්නේ 4. තනි ඉරෙන් හතර ගහන්න ඕනේ හැබැයි :))

      Delete
  37. දවසක් මෙහේ දවල් කෑමට හරි රසට කෑලි කපපු දැල්ලෝ වගයක් හදලා තියනවා දැකලා රසකරකර ගිල්ලා. කෑමට පස්සේ එකෙක් කියනවා ඒ හදලා තිබුනේ ගොළුබෙල්ලෝ වර්ගයක්ලු. හෑක්ක්ක්ක්කා.. ඔය හතිලව්වක් කලින් කියන්න එපායැ. හැබැයි මොනාවුනත් ගොළුබෙල්ලෝ බැද්දම පට්ට රහයි රජෝ

    ReplyDelete
  38. අඩේ රජො මෙහෙත් නෑනේ දැන් ගොලුබෙල්ලො. ඕස්ට්‍රේලියාවත් පැනලද දන්නේ නෑ පරම්පරා පිටින්. ඉතුරුවෙච්චි එවුන් ඉන්නවද කියල හොයල බලන්ඩම ඕනේ.

    ReplyDelete
    Replies
    1. බලහන් බලහන් ඔළුව දාලා :)

      Delete
    2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  39. ඇටිකුකුල්ලු, තලගොයි, වගේම මුගටින් ගෙත් කෑමක් තමයි ගොළුබෙල්ලො. මුගටි නම් උන්ව අරන් ගිහින් ගලක ගහනව ලු කටුව කැඩෙන්න. එකෙ ඇත්ත නැත්ත හරියටම දන්නෙ නැති වුනත් සමහර තැන් වල පුංචි ගල් ලඟ ගොළුබෙලි කටු එකතු වෙලා තියනව නම් දකින්න පුලුවන්. මෙහෙත් හිටිය එක කාලයක් ගහක් ගහක් ගානෙ. දැන් නම් 'වස' ගහන නිසාද මන්දා උන් අඩුයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ පළිබෝධයා තමා ගේම දෙල් කරලා තියෙන්නේ :(

      Delete
    2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  40. හංගොල්ලෝ කියන කොටත් අප්පිරියයි ඊයාාාා ....ගොලු බෙල්ලෝ ඉස්සර අපේ දෙහි ගහ යට හිටියා දැන් නෑ ඇයි දන්නැ නේ? :-?

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  41. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  42. ඇයි අර වැල්ලේ රීලා වැල්ලෙන් වහලා කියන සින්දුවට වීඩියෝ එක හැදුවෙත් රජාගේ බොක කතා කියවලා නේ............
    හේ හේ ටොයිලට් කතා.................

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)