Tuesday, April 17, 2012

මං එන්නේ නෑ යකෝ.... - I'm not CUMMING :-D

සයිබරයේ සිහින උළෙලට එන්න.... අනේ එන්න.... කියා කියා කට්ටිය පොස්ට් දමති. 



ඒ සියලු හේතු කාරණා මුල් කරගෙන මේක ලියන්නේ මම ඕකට එන්නේ නැති බව සැමට පැවසීමටය. එන එකනං මට ගේමක් නැතිය. මගේ බෝඩිම තියෙන්නෙත් අල්ලපු වැටේ ගල්කිස්සේය. හොටෙල් රෝඩ් එකේය. ඔන්න තැනත් කිව්වා. එකෙක් හරි හදිස්සියකටවත් එනවා එහෙම නෙමේ ඔං. අවොත් කඩනවා අඩු.

මම සයිබරයට තම චුටි පැට්ටේකි. මගෙ අඩවියට මාස 4 පිරෙන්නත් තව දවස් 3ක් තියෙනවා. එහෙව් එකේ මං වගේ තොත්ත බබෙක් ඔය අවුරුදු උත්සවේට ඇවිල්ල ඕක කඩාකප්පල් කරන්න හොඳ නෑ කියල මට හිතුන. ඒ අස්සෙ තව අර සඳකිදුරෙක් අපිව බදාගන්නත් බලාගෙන නොවැ ඉන්නේ. ඕං යන අය පරිස්සමෙන් හොදේ. 

තව එකක්...බැරිවෙලාවත් මම ආවත් මට ඔය එක තරගෙකටවත් ඉන්න වෙන්නේ නෑ... මොකද මට තාම මාස 4යි නෙ.
  • අලියට ඇහැ තැබීම - පොඩි එක තාම ඕකට උස නැතෝ... 

  • කන මුට්ටි - පොල්ල උස්ස ගන්න බෑ ඕයි...

  • තුන් පා දිවීම - තාම කකුල් චූටි අනේ...

  • කොට්ට පොර - ආසයි.. බයයි... 

  • බනිස් කෑම - චික්.. ඔය ජරා වැඩ අපි කලන්නේ නෑ...

  • බැලුම් පිපිරවීම - පුම්බා ගන්න බැරි වෙයි අෆ්ෆා...

  • මීටර් 100 දිවීම - අපෝ බෑ. මට තාම ආඩි 100 ක් ඇවිදගන්නත් බෑ හලෝ...

  • අවුරුදු කුමාරා - මම ආවොත් අනිත් උන් පව්....

ඒ මදිවට දවල් ට කන්න රුපියල් 100ක් ගෙන්නත්ලු......අපූ...ඌ... මටනම් බැමයි මම එන්නේ නෑමයි.

හැබැයි පුතෝ මේ පාර විතරයි. ලබන අවුරුද්දේ මුල වෙනකොට මේ රජතුමා හයිය හත්තිය තියෙන සුපිරි බ්ලොග් රජෙක්. අන්න එදාට බලාගම්මු. තෑගි ටික ඔක්කොම මගේ මාලිගාවට තමා හොදේ.. :-)

න අයට එන පාර කියල ප්‍රර්ථනා අක්කා පොස්ටුවක් දාලත් තියෙනවා යන්න ඉන්න අය එකත් බලාගෙනම යන්ඩකෝ එහෙනං.




මේ අවුරුද්දෙ..


 
ලබන සැරේ..

ප/ලි : ලබන අවුරුද්දේ මම එන එක එනවමයි. මම තාම සයිබරේට අමුත්තෙක්. අවුරුද්දක් ගිහින් හිට්ස් කන්දරාවක් ගහල නියම රජෙක් වගේ එනවමයි. එතකොට මම ඉංජෙක් වෙලත් තියෙයි. සල්ලිත් අතේ තියෙයි. හැබැයි දත් ගලවන්න ඔට්ටු නෑ ඕං... :-)
 

57 comments:

  1. ඔන්න ඔහේ එන්න අනේ.. මේක තියෙන්නේ නොදන්න අයව අඳුරගන්නනේ මල්ලියෝ.. ඒ නිසා ඇවිත් යන්න.. පොඩි එකා වුනාට මොකෝ.. :P
    එහ්.. ඔයා මාව දන්නවද? මම අදනේ අනේ මේ පැත්තේ ආවේ.. ඔන්න අද ඉදන් දිගටම එනවා..

    ReplyDelete
    Replies
    1. පිෂ්ෂුද මෙයා...මම සයිබරේ අදුරන උන් 2යි ඉන්නෙ. එකෙක් ඔය ඉන්නෙ යට..

      එල එල...දිගටම මට ෂපෝට් නේ :-)

      Delete
    2. අපි ඉන්නේ වරෙං !

      Delete
  2. මමත් යන්ට කියල හැදුවෙ කස්ටිය අඳුර ගන්ට..බොලා එන්නෙ නැද්ද?යමං යමං

    ReplyDelete
    Replies
    1. ෂුවර්ද? එනවද?
      බලමු බලමු...

      Delete
  3. අනේ මේ රජෝ, රජා රජා කියලා බලන්නේ නැහැ දෙනවා කන පැලෙන්න :/
    1 සල්ලි ඕනා නැහැ අවුරුදු උත්සවේට එන්න
    2 මාස 4 ද බ්ලොග් එකට? බ්ලොග් ලියන්නේ නැති උන් එන්නේ එතකොට? ඔයාට මාස 4 කට බ්ලොග් එකක් හරි තියෙනවා
    3 සඳ කිඳුරා අලි ෂෝයි කොල්ලා... හග් එකක් දුන්නට ඔයාව ගෙවෙන්නේ නැහැ..

    අනේ මේ එනවා හරිද :/

    ReplyDelete
    Replies
    1. අම්බෝ.....මේ වර්ණා අක්කා හරි වසයි..
      මම නං එන්නෙ නෑමයි :(

      Delete
  4. අවුරුදු කුමාරිත් උබේ මලිගවාටද ලබන සැරේ ?

    ReplyDelete
    Replies
    1. :-) උඹට ඉරිසියයි නෙහ් :-)

      Delete
  5. සුවර්ද උඹ පොඩි එකා කියල... O.o

    ReplyDelete
  6. ඕවත් හේතුද බං.. ඔන්න ඔහේ පලයන්.. අපිට මේ එන්න විදිහක් නැතුව දුක් වෙනවා...

    ReplyDelete
  7. අනේ මන්දා බන් මෙව්වට මොනා කියන්නද කියලා.

    ReplyDelete
    Replies
    1. හැක්ස්...
      මොකූ...ත් කියන්න එපා :-)

      Delete
  8. [අවුරුදු කුමාරා - මම ආවොත් අනිත් උන් පව්....] ෂුවර්ද? :P

    ReplyDelete
  9. ලබන අවුරුද්දේ උඹ බ්ලොග් ලියයිද බං?

    ReplyDelete
  10. මටත් එන්න පට්ට ආසයි බන්....උදේ කැඩ් ක්ලාස් එක..හවස අන්කල්ගේ පාටි එක...ෂික් ඔක්කොම එක දවසට වැටුනනේ...හැමදාම නෑ හැමතැනම නෑනෙ නේද ඒක හින්ද මල්ලි උඹ නොගිහින් ඉන්ට එපා...

    ReplyDelete
    Replies
    1. ලබන සැරේ යනවා බං..

      Delete
  11. ම්ම්ම්.....මටත් එන්න වෙන්නෙ නෑ. එන්න ආසයි.... ලබන අවුරුද්දේ නම් අනිවාර්යයෙන් එනවා......

    ReplyDelete
    Replies
    1. යමු යමු...මමත් ෂුවර් ලබන සැරේ.

      Delete
  12. රජතුමා විශේෂයෙන්ම එතන ඉන්න ඕනෙ....

    ReplyDelete
  13. හයියූ.....මං නන්නෙට් නෑ අනී........:(

    ReplyDelete
    Replies
    1. අනී..අග්ලි නන්න අනී... :-)

      Delete
  14. enna kiyala kiyawa ganna hari assai neh??? ;)

    ReplyDelete
  15. හේ හේ දැන් රජු නෑ කියලා ඕක නවත්තයි.පව් අප්පා මේ රජා..ආ බොල රජත් දොඩන් ගෙඩි දෙකක්වත් උස නැත්නම් වැසියෝ කොහොමට ඇත්ද?

    ReplyDelete
    Replies
    1. උන් මට වඩා උසයි... :P

      Delete
  16. අඩෝ මාව පිස්සෙක් කරවන්න එපා මමත් මහ ගොඩක් අඳුරන්නෙ නෑ.....උඹ එදාට ආවොත් තව කී දෙනෙක් අඳුරගන්න ලැබෙනවද.......අනේ ඔයා එන්න සුදූ.....:(

    ReplyDelete
    Replies
    1. සුදූ කිව්ව එකේ එන්න බලමු සුදූ...සුවර් නෑ

      Delete
  17. Replies
    1. අනේ නෑ...ඊට චුට්ටක් මෙහා.. :-)

      Delete
  18. පිස්සු කෙළින්නැතුව වරෙන් ඩෝ...:/
    මට කන් ඇහෙන්නෙත් නැතුව-කිසි කෙනෙක් අදුනන්නෙත් නැතුව ගාලු ගෙට් එකට ගිහින් ආවෙ යසට...එතකොටත් මගේ සයිබර් වයස මාසයයි. තවමත් බිලොග් එකක් නෑ.
    22 මට දානෙ ගෙදරකටත් යන්න තියෙනවා. කලින් දවසෙ බණට අදාල යුතුකම් ඉටුකරලා ඔය වැඩේට සෙටමෝල් වෙන්නයි හිතාන ඉන්නෙ...
    උඹට මොනවද තියෙන ප්‍රශ්න...? නිකන් බයිලා එපා....

    ReplyDelete
  19. අප්පේ මං හිත හිත හිටියෙත් ඔහොමමයි අප්පා. මේකා නම් පෝස්ට් 29ක් හරි දාලා නේ. මගේ නම් තාම පෝස්ට් 6යි. මං බ්ලොග් ලියන කාවමවත් අදුරන්නෙ නෑ ඇත්තට. ඔය වගේ හේතු මත මාත් තීරණය කොරගෙන හිටියෙ එන්නෙ නෑ නෑ නෑ මයි කියලා. ඊළග පාර බලමුකො. ඊලග අවුරුද්දෙ යනවා නම් මටත් කියන්න ඕන්. :)

    ReplyDelete
  20. මටත් හාට් ඇටෑක් 1ක් හැදෙන්න තියනව බං. එන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් ආසම ඇඩ් එකක් බොල ඕක :-))))

      Delete
    2. වරෙන් හෙල්ත් ඉන්ෂූරන්ස් එකක දාපං.. සූදානම ඇගට ගුනයි...

      Delete
  21. අනේ මන්ද, මේකා රජෙක්ද , මංකොල්ල කාරයෙක්ද කියල , අනේ මචෝ උබ මාරයා අයියව තියාගෙන මට අවුරුදු කුමාරිව දීපන්...

    ReplyDelete
    Replies
    1. එතකොට මගෙ අන්තපුරේට එකක් :-(

      Delete
  22. I'm not CUMMING ???
    මේකනං ලෙඩක් පුතේ :D :D

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්....ජනතා අකර්ෂණයට වචනයක් දැම්මම කස්ටිය වැරදියට හිතනවනෙ..:D :D

      Delete
  23. මටත් පේන්නේ අවුරුදු උත්සවේට නෙමේ මචෝ පුලුවන් නම් දොස්තර කෙනෙක් ගාවට යමන්,,උබට ලෙඩක් තියෙන්නේ

    ReplyDelete
  24. මම දන්න එවුනුත් නැහැ බං. වරෙං අදුන ගමු කස්ටියව !

    ReplyDelete
    Replies
    1. එන්න බැරිවෙයි සැම් අයියා මචෝ... :(

      Delete
  25. මේ පාර ආවොත් බේරුනෑකි... ඇපි පැත්තකට වෙලා ඉන්නවානේ...

    හැබැයි ඉතින් ළබන පාර ආවොත් ගුටි තමා....

    තීරණය ඔබ සතුයි !! ;) ;)

    :D :D

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට... මේං ලබන පාර අපිව විනාස කරන්න හදනවා...
      එහෙනං ඒකටත් එන්නෑ...
      ;-) ;-)

      Delete
  26. හ්ම්ම්.. මාත් මේ පිලිවෙලම අනුගමනය කරන්නයි හිතාගෙන ඉන්නෙ!!! :D :D hehe.. HI5!

    ReplyDelete
  27. dath galawannenethi andhawannethi lokayak pathami.

    ReplyDelete
  28. ane raja macho sanda kidurage blog eke link ekak methanin dapanko.......hoda rajawagw

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)