Wednesday, April 4, 2012

බලු ඩයරියයි පූස් ඩයරියයි (Dog's Diary Vs Cat's Diary)

සියළුම කරුණු මාගේ මාලිගාවේ ඇති කරන බල්ලාගේ හා පූසාගේ දින පොත් ඇසුරෙනි. දෙන්නා එහෙට මෙහෙට වෙනකන් ඉදලා හොරෙන් ඉස්සුවෙමි. මගේ නියම සුරතලා කවුද යන්න දැනගතිමි. මට පූසෝ නං පෙන්නන්නට බැරිය....ඌව ඇතිකරන්නෙ මව් බිසවය. මේ එකම දවසක් උන් දෙන්නාට හිතුන හැටිය.


බලු ඩයරිය

2012.04.01

පෙ.ව 8.00   - මම ආසම උදේ කෑම....ෂා
පෙ.ව 9.30   - මම ආසම කාර් රයිඩ් එක, දොස්තර නෝනා ගාවට
පෙ.ව 10.00 - මම ආසම පාක් එකේ ඇවිදීම...නියමා..යි
පෙ.ව 11.30 - මම ආසම වතුර නෑම
ප.ව 12.00   - මම ආසම කිරි මස් කටු...ම්ම්ම්...
ප.ව 1.00     - මම ආසම බුදියෑම...හෑව්!!!
ප.ව 4.00     - මම ආසම සෙල්ලං කිරීම...මලයත් එක්ක
ප.ව 6.00     - මම ආසම ජබු ගැහීම...වත්ත පහල ඇලේ
ප.ව 7.00     - මම ආසම බැනුම් ඇහීම...මාලිගේ තෙමුවා කියල අම්මගෙන්
ප.ව 8.00     - මම ආසම ටීවී බැලීම...මාලිගේ හැමෝම එක්ක
ප.ව 10.00   - මම ආසම රජාගෙයි මල්ලිගෙයි ඇද ගාව දොයිය ගැනීම

________________________________________________________________________

පූස් ඩයරිය 


2012.04.01

මාව ඇති කරන උන් මට එක එක සෙල්ලං බඩු දික් කර කර මට කොලොප්පං කරනවා. උන් මට එක එක විකාර කෑම දෙනවා. ඈක්කා...මම ඒවා කන්නෙත් නෑ. මම චුට්ටක් හොම්බ තියලා නිකන් හිටියා. ඒක නෙමේ මම වහාම මගේ ශක්තිය වැඩෙන සුළු ආහාර වේලක් හොයාගන්න ඕනා.

මගේ එකම බලාපොරොත්තුව මේ මාලිගාවෙන් බේරිලා යන එක. මොකද අර දඩෝරි බල්ලා මාව මරන් කන්න හදනවා. අනිත් පැත්තෙන් අර රජ්ජුරුවෝද මොකාද එකා මට ඇටෑක්. මගේ උත්සාහය උන්ට මාව අප්පිරියා කරලා බය කරලා තියාගන්න එක. මම අද කාපට් එක උඩ වමනෙ දැම්මා...ඔලුව නැති මීයෙක් ගෙනත් ඇද ලගින් තිබ්බා. මදැයි බය කරන්න ගියා..අනේ ඔයා නියම දඩයක්කාරයෙක්නෙ කියල මව්බිසව කිව්වා.

අද එයාලගෙ ගෙදර මොකද්ද පාටියක්...මාව ගෙයින් එලියට දාලා දොර වැහුවා. අර රජතුමාට මම ඇගේ ඇතිල්ලෙන කොට ඇලජික්ලු...මම වහාම ඒ ඇලජික්ද මොකද්ද වචනෙ තේරුම හොයාගෙන ඒක මගෙ වාසියට හදා ගන්න ඕනා.

අද මගෙ එක ප්ලෑන් එකක් බොහෝදුරට සාර්ථක උනා...අද රජ මල්ලි (යුවරජු) මාලිගේ ඇතුලේ කැරකෙන කොට මම කකුල් දෙක අස්සෙ රිංගන්න ගිහින් ඌ තව පොඩ්ඩෙන්  වැටෙනවා. මම මේක හෙට පඩිපෙල උඩදි ට්‍රයි කරල බලන්න ඕනා.

අර දඩෝරි බල්ලාට හෙන අමුතු වරප්‍රසාද තියෙනවා..ඌ හැමතිස්සෙම වගේ ගේ ඇතුලේ කැරකෙනවා. ඌ හින්දා මට කොහෙහරි මුල්ලකට වෙලා නිදාගන්න වෙලා තියෙන්නෙ. මම දැකලා තියෙනවා ඌ කපුටෝ පස්සෙ එලෝගෙන ගිහින් උන් දිහා බලාගෙන ඉන්නවා. මං හිතන්නෙ ඌ කපුටොත් එකක් එකතු වෙලා මං එලියෙ කරන හැම වැඩක්ම අහගන්නවද කොහෙද..

හොද වෙලාවට මාව ඇති කරන උන් ඒ දඩෝරිස්ට වෙනම ගෙයකුත් හදලා දීලා තියෙන්නෙ. හ්ම්ම්.....නැත්තං ඌ දනී මම ඇහැරුන වෙලාවට කරන දේ.

මම ඉක්මනටම මේ මාලිගාවෙන් පිටවෙනවාමයි!!!

 ________________________________________________________________________

 මේ පෝස්ටුව මගේ බලු මල්ලීට උපහාරයක්ම වේවා!!!


 මගේ බල්ලා දිගුකල් වැජඹේවා!!!! Long live REX…..///


ප/ලි: කියන්න දෙයක් නෑ....ආයෙත් කියන්නෙ මට පූසො ඇලජික්..


27 comments:

  1. හැක හැක හැක අද දෙවෙනි වතාවටත් මම 1 හුරේ

    අහ්හ් මමත් පුසන්ට කැමති නැහැ. එත් අපේ අම්මිත් පුසේක්ව ඇති කළා. මමත් පොඩ්ඩක් එයාට ලයික් උනා :)

    දැන් නම් ඉන්නේ යක්ස බලු තඩියෙක් :)

    නියමයි ඈ.. හිනා කාලා පන ගියා අර කපුටු සීන් එකට :පි

    ReplyDelete
    Replies
    1. ආ...මම ඒ බලු කුක්කව දැක්කා...බුකියේ ෆොටෝ දාලා තිබ්බා නේද?
      මම ලයිකුත් කලා ඈ..

      Delete
  2. බලු සනුහරේට ජය වේවා!පූසො පල්ලා ඇත්ත. පූසන් පීචන් වෙලාම යන්න ඕනෙ..............

    ReplyDelete
  3. දැන් ඔය ඩයිරියේ දිනේ අප්‍රේල් 1 නේ රජතුමෝ.. ඒ නිසා ලියපුවා හොදටම විශ්වාසද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලොවෙත් සුවර්..

      Delete
  4. මාලිගෙ කියල මේ හැම තැනම ලියපු එක මට පස්සෙ මීටර් වුනේ..මට මතක් වුනේ ගෑනු ළමයෙක්ගෙ නමක්.. :D

    ReplyDelete
    Replies
    1. මාලි රුවන් මාලි
      මාලි රුවන් මාලි :P

      Delete
    2. සදමාලි
      ගදමාලි
      මනමාලි :)

      Delete
  5. බල්ලට ජයවේවා! වැඩි වැඩියෙන් ලැබේවා! :D

    ReplyDelete
  6. එල! ගෙදර ඉන්න මීයන්ගෙ ඩයරිත් උස්සල බැලුවනං හරි.

    ReplyDelete
    Replies
    1. වෙලාවක ඌටත් දෙන්නං ගේම..

      Delete
  7. ඒ වුනාට පූසොත් හොඳයි බං.....උන් පව්නෙ......

    ReplyDelete
    Replies
    1. හොදා....? මම කියන්නෑ ඉතින්

      Delete
  8. මගෙත් ආසම සතා බල්ලා
    ඒත් පූසොත් පව් බං ඉදලා හිටලා මාළු ඇතිලියට ගේම දුන්නට ඌ හරි අහිංසක සතා :)

    ReplyDelete
    Replies
    1. පූසා පව් නෑ බං... ඌ හෙන පජාතියි..

      Delete
  9. ඒ රෝජෝ අර බලන්න ඒ පුසා කොච්චර දුකෙන්ද ඉන්නේ කියල.මොනවා උනත් ඌටත් යුක්තිය සාධාරණය ඉෂ්ඨ කරන්න.ඒක තමා හොඳ රජ කෙනෙක්ගේ ලක්ෂණය.නැත්නම් කැරැල්ලක් අත ළඟ.

    ReplyDelete
  10. එව්වා කොහෙද මාත් එක්ක...තියනවා උල :)

    ReplyDelete
  11. බල්ලන්ට ජය
    බලු වැඩ වලටත් ජය

    අපෙ ගෙදර බල්ලන්ට ඉඩ නෑ
    මොකද ඉන්න එකම බල්ල මං නිසා

    ReplyDelete
    Replies
    1. හැක්ස්!!! එහෙනං සොදුරු නෙමේ බලු මිනිසා :)

      Delete
  12. මම මේකේ ඊමේල් එක දැක්කා...:D

    තහනම් අඩවිය කියන කොට එන්ට බය හිතෙනවා.:)

    ReplyDelete
    Replies
    1. යකඩෝ....මම ඊමේල් එකකින් එකක් ඉස්සුවොත් කවුරු හරි දැකලනෙ බොලේ :)

      Delete
  13. 01.04.2012
    පූස් දින පොත යට සිට ලියමි.....
    ආදරණීය සුදු පූසි වෙත,
    නුඹේ දින පොත කියවා මා මෙය ලියන්නේ ඇඩූ කදුළිනි. තහනම් වුනත් එය නොබලා මා මෙහි ආවේ නුඹ බේරාගෙන යෑමටයී. රජ ගෙදර සැප මගේ පොල් අතු පැලේ නැතත් මට නුඹට සුදු කිරි ටිකක් සාදා දි ආදරයෙන් රැක බලා ගැනීමට හැකිය. මගේ පුංචි පැලේ වස දඩෝරියෝ නෑ. උන් නම් මට පේන්න බෑ. උඩු බුරුල්ලන ඒවගේ කැත බල්ලෝ ගැලපෙන්නේ මේවගේ රජ්ජුරුවන්ටම තමා. ඔය රජා බල්ලන් ගැන සැදී පැහැදී සිටින්නේ කවම දාවත් පාරක පයින් ගොස් නැති නිසාය. හැමදාම පයින් යන මම උන්ගේ රගේ දනිමි. කකුල්ක් බිම තියන්නට බැරි තරමට පාර පුරා තෑගුටිය. උඹලා ඒ අතින් විශිෂ්ඨය. වැඩේ කරත් මැනස්තියන් එන වසා දමයි. බල්ලන්ගේ බලුකම් ගැන නොදන්න මෙවැනි රජෙක් නුඹ වැනි පූසියෙකුට ගැල පෙන්නේ නැත. හැකි ඉක්මනින් මා වෙත එන්න.
    ප.ලි. නුඹ පූසියෙක් නම් නොවේවා. එසේ වුනොත් නම් අපේ අම්මාගෙන් නුඹට වීසා ලැබෙන්නේ නැත.
    මෙයට,
    පූසන්ට ආදරේ
    දුප්පත් කෙල්ලෙක්....

    ReplyDelete
    Replies
    1. හොහ් හොහ් හොහ්!!!
      එම්බල බට්ටිය....මැය පූසියකි...
      කෙසේ වෙතත් මාගේ මව්තුමිය තී හට මේකා දෙනවානං බොරුය :)
      :
                       :
      තවද රාජ අදහස් වලට අකුල් හෙලීම උදහසට ලක්වීමට කරුණක් බව නොදන්නෙහිද? :/

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)