Tuesday, March 20, 2012

ඤාව්වන්ගේ පැටිකිරිය

පූසන් ගැන ලිවීමට මට හේතු කරන බොහෝ ඇත. ඒ මම උන්ට ආසා නිසා නොවේ. මමද කාලයක් පුසියකට පෙම් බැන්දෙමි. කෙල්ලන් මේ තරමට පූසන්ට කැමති බව දැනගත්තේ එවිටය. මේ කාලය තුල අපේ අම්මා නිවසට තවත් පූසියක් කැන්දන් එන්නීය. ඒ දින වල මම මගේ දඩෝරි බල්ලා සමග පූසිට ඇටෑක් කලේ සෙල්ලමටය. ඒත් දැන් නම් මට පූසන් පෙන්නන්නට බැරිය. මන්ද මම පෙම් කල පුසිය මට කෙලවා පිටගියාය. දැන් මම පූසාට ගහන්නේ පයින්ය. ඒත් ඌ එන්නේම මා ලගටමය.
(*පූසිය හා *පුසිය වෙන්කර හදුනාගැනීමට කාරුණිකවන්න) 




නිධාන කතාව අවසන්.....

විශ්වාස හා ඇදහිලි,

පැරණි ඊජිප්තු වැසියන් චිත්‍ර වල පුසාන් ද තිබෙන්නේ මීට වසර 3600කටත් පෙර
වන්නේය. ඔවුන්ට පුසන් වන්දනීය සත්ව කොට්ටාශයක් විය. ඔවුන් බස්ටට් නම් බළල් දෙවියෙකුට වැදුම් පිදුම් කළහ. අතීත ජපන් වැසියන්ටද පුසා වාසනාවේ සංකේතක් විය.ඇතැම් කතුවරුන් පවසන්නේ මොහම්මඩ් නබි තුමා සතුව  සතුව මුඑසා නම් ඔහු ආසම පුසෙක් සිටි බව‍ය.



විශේෂ ලක්ෂණ,

හද නැගීම, පුරු පුරු ගෑම, පිඹිම, ගෙරවීම පුසන්ගේ කතාකිරීමේ අවස්ථාලු, බුදියගන්න වැඩි කාලයක් ගතකරන අතර අන්න එතකොට පුසන්ට අවශ්‍ය ශක්තිය ලැබීමත් වර්දනයත් ලැබෙන්නේලු, වැඩි වශයෙන් ක්‍රියාශීලි වෙන්නේ රාත්‍රී කාලයේදීලු


ශරීර ස්වභාවය,

පූසා ශරීරයෙන් කුඩාය සිරුර ඉතා ශක්තිමත් හා නම්‍යශීලී වේලු. පුසා පූසියට වඩා
විශාල වෙන අතර පූසන්ගේ මුහුණ ඉතා වියලිය. උස සෙන්ටිමීටර් 23-25 අතරද දිග 40-46 අතර වෙඉ. එලියට අරන් අපහු දාගන්න පුළුවන් චූටි වක් වූ නියපොතු පුසන්ට ඇත්තෙලු.



පෙනීමේ හැකියාව
,

පූසන්ට රැට හොඳ පෙනීමක් ඇත්තෙලු. පාට හඳුනාගැනීම අතින් පූසන් එතරම් දක්ෂ නොවන්නේලු. දිගටි කලු ඉංගිරියාවක් ඇත්තේලු. එමගින් ආලෝකය පරාවර්තනය කල හැක්කේලු.


 


ඇසීමේ හැකියාව

පූසන්ගේ ඇසීමේ හැකියාව ප්‍රබල වන්නේලු. එය හර්ට්ස්
45-64000 දක්වා විහිදෙන්නේලු. එත් තම එදිනෙදා දඩයම් කටයුතු වලදී එය භාවිත කරි ඉතා සියුම් ශබ්දයට පවා සංවේදී වන පූසාට උපකාරී වෙන්නේ තරමක් විශාල, සෙලවිය හැකි කන් දෙකක්ලු.

ගඳ සුවඳ දැනීම,


ඉතා සියුම් ගඳ සුවඳ හඳුනා ගැනීමට හැඩ ගැසුණු නාසයක් පුසන්ට ඇත්තෙලු. උන් තම
මුත්‍රා ගස් හා වෙනත් ස්ථාන වලට විද තම ජීවත් වෙන ප්‍රදේශ සලකුණු කරන්නේලු. ඉව දැනීම හෙවත් සංවේදනය සඳහා සෙලවිය හැකි දුසිමකට වඩා වැඩි රැවුල් ගස් මුහුණේ ඇත්තෙලු. මේ රැවුල් අවට වාතයේ සංඥා දැන ගැනීමෙන් අනතුරු වලින් බේරීමේ හැකියාව පූසන්ට ඇත්තෙලු.



මා දන්නා තරමින් කෙල්ලන් පූසන්ගේ මේ රෝස පාට හොම්බ අතගෑමට මහත් කෑදරය. 
ආහාර රටාව,

පූසන් වැඩියෙන් ප්‍රතිචාර දක්වන්නේ අම්ල හා තිත්ත රසයන්ටලු. එසේම එහි සුවඳ හා අඩංගු දේ ගැන විමසිලිමත් වෙන්නේලු. පූසා සීතල අහාර,තෙත අහාර, පැණි රස අහාර ගැනීමට වැඩි කැමැත්තක් නැත්තෙලු. කිහිප සැරයකට කෑම ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේලු.
පිරිසුදුව සිටීම,

තම ශරීරය පිරිසුදුව තබා ගැනීමට පූසන් ඉතා කැමැත්තෙලු. මේ සඳහා උපකාරී වෙන පූසන්ගේ දිව මික්රෝමිටර් 500 පමණ දිගු නම්‍යශීලී දිවක්ලු. එය බුරුසුවක් මෙන් ක්‍රියා කරන්නේ එම දිවේ ඇති රළු බව නිසාමලු.




 ලොව පුරා පූසන් බර ගානක් සිටිත්ලු මේ උන්ගෙන් ටික දෙනෙක්ලු...





දැන් නං පූසෝ වහ කදුරුය...පෝස්ටුව ඉවර වෙද්දි ගෙදර පූසා මාගේ සුරතින් වලකජ්ජ ගහනවා සිකුරුය.


17 comments:

  1. අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)

    ඒ හින්දා...

    පූසෝ ගැන නම් දැන ගත්තා... ඒත් මාත් ආස නෑ පූසන්ට...
    :)

    ReplyDelete
  2. අන්න හොදයි....මටත් දිරවන්නෙම නැති සතෙක් :D

    ReplyDelete
  3. එළ එළ පූසො ගැන සෑහෙන දෙයක් දැකගත්තා...උඔ ඔය ලු ලු කියලා දාපුවා සේරම අපේ ගෙදර ඉන්න එකත් කරන එව්වා තමයි ....ඊ ලග පාර පුසියෝ ගැන ලියපන්...

    ReplyDelete
  4. හික් හික්...අනේ මට ලැජ්ජයි කොලුවෝ!!

    ReplyDelete
  5. දවසක් ඔය පුසා කියන වචනේ සිංහලෙන් කියලා අපේ බොසා මට බැන්නා කුණුහරප කියන්න එපා කියල.. :)

    ReplyDelete
    Replies
    1. හෆොයි!!! ඉතින් බොසා ඇත්ත නේන්නං කියලා තීන්නෙ... :D

      Delete
  6. //අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)//

    මේ නිසාම කොටන්න ගිය කමෙන්ටුව කොටන්නේ නැත. උඹගෙ බ්ලොග කියවන්න ආවා මදිවට මට බනිනවත් එක්ක..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.....ගනන් ගන්න එපා බං ජෝගියට නේ...

      Delete
    2. ජෝගියට වුනත් අවසර නැතිව මගෙ නම යොදාගත්තු එක වැරදිනෙ..

      මම මේක කියවන්න එයි කියලා කලින් දැනගත්තෙ කොහොමද?

      Delete
    3. හික් හික්...
      අයියෝ හරී

      Delete
  7. ඇම්ඩන්ගේ පූසා නැතිවුන කතාව මතක් වුනා.. හිකිස්..

    ReplyDelete
  8. කළුවරේ කොයි පූසත් එකයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඒකත් ඇත්ත තමයි නේ ඔබා මාමා

      Delete
  9. පූසන්ව උඩ දැම්මම හරියට කකුල් හතර යටට හිටින්න වැටෙන්නේ...ඒත් ශොපින් බෑග් එකක් ඔලුවේ ගැටගහලා උඩ දැම්මම කොස්ගෙඩිය වගේ දබොග් ගාලා වැටෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හෑ...? එහෙම වෙනවද?
      ට්‍රයි එකක් දාලා බලන්න ඕන

      Delete
  10. අර දෙකේ වෙනස අඳුනගත්ත ඕං... :D රජාගෙ නරකින් කියපු ටෝක් එකට බයේ කමෙන්ට් දැම්ම වැඩිද මන්ද... O.o

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)