Friday, March 2, 2012

ආදරේට පොල්ල තියන ලේලන්ඩ් (සත්‍ය සිදුවීමකි)





 මගේ යාළුවෙක් උන්නා..

මිනිහා කෙල්ලෙක් එක්ක යාළු උනා.. අපිටත් කිව්වෙ බොහෝ කල් ගියාට පස්සෙ වැඩේ කුරුවල් වේගෙන එනකොට.. කෙල්ල අනුරාධපුර පැත්තෙ.. කෙල්ලට ගෙදරින් මගුලක් සෙට් කරල.. ඊ ලඟ අවුරුද්දෙ කෙරෙන විදිහට.. මගුල කතා කරල තියෙන්නෙ අනුරාධපුර පැත්තෙ බස් කාරයෙකුට..

 කෙල්ලත් මූට කියල "මට නං ඔය බස් කාරයො කොහොමත් පෙන්නන්ට බෑ... අනේ මොනව හරි කරන්න අයියෝ..." කියලා..

අපි යාළුවො විදිහට මේකට කිව්ව "මචං, උඹ කෙල්ලට කියහං මාස දෙකක් ඉවසං ඉන්ඩය කියාල... අපි ඒ අල්ල පනල්ලේ වැඩක් ප්ලෑන් කරමු,, ගෙයක් කුලියට හොයමු,,, උඹට රස්සාවත් තියෙනවනෙ... "යි කියල...

ඒ අතරෙ "ඔව් ඔව්,,, මමත් ඉන්නවනෙ... "ඇම්බ්ලන්ස් එලාම්" එක ගහගෙන කෙල්ලව උස්සන් කොළඹ ගේමු,, කවුරුත් නවත්තන්නෙත් නෑ.." යි කිව්වේ අපේ සෙට් එකේ උන්නු පොරක්.. ( ඒකා ගම්පහ ඉස්පිරිතාලෙ ගිලන් රථ අංශෙ ප්‍රධානියා )

ඉතින් එහම කතිකා කොරන් අපි විසිරුනා හෙට අනිද්ද හමු වෙන බලාපොරොත්තුවෙන්..

පස්සෙ දවසක අර අපේ එකා ඇස් දෙකේ කඳුළු බෝල දෙකකුත් රඳවගෙන අපේ ගේ ඉස්සරහා... මංඇහුව මේ මොකෝ කියාල..

"
මචං, ප්ලෑන් ඔක්කොම ඉවරයි බං,, මගේ ලව් එකත් හබක්.."
"
ඇයි මොකේ? කියහංකො කෙලින් මොකක්ද වෙලා තියෙන්නෙ කියල..?"
"
අර බස් කාරය.....?"
"
ඔව්.... අර කෙල්ලට ගෙදරින් ප්‍රපෝස් කරපු ගොබිලනෙ.....? ඉතිං?"
"
ඔව් ඒ ........................ තමයි..."
"
ඉතිං කියහංකො..."
"
ඌ අර හෙන පත දොර දෙකේ අළුත් "ලේලන්ඩ්"බස් එකක් අරං...
ඒකෙ ඉස්සරහයි පස්සෙයි.. "තිළිණි" කියල ගහල උඩින්ම...ඉතිං අරකි කැමති වෙලා... අද උදේ මට කෝල් කරල කිව්ව..."

"
හරි ඉතිං ඇයි කැමති වෙලා තියෙන්නෙ?"

"
අඩෝ.... එකිගෙ නම් තමයි "තිළිණි" කියන්නෙ..."


එදා ඉඳන් අපේ එකාට ලේලන්ඩ් බස් පේන්ඩ බෑ...




16 comments:

  1. matath une meeta samaana deyakda manda... :P :P

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි.... මොනා කරන්නද රජෝ

      Delete
  2. හහ්.... පට්ට සීන් එකක් නෙ වෙලා තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. පට්ට කියන්නෙ...ලොවෙත් නෑ,ලොවි ගහෙත් නෑ..ලෝවැඩ සගරාවෙත් නෑ.

      Delete
  3. සල්ලි බලේට කෙල්ල යට වෙලා.

    ReplyDelete
  4. ඔය "තිළිණි" කියන බස් එක කොයි පාරෙද දුවන්නෙ ඈ??

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හොයලා බලන්න..

      Delete
  5. හික් හික් දෙයියෝ සාක්කී,,,,,නැවක් එහෙම අරං නම ගැහුවනං මොනවා වෙයිද.....

    ReplyDelete
    Replies
    1. එහෙනං මේ නැවයි,ඒ නැවයි දෙකම හබක්...

      Delete
  6. ගෑනු ජාතියනෙ බං! ඔහොම නොවුනා නම් තමයි පුදුමේ!

    ReplyDelete
  7. ගෑනු ගෑනුමයි! වාසි තැනට හෝයියා! (හැමෝම නෙමෙයි! බහුතරේ!)

    මං දන්න මල්ලි කෙනෙක් යාලු වෙලා හිටිය කෙල්ලට ඩොකෙක් ප්‍රොපෝසල් එකක් ගෙනැල්ලා! මොනා කියන්නද! අපේ එකාට බූට්! ඔන්න ඔහොමයි උනේ!

    ReplyDelete
    Replies
    1. ඕං ගෑනු....අපිට අඹ සරණයි!!!

      Delete
  8. Hama gaanitama dos kiyana eka waradi malli. Honda ayath innawa.
    Hondama de parissamin aashraya karanna oni.
    Onna ithin maath awa...

    Kumari,,,

    ReplyDelete
  9. යන්නම් මචං පරක්කු වුණා...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)