Monday, February 6, 2012

පස්ස...අලි පස්ස...

ම්ම්ම්........කාට හරි හිතිලා තියෙනවද ඇයි ගෑණුළමයින්ට අලි පස්සක් තියෙන්නෙ කියලා? මාර වැඩේ කියන්නේ මට එහෙම එකක් කල්පනාවට ආවනේ. අන්න ඒක හින්දා මම හිතුවා සෑම සියළු දෙනාගේ දැනගැනීම උදෙසා පොඩි පෝස්ට් එකක් දාන්න.

පස්ස....අෆ්ෆා....පස්ස කියනකොටයි මතක් උනේ. අපි ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස්  එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..නම මිනෝලි, නම කිව්වට අවුලක් නෑ...මොකද එයා අපිව දන්නෙ නෑ. මුලු පන්තියෙම කොල්ලො ඒ කෙල්ලව අදුරන්නෙ මේ ලෝක ප්‍රසිද්ධ පශ්චාත්භාගය හින්දා. මුලු ගම්පහටම තිබුනේ නෑ ඒ වගේ බස් එකක්.. ඒ බස් එක වලක එහෙම වැටෙනකොට තමා ආතල්ම සීන් එක....බම්ප් වෙනවා ඕයි....මතක් වෙනකොටත් තනියම හිනා යනවා.

එතන හිටපු සමහරුන්ගේ ඒවා ඩබල් ඩෙකර්..සමහරුන්ගේ ඒවා ටාටා.. ඩීමෝ, බේබිරෝසා, අශෝක් ලේලන්ඩ් අරවා මේවා අස්සේ තනි දොරේ ලේලන්ඩ් එහෙම නොතිබුනාම නෙවෙයි.. හැබැයි ඒවා දිහා නම් බැලුනෙ කලාතුරකින් තමයි..

- ඩබල් ඩෙකර් -

- ලෑලි බස් -



- ලක්ෂරි බේබිරෝසා -



කට්ටියට මකතද දන්නෙ නෑ....අපි ක්ලාස් යන කාලෙ පස්ස පොඩි අයට කිව්වෙ "මැස්සො බීපු පස්ස" කියල. පස්ස හුරුබුහුටි සහ මුහුණ ලස්සන නැතිඅයට කිව්වෙ "මූන කචල් පුක සුරතල්" කියලා.

එහෙනම් අපි අද මේ වැදගත් කතාබහ පටන්ගම්මු නෙහ්..!

හා හා පුරා කියලා ගියා සයිබර් අවකාශය පැත්තෙ පස්ස ගැන විස්තර ටිකක් හොයන්න. හත්වලාමේ....හරි හමන් විස්තරයක් හොයාගන්න වින්ද දුකක්. සෙට් වෙන පෝස්ට් එකක් නැති තරම්. ඒත් වැඩේ අතහරින්න බෑනේ අපේ පාඨක ජනතාව වෙනුවෙන්. මෙහෙම හොයද්දි සබිත් කියලා සහෝදරයෙක්ගෙ බොලගියක් සෙට් උනා... ඒකේ තිබ්බ කරුණු ගොඩක් වැදගත් උනා මේ පෝස්ට් එකට. 

ඇත්තටම ගෑණු ළමයිගෙ පස්ස ලොකු ඇයි???
ඊට කලින් පස්ස හැදිලා තියෙන විදිහ පොඩ්ඩක් බලමුද?
අපි සාමන්‍ය වහරෙදි පස්ස කියලා හදුන්වන ප්‍රදේශය හැදිලා තියෙන්නේ අස්ථි සහ තට්ටම් ආශ්‍රිත ප්‍රදේශයේ තෙල්(මේද) තැන්පත් වෙලා..

ඒ කියන්නේ පස්ස = අස්ථිය + තට්ටමේ මාංශ පේශි


Male Vs Female


 ලොකු පස්සක් ඇතිවෙන්න හේතු දෙකක් තියනවා..
  • ඔය අස්ථියට සිංහලෙන් කියන්නේ ශ්‍රෝණිය කියලා (Pelvis) මේක ගැහැනුඅයගේ පලලින් වැඩි පිරිමි අයට වඩා..පිරිමි අයගේ ඔය දැපැත්තේ තියන පිහාටු වගේකෑලි දෙක උරහිස මට්ටමට වඩා පලලට යනවා ගොඩක් අඩුයි..හැබැයි ගැහැනු අයගේ නම්උරහිස මට්ටමට වඩා පලලට යනවා වැඩිවියට එලඹීමත් සමගම..ඒ හේතුව නිසා තමයි අපිකවුරුත් අද මේ ලෝකේ ඉන්නෙ..අපි කවුරුත් දන්න ගර්භාශය පිහිටලා තියෙන්නේ මේකියන අස්ථිය ඇතුලේ..ඒ නිසා කළලයට ඒ තුල වැඩෙන්න හා මේ ලොව බිහිවීමට අවශ්‍යය ඉඩ තමයි එලෙස ලබා දීලා තියෙන්නේ. 



  • ගැහැනු හා පිරිමින්ගේ ඇඟේ මේද නිපදවෙනවා..මේවා නිපදවෙන්නේ මේද සෛල වලින්.ගැහැනු අයගේ තියනවා ප්‍රොජස්ටරෝන් කියලා හෝමෝනයක්.මේ හෝමෝන් එක මේද සෛල උතේජනය කරනවා..ඔය හෝමෝන් එක ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ වැඩිවියට පත් උනාම..ඔය හෝමෝන් එක නිසා මේදය තැන්පත් වෙනවා තට්ටම් වල තියන මාංශ පේශී වල,කලවා ආශ්‍රිතව හා පියයුරු ආශ්‍රිතව..

    මේ මේද ශොක් ඇබ්සෝබර් එකක් විදිහට වැඩ කරලා කළලයට දැනෙන කම්පන එහෙමත් අඩුකරනවා..(ස්ත්‍රියකගේ ඔසප් වීම් නැවතුනාට පස්සේ ඔය හෝමෝනය ඇඟේ අඩුවෙනවා..මේනිසා ඔය කලවා,තට්ටම් ආශ්‍රිත මේද උදරය දෙසට සංක්‍රමනය වීම නිසා එයාලගෙත් බඩඉදිරියට නෙරනවා..හැබැයි පිරිමි තරම් නෑ)    


  • ශරීරයේ මේද තැන්පත් වීම (විශේෂයෙන්ම ආසියාතිකයින්ගෙ ) මානව පරිණාමයෙදිඅපේම යහපතට වෙච්චි දෙයක්. ආසියාව කියන්නෙ ඉස්සර සාගත බහුල කලාපයක්. ඉතින් දීර්ඝ සාගත කාල වලින් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ස්වභාව ධර්මය දරපු උපායතමයි පුළුවන් කාලෙට ශරීරයෙ මේද තැන්පත් කිරීම. එතකොට ආහාර හිඟ කාලෙට ඒවාභාවිතාවට ගන්න පුළුවන්. තැන්පත් කරන්නෙ කොතැනද කියන එක වයස අනුව ස්ත්‍රීපුරුෂ භාවය අනුව වෙනස් වුණා. ස්ත්‍රීන්ගෙ නිතඹෙ මේද තැන්පත් වෙන්න ඔබ කියපුහේතුව වගේම නිතඹ ලිංගික ආකර්ෂණය ඇති කරවන තැනක් වීමත් ප්‍රධාන වුණා.පියයුරු ගැනත් මේ ටිකම කියතැකි. මිනිසාගෙ තැන්පත්වුණා ලෙහෙසිම තැන. මේ සෙතේම තමයි අප්‍රිකානුවියන්ටත්...අන්න ඒකයි මිහිපිට විශාලතම පශ්චාත්භාග එයාලට තියෙන්නෙ.
   
පිරිමි අයගේ ඔය හෝමෝන් එක තියෙන්නේ බොහොම සුලු ප්‍රමානයයි.ඒ නිසා හෝමොනමය බලපෑමක් නැති තරම්..ඒත් එයාලගේ තියන මේද සෛල හැඩගැහිලා තියෙන්නේ මේදය උදරය ආශ්‍රිතව තැන්පත් වෙන විදිහට..අන්න ඒකයි කොල්ලන්ට අලි බඩවල් එන්නෙ.

දැං පශ්චාත් භාගය ලොකු වීම හරි . . . එතකොට අර ඒක ඇඟේ කෑල්ලක් නෙමේ වගේ වනන එක කොහොමද විද්‍යාත්මකව පහදන්නෙ ??? ඒක ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවා....ම්හ්....හම්බුනේ නෑ අප්පා.....ඒ උනාට බලපං බං අපි එයාලගේ අලි පස්ස දිහා ආසාවෙන් බැලුවට එයාලා අපේ කලගෙඩි බඩක් දැක්කාම අහක බලං යනවනේ !!!!! අන්න ඒකයි දුක..... 

දැන් තේරෙනවා නේද ඇයි සමහර කාන්තාවන්ගේ පස්ස නිකම් ෆුඩ් බෝල් ගහන පිට්ටනියක් තරමට විශාලව සැකසිලා තියෙන්නේ කියලා ..!
 
මම මේකට දාන්න රූප හොයද්දි මාර ලස්සන බස් එකක් දැක්කා.....කොහොමද මේක?

බොම්බෙ මෙරී හයි... ලේඩීස් ආ නයිස්.... මෙන්න පස්සෙ සයිස්...

 කොහොමද????? ඇඩෙනවා නෙහ්..... ;)

පස්සත් මෙහෙම තිබ්බට මාරයි නේද? ආ.....එහෙනං අදට පස්ස ගැන ඉගෙනගත්තා ඇතී....ආයෙත් දවසක වැදගත් සාකච්ඡාවකින් හමුවෙමු....මේවා ටයිප් කරලා දැන් මගේ බස් එකටත් සෑහෙන්න අලාබ හානි....

සැමට සුභ ගමන්........!!! යන ගමන් මේකත් කියෝගෙනම යන්න....ටටා...බායි....

ලංකාවෙ අක්කලා නංගිලා එහෙම මෙයාව අනුගමනය කරනවා නෙමේ ඕං....






22 comments:

  1. ane ane umbatath hithena dewal...

    ReplyDelete
  2. පට්ට බස් ටික ඕයි.........ඇඩෙනවා..........:P :D lolz

    ReplyDelete
  3. apoi muu hithana ewa.

    ReplyDelete
  4. බැරිවෙයිද එකක් කුලියට ගන්න?

    ReplyDelete
    Replies
    1. හොයලා බලමු බැරිවෙන එකක් නෑ....ඔය තියෙන්නෙ ඕන තරං

      Delete
  5. විද්‍යාත්මක තොරතුරු වලට ගොඩක් ස්තුතියි මචන්...නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා...එළ එළ...

    ReplyDelete
  6. ඒකම තමයි මටත් ඕන උනේ...විද්‍යාත්මක පැත්ත

    ReplyDelete
    Replies
    1. සිරාවටම බං, බොහෝම ඉස්තූතියි, විද්‍යාත්මක කරුණු දැම්මට!

      Delete
  7. මිනෝලී... කන්නාඩි දාන කෙලි පොඩිත්ත.. පොඩිත්ත වුනාට හරි උසයි නෙව...
    :ඩී

    ReplyDelete
  8. ඈ.......ඔයා මෙයාව දන්නවද හැබෑටම?? විනාසයි....

    ReplyDelete
  9. අම්මෝ පස්ස ගැන දන්න දේවල් :D

    ReplyDelete
  10. මනුස්සයො විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්නේ පස්ස ගැනද?

    ReplyDelete
  11. හුටපරින්යයි කිවුවලූ ඈ

    ReplyDelete
  12. හික් හික්. :D :D
    ඒක නෙමෙයි, ප්‍රශ්නයක්. වෙනත් කිසිම ප්‍රයිමේටා වංශිකයෙක්ට මෙහෙම ලොකු පස්සවල් හා පපුවවල් නෑ. උනුත් මෙහෙමම දරුවොත් හදනව. ඒත් ඇයි උන්ගෙ මේ තැන් වල මේද ගබඩා වෙන්නෙ නැත්තෙ???
    මනුෂ්‍ය වර්ගයාගේ ගැහැණු සත්තුන්ට මෙහෙම පස්සක් හා පපුවක් හැදිල තියෙන්නෙ ලිංගික ආකර්ශනය සඳහාම පමණකි කියලයි මම හිතන්නෙ.
    අනිත් එක දන්නවද, මුලු ලෝකෙ ඉන්න සියළුම සත්තුන්ගෙන් සතුට සඳහා ලිංගිකව එකතු වෙන්නෙ මිනිස්සු හා ඩොල්ෆින්ල විතරලු. :D

    ReplyDelete
    Replies
    1. ක්රෝඩේටාද සැකයි මෙයත්,, හි හි

      Delete
  13. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  14. පට්ට පට පට.නියමයි අඩා...! :P

    ReplyDelete
  15. මේක ඇත්ත චීස් පෙති 2 ගානේ මාස 3ක් රාත්‍රියට කාලා බලන්න,,දෙනිමේ ශිපර් එක දැම්මකි ඒත් ඒත් කකුල් දාගන්න බැහැ (ගැහැණු අය පමණක් )

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)