Saturday, January 11, 2014

2014.01.01 අති සාර්ථක ලෙස තැඹිළි කැඩීමක - Welcome 2014 with a ROBBERY


අෆ්ෆේ.... මේ අවුරුද්ද පටන් ගත්තත් හරි මොකුත් කොටාගන්න පුළුන්කමක් ලැබුනේ නැත. එක්සෑම් එක ගොඩදාගන්නත් ඕනෑය. ඒකට මොනවා හරි වෙලා තිබ්බොත් නම් ජීවත්වෙලා වැඩක් නැත. තියෙන්නේ ඔය කොහෙ හරි උස කන්දකට හයික් එකක් ගිහින්... ජබුක් ගාලා ඇස් දෙක පියාගෙන බිමට පැනිල්ලක්ය. 2014 වූ කලී අතිශය ඛේදනාමක්මක අවුරුද්දක් වේය යන සැකය මේ වන විට මතුවෙමින් පවතින්නේය. මුල් ටික ආතල් එකේ ඇදිලා ගියාට පහු පහු වෙනකොට කොහු කොහු වෙන ලයින් එකක් එයි වගේය. මේ ගම වටේ තියෙන පදුරු තලන එකනං මට සෙට් වෙන්නෙම නැත. උනේ මොකද්ද, සිද්ධිය එලෙසම මෙතනය. 

විභාගේ පටන් ගන්න තිබ්බේ ජනවාරි 6 වෙනිදාය. 31 උදේ දවල් වරු දෙකේම පාඩම් කරලා කරලා හිටියේ තෝන්තු වෙලාය. රෑට ටීවී එකේ යන ෆිල්ම් නම් චොප්ප චොරය. ඒවා බැලුවේ මාස ගානකට කලින්ය. 2013 සාමකාමී ලෙස ඉවර කරන්න කියලා හිතාගෙන රජා පන්සල පැත්තට ගෑටුවේය. හවස බෝධි පූජාවට එහෙම සහභාගි වෙලා පිරිත් නූලක් එහෙම බැදගත්තේය. ඒ කිසිම හේතුවක් නිසා නොව අතේ පිරිත නූලක් නැතුවම බැරි නිසාය. දැන් මේ අතේ පිරිත් නූල් 5කට වැඩිය බැදලාය. අපේ මව්තුමිය අහන්නේ “තමුසේ ක්‍රිකට් ගන්න යන්න හදනවද“ කියලාය. ඒ උනුත් ඉන්නේ වැලමිට හරියට වෙනකන් පිරිත් නූල් බැදගෙන නිසාය. පන්සල පැත්තට ගියේ සෑහෙන කාලෙකින්ය. රජාව දැකපු ලොකු හාමුදුරුවෝ මහ අමන හිනාවක් දාගෙන “ මම බැලුවා මොකෑ අද මේ වෙනසක් කියලා“ කියාගෙන ගියේය. මට නේද ඉතින්....පස්ස හයියෙන් පොළවේ ගහගෙන මැරෙන්න හිතුනේය. ඇයි යකෝ...පොඩිද කියහල්ලකෝ අපහාසේ ???

බණ එහෙම කියලා ඉවරවෙලා හාමුදුරුවෝ පහන් වැටක කතාවක් කිව්වේය. 

හෙට ජනවාරි පළවෙනිදා... කොහොමද අපි ලස්සනට පහන් පත්තු කරන්න දිගටම පහන් වැටක් හැදුවොත්. ඔන්න මම හෙට වඩිනකොට හරිම ලස්සනට මෙතන තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 

ඕක කියනකොටත් මම හිටියේ අහක බලාගෙන වගේය. අනිවා ඕක ඇගට වැටෙන බව මට ඉවෙන් වගේ දැනුනේය. පූජාව ඉවර වෙච්ච ගමන් සං ගාලා මාරු වෙන්න හැදුවට වැඩේ හරි ගියේ නැත. අයියා කෙනෙක්ට මාට්ටු උනේය. 

අයියා: මල්ලි හෙට හදමු නෙහ්? 

රජා: ආ හරි හරි හදමු  හදමු... එනකොට මටත් කතා කරන්නකෝ එහෙනං..

අයියා: හරි එල...

හරිනේ දැන් සන්තෝසයිනේ.... ඕකනේ කරගන්න ඕනේ උනේ. පළවෙනිදා නැගිටිනකොටත් අළුයම 10ට විතරය. නැගිට්ටා විතරයි, ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් අංකල්ලගේ ගෙදර ලන්ච් එකකට පොඩි ඉන්විටේෂන් එකක්ය. ආයේ ඉතින් කන්න දෙනවා කිව්වම ඒකට නොයා ඉන්නවද මේ රජා? නිකන් දෙනවනං ගොම් බෙට්ටට සෝස් දාලා උනත් කයි මගෙ පුතාලා.....

ලන්ච් එකට ගිහින් එනකොට 2.30ට විතර ඇතිය. ගෙදරට බයික් එක දානකොටම පහන් වැට හදන්න ආපු උන් ගේ ඉස්සරහය. දෙයියෝ සාලෙය. මම හිටියේ ටිකක් වෙලා පාඩම් කරලා ෂේප් එකේ 4ට විතර පන්සල පැත්තට යන්නය. දැන් ඉතින් බඩු පැකට් වෙලා ඉවරය. උපාසක මෝඩ් ඔන් කරගෙන හෙමීට පාවෙලා යන්න වෙනවාය. රජා පත මන්නෙකුත් අරන් වැඩකරු වගේ පන්සලට ගියේය. 

දැන් ඉතින් වැට ගහන්න උණ බට ඕනෑය. හොද වෙලාවට මට්ටවල ඇතුලේ කපපු උණ ගහක් එහෙම් පිටින්මය. නැත්තන් උණ ගහක් කපලා කරේ තියාගෙන එන්ඩ උනානම් එහෙම වැට ගහන්න වෙන්නේ 2015 ජනවාරි පළවෙනිදට තමාය. උණ බටේ ගානට කපාගෙන කුණු ගේමක් දී පටි වලට පලා ගත්තෙමු. කොච්චර අජපල්ද කියනවානම් හැම එකාගෙම අත තුවාල වෙලාය. අවුරුද්දේ පළවෙනිම දවසේ අපිට හම්බෙන ටොපි ඕවා තමාය.  දැන් ඕනේ කරන්නේ වැට ගහන්න වැටමාර පොලු ටිකක්ය. පන්සල ඉස්සරහා වැඩේට සෙට්වෙන හොද රජයේ ඉඩමක් ඇත. ෂේප් එකේ වත්තට රිංගලා වැටමාර පොලු ටිකක් කපා ගත්තෙමු. 

මේ අතර දෙන්නෙක් මිසින්ය. රජයි යුවරජයි අතු කපනවාය. 

රජා: කෝ ඕයි අරැන් දෙන්නා?

යුව: දන්නෑ ඕයි... අන්න පිටිපස්සට ගියා. 

රජා: බලලා එනවා ගිහින්...

ඈතින් ඇසෙයි....

යුව: මෙන්න මුං අඹ කඩනෝ.......................

අම්මටසිරි... හොරන් කඩන අඹ පට්ටම රහය. රජා රෙද්ද කරේ තියාගෙන වැටවල් අස්සෙන් රිංගගෙන පණ කඩාගෙන ඒ පැත්තට දිවවේය. 

රජා: කෝ යකෝ මට...

යුව: අඹ නෙමේ ඕයි... තැඹිලි!

රජා: @#$%^&&*(

අඹ මොකද තැඹිලි මොකද? අපි ඔය හොර වැඩ වලට නැත. රජා යනු කඩලා මට දීපන්. මම බොනවා තියරියේ ඩයල් එකක්ය. කොහොමින් කොහොම හරි වල්ලෙන් ගෙඩි 10ක් විතර අතුරුදන් උනේය. බීවේ කවුද කියා තවමත් කිසිවෙක් දන්නේ නැත. හැබැයි ඒ තැඹිලි ගහ ගැන දැනගත්ත එක හොදය. හදිස්සියට මුත්‍රා දැවිල්ලක් එහෙම හැදුනොත් නෙහ්??? අපේ ගස්වලට වැඩිය හොරෙන් කඩන් බොන ඒවට ක්ෂණික සනීප වෙනවාය. ;)



 


කොහොමින් කොහොම හරි  පට්ට  චාටර් එකක් කාලා වැට හදලා ඉවර කලේය. ගානට 6.30 වෙනකොට වැට බාර දුන්නේය. පහන් පත්තු කරලා ලස්සනේ බැරිය. හොදම සීන් එක උනේ බෝධි පූජාව ඉවර වෙලාය. පූජාව ඉවරවෙලා ආච්චිලා දෙන්නෙක් හෙන දිග පැදුරක් උඩ හිටගෙනය. ඒක ආච්චි කෙනෙක් මේ පැත්තේ ඉදන් පැදුර අකුලගෙන ඇවිත් රජා ගාවින් නැවතිලා මෙහෙම ඇහුවේය. 

ආච්චි: මේක අදිමුද??? අර අයින් වෙන්නේ නෑනේ දෙන්නා... 

රජා: හෙහ... වැටෙයිද දන්නේ නෑ.

වාක්‍ය ඉවර කරන්න හම්බුනේ නැත. පිටිපස්සේ හිටිය එකෙක් ඇවිල්ලා රුස් ගාලා පැදුර ඇද්දේය. එතකොටම වගේ එක ආච්චි කෙනෙක් පැදුරෙන් අයින් උනේය. කෙලවරේ හිටියේ හෙන කෙට්ටු ආච්චි කෙනෙක්ය. උනේ මොකද්ද කියලා හිතාගන්නවත් වෙලාවක් උනේ නැත. කෙට්ටු දෙයක් දඩස් ගාලා බිම ඇද වැටෙනවා දැක්කේය. සූ ගාලා සෙනග වට උනේය. පිටි පස්සේ හිටපු කොල්ලෝ ටික හිකි හිකි ගගා හිනා වෙන්නේය. ටිකකින් ආච්චිව උස්සගෙන ඉස්පිරිතාලේ පැත්තට දුවනවා පෙනෙන දර්ශනයක්ය. සිද්ධිය එතනින් ඉවරය. 2014ටත් ආයේ පිරිත් නූලක් බැදගෙන රජා වහාම නිවෙස් බලා ආවේය. 


ප/ලි:

වැටිච්ච ආච්චිගේ උකුල් ඇටේ පැනලද පුපුරලාදද කොහෙදලු. ඔපරේෂන් කරන්න උනාලු. පැදුර කවුරුහරි ඇද්දා......... කොල්ලෝ මට හිනාඋනා...... කිව්වලු. ඒක අහපු වෙලේ ඉදන් රජාට හෙන අප්සට්ලු -_-

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

58 comments:

  1. දැන් ඉතින් බොටයි බොගෙ මල්ලිටයි නිතරම මුත්‍රා දැවිල්ල හැදෙයි :P
    පව් බන් අර ආච්චි :(

    ReplyDelete
    Replies
    1. :))

      ඔව් බං මටත් හෙන අවුල් :(

      Delete
  2. මුන් ඔහොම්මමයි හදන්නම බෑ.පව් රජෝ අර ආච්චි....අනවසරයෙන් තැඹිලි කැඩීම සහගහන අපරාදය...කළ වරදට පාට හතකින් චූ පළ....

    ReplyDelete
    Replies
    1. පාට හතකින්???? =))

      Delete
    2. පාලු වත්තක තැඹිලි ගහකින් හොරෙන් තැඹිලි කැඩුවට පාට හතකින් යන්න ඕනේනං නාමල්, ඉස්කෝලේ බුදුමැදුර ඉස්සරහ ගහෙන් *කා පිටින් තැඹිලි කඩපු උඹට "කෑලි විසිහතරේ පැස්ටල් පෙට්ටිය" වෙනුවට උඹේම චූ පාවිච්චි කරන්න්න පුලුවං වෙන්න ඇති නේද බං??

      Delete
    3. අඩෝ මේවා හෙන ගහන අපරාද...!!!මේවා ඔට්ටු නැතෝ...ඒ බං ඉස්කෝලෙනෙ,ඒ වත්ත අදුනනවනෙ

      Delete
  3. ඔය තැඹිලි ගෙඩියක් දෙකක් කැඩුවට ගහ මැරෙන්නේ නැහැනේ බං..හෙට අනිද්දා කට්ටිය එක්ක ගිහින් වටේ හාරලා පොල් පොහොර ටිකක් දාලා වරෙන් 2015 දී තව සෙට් එකකට වැඩක් ගත්ත හැකි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... හොද අදහසක් හැබැයි :)

      Delete
  4. රජා ඔය කරලා තියෙන්නේ වැඩක් ........

    ReplyDelete
  5. යකෝ මෙහෙම පළවෙනිදා තැඹිලි බීලා අපේ එකෙක් හරියටම පෙබරවාරි 14 වෙනිදා මලා! උඹටත් එහෙම වෙයිද දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. එක අතකට හොදයි බං... :)

      Delete
  6. ආච්චිගේ උකුල්-ඇටේ පැනල වෙන්නැති රජෝ... පිපිරුවනම් on-the-spot...

    ReplyDelete
  7. ඔය තියන්නේ අවුරුද්ද කුප්ප විදියට පටන් අරගෙන.. හැබැයි රජෝ.. මම කතා කරන හැම වෙලේම බෝලාගේ ෆෝන් කටුව බිසී නේ...

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ...... බලහන් නොම්බරේ හරිද කියලා! :)

      Delete
  8. අවිනිශ්චිත විදියට පටන් ගන්න දේවල් හොඳින් අවසන් වෙනවලු! එහෙමම වේවා කියල ප්‍රර්ථනා කරනවා.
    ආච්චි අම්මාට ඉක්මනින් සනීප වේවා!

    ReplyDelete
  9. ඒ පව් ඕයි අර ආච්චි....
    උඹ රයිටින් ඉස්ටයිල් එක සුට්ටක් විතර වෙනස් කරලා වගේ නේ....:o

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ... එලෙසමයි! :)

      Delete
    2. ඔය කිව්වට ඇබින්දක් වෙනස් කරලා, දන්නෝ දනිති. හිකාස්ස්ස්ස් හික් හික්

      Delete
  10. රජාගේත් වැඩ

    ReplyDelete
  11. අනේ බොල. රජකමටනම් ඔය සුදුසුකම් ඉහටත් උඩින්! පව් යකෝ අර ආච්චි. හිනාත් යනවා ඒ ටික ලියලා තියෙන හැටි මේකා.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් මේ යන විදියට උඹට ඉතා ඉක්මනින්ම මේ රටේ රජ වෙන්න පුළුවන්.:D

      Delete
    2. ඉතින් බං ඇත්ත ඇති සැටියෙන් තමා ලිව්වේ :)

      Delete
  12. පහන් වැට හදපු පිනයි, හොරෙන් තැඹිලි කඩපු එකේ පවයි ඒ මොහොතෙම පටිසන් දීල වගෙයි.

    ReplyDelete
    Replies
    1. දුක තමා සිරිසේන :((

      Delete
  13. ඔන්න රජෝ තැබිලි කැඩුවට කමක්නැහැ හැට්ට කට්ට ගහන්න යනව නෙවෙයි...හි හි

    ReplyDelete
  14. සැක් හිනා වෙච්චි එක තමයි කැතම සීන් ඒක රජෝ. යකෝ මට පිරිත් නුල් බැන්දම වැඩිම වරුවයි අතේ තියෙන්නේ :) 

    ආච්චි පවු. ඉක්මන් සුව පතමු !!

    ReplyDelete
    Replies
    1. හිනා ගියා අප්පා :((

      වරුව උනාට.....මේක නැතුවම බෑ!

      Delete
  15. "මට්ටවල" ඒ රජා මොකක්ද බං ඒ? :(

    ReplyDelete
    Replies
    1. කොහු මෝල්වල පොල්ලෙලි පෙඟෙන්න දාන වලට වෙන්න ඇති.

      Delete
    2. ආ... ටැන්කිව් ඈ...

      Delete
    3. අන්න ඒක තමයි!

      Delete
    4. මට්ටවල නෙවෙයි ඕක හරියට තීරෙන්න කිව්වනං "මට්ට වල"
      ඒ කියන්නෙ මට්ට පල් වෙන්න දාන වල. මට්ට කියන්නෙ පොල් ලෙලි වලට කියන ප්‍රාදේශීය ව්‍යවහාරයේ වචනයක්නේ.

      Delete
  16. අර ආච්චිට නිවන් සුව ලැබේවා....

    ReplyDelete
    Replies
    1. මැරුනේ නෑ යකෝ @#@$@#%#$%%^&^*

      Delete
  17. හොර තැබිලි වල රස දන්නේ හොරෙන් බීපු උන්ම විතර්යි............ගෙදර ගහේ ඒවාට වැඩ හොර කන ඒවා ෆට්ට රසයි

    ReplyDelete
  18. ඔක්කොමත් හරි මොකද්ද බං අර අන්තිමට කරපු වැඩේ.. හරි අප්සට්..

    ReplyDelete
  19. අන්තිම වැඩේ කරපු එකා කවුරු උනත් ඒ කරපු වැඩේ කැතයි !
    වයසක මනුස්සයා විසික්කා වෙලා පොලොවේ ඔලුව එහෙම වැදුනා නං තත්වේ මීට වෙනස් වෙන්ඩත් ඉඩ තිබ්බා.

    ඒ ඇරෙන්න ගත්ත ෆන් ටික නම් මරු !

    ReplyDelete
    Replies
    1. කැතයි කියන්නේ හෙනම මෝඩයි :(

      Delete
  20. යකෝ ජනවාරි 01 වෙනිදවත් හොර වැඩක් නොකර ඉන්න බෑනෙ....

    ReplyDelete
  21. රජා අලුතින් පෝං එකක් ගත්තද මේ ෆොටෝ ගහලා එල්ලලා තියෙන්නෙ....අපිත් ඉස්සර පන්සලේ රෑට පාඩම් කරනකං හොර අඹ කෙලියේ තමයි නිරත වුනේ....

    ReplyDelete
    Replies
    1. නෑ... පරණ පෝං එකක් තිබිලා හැදුවා :)

      Delete
  22. ඕවා යකාට ඇරපුවද දන්නේ නෑ. පරිස්සමින්. :p

    ReplyDelete
  23. වඩේ නම් එල. g-)
    ඒ වුනාට අච්චී නම් පවු.d(

    ReplyDelete
  24. අපිත් හොරට තැඹිලි කපු සීන් එකක් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. එහෙමද? :)

      Delete
  25. තැඹිලි කෙරුවාව නං ඉද හිට අපේ ගං වලද අපි කරන්නේය... හැබැයි ආච්චිලා ඉන්න පුදුරු නං ඇදල නැත... මං හිතන්නෙ රජාවත් කවුරු හරි පැදුරකිං ඇදල දායි..
    අර කතාවට කියන්නෙ අද මට නං හෙට තොට කියල

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)