Tuesday, November 12, 2013

කෙල්ලනේ...උඹලට එකට වැඩ බැරි ඇයි? - Dear Girls... Y U No Work Together???


අර කවුද කියනවා වගේ අපිට වෙන්නෙම මහාම මහා අළුගුත්තේරු වැඩමය.මේවා නම් පෙර කල කුසල් වල බල මහිමයෙන් අපිට හම්බෙන ඒවාය. ඒ ගැන කිසිදු සැකයක් නැත. 

මේ තාක් කාලෙකට හම්බුන අමාරුම එසයිමන්ට් එක කරලා ඉවර උනා විතරය. ඊළග සතියේ ගෘප් ප්‍රොජෙක්ට් එකක් සම්බිට් කරන්න තිබ්බේය. ඊටත් පස්සේ සතියේ තව එසයිමන්ට් එකක්ය. මේ දවස් ටිකේ නම් හිටියේ හුස්ම ගන්නවත් අමතක වෙලා වගේය. දැන් ඒ ඔක්කොම අහවර වෙලාය. බාගවිට තව අවුරුදු බර ගානකට ආයේ එසයිමන්ට් නම් කරන එකක් නැත. තව තියෙන්නේ රිසර්ච් එකයි එක්සෑම් ටිකයි ගොඩ දාගන්න එකය. එතකොට රජාත් ගොඩය. රට වස්සෝ ටිකත් ගොඩය. ;)

සාමාන්‍යයෙන් ගෘප් ප්‍රොජෙක්ට් කරලා අපිට පුරුදුය. කලින් අවුරුදු වල එහෙ මෙහෙ ක්ලාස් වල බොක්කේ සෙට් එකතු කරගෙන ඕන තරම් ගෘප් ප්‍රොජෙක්ට් ලස්සනට ගොඩ දැම්මේය. කාටවත් අසාධාරණයක් උනේ නැත. ලස්සනට හැමෝටම වැඩ බෙදිලා යන්න කට්ටිය වැඩ බාරගත්තේය. 

ඒත් සමහර වෙලාවට සමහර අමුතු ගෑණු උදවිය ගෘප් වලට වැටෙන්නේය. ඒ අර අපේ පෙර කල කුසල් බල මහිමයන්ය. එහෙම උනාම හෙනම අවුල්ය. ගෘප් ප්‍රොජෙක්ට් කරපු උන් මේ ගැන ලෙසටම දන්නේය. අනිත් උන්ගේ වැඩත් එයා බදාගෙන, අන්තිම මොහොත වෙනකන් තැටමුවාය. ඒක නිකන් අර මොනවද බර හැදිලා පිට්ටනිය හෙව්වා වගේ සීන් එකක්ය. අන්තිම මොහොතේ පිට්ටනිය හොයාගෙන දුවන්න ගිහින් පාර දෙපැත්ත හිටපු උන්ටත් ඩෙටෝල් ගාගෙන නාන්න උනේය. 


එසයිමන්ට් එක සබ්මිට් කරන්න උනේ අන්තිම මිනිත්තුවේය. 4ට ඊ සබ්මිෂන් ලින්ක් එක සුද්දා අතුරුදහන් කරන්නේය. අපි දෙනකොට 3.58ය. ඒ වෙලාවෙත් අනිත් උන් කරපු ඒවාටත් එයාගේ නම දාන්නලු. නැත්තන් එයා කරපු ටික අයින් කරගන්නවාලුය. එයාට අපිට වඩා වැඩිපුර ලකුණු ඕනෑලුය. මේක ගෘප් ප්‍රොජෙක්ට් එකක්, ලකුණු හම්බෙන්නේ ගෘප් එකට මිසක් වෙන වෙනම නොවේ කියන එක එයාට කොච්චර කීවත් තේරෙන්නේ නැතිලුය. අන්තිමට එයා කියන දේ අපිට කරන්න උනේය. 

කොල්ලෝ, කොල්ලන්ට බොක්ක දෙන්න හිටියට...කෙල්ලෝ, කෙල්ලන්ට එහෙම නෑ කියලා ඉස්සර ඉදන් දැනන් හිටියේය. ඒත් මේ තරම් ආත්මාර්ථකාමී, දුෂ්ඨ කුප්ප අදහස් තියෙනවා යැයි නම් දැනගත්තේ එදාමය. අපිට නම් එපාම වෙලා ගියේය. අවසානයේ ඔය මොකද්ද එක අමුණලා දීලා ලයිබ්රි එකේ තිබ්බ මොඩල්ස්ලා ඉන්න මැගසින් එකකුත් බලලා කට්ටිය සතුටින් විසිර ගියේය. 

මේ ඊයේ පෙරේදා එසයිමන්ට් ඉවර වීමේ සතුටට නුගේගොඩ පැත්තේ පොඩි පාටියක් දැම්මේය. ඕකෙදි එකෙක්ට කෙල්ලෝ ගැන උපදෙස් දෙන්න ගිහින් අපිට එහා පැත්තේ හිටපු පොශ් ආච්චි කෙනෙක් ඕක අහගෙන ඉන්න බැරිවද කොහේදෝ එතනින් නැගිටලා යන්න ගියේය. NSBM එකේද කොහෙද පිස්සු හැදෙන කෑලි එතනින් එහෙට මෙහෙට යන්නේය. කට්ටියම ඒක දිහා බලාගෙනය. 

එකෙක්: අන්න කෑලි නම් කෑලි...

රජා: මූ මචන් හොයන්න ඔය වගේ සුපිරි එකක්...

අනිකා: උඹට මේ කපේ නම් කෑල්ලක් දාගන්න වෙන්නෑ...

ඌ: අම්මා හොයලා දෙන එකක් බදිනවා බං....

අනිකා: මූ බදී ඉතින් පෙට්ටි කැඩිච්ච හුචක්කුවක්... යකෝ මේ අහපන්.... කෙල්ලෙක් දාගන්න ලස්සන ඕනේ නෑ. උඹට ලස්සනත් තියෙනවා. ඒත් කෙල්ලෙක් නෑ, පොඩ්ඩක් උඹම හිතපන් ඒ ගැන.

මෙතන ඉන්න හැම එකාට කෙල්ලෙක් ඉන්නවා. දැන් කීයද උඹට වයස?

ඌ: 24යි..

අනිකා: බලපන් ඉතින්...පොඩ්ඩක් හිතහන් බැදපු දවසට කෙල්ලගේ පෙට්ටිය කැඩිලා උඹේ නූල කැඩිලා නෑ.. කෝමද තත්වේ??

ඔන්න ඔය පාට් එක කියනවාත් එක්කම එහා ටේබල් එකේ ආච්චි එක පාරටම නැගිට්ටේය. අපිටත් මීටර් උනෙ එතකොටය. නිකන් රෙදි ගැලවුනා සේ දැනුනේය. අපි හිනාවෙච්ච පාරට ඉස්සරහා ටේබල් එකේ සුද්දෝ ටිකත් තෝන්තුවෙලා ගියේය. විලි හැත්තෑවය. රජා අර හෙන උස කෝක් එකේ පියන ඇරලා ඒකට බැහැලා වහගන්න හැදුවේය. තව එකෙක් වීදුරුවේ ඔළුව ගහගන්නේය. එක විකාරයය. :D :D


අන්තිමට නිකන් දුන්න කෝක් මග් එකත් බෙදාගන්න බැරුව දැගලුවේය. එකාට එක ගානේ දීලත් ඒක බෙදාගන්න බැරුව දගලනවාය. රජා බොහොම අමාරුවෙන් ඒක උදුරගෙන අරන් ආවේ දැඩි චාටර් වීම හමුවේය. මූ දැන් ඕක අරන් ගිහින් කැබිනට් එකේ දාලා තියෙනවලු අරකය මේකය. ඕක කෙංගෙඩියක් කියාගන් කියලා තාලෙට වචන දෙකකුත් කියලා රජා කොටුව බලා ඇදුනේය. 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

73 comments:

  1. //ඒත් මේ තරම් ආත්මාර්ථකාමී, දුෂ්ඨ කුප්ප අදහස් තියෙනවා යැයි නම් දැනගත්තේ එදාමය. අපිට නම් එපාම වෙලා ගියේය.// වැරදි වැටහීම් වහා නිවැරදි කර ගනු !!! :D

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතින්... ඔය කියන්න හදන්නේ...ඔයා එහෙම නෑ කියලනේ.... :P

      Delete
  2. හෑ...පෝ...... දැන් ලංකාවේ කෙල්ලෝ එහෙමද?නැත්තන් උඹලා කෙල්ල කරපු වැඩ ටිකට නම දා ගත්තද :)) =))

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා එකක්.. =D>

      Delete
  3. අඩේ එසයිමන්ට් කොරන එකනම් පට්ට එක්සර්සයිස් එකය ඉටත් වඩා වටින්නේ ගෲප් ප්‍රසන්ටෙර්ෂන් කොරන එකය මගේ මායියා සෙට් උනේත් ඔන්න ඔහොම එකක් කොරන්නට ගොසින්ය හික්ස්

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා...එහෙමද?? සිරා සීන් එක :))

      Delete
  4. මුන් ටික දවස් ගානක් තිස්සෙ පිස්සු කෙල කෙල ඉඳලා අර කෙල්ල බොහොම අමාරුවෙන් ප්‍රොජෙක්ට් එක ඉවර කරල දුන්නට පස්සෙ මුන් ටික පෝලිමට ලකුණු දාගන්න ගියාම ආත්මාර්ථකාමී දුෂ්ට අදහස් එන්නෙ නැති‌ වෙයිද මඩයෝ.... හි හි...

    ReplyDelete
    Replies
    1. අනේ නපුරියේ... ඉටිගෙඩිය තමයි. කෝමද වෙලාවට සබ්මිට්කරගන්න බැරිඋනානං එහෙම.... එයා ලකුණු දෙයිද අපිට b-(

      Delete
  5. කියන්ට දෙයක් ඔලුවට එන්නෑ බන් :D

    ReplyDelete
    Replies
    1. තොට ඔළුවන් නෑනේ යකෝ... =))

      Delete
    2. උබේ ඇස් පොට්ටද? නැත්තන් ඇස් පිහිටල තියෙන්නෙ පුකේද? තියන තැනකින් හොදට බලහන් ඇස් ඇරල :D

      Delete
    3. හු ඈ ඉදගෙන w-)

      Delete
  6. මේක ලියන උබටද නැත්නම් කියවන අපිටද පිස්සු ????

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නේ, කියවන්නේ කොහොමත් අප්සට් උන් තමා බං.. :))

      Delete
  7. udeya wasikili gihin rena widihath thawa tika dawasakin mu meke liyanawa sure...

    ReplyDelete
    Replies
    1. උඹලා එනවනේ කියවන්න??? =))

      Delete
  8. යකෝ අර පොෂ් ආච්චි ඇති ඔහොම ශේප් උනා. මන් නම් හිතුවේ කන්වල ඇගිලි ගහගන්න දෙකක් කියයි කියලා. මනුස්සයෙක්ට අහන් ඉන්න පුලුවන් කතාද බොල ඔය.?

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ බැරි.... ඔය ඇහෙන්නේ අපූරුවට :))

      Delete
  9. හපො ඔය ගැනුත් එක්ක හවුල් වැඩ වලට නම් යන්න එපා.

    ReplyDelete
  10. කියන්න දෙයක්නම් නැත.උබලට අසාදාරනයක් උනා කියලනම් මමත් පවුද්ගලිකව දන්නවා. අර අන්තිම කෑල්ලේ ආච්චි පිබගෙන ගියපු හැටියටනම් ගෙදර ගිහින් තාමත් අපිට බිනවා ඇති . විශේෂයෙන් මට ;-)

    ReplyDelete
    Replies
    1. බුහහහහා....... ඔව් යකෝ!!! ගූ 7යි වැලි 2යි එතනම =))

      Delete
  11. ඔය කට්ට හොදටම දන්නවා රජෝ මේ දවස් ටිකේ අවසාන අවුරුද්දේ ප්‍රොජෙක්ට් එකයි රිසර්ච් එකයි තියනවා. වෙලාවට චීත්ත රෙදි එකක්වත් නෑ group දෙකේම. ඒත් අපි පුක ඉරාගෙන වැඩ කරද්දී අපේ උන්ම කෝල් එකක් දෙනවා, අඩෝ සොරි බන්. මට එන්න බැරි උනා බන්. මගේ නමත් දාහන් මොකේට හරි කියලා. එතකොට තමයි ඉතිං ජාතිය මතක් වෙන්නේ. ඒත් අපේ උන්මනේ. මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. අහ අහ අහා.... සේම් ස්ටෝරි :))

      Delete
  12. වීඩියෝ එකනම් සිරා ය.ලේඩිස් ටොයිලට් සින් එකත් පට්ට ය rofl
    .ඔය පෙන්නපු පිලුම් ඔක්කොම මා ලාගත් තියේ ය.අර කෙල්ලටනම් රිටන් එක දීපන් අමතක නොවෙන්න :p

    ReplyDelete
    Replies
    1. අපි කැම්පස් එකේ වයිෆයි වලින් බාන්නේ... හොද ළමයි නෙහ්? :))

      Delete
  13. උඩම පොටෝ එක නම් පට්ටම ආතල්.. උබලත් ප්‍රොජෙක්ට් එකට කලින් Hang over වෙනවද?

    ReplyDelete
    Replies
    1. තනිකරම සිරා සිද්ධිය නේ කියහන්කෝ :))

      හහහා....අවසාන එකේ එහෙම වෙන්න නියමිතයි!!!

      Delete
  14. තවම ගෘප් ඒවා සෙට් උනේ නැති හින්ද කොහොමද කියන්න හරියටම දන්නේ නෑ. එත් කෙල්ලෝ ඕවට සෙට් උනාම මල වාතයක් වෙන බව නම් මම අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං මතක තියාගන් :)

      Delete
  15. අර වාත කෑල්ල ද වීඩියෝ එකේ එහෙන් මෙහෙන් පේන්නේ?

    ReplyDelete
  16. අපි නම් කරන තරමක් ප්‍රොජෙට් කලේ කෙල්ලෝ එක්ක.. මොකෝ උන් ලියලා ලස්සනට හදලා අපේ නම් දාලා බාර දෙනවනේ..

    ReplyDelete
  17. අර ෆොටෝ එකේ ඉන්නේ රජාත්, රට පාලනයට උදව් කරන ඇමති මණ්ඩලයත්ද? රජා නම් ගොඩ යයි තමා. රටවස්සන්ට ඉතින් දෙවියන්ගේම පිහිටයි. :D

    ReplyDelete
  18. කෝ රජෝ මගේ කොමෙන්ට් එක.

    ReplyDelete
    Replies
    1. නෑනේ.... ස්පෑම් වලත් නෑ!!

      Delete
  19. ඔය කිව්වට මෙහෙම කතාවකුත් ඇත
    අම්මා :- කොහෙදිද යකෝ ඕක උනේ?
    දුව :- ප්‍රොජෙක්ට් එක කරනකොට අම්මා
    අම්මා :- කව්ද යකෝ ඔය බඩේ ඉන්න එකාගේ තාත්තා?
    දුව :- හරියටම දන්නෙ නෑ අම්මා. මෙක group ප්‍රොජෙක්ට් එකක්

    ReplyDelete
  20. හපෝ... ගෲප් ප්‍රොජෙක්ට් !

    ReplyDelete
  21. ඔය වගේ සුන්දර ගතිගුණ ඇති ලලනාවක් සමඟ ගෲප් පොජෙක්ට් කරනකොට ක්‍රෙඩිට්ස් පේජ් එකක් දාපං දෙවෙනි පි‍ටුවටම.

    STARRING: NAME, NAME, AND NAME.
    EXECUTIVE PRODUCER: NAME
    DIRECTOR: NAME
    MAKE UP: NAME
    WARDROBE: NAME
    CAMERA; NAME
    LOCATION; NAME
    MUSIC:NAME
    ETC.

    ReplyDelete
  22. අපෝ බං අපේ ආච්චිලා පාරක තොටක යවන්නත් බයයිනේ.. උඹල කියන කතාවලට බඩ වෙනවනේ

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... උඹලෑ ආච්චි තාම ලොකු ලමෙක් වෙලා නෑනේ :))

      Delete
  23. අනේ මන්දා මූ වහෙන් ඔරෝ මොනවද මේ කියන්නෙ කියලා

    ReplyDelete
  24. යකෝ අපේ නම් කෙල්ලෝ තමා වැඩ වැඩිහරියක් කලේ.අපි තමා නම් ගහ ගත්තේ.බෝලාගේ ෆැකල්ටියේ ඉන්න මහා නරුම කෙල්ලොනේ බන්.

    ReplyDelete
    Replies
    1. නරුම කියන්නේ හෙන දුෂ්ඨයි :(

      Delete
  25. යකෝ බොට එකක් කියන්නම් රජෝ. තෝ තොගේ පාඩුවේ හිටු හරිය. NSBM එකේ එව්වට ඇහැ දාලා තෝගේ රජකමත් නැති කරගන්න හරිය. ඇයි යකෝ අපේ එවුන්ට තොපිලා මෙව්වා කලාම අපිට යන කල දසාව මොකද්ද යකෝ.

    ReplyDelete
    Replies
    1. හරි මගුලක්නේ යකෝ මේක... කෙල්ලෝ ඔක්කොම උස්සනවා දැනගනින් :))

      Delete
  26. රජෝ සීරියස් අහන්නේ....ඇත්තටම බං පෙට්ටිය කැඩිලා කියන එක ප්‍රශ්නයක්ද? ඒ ගැන උඹලාගේ සෙට්වල අදහස මොකක්ද?

    මේ කොල්ලෝ කෑම බීම කන තැන්වල හරියට හැසිරියන් බං. මොකද කන්න බොන්න එන අය , ඒ දේ අනිත් අයගෙනුත් බලාපොරොත්තු වෙනවා. නිකන් කිව්වේ.

    ReplyDelete
    Replies
    1. කට්ටියගේ අදහස විමසා බලලා වෙනම පෝස්ටුවක් ලියන්න වෙයි වගේ... :)

      ඕවා ලියන්න ගිහාම මාව පට්ට පජාත වෙලා යනවා ඕයි... :))

      //මොකද කන්න බොන්න එන අය , ඒ දේ අනිත් අයගෙනුත් බලාපොරොත්තු වෙනවා.//
      අදාල නෑ....... =))

      Delete
  27. මම එව්ව වීඩියෝ එකෙන් මොකුත් ලියන්න අදහසක් නැද්ද....ඒකෙනුත් වැඩක් ගනින්...

    ReplyDelete
    Replies
    1. අයිඩියා එකක් එන්නෙම නෑ අප්පා :(

      Delete
  28. රජා heading එකේ රජා මරලානේ. Dear Girls... Y U No Work Together??? නෙවෙයි Dear Girls... Why can't you Work Together??? වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හරි හරි බං... ඕක අර memes වල ලියන විදිහට ලිව්වේ :))

      Delete
  29. ado Rajo Ubala ape NSBM eke kellanta balma danawa ehema newee. allala kadanawa adu. :P

    ReplyDelete
    Replies
    1. හිටපන්කෝ... මම ඕකෙනුත් කෙල්ලෙක් දාගෙන පෙන්නන්න c-)

      Delete
  30. ඒක නං සිරාය... අපේ හොද ඇත්තේ අපිට ඕනැ ගෘප් එක හදාගත්තෑකිය. ඉතිං කෙල්ලන් කපලා කොල්ලො පමණක් සිටින පරිදි හෝ වැඩක් කරගත හැකි කෙල්ලෙක් පමණක් ඇදා ගැනීමට අප වගබලාගන්නෙමුය...

    අර අනිත් කතාවත් පට්ටය. එය නං සැලකිය යුතුමය. හැබැයි ලස්සනද ඕනෑය.

    ReplyDelete
    Replies
    1. යකෝ බෙදාගන්නත් බැච් එකටම ඉන්නේ එකම එකයි.. :))

      Delete
  31. වීඩියෝ එඩිටින්ග් නම් මරු රජෝ........

    ReplyDelete
    Replies
    1. රජ එඩිටින් බං ඒකයි :))

      Delete
  32. අර වීඩියෝ එකේ ඉන්නේ ඒ දැරිවි ද ! :) එල රජෝ

    ReplyDelete
  33. වීඩියෝ එකේ අග ටික 18++++ අයට විතරද?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)