Wednesday, July 10, 2013

වැසිකිළි කතා (හිරිකිත හිතෙන අය කියවීමෙන් වළකින්න) - Toilet Stories (Please don't read, if you feel disgusting )


අපේ ඩිග්‍රි කෑල්ලේ එක විෂයක එක උප කොටසක් වෙන්වී ඇත්තේ අපවිත්‍ර ජලය කළමණාකරණය හා ජලය පවිත්‍ර කිරීම (Waste Water Management and Water Treatment) පිළිබදවය. ඕක උගන්නන්න එන්නේ පේරා ඩොකෙක්ය. සිරාම ඩයල් එකය. කියලා දෙන එක බොක්කෙන්ම කියලා දෙන්නේය. මිනිහට තියෙන එක්පීරියන්ස් ලොරිය දැක්කහම මුළු සර්වාංගෙටම ඇඩෙන්නේය. කොහොමහරි මේ ඊයේ පෙරේදා තිබ්බ ලෙක්චර් එකේදී ඉගැන්නුවේ ටොයිලට් ගැනය. සමහර ඒවා ඇහුවම ලෝකෙ ගැන දුක හිතෙන්නේය. අනිත්වට මැරෙන්න හිනා යන්නේය. ඒ උගන්නන අස්සේ වටපිටේ ඉන්න උන් කියන ඒවා, හම්බෝ...හිනා වෙලාම බඩවැලුත් ඇදවෙලාය. 

අපේ සර් මහත්තයා දෙයියනේ කියලා ලෙක්චර් එක පටන් ගත්තේ පට්ට ලැට් කතා දෙක තුනකින්ය. 

ඒක පුත්තලම පැත්තේ සුපිරි හෝටලයක්ලු. ස්විමින්ග් පූල් එහෙමත් තියෙනවලු. හැබැයි ටොයිලට් එක දැක්කම ඇඩෙනවලු. තියෙන්නේ තල් කොළ වලින් වට කරපු කොමඩ්ලු. ඒකත් හෝටලේ පිටිපස්සට වෙන්න බීච් එකේලු. ඒ ඇයි කියලා අහපුවාම හෝටලේ උන් කිව්වලු “මේක මේ ග්‍රීන් කන්සෙප්ට් එකට හැදුවයි“ කියලා... :D

ඕකට මරු මරු උත්තර පසුපස පේළි වලින් ඇසුණි...

අඩෝ පුකට හුළං පාර වදිනවා ඇති නේ මරුවට...
හුළගට බෙට්ට විසිවෙයිද දන්නෑ යකෝ...

දෙවනි කතාව සර් කරපු රිසර්ච් එකකින්ය. මේ සීන් එක වෙලා තියෙන්නේ නාවලපිටිය පැත්තේ කොළණියකය. කොළනියට වැසිකිළි පහසුකම් නෑලු. කට්ටිය යන්නේ ලග තියෙන දොළ පාරවල් වලටලු. කැතම සීන් එක කියන්නේ දොළවල් දෙකක් වෙන් කරගෙනලු තියෙන්නේ ගෑණු ඇලයි, පිරිමි ඇලයි කියලා...ඔය කොළණියෙම සමහරුන්ට අහස පේන්නේ නැතුව බෙට්ට වැටෙන්නෙත් නෑලුනේ. :D 

එදා තවත් පට්ට සංවිධානයක් ගැන දැනගන්නට ලැබුනේය. ඒ ලෝක වැසිකිළි සංවිධානයයි. [World Toilet Organization (WTO)] අම්බෝ...මුළු හෝල් එකේම උන් හිනා උනේය. සර්ටත් හිනාය. මරු කතා ටිකක් ඇහෙන්නේය.

අඩෝ කොහොමද මම වැඩ කරන්නේ ලෝක ලැට් සංවිධානේ කියනකොට... 
බුහහහා...
කට්ටිය රෙන දිහා බලාගෙන ඉන්න තමා තියෙන්නේ...


තවත් තියෙන පජාතම සීන් එක නම් පාවෙන වැසිකිළි හෙවත් Flying Toiletsය. මේකෙදි කරන්න තියෙන්නේ ෂොපින් බෑග් එකකට කරන එක කරලා පුළුවන් තරම් ඈතට විසි කරන එකය. මේ පුළුවන් තරම් ඈතට විසිකරනවා කියන්නේ ජීවත් වෙන ප්‍රදේශයෙන් ඈතට ගෙනිහින් දානවා කියන එකය. අපේ උන් ඕක තේරුම් ගත්තේ වෙන විදිහකටය. 

කොහොමද නිකන් අර ෆිල්ම් වල වගේ මේම මේම ඔළුව වටේ කරකෝලා ෂින් ගාලා විසි කරනකොට... කට්ටිය එතන රගපාන්නේය. වැඩේ හොදය. හැබැයි ඉතින් හතර වටේ ඉන්න උන් ටික ඉවරය. කරකෝනකොට බොග කටට උනත් යා හැකිය. 

තවත් තැනකදී ඇලකට බොග බාන කාපීරි දෙන්නෙක්ගේ පින්තූරයක් පෙන්නුවේය. හයියෝ සංසාරේ....පින්තූරේ කොච්චර සම්භාව්‍යයද කියනවානම් සමහර උන් ඔළුව බිත්තියේ ගහගත්තෝය. ඒ පින්තූරයම රජා හෙන කුණු ගේමක් දී ගූගල් දෙයියාගේ සරම අස්සේ තිබී මෙසේ හොයාගත්තේය. 



මේක දැකපු ගමන් රජාගේ බෝඩිමේ ඉන්න නයිජීරියන්කාරයෝ අපේ උන්ට මතක් උනේය. පින්තූරය දැකලා ස(ර්)රුත් හිනා වෙද්දී... කවුදෝ එකෙක් මෙහෙම කිව්වේය. (තඩි හසියාද කොහෙද)

අඩෝ අර චුට්ටක් එලියටත්  ඇවිල්ලා.... :D :D

අපිත් ඒක දැක්කේ ඌ කිව්වාට පස්සෙය. අම්බෝ මට බෑ... මට ලෙක්චර් එකෙන් නැගිටලා යන්න හිතුනේය. ඇයි යකෝ මෙහෙමත් හිනා වෙන්න පුළුවන්ද? ඒ අස්සේ පින්තූරේ ඉන්න උන් දෙන්නා කියන දේ හඩ කැවීමකට ලක්උනේය. 

අඩෝ අන්න අරුන් පොටෝ ගහනවා...
බලහන් නිදහසේ රෙන්නවත් නෑනේ...මගුල...

හම්බෝ හිනා වෙලා බුරිය උල් වෙලාය. එදා දවසට ඉගෙනගත්තු මගුලක් නැත. බෙටි කතා හා චූ කතා විතරමය. 

ඔබ දන්නවාද???

  1. ලොව බිලියන 2.5කට පිරිසිදු වැසිකිළි පහසුකම් නැති බව
  2. ලොව බිලියන 1.1ක් පාරේ දාන බව
  3. සනීපාරක්ෂාවට යොදන එක ඩොලරයකින් ඩොලර් 5ක ආදායමක් ලැබෙන බව

මෙන්න ජාතික වැසිකිළි ගීතය - Click Here

ප/ලි: 

හොදට සෙනග ඉන්න පැත්තක් බලලා මමත් ගහනවා බං හොද වැසිකිළි සංකීර්ණයක්. ඇයි යකෝ 1$ ----> 5$ ක්. ලේසි නෑ ඈ...!


ඔය ලැට් එක කියන වචනේ හැදුනේ Latrine කියන ඉංගිරීසි වචනෙන්ලුනේ.


අළුතෙන්ම එන කොමඩ් වලට වතුර ඕනේ නෑලුනේ. නැනෝ තාක්ෂණෙන් බොග විනාශ කරනවලුනේ.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

103 comments:

  1. //World Toilet Organization (WTO)] //

    WTC කියන්නේ World Toilet Centre වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. සමහරවිට World Toilet community වෙන්න ඇති.

      Delete
    2. WTC එකේ තියෙන ටොයිලට් සුපිරි ඈ... බත් දාන් කතහැකි :))

      Delete
    3. WTF කියන්නේ WORLD TOILET F**K ද දන්නේ නෑ.....

      Delete
    4. na wtf kiyanne world toilet fedaretion kiya 1.....

      Delete
  2. හොඳ වෙලාවට කෑම කාලා ඉවර වෙලා මේක බැලුවෙ.... ( මට හිතාගත්තෑකි කෑම එක කන ගමන් ඔෆිස් වල ඉඳන් බ්ලොග් කියෝන උන්ට යන කලදසාව මේක කියෝනකොට... හි හි)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ හිරූ... මට රජ පවුලම මතක් උනා..

      Delete
    2. අන්න නියම රාපාක්‍ෂිකයො. කෑම එක කන්නෙත් රජ පවුල සිහි කර කර. :)

      Delete
    3. බත් කන වෙලාවට බත් කන්න ඕනේ. බත් කන්නයි බ්ලොග් බලන්නයි දෙකක් කරන්න බෑනේ...

      හැබෑටම බත් කන ගමන් බොගග් බාන්න බැරිද???? :))

      Delete
    4. මොකද බැරු අර අපේ ගෝවේ ඉන්න හාමුදුරුවෝ බොග බාන ගමන් කුරුම්බයක් බිබි “නැවෙන් බඩු බානකොට නැවට බඩු පටවන්නත් එබැයැ“ කියල කිව්වේ..

      Delete
    5. ලොල් :))

      හාමුදුරුවන්ට නං මොකෝ ඉතින්...අතින් ගානක් යනවයෑ!

      Delete
  3. මහ ලොකු ඩිග්‍රිය කිව්වට ටොයිලට් හදන්න තමයි වගේ යන්නේ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා!!! මේකා මේ සිවිල් ඉන්ජිනියරිං කියලා පු* ඉරාගෙන ඉගෙනගන්නෙ ටොයිලට් හදන හැටිද කොහෙද....

      Delete
    2. ඒවත් හරියට හදන්න ඉගෙන ගන්න එපැයි..
      නැත්තන් උඹලටත් පස්ස අල්ලන් ඉන්න වෙන්නේ අර පොටෝ එකේ වගේ කුණු ඇලකට තමා!!! =))

      Delete
  4. ඉස්සර සමුද්‍රදේවියේ දොරේ එනකොට කොරළවැළ්ල හරියේ මුහුදු වෙරළේ ඉන්නවා කට්ටිය පෝලිමට ඉඳගෙන. ඔය කට්ටිය වැල්ලේ වැඩේ කරලා මුහුද දිහාට ගිහින් රැල්ලක් එනකං බලං ඉඳලා රැල්ල ලඟට එනකොටම ඉඳගෙන හෝදගන්නව. ලඟදී ඒ පැත්තේ පදිංචියට ගිය මූදු රැල්ලට ටිකක් බය වගේ පොරකුත් වැඩේ කරලා හෝදගන්න ගියාලු.. පොර බය නිසා සෑහෙන ගොඩ ඉඳලා හෝදගන්න ට්‍රයි කරල්ල තියෙන්නේ. ඉතිං රැල්ල එනකොටම ඉඳගෙන අතින් හෝදන්න හදනවලු ඒත් රැළ්ල එන්නේ නෑලු.

    උඹ උවමනාම කෑල්ල කියලා නෑනේ.. ඔය වැසිකිලි වලින් එළියට එන waste water, treat කරලා පානීය ජලය හදන එක ගැන.

    ReplyDelete
    Replies
    1. තිසරගේ කොමෙන්ට් එක දැක්කම මට මතක් උනේ අමරදේව මහත්තයා ගේ සින්දුවක් මොඩිෆයි කරලා හදලා තියෙන සින්දුව, මතකද?

      උදේ පාන්දර වැල්ලට දුවලා
      වැල්ලේ රීලා මම එනවා...
      රීපු මගේ *ක සෝදා ගන්නට
      රැල්ලට උස්සල අල්ලනවා...

      .....
      ...

      මේකේ තව ගොඩක් තියෙනවා.

      Delete
    2. මෙන්න බලන්න මම ලියපු ඔය සින්දුවේ පෝස්ටුව... වීඩියෝවද සහිතය

      http://harshana-bc.blogspot.com/2012/10/definitely-18.html

      Delete
  5. නැනෝ තාක්ෂණේ තිබුණනං මං මුලින්ම විනාශකරන්නේ රජාව. මේකට රෙන එකත් විහිළුවක් වුණානේ. හිනා යනවා හලෝ මේ කතාවලට. මේ විහිලුව අස්සේම අර ඉගනගත් වටිනා දේ තව ටිකකුත් දැම්නං කොතරම් අගේද/
    ලැට් සම්පත් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බුහහ හහ හහහා... :))

      ඉගෙනගත්තේ මොනවද මතකත් නෑ..දවසම හිනා උන එකනේ කලේ...

      ලැට් වේවා!!!

      Delete
  6. Mamath dawasak kandak naginna gihin oka kala rajo. Patta athal!
    Hulan tikak wadeddi sanipe ba

    ReplyDelete
    Replies
    1. ඉතින් මමත් හෝටන්තැන්නේ ගස්වලට පෝර දැම්මා...
      ඔක්කොමත් හරි අර සීතල වතුරෙන් හෝදන්න ගිහාමනේ හිරිවැටෙන්නේ :))

      Delete
  7. අෆ්ෆා.හිතා ගත්තෑකි ආතල් එක :D

    ReplyDelete
  8. දැන් උබ ඉගෙන ගන්නේ ටොයිලට් හදන හැටිද නැත්නම් බොග දාන හැටිද ?

    ReplyDelete
    Replies
    1. ටොයිලට් හදලා, බොග දාලා, ඒවා සුද්ධ කරන හැටි!

      Delete
  9. ඕක මොකක්ද බං. උබේ මහාචාර්යවරයා දේශප්‍රේමී එකෙක්ද කොහෙද. ඔය අනුන්ට කින්ඩි දාන්න ඕන නෑ. උදේම ගාළු යන කෝච්චියකට ගොඩ වෙයන්. මහ මුහුදට පුක අල්ලන උන් බලන්නම ඕන නම්. සෙයිලම් කියන සිංහල සෝ එකේ ඩබ්ලිව් ජයසිරියත් ඉන්නවා ඔය සීන් එකටම.. අමරදේව මහත්තයගේ සින්ද්වකුත් තියෙන්නේ අහලා නැතෙයි..

    උදේ පාන්දර කුකුලා අඬන කොට,
    සරම අතට ගෙන අපි එනවා.................
    හෝ ගාලා රැළි නැගෙනා අතරේ,
    මහ මුහුදට පුක අල්ලනවා......

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඔය තිසරයත් කියලා තියෙන්නේ සේම් ඉස්ටෝරිය...

      Delete
    2. දෙන්නම ඒ පැත්තෙද? :))

      ඔය වගේද මේ කයිය --- http://harshana-bc.blogspot.com/2012/10/definitely-18.html

      Delete
    3. රජා ඔය ලින්ක් එක දාපු පෝස්ට් එකේ මම ඔය සින්දුවේ මම දන්න වර්ෂන් එක ලියලා තියෙනවා දැක්කද?

      Delete
    4. දුටිමි දුටිමි... ඉල නෑ හිනා වෙලා =))

      Delete
    5. අඩවි රජකං කලාට තාම ලින්ක් එකක් හරියට දාගන්න බැහැ.

      අපි ඇදේ සූ කොලමු...

      Delete
    6. උඹලා හිතුවද ඔය කෝඩ් ගගහ තටමන්න මට වෙන වැඩ නෑ කියලා :))

      පෝස්ට් එකේ ලින්ක් එක තියෙනවා... එතනින් බලන්න පුළුවන්. නැත්තන් ඉතින් කමෙන්ට් එක හයිලයිට් කරලා බලන්න පුළුවන්. බැරිනම් නිකා ඉදහන් :)

      Delete
  10. මංනං අර ෆොටෝ එක බලනකොටම දැක්කෙ අරූගෙ බාගයක් එලියට ඇවිල්ල තියෙන එක.
    කවුද යකෝ බෙට්ටෙං එකට පහක් හම්බකරන උං.

    ReplyDelete
    Replies
    1. =))

      මොකෝ කියන්නේ ගහමුද ලැට් එකක්??

      Delete
  11. මුම්බායිවල ජනගහණය මිලියන 22/23ක් වෙනවා. ඉන් 70% ක් ඉන්නෙ පැල්පත්වල. ඒවාට වැසිකිලි නෑ. වැඩිදෙනා යන්නෙ මුහුදට.. මිලියන දාහතරක් මුහුදට දාන කක්කා ප්‍රමානය හිතාගන්න පුලුවන්ද දවසකට ? ඔන්න මම ජයිය නමින් කතාව අන්තිම පේලියට දාලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලොක්කා කාඩ්!!!!!!! හම්බෝ!!!!!! :))

      Delete
  12. හැක් හැක් උඹ පින්වත්ත පැත්තේ රිසර්ච් එකක් කරපං. මාත් ඔය ලෝක ටොයිලට් සංවීදානේට ඇප්ලිකේෂන් එකක් දාන්න ඕන. මොන රෙද්ද කිව්වත් අන්තිමට කියපු ගනං හිලව් ටික තමා හොදටම තේරුනේ.. රජෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් උඹලට රුපියල් සත කිව්වොත් බෙට්ටත් කයි =))

      Delete
  13. ඒතකොට දැන් "ද වෙන්ඩ ඉන්ජා-වැසිකිලි සහ කැසීකිලි" ද ?

    ReplyDelete
  14. මගෙත් බුරිය උල් උනා බොල රජෝ හිනා ගිහිල්ල... පට්ටම ආතල් එකක් ඇති....

    ReplyDelete
    Replies
    1. මරු ඕයි... මේක ලියද්දි මටත් හිනා :))

      Delete
  15. අනේ බොල උඹලනම් කියයි.. හුළං වැදී වැදී කරද්දී නේ ආතල් එක තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. යමුද මීගමු බීච් එක පැත්තේ? :)

      Delete
  16. අනේ මන්ද රජෝ මන් කියෙව්වේ කමෙන්ටු ටික විතරයි :D :D

    ReplyDelete
    Replies
    1. අම්බෝ...ඒ ටික කියෙව්වම මදෑ!!
      මට රිප්ලයි දාන්න ගිහින් එපා උනා හිනා වෙලා =))

      Delete
  17. අඩෝ වතුරේ බැහැලා දානකොට බෙට්ට කැඩෙන්නේ නෑ බං. හෙන දිගට යනවා

    ReplyDelete
    Replies
    1. ඕං වතුරේ දාපු එකෙක් ඇවිල්ලා.....!!!!!

      වැව් වල නාන්න ගිහින් දාර සයිස් බෙටි හම්බෙච්ච කතා තියෙන්නේ බං ඕනේ තරම් =))

      Delete
    2. ඒකත් එහෙමද?

      මට හිතෙන්නේ ඕකට හේතුව, ජලය මගින් බෙට්ට මත ඇති කරන උඩුකුරු තෙරපුම නිසා එහි බර බැලන්ස් වී කැඩීම වැලකීම.

      සික් විතරක් මුන් :D

      Delete
    3. බුහාබුහාහහහා......
      මෙන්න මෙයා බෙට්ටටත් පිසික්ස් දාලා!!!
      RIP ආකිමිඩිස්

      අම්බෝ මට බෑ... =))

      Delete
    4. සයු අක්කත් දන්න දේවල්

      එකම අවුල බෙට්ට පීත්ත පටිය වගේ උඩට ඇවිත් කොන්දේ ඇලෙන එක...ඒකෙන් ගැලවෙන්න මර ගේමක් දෙන්න ඕනි

      Delete
    5. බුහහහා.. ඔය පයින්නේ බලල්ලූ :))

      Delete
  18. අඩෝ Flying Toilets කියන්කොට මතක් උනේ උඹ "අහවලාට" මඩක් ගහන්න යනවා කියලා. බලනකොට වෙන සීන් එකක්

    ReplyDelete
    Replies
    1. අනේ පව් ඒ පොඩි එකා... මහ එකා නං ඕනේ එකක්! :))

      Delete
  19. ෂික් බං, උඹ. අච්චර මහන්සි වෙලා හොයා ගෙන දාපු ෆොටෝ එක බලපං කැත.

    ඉතිං උඹල එදා ප්‍රැක්ටිකල් කළේ නැත්ද. :))

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔය පොටෝ එකමයි සර් පෙන්නුවේ.... ඒකම හොයාගත්තා ඉතින් :)

      Delete
  20. Replies
    1. ඇයි උඹට යන්නැද්ද? :))

      Delete
  21. අම්මෝ හොඳට හිනා වෙලා වගේ...
    අපිත් ඉගෙන ගත්තා ඔය පාඩම, පින්තුර සහ කතා රහිතව. :D

    ReplyDelete
    Replies
    1. එහෙමද? අපිනං හිනා උනා එපා වෙන්නම :))

      Delete
  22. මුන් ඉගෙන ගන්න එක කෙසේ වෙතත් හොදට හිනා වෙලා නම් තියෙන පාටයි...... =))

    ReplyDelete
  23. හිරිකිතයි ඔයි

    ReplyDelete
  24. හොදයි උබත් එහෙනම් හොදට එවුව හදන්න ඉගෙන ගනින්කො

    ReplyDelete
  25. අර චෙන්නායිවලත් එහෙමයි, පාරේ තමයි ඔක්කම, ශික්, එක එක එව්වා මහ ලොක්කෝ වාගේ කියවනවා හැබැයි ___________ පාරේ.. :/

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්..... ඔය කෑගහන උන්ව අල්ලලා ඔබන්න ඕනේ ලැට් වලක!!!

      Delete
  26. ubalage sir karayata toilet ekak tiyanawada kiyala ahuwe nadda?? campas 1e inna anith ewun gana hitha ganna puluwan.............

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි.... අන්න වැදගත්ම ප්‍රශ්නේ. අහන්න බැරිඋනා බං :((

      Delete
  27. ලැට් ගැන කිව්වාම මතක් උනේ ‍ලෝක වැසිකිලි වල තියෙන්නේ මුහුදේ :D :D

    මුහුදු මාලුනම් කන්න එපා මලම ජරාව ඔය මාලු කන්නේ කක්කා ලු. ඔරු ‍බොට්ටු වල යන උන්ට ලැට් කොහෙන්ද උන් මුහුදට කරලා එතනම දැල් දානවලු.. තව ටින් මාලු ගහන නැව් වලත් ජරාව මුහුදටලු දාන්නේ කක්කා කන මාලු එතනම අල්ලනවලු. වතුර විදියට ගන්නේ මුහුදු වතුරමනේ.

    දැන් හැම පැත්තෙම ජරාව යන්නේ මුහුදට අපි මාලු කියලා කන්නේ ‍කොචර ජරාවද

    ReplyDelete
    Replies
    1. සිරාවට නේ.... අපි සැමන් එහෙම කනවා උඩ දාගෙන :)

      Delete
  28. මට ටයිප් කර ගන්න පණ නෑ රජෝ හිනා වෙලා ම!

    ReplyDelete
    Replies
    1. මට ලෙක්චර් එකේදි ඕක උනා.. =))

      Delete
  29. යකෝ මමත් මේ ගූ සීන් එකක් ලියන්ඩ හැදුවා විතරයි

    ReplyDelete
    Replies
    1. බැනුම් අහගන්න වෙයිද මන්දා :))

      Delete
  30. සිවිල් කරනකොට ඔව්වා දැන්ගෙන ඉන්න ඕන බං..! ඒත් ගොඩක් උන් දන්නෑ..! අපේ රටේ ඒ ගැන් එච්චර උනන්දුවකුත් නෑනෙ.කොලඹ ඇරෙන්න.

    ReplyDelete
  31. බොග දැමීමේ කලාවකුත් තියෙනවානේ රජතුමනි. ඇත්තටම මීට අවුරුදු කීපයකට කලින් ලංකාවෙත් ව්‍යපෘතියක් ක්‍රියාත්මක වුනා මට මතක විදියට WTO එකෙන්. ඒකේ ප්‍රතිපල නම් මම හිතන්නේ සාර්ථක වුනේ නැහැ

    ReplyDelete
    Replies
    1. එහෙමද? උඹත් සහභාගි උනාද? :))

      Delete
  32. නහය වහන් කියෙව්වේ රජෝ.... අර වටිනා කියන විස්තර ටික කිව්වට ලැට් වළක් කඩන් කන්න පින පෑදේවා...

    අර නැනෝ ලැට් එකේදී අධෝ මුකෙත් විනාශ වෙනවද දන්නේ නෑ? බොලා ටෙස්ට් කරලම අහිංසක අපිට කියහල්ලා....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනං ලොකු දෙයක් බං. එතකොට බොග බාන්න ඕනේ නෑනේ :))

      පස්සේ පස්සේ කටින් එයිද දන්නෑ =))

      Delete
  33. අපිටත් කොමියුනිටි කියලා සබ්ජෙක්ට් එකක ඔය වගේ එව්වා ටිකක් උගන්නනවා.වැඩේ කියන්නේ ගෙවල් ගානේ ගිහිල්ලා උංගේ ටොයිලට් බලන එක තමයි එපා වෙන්නේ.

    ReplyDelete
  34. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. එයාලා දෙයි එහෙනං උපදෙස් ටික :)

      Delete
  35. අඩෝ උඹත් පලකෝ ලෝක ලැට් සංවිධානෙට. කාටද ආඩම්බර් ඈ..

    ReplyDelete
    Replies
    1. කොහොමද නිකන් තැනකට ගිහින් කියද්දි.. =))

      Delete
  36. මහා මෙරක් උසට
    හැදුණු කක්කා බරට
    වත්ත පහල වැසිකිලියට දිව්වා

    ගත්ත සරම අතට
    දැම්ම බෙට්ට වලට
    කැලණි ගඟෙන් පු# සෝදා ගත්තා

    7-8 වසරවල් වලදි අපේ ජනප්‍රියම සින්දුවක්

    ReplyDelete
    Replies
    1. බුහහහා.... සිරා සින්දුව නේ? :))

      Delete
  37. Yako rena ekath wihilwak wuna hati... welala yana ekek meka kiyewwoth rajage bella mirikayi :)
    Ela post eka p....enuth hina.
    Suba wewa raja sampath labewa (mama asama kallak)

    ReplyDelete
    Replies
    1. උන් මේවා කියවන්නෑ බං... :))

      රාජ සම්පත!

      Delete
  38. නියම කතාව. හිනාව නවත්තගන්න බැරුව ගියා. මහත්තය අහනව ත්නියම හිනා වෙන්නෙ පිස්සුද කියල.

    ඇත්තටම ඒ ගැන තව විස්තර ටිකක් දැම්ම නම් ඉතා අගෙයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... අංගොඩ එක්කන් යයිද? :))

      Delete
  39. meka kiyonakotath renna barai nwage ban... pada dekakuth giya... :D :D :D

    ReplyDelete
    Replies
    1. ලොල්... ඕක ඉතින් ඇයි මෙතන කිව්වේ? :)

      Delete
  40. Replies
    1. අම්මො උඹව දැක්ක කල් බං... :)

      Delete
  41. kaapuwa eliyata enda athi qa ktha walata

    ReplyDelete
  42. මොකක්ද ඩිග් රිය බී.ඒ ඉන් වැසිකිලි සයන්ස් ද ?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)