Tuesday, June 4, 2013

මොංගල් පොටෝ ෂූට් - Rabid Photo Shoots


යන්තන් වයිවා එකනං ඉවර කරගත්තේය. හිතුව තරම් ප්‍රශ්න ඇහුවේ නැති නිසා ඩොක්ටරයාට බුදු බව අත්විය යුතුය. සෙනසුරාදාට කැම්පස් එකේ ඉන්නේ හෙන ලොකු ලොකු ඩයල්ය. එම්එස්සී අරවා මේවා කරන උන්ය. උන් ඇවිදින්නෙත් නැත. පොළවට සමාන්තරව පාවෙනවාය. ඔය පාවෙන අතර අපි එහෙම අහල පහල හිටියට පේන්නේවත් නැත. ඉතින් අපිට පාන්ද? නැත...ඒ උනාට ලග පාතින් පාවෙන ඇන්ටිලා. ෆුහ්...!!අන්න දාගන්නවා නම්. ඒ කතා මෙතන කියන එකේ තේරුමක් නැත. ඒවා දැක බලා විදගත යුතුය. 

අපේ පුරුදු සාමාන්‍යයෙන් කොහෙ ගියත් වෙනස් වෙන්නේ නැත. ඔතන ලොක්කෝ නෙමේ මොකා හිටියත් ඒක එහෙමමය. මඩේ හිටෝපු ඉන්න වගේ නොවෙනස්ය. එදා මුළු දවසම වහින්නේය. දවල් එකට විතර අපේ සෙට් එක කැන්ටිමට සෙට් උනෝය. ලස්සනට මේස වල ඉදගෙන ලස්සන ඇන්ටිලා අක්කලා පිළිවෙලට බත් කන්නේය. සෙට් එක පිටින් පිළිවෙලට බත් කෑමක් ගැන ඔබ අසා තිබේද? බත් පැකට් 7ක් 8ක් තිබ්බාද කොහෙදය. ෂුන් ෂුන් ගාලා බත් ටික වාෂ්ප වී ගියේය. වටේ පිටේ හිටපු උන් ඇස් ඔරෝගෙන බලන් හිටියා වගේ අපි දැක්කේ නැත. බාග වෙලාවට එහෙම ඉන්න ඇත. මන්ද කන වෙලාවට ඕවා බලන්න වෙලාවක් නැති තරම් නිසාවෙන්ය. 

විනාඩි කීපයක් ගත වෙන්නට ඇත. දුලියා කඩන් පාත් උනේය. 

දුලියා: රජා දැන් ලෑස්තිද?

රජා: මොනාටද බං

දුලියා: ඇයි දන්නැද්ද...අද අශානයගේ පොටෝ ෂුට් එක

රජා: අම්මට සිරි එහෙමද...යමන් යමන්...

දුලියාගේ කාර් එක පිටිපස්සට දඩ බඩස් ගා බෑග් පහක් වැටුනි. පට් පට් ගාලා කාර් එක ස්ටාට් උනි. දැන් යන්න හදන්නේ බීච් එකටය. වින්ඩ්ස්ක්‍රීන් එකේ මීදුම බැදිලාය. දුලියාට පාර පේන්නේ නැත. මූ ඔටුවෙක් වගේ බෙල්ල දික්කරගෙන වාහනේ එලවන්නේය. මේ බල්ටියේ දුර යන්නත් කාර් එක ඕනෑය. ඒ දැන් කාලේ ට්‍රෙන්ඩ් එකය. 

තාමත් කුඩු පොදය. අපිට බැහැලා ඉන්න පුළුවන්ය. ඒත් දුලියාගේ කැමරාවට හෙම්බිරිස්සාව වැදෙයි කියා ඌ ඒක එලියට ගන්නේ නැත. අපි කාර් එක ඇතුලේ කොටු වෙලාය. බැරිම තැන එළියට බැස්සෙමු. ඉස්සරහා රතු පාට ටුක් ටුක් එකකි. කොල්ලෝ දෙන්නෙක් ඒක වටේට නිකන් මුරේට වගේ කැරකෙන්නේය. මොකක් හරි කුප්ප වැඩක් ඇතුලේ වෙනවාද කොහෙදය. අපිත් කෝකටත් රබර් ඇහැ දාගෙන හිටියෙමු. ටික වෙලාවකින් එළියට බැහැපු කෑල්ල දුටු ගයාශානයා මොනවද කුටු කුටු ගගා කියෙව්වේය. අනේ අම්මේ.....ඒක නම් ලොවෙත් එකක්ය. හොද ඇපල් කන්නේ පණුවොමයි කියන්නේ සහතික ඇත්තක් බව එකසිට පනස් වන වතාවටත් මට තහවුරු උනේය. මේ නම් පණුවෝ වෙන්න බැරිය. ගැඩවිල්ලුය. පණුවන්ගේ පොඩි මෙව්වා එකක් ඇත. ඒත් ගැඩවිල්ලු නම් ගුජුප්සාජනකය. 

බැරිම තැන ෆැබ් එක ඇතුලෙවත් පොටෝ අල්ලන්න කතා කරගත්තද ඒකටත් ගියේ නැත. කන්න හම්බෙන චාන්ස් එක මිස් උනේ එහෙමය. කොහොම හරි දුලියාව ඇදගෙන කාර් එකෙන් එළියට බැස්සෙමු. ඒ කරුමෙටත් කර ගහන්න උනේ වටේ හිටපු උන්ටය. කැමරාවට කුඩේ අල්ලගෙන වටේ යන්න උනේය. මුහුදේ ඈතට වහින්නේ නැත. ඒත් අපි  ඉන්න හරියට තාම කුඩු පොදය. අශානයා අයාගත් බලාපොරොත්තු දෑසින් දොඩවන්නේය. 

ඇතුලේ හිරවෙලා

අශාන්: අඩෝ අර මූද මැද්දට වහින්නේ නෑ. දැන් පායයි...

කාවින්ද: යකෝ ඔය මැද නෙමේ...මාලදිවයින හරියේ... 

ගයාශාන්: ඒ මාලදිවයින මේ පැත්තෙද?

රජා: ඔව් නේ බං.... මෙන්න මේ හරියෙනේ...

ගයාශානයගේ පොටෝ ගහන්න හෙනම ගේමක් දෙන්න උනේය. ඌට කියන පෝස් එකෙන් ඉන්නේම නැත.

දුලියා: පපුව ඉස්සරහට දාලා..සාක්කුවට අත්දෙක දාගනින්.

ගයාශානයා දැන් ඉන්නේ උරපතු දෙක වකුටු කරගෙනය. නිකන් කොරවක්කා වගේය. උරපතු දෙක දිග අරින්න යැයි කට්ටිය කෑගහන්නේය. ඒ පාර මූ උරපතු දෙක කොන්ද දිහාටම ගත්තේය. 

දුලියා: යකෝ තනේ පේනවා...ඔව්වර දිග අරින්න එපා.

මූ ක්ෂණික අත්දෙක එලියට අරන් වෙන පෝස් එකකට මාරු උනේය. හම්බෝ මුගෙ පොටෝ ගහන එකනම් පට්ට ආතල්ය. 


ඒවා මේවා අස්සේ කොහොමින් කොහොම හරි පොටෝ වැදුනේය. එක එක ඈන්ගල් වලින් එක එක විදිහේ ඒවාය. ගයාශානයයි, කාවින්දයයි කලින් මාරු උනේය. ඉතුරු උන අපි තුන්දෙනා ගලක් ගාව ඉදන් පොටෝ ටිකක් අල්ලන්න හෝටලේ පැත්තට ආවෙමු. ඔහොම පොටෝ ගගහා ඉන්නකොට හිගන්නෙක් ආවේය. 

හිගන්නා: අනේ බය වෙන්න එපා පුතේ...මට අවුරුදු 62යි. මේ බලන්න...අනේ දවල්ට කාලා නෑ පුතේ....කීයක් හරි දෙන්න පුතේ....


අපි: අපි ලගත් සල්ලි නෑ...යන්න යන්න....

හිගන්නා: අනේ එහෙම කියන්න එපා පුතේ...මේ බලන්න මට ලාදුරු...

අම්මට හුඩු මුගේ කකුලේ ඇගිලි හැලිලාය. ඒ මදිවට මූ අපි හිටපු රැල්ලටත් ආවේය. රජයි දුලියයි. පටස් ගාලා රැල්ලෙන් අහකට පැන්නේය. ඒක දැකපු අරෑට මලම පැන්නේය. 

හිගන්නා: ඔය කැමරා තියෙන උන් ඔක්කොම ඔහොම්මමයි කැ# හු#### පුතාලා. කීයක් වත් දෙන්න බෑ... අ#$!&%$&(()&%$%&%&(

මූ අපේ ජාතකේම අමතමින් යන්නට ගියේය. උගේ ජාතකේ අපි මුමුණමින් අපේ වැඩේ කරගෙන ගියෙමු. අන්තිමට එකෙක්ට උඩ පයින පොටෝ ගන්න ඕනෑවිය. පන එපා කියා උඩ පැන්නෙමු. උඩ පැනිල්ල කොහොමද කියනවානම් රජාගේ ඉපැරණි ෂර්ට් එකත් ඉරුනේය. අනේ අපරාදෙය. මම ආසම ෂර්ට් එකක්ය. අවුරුදු 4කට වඩා නම් ලොවෙත් පැරණිය. 

මේ දවස් වල එක දිගටම SMALLVILLE බලලා නිකන් තෝන්තුව වගේය. රාජගේ ට්‍රයි එක සුපිරි වීරයෙක් වෙන්නය. උල්කාපාත කෑලි කියලා හිතාගෙන තිරිවාන ගල් කාගෙන කාගෙන යන්නේ පවර්ස් ලබාගන්නය. එදා හවස කාපු ගල්කෑල්ල නම් ලෙසටම වැඩ කලේය. මාව දැන් හල්ක් වේගෙන එන්නේය. ඇදුම් ඉරාගෙන...එකෙක්ව උස්සලා පොලේ ගහන්න රජාට පුළුවන් උනේය. 

ජූනියර් හල්ක් (රජා)

හවස 4ට විතර කට්ටියම ආපහු බෝඩිමට සැපත් උනේය. එදා දවසෙන් අන්තිමට ඉතුරු උනේ පොටෝ හතර පහකුයි, ඉරිච්ච ෂර්ට් එකකුයි විතරය. ඒත් ඒ ගත්තු ආතල් එකනම් ලොවෙත්ය. මේවා අමතක වෙන්න කලින් ලියා තැබිය යුතුය. මන්ද මේවා කියෝනකොට ඇඩෙන්නේ තව අවුරුදු හතර පහකින්ය. 


ගරු රගපෑම්:

අශාන්, කාවින්ද, රජා, ගයාශාන්, දුලිත

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

51 comments:

  1. රැවුලත් වවල නේද රජෝ...හොඳයි හොඳයි

    ReplyDelete
  2. Lunu wathurata laaduru wisa kependa athi ban..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං..බයේ බෑ! :(

      Delete
  3. රජෝ! බලාගෙන ගල් කන්නේ.... රෙවෙද්දී තමා අමාරු!

    ReplyDelete
    Replies
    1. ඔව් බං, ගල් කන්න කලින් පු# ට තියලා සයිස් එක බලල ම කාහං. අනාගතේ අසීරුතා ගැන හිතලා.

      Delete
    2. අර වදුරා වගේ =))

      Delete
  4. අම්බෝඕඕඕඕඕඕඕඕඕඕඕඕ.....ආයෙනම් ලාදුරු කාරය ඉන්න පැත්තකවත් යන්න බෑ ඕන්..

    ReplyDelete
    Replies
    1. හා කවුද අපිව ඇදගෙන ගියේ? :))

      Delete
  5. වර්තාගත සන්ග්ලාස් එකක්ද කොහෙද.... හි හි....

    ස්මෝල්විල්...???? හාපෝ.... හද්ද පරණයිනේ බං..... අවුරුදු 6කට විතර කලින් බැලුවා... බලලා එපාම උනා.....

    ReplyDelete
    Replies
    1. අනේ ඉබ්බියේ... සීසන් 10ක් තියෙනවා. අපිත් බැලුවා සූටි කාලේ සීසන් 1,2.
      2011 ආවේ අන්තිම එක.

      Delete
    2. ඈ බං.. ඕක 2 සීසන් එක යනකොට එපා වෙනවනේ..... එකම කතන්දරේ කරකෝනව ඉවරයක් නෑ.... Superman 2 සීසන් එකෙන් එපා වෙනවා...

      මම ඔච්චර දුරට බැලුවේ X Files/ Supernatural විතරයි..... වැම්පයර් ඩයරීසුත් සීසන් 2ක් බලලා ඉතුර ටික එපා වෙලා ඉන්නේ.... ඔන්න Elementary 2 සීසන් එකක් ගියොත් නම් බලනවා....

      Delete
    3. හරියට බලලා නෑනේ ඉතින්... මුල පොඩ්ඩක් කම්මැලි උනාට සීසන් 4 එහෙම පට්ට. කතාව ගලාගෙන යනවා සුපිරියට. දැන් මම 5 පටන් ගත්තා විතරයි. :)

      Supernatural ලොවෙත්! වැම්පයර් සෙට් වෙන්නෑ!

      Delete
  6. අර අන්තිමට දිග ෆොටෝ එකේ මුලින් තියෙන ෆොටෝ එක ගති.

    ReplyDelete
    Replies
    1. ඒක තමා සුපිරිම එක :))

      Delete
  7. මං ඒත් බැලුවා මොක්කුද මේ අපතයො ටික කියලා. (විහිළු ඈ)

    ReplyDelete
  8. Api inna dawasaka oya shoot ekak karahallako !! ane mandaa

    ReplyDelete
    Replies
    1. උඹලා පේන්නවත් නෑනේ බං :)

      Delete
  9. හොඳ වෙලාවට ෂර්ට් එක විතරක් ඉරුණෙ. කලිසමත් ඉරුණනං තමයි නියම හල්ක් බලාගන්න තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. මොකෑ .... ප්‍රසන්න අයියා කලින් දැකල තියෙනවැයි. අනේ රජෝ .................

      Delete
    2. තව දුරටත් ජීවත්ව පල නැත! =D>

      Delete
  10. මට හිතිච්ච එක ඔන්න ඩූඩ්ට කලින්ම හිතිල.

    රජෝ උඹ ගල් කෑවට කමක් නෑ, හල්ක් හල්ක් කිය කිය ගල් උස්සන්න යනව එහෙම නෙවි.

    ReplyDelete
    Replies
    1. =D>

      ඇයි අපිට බැයිද? :))

      Delete
  11. Replies
    1. ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්යෑ :))

      Delete
  12. මරු ෆොටෝ ටික බං , උබ එකෙක්ව උස්සගෙන ඉන්න එක එඩිට් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ ඕයි..ඒවට කියන්නේ ලැවිටේෂන් පොටෝග්‍රැෆිද මොකද්ද :)

      Delete
  13. මේ කතාවල රහ දැනෙන්නේ තව කාලෙකින් ම තමා රජා. ඇන්ටිලව ඇල්ලුවද රජාත්. ඇනිටිරහට ලොල් වුණොත් කපෝති කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. ඈ...ඇන්ටි? කවුද එහෙම කතාවක් කිව්වේ? c-)

      Delete
  14. පටුයි ... ඒ කිවුවේ පට්ටටයි,,,ඈ අර අවසානෙට කියපු කතාව ඇත්ත,, ඇදෙන්නේ තව අවුරුදු හතර පහකින් කියවනකොට

    ReplyDelete
    Replies
    1. නාකි වෙලා මමම කියෝනවා :))

      Delete
  15. ඈ රජෝ, උඹ අරූව තනි අතින් උස්සද්දී කෙල්ලෙක් එහෙම.. සමාවෙන්ඩ ඕනි. රාජ කුමාරිකා කෑල්ලක් එහෙම වහ වැටුන්නැතෙයි?

    ReplyDelete
    Replies
    1. හිටියේ නෑනේ බං... උන් හිටියේ අර පඹ ගාල අස්සේ :)

      Delete
  16. හපොයි.... මරු ෆොටෝ ෂුට් එකනේ....
    අර හල්ක් ෆොටෝ එක නම් මරු ඈ... අත තව ඩිංගක් එහෙට මෙහෙට උනානම්....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් මිස් වෙලා නේ? :-f

      Delete
  17. චික් රැවුල වවල කැත... තාත්තෙක් වගේ වෙලා... මොන්ගල් උන් ෆොටෝ ගත්තම මොන්ගල් ෆොටෝ තමයි එන්නෙ..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා කියන එකම තමුසෙත් කියන්නේ???? මට බෑ ඕයි :((

      Delete
  18. අනාගත සැමරුම් ටිකක් එකතු කරගෙන් තියන්නේ.. ඕව වටිනවා ටික කලක් ගියාම...

    ReplyDelete
  19. ඔහෙදි වෙන්න ඇති ගල් අස්සේ රිංගුවේ..

    ReplyDelete
    Replies
    1. ඕ ඕ... උඹත් වරෙන් :))

      Delete
  20. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. මුන්ට නොතේරෙන හැටි ෆොටෝ ගනිල්ලා ගැන නේද බන්.... රජෝ.... උබ ඌ ව උස්සපු එකක් යෑ අත උස්සගෙන ඉන්නකොට ඌ උඩ පන්නා මිසක්

    ReplyDelete
  22. උඹ ඩෝප් පිටද මේක මෙතන කොටලා දැම්මේ. ෆොටෝස් දාන්නේ ෆේස්බුක් එකේ නොවැ.

    ReplyDelete
    Replies
    1. නාකි වෙන්න කලින් කොටලා දැම්මා. පස්සේ දවසක කියවන්න! :)

      Delete
  23. යකෝ මූ පොඩි එකා වගේ හිටියට ‍රැවුලත් වැවෙනව නේ...??

    ReplyDelete
  24. photo ගන්න ගිහින් අන්තිමේ පිටත් ඉරා ගත්තා නේද? රජා කිව්වම මං හිතුවෙ තේජස් සම්පන්න කෙනෙක් කියල. මේ චූටි කොලු ගැටයෙක් නෙ.

    ReplyDelete
  25. අඩෝ මෙන්න කොලු ගැටයලු... ෂර්ට් එක ඉරාගෙන බෝඩිමට ගිය විදිහ කෝ?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)