Tuesday, March 6, 2012

ඈනුමත් Kiss එකක් වගේ




 ඈනුම බෝවෙන්නේ ඇයි ?

පරිස්සම් වෙන්න, වඳුරෙක්ගෙන්, චිම්පන්සියෙකුගෙන්, ගෝරිල්ලෙකුගෙන් වුණත් මේක බෝ වෙන්න පුළුවන්ලු.
 
ඈනුම එදිනෙදා ජීවිතයේදී අපට අරුම පුදුම දෙයක් නෙවෙයි. ඒත් , එහෙම කිව්වට ඈනුම කියන්නේ හරිම අරුම පුදුම දෙයක් තමයි. මොකක්ද මේ ඈනුමේ තියෙන පුදුමේ. හොඳට මතක් කරලා බලන්න, අන්න හරි , ඔයාට මතක් වුණා. අපට ඈනුමක් යනකොට අපේ අහල පහල ඉන්න අයටත් ඈනුම් යනවා දැකලා ඇතිනේ. ඒ වගේම අහල පහල අයට ඈනුමක් යනකොට අපටත් ඈනුමක් යන එක කොච්චර try කළත් නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දැනුත් මම ඈනුම ගැන මතක් කරනකොටම ඔයාට ඈනුමක් යන්න ඇති. එහෙම නේද ? ඒත් නිකමටවත් හිතුවද මේ ඈනුම බෝ වෙන්නේ ඇයි කියල ?

අපි ඒ ගැන නොහිතුවට සෑහෙන කාලයක ඉඳලා වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව , සමාජ විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍ර වල අය ඈනුම බෝ වෙන්නේ ඇයි කියලා හොයලා බැලුවා. ටොන් ගණනක අධ්‍යයන කළත්, කිලෝ ගාණක න්‍යායන් හැදුවත් තාමත් කාටවත් පුළුවන් වුණේ නැහැ ඈනුම බෝ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට පිළිගත හැකි පිළිතුරක් දෙන්න.

ඒත් පසුගිය දවසක ඉතාලි විද්‍යාඥයන් පිරිසක් ඈනුම ගැන බොහොම වැදගත් සොයාගැනීම් කීපයක් කරලා තියෙනවා. ඒ අයට අනුව ඈනුමක් තවත් කෙනෙකුට බෝවීමේ සම්භාවිතාව 20% ක් තරම් අගයක් ගන්නවා. ඒත් ඇයි මේ ඈනුම කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නේ ?  

ඉතාලි විද්‍යාඥයන් කණ්ඩායම ඒකටත් පිලිතුරක් සොයාගෙන තියෙනවා. ඔවුන්ට අනුව ඈනුම බෝ වෙන්නේ සමාන කම්පන තත්වයක් ඇති වුණාමයි. ඒක හරියට දෙදෙනෙක් සිප ගැනීමකදී ඒ දෙන්නා අතර ඇතිවන සහකම්පන තත්වයට සමාන බවයි කියවුණේ.





අනික, ජානමය අතින් සමාන අය අතර තමයි මේ ඈනුම බෝ වෙන්නේ කියලා මේ අය සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඈනුමක් යනකොට , ඔයා ළඟ ඉන්න කෙනෙකුටත් ඈනුමක් යනවානම් ඒ කෙනා සහ ඔයා අතර මොකක් හරි ජානමය සම්බන්ධයක් තියෙනවා කියන එකයි. මේ ජානමය සම්බන්ධය නිසා වානර කුලයේ සතෙකුට ඈනුමක් යනකොට පවා අපට ඈනුමක් යන්න ඉඩ තියෙනවා කියලයි විද්‍යාඥයන් කණ්ඩායම කියන්නේ




12 comments:

  1. සිරා කතාවක් මචං! කිස් කරද්දිත් ඈනුම වගේ බෝ වුනා නම් තමයි මරු! හිකිස්!

    ReplyDelete
    Replies
    1. බෝ වෙනකොට අහල පහල හැට පැනපු ආච්චියෙක් හිටියොත් තමා සීන් කෝන් එක...

      Delete
  2. ඈනුම් තනියෙන් යවතෑකි ඒත් තනියෙන් කිස් කොරන්න බෑනේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං....සෑහෙන්න බොන්න වෙන පුරශ්නයක්..

      Delete
  3. පට්ට ස්ටොරිය... එල !!!

    ReplyDelete
  4. අයියෝ ඒ කියන්නේ මමත් වානරයෙක් කියලාද.. තනි ඇහැට ඇඩේනවා

    ReplyDelete
    Replies
    1. හිකි බකස්.....කැමැත්කත් කැමැත්කත්.

      Delete
    2. අපිට ඒක එදා චෙක් කොරල බලන්ට බැරි වුනා නේද මැණිකෙ??
      ඈනුම් බෝ වෙයි ද කියල...
      ;)

      Delete
  5. ඉස්සර මම ඈනුම් යද්දී ඒක ඈනුමක් නෙවෙයි කියලා පෙන්නන්න ආප්පයක් කන්න ඇත්නම් කියලා ඇදලා කියනවා. අම්මෝ හැමදාම ඕක අහලා අන්තිමේදී ගෙදරින් අප්ප හදලා දුන්නා.

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වාම මටත් හිතුනා ඈනුම යවන ගමන් ආප්පේ කියන්න ඕං බලන්න ලෙඩේ බෝවෙන හැටි

      Delete
    2. ඒ වැඩෙත් නරකම නෑ...මමත් ට්‍රයි එකක් දාලා බලන්න ඕනා... :කැපිටල් ඩී

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)