Thursday, March 29, 2012

පශ්චාත් විනාශකාරී ජම්බුවා (තවත් එක් ඉස්කෝල කතාවක්)


නිකන් ඉන්න කොට ඉස්කෝලෙදි වෙච්ච දේවල් සැරටම මතක් වෙනවා. තාම ඉතින් ඉස්කෝලෙන් අවුට් වෙලා වැඩි කාලයක් ගියෙත් නෑනෙ. රජතුමා ගියෙ මොන ඉස්කෝලෙටද කියලා මතක් වන විට ඔබව පෝස්ටුවෙන් පස්සෙ දැනගත්තනෙ. මේ සිද්දිය උනේ රජ, කුමාරයා කාලේ ඒ කියන්නෙ 8 වසරෙදි විතර,

 
අපිට සමාජ අධ්‍යනය හා ඉතිහාසය උගන්නන්න හිටියා නහය ලොකුම ලොකු සර් කෙනෙක්. ඇත්තම කිව්වොත් මට එතුමාගෙ නම නං මතකම නෑ. අපි හුරතලේට කියන නම නං මතකයි. පිනි ජම්බුවා...වෙලාවකට පිනි හැලිලා නිකම්ම ජම්බුවා... තවත් වෙලාවකට පුකමරුවා. මෙතුමාට පුකමරුවා කියන්න එකම හේතුව තමයි වැරුද්දක් කරලා අහුඋනොත් ගහන්නෙම පස්සට. ඒකත් ගහන්නෙ අත දිගඇරලා අල්ල වකුටු කරලා. ෂොට් එක වැදුන ගමන් ඉතින් ආයෙ හෙන ගැහුවා වගේ පටොං!!!! ගානවා. එච්චරම රිදෙන්නෙත් නෑ... නැත්තෙමත් නෑ...අනිවා ඉතින් එකෙක් ගුටි කනකොට පන්ති දෙක තුනක උන්ගෙ කටවල් වලට පොඩී හිනාවක් එනවමයි.


 
ඒ කාලේ ජම්බු සර් තමයි අපේ අංශභාරව හිටියෙ. මෙතුමාට නායකත්වය පිළිබද පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ප්‍රශ්නයක් කිව්වට ප්‍රශ්නයකමත් නෙමේ නිකන් නායකත්ව මේනියාවක් වගේ එකක්. මොකද කියනවනං එක පන්තියක් ගත්තොත්  පන්තියෙන් බාගයක් විතර නායකයෝ.

 
මේ තියෙන්නෙ නායක පට්ටං ටික,

  • විනය නායක: පන්තියට ගුරුවරයා පැමිණෙන තුරු පන්තිය නිශ්ශබ්දව තබා ගත යුතුයි 

  • කලු ලෑල්ලේ නායක: මෙතුමා දෙන පැවරුම්,රූප සටහන්  නිවැරදිව කලු ලෑල්ලේ ලිවිය යුතුයි

  • කණ්ඩායම් නායක: පන්තිය කණ්ඩායම් පහකට බෙදා තිබූ අතර එම කණ්ඩායමේ නායකයාය.

  • ළකුණු දැමීමේ නායක: මෙතුමා දෙන ඇගයීම් වල ලකුණු නිවැරදිව ඇගයීම් පොතේ සටහන් කල යුතුයි

  • කුණු නායක: පන්තිය සෑම විටම පිරිසිදුව තබා ගත යුතුයි.

  • පහන තැබීමේ නායක: සෑම උදෑසනකම අනිවාර්යයෙන්ම පහන තැබීම කල යුතුයි

  • පන්ති නායක: නමට විතරයිද මන්දා

  • පන්ති උප නායක: ඇති වැඩක් නැත. හිටියත් නෑ වගේ
 
මං රජතුමාටත් පට්ටං දෙකක්ම හම්බෙලා තිබුනා. එකක් තමා පහන තැබීමේ නායක. අනික කලු ලෑල්ලේ නායක. මේ ලෑලි පට්ටම දෙන්නෙ පන්තියෙ ලස්සනටම අකුරු ලියන එකාට. මගෙ අකුරු ලස්සනයිලුනේ. සර් අපේ පන්තියට ඇවිත් ලෑලි පට්ටම දෙන්න අහනකොට අපේ පන්තියෙ උන් වැඩේ දෙල් කලානේ... එකෙක් ඉදගෙන සර් සර් මේ රජතුමාගෙ අකුරු මාර ලස්සනයි කියපි.

 
හරි!! ඒ පට්ටමත් මට.. දැන් ඉතින් කරපන්කෝ. මේක ලේසි පහසු කර්තව්‍යක් නෙමේ. පිස්සු හැදෙනවා.. හුණු නාගෙන ලියන්නත් ඕනා හරියටම අකුරු ටික තියෙන්න ඕනා. මේ මගුල් පට්ටම හින්දා මට ඒ කාලේ පීනසේ වගෙත් තිබ්බා. ඇයි ඒ මදිවට සර්තුමාගේ අකුරු...හාපෝ!!! ඒවා හොයන්න පරණවිතාන මහත්තයා ගෙන්නන්න ඕනා.

ඔන්න දවසක් සමාජ අධ්‍යනය පීරියඩ් එකවෙලාවක්...ජම්බුතුමා ආවා පන්තියට ටිකක් වෙලා පාඩම ගැන පොඩි හැදින්වීමක් කලා. ඊට පස්සෙ..

රජතුමෝ මෙන්න මේ ආසියානු සිතියම බෝඩ් එකේ ඇදලා මේ විස්තර ටික ලියලා දානවා මම ඔෆිස් එකට ගිහින් එනකං...

හරි සර්..

 
මම පන දාගෙන සිතියම නං ඇන්දා කොලිටියටම, ඒත් මට කොලිටියට පෙනුන සිතියම සර්ට පෙනිලා තියෙන්නෙ රුවිතෙට.මම ඔක්කොම ඇදලා කරලා ඉවර වෙලා ඒ ටික මගේ පොතේ ලිය ලිය ඉද්දි සර් ආවා...


මොකද්ද ඕයි මේ ඇදලා තියෙන්නෙ? බලනවා ලංකාවයි ඉන්දියාවයි ඇදලා තියෙන කැත... නිකන් එළදෙනක්ගේ තනේකින් කිරි බිංදුවක් වැටෙනවා වගේ මෙහෙමද සිතියමක් අදින්නෙ?

 
කෝ මේ කලු ලෑල්ලේ නායක? මෙහෙට එනවා...මෙහෙට එනවා..
හරි රජතුමාට සම්මා සම්බුදු සරණයි!! මම දැන් ගුටි කන්න යන්නෙ කියලා මට හොදටම ෂුවර්. තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් පස්සට අධිපති දෙයියෝ (පල්ගස් යට දෙයියෝ) සිහිකරගෙන මමත් ගියා සර් ගාවට..

ගිය ගමන් මොකද උනේ කියලා මට තාම නිච්චියක් නෑ...ඒත් එක පාරට මාව ගුරු මේසේ දිහාට ඇදිලා ගියා මතකයි...ඒත් එක්කම පටාස් පටාස්!!! ගාලා සද්දයක් ආවා. මට රිදුනෙ නෑ...හිරිවැටුනා විතරයි. ගුටි කාලා ඇවිත් පන්තියෙ ඉදගෙන ඉද්දි තමයි ගුටියේ අතුරු ආබාධ එන්ඩ ගත්තෙ. අම්බෝ....නිකන් පුකට කටු අයිනවා වගේ, ඉන්ඩ බෑ. මතක් වෙද්දිත් නිකන් පුක නෑ නෑ වගේ.





එදා ඉදන් මේ පිනි ජම්බුවාව මට පෙන්නන්න බැරි සත්වයෙක් උනා.. මේ යකා තාමත් ඉස්කෝලෙ ඉන්නවා නොවැ...මීට් එක බලන්න ගිය වෙලාවෙ දැක්කෙ. මම කෝකටත් ටිකක් ඇතින් හිටියා. එදා දෙයියොන්ටත් මාව බේරගන්න බැරිඋනානං අද කවර කතාද?

 
ප/ලි:
  • පුක යනු කුණුහරපයක් නොවන වග බ්ලොග් අවකාශයේ ඔප්පු කොට ඇති හෙයින් කිසිදු ලැජ්ජාවකින් තොරව පුක ප්‍රසිද්ධියේ භාවිතා කලෙමි. 

  • මෙම පෝස්ටුව ජම්බුතුමාට අපහාස කිරීමක් නොවේ.

42 comments:

  1. අර තරම් නායකෝ සෙට් එකක්.. එතකොට ඔය නායකයන්ගෙන් පාලනය වෙන්නේ හිටියේ කී දෙනාද?

    ගුටි කෑම් ගැන කියන්න දෙයක් නෑ.. අපිත් ඔහොමනේ..

    ReplyDelete
  2. Mr. Abesingha Bandara.
    ai ubala dambagalla gana noliyanne pitu purawanna puluwan dambagallagen
    \

    ReplyDelete
  3. @Dinesh

    නායකයොම තමයි. :P

    ReplyDelete
  4. අම්මෝ................ මාත් ගුටි නොකා බේරිලා තියෙන්නෙ පිනකට වගේ..මටත් තිබ්බ නොවැ පට්ටම් ටිකක්;දැනුම මිනුම නායක,බිත්ති පුවත් පත් නායක,පහනේ භුතය වගේ පහනේ නායක,පන්ති නායක.වගකීම් පැහැර හැරල සතියක් කුණු බාල්දිත් ඇද්ද මතකයි.මොනා උනත් හොද සර්,,සල්ලි නැති උන්ට සර් සල්ලි දීල එක්කන් ගියා..ඇත්තමයි.....

    ReplyDelete
    Replies
    1. මෙන්න තව නායක පට්ටං ටිකක්...මට අමතක වෙලා තිබ්බෙ බොලේ

      Delete
    2. ඇයි පරිවාස නායන

      Delete
  5. lOl :D
    මම ලකුණු දැමීමේ නායක.... :p :D
    ජීවිතේට මම පැවරුම් කරල නෑ මමනෙ ලකුණු‍ දාන්නෙ :D

    ReplyDelete
    Replies
    1. මට මතකයි මට මතකයි!!! ලොල්

      Delete
  6. මු ගැන ලියනකොට අපේ ආදරනීය දන්ගල්ලයව අමතක කලේ කොහොමද බන්?

    ReplyDelete
    Replies
    1. හික් හික් සිරාවට...

      Delete
  7. මටත් ඒ කාලේ කාපු කෑම් මතක් වුනා :D

    ReplyDelete
  8. පවනි තරංගා - හහා.... විවාද කණ්ඩායමත් ලොක්කට බාරදීල තිබුන කාලයක් තිබුනනෙ....

    උඹල දන්නෙ නැති හරිම උණුසුම් හීනි කේස් එකක් තිබුනනෙ මේ අස්සෙ...

    හා... ආර්ට් කරපු එකෙක් දන්නව නම් කියහල්ල බලන්න,,,

    http://mathakawasthuwa.blogspot.com/

    ReplyDelete
  9. අහ්... මමත් හිටියනේ නායක පට්ටම් 2,3 කම විනය නායක ,සංගීත නායක , පරිවාස උප නායක.... වැඩිම නායකකම් තිබුනේ අපේ පන්තියේ.. මොකද sir අපේ පන්ති භාර... වාරේ මැද වෙද්දී පන්තියේ සේරම නායකයෝ... නිකන් බේතකටවත් නායකයෙක් නොවිච්ච එකෙක් නැ හොයාගන්න. මොනවා උනත් sir හොදට වැඩ ටික ගෙනිච්ච. අහ්,.. මචන් පරිවාසේ ගැනත් ටිකක් දාන්න තිබුනේ...

    ReplyDelete
    Replies
    1. අඩෝ පරිවාසෙ අමතක උනානේ... දාමු දාමු

      Delete
  10. වගකීම් පැහැරහැරීම,දුර්වලකම යන චොදනා වලට මාව මාස6කට පරිවාස දාල හැමදාම පැවරුම් ලියන්න දුන්නා...අන්තිමට මට ජිවිතේම එපා වෙලා ඉද්දි ජම්බුවා එයගේ ඩයරි එක පන්තියේ දාල සර් කෙනෙක් එක්ක කතා කරන්න ගියා....මන් මගේ නම තියන පිටු ඔක්කොම ඉරලා දැම්මා..... :'( -Lamb-

    ReplyDelete
  11. පුක් මාරයෙක්නේ ...අපේ හිටියා ගනං මිස් කෙනෙක් කොල්ලන්ගේ බුරිය අල්ලා කරකවන එක තමා මිස්ගේ දඬුවම..ගොඩක් කොල්ලෝ ශර්ට් එක එහෙම උඩට දාලා බුරිය රෙඩී කරං ඉන්නේ ගනං වැරදුනාම...

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි..
      අපෙත් සර්රයෙක් හිටියා ඔහොම කරන

      Delete
  12. Uba gutikala adapu case eka dala nane.mat eda panthiye hitiya.hitapan men hamotama kiyanawa.anyway Ur glog is really nice and hope to seeeeee something more interesting!!!!!!!! _Dilanka BC_

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා!!! ඔව්වා ප්‍රසිද්දියෙ කියන්න එපා බොලේ!!!
      තෑන්ස් දිලංකයා...

      Delete
  13. අඩේ මම දැන්නේ දැක්කේ මේ පෝස්ට් එක.... කලින් කොහොම මිස්වුනාද මන්දා...දැන් ටිකකට කලින් රෝලේ තියෙනවා දැක්කේ.පට්ට නමක් තමා දාලා තියෙන්නේ.සෑහෙන්න දරුණු නායක පට්ටම්නේ තියෙන්නේ... මට සෙට් වෙලා තිබුනේ හැමදාම උදේට ඇවිල්ලා සිංහලෙනුයි ඉංග්‍රිසියෙනුයි ටයිම් ටේබල් එක කළු ලෑල්ලේ ලියන එක... හැබැයි භාරගත්ත දවසේ විතරයි කලේ.අනික් හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙට එද්දි පන්ති නායිකාව සේරම කොරලා නැත්තම් එයාටයි එයාගේ බැනුම් අහගන්න වෙන්නේ...

    අපේ මේ තරම් දරුණු සර්ලා හිටියේ නෑ වැඩි හරියක්ම ටීචර්ලා හිටියේ හැබැයි එක සර් කෙනෙක් හිටියා කෙලින්ම කලිසමේ පටියෙන් උස්සලා ලගට ඇදලා අරන් කන අතගානවා... එයාට කිව්වේ බමුණා කියලා

    ReplyDelete
  14. උඹල ගුටි කනවද බං....අපි නම් ජීවිතේට ගුටි කාල නෑ.....අපි වගේ හැදියන්කො....:P

    ReplyDelete
  15. atharinnama bari aya thawa innawaMr. Jayakodi ( Babun)Mr. Satharasingha (Red cross)Mr. Pathirathna
    Mr. Premarathna
    Jimpappa

    ReplyDelete
    Replies
    1. වෙලාවක ලියමු ඔක්කොමලා ගැන..

      Delete
  16. අම්මටසිරි! හිරිවැටෙන්නම ගහලනෙ! :O

    ReplyDelete
    Replies
    1. ගැහුවා කියන්නෙ...තාමත් රිදෙනවා වගේ බං

      Delete
  17. ලොල් මොනා වුනත් ගුරුවරුන්ට පහාස වන විදියට ලියන්න එපා බං.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත..ඒකනෙ මම ප/ලි ලිව්වෙ

      Delete
  18. දැන් මේකලා පුක ගැන ලියාලා ක.ශූ ව අහු කරනව නොවැ.

    ReplyDelete
  19. ඔන්න කන පලනවා කියලා තිබ්බ හින්ද කොමෙන්ට් එකක් දල යනවා ....හරිය ............

    ReplyDelete
  20. මේ අහපං රජතුමනි,
    කොයි තරං දැවැන්තයෙක් කිව්වත් ලැජ්ජා නැතුව පුක ප්‍රසිද්ධියේ භාවිතා කිරීම නම් ඇඟට ගුණ නැත

    :D
    henryblogwalker the Dude

    ReplyDelete
  21. ෂා නියමයි මෙ කතා කියන විදිහට සහ භාෂාවට මම කැමතියි.ඔහොම යන්.අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න

    ReplyDelete
  22. හිකිස්‌!!!! නායක පට්ටම් ගොඩ... :D පව් අසරණ අනිත් ළමයි....

    ReplyDelete
  23. අලේ, එහෙම ගහන එක හෙනට අසාධාරණයිනේ :O

    එනිවේ, අර වචනේ මමත් පොත්වල දැලා තීනවා :D

    හි. හි... ඔයාලට 8 වසරෙදිම නායකත්ව පුශුණුව දීලා නෙහ්? ඒ බව රජු දිහා බැලුවම පෙනී, හැගී යනවා :D :D :D :D :D

    ReplyDelete
  24. අපිටත් ජම්බුවා ඉගැන්නුවා. ඒ 7දී. මරු සෑර්. හැම එකාම එක එක පට්ටං. ලොවෙත් නෑ ඒ කාලේ.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)