Thursday, March 15, 2012

මතක් වන විට ඔබව හිතයි මට දුව එන්න....


පුංචි කහ මල් ගස් හෙවනෙ බුදු මැදුර
හීනියට හිනාවෙන බුදු සාදු ඉන්නවද?
සුදුම සුදු වතු සුද්ද මල් වට්ටි පුරාවට
අදත් ඉස්සර වාගේ බුදු හිමිට පුදනවද?

නිල් මානෙල් පිපෙන මැද මිදුලෙ පොකුණ තුල
කාෆ් පැටවුන් තවම දියබුං ගසනවද?
දගවැඩක් කල දාට දෑස් යුග තෙත් කරපු
හාමුදුරු වේවැල තාම මේසය උඩද?

රණවරා ගස් දෙපස පන්ති කාමර තුලින්
සිනාකෙලි කවටකම් මහ හුගක් සද්දයිද?
පුස්තකාලය අයිනෙ කෙලවරේ පොත් මේසෙ
මගේ කවි පොත් පිංච අද තාමත් එහෙමමද?

කටකාර දගකාර අපි වගේ පොඩි එවුන්
මහ හුගක් තාමත් නුඹ සෙවනෙ වැඩෙනවද?
කම්බි දැල් වටකරපු අපේ පන්තිය අයිනෙ
පොලු ගහපු අඹ ගහේ ගෙඩි තාම හැදෙනවද?

උදේ පාන්දර ඇවිත් පාන් ගුලි ගුලි ගිලපු
කැන්ටිමේ රස හොද්ද අනේ අද තියෙනවද?
කිරි හලෙන් කිරි බොන්න මට ආසයි තවත්
ඒත් කොහොමැයි එන්නෙ මං ගිහින් අද සමුඅරං

පීනන්න බැරි නමුත් ජබු ගසා බේරෙන්න
ආසයි මට යලිත් පූල් එකේ පිහිනන්න
නිල්කැටේ වතුර ටික අද තාම එහෙමමද
මං ආවොත් හොරෙන් බෑ නොකියා ගන්නවද?

කහ ඇල්බීසියා ගස් වලින් වට කෙරුණ
හති වැටෙන තුරැ දුවපු පිට්ටනිය දැන් ලොකුද?
සමමිතික කෝණ ඇදි කොටුරූල් පොත් අතරෙ
ඇගිලි තුඩු දග කරයි එදා වාගෙම අදත්

සුදු පාට කලිසමත් කොට වෙලා වාගෙ දැන්
ඒ කොටේ ඇගලන්න මං පොඩි නෑලු දැන්
ඒත් ඉස්සර වාගේ දුවන් ආවොත් උදෙන්
මං නුඹට වැඩි නැද්ද?
අනේ මට කියනවද? මගේ පාසල් මවුනි දයාබර!!!

ඇතැම් කවි විද්‍යාලීය 90වන සංවත්සරයට මුද්‍රණය කල හිරු සදු තරු ග්‍රන්ථය ඇසුරෙනි


15 comments:

  1. අම්මද බොලා මේකෙද ?

    ලගදිත් ගියා නොවැ ඒ පැත්තේ..

    ReplyDelete
    Replies
    1. ගියා නේන්නං...ස්පෝරෝට් මීට් එකට

      Delete
  2. ඇත්තටම ආයෙත් ස්කෝලෙ හන්න ඇත්නම්

    ReplyDelete
    Replies
    1. ඔව් බං දෙලෝ...ආසාවෙ බෑ

      Delete
  3. ජීවිතේ අපිට හම්බෙන සොඳුරම ස්ථානය....

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ඇත්තෙන්ම..

      Delete
  4. ආයේ කවදාවත් ඒ වගේ කාලයක් එන්නෙ නෑ.... :(

    ReplyDelete
  5. බොහොම අගෙයි. රහයි

    ReplyDelete
  6. මම නම් ඕකෙ නෙවෙයි නමුත් රිංගලා තියෙනවා හුඟාක් ඉස්සර. එල කවිය. කොයි ඉස්කෝලෙ උනත් රස වින්දනයට කිසිම බාධාවක් නෑ.

    අදමයි ආවේ. මේ කියවාගෙන යනවා. ඉඩ ලැබෙන විදියට.
    ජය!

    henryblogwalker the Dude

    ReplyDelete
  7. එල!!! ඔබටත් ජය!

    ReplyDelete
  8. "අනේ මට කියනවද? මගේ පාසල් මවුනි දයාබර!!!"

    චිරාත් කාලයක් යෙහෙන් බෙලෙන් වැජඹේවා දෙවැනි මවුනි...

    Eternal NayaenZ 4 Ever!!!!

    Long live B.C.

    ReplyDelete
  9. පවනි???? උඹ කොල්ලෙක්ද? කෙල්ලෙක්ද බං.....

    ReplyDelete
  10. Maru poddiyo........ Sirawatama gedara inda kammeli ban. ayeth school yanda tiyenawanam maru........

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)