Sunday, October 27, 2013

අටමාට කෙලඋන මැජික් එක (වීඩියෝව සහිතය) - Small Magic by Pawani


මේ දවස් වල ලියන්න  තරම් දේවල් සිද්ධ වෙන්නෙත් නැති එකේ අහල පහල ඉන්න උන්ට මඩ ප්‍රහාරවත් එල්ල කල යුතුය. කලින් දවසක අටමාට උන මහා කුප්ප වැඩක් ගැන කිව්වා කට්ටියට මතක ඇතිය. අමතක අයට සිද්දිය මෙහෙමය..

“එදා 2013 සයිබර් අවුරුදු උත්සවේ දවසේ සෙට් වෙච්ච තැනදි, මෙතන හිටපු එකෙක් ලේන්සුවක් හිල් කරලා පෑනක් දාන විදිහේ මැජික් එකක් අටමගේ දුවට කියලා දීලාය. දුව ගෙදර ගිහින් මේක ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ අටමගේ ජොක්කු ටිකක් එක්කය. මොනවා උනත් දවස අවසානයේ ජොක්කු ඔක්කොගෙම හිල් හැදිලාලුය (මැජික් එක වැරදිලා).  පහුවදා උදේ අසූ හාරදාහට තද වෙච්ච අටමා අරෑට දාගෙන බනිනවලු. රජා කෝකටත් ඕක අටමාගෙන් විමසුවේය. ඇයි යකෝ සැර සීන් එකනේ.......


රජා: මේ මොකද්ද බං අටමා, අර දුව ජොක්කු ටික හිල් කලා කියන කතාව??? :D :D



අටමා: නැ බං රං ගොජෝ, පෑනක් රෙද්දක් අස්සෙන් රිංගවන මැජික් එකක් පෙන්නලා අපේ කෙල්ලට අර අසමජ්ජාති පවනි තරංගා, ඒ දවස් ටිකේ කෙල්ල පෑණක් අරං විලිවහගන්ඩ තියන හැම වස්තරයක්ම හිල් කර කර හිටියා, මැජික් එක මොකක්ද කියලා මාත් හරියට දන්නේ නැ, අර අසමජ්ජාතියගෙන්ම තමා අහන්න ඕන...



ඒ කියන්නේ අටමා අදින්නේ හිල් විච්ච ජොක්කු කියන කතාව ඇත්තය :D :D
සිද්ධිය ඔන්න ඕකය....
හැමෝටම ඉගෙන ගන්න පවනියා මේක X BAN එකේ BC BLOGGERS කුටියෙදි කරලා පෙන්නුවේය. මෙන්න රජා විසින් වීඩියෝ ගත කල, 

යුගයේ මහා මැජික්කරු... ලිංගවිපරීත පවනියාගේ ඇග කිලිපොලා යන, උණ්ඩුකපුච්ච හැකිලෙන, අක්මා දියවෙන, මයිල් ස්මයිල් වෙන මැජික් එකේ වීඩියෝව..... 


තත්පර 40ක් පමණක් බැවින් සියල්ලෝම නරඹත්වා!!!!


දැන් මිස්ටර් අටං කරන්න තියෙන්නේ...මේක පොඩි දුවටයි, ලොකු දුවටයි, අටංතුමියටයි තව ඔය කවුරුහරි පොඩි උන් දෙතුන් දෙනෙකුටයි පෙන්නලා....අර නිමාලියෙන් ගත්තයි කිව්ව අළුත් ජොක්කු ටිකත් ඉරා ගන්න එකය!!! :D :D

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

67 comments:

  1. හෑ...අර අයිය හෙන ප්‍රෝඩාකාරයෙක්නේ....මාත් තව පොඩ්ඩෙන් අනම්මනම් හිල් කොරන්න ගන්නවා :/

    ReplyDelete
    Replies
    1. උඔලා ඉතින් මල්ලියේ.......ඌට අහුවෙලා!!! :))

      Delete
  2. කෙල්ලට පෙන්නුවා ඒකිට තාම සීන් එක මීටර් නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. එයාට පුළුවන්ලු ඒ මාමා වගේ අත් වලින් මෙහෙම මෙහෙම කරන්නෙත් නැතුව ඒක කරන්ඩ , එහෙම කරන්නේ බොරුවටලු

      Delete
    2. බුහහහා..... අම්බෝ!!! =)) =)) =))

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හප්පේ පවනි අක්කා මාර වැඩ්ඩේක්නේ.හොරයක් බොරුවක් ඔතන නැද්ද හැබෑටම :/

    ReplyDelete
  5. නෙට් ස්ලෝ බං.ඔය පොඩි මෙව්ව එකවත් බලාගන්ඩ බැහැනෙ.මොනවා උනත් අසරණ අටමා

    ReplyDelete
  6. මම ලයිව් බලාගෙන හිටිය බං වීඩියෝව ගන්න වෙලේ.. මම හලී පුදුම වුණා.. !!

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව්මයි.. උඹ හිටියානේ එ වෙලාවේ :))

      Delete
  7. අටන් දැන් ඔය ජොක්කු ටිකට අන්ඩ ටිකක් මැහුවයි. . .

    ReplyDelete
  8. හෙහ්.. පවනියා වැඩ කාරයානේ.. මම දැක්ක මේක බුකියේ තිබ්බා..

    ReplyDelete
    Replies
    1. බුකියට දැම්මානේ කලින් :)

      Delete
  9. උමබ් මොකෝ මේ අටමටම කෙලින්නේ ....හැබැයි දැන් අටමා නම වෙනස් කරලා "ජොක් හිල් අටමා"

    ReplyDelete
    Replies
    1. අටමා මගේ බොක්කනේ :))

      බුහහහා..........

      Delete
  10. අටම් ජොක්කු හිල් කරගත්තේ ඕක නිසාද..පව් දැන් ඌ අමුඩයක්ලු ගහන්නේ

    ReplyDelete
  11. පවනියට දීලා තියෙන උපාධි ටිකනේ ඔක්කොටම හපන්... හි හි....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ගරු නම්බුනාම එව්වා!! :))

      Delete
  12. හොද වෙලාවට ලේන්සුවෙන් මැජික් එක පෙන්නුවෙ සල්ලි කොල වලින් පෙන්නුවනම් අටමාට කෙල වෙනවාය :D

    ReplyDelete
  13. දැන් උඹ කියන්නේ ජෝක්කුන්ගේ අලුතෙන් හිල් විදින්න ඕනේ කියලද ? එතකොට අර කකුල් දෙක බස්සන ලොකු හිල් දෙක ?

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒ කකුල් දෙක දාන හිල් දෙක මැද්දෙන් තව හිලක් හදන්න ඕනේ.. :))

      Delete
  14. මරු මැජික් කෑල්ල... බොක්ක කූල් උනා... :)

    ReplyDelete
    Replies
    1. හෙහ්... රත් වෙන්න මොනවා හරි... :))

      Delete
    2. විස්කි චුට්ටක් නම් කමන් නෑ... ගල් නං එපා !

      Delete
  15. ayyooo.....chatar....hariya...

    ReplyDelete
    Replies
    1. හරිය හරිය.. කොමාව :)

      Delete
  16. යකෝ අටමටයි වෙන්නේ.... අටමගෙ ජොක්ස් ටිකට අටමි අන්ඩ දාල දීලලු....

    ReplyDelete
    Replies
    1. අටමි මොකටද...අටමම ඉන්නේ :))

      Delete
  17. පුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
    http://sincinemacritics.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හා ගිහින කොමෙන්ට් කරන්නම්

      Delete
    2. අඩන්න එපා බං... බලමු ගිහින් :)

      Delete
  18. පුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
    http://sincinemacritics.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දෙපාර දෙපාර කියනවද? :))

      Delete
  19. පවනිය මේක ඔතන පෙන්නල තව කී දෙනෙක්ගෙ ජොක්කු හිල් වෙලාද දන්නෑ මේ වෙනකොට.

    ReplyDelete
    Replies
    1. ඕක බලන් හිටියා සෑමා... අනිවා ඕකා හිල්කරන් ඇති =))

      Delete
  20. ඕක පැනයි ලේන්සුවයි නැතුව වෙන ඒවා වලිනුත් කොරන්න පුලුවන්ලුද කියල පොඩ්ඩක් හොයලා බලල කියහන්කෝ රජෝ ...

    ReplyDelete
    Replies
    1. අපෝ පුළුවන්...මම කරලා පෙන්නන්නද? :))

      Delete
  21. දැන් තියෙන හොදම වැඩේ තමයි ඔය කියාපු ඇදුම් ටික තොග හරි සිල්ලර හරි විකුණන එක...හික් හික්

    ReplyDelete
  22. යකෝ සාක්කි මේ පැත්තේ නොආපු ටිකට මේක වෙනස් වෙලා තියන තරම්... දැන් ආපහු දිගටම සර්විස් දානවා ඔන්න.

    ReplyDelete
  23. අහෝ අටමට කෙළලා තියන හැටි මුන් ටික... කුජීතයි ඈ...

    ReplyDelete
  24. අඩේ මටත් කරලා බලන්ඩ ඕනි

    ReplyDelete
  25. අටමා ගේ ඇගේ තිබ්බ නුල් පොටත් ඉවරයි

    ReplyDelete
    Replies
    1. නූල් තිබ්බද බං??? =))

      Delete
  26. අදේ, අම්මා වලන් පිහදාන් එව්වා සැට් එක අරන් බලන්නෝනි ඕක කරන්න පුලුවනිද කියලා O.o

    ReplyDelete
    Replies
    1. හිල්කරලා ගුටි කාහන්... :))

      Delete
  27. මට මැජික් එකට නෙමෙයි හිත ගියේ...පවනියගෙ ඇක්ටින් වලට...සිරාවටම ඒ පැත්තෙන් යන්න කැමතිද කියලා අහපන්...විකට නලුවෙක් වෙන්න හොද සුදුසුකම් ගොඩාක් පවනියා ලග තියෙනවා...

    මොකක්ද මේ ලිංගවිපරීත සීන් එක...බ්ලොග් ඉතිහාසයේ ලිංගය මාරු වෙන්න යන පළවෙනියා පවනියද එතකොට ?

    ReplyDelete
    Replies
    1. හම්මේ...තියෙනවා තියෙනවා...!!! :)) =))

      හෑ.............?????????? නෑ............!!!!!!!!!!

      Delete
  28. අවුලක් නෑ බන් කොහොමත් මැෂින් හදන එකාට අණ්ඩ දාගන්න එක සුළු වැඩක් නේ

    ReplyDelete
  29. ඇයි අනේ දුව ලේන්සු වලින් නෙමේද කලේ ? එවුවා ගොඩක් හයිය රෙදි වලින්නේ මහන්නේ අප්පා හිල් වෙනවයැයි පව් අටන් ලොවේ අටන් තුමා

    ReplyDelete
  30. අඩේ අපි අඳින්නෙ පටි ජොක්කුනෙ බන්z.... එව්ව කොහොමෙයි හිල් කරන්නෙ?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)