Friday, June 7, 2013

ආන්ටිගෙ අමුතු බිත්තර - Neighbour Aunts Awkward Eggs


බිත්තර වූ කලී ඉතින් හැම එකාම කන ජාතියක්ය. සමහරුනං උදේ පාන්දර බිත්තර අමුවෙන්ම බොන්නේය. උන් මොන හිතකින් එහෙම බොනවාදැයි මට නං හිතාගත නොහීය. මතක් වෙනකොටත් නිකන් බඩ බුරු බුරු ගානවාද කොහෙදය. ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් වැඩිපුර බිත්තර කැවෙන්නේ නැත. මන්ද පස් හය දෙනෙක් බත් මුලට අත දැම්මම බිත්තර තියා බිත්තර කුඩක්වත් හම්බෙන්නේ හද්ද කලාතුරකින්ය. ඔය  බිත්තර වැඩිපුර කන්න එපාලුය. ඒ උනාට බිත්තර රොටී තුන හතරක් කොටුවට කපලා, හොදි දාලා මේසෙට ආවට ඔය ගුණ අගුණ මතක නැත. එක කටට රොටිය බඩේය. 

රජ මාලිගාවට බිත්තර ගේන්නේ බල්ටියේ දුරකින් වූ ගෙදරකින්ය. කුකුලෝ කිකිළියෝ 20ක් විතර එහෙ ඇතිකරන්නේය. ඒ ගෙදර සෙට් එකම ලොවෙත්ය. රජාලගෙ හොදම යාළුවෝය. ගෙදර හැමෝම ගත්තම මෙන්න මේ සයිස්ය. කොහෙන් කැපුවත් ටොන් එක හමාරය. මොනා උනත් හිත හොද කස්ටියය. ඔනේ දේකට බොක්කෙන්ය. ගෙදර අන්කල් මාමා ගැන පොඩ්ඩක් කියනවා නං... හැමදාම හවසට ඩෝප්  පිට ඉන්න පුල් ආතල් ඩයල් එක්කය. ඩෝප් කිව්වට ඒකත් ගානටය. වලි නැත. ෆන් සාගරයය. 

මේ ඊයේ පෙරේදා බිත්තර ගේන්න රජා, යුවරජා සමග මව්තුමිය ඇන්ටිලෑ ගෙදරට සැපත් උනේය. මව්තුමිය ආන්ටි එක්ක පොඩි චැටක් දානකන් රජා සමග යුවරජා බිත්තර 10ක් විතර තෝරා ගත්තේය. ඒවා අස්සේ තිබ්බ බිත්තර දෙක තුනක් හෙන හීනිය... දිගය... ඒ මදිවට බිත්තර කට්ටේ රැළි රැළි වගෙත් තියෙනවාය. අපේ මලයටත් කට තියාගෙන ඉන්න බැරිය. ලග හිටිය අක්කගෙන් ප්‍රශ්න අහන්නේය. 


යුවරජා: ඒ මේ මොනා වෙලාද අක්කේ මේ බිත්තර වලට???

ඕක ඇහුන අංකල් මාමා අපි  ඉන්න පැත්තට ඇදුනේය. වෙනදා වගේම ලාවට නමලාය. 

මාමා: ආ.............ඔය කිකිළි බිත්තරේ දාන ගමන් දුවලා. උගෙ පුක ඉරිලා!!!

අක්කා: ඊ.....මොනාද තාත්තේ ඔය කියන්නේ...??? කට වහන් යන්ඩකෝ!

අම්බෝ...මට මැරෙන්ඩ හිනාය. ඇස් දෙකෙන් කදුලුත් එන්න ඔන්න මෙන්නය. 

යුවරජා: අපිට ඕනේ මෙන්න මේ වගේ ලස්සන බිත්තර... මල්ලි බිත්තරයක් පෙන්නමින් කීවේය. 

ඕක අහන් හිටපු අංකලයට ආයේ චූන් උනේය. 

මාමා: ආ.....ඌට තියෙන්නේ චූ....ටි පුකක්!!! ඇගිලි එකට වකුටු කරමින් කීවේය. 

ඒ පාරනම් මට හිනාව තද කරන්න ඉන්න බැරි උනේය. තව තප්පර කීපයක් ගියේනම් පිත්තාශය සමග උණ්ඩුකපුච්චේ පුපුරලා රජා එතනම සොට්ටපොච්චිය. අක්කාගේ දැඩි දෝශාරෝපණය හමුවේ අංකල් මාමා පසු බැස්සේය. බිත්තර දහයකුත් අරන් අපි ආන්ටියි අම්මයි ඉන්න පැත්තට ගියෙමු. 

ඔතන ටිකක් කැරකි කැරකි ඉන්නකොට කිකිළියෝ කෑගහන්න පටන්ගත්තේය. මලයට දැන් ඕකත් ප්‍රශ්නයක්ය. 

යුවරජ: මොකද අර අරුන් කෑ ගහන්නේ? බල්ලවත් පැනලද දන්නේ නෑ...

අක්කා: නෑ නෑ...මෙන්න මම ලොකු වැඩක් කලා...ඇවිත් බිත්තරේ අරන් යන්න කියලා කියනවා අපිට...

යුවරජ: ආ......දැන් යනවද ගන්න? යං යං...

මටත් මොකද ඉතින්, මමත් දැන් කුකුල් කොටුව පැත්තට ඇදෙන්නේය. කිකිළියෝ කෙකර ගගා ඉන්නේය. මල්ලිත් දැන් ඒ වගේ කෑගහන්නේය. රස්නෙ පිටින්ම බිත්තර අරන් අපිට ගෙට ගොඩඋනෙමු. මලයා කෙක් කෙක් කෙක් කෙක්....ගගා ආවේය. ඕක අංකල් මාමට ඇහිලාය. 

මාමා: මොකද කෙක් කෙක් ගාන්නේ?

යුවරජ: ඇයි අර කුකුල්ලු කෑගන්නේ එහෙමනේ.. හි හි...

මාමා: කෙහෙල්මල....උන් ඒ කියන්නේ.... 
ටොප් ටොප් ටොප් ටොප් ටොපේ..........................ටොප් කියලා!!!

ඔන්න මිනිහට අළුත් වචනයක් අහුඋනා විතරය. දැන් ඉතින් වසලා හමාර බව මට ඉවෙන් මෙන් දැනුනේය.  ආපහු රජ මාලිගාවට එනකම්ම මූ පාර දිගේ ටොප් ටොප් ටොප් ටොප් ටොපේ..........................ටොප් ගගා ආවේය. හයියෝ හතර විලි ලැජ්ජාවේ බැරිය. මට මුගෙ ටොපා චොප්ප වෙන්න එකක් දෙන්න හිතුනේය. ඒකෙනුත් පාඩු වෙන්නේ රජ පවුලට නිසා මට ඇහුන්නෑ වගේ උඩ බලාගෙන මාලිගාවට ආවෙමි. 

ප/ලි: 

එක එක හැඩයේ බිත්තර දාන කිකිළියෝ හෙලා දැකිය යුතුය. දානවනම් පාට පාට ඒවාද දැමිය යුතුය. 

ගම් බිත්තර තරම් අනිත් බිත්තර සෙට් වෙන්වෙත් නැත. හැබැයි ඉතින් ගම් බිත්තර කන එක පව්ය. රජාව සේනා වලින් උස්සයිද දන්නෙත් නැත. :O

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

92 comments:

  1. මල්ලි දැන්ම කෙකර ගැන හැටියට අයියට වඩා කුකුලෙක් වෙන එක නම් sureය
    =)) =)) =))

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රෙඩික්ෂන් එකක් ආ...! :))

      Delete
  2. රජ බිත්තර......

    ReplyDelete
    Replies
    1. මම නෙමේ දැම්මේ =D>

      Delete
  3. හීනි දිගටි බිත්තර දැම්මේ කෝමද දන්නෑ නේ බන්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඕයි... ඇඩෙනවා දැක්කම :)

      Delete
  4. අම්මප උඹේ මලයනං මාර ඩයල් එකක්නෙ. තව ටිකක් හිටියනං අක්කගෙනුත් බිත්තරයක් ගනී. :D

    කි.බ.සේ. අවධානය පිණිසයි. - මෙන්න මූ බිත්තර ප්‍රමෝට් කරනව.

    ReplyDelete
    Replies
    1. සිරාවට ඕයි...

      කි.බ.සේ???? ඒ මොකද්ද බොලේ ඒ? කුණුහබ්බ කියන්න එපා ඈ... :))

      Delete
    2. 'කිකිළි බල සේනාව' කොහොමද බොලවු කුණුහබ්බයක් වෙන්නෙ. :))

      Delete
    3. මං හිතුවෙ මොකක් හරි එකක අස්සෙ කතාවක්

      Delete
    4. කැත හිත් කියන්නේ නිකන්ද?

      Delete
  5. රජ ඩබල දැක්කම කිකිලියොන්ට බිත්තරේ හැඩේත් අමතක වෙලාද කොහෙද.......

    ReplyDelete
  6. බිත්තරේට තියෙන්නෙත් රජාගේ මූණේ හැඩේමනේ
    c-)

    ReplyDelete
    Replies
    1. සිරාවටම??? එහෙනං අපි නටමු w-)

      Delete
  7. උඹලා දැක්කම කිකිලියෝ අප්සට් යන්න ඇති. බයටම පුක පොඩිවෙලාද කොහෙද....?

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ ඒ වගේ තමා! s-)

      Delete
  8. දැන් එතකොට කිකිළියෝ බිත්තර දාන්නේ පු**. එහෙමද රජා.

    ReplyDelete
    Replies
    1. අලේ මල්ලල්ලෑ... අර අන්කල් මාමා තමා කියන්නේ =))

      Delete
  9. යුවරජාට දැන් වයස කීයක් විතර ඇති ද? මට පේන්නෙ නං ඊයේ පෙරේදා හෝඩි‍යට ඇතුළත් වීමේ විභාගේ ලිව්වා වගේ. :P

    ReplyDelete
    Replies
    1. ඌ ඔය මොකක් හරි වසරක හිටියා...මට මතක නෑ :))

      Delete
  10. එහා ගෙදර අක්කි කෑල්ල ද ?

    ReplyDelete
    Replies
    1. නෑ ඕයි...එහෙම උනානං හිත හදාගෙන මැරෙන්න තිබ්බා.

      ඒකි හෙන ජබ්බි ඕයි!!! :((

      Delete
  11. Replies
    1. මිනිහා සිරා ඕයි... y-)

      Delete
  12. හදිසියෙවත් කුකුලයි කිකිලියි අහවල් එක කරනවා යුවරජා දැක්කා නම් රජා එය පහදාදෙන්නේ කෙසේද? හා කියමු බලන්න .

    ReplyDelete
    Replies
    1. අර ඇම්ඩාගේ අක්කා ඇම්ඩට බල්ලෝ කරන හැටි කියලා දුන්න වගේ.. c-)

      Delete
    2. ඒ කතාව මං දන්නේ නෑනේ .....කිව්වනම් හොඳා ....

      Delete
    3. මොනවා???? පී පී තාරා ඒක දන්නෑ??? :))

      Delete
  13. ගමේ බිත්තර මට නම් ඇල්ලුවේ නැ රජෝ

    ReplyDelete
  14. ඇයි බං ගම් බිත්තර කෑවම විතරක් පව්? ගම් බිත්තර කියන්නේ ඇලවෙන ජාතියක්ද?

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. කබි කුෂි කබි ගම් වගේ! =))

      Delete
  15. apo mu raja unata thama kade yanawane???

    ReplyDelete
  16. රජා නම් මාර ආතල් ය.උට බිත්තර ගන්න ගියත් ලියන්න දෙයක් තිබේ සුපිරි ආ

    ReplyDelete
    Replies
    1. කරුමේ බං කරුමේ...! :(

      Delete
  17. යකෝ මුං බිත්තර ගන්න ගිහින් කිකිළියොන්ගෙ පස්සා පැත්තෙ සයිස් එක ගැනත් හොයල නෙව. හිටපන් උඹල බිත්තර ගන්න ගෙදර කෙල්ලට මේක යවන්න, උඹත් අල්ලල දායි කුකුල් කූඩුවට.

    ගම් බිත්තර හොයාගන්න අමාරුයිනේ බං. මේ පැත්තෙ නම් ඔය කුකුල්ලු හදන අය නැති තරමයි. කොහොමටත් ගම්බිත්තර ප්‍රමාණයෙන් ටිකක් පොඩියි නේද?

    ReplyDelete
    Replies
    1. හොයන්න අමාරු කොහෙද බං. මේ තියෙන්නෙ බඩ පැලෙන්න කන්ඩ!

      ඔව් ඕයි හෙන චුට්ටන් :)

      Delete
  18. රජෝ අර අන්කල් මාම නං සිරා පොර නේ...ජොලියෙමයි හැම තිස්සෙම

    ReplyDelete
    Replies
    1. සිරා ඈ... අපේ ගමේ මම ආසම ඩයල් එක :)

      Delete
  19. අප්පටසිරි ඉස්කොලේදි බත් පතක් දිග හැරීම හරියට සිරස ලක්ෂපති තරඟය වාගේය ගොඩ ගිය එකා ගොඩය බත් පත නොදැක හෝ අතට අහුවෙන දේ කටේ දාගත යුතුමය හැබැ සෙට් එක සේට්වි කෑම පට්ටය

    ReplyDelete
  20. යුවරජා බොට එහා යන බව නම් ෂූවර්, හැබැයි බොලා වගේ නෙවෙයි, හුරතල් පොඩ්ඩා.. :D

    ReplyDelete
    Replies
    1. හිතන් ඉන්න හැටි තමා! අපේ හුරතල් දැකලා නෑ මෙයා.. :))

      Delete
  21. යුව රජා තොගෙන් රජකම කවද හරි උදුර ගන්නවා සුවර් !

    ReplyDelete
    Replies
    1. උදුරගන්න කලින් දීලා දානවා බං :)

      Delete
  22. අඩෙ මෙක බැලුවට බිත්තරයක් නෑ කමෙන්ට් එකක් දාලා නෑනෙ

    ReplyDelete
    Replies
    1. බිත්තරයක් අල්ලවත් යං :))

      Delete
  23. උඹට වැඩිය යුවරජා හොදයි වගේ බලාගෙන යද්දී.. බොලේ දැන් බිත්තරත් එක එක සයිස්ද..

    ReplyDelete
    Replies
    1. උඹලට ඉතින් මං තමා හැමදාම නරක :((

      Delete
  24. කිකිළියෙකුට වත් ඉන්න නොදෙන රජවරු! :D

    ReplyDelete
  25. රජෙක් වෙලත් කිකිලිගේ බිත්තරේ සයිස් බලනවා නෙව..

    ReplyDelete
    Replies
    1. සයිස් එක බලලා කන්න එපෑ..හිරඋනොත් හෙම =))

      Delete
  26. අඩේ අද දවල්ට වත් කෑම ගන්න කඩේ අක්කාට කියලා බිත්තරයක් දාගන්න ඕනේ. කැන්ටිමේ එකා දාන්නේ බිත්තරයකින් බාගයයිනේ. ඒක මදි.

    ReplyDelete
    Replies
    1. බිත්තර බාගේ මොනවා කන්නද බං? දෙකක්වත් ඉල්ලගනින් :)

      Delete
  27. යුව රජාව එක එක තැන් වල ගෙනියද්දි බලාගෙන රජෝ, කොයි වෙලාවේ මොනවා අහයිද කියල සුවර් නෑනේ... හැබැයි ඒකා බොලාගෙම මල්ලි කියල නම් කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. කවුරුවත් ලගපාත හිටියේ නැත්තන් කියලා දෙන්න පුළුවන්. එහෙම චාන්ස් එන්නේ නෑනේ ඉතින් :))

      Delete
  28. කිකිළිව පොඩ්ඩක් ශේප් කර ගත්තනම් බුල්සායි දැම්ම ගන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සිරාවට නේ? ටෝක් කරලා බලන්න ඕනේ :))

      Delete
  29. කිකිළියක් මුලින්ම දාන බිත්තරේ තරමක් විකාර හැඩ සහිතයි.ඒ වගේම ප්‍රමාණයෙන් පුංචියි, සමහරවිට කහමදෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටාස්.. එහෙමත් සීන් එකක්ද?

      Delete
  30. අඩේ මුටත් ඕන්නැති පුකක් නෑනෙ.. කවදාහරි උඹට එහා ගිය එකෙක් වෙයි උඹේ මල්ලි :ඩී

    මං හිතන්නෙ මේකට කුකුලගෙ සෙට් එකේ සයිස් එකත් එක හේතුවක්ද මන්දා?? එහෙමනම් ඉතින් උඹ තමා ෂොට් එක දීලා තියෙන්නෙ

    ReplyDelete
  31. අක්කිගෙ බිත්තර මොන සයිස්ද ?

    ReplyDelete
  32. මෙන්න රජා කුකුල් කොටුවකට පැනලෝ....

    ReplyDelete
  33. තෝ නම් නරියෙක්ම තමා!!!

    ReplyDelete
    Replies
    1. හුක්කි හුක්කි හූඌඌඌඌඌඌ...... :))

      Delete
  34. මචන් රජෝ...

    උබ ඔය කිකිලි කොටුවෙ මහ කුකුලව දන්නෙ නැද්ද.. පොඩ්ඩක් ඌගෙන් ගිහිල්ල අහපන් ඇයි උබ එක එක කිකිලියොන්ට එක එක වර්ග වලින් ..... දෙන්නෙ කියල...

    ReplyDelete
    Replies
    1. මහ කුකුළා නිකන් අන්දරේ වගේ ඇති නේ බං. :))

      Delete
  35. මාමා: ආ.............ඔය කිකිළි බිත්තරේ දාන ගමන් දුවලා. උගෙ පුක ඉරිලා!!!
    ila adenawa oiiiiiiii

    ReplyDelete
    Replies
    1. මගෙ කට ඉරුනා ඕයි හිනා වෙලා =))

      Delete
  36. ඉස්සර බෑන්ඩ් ගහන කාලෙ අපේ බෑන්ඩ් මාස්ටර් බිත්තර අමුවෙන් බොන වට්ටෝරුවක් අපිට කියා දී තිබුනා...ඒ අනුව සතියට වරක් බිත්තරයක් අමුවෙන් පානය කරන්න අපිත් පසුබට උනේ නෑ...බොලා හිතන තරම් ඒක හිරිකිත නෑ බන්...වීදුරුවකට දාලා..සීනි...දෙහි සහ තවත් අඩුම කුඩුම එකතු කරලා හොදට බීට් කරගත්තට පස්සෙ නියමයි.

    යුවරජා එන පොට හොද නෑ වගේ...අල්ලලා ගෙට ගං...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මටනං බෑ අප්පා :(

      Delete
  37. මෙහෙම දිගටි බිත්තරයක් දැක්කමයි. සුවර් එකට තෝව දැකලා කිකිලිට ඒ වැඩෙත් හරියට කරගන්න බැරි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ මේ ඒ බිත්තරේ නෙමේ බං... මේ වගේ එකක් ඒක :)

      Delete
  38. සත දහයෙ බිත්තර දාපු කිකිළි, සත දොළහෙ බිත්තර දාපු කිකිළිට කිව්ව කතාව මතක් වුනා, රජාගෙ පෝස්ටුව දැකලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්..ඌත් මේ වගේ එකෙක් වෙන්ඩැති :)

      Delete
    2. සත දොළහෙ කිකිළි සත දහයෙ කිකිළිට කිව්වලු ඔයත් මං වගේ සත දොළහෙ බිත්ත දාන්නකො කියලා. සත දහයෙ කිකිළි කිව්වලු,
      ‘අනේ මට බෑ සත් දෙකකට පු* ඉරා ගන්න‘

      Delete
  39. අන්කල් ජොලි බුවානෙ බං. :D

    ReplyDelete

  40. අපේ මව්තුමිත් කිකිලියන් ඇති කරනවා, අක්කයි,මායි ගෙදර නැති පාලුව නැති කරගන්නලු,හික්..... මොනා නැතත් අපිට ල0කාවට ආවම බිත්තර වලින් හදපු කෑම ජාති නම් අඩුවක් නැතුව කන්න පුලුවන්..................ඈ රජො අපෙත් ගෙවල් පැත්තෙත් බිත්තර, කුකුල් මස් විකුණන ගෙයක් තියනවා පවුලම ( මෙන්න ) සයිස් හැබැටම මොකද ඒ?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ බිත්තරම කාලද කොහෙද :))

      Delete
  41. ඒ උබ කිකිලිට මෙව්ව කරන්න ගියා නේ බිත්තරේ හැඩේට එව්ව වෙල තියෙන්නෙ :/

    ReplyDelete
    Replies
    1. මෙව්වා නෙමේ අරවා කරන්න ගියේ :)

      Delete
  42. අනේ හැබෑට බිත්තරෙත් ඇද කුද හොයන්න යනවනේ මේ රජා :/

    ReplyDelete
  43. මේ..මේ.. මිනිස්සුන්න්ට විතරක් නෙමේ කුකුල්ලුන්ටත් මානව අයිතිවාසිකම් තියෙනව හරිද?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)