Sunday, November 25, 2012

ආයෙත් මම බල්ටි ගැසුවෙමි....


දිනය දැන් හරියටම දවස් දෙකකට උඩය. සිද්ධියට කලින් දවස රෑ අම්බානට වැස්සේය. අතීත හා වර්තමාන දත්ත අනුව රාජ සයිට් එකේ කොන්ක්‍රීට් එකක් යනු අනිවා එදාට කොළඹට වහිනවාමය. මෙවරත් එසේමය. හිටගෙන පශ්චිම යාමය හෝදන්න වැස්සේය. 

පහුවදා කොම්පැණියේ පරණ සුපිරින්ටන් මහත්තයෙක් අපේ සයිට් එකට වැඩට ඇවිල්ලා තිබුනේය. මං රජා ඉන්න සෙක්ෂන් එකේ ලොක්කා වගේ ඉන්නේ මිනිහාය. මිනිහා රජා එක්ක කයියට වැටුනේය. වල්පල් ටිකක් කියෙව්වේය. වැඩට බැස්සේය. හදමින් පවතින 20 වන තට්ටුවේ අපි බීම් බදිමින් සිටියෙමු. අළුත් ලොක්කා නැවත මං ලගට ආවේය. මිනිහා මට මල්ලි කියා කතා කලේය. මට මල්ලි කිව්වට එයා අපේ තාත්තටත් වඩා වයස බව  ටක්කෙටම සුවර්ය.

ලොක්කා - මල්ලි.... බීම් ලේ අවුට් එකක් දෙන්න.

රජා දැන් ෆයිල් එකේ කොල එහෙ මෙහෙ පෙරලන්නේය. කොලේ නැත. මේ ලොක්කගෙන් ලකුණක් දාගන්න තියෙන චාන්ස් එකය. රජා දැන් පුක කැඩිච්ච කඩියා වගේ ස්ලැබ් එක පුරා ඇවිදිමින් ඩ්‍රෝවින්ග් එක හොයන්නේය. එක් වරම අරලිය ගහ මන්දිරයට ඉහල අහස දෙදරා ගියේය. මං රජාය කියන පුද්ගලයා ලොක්කාගේ දර්ශන පථයෙන් ඉවත් වී තිබුනේය.  ඌ බීම් එකක් අස්සේ නිදාගෙන සිටියේය. හෙල්මට් එක උඩී.....න් ප්‍රක්ෂිප්තයක් ලෙසින් අඩි කීපයක් ඈතට විසිවෙනවා ඌ දැක තිබුනේය. 

යකඩ නෙත්ති දෙකක රජාගේ දකුණු කකුල හා වම් කලව පැයට සැතපුම් 150 ක වේගයෙන් දඩෝ.....ස් ගා වැදුනේය. මට රිදුනේ නැත. කකුල් දෙකම හිරිවැටී තිබුනේය. ලොක්කා හිතුවේ රජා ඉවරම තමා කියාය. මම ක්ෂණිකව නැගිට්ටෙමි. කොලේ සොයා ලොක්කට දුන්නෙමි. තාමත් ලොක්කා තුෂ්නිම්භූත වෙලාය. 

ලොක්කා - බලහන් මල්ලි කකුල... අමාරුද?

රජා - නෑ... නෑ... මහත්තයා... අවුලක් නෑ...

අවුලක් නෑ කිව්වට ටොපිය හම්බෙන්න ගත්තේ පැයකට විතර පස්සෙය. අර කාටූන් වල වගේ  ඉදිමෙච්ච පාර කලිසම හිල් කරගෙන ඉස්සරහට ඇවිල්ලා තිබුනේය. ඒක ඉස්සරහා මයිල් ගස්ද දෙකකි. කලවයත් අම්බානට රිදෙන්නේය. කෝකටත් සාක්කුවට අත දාලා කලවෙ මසාජ් කලෙමි. ඒත් එක්කම නිකමට වගේ ෆෝන් එකත් අතට ගත්තෙමි. රජා සිහිමූර්ජා විය. අයියෝ.......නොකා නොබී ඉතුරු කරලා ගත්තු X8 එක. ඩිස්ප්ලේ කුඩුය. බැක් කවර් පැලිලාය. බැටරියත් ඇද වෙලාය. සුනාමියට අහුවුනා වගේය. දැන් කකුලටත් වඩා හිත රිදෙන්නේය. 

මේ සිද්ධිය 15ක් විතර වැඩකරන උන් බලාගෙනය. සෙට් එකම දැන් රජා වටේ වට වෙලාය. එක එකා මරු මරු ප්‍රශ්න අහන්නේය. පඩි ටෝක් දෙන්නේය.

1 - මහත්තයා... මේ බෝඩ් වල තෙල්... පරිස්සමට අඩිය තියන්න.

2 - මහත්තයා මිටීනේ... ඔය ඕපනින් වලින් පයින්න යන්න එපා..

3 - කොහෙද මහත්තයා වැදුනේ?

4 - කෝ බලන්න කකුල...

රජා යටතේ ඉන්න ගෘප් එකේ සුපවයිසර් අර සෙට් එකම ඉස්සරහා ඉදිමුම බහින ප්‍රශ්නයක් ඇහුවේය. මට උඩ ඉදන් කෙලී...න්ම ජබුක් ගාලා මුහුදට පයින්න හිතුනේය.

5 - මහත්තයා... තුන්මුල්ල එහෙම වැදුන්නෑනේ??

රජා - නෑ....නෑ....^_^ 

වැඩකරන උන් ඔක්කොම හිනාවෙන්නේය. අනේ අම්මපා.... මට අරූගේ තුන්මුල්ල කාගෙන කාගෙන යන්න හිතුනේය. ඒ අතර මම උන්ට ෆෝන් එක පෙන්නුවේය. අනේ..... මෙච්චර වෙලා මගෙ කකුල හදන්න හදපු උන් දැන් වැඩත් නවත්තලා පෝන් එක හදන්න යන්නේය. මං එතන මලත් උන් දන්නේ නැත. 

පෝස්ටුව ලියද්දිත් කකුල ඇදුම් කන්නේය. සේෆ්ටි බූට් දෙක ඇන්ටි ස්ලිප් කිව්වට ඒ ලෙස්සපු ලෙස්සිල්ල දැක්කනම්, බූට් හදපු එකා බෙල්ලේ වැල දාගන්නේය. 

ප/ලි:

අන්තිම ට්‍රිප් එකේ හොම්බතලා ගත්තු හැටි මෙතනින්..... ඒකනං පොටෝත් ගහලා කනාවට :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

102 comments:

  1. //ඉදිමෙච්ච පාර කලිසම හිල් කරගෙන ඉස්සරහට ඇවිල්ලා තිබුනේය.//

    උබ වැටුනද නැත්තම් අර වේලන කරවල දිහා බැලුවද?

    දැන් කකුල ශේප්ද

    ReplyDelete
    Replies
    1. මම? කරෝල? පිස්සුද? ;)

      Delete
  2. අඩේ!!මම හිතුවා හත් දවසක් වත් ලඟද කියලා..සික්! ඒකත් මිස් වෙලානේ!

    ReplyDelete
  3. අයියෝ ෆෝන් එක ගැන දුකේ බැරුවා... ඕක පරිස්සං කරගන්න බැරි උනාද රජාට :P
    දැන් කකුල හොඳයිද ඈ...
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  4. හිනා වෙලා පණ ගියා බං..... හයියෝ...... හි හි.... අපේ මහත්තයත් මෙන්න හිනා වෙනවා... ඔන්න උඹ ලොකු පිනක් කරගත්තා උන්දැව හිනස්සලා... හි හි..

    ReplyDelete
  5. මරු වැඩක් නේ වෙලා තියෙන්නේ...තුන් මුල්ල පරිසම්නේ...එහෙනම් කමක් නෑ...හි හි හී....

    ReplyDelete
    Replies
    1. ළිහිණි කෙල්ල තුන් මුල්ල ගැන සෝක වෙන හැඩයි,
      ඕක පරිස්සම් කර ගන්නා එක කාට කාටත් හොදය

      Delete
    2. ඒක තියෙනවා ලස්සනට :)

      Delete
  6. උබ වගේද ෆෝන් එක, අපරාදේ .....

    ReplyDelete
  7. අනේ ෆෝන් එක.. :( කකුල දැන් හොදද රජා??

    ReplyDelete
  8. සේෆ්ටි බූට් එක හදපු එකා ෆෝන් එක දැක්ක වෙලේ රජාට මාට්ටු වුනානම් සුනාමිය හොඳයි කියා සිතන්නට ඉඩ තිබුණේය. දැන් වුනත් වෙනසක් නැත්තේමය. රජා උළ මදිමින් උගේ පශ්චාත් භාගය උළ මත උළනා විදිය කල්පනා කරන බව ෂුවර්ය.

    ReplyDelete
    Replies
    1. මම කියන්න ඕනේ ටික මූ කියලාය :)

      Delete
  9. හයියෝ තුන් මුල්ල...

    ReplyDelete
  10. හයියෝ උඹටත් වෙන වැඩ.. මොක නැතත් තුම්මුල්ල පරිස්සම් කර ගනින්. :)
    අපරාදේ බං ෆෝන් එක.

    ReplyDelete
    Replies
    1. නැත්තන් වෙන රජුන් කොයින්ද නෙහ්? ;)

      Delete
  11. බලාගෙන රජෝ පරිස්සමෙන්. ෆෝන් එක ගැනනම් අම්බානට දුකය!

    ReplyDelete
  12. මට දුක අර ලකුනු ගන්න තිබුන චාන්ස් එක ගැන (ඈ රජෝ පෝන් එක රක්ශනය කරලා නැතැයි ?)

    ReplyDelete
    Replies
    1. පෝන් තියා මාවවත් කරලා නෑ මෙයා :)

      Delete
  13. අෆ්ෆටසිලි. අවුලක් නෑ නෙද ඔයාට? හ්ම්ම්... :(
    එහෙම ඇහුවම හොදයි නේ? ;)

    ReplyDelete
  14. අපරාදේ බං ෆෝන් එක මොනා උනත්.. ඒ මදිවට ලකුණු දා ගන්න තිබ්බ වෙලාව..

    ( ඒ ඉක්මනට සනීප වෙයන් හොදේ..)

    ප.ලි- මේ දවසෙම නේද මගේ වයිපරේ උඹ ගඩොල් අදිනවා ෆොටො ගත්තේ.. අපරාදේ තව ටිකක් වෙලාව හොද උනානම් උබ වැටෙනවම ගන්න තිබ්බා.. අෆරාදේ බං...

    ReplyDelete
    Replies
    1. ඔව් බං... අන්න එයත් පැපරාසි වෙලා :)

      Delete
  15. ඔය කිවුවට තුම්මුල්ලට සොරි වගේ තමා..
    මූ ඕක කියන්නැත්තේ මේක බලන ගෑනු පරාන මූට සෙට් නොවෙයි කියලා බයට..

    ReplyDelete
    Replies
    1. අද සිට අඩවි රැජින. D

      Delete
    2. පට්ට කියමන ... මේ නම රෙජිස්ටර් කොරපියෝ...:P

      Delete
    3. ආ... වරෙල්ලකෝ.. :)

      Delete
  16. අපරාදේ දසතියක නිවාඩුවක් නේද..

    ReplyDelete
  17. රජෝ පරිස්සමින් , අනතුරු වෙන්නේ හිතන්නේ නැති වෙලාවට

    ReplyDelete
  18. බීම් ලේඅවුට් එක හොයන ගමං වේලෙන කරවල කෑල්ලක් දකින්න ඇති. ඔලුව ඒ පැත්තට හැරෙවුව ගමං රජා බිම.

    ReplyDelete
  19. මං හිතුවා වැටිච්ච පාරට තුම්මුල්ල පොලිස් ක්‍රීඩාංගනය පැත්තට විසික්කා වෙන්ඩ ඇති කියලා.
    මොක උනත් ප්‍රවේසමෙන් වැඩ කරහන් මලේ !

    ReplyDelete
    Replies
    1. පොලිස් ක්‍රීඩාංගනේට රබර් බෝලයක් ආවයි කියන්නේ :)

      Delete
  20. Thummulla kohoney buwa..ela talk tika..jaya wewa..

    ReplyDelete
  21. පරිස්සමෙන් රජෝ තුන් මුල්ල නැත්නම් අනාගතය අඳුරේ...:D

    ReplyDelete
    Replies
    1. අනික පාවිච්චි කොරහන් Red Wings (US made) සේෆ්ටි බුට් එකක් අනිත්වා පට්ට චාටර් හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි රුපියල් 15000 විතර වෙයි බරෙන් අඩුයි ආරක්ෂාව උපරිමයි.

      Delete
    2. අයියෝ... ඕකත් ගානක්ද? ;)

      Delete
  22. හරි හරි එහෙනම් මේකයි අර පින්තූර වල පහල කෝණයක්
    තියෙන්නේ ..

    ReplyDelete
  23. එල ඈ..හිනා සාගරයයි..
    ෆෝන් එක ගැනනම් දුකයි.
    කීය කීය හරි එක්කාසු කරලා දෙන්න බලන්නම් අලුත් එකක් ගන්න ..

    ReplyDelete
    Replies
    1. උම්මාආආආආආආආආආආ...... :)

      Delete
  24. රජා මල්ලිව බලන්න ගොඩ කාලෙකින් ආවෙ... එද්දී මේකා පස්ස බිම ඇනගෙන නේ? :(

    ReplyDelete
  25. අපොයි උබත් කරගන්න වැඩ අර මොකක්ද උබ 300000 කට ගත්තා කිව ෆෝන් එක :p

    ReplyDelete
  26. පරමිපරා 7ක් විනාසයිද රජෝ...යුව රජට අබ සරණයි

    ReplyDelete
  27. වැටෙන්න ගියාද අනේ ඔයාව..හොද වෙලාවට බේරුනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ.. තව ඩිංගෙන් වැටෙනවා

      Delete
  28. හුටා අපරාදේ බෝල ෆෝන් එක.තනි ඇහැට ඇඩෙනවා.

    ReplyDelete
  29. කොන්ක්‍රීට් කම්බියක පැටලුනාලු නේද තුන් මුල්ල?

    ReplyDelete
  30. සේෆ්ටි ෆ්ස්ට් කියලා ඔය බිල්ඩිං ළග බෝඩ් ගහල තියෙන්නේ රතුපාටිං දැක්කෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොළ පාටින් තිබ්බේ :)

      Delete
  31. කැහිල්ල තියාගෙන පරිස්සමින් වැඩ කරපන්....ඔක්කෝටම වඩා අවුල් වෙන්නෙ ලෙන්ස් එකට මොවහරි වුනානම් තමයි.....

    තුන්මුල්ලනම් මොකද්ද....යාළුවෝ ඉන්නෙ.....:P

    ReplyDelete
  32. ටාම සිඩෙනවඩ හලේ.......:/

    ගොඩ ඩාසකින් ආවෙ ඒ එනකොටම ඔයා ඌයිය වෙලානෙ...ඉක්කන්ත සනීපවෙන්ඩ අයියෝ....බුදු සලනයි....

    ReplyDelete
  33. සිනා බෝ වේවා!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  34. අයියෝ සල්ලි. ඇඬුණා තැනි ඇහැට

    ReplyDelete
  35. හික්කි හික්කි හූ.... ඈ...

    ReplyDelete
  36. හයියෝ රජතුමාත් කොරගන්න දේවල්... අපරාදේ ෆෝන් එක... ඔය රජ බිල්ඩිමේ කොන්ක්‍රීට් දාන්න ශෙඩියුල් දවස් ටික කාලගුණ දෙපාර්ත්මේන්තුවට යැව්වොත් නරකද?

    ReplyDelete
  37. බෙල්ල නොකැඩී බේරුනා ඔයින් මදෑ. මටමයි වෙන්නේ වර්ගයේ හොඳ කතාවක්.
    වඩාත් නිවැරදි වන්නේ පශ්චිම යාමය නොව පශ්චාද් භාගය කියා ලිව්වානම් තමයි.
    පූර්ව = මුලින්, පෙරවරු, කලින්,
    පශ්චිම = පසුව, අග, පස්වරු,
    ඔබට කියන්න ඕනේවුනේ වැස්ස කොතරම් තදද කියනවානම් හිටගෙන පස්ස පැත්ත හෝදන්න පුළුවන් කියන එක නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  38. විහිලු නෙමෙයි රජෝ ටිකක් පරිස්සමෙන් වැඩ කොරහන්... Safety First කියන බෝඩ් එක ගැන හැම වෙලේම සිහි කොරපන්... තුන් මුල්ල පරිස්සම් කොරන් අපේ දැයට දුසිමක් විතර සැට් එක එකතු කොරපන්..

    ReplyDelete
  39. රජතුමාගෙ තට්ටු 20 බිල්ඩිම ගාවට මම ඊයෙ ආවත් එක්ක. දැන් කොහොමද කකුල....

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඇයි හූ කිව්වේ නැත්තේ :)

      Delete
  40. ලොක්ක, උඹ ටිකක් පරිස්සමෙන් වැඩ කරපන්. උඹේ වෙලාවවත් ටිකක් බලාගනින්...

    ReplyDelete
  41. සැක් දවස් හතක් ඉන් බලන් ආවේ....

    ReplyDelete
  42. kakula wageda apo...phone eka..
    Anonymous ain karata api ayamat awa.
    Jayawewa,
    Sajith (Sanjeewa)

    ReplyDelete
  43. අඩේ පෝං එක කැඩුනද බං ආයේ හදන්න බැයිද?? දරුණුවටම පැලිලද?? අපරාදේ ඕයි ඔව්වා සෑහෙන්න පරිස්සං කොරන්න ඕනේ දේවල් අත පය වගේද පෝං එක කැඩුනා කිව්වාම

    උඹ හොඳින් නේදෝ....

    ReplyDelete
  44. හපොයි ... ඔයින් බේරුණා
    :D

    ReplyDelete
  45. රජාටත් පොළව ඇද උනා එහෙනම් ආ.... හූ හූ
    (උදහස් නොවන සේක්වා)

    ReplyDelete
  46. හයියෝ. මට මතක් වුනේ අර ඇක්සිඩන්ට් රිපෝට් එක කියලා මම දාපු පෝස්ට් එක.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  47. කූට්ටම හොඳින් නේද?????????

    ReplyDelete
  48. පසුවී ආවෙමි... නැවත එන්නෙමි..

    ReplyDelete
  49. කවුදෝ කිව්ව තුම්මුල්ලට වැදුනොත් ඊට පස්සේ කෙලින් වෙච්චි ගමන්මයි කියලා

    ReplyDelete
  50. රජාට බයේලු කමෙන්ටු දාන්නේ..... ඹන්න අපි නම් බයේ නෙමෙයි දැම්මේ

    ReplyDelete
  51. තුම්මුල්ල යහතින්ද රැජිණියණි... :P

    ReplyDelete
  52. මුගේ තුන් මුල්ල කුඩු වෙලා හරි ෆෝන් එක බේරෙන්න තිබ්බේ .. අපරාදේ ඈ ...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)