Sunday, November 11, 2012

ට්‍රේනින් සොයා වටේ ගියෙමු.

මං රජා දැන් හෙන බිල්ඩිමක කට්ට කන බව මේ බොගේ කියවන මාගේ අතිජාත අඩවි වස්සෝ දන්නේය. එහේ උන චව් සිද්ධි කීපයකුත් නිවාඩු වෙලාවල දැම්මේය. අද මේ කොටන්නේ ට්‍රේනින් සොයා ගිය ගවේෂණ චාරිකාවේ සවිස්තර වාර්තාවය. 

සිවිල් කෝස් එක සාර්ථකව අවසන් කිරීමට නම්  මාස හයක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් අප ලබා ගත යුතුය. 4 වන සෙමෙස්ටරය වෙන් වී තිබෙන්නේ මේ සඳහාය. අපි කලින් ඉඳන්ම මේ සදහා සුදානම් උනෙමු. අපි කියන්නේ ගවේෂක, වැලයා, නිශාන් සමග රජාය. මුලින්ම ගියේ ලොකු ලොකු අතු අල්ලන්නටය. 

චීන වරාය කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙත පිය නැගුවෙමු. ඒකත් එසේ මෙසේ දුරක් නෙවේය. ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 32 වන තට්ටුවේය. ලිෆ්ට් එකේ මේ දුර ගියාමත් හෙන මහන්සිය. එහෙට ගිය පලවෙනි දවසය. ලස්සන අක්කා කෙනෙක් ඉස්සරහම ඉඳගෙන සිටින්නීය. පළමුව ඇගේ පංචකල්‍යානය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඇයගෙන් අදාල විස්තර ලබාගත්තෙමු.

ඇය අපිට ආස හිතෙන ලොකු ටොපියක් දුන්නේය. අපිට චීනේ ඩිග්‍රිය කරන්න සිස්සත්ත දෙනවාය...අරකය මේකය. අපි පසුදිනම  සීවී ලබාදුන්නෙමු. ඒ වන විට අපි හිතෙන් හෙන ලොකු මෙව්වා එකක් මවාගෙන හිටියෙමු. චීනේ ගිහින් ඩිග්‍රිය කරලා, සුදුම සුදු චීන කෑල්ලක් දාගෙන, සුදු පාට ඇස් හීනි චීන බබ්බු හදලා.... අම්මා බැට් එකෙන් ගහපු පාර බෝලෙත් එහා වත්තෙය. එත් ටික ටික දවස් ගෙවී යද්දී එතන ජොබ සෙට් නොවන වාතාවරණයක් ගොඩ නැගෙන බව අපිට වැටහෙන්නට විය. වහාම වෙන තැනකට ගියෙමු. 

ඒ රජාගේ තාත්තා අදුරන කොම්පැනියක්ය. එකේනම් අපිව ගත්තේය. සයිට් එක අනුරාධපුරයේය. එතන පැදියක් දෙන්නේ නැත. කලින් කිවේ නම් 20ක් දෙනවා කියලාය. පස්සේ කිව්වේ ඇලොවන්ස් එකක් පමණි කියාය. අපිට පඩිය කියන එක සැහෙන වටින්නේය. එක එකාට එක එක ආසාවන්ය. මන් රජා රට යන ටිකට් එකට සල්ලි එකතු කරන්නේය. උපාධි අවුරුද්ද තාත්තා ගානෙය. ටිකට් එකට සල්ලි මම හොයන්නේය.


අපි වැඩිපුර හෙව්වේ පාරවල් හදන කොම්පැනිය. මොකද ඒක ආතල්ය. පාරේ යන කෑල්ලක් දිහා බලාගෙන වැඩක් කරගෙන ඉන්න පුළුවන්ය. තවත් අකුරු තුනේ රෝඩ් කන්ස්ට්‍රක්ෂන් කොම්පැනියකට ගියෙමු. එකෙනුත් අපිව ගන්න ලයින් එක තිබ්බේය. හෙට cv  ගෙනත් දෙන්න කිව්වේය. අපි සතුටු සිතින් එලියට ආවෙමු. කෝකටත් කියා දැන් ඉන්න කොම්පනියටත් ගොඩ වැදුනෙමු. 5ට කලින්  යා යුතුව තිබුණි. හිටගෙන ඵුඛ හෝදන වැස්සේ එතෙන්ට යනකොට හරියටම 5ය. අපි ඇතුලට ගියෙමු.


අපි - සර්... අපි මේ කැම්පස් එකෙන් අපිට මෙහෙ ට්‍රේනින් ගන්න පුලුවන්ද?

සර් - HND නේද? අපිට 4ක් ඕනේ... හෙට ඉඳන් වැඩට එන්න. මුළු නමයි, ID නොම්බරෙයි දීල යන්න. ආ... තව පෝන් නම්බරෙත් දීලා යන්න.

අපි - සර් අපිට 5 වෙනිදා ඉඳන් තමයි එන්න පුළුවන්...
සර් - එව්වා හරියන්නේ නෑ... ආයේ ඔයාලට මේ චාන්ස් එක එන්නේ නෑ... හෙට 7ට සේවයට වාර්තා කරන්න.

කෙලපන්කෝ හැලප කිව්වලු. හවස 7ටත් අපි තාම නාවලය. මං රජා ගිරිඋල්ලට එන්නත් ඕනෙය. ආයෙත් උදේ 7ට කොල්ලුපිටියට එන්නත් ඕනෙය. බඩ කොරවෙන සංසිද්ධියකට මුහුණ දීමටවිය. එත් අතට ආපු පිනා චාන්ස් එක මිස් කරගත නොහැකි හෙයින් උදේ 7ට අපි සේවයට වාර්තා කළෙමු. 

ප/ලි:

අයියෝ ඩොලර්....අපේ බැච් එකේ ට්‍රෙනින් හොයන්න එහෙ මෙහෙ ඇවිදින්න, කන්න බොන්න, අපි හතර දෙනා තරම් වියදම් කරපු එකෙක්වත් නැතුව ඇති.

ඒත් මං මේ කල්පනා කලේ හීන මවාගෙන හිටපු එක කොම්පැනියකටවත්, එක සයිට් එකකටවත් යන්න උනේ නෑ....කවදාවත් යන්න බැරි වෙයි කියල හිතපු හෙන ප්‍රොජෙක්ට් එකකට එක පාරට යන්න හම්බුනා. දෙයියත් මාරයි... දෙනකොට බඩු යන්නම  දෙනවා... නැතිකොට මෑ ඇටයක් වත් නෑ...



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

76 comments:

  1. දෙයියෝ තමයි බං දෙයියෝ...
    මේ දවස් වල මටත් නිකං සිකුරු ටොයිලට් එකේ ඉන්නවා වගේ හැම තැනිංම මෙවුවෝ..
    ඇඩෙනවා ඕයි තනි ඇහැට..
    මේ වෙලාවට තමා ඉස්සර පච වෙවී නෝන්ඩි වෙච්ච කාල මතක් වෙන්නේ........

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. දුක හිතෙනවා අපි ගැනම :)

      Delete
  2. Replies
    1. ස්තූතියි නැන්දා :)

      Delete
  3. ඔබතුමා ඔහොම කියනවා... මම මේ තවම කටු කනවා..... අපටත් දවසක හඳ පායයි කියලා...
    එක වෙලාවකට හිතෙනවා ඉගෙන ගන්නෙ නැතුව දේශපාලනේ කරා නං හොඳයි කියලා... අඩුම ගානෙ මේ වෙනකොට සම්බනධීකරණ ලේකම් කෙනෙක් වෙලා දෙයියනේ කියලා සැපසේ ඉන්න තිබුණා... ශික් අම්මපා..

    ඕකයි ජීවිතේ....

    ReplyDelete
    Replies
    1. සෙටිෆිකේට් ඇත්ත!!!

      Delete
  4. my Congrats රජෝ! හැබැයි //මාගේ අතිජාත අඩවි "වස්සෝ"// කිව්ව එකනම් කැතයි ඈ.. :D

    ReplyDelete
    Replies
    1. හෙක්ස්... ඒක උඹලට හයිලයිට් වෙලාම පෙනුනද? :)

      Delete
  5. මුලින් කටු කන අය තමයි .
    පස්සේ සැප විදින්නේ ...............

    ReplyDelete
  6. කලින්ම රජාට අපි සුබ පැතුවනේ....ඉතින් ඒක වෙන්න ඇති අපි වස්සෝ වුනේ. අඩෝව් මුව හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. අයියෝ....මෙයාලට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ :)

      Delete
  7. ඔවා ඔහොම තමයි රජො :P වසන්තය වැඩි ඇතක නෙමෙයි.. :D

    ReplyDelete
    Replies
    1. වසන්තයා ඉන්නේ ගාල්ලේ බං... හෙන දුරයිනේ :)

      Delete
  8. හදිසියේ හම්බෙලා සෙට් වෙන එව්වා ආතල් මල්ලි ඔය පෙරුම් පුරලා හරි ගස්සගන්න ඒවට වඩා... ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. අහ අහ අහා... ඔය අහුවෙන්නේ ;)

      Delete
    2. ඒ කියන්නෙ අනික් දේවල්වලටත් මේ තියරියම අනුගමනය කරන්න කියලයි. :D

      Delete
  9. මුලින්ම කන්ග්‍රැඩුලේෂන් රජෝ.. ආහ්හ්හ.. ඔව්වා ගනන් ගන්න එපා..අහලා නැද්ද පුහුණුවේදී වැඩිපුර දහඩිය හෙලන්නා යුධ බිමේදී අඩුවෙන් ලේ හලයි කියලා... ;)
    ජය!!

    ReplyDelete
    Replies
    1. මදැයි කොමෙන්ට් එකක් දාන්න ආවා.. මෙයාට දාන්න වෙන එකක් ටිබ්බෙම නැද්ද :දිව

      Delete
    2. යකෝ මෙයා දන්න ඒවා... :)

      Delete
  10. අන්තිම 4to 1 හැටියට civil engineers ලා පනී තමා...මන් මේ බලන් ඉන්නේ කොයි වෙලේ පනීද කියල...

    ReplyDelete
  11. අපි නම් කොම්පිතර ඉන්ජෝ හින්ද පාරවල් වල කටු කන්න ඕන නෑ. මේ පාර ට්‍රේනින් ගත්තේ නෑ වැඩ ගොඩ හින්ද. ඊළඟ පාර අරගෙන එකත් ඉවර කරලා දාන්න ඕන. මාස 6ක් කියන්නේ එසේ මෙසේ කාලයක්ද ඈ....නෙහ්.

    ReplyDelete
    Replies
    1. මාස 6ක් කියන්නේ දවස්ම කීයක්ද ඈ... :)

      Delete
  12. බැරිවෙලාවත් උඹ අනුරාධපුරේ ආවනම් මට වැස්සට වත කැම්පස් එන්න හම්බෙන්නේ නෑ! මොකෝ පාරවල් කදෙනවනේ! දැන් මම ගාලු පාරේ යන එක නවත්තලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. අපි එනවා පුතා... බය වෙන්න එපා :)

      Delete
  13. කතාවනම් තිතට හරි. ඔය ඉන්නවි කිව්ව දෙඉයෝ ඔහොමම ටමි. නැටි කොට රීම් එකත් ගෙවෙනකන්ම නැටි වෙනවා.

    ReplyDelete
  14. කට්ටත් සැපක් කියලා හිතා ගෙන ඔන්න ඔහේ කාපං රජෝ. ඔන්න රෙපාගේත් සුභ පැතුම් :)

    ReplyDelete
  15. මොකෝ රජා කියල ..අහවල් එකයැ....කාපිය ක‍ටු..!

    අහම්බෙන් ලැබෙන දේවල් තමා බං ජීවිතේට පිහිට ගේන්නෙ.

    ReplyDelete
  16. යකෝ මේකේ වස්සො විතරද ඉන්නේ.. ඇය් කද මහත වැස්සියෝ නැද්ද

    ReplyDelete
    Replies
    1. මම මොකුත් නොකියමි :)

      Delete
  17. උබ අමනය උනාට යන ගමන පැහැදිලියි බං ... කට්ට කාගෙන පල නාහෙන් අඩන්නේ නැතුව ..

    මේ අර දෙය්යගේ නම්බරේ දියන්කෝ . මටත් මෙව්වා කරගන්න

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ අමනයා? :/

      බුකියට එවන්නං :)

      Delete
  18. ආයේ අහල.... දෙයියෝ තමයි දෙයියෝ... මේ දවස්වල ධනපාල තරහ වෙලා මදිවට ජොබ් කස්ටක් සෙට් වෙන්නෙත් නෑ අප්පා.. ඩේටා පුච්චගෙන රස්සා හොයල CV දම්මටත් ණයයි... හුම්ම්ම්
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්බෙයි හම්බෙයි :)

      රාජ සම්පත!!!

      Delete
  19. ඕං ඔහොමයිලු උනේ..
    සුභ පැතුම්...

    ජය වේවා..

    ReplyDelete
  20. මමනං තව ටික කාලයක් බලලා ජොබක් සෙට් උනේ නැත්තං යනවා හිරේ.එහේ කන්ඩ බොන්ඩ දීලා ආයුධ පුහුණුවකුත් දෙනවා.කැම්පස් උන්ට නිකං බොරු හමුදා පුහුණුවක්නේ දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට ලයිව් ඇමියුනිෂන් ට්‍රේනින් දෙන්නේ. ෆුල් ඔබ්ස්ටකල් කෝස් එකක් එක්ක.. ඔන්‍න‍ යනවනම් තැන..

      Delete
    2. ඒකත් නරක නෑ බං :)

      Delete
  21. සුබ පැතුම් මචන්..
    කලිනුත් පැතුවද මන්දා.. කමක් නෑ වැඩි වෙනව යැ නේද රජෝ!!

    ReplyDelete
  22. එහෙම නම් සුභ වේවා රාජ සම්පත් ලැබේවා....!!!

    ReplyDelete
  23. සුභ වෙලා රාජ සම්පත් ඔය ලැබීගන එන්නේ.. එල එල.. අපිටත් කියනවා නොව ඔය උඩ නැගලා බලන එවුවා එහෙම..

    ReplyDelete
  24. වල් රජා... ෂේප් එකේ වස්සෝ කිව්වා නේද.... හිටුකෝ.. අපිටත් එයිනේ චෑන්ස් එකක්....

    ReplyDelete
  25. ෂැ .... මේ දවස්වල රජවරුන්ටත් අමාරු කාලයක්නේ. ඉස්සරහ තියෙන සුන්දර ලෝකෙ හිතේ මවාගෙන දැන් කට්ට කාපං, කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවලුනේ. සුභගමන් මචං.

    ReplyDelete
    Replies
    1. පල්ලම හම්බෙනකං බලාගෙන ඉන්නවා බං :)

      Delete
  26. කාපු කටු දුටුවාම ඇඬේනවා තනි ඇහැට......... කාටද බොල වස්සෝ කිව්වේ

    ReplyDelete
  27. අයියෝ මං හිතං හිටියෙ තට්ටු තිස් ගානක් පඩි නගිනව කියල. කොහොමද ආතල්එක. කමක් නෑ. ඔහොම යං. සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. තට්ටු 30ක් පඩි නගින්න? :0

      පිස්සු බම්ප් වෙයි :)

      Delete
  28. ඇඩෝ දෙයියෝ බඩු යන්නම දුන්නද ඈ....

    ReplyDelete
  29. අනේ දෙවියනි රජාට කෙල්ලෝ වැහි වැහලා ඉන්න තැනක සෙට් වෙන ජොබක් සෙට් වෙයන් හිඟා කන්න වුනත් අවුලක් නැහැ.(රජෝ මන් හරි නේද?)

    ReplyDelete
  30. රාජ සම්පත්ම ලැබේවා. සුභම වේවා !

    ReplyDelete
  31. කාලෙකින් ඇවිත් ගොඩක් කියෙව්වා ..පන යන්න හිනා .

    චීන කෙල්ලයි බබ්බු ටිකයි.....අය්යෝ

    ReplyDelete
  32. ඔය දීලා තියෙන්නේ දෙය්යෝ ...

    ReplyDelete
  33. දැන් ඉතින් කැඩිච්ච පාරක් එහෙම දැක්කම මහ රජ තුමාටයි අඩවි රජාටයි දෙන්නතම බනින්න බැරියැ. කොහේද ඇත්තටම වැඩ කොරන්නෙ ඈ????

    ReplyDelete
  34. paswaan dahasakata budu wenna dhewayan wansa("mae yakaage hithae thiyena aewa ekka kohae budu wennada") thanam adawiya ara hacker praaharen passe geek.lk eke sindiyen maka baewila gihilla ayema add karanto.mama maara kattak kaewae thanam adawiye URL eka hoyaaganna.anika aeka address bar ekae type karannath kathai kujiithayi.

    ReplyDelete
  35. හිහි....රජාට ඔය ලැබිල තියෙන්නෙ....

    ReplyDelete
  36. සොයන්නාට මහන්සිවේ කියලා කතාවක් තියෙනවනේ. දැන් බැලුවම ඒක හැබෑව. කුප්ප කතා වලට වගේම උනන්දුවෙන් ඕකත් කරගෙන පලයන් මලයා. සුභ වේවා....සාජ සම්පත් ලැබේවා...............!!!!!

    ReplyDelete
  37. සුභ පැතුම්....!

    මේ පොස්ට් එක කියවල මට හොඉදටම හිනා..... :)

    ReplyDelete
  38. සුදු කරවල පොස්ට් එකටම කැපෙන නම :P

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)