Saturday, February 11, 2012

තාර්කික විඥ්ඥාණය ( සිංහලෙන්ම කියනවනං ලොජික් තිංකින් )


තර්ක සාස්තරේ කියන්නෙ මහා ගැඹුරු විෂයක්. අපි නං ඉතින් ඕවා ඉගෙනගෙන නෑ. ඒත් මොකෙක් හරි කට ගහගෙන ආවොත් එකට එක කියලා ඌව හලලා දාන්න බැරිකමකුත් නෑ. ඔය මොනව කිව්වත් තර්ක සාස්තරේ බැරූරුම්කම හරියටම තේරුනේ මට ආපු ඊමේල් පොඩ්ඩකින්. අපිට කවුද ඉතින් ඊමේල් එවන්නෙ...මේකත් ආවේ සුපුරුදු පරිදි අපේ බැච් එකේ ලොකු අක්කගෙන්.

මේ ඉස්ටෝරුව කියෝලම බලන්ඩකො තත්වෙ කොහොමද කියලා..


රස්සාවට බබා හම්බුන පුද්ගලයෙක්.....නගරයේ ප්‍රසිද්ධ බාර් එකකට ගොඩවෙන්නෙ හිතේ තියෙන දුක නිවාගන්න කියලා හිතාගෙන.

@ The  BAR,


බාර් එකට ආපු මේ අලුත් සාමාජිකයා දැකපු බාර් එකේ අයිතිකාරයා මිනිහත් එක්ක කයියට වැටුනා.

බාර්බුවා - මම මීට කලින් ඔබ දැක නෑ....ඔබ කවුද?


මිනිසා - මම ජිම්....මගෙ රස්සාව නැති උනා. නොදකිං.......


බාර්බුවා - මොකද්ද ඔබේ රස්සාව?


මිනිසා - මම උපදේශකවරයෙක්.


බාර්බුවා - ඇත්තටම උපදේශකවරයෙක් මොනවද කරන්නේ?


මිනිසා - හොදයි....ම්....ඒක තාර්කික විඥ්ඥාණයක් ඕන කරන රස්සාවක්.


බාර්බුවා - තාර්කික විඥ්ඥාණයක්???


මිනිසා - ඔව්..මට ඒක මෙහෙම විස්තර කරන්න බෑ...මම ඔබට ඒක ඔබට කරලා පෙන්නන්වම්. මෙහෙමයි.....
ඔබට බල්ලෙක් ඉන්නවද?


බාර්බුවා - ඔව්...

මිනිසා - ඒ කියන්නෙ ඔබ සත්තුන්ට ආදරෙයි...?


බාර්බුවා - ඇත්තෙන්ම...


මිනිසා - ඔබ සතුන්ට ඔච්චර ආදරෙයි නං....ඔබේ දරුවන්ට ගොඩක් ආදරේ ඇති.


බාර්බුවා - සත්තකින්ම....


මිනිසා - ම්...ඔබට දරුවො ඉන්නවනං ගෙදර ලස්සන වයිපරේකුත් ඇති...


බාර්බුවා - ඔව්....ලස්සන වයිපරයක් ඉන්නවා...ඔබ කොහොමද ඒක දන්නෙ?


මිනිසා - ඒ ඔක්කොම තාර්කික විඥ්ඥාණය....එහෙනං අන්තිමට...ඔබට දරුවො ඉන්නවනං, ලස්සන වයිපරයක් ඉන්නවනං... ඔබ කොලුකාරයෙක් (ගේ කුරුල්ලෙක් ) නෙමේ....


බාර්බුවා - මගුලක් කතා....ප්.. ඔව්, ඔව් එහෙම නෑ.


මිනිසා - හෙහ්....අන්න ඒකයි තාර්කික විඥ්ඥාණය.


බාර්බුවා - ෂාහ්...මාරයි..


මිනිසා - හොදයි....දැන් මම යන්න ඕනා අලුත් රස්සාවක් හොයාගෙන..ගිහින් එන්නං.


බාර්බුවා - සුබ පතනවා මහත්මයා...



ඔහු බාර් එකෙන් ගියාට පස්සෙ මේක බලං හිටපු එකෙක් ඇවිත් අහනවා



2 මිනිසා - කවුද ඒ පොර?


බාර්බුවා - ආ....ඒ උපදේශකවරයෙක්. ඔහු මට තාර්කිකව හිතන්න පුරුදුකලා


2 මිනිසා - මොකක්??


බාර්බුවා - ඉන්න මං ඔබට එය කරලා පෙන්නන්න... ඔබට බල්ලෙක් ඉන්නවද?


2 මිනිසා - නෑ.....


බාර්බුවා - ම්....ඒ කියන්නෙ ඔබ ගේ කුරුල්ලෙක්.




බල්ලෝ ඇති කරන්නෙ නැත්තං පොඩ්ඩක් කලින් කියපල්ලා ඈ.....අතේ දුරින් ඉන්න ඕනා ඒකයි.

*විඥ්ඥාණය කියන්න අකුරු හරිද මන්දා....වැරදි නං සමාව අනුභව හෝ භජනය කරමි...

13 comments:

  1. මාත් දන්නෙ මේ වගේ තර්ක තමයි..තර්කයක් දැම්මොත් වරදිනවනෙ..:D:D

    ReplyDelete
  2. ඉතින් මිනිහ ඔව් කියලද?

    ReplyDelete
    Replies
    1. ඒක නං කොහොමද දන්නෙ නෑ...බාර් එකේ අයිතිකාරයගෙන් තමා අහන්න වෙන්නෙ. :D

      Delete
  3. මාර විඥානේ.... ඇඬේනවා.....

    ReplyDelete
  4. ලොකු අක්කා පොඩි මල්ලිට එවන දේවල්....කවුද දන්නෑ මේව ලොකු අක්කට එවන්නේ???

    ReplyDelete
  5. හහා....
    මටත් ටිකක් තියේ ඔය වගෙ ඤාණයක්....
    හන්ඩ්‍රඩ් පර්සන්ට් සුවර් ය....
    මමද හොඳ තර්ක කාරයෙක් මි...

    ReplyDelete
  6. ඇත්තට????
    එසේ නං එනු තර්කෙට... :ඩී

    ReplyDelete
  7. කාලෙකින් මාර කථා සෙට් එකක් කියෙවුව බං.මොනව උනත් හරි වැදගත් බං.තව තව ලියන්න දෙයියො බලපන්.

    ReplyDelete
  8. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)