Wednesday, February 8, 2012

කොඩිගහ යට ජීවිතේ..

අපි ඇතුගල්පුරය (කුරුණෑගල), ගම්පහ ඕනෑ තරම් කරක්ගසා ඇත්තෙමු. නොදන්නා පාරක්, පොට් එකක් ද නැත. අපහට නොපෑගුන එකදු වැලි කැටයකවත් ඒ නගර වල නොමැති තරම්ය. නමුත් කොළොම්පුරය......ඉස්සර ඉදහිට ආවා ගියාට එතරම් පුරුදුකාරයෝ නොවෙමු. මේ පරිසරයට හැඩ ගැහුනේ  කැම්පස් ඇවිත් බෝඩිමකට සෙට් වූවාට පසුය. මෙහි නියම තත්වය තේරුම් ගන්නට වැඩිකලක් ගතවූයේ නැත. මම කෑ ලනු අනන්තය අප්‍රමාණය. මේ බ්ලොගිය ලියන්නේ කියවන ඔබත් ඒ ලනු නොකෑමට මේ සිද්ධි මතකයේ තබාගැනීමටය. 

පිටකොටුව - මේක කවුරුත් දන්න ස්පොට් එක, ලංකාවේ පදික වෙළෙදුන්ගේ පාරාදීසය. හැම තිස්සෙම කඩිගුලක් ඇවිස්සිලා වගේ එහෙ මෙහෙ දුවන මිනිස්සුන්ගෙන් චුට්ටක්වත් අඩු නෑ. ඕල්කට් මාවත, බෝධිරාජ මාවත ඉදන් 5වන හරස් වීදිය වෙනකනුත්....මල්වත්ත පාර, ගුණසිංහපුර, වේල්ලවීදිය, අලුත්කඩේ, බැස්ටියන් මාවත කියන්නෙත් ගිහාම හොල්මන් වෙලායන ප්ලේස්. මේ තැන් වල වෙළෙන්දො එහෙම හරී....ම අඩුයි. යන්ඩ එන්ඩවත් විදිහක් නෑ ඒ මල පෙරේතයෝ හැම තැනම. හැබැයි ඉතින් තියෙන අරුමෝසම් බඩු දැක්කහම කොච්චර හදිස්සි උනත් ටිකක් නැවතිලා බලලා යන්නම හිතෙනවා.




කඩ පෝලිම


දැන් මම මේ කියන්න යන්නෙ මං කාපු එක ෂෝක් ලනුවක්...අහං ඉන්න....අහගෙන ඉන්න...හොදේ?

දවස නං හරියටම මතකයක් නෑ. කොහොම හරි මේක සිද්ද උනේ ගෙදර ඉදන් බෝඩිමට එන දවසක උදේ. ඔන්න දැන් මම පිටකොටුවෙ අර කඩ වගේ තියෙන ලඩ අස්සෙන් ඇදුම් බෑග් එකත් උස්සගෙන බොහොම අමාරුවෙන් රිංග ගෙන එනවා. ඔහොම එද්දි පිස්සු පහර බෙල්ට් එකක් දැක්කා. ඒක නං පට්ට. ODEL, GLITZ එකේවත් දැක්කෙ නෑ ඒ වගේ එකක්. මටත් ඉතින් ඔය වගේ එකක් දැක්කහම මාර අමාරුයිනෙ. ගිහින් ඇහුවා ගාන.

මම - අයියෙ කොහොමද මේකෙ ගාන?

ලඩයා - 100 යි මහත්තයෝ...ගන්ඩ ගන්ඩ නියම බඩු

ඈ.....මූ මට මහත්තයාලු ඌ කොහෙ බලංද දන්නෙ නෑ කතාකරේ.. කොහොම හරි කමක් නෑ බෙල්ට් එක පට්ටනේ...හැබැයි ඒකේ හිල් විදලා තිබ්බෙ නෑ. 

මම - කෝ අයියේ මේකේ හිල්?
ලඩයා - ආ....මහත්තයට ඕන ගාන පෙන්නන්කෝ මම විදලා දෙන්නං

අනේ ඉතින් මමත් ඕන ගාන පෙන්නලා දුන්න විදපං කියලා.


ලඩයා - මෙන්න මහත්තයා....250ක් දෙන්න.

මම - මොකක්...? ඉස්සෙල්ලා 100යි කිව්වෙ?

ලඩයා - හිල් විදලා 250යි.. නැත්තං 100යි.. මේවගේ හිල් විදලා අනිත් අයට දෙන්න බෑනේ මහත්තයා (බෙල්ට් එක මගෙ බෑග් එකට ඔබන ගමන්)

ඇත්තමයි මට ඒ වෙලාවෙ ආව කේන්තියට ලඩයව ඩොමිනෝස් කරලා දාන්න තිබ්බා. අනේ ඉතින් මමත් බල්ලා වගේ 250ක් දීලා  බෙල්ට් එක අරං ආවා (වෙලාවට සල්ලි තිබ්බා). හිල් විදපු එක ආපහු තියලා එන්නත් බෑනේ...අනික ඌත් එකක් ඕක ගැන තර්ක කරන්න ගියොත් මට රෙදිත් නැතුව තමා එතනින් යන්න වෙන්නෙ.

ඔන්න වැඩේ... පටියට 100යි, හිල් තුනට 150යි....


මේවගේ එකක් ඈ...

යකෝ...මෙහෙම සීන් එකක් දන්නවානං තව කීයක් හරි අතින් දාලා ඊට වැඩිය ලොකු හිලක් බෝඩිමට එක්කං යනවනේ..

මම ඉතින් අර ලඩයාගෙ හත්මුතු පරම්පරාවටම පින් දෙන ගමන් මොරටු බස් ගහන පැත්තට ආවා... 

ඔන්න කොල්ලනේ පිටකොටුවෙන් බෙල්ට් ගද්දි පරිස්සමින් හොදේ..


තවත් මේ වගේම සෙල්ලමක් පළතුරු තට්ටු අස්සේ වෙනවා....මේ සිද්ධිය නං  පිටකොටුවෙන් පළතුරු ගත්තු ඕන කෙනෙක් වගේ  මුහුණදීලා තියෙන සීන් එකක්. මමනං මේකට වැඩිය අහුවෙලා නෑ මොකද මම පළතුරු ගන්නෙ මම අදුරන එකෙක්ගෙන් හින්දා...

ඇපල්, දොඩම් එහෙම හෙන ලස්සනට අහුරලා තියෙනවා පිටකොටුවෙ ඇවිදින ඕන කෙනෙක් දැකලා ඇතිනෙ. 6ක් 100/- කියලා ගහලත් තියෙනවා ලොකූවට...



ඔහොම කිව්වට ගණුදෙනුව සිද්ධ වෙන්නෙ ගෙඩි 6න් 3ක් වත් තට්ටුව යටින් අරං කවරෙට දාලා කියලා ඔහෙලාට මීටර් වෙලා තියෙනවද? තට්ටුව යට තියෙන්නෙ අවුල් ගිය ඒවා, සෑහෙන්න ඩැමේජ්. හැම ලඩයම මෙහෙම නෑ...ඒත් බහුතරය මෙහෙමයි. කලාතුරකින් තමයි එහෙමත් එකෙක් හිටියොත්.


සුපර් මාකට් එකක 50ක් 60ක් වෙන ඇපල් ගෙඩි මෙච්චර අඩුවට දෙන්නෙ කොහොමද? මේකට උත්තරේ හම්බුනේ මගෙ අර පළතුරු බොක්කගෙන්.


කන්ටේනර් ගනන් පළතුරු ගේන මුදලාලිලගෙ ගබඩා වලින් හෙන අඩුවට ඩැමේජ් වෙච්ච ඒවා ගෙනල්ලා හොදට හෝදලා අර චූටි ලේබල් ගහලලු තට්ටුව යට තියන් ඉන්නෙ. හොද ඒවා උඩ. පළතුරු ගන්න උන්ට තෝරන්න දෙන්නෙත් නෑ. ලඩයට ඕන ඒවා තමයි අපි කන්න ඕන...

මිදි බිස්නස් එකත් මීට එහා...හුගක් වෙලාවට තරාදියෙ බර පෙන්නන්නෙ වැඩියෙන්ලු. ඒ කියන්නෙ අපි 500ක් ගත්තොත් ඇත්තටම තියෙන්නෙ 400ක් 450ක් විතරලු. මේ සීන් කෝන් එක කිව්වෙත් අර බොක්කම තමා.



මෙහෙම දං කනවට වඩා හොද නැද්ද ටිකක් වැඩියෙන් හරි දීලා සුපර් මාකට් එකකින් හොද නැවුම් පළතුරු කන එක?


කොලොම්පුරේ මේ වගේ කේස් තව ගොඩා....යි.....
  • රෑ කුමාරියෝ
  • ඔරලෝසු
  • මාල වලලු
  • සීඩී
  • ඇදුම්
මේවගෙ සවිස්තරාත්මක විස්තරයක් එක්ක කොඩිගහ යට ජීවිතේ II න් හමුවන තුරු ඔබට ජය ශ්‍රී....

 

7 comments:

  1. හොඳ ලිපියක්... පිටකොටුවෙ සීන් නම් අනන්ත.. මම නම් වැඩිය ගනු දෙනුවක් නෑ... බෙල්ට් නම් අරන් තියෙනවා... හිල් කොටන එව්ව නෙමෙයි. හික් හික්...

    ReplyDelete
  2. මමත් හිල් කොටන ඒවට වැඩි කැමැත්තක් නෑ....ඒත් මේකට හිත ගියා නොවැ කරුමෙට

    ReplyDelete
  3. මන් හිතුවා දැන් ඕක නැහැ කියලා ඉස්සරනේ ඔය වැඩේ කලේ. මන් ටික කාලෙක්ට කලින් බෙල්ට් එකක් ගන්නකොට ඇහුවේම හිල් එක්ක ගාන කීයද කියලා එතකොට තමා ඌ කිව්වේ දැන් ඒක කරන්නේ නැහැ කියලා

    දවසක් රෑ කෝච්චියේ දොඩම් වික්කා 6ක් 50 ගානේ අරූ අරන් දෙන ඒවා බෑග් එකේ දාගත්ත අය ඇරෙන්න එවෙලේ කන්න ගත්ත උන් සේරම ආපහු දුන්නා මොකද ඒ තරම් සවුත්තු වෙච්චා වික්කේ

    ReplyDelete
  4. තාමත් එහෙයමයි සහෝ...

    ReplyDelete
  5. කතාවනම් ඇත්ත මටත් ඕන තරම් ඔය වගේ දේවල් වෙලා තියෙනව .මොකද මමත් ග්මේ ඉඳන් කොළොන් තොටට ආපු කෙනෙක් නෙ

    ReplyDelete
  6. කොළඹින් අහුවෙන්නේ නැතුව ගාණ අඩුකරගෙන බඩුවක් ගේන්න පුලුවන් එහෙමත් එකෙකුට තමා. ගෙන්දගම් පොළවේ පය ගහලා ඉන්න එවුන්නේ කොළඹ ඉන්නේ

    ReplyDelete
  7. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)