Friday, January 20, 2012

බිදුනු කුළුදුල් හද

වසර 2010,


ඒලෙවල් කියලා විභාගයක් කලා මතකයි පන දාගෙන. ඒත් ඉතින් නැහුන තරම් රිසාල්ට් එකක් නම් හම්බුනේ නෑ. මේ කාලේ මට FB Account, E-mail Account එකක්වත් තිබ්බෙ නෑ. අඩුම තරමෙ ආසාවට කියලා කෙල්ලෙක්ගෙ මූනක් දිහාවත් බැලුවෙ නෑ. අනේ ඉතින් සිවිල් ඉංජිනේරුවෙක් වෙන්න මොරටු යන්න කියලා හිතාගෙන ගිහින් බැලුවා රිසාල්ට්...අනේ දෙයියනේ.... තනි ඇහැට ඇඩුනා ෂීට් එක දැක්කහම. දැන් ඉතින් මක්කෙයි කොරන්නෙ, ඒ නැහුන හැටියට තව පාරක් ඒලෙවල් කරනවා තියා.. පොතක් දකින කොටත් මල පයින්නෙ බාල්දි පිටින්.


දැන් ඉතින් කොහොමහරි මොරටු යන්න බැරි උනානෙ. ඒක හින්දා මොරටුවට චුට්ටක් මෙහායින් ගල්කිස්සෙ තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයකට පය ගැහුවා දෙයියනේ කියලා. ඔය කාලේ මට කෙල්ලෙක් හිටියෙත් නෑනෙ. මේ වගේ ඒවට එන්නෙත් ඉතින් එසේ මෙසේ බඩු භාණ්ඩ නෙමේනේ. ඔන්න ඉතින් මේ කාලේ තමයි කොල්ලා කෑල්ලක් සෙවීමේ ගේමට බහින්න ගන්නෙ. අනේ ඉතින් කැම්පස් එකට ගිය කාලෙම පේන්න හිටපු හැම කෙල්ලටම ඇහැ දාලා හෙව්වා තත්වෙ කොහොමද කියලා. හත්වලාමේ.....හෙනම ගහපිය......මම තමා එතන ඉන්න පොඩිම එකා. ඉන්න කෙල්ලො ඔක්කොම මට වඩා අවුරුදු 2,3,4 වැඩිමල්. දැන් ඉතින් මොකෝ කරන්නෙ? ඇතුලෙන් කෙල්ලො හොයන අදහස අතඇරලා පොඩ්ඩක් වටේ පිටේ හොයන්න ගත්තා.

හොද වෙලාවට කැම්පස් එකට අල්ලපු වැටේම බෝඩිමකුත් සෙට් වෙනවා ඔය කාලෙදිම. ඔන්න ඔහොම මාස 2,3 ගත වෙලා යද්දි FB Account එක ටික ටික හොරෙන්ම ලංවෙනවා මගෙ පුංචි මනසට. වදුරට දැලි පිහිය අහුඋනා වගේ ඒ කාලේ දිගට හරහට ෆොටෝ අප්ලෝඩ් කරනවා පිස්සුවෙන්. දැන් මං මේ ගෑනු පරානයක් හොයමින්නෙ ඉන්නෙ. මෙහෙම ඉන්න කොට තමයි දවසක් මගෙ Profile pic එකකට චූටි හුරුබුහුටි කෙල්ලෙක් කොමෙන්ටුවක් දාන්නෙ.

අම්මට සිරි මට බුදු ආතල්....පොඩ්ඩක් හොයලා බැලුවා කවුද මේ කියලා. ඉස්කෝලෙ නම් අපේ එකට පිටිපස්සේ...මගේ පොඩිම කාලේ ඉදන් යාලුවෙකුත් හිටියා මේකේ...(අනන්‍යතාව සුරැකීමට, නම් සදහන් නොකරමි) කෝකටත් කියලා ඇඩ් කරගත්තා. මෙන්න බොලේ පහුවෙනිදා ඉදන් Message කරනවා...


ඇඩෙනවා... මේ ඉන්නෙ අර මගේ පොඩිම කාලේ ඉදන් යාලුවගේ හොදම යාලුවා. දැන් ඉතින් ඔහොම මාස ගානක් FB Message කරගන්න ගමන් මං මගේ නොම්බරෙත් දීලා එහෙම තිබ්බෙ. ඒත් එයාගෙ නොම්බරේ නම් එක පාරටම ඉල්ල ගන්න බැරි උනා. එයාම මට ඒක දෙන්නම් කිව්වා වෙලාවක. ඒකට හේතුව උනේ එයා කවමදාවත් කොල්ලෙකුට ඒ නොම්බරේ දීලා නැති එකලු.



ඔන්න දැනුයි කතාව පටන් ගන්නේ.....!!!!

ඔහොම කාලය ගෙවී යනකොට එක දවසක් හවසක මගෙ Phone එක හැඩවෙන්නෙ ඇයගේ හඩ වෙනුවෙනි. එලෙස ගොඩනැගුන මිතුදම නොදැනීම ආදරයක් බවට පත්වන්නේ ලෝක න්‍යාය ධර්ම අනුවයි. (මගේ හිතේ විතරද කොහෙද)

එදා සිට මෙමස 17 වනදා තුරුම මම ඇය සමග කොතරම් දේවල් නම් කතාබස් කරන්නට ඇත්ද? මම මගේ ජීවිතයෙ අම්‍මගෙන් පසු වැඩියෙන්ම ආදරය කල යුවතිය ඇයයි, මම කරන හැම දෙයක්ම කිව්වෙ ඇයටයි.එදා මෙදා තුර කාලය තුල මැසේජස් 3100 හා පැය 5 කට අධික කතා කාලයක් ඇය නමින් මගේ දුරකතනයේ සටහන්ව තිබුනා.



මෙතරම් කලක් ඇසුරු කලද ඇය මාගේ ආදරය නියමාකාරව හදුනාගෙන නැත. මම දන්නා කියන සියලු වැඩ කිඩ දැම්මෙමි. ඒත් ඒ සියල්ල ගගට ඉනි කැපීමක් වී ඇත්තා සේය. නමුත් ඇයගේ යහලුවන්ට පවා වැටහී තිබූ යථාර්තය ඇයට නොවැටහීම අරුමයකි...නැත පෙර කරුමයකි.


උසස් අධ්‍යාපන කටයුතු සදහා ඇය පිට වන්නේ මීට සති ගනනකට පෙරය. මට කෙලවුන තැන මෙතනය. ඇය වෙනත් සම්බන්දයක් පටන් ගෙනය...... එකෙක් ඇගේ පස්සෙන් එන බව පැවසුවද මම ගනනකට ගත්තේද නැත. කෙසේ හෝ ඌ ගේම ගසන තුරු මමද නිහඩය. මෙහි සත්‍යතාව එහි සිටි මගේ මිතුරන්ගෙන්ද දැනගන්නට ලැබිනි. ඇය නොදන්නවා වුව මම ඈ ගැන නිරන්තර අවධානයෙන් සිටියෙමි. දුරක සිටියද මා, ඈ ගැන සෙවීමට මගේ හොදම යහලුවන් පත්කර තිබිණි.

එක් දිනක් අර *_ කන්නා මගේ ෆොටෝ වලට කොමෙන්ටු දාන්න විය. මාගේ සියලු ඉවසීමේ සීමා පැන්නේය.



දිනය මෙමස 17 වනදාය. වේලාව රෑ 10.30 ය,
මම ඇයගෙන් සදාකාලිකවම සමුගැනීමට තීරණය කලෙමි. යලි කිසි දිනක මට Message, Call නොකර මා අමතක කර දමන්න යැයි ඇයට කීමි. මෙය කෙතරම් අමාරු වීද යත් මාගේ හෘදය වස්තුව විදි දරුණුම වේදනාව එය විය. ඇය ඇත්තට හෝ බොරුවට මට කෝල් කරමින් හැඩුවාය. Love Movies වල වෙන සීන් දැකලා මුන්ට සයිකෝ කියලා හිතපු මම, එදා ඒ වේදනාව ලස්සනට වින්දෙමි. අවසාන Messages 30 හා Call 2 හි ගැබ්වූ වේදනාව මට විස්තර කල නොහැක.

එක් මොහොතක ඇය අනෙකාට බැහැ කියා මට කැමති වෙන්නද යැයි ඇසීය....මට නේද ඉතින් ඌරු ජුවල්. ඒ වෙලාවෙ තමයි මට හරියටම තේරුනේ ගැහැණියකගේ බොළද බව. ඇය තව මනසින් දියුණු විය යුතුව ඇත. අර කතාවකුත් තියනවානේ... "අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර වූ ආලයක් ඇති කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැක" කියලා.

ඇය තවත් මට Message කරයි. මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත. ඇයව මගේ හොදම යාලුවා කරගන්නලු. මම කොහොමද දෙයියනේ එහෙම කරන්නෙ. ඊයේ වනතුරු ආදරය කල කෙනා දිහා කොහොමද ඊට පස්සෙ දවසෙ ඉදන් යාළුවෙක් විදිහට බලන්නෙ?

දැන් මම මේ කියන දේ කිසිම කෙනෙක් දන්නෙ නැත. එදා රෑ ඇය මට කෝල් කරලා ඇඩුවනේ. අන්න ඒ වෙලාව තමයි මට දරුණුවටම වැදුන වෙලාව. මටත් තනි ඇහැට ඇඩුනෙ අන්න එතනදි. මම ඇගේ සියලු මතක මුහුදට දාන්න හිතාගෙන කට්ට තනියම රෑ 11.30 ට ගල්කිස්ස බීච් එකට ගියෙ පහුගිය 6 වෙනිදා ඈ මට එවපු Birthday Card එකත් අතේ තියාගෙන. ඒ වෙලාවෙ බීච් එකත් හිටියේ මාව පිලිගන්න බලාගෙන. එදා වෙනදා වගේ පාටිත් නෑ. පැත්තකින් ගල්කිස්ස මහ හෝටලය මා දිහා බලාගෙන, ඈතින් පේන වරායේ ලයිට් පෝලිම, මලානික උන මුහුදු රල... ඔක්කොම මම හිටපු තත්වෙ තේරුම් අරං වගේ.

මහ රෑ මුහුදු හුළග විදිමින් ඈ එවූ සියලු Messages මකා දැම්මා. Birthday Card එක ඉරනවද නැද්ද කියලා ඉන්න කොට තමා මට එතෙන්ට ආපු මොරටුව කැම්පස් එකේ අයියා කෙනෙක් සෙට් උනේ. ඌ මට දුන්න උපදෙස් ටිකනං සුපිරි. ඒක හින්දා මම කුළුදුල් පෙම මතක් වෙන්න ඒ කාඩ් එක පරිස්සමට තියාගත්තා.

මේ හැමතිස්සෙම හිනාවෙලා හංගගෙන ඉන්න දුකට මම අනිවා බොන එක බොනවාමයි. මට මෙච්චර කල් බොන්න කිසිම කික් එකක් නැතුව හිටියෙ. දැන් හරි, බබා හම්බුනානේ. හැබැයි කබරයෝ අල්ලන්න බාල්දි නං ගේන්න වෙනවා ටික දවසක් යනකං.

ආදරයත් හරියට හැමදාම ඉගෙන ගන්න සිවිල් ඉංජිනේරු විද්‍යාව වගේ. වැඩේට ගැලපෙන ඉඩමක් ඉස්සරලාම තෝරගන්න ඕනා. ඊට පස්සෙ නියමිත විදිහට අත්තිවාරම් දාන්න ඕනා. අත්තිවාරමට කෙල උනොත් ඉතින් ඔක්කොම ඉවරනේ. මටත් උනේ ඕකම තමා....ලස්සන ඉඩමක් නං හම්බුනා, ඒත් අත්තිවාරමට කෙල උනා. මැද්දෙන් තව බාස් කෙනෙක් පැන්නා, මේ බාස්ට නෝ ප්ලේස්. ඉතින් මම ඉඩම කුණුකොල්ලෙට විකුණුවා. සමහර විට මේ ඉඩම පසු කාලීනව සංචාරක පුරවරයක් වේවි. සුද්දො ඒවි යාවි. ඒත් කිසිදින එසේ නොවේවා කියලා මම එක සිතින් පතනවා.

අනේ ඉතින් ආයෙ මුල ඉදලා කෙල්ලෙක් හොයන වැඩේට මට බහින්න වෙනවා. ඕක තමා එපාම වෙන වැඩේ මේ තියන වැඩ ගොන්නත් එක්ක. මේ බ්ලොග් එක කියවපු අය කවුරුවත් මේ යුවතියට බනින්න එපා. මෙතන එක පැත්තකින් මගෙත් වැරුද්දක් තියනවා. ඒ මම මගෙ හොදම යාලුවෙක් කියපු දේ කනකට නොගැනීමයි. "හර්ෂ්!!! මම මෙයා ගැන හොදට දන්නවා...ඔයා පරිස්සමින් වැඩ කරන්න". එදා ඒ කියපු දේ මම ඇහුවා නම් මේ වගේ දුකක් මට අද නෑ.

අවසාන Messages 30 යවනකොට මම Hand free එක ගහගෙන රේඩියෝ එක අහමින් සිටියේ. පුදුමයට වගේ ඒ වෙලාවෙ විකාශය උන විරහ ගීතත් අවස්ථාවටම උචිතයි. ඒ ගීත 2,3 කින් මේ කතාව අවසන් කරන්නම්.....


දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුඋනේ
දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ
: : :
: : :
පුංචි ලදැරියක් වගේ හුරතලෙන් ඔබ හිනැහුන ඒ කාලය මතකද
- දයාරත්න රණතුංග ශූරීන් -


සද එලිය ගලා එන රාත්‍රියයි ඔබ මගෙන් සමු අරන් යන්න ලගයි
තව ටිකක් ඔබේ ලග ඉන්න හිතයි ඒ උනත් සමු අරන් යා යුතුමයි
: : :

: : :
කදුලු පිරුනු.... දෙනෙත ඔබගේ.... බලන්නට බෑ....දුකයි දැනුනේ
අහිමි වූවා.... ප්‍රථම ප්‍රේමේ....කදුල පමණි උරුම සෙනෙහේ.....
- අසංක ප්‍රියමන්ත පීරිස්
-


ඔබට සිත ආදරේ.... කරයි
දෙතොල් ගොලුවී සිටී....
නැගුණු සෙනෙහේ... කියනු බැරිවී...
මගේ සිත වේදනා විදී....
- දයාරත්න පෙරේරා
-



ලස්සන කෙල්ලෙක් දැක්කහම ඕනැම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිලා බලනවා. නැත්තන් ඌ කොල්ලෙක් නෙමේ..ඒත් ජීවිත කාලෙ පුරාවට තමන්ගෙම කරගෙන කියාගන්න බැරි තරමට ආදරය කරන්න හිතෙන්නෙ එකම එක කෙල්ලෙක්ට විතරමයි..

ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරේද කියලා කියා ගන්න උන්ට තේරෙන්නෙ නෑ..ඒක කියන්නෙත් නෑ...කරුමෙට කියාගන්න දන්නෙත් නෑ..ඒ කොල්ලන්ගෙ හැටි...ගලක් වගේ හිතක් තියෙනවා වගේ හිටියට ඕනැම කොල්ලෙක්ගෙ ඇස් දෙකට කදුලක් ඉනුවොත් ඒ අනිවා කවුරු හෝ ස්ත්‍රී පරානයක් නිසාමයි...

ඒත් අවාසනාවට සමහර කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ..


සැ.යු. සියලු කරුණු සත්‍ය සිද්ධියක් මත පාදක වී ඇත.

99 comments:

  1. හුම්හ්...කතාව නම් සංවේදී මලයා..මොනව කරන්නද, ආදරේ කලාම හම්බ වෙන තෑගි තමයො ඕව. :)
    කමක් නෑ, සිංහල බ්ලොග් අවකාශයට බූට් කතාවත් සමග සාදරයෙන් පිලි ගන්නව ඔන්න..

    ReplyDelete
    Replies
    1. එල එල.... අපිත් ආවා ඕං :)

      Delete
  2. :O man moday kiwwa withrAi neda deiyo.. Sorry pora.. adow bonnna epa hithe dukai kiyala. B-T-W, BLOG EKE PATTA!! ~KY RAVEN~

    ReplyDelete
    Replies
    1. moday kiwwe kawda ban??? :O pissuda ubata. mama kawadda ehema kiwwe?

      Delete
  3. podda bonna onenam beepan.eth kellek hinda bonna epa... ube hitha hadena kiyala prarthana karanawa.a wagema uba karana kisima wedak oya prasne nisa aul nowewa kiyala prarthana karanawa.. anith ekata yaddi oya una de hithe poddak tiyagena palayan

    ReplyDelete
  4. patta patta kollo.thani ahata anduna.literature nam patta umbeee..

    ReplyDelete
    Replies
    1. tanq wewa....ehenan blog eka follow karamu neh?

      Delete
  5. I would like to name this as " podda eda saha adha".Plz try to understand below lyrics and follow that.May this will not be ur last blog!nice work.................

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවදක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නෑ

    තැනූ මන්දිර බිදී වැටුනත්
    නෙතේ කදුලක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලබත්
    හිතේ කිලුටක් නෑ

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවදක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නෑ

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවදක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නෑ

    ReplyDelete
  6. මටත් උනේ ඕකමයි සුද්දා,,උබ දුක් වෙන්න එපා...උබ පැය5යි කතා කරල තියෙන්නේ,,,මන් පැය 500කට වැඩී,,,,උබට මගේ කතාව අමුතුවෙන් කියන්න ඕනේ නැනේ,,,මුලු ලෝකෙම දැක්කනේ කැම්පස් පටන් ගත්තම මාව දාලා ඉන්ජිනේරු වේසිගෙ පුතෙක් එක්ක ගියපු ලස්සන!!!!!

    ReplyDelete
  7. okama thamai matath une.. e pasaalenma thamai.. e iscole hati bn.. ganan ganepa.. blog1 patta!! good luck bro. :]

    ReplyDelete
  8. haha nama kiyanna bari unane :P It's me Dhanu Summers :]

    ReplyDelete
  9. me kella hinda umbe hangila thibuna hakiyawak eliyata awa macho eka nisa sathutu weyan duk wenna epa.umbata hoda hakiyawak thiyenawa blog eka patta digatama liyahan..katahawa adenawa ban..umbata aye ohoma deyak noveva kiyala prarthana karanawa..Jaya wewa..

    ReplyDelete
  10. පට්ට මචන් .. ඒත උබ ගැන හිතට දුකයි .. මගෙනම් තියෙන්නේ theory දෙකයි ..
    එකක් ; සියල්ල වන්නේ හොඳටයි ..
    අනික ; trust no one..

    ReplyDelete
  11. ganan ganna epa macho..eyata ube ardare therum ganna beri unata uba ardare kiyana de hariyata therum gattha nam a hondatama ethi ban. ardaraya krana hema deyakma hema kenatama lebenne ne..ehema nolebuna kiyala uba jeevithen wat ardaren wat parada wenne ne.. ardare karana kena kohe hari sathutin innawanam uba ekita wada sathutu weyan..uba ardare karana nemei ubata ardare karana gathiguna maxxa girl kenekwa lebei ubata...

    YMCA apen....

    ReplyDelete
  12. මචං කතාවනං ඇඬෙනව.....සිරාවටම.....ඇත්තටම මමත් ඔයිට වඩා ටිකක් දරුණු ගින්නක් කාල තාමත් පිච්චෙනව බං.......දැං අවුරුදු දෙකකටත් වැඩියි තාමත් කට්ට කනව.....හැමදාම කොල්ලන්ට වෙන්නෙ ඕක තමයි බං.....හැමදාම වගේ අපි ඔක්කොම එකම බෝට්ටුවෙ.......

    ReplyDelete
    Replies
    1. Ohoma tamai ban kello. un danne kollange heti. eth machanla taniyama inna eka wage athal ekakne ban. mama nam kellek hoyanne. api macahnla nidahase innawa. sma gahanda one ne. peya ganan call karanda one nehe. adanna, duk wenna one ne. harima nidahas banz. poddiyo ube inbox eka balapan.

      Delete
  13. මචන් මටත් තිබ්බ ඔය හා සමාන කතාවක් bt තාම එක ලියාගෙන යනවා http://dreams-with-ma-life.blogspot.com/2012/01/blog-post_8959.html ................ඔහොම උනාම මරාගෙන මැරෙන්න හිතෙනවා බන් ....................කොහොම උනත් හැමදේම වෙන්නේ හොදටයි කොල්ලෝ .............අනිත් එක කෙල්ලෙක් හින්ද ජීවිතේ නාස්ති කරගන්න එපා බොන එකෙන් වෙන්නේ අපිව පරාද වෙනවා ............හිත හයිය කරගනින් ................මොනවා නැතත් අපිට අම්මයි තාත්තයි ඉන්නවා එයාල මෙච්චර දුක් විදලා අපිව හැදුවේ අහක යන වේසියෙක් හින්ද කෙලෝගන්න නෙමේනේ බන්

    ReplyDelete
  14. මචන්.....

    මොනවා කලත් බොන්න නම් එපා මචන්...

    ඒක හරියට මූනත් එක්ක තරහ වෙලා නහය කපාගන්නව වගේ වැඩක්...

    මට නම් හිතන්නෙ ඔය කෙල්ලගෙන් උඹ ඔහොම බේරුනු එක ‍හොදයි කියලා....


    -Jitha-

    ReplyDelete
    Replies
    1. ane manda ban...mata mekiwa amathaka wenneth na ban..

      Delete
  15. kello hinda bonnanam epa.eka eka charitha ape jiwitheta enwa yanawa.ewa charitha withara.api kochchara hithuwat meyama tamai mata uruma kena kiyala,eya uruma kena nemenam eya kawada hari yanawa uruma kena ei.eya ubata hambuwechcha eka charithayak witharai.boot1k kan natuwa love karalat wadak na.ekat maru athdakimak ban

    ReplyDelete
  16. adahanna watina prakaashayak sanaa....thanx

    ReplyDelete
  17. sallenna epa malli api ai try karamu wena ekakata.. eka kellada enne

    ReplyDelete
  18. wechcha de gana nam attatama kanagatui.et kollekta adunoy e kellek nisamai kiwwa katawa sahatika atta.ube katata gal bothalayak halanna hitenawa!!!!!!!!!!!!!!

    ReplyDelete
  19. ade kathaava 100% aththa..
    ganan ganna epa ban,,, kavadahari apita hariyana kena apita labena thaak iwasan inna thama thiyenne:) meeta LAIYA

    ReplyDelete
  20. එකපාරයි ආදරේ කරන්න පුළුවන් කියන කතාව බොරු බං...අද්දැකීමෙන් කියුවෙ ඔන්න...එළ....මමත් පස්සෙන් පන්නන්න ගත්ත තහනම් අඩවිය...

    ReplyDelete
  21. ඔය පටන් ගන්න යන තැනින් ආරම්භ කරපු වගෙම ඒක අවසාන කරපු ගොඩක් අය දාල තියෙන කොමෙන්ට් ආදර්ශයට ගන්න....

    ගොඩක් ලස්සන ගීත ලියවුනේ විරහව නිසයි... ඒක කලා කරපු මනුස්සය වෙච්ච මම හොඳටම දන්න දෙයක්.... මේකත් ඒ වගේ... සෑහෙන්න දුක හිතුන.... ඒත් සතුටකුත් දැනුන.... දුක වෙච්ච සිද්ධියට.... සතුට මේ වගේ පෝස්ට් එකක් ලියන්න මිනිහෙක් තමන් අතින් වෙච්ච වරද ඒ වැරදිච්ච තැන හොඳට තේරුම් ගත්ත, තමන්ගෙ වරද තේරුම්ගත්ත, ඒ මත්තෙ නැහෙන්න උත්සහ නොකරන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ... මම හිතන්නෙ ඒක එමමයි....

    බොන එක ගැන නම් මම දන්නෙ මෙච්චරයි...
    සල්ලි නාස්ති වෙන දෙයක්...

    අරක්කුත් ටිකක් විතර කෙල්ලො වගෙ තමයි... සල්ලි, බලය, වාසි තියෙනකම් අපිත් එක්ක ඉන්නව..... ටිකක් විතර කිවුවෙ සල්ලිත් ශ්‍රමය කාලය වියදම් කරගෙන අරක්කු බිවුවට ඒව කෙල්ලො වගෙ අපිට දුක් දෙන්නෙ නැති නිසයි....
    ඔය තරම්ම බොන්ට ආසයි නම් සෙට් වෙලා අපිත් දාමු ශොට් දෙක තුනක්...
    මොකද මමත් හොඳට බොන කෙනෙක්...
    :ඩී

    ReplyDelete
    Replies
    1. ෂාහ්...මරුනේ..නියම උපදෙස
      අදහන්න වටින එක්කෙනෙක්.. ඩොට් දෙකක් සමග කැපිටල් ඩී

      Delete
  22. ම්ම්ම්ම්....අදනෙ ඉතිං මං ඔයාගෙ බ්ලොග් එක බලන්න ආවේ.....
    මේම හිතල හිත හඩාගන්න අයියෝ......

    “කෙනෙක්ට එයාගෙ ජීවිතේටත් වඩා ආදරේකරන හොයල බලන කෙනෙක් සදහටම නැතිවුනා.....ඒත්...
    ඔයාගෙ ජීවිතෙන් ඔයාට ආදරේ නොකරන,ඔයාගැන හිතන්නෙ නැති කෙනෙක් සදහටම ඈත් වුනා..“..:)


    “ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරේද කියලා කියා ගන්න උන්ට තේරෙන්නෙ නෑ..ඒක කියන්නෙත් නෑ...කරුමෙට කියාගන්න දන්නෙත් නෑ..
    ඒත් අවාසනාවට සමහර කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ..“

    මෙහෙම වෙන්නෙ කොල්ලන්ටම විතරක් නෙමෙයි.......

    ReplyDelete
    Replies
    1. ඕං අද තමා අග්ලියෝ මම මේ පෝස්ට් එකට ආවේ...
      ඒකත් මට කනාවට වගේ මතක් උන හින්දා...

      Delete
  23. කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ මිත්‍රයා. මගෙත් කතාවත් මේකම තමා. හම්බුණු විදිහ වගේ දේවල් නම් ටිකක් වෙනස්. අන්තිමට වුනේ නම් මේකම තමා. මාත් දැන් කාලය ඉඩ දීලා නිශ්ශබ්දව ඉන්නවා.

    මොකද ඒ දෙකට විරුද්ධ දෙක වෙන ඉක්මන් කම සහ කෑ ගැහීම කොහෙත්ව වැඩක් නොවෙන නිසා

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි බං...
      කෙල්ලක් ඇවිත් ඇගේ එල්ලුනොත් මිස මට කෙල්ලෝ එපාමය.. :/

      Delete
  24. අමුතුවෙන් කොමෙන්ට් කොරන්ට ඔනෙ නැ. සේරම කියල තියනව.මචන් මං මෙ ෆොටෝ එක ගන්නවා

    ReplyDelete
    Replies
    1. ගනින් බං... මමත් ඕක මගේ යාළුවෙක්ගෙන් ගත්තේ.

      Delete
  25. මචන් .....
    කවදාවත්ම බොන්න එපා මචන්...එක තේරුමක් නැති වැඩක්....
    වෙන ෆන් ගනින් මචන්.... ඒත් ඇබ්බැහිවෙන , සල්ලි නාස්ති වෙන ඒවා නැතිව....

    ඔය වගේ වෙලවක තනි වෙන්න එපා මචන්..
    පට්ට කෑලි දෙක තුනක් fit කර ගනින්...
    ඔය දුක නැති වේවි....
    තව කල තියනවා බන් උබට, කැල්ලකට love කරන්න..

    ReplyDelete
  26. uba sapak ahema gaththe nadda ekigen

    ReplyDelete
  27. ඕක සනාතනික ධර්මතාවයක් නෙ..
    ලෝකෙ ගොඩක් ලස්සන නිර්මාන වලින් භාගයකට විතර වස්තු බීජය වෙලා තියෙන්නෙ ඕක තමයි.
    හොඳම දේ අපි අපිව තේරුම් ගන්න එක තමයි....

    මගෙ පොඩි අදහසක් තියේ. වැදගත් කියල හිතෙනව නම් මතක තියාගන්ට - "කිසිම දෙයක් ඕනවට වැඩියෙන් ඕනම නෑ"
    මගෙ මතක වස්තුව පිරිල තියෙන්නෙත් එහෙම දේවල් වලින්ම තමයි...

    http://mathakawasthuwa.blogspot.com/search?updated-min=2012-01-01T00:00:00%2B05:00&updated-max=2013-01-01T00:00:00%2B05:00&max-results=23

    ReplyDelete
  28. elama ela machan, ekanam mage hitata godaak waduna. matat ee widiyatama wela tiyanawa

    ReplyDelete
  29. මචන්.....රජකම් කෙරුවත් කල කම් පලදේ !!!! එක ඉතින් අමුතුවෙන් කියන්නේ ඕනනෑනේ. මට උනෙත් ඕකට බොහෝදුරට සමාන දෙයක් තමයි. බොරුනම් අපේ තරියා අබේගෙන් අහපන්කෝ. ගනන්ගන්ඩ එපා. හැමදේටම වෙලාව සෙට් වෙනවා නියමෙට. එතකන් ටිකක් ඉවසල ඉදපන්.

    ReplyDelete
    Replies
    1. පුක් කළුව ගිය උඩක්... හික්... පළ පළ උඹ බූට් තිබ්බ කෙල්ලො බ්ලොග් ලිටුවනම් උඹට බ්ලොගේට එන්න තියා හිතන්නවත් වෙන්නෑ...

      Delete
    2. හක්කාත......ස් :)

      Delete
  30. අයි හේට් ලව්ස්ටෝරි...
    සොරි තමා මචං..
    ඕක තමා ලෝක ධර්මතාව..

    ReplyDelete
  31. කවදාවත් මේ බ්ලොග් එකේ නොලියවුනු අන්දමේ කතාවක්නේ මල්ලී... ඇත්තටම දුක හිතෙන කතාවක්. එක අතකට හිතන්න යන්න තියන කෙනා මුලදිම ගිය එක හොඳයි කියලා තව පහුවෙලා යනවට වඩා...
    -තොටියා-

    ReplyDelete
  32. ගලක් වගේ හිතක් තියෙනවා වගේ හිටියට ඕනැම කොල්ලෙක්ගෙ ඇස් දෙකට කදුලක් ඉනුවොත් ඒ අනිවා කවුරු හෝ ස්ත්‍රී පරානයක් නිසාමයි..... මගේ වචනෙන් කියනවනං බොක්ක කුල් වෙනවා බන්.... ආතල් එකට නෙවෙයි.. විස්තර කරන්න බැරි අමුතු හැගීමක් නිසා

    ReplyDelete
  33. මටත් ඔහොම දෙයක්ම සිද්ද උනේ බං. මගේ නම් අෆයර් එකකුත් තිබුණා. ජිවිතේ අපි එක පාරක් ආදරේ කරනවා කියන කතාව බොරු. ඉතින් දුක අඩුවෙනකම් ටිකක් නිදහසේ ඉදපන්. ගැලපෙනම කෙනා කවද හරි හම්බ වේවි. බොන්න පුරුදු වෙන්න එපා බං. එකෙන් නාස්ති වෙන්නේ අපිමනේ. කෙල්ලෙක් නිසා උබට උණු දේවල් ඇතිනේ. තවත් අපි ඇයි අපිවම නාස්ති කරගන්නේ

    ReplyDelete
  34. අඩේ රජෝ!!!මම බ්ලොග් ලියන්න ආව සිද්ධියත් මේ වගේම තමයි!මට මේක දැකලා පිස්සු බම්ප් උනා බං!යකෝ එක පැත්තේ උන්ට එක වගේමද පෝරියල් සෙට් වෙන්නේ!!!!!????

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඕයි.... වෙන්න ඇති.... දාපන් දහයක් :)

      Delete
  35. උඹයි මමයි දෙන්නම එකම බෝට්ටුවේ ඉන්නේ රජෝ.

    ReplyDelete
    Replies
    1. දාමු පහක් රෙප් මාමේ..... ;)

      Delete
  36. යන අයට යන්න දෙන්න මල්ලි..

    ReplyDelete
  37. හ්ම්ම්ම්ම්.........

    ReplyDelete
  38. හ්ම්ම්ම්ම්ම්ම්ම්..............

    ReplyDelete
  39. මම අදයි බං මේක කියෙව්වේ.... අපිට මෙච්චර ආතල් දෙන එකාගේ මුල් පෝස්ට් මෙහෙමයිද කියලා හිතාගන්න බෑ.... මම මුලින්ම මේ බ්ලොග කියවන්න ගත්තේ මඩ නාන තැනක් ගැන තිබුනු පෝස්ට් එකකින්...

    ප්‍රථම ප්‍රේමය හරියන්නේ කීප දෙනාටයි සහෝදරයා... ඒ පෙම අසාර්ථක වෙච්චි ගොඩක් දෙනෙක් ජීවිතෙන් සාර්ථක වෙනවා... නොසැලී ඉදිරියට යමු ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඇරඹුමම කදුලක් වෙලා කියන්නේ මේවට බං :)

      ආ.... ඒකත් මම ආසම පෝස්ටුවක් බං :)

      Delete
  40. boru kiyanna ona naha macho matanam thawama ehema welama naha. kella daala giye nathi nisa newei, daala yanna kellek set welama nathi nisa. .........

    eth matath godak ahala dakala purudu deyak thamai oya siddiya. monawa karannada ban loke hati kiyala hitha hadagannawa harenna. awankawama dukai uba gana.
    but , podi sathutu wenna dekuth thiyenawa, dan ubage palaweni building process eka awul wuna nisa eke experience ekath paawichchi karala next foundation eka high quality ekata permenant ma hadaaganna puluwanne.

    ReplyDelete
    Replies
    1. හැකැස්...

      එකෙන්ම බං

      Delete
  41. මචං උඹ ඔය කියන කෙල්ල දාලා තියෙන Comment බැලුවම උඹටම පෙනෙයි ඒකි කොච්චර ඉක්මනට උඹ අමතක කරලා අරූට ලංවෙලාද කියලා. මම Comment ටිකක් කියවලා බැලුවා එයාගේ. උඹ හොද මරංචියකින් මචං බේරිලා තියෙන්නේ. සතුටු වෙයං.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ එයාව දන්නවා ඈ? ;)

      Delete
  42. මචන් රජෝ මට වුනු දේවල්වල හැටියට මං අද මෙහෙම ඉන්න එක ගැනත් මට සතුටුයි.තව චුට්ටක් කල් ගියානම් ෂුවර් එකටම live @ 8 එකේ යනවා.

    ReplyDelete
  43. machan thama a kella ube FB eke innawada ban... mamawath try ekak daala balanna..

    ReplyDelete
  44. මේ වගේම විදවන කෙල්ලොත් ඉන්නවා මල්ලී... ජීවිතේම තනියෙන් ඉන්නව කියල හිතාගෙන.... ආදරේ තරම් සුන්දර බොරුවක් තවත් තියෙනවද කියල හිතෙනවා...

    ReplyDelete
  45. matanam mewa kiyawaddi adenawa.kollekta kadulak enne kellek nisa thamai.msgs 75000k saha paya 900k withara nasthi wuna mage awurudu 3ta..eya dan badala 2yrs.ada mata awuruddakata passe katha kala aluth number ekakin.me blog satahana kiyewwama comment ekak dalama yanna hituna.sinhalen type karanna be adenawa bn.

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. පාන් කෑවොත් ඔහොමම තමයි බන්..

    ReplyDelete
  49. උබට වෙච්ච සිද්දියම වගේම සාටර් සිද්දියක් තමා රජෝ මටත් උනේ.අර උබ කියනව වගේ කුප්ප,කුජීත සිද්දියක්.වෙන බාස් කෙනෙක් මැද්දට පැන්න.
    එහෙම බූටක සනීපෙ තේරෙන්න බූටක් කන්නම ඕනේ.




    \\මහ රෑ මුහුදු හුළග විදිමින් ඈ එවූ සියලු Messages මකා දැම්මා. Birthday Card එක ඉරනවද නැද්ද කියලා ඉන්න කොට තමා...\\

    සේම් ස්ටොරි හියර් බ්‍රෝ....හැබැයි මන් තාම ඒක ඉරනවද නැද්ද කියල හිතනව බන්ග් අවුරුදු දෙකක විතර ඉදල...


    \\මේ හැමතිස්සෙම හිනාවෙලා හංගගෙන ඉන්න දුකට මම අනිවා බොන එක බොනවාමයි. මට මෙච්චර කල් බොන්න කිසිම කික් එකක් නැතුව හිටියෙ. දැන් හරි, බබා හම්බුනානේ...\\

    ගොඩක් එවුන් ඔතනින් තමා පටන් ගන්නෙ....අපි වගේ..මන් වගේ..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)