ඕයි... දහම් පාසලෙන් පුංචි දඹදිව බලන්න යනවා තමුසේ එනවද...
ඒ කෑගැහුවේ අපේ මලයාය. යකෝ කොහෙහරි ට්‍රිප් එකක් යනවානම් අපි එහෙම නෑවිත් ඉන්නවද... යමු යමු... මේ දවස් වල ගෙදර ඉන්න එකේ ගමනට මමත් නම දුන්නෙමි. කාලයක් දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වගේම පොඩි උන්ට උගන්නන්නත් ගිය එකේ කට්ටිය රජාව අදුරන්නේය. කිසි අවුලක් නැත. යන්නේ ගමේ උන් ටිකය. ළමයින්ගේ අම්මලා තාත්තලා උනත් ගමේ සෙට් එකය. අපේ ගෙදරින් අපේ මව්තුමියයි, එයාගේ මව්තුමියයි, රජායි සහභාගි උනේය. මෙච්චර කාලෙකට ගිහින් නැති ප්ලේස් තුන හතරකට යනවා කිව්ව හින්දම අම්මලා එක්ක උනත් ගමන යාමේ පොඩි ආසාවක් ඒ වෙනකොටත් ඇති වෙලා තිබ්බේය.
ගිරිඋල්ලේ ඉදන් රත්නපුරේට ඒ හැටි දුරක් නැත. උදේ 6ට බස් දෙකක නැගුනු කට්ටිය රත්නපුරේ බලා ඇදුනෝය. මග දිගට කට්ටියගෙ අල්ලාප සල්ලාප අහගෙන හිනා වෙවී ඇදුනෙමු. උදේට කන්න කොහෙදෝ මන්දා නැවැත්තුවේය. මට ගම මතක නැත. කොහොමහරි කන්න නවත්තපු තැන ඉස්කෝලයක්ය. ඔය වගේ ගමන් යද්දි අසාමාන්‍ය ලෙස චූ බර හැදෙන එක සාමාන්‍යයය. එදා ඉරිදා දවසක් හින්දම හොදාය. රජා, යුවරජා සමග ඔටුවා පෙරමුණ ගෙන ඉස්කෝලේ වැට පැනගෙන ගිහින් ටොයිලට් හොයා ගත්‍තේය. ඒවාට ගියාට නං අපිට කීයක් හරි දිය යුතුය.
ආයෙත් ගමන පටන් ගත්තේය. පිටිපස්සේ පොඩි කෙල්ලෝ කුරුට්ටෝ සින්දු කියන්නේය. හම්මේ උන් කියන ඒවාට සහ ඒවාට අම්මලා තාත්තලාගේ ප්‍රතිචාර ඇහුවම මැරෙන්න හිනා යන්නේය. පොඩි උන් සින්දු කියන අතරේ රජා එක දෙයක් හොදට නිරීක්ෂණය කලේය. මුන්ට ළමා සින්දු කියන ඒවා පොඩ්ඩක්වත් මතක නැත. හිංචි පිංචි හාවා කියන්න පටන් අරං පද දෙකකින් නැවැත්තුවේය. යකෝ මට තාම ඕක පාඩම්ය. මුන්ට මතක නැත. ඒ උනාට මොකද ඔයා නිසා හඩලා, පෙරදාක සුසුමන්, වගේ සින්දු සම්පූර්ණයෙන් කිව්වාද කොහෙදය. දැන් හැදෙන උන් එහෙමය.
පළවෙනි නැවතුම දෙල්ගමුව විහාරයය. දෙල්ගමුව වැදගත් වෙන්නේ විශේෂ හේතුවක් මතය. ඒ දන්ත ධාතූන් වහන්සේ අවුරුදු 43ක් සගවාගෙන සිටි තැනක් වීමය. ඒකත් එසේ මෙසේ හැංගිල්ලක් නෙමේය. හංගලා තියෙන්නේ කුරහන් ගලක් ඇතුලෙය. මේ විහාරයේ බිතු සිතුවම් වලත් විශේෂත්වයකි. ඒ මෙහි තියෙන්නේ දළදා කතාවට අදාල බිතු සිතුවම් පමණය. අනිත් පන්සල් වල වගේ බුද්ධ චරිතය ගැන නොවේය.
පන්සල ගැන වැඩිපුර විස්තර හා කතාව මෙතනින්
ඒ සිද්ධිය එහෙම වෙද්දි ඊළගට අපි ගියේ රත්නපුර මහ සමන් දේවාලේ වැදලා පුංචි දඹදිව බලන්නය. එදා සිරීපාදේ යද්දි පලාබද්දල බස් එක ගියා පාරෙම කැරකෙන වැලමිට වංගු දිගේ එහාට මෙහාට ඇඹරෙමින් අපි ඇදුනෙමු. කොච්චර කැරකුනාද කියනවානම් සමහරු කබරයා හිටන් දැම්මේය. පුංචි දඹදිවත් පොඩි මෙව්වා එකක් නැත්තේම නැත. බලන්න කියා ඒ හැටි ලොකු දෙයක් නැත. ඒ උනාට වටපිටාව නං සුපිරිය. වටේටම මීදුමෙන් වසාගත් කදු පන්තිය.
ආපහු එනකොට එක එක බඩු ගත්තු පොඩි උන් බස් එකට නැග්ගේය. එකෙක් තේ කුඩු පැකට් අරගෙන නැග්ගේය ඌව දැකපු බස් එකේ අම්මලාගේ හදවත් උණු වී වැටුනේය..
කීයද පුතා එකක්....
පොඩ්ඩා: සීයයි....
9ක්ම විකිණිලා ඉවර උනේය. තව එකක් ඉතුරුය.
අංකල් කෙනෙක්: තව එකායි...... එකායි...... කාටද ඕනේ.......
ආන්ටි කෙනෙක්: කෝ කෝ.... මට දෙන්න.... කියලා ඒක ගත්තාය.
දහයම විකිණිලා ඉවර උනා විතරය. බස් එකේ උන්ටික හුරේ... යේ... ගගා කෑගගහා පොඩි එකාට අත්පුඩි ගැහුවේය. ඊලගට නැග්ගේ කිතුල් හකුරු ගත්තු පොඩි එකෙක්ය. උගෙත් හකුරු ටික ඔක්කොම විකිණිලා ඉවර උනේය. ඌටත් අප්පුඩි ගහලා බස් එකෙන් බැස්සෙව්වේය. එක බස් එකකින් මෙහෙම දාහා දාහා ගානේ හොයනකොට, මේ පොඩි උන් දවසකට කීයක් නම් හොයනවා ඇද්ද කියා අපිට කල්පනා උනේ පස්සෙය.
|
හකුරු මල්ලි |
ඊලගට යන්න නියමිත් උනේ දිවාගුහාව විහාරය බලන්නය. යනකන් කට්ටිය නිදිය. ආන්ටිලා අංකල්ලා කෙල පෙරාගෙන බුදියන් ඉන්න හැටි රජාගේ පැපරාසි කැමරාවට අහුඋනේය. කට්ටිය නැගිට්ටම රජා ඒවා කට්ටියට පෙන්නුවේය.
රජා: ආන්ටි මේ මරු පොටෝව ඈ....
ආන්ටි & අංකල්: ඕවා ප්‍රසිද්ධ කරනවා එහෙම නෙමේ ඔන්න...
රජා: ආන්ටි වැඩිපුර සාරි තියෙනවා නේ ගෙදර....
කට්ටිය: හහහා....
ප්ලේස් එකට යනකොට ටිකක් වහින්න වගේය. පළාතම ටිකක් කළුවරය. ගුහා කට ගාවට යන්න නම් ටිකක් පඩි නැගගෙන යන්න ඕනෙය. පඩි දෙසීයක් තුන්සීයක් විතර තිබුනේය. ඕක නැගගන්න බැරුව කට්ටිය දිව ටයි පටිය වගේ හදාගෙන හති අරින හැටි දැක්කම දුක හිතේන්නේය. බැරිම තැන රජා මුරුක්කු පැකට් එකක් ගත්තේ ඒකවත් කකා යන්නය. තව උන් සෙට් එකක් අග්ගලා කන් ඩෝං පුතා කිය කිය අර පඩි ටික නගින්නේය. මුන් නිකන් මේ පොඩි දුර යන්නේ සිරීපාදේ යනවා වගේය. කෝම හරි හෙන ගේමක් දීලා උඩට නැග්ගේය. ෂා හෙන ලොකු ගුහාවක්ය. ඝන්ඨාරේ ගාවට හරි ලස්සනට සීරීපාදේ පෙනෙන්නේය. මෙහෙත් අර සිරීපාදේ වගේම පොඩි ක්‍රමයක්ය. ආපු වාර ගානට ඝණ්ඨාරේ නාද කරන එකය.
|
නගිමින් |
|
උඩින් වැටෙන ජලය |
වටේ කැරකිලා කැරකිලා ආපහු බස් එකට ආවේ බෝපත් ඇල්ල බලන්න යන්නය. වැඩේ හරිගියේ නැත. හෝ... ගාලා වහින්න පටන් ගත්තේය. ඇල්ල බලන එක පැත්තකට දැමූ අපි ගෙවල් බලා ඇදුනෙමු. ගෙවල් වල උන් එක්ක ගමන් යද්දි ආතල් නෑ කිව්ව එකාගේ කන පැලිය යුතුය. එකේ ඇත්තේ අමුතු ලල් එකක්ය...
|
පොඩ්ඩො සෙට් එක |
රාජ චාරිකා පෙල
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!