අපේ බැච් මේට්ටුවෝ එකතු වෙලා හදාගත්තු It's time to HIKE - ගිය නොගිය දුටු නුදුටු නව මානයක් සොයා සැරිසරන
ගෘප් එකෙන් පහල වෙච්චි අදහසකට අනුව ලංකාවේ අප්‍රකට රජමහා විහාර ගවේෂණය හා ඒ
හා බැදි අතීත පුරාවෘත්ත සෙවීම අපගේ අභිප්‍රාය වේ. එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත, ගම්පහ දිස්ත්‍රික් ආවරණය ලකියා සමග ගවේෂකයා සමග සිදුකරන අතර වයඹ පළාත, කුරුණෑගල
දිස්ත්‍රික් ආවරණය රජා සමග සැළලිහිණියාය.
ගිරිගුහාරාමය නාරම්මල නගරයට ආසන්නව නමුත් රුක්මලේ නම් තරමක් ග්‍රාමීය පෙදෙසක පිහිටි අප්‍රකට පුරාවිද්‍යාත්මකව වැදගත් විහාරස්ථානයකි.
ගමන් මාර්ගය
කොළඹ සිට එන අයෙකු නම්,
මාර්ග අංක 5 බස් මාර්ගයේ පැමිණිය යුතුය.
කොළඹ - ජා ඇල - මිනුවන්ගොඩ - දිවුලපිටිය - කොටදෙනියාව -ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල
කොළඹ නුවර මාර්ගය,
කොළඹ - කඩවත - නිට්ටඹුව - පස්යාල - මීරිගම - ගිරිඋල්ල - දඹදෙණිය - නාරම්මල
කුරුණෑගල සිට පැමිණෙන අයෙකුනම් (5 බස් මාර්ගය)
කුරුණෑගල- නාරම්මල
ප්‍රධාන මාර්ගයෙන් හැරිය යුත්තේ නාරම්මල නගරයට කලින්ය. පුරාවිද්‍යා එකෙන් ගහපු දැන්වීම් පුවරුවක්ද ඇත. හරියටම කීවොත් නාරම්මල බාර් එක ලගින්ය ;)
ගිරිගුහාරාමය සෑදූ රජ කෙනෙක් ගැන මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නැත. යුග කීපයකට මෙම විහාරස්ථානය අයත් වන බව පුරාවිද්‍යාත්මක මතයය. අනුරාධපුර යුගයේ පටන් පැවති බවට මෑතකදී කල කැණීම් වලදී හමුවූ ගඩොල් වලින් තහවුරු වන බව විහාරාධිපති හිමියන් අප සමග ප්‍රකාශ කල සිටියහ.
පැරණි ගල් පඩි දිගේ අපි ඉදිරියටම ඇදුනෙමු. ගල් පඩි සීයක් පමණ ඉහලට නැගුනු විට ඉහල මළුවට ලගාවිය හැක. විහාරස්ථානයේ විහාර ගෙය හා ලැගුම් ගෙය ඉදිකර ඇත්තේ පිහිටි ගල් ලෙන් දෙකක් උපයෝගී කරගෙනය. ලැගුම් ගෙය අදටත් වස්වසන භික්ෂූන් වහන්සේලා භාවිතා කරන බව ගම්වාසීන් අප සමග පැවසුවේය. කටාරම් කෙටූ හිස් ගල් ලෙනක් අදටද දක්නට හැක.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ශඛ වර්ෂ 1708 වප්මස පුර තියවක් නම් තිථියලත් සදු දින ගිරිගුහාරාම විහාර මණ්ඩපයේ උළුවස්ස සවිකල බව සදහන්ය. එය අදද නොනැසී පවතී. විහාර මණ්ඩපය වන්දනාමාන කරන ඔබට එය දැක බලාගත හැක. තවද ඉපැරණි පින්තාලියක්ද දක්නට හැක. එහි ජලය කිසිදා සිදී තිබෙනු නැති බව ගැමියෙක් රජා සමග පවසා සිටියේය.
විහාරස්ථානයේ ගණ්ඨාර කුළුණ පිහිටි ස්ථානය මනරම්ය. පිහිටි ගල්කුලක් මුදුනත එය පිහිටා ඇත. ගල්කුළු මුදුනට පිවිසුනහොත් ඉතාමනරම් දර්ශනයක් දැක බලාගත හැක. හාත්පස සිසාරා පැතිරී ගිය වෙල්යායවල්ය. තවත් පසකින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ආභරණයක් බදු වූ පොල්වතු යායවල්ය.
ඉහල මළුව අසලින්ම පහලට ඇති කුඩා අඩිපාරකින් පහල පිහිටි වැව වෙත පිවිසිය හැක. ඒ අසලම වාගේ පුරාවිද්‍යා වැඩබිමකි. නම්කල පස් තට්ටු වෙන වෙනම දැකගත හැක. මෙම කුඩා වැව දිය නෑමට නම් නුසුදුසු බව ගැමියෝ පවසන්නේ ඔවුන්ට තරුණ ජීවිත කීපයක්ම අහිමි වූ නිසාය. මේ වැව බිලිගන්නවා මහත්තයෝ... ඒ ඔවුන්ගේ කටහඩයි.
අනිත් විහාරස්ථාන වලට මෙන් ගිරිගුහාරාමයට දායක ගම් රාශියක් නැත. ඇත්තේ එකම එක ගමකි. පවුල් ගණන 60කි. ඉන් බොහෝ දෙනා ගොවියන් හෝ කුඹල් කර්මාන්තයේ යෙදෙන පිරිස්ය. මුළු ගමම අක්කර 6ය. මේ දින වල වයඹ සංස්කෘතික අරමුදලේ ආධාර මත ගල් පඩි වෙනුවට කොන්ක්‍රීට් පඩි යොදමින් පවතී.
ප/ලි:
වෙසක් එකට කුරුණෑගල පැත්තේ එනවානම් මෙන්න නියම පන්සලක්. මේකත් වන්දනා කරගෙනම යන්න.
රාජ චාරිකා සටහන් පෙල
1) ගලබොඩ ඇල්ල
2) බතලේගල
3) මඩොල්දූව
4) කන්නෙලිය
6) තොටුපල කන්ද
7) කිරිගල්පොත්ත
8) බෙලිහුල්ඔය
10) අලගල්ල
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!