Sunday, December 29, 2013

අවසන් ලියුමයි ඔබට ලියන්නේ - Finish 2013 on a High Note


බය උනා නෙහ්? ^_^ 

අවසන් ලියුමයි ඔබට ලියන්නේ කිව්වම නිකන් ගෑණු ළමයින්ට එහෙම අඩන්න වගෙත් හිතුනද මන්දාය. ඒත් බය වෙන්නට කිසිම උවමනාවක් නැත. රජා වූ කලී වැඩකට එන්ටර් උනාම දුම් ගහලවත් එලවන්න බැරි ජාතියේ සතෙක්ය. මං මේ කිව්වේ 2013ට ලියන අන්තිම පෝස්ටුව කියලාය. ඒකත් එසේ මෙසේ ජුන්ඩං පෝස්ටුවක් නොවේය. ජයග්‍රාහී 200 වන පෝස්ටුවය. දැන් ඉතින් කට ඇරන් බලන් නොයිද රජාට තුඩු පඩුරු තෑගි බෝග තබා යෑම හොදය. 2014 දෙයියනේ කියලා සාර්ථක වෙන්න සුට්ටන් තෑග්ගකුත් රජා අද දෙන්නේය. මේක දෙන්නේ නිමල පවිත්‍ර පිරිසිදු චේතනාවෙන්ය. කොමළ කමල සිතින් එය පිළිගැනීමෙන් මහානුඵල මහානිසංශ ඔබ සැමට අත්වනවා නියතය.

මේ අවුරුද්ද වූ කලී බ්ලොග් ගෙට්ටු වැහි වැහැපු, නැට්ටේ ඉදන් මඩ ගාගත්තු පට්ටම අවුරුද්දක්ය. ඇයි යකෝ මෙහෙම හැම අවුරුද්දෙම සෙට් වෙන්න ගියොත් එහෙම අර කන්‍යා පටලය වගේ ලාවට ඉතුරුවෙලා තියෙන චරිත සහතිකෙත් නැත්තටම නැතිවෙලා යනවාය. හිටහල්ලකෝ මම නං ආයේ ඕවට එන්නෙම නැත. මේ ටිකම බල බල හිනාවෙන්න හොදටෝම ඇතිය. ඔය ගෙට් වලට ගිහින් අපි වගේ සූටි ලපටි කොල්ලන්ට මඩ ගහන උන්ට සීනි බෝල වලින් පශ්චාත්භාගෙට වෙඩි තැබිය යුතුය. මන්ද කූඹි කා මරණයට පත් වීම යනු අති භයානක දඩුවම් ක්‍රමයක් නිසාය.


අප්‍රේල් - සයිබර් බක්මහ

දෙසැම්බර් - බීච් පාටිය 


 
Brace your selves

හා එහෙනං මේ අන්තිම දවස් වල වැඩිය ඥං පචන් කියවන්න යන්න හොද නැත. මොකද ඔය පුරුදු ලබන අළුත් අවුරුද්දටත් තියාගෙන බැරිය. ඕවා මෙතන තියලා අළුත් මිනිහෙක් විදිහට අළුත් බලාපොරොත්තු වලින් ඉදිරියට පා නැගිය යුතුය. ඔය ගෑනු ළමයි එහෙම තරහා වෙන්න එපාය. ඒ උනාට මම ඔය කෙල්ලවම හැමෝවම අමතක කරලා ඉවරය. ෆෝන් එක නැති වෙලා සති ගානක් උනේය. එක එකියක් හිත හැදෙන්න කතා කලාද? නැත... උඹලා මට එපා එපා එපාමය!! මම කතා නොකරන්නේ වෙන මොකුත්ම නිසා නොවේය. ඒ සුන්දර නොම්බර ටිකත් මුහුදට ගසා ගෙන ගිය නිසාය. එක අතකට ෆෝන් එකත් නැතුව ජීවත් වීමත් මාර නිදහස්ය. දැන් සතියක් විතර ඒ නිදහස මනාව අත්විදින්නේය.

කෝ පුතේ කෙල්ලෝ?? නමට විතරයි අම්මේ..! -_-



ඒවාගෙන් වැඩක් නැතිය. මෙන්න 2014 ට රජා දෙන තෑග්ග. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙන අයට මෙන්න අපේ කිරි කිරි දුම් විසිවෙන ඇප් එක. බාගන්ඩ ඈ...^_^

 මෙතනින් බාගන්න


බයිද වේ... හැපි 2014 ක් ආ... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, December 23, 2013

සයිබර් මෙගා බඩකඩිත්තුව - Cyber Mega Beach Party 2013




ගියපාර ගම්පහ ගෙට්ටුවෙන් පස්සේ බ්ලොග්කරුවන්ගේ ගෙට්ටුව මේ ඊයේ පෙරේදා පැවැත්තුනේය. ඒ වෙරළ සාදයක් ලෙසය. ගල්කිස්සේ........ගල් අස්සේ.... තියෙනවා කිව්වට ඒ හරියේ එක ගල් කෑල්ලක්වත් තිබ්බේ නැත. හැබැයි ෂුදු පාට ගල් කැබලි කීපයක් නම් තිබුනේය. යකෝ බලාගෙන ගිහාම සුද්දිගෙ පොටෝවක් ගන්න බලන් ඉදලා තියෙන්නේ රජා විතරක් නොවේය. කොහෙද අපිටත් ලැජ්ජා නැත. එක සැරයක් සුද්දියක් පස්සේ ගිහින් අහගත්තා මදි වෙලාය. රජා සුද්දිට ඇහැ දාගෙන ඉද්දී තවත් ඇහේ පොට යවාගන්න හදන උන් දෙතුන් දෙනෙක් මාට්ටු උනේය. ඒ ස්පීඩියා සමග නාඩියාය. වහාම හොම්බ දිග කැමරාවක් හොයන්න හදද්දිම සිහින අයියා “ආ...හරි බං මමත් දැක්කා..“ කියාගෙන මේ පැත්තට ආවේය. බලාගෙන ගිහාම... එක්කෝ ඕනේ නැත!

සුද්දිව කොපි කිරීම
ඇයි උෂාන් අයියගේ චිත්‍ර වල හිටපු කිරිටොයි කෑලි ටික... හම්මා සුද්දියෝ ටික පරාදයි. ඒවා මේවා අස්සේ මාළු දැලකුත් අදින්නේය. එහෙමත් තනියම අදින්න දෙන්න පුළුවන්ද? රජයි උෂාන් ගොයියයි දැල අදින්න දිව්වේය. ඔන්න ඉතින් අනිත් උනුත් ටික වෙලාවකින් වැලට සෙට් උනේය. කට්ටිය රජාව සංවිධායක මණ්ඩලේටත් දාලාය. ඇත්ත වශයෙන්ම මම කරපු ඇති මෙලෝ මල දානයක් නැත. පොඩ්ඩක් කෑම බෙදන්නයි, තරග තියන්නයි උදව් උනා විතරය. කණ්ඩායම වලට කට්ටිය බෙදපු විදිහනම් පට්ටය. හිටියේ නරියා, බල්ලා, පූසා, කුකුළා/එළුවා, කපුටා ද කොහෙදය. රජා බාරව හිටියේ පූසා කණ්ඩායමය. අපෝ..........නොදකින් මුන් නම් පුසියොම තමාය. එක තරගයක් දිනා ගන්න බැරි උනානේ හැබෑට. ලොල් :D

ඇදපාන්...
නයාගෙ නැට්ට අල්ලන තරගෙත් පට්ටය. තරගෙ පටන් ගන්නකොටම ගෑණු ළමයි වැලි කෑවේය. සමහරු වැල කඩාගෙන පරාද උනේය. නයාගෙ නැට්ටට කෙල්ලෙක් සිටි අවස්ථා බොහෝමයකදී කොල්ලෝ වැල කඩාගත්තේය. දෙවනියට තිබ්බේ පොල්ල වටේ කැරකෙන තරගෙය. කැරකුනේ වට පහක් පමණය. මේකෙ නම් වට 10ක් අනිවා කැරකෙන්නම තිබුනේය. දහය කැරකුනානම් පට්ටම ආතල් එකක් ගන්න තිබුනේය. පහ කැරකිලත් චන්දන අයියා එහෙම තව ඩිංගෙන් නවතින්නේ මාලදිවයිනේය.



ඔය ඒවා මේවා අස්සේ අර ෂුදු පාට ක්‍රිකට් ගහන මාමා මේ පොඩි උන්ට පැණි බීම පෙව්වේය. හාපෝ.........හරිම නරකය. ඇයි තව සාස්තර කියන ආච්චිලා ඇවිල්ලා රජාට මොනවදෝ කිව්වේය.මට මතක නැත. ඔතන තව හතර පස් දෙනෙක් හිටියේය. උඹලාට මතකද ඈ??? රජා හෙන මනමාල මොක්කෙද්ද එකෙක් කීවේය.  ජනවාරි 21 ඉතාමත් සුභ දෙයක් වෙනවා කීවේය (තව කෙල්ලෙක්???). තව අකුරු 3 යාළුවෙක් ගැනත් කිවේය. හෙනම මාන්දමිකය. 

අපෝ...මෙයා කීන එව්වා!
කට්ටිය මූදට පැනලා ආතල් ගන්නේය. අපිටත් එහෙම පුටුවක ඉන්න පුළුවන්ද? බෑ............ තව පොඩි එකෙක් එක්ක දූවගෙන ගිහින් ජබුක් ගාලා වතුරට පැන්නේය. එතකොටම අර හෙනකද මලියා රජාව වතුරේ එබුවේය. පෝං එකයි කැමරාවයි සාක්කුවේය. මානසිකව වැටිලා හිටපු මගෙ හද සන්තාන මාරුතය සුනුවිසුනුව විනාස වෙලා ගියේය. දැන් ඒකේ ගන්න දෙයක්  නැත. තෙමිච්ච රිලවා වගේ ආයේ පැය බාගයක් විතර මුහුදට වෙලා පොඩි ආතල් එකක් ගත්තේය. ඒ මුහුද නම් හෙන නරකය. අපිට ඇගවල් උඩ නැගලා බල්ටි ගහන්න දුන්නේම නැත. හෙන පත රැලි එවලා අපිව බිම පෙරලන්නම හැදුවේය. 

ආතල් ඈ..
බෝලෙන් කකුලට ගහන තරගෙකුත් ඔය අස්සේ පටන් ගත්තේය. රජාට වටකරගෙන ගහපු උන්ට පුරා සතියක් වැලිබඩ යන්න ශාපවිය යුතුය. සිහින අයියා එක්ක වැලි මාලිගාවක් හදන්න පටන් ගත්තා විතරය. මුන් ඒකටත් කෙලෙව්වේය. රජාගේ ඉංජිනේරු දක්ෂතාවය මනාව ප්‍රයෝජනවත් දේකට යොදාගැනීමට මුන්ට තේරෙන්නේ නැත. අර ශම්මියාගේ මනුස්ස රුවනා පව්ය. කවුදෝ පිරිසක් උගේ පතිවත කෙලෙසවේය. හැබැයි උගේ පියයුරු යුවල නම් සිලිකන්ය. පොඩ්ඩ බැරි වෙනකොට පැලෙනවාය. 

වැලි මාලිගා
අන්තිම හරියෙදි මගෙ ලව් එක අටමා සෙට් උනේය. ගම්පහදි වගේම මේ පාරත් තව පොඩ්ඩෙන් ඒ අඩු දෙකට අහුවෙලා දෙකට කැඩෙනවාය. පළවෙනි පාරට මාතලන් හමුඋනේය. හිතාගෙන හිටිය රෑප ස්වභාවය නොවන බව කිව යුතුය. හෙන සුදු බෝල මාමෙක්ය. ^_^ අන්තිමට ඉවර වෙලා කට්ටිය නිවෙස් බලා ගියෝය. සමහරු තැන් ෂිෆ්ට් කලෝය. ඔය අස්සේ අර අටමා, රජාට ශරීර කෘත්‍ය කර ගන්න දුන්නේ නැත. කොහොමහරි අහවල් එකක් බලන්න ඇවිත් ජෝජෝ එකේ ටොයිලට් එකේ ලොක් එකත් පටෝස් ගාලා කැඩුවේය. ඔන්න අපිනම් ඕවට නැත. 

තම්මැට්ටං, ඩෝල බෝල උස්සගෙන කට්ටිය බීච් එක දිගේ අක්කගේ පොට් (සන්සෙට් - දෙහිවල) එක හොයාගෙන ඇදෙනවාය. සමහරු වැනෙනවාය. බීච් එක දිගේ නිදහසේ යන්නවත් නැත. බෝට්ටුකාරයෝ අපිට කතා කරන්නේ බෝට්ටුව ගොඩට අදින්නය. උන් ටික ආ ඕං... කියලා වෙර අල්ලද්දී අපේ උන් නෑදෑකම්වලින් ඇල්ලවේය. සීයේ..... ආච්චියේ..... නැද්දේ.... මාමේ..... හම්බෝ හිනාවෙලාම ඉවරයක් නැත. ඒ අස්සේ පත මාළුවෙකුත් වෙරළට ගහලාය. 

තට්ටෙන් එන සද්දේ මරැ
අපි යනකොට කට්ටිය සෙට් වෙලාය. පොඩ්ඩක් එහෙන් මෙහෙන් අපිත් සහභාගි උනෙමු. ටිකෙන් ටික කට්ටිය හැලුනේය. ඔය අස්සේ දෙන්නෙක්ට අහම්බෙන් මලක් හම්බෙලා දාගෙන ඔතනවාය. කරුවලේ ටෝච් එකක් ගහගෙන උන් වින්දේ පුදුම දුකක්ය. රෑ 7  විතර වෙනකොට රජාට ඉන්නම බැරිය. ඔළුව පැලෙන්න වගේය. අර පොඩි හට් එකක් ඇතුළට වෙලා බුදියගෙන හිටියේය. මුං නිදහසේ බුදියන්නවත් දෙන්නේ නැත. පාප මිත්‍රයෝය. ආයේ නැටුම් තෙල් වක්කරගත්තේය. 9 විතර වෙද්දි බ්ලොග්කාරයෝ ටික විසිර ගියෝය. ඒත් අපි වැල්ලේය. 

එහා පැත්තේ සුද්දාස් ප්ලේස් එකෙත් අපේ මඩයාගේ උන් කට්ටියක් වෙනම සෙට් වෙලාය. අපි කෙලින්ම ගියේ එතෙන්ටය. රජාට කෙලින් ඉන්න බැරිය. මේ බීච් එක ඇදය. හේතුව ඒකය. උඹලා ඕක මගුලක් කරගනින් කියලා රජා ඔළුවක බොල්ලැවට ඔළුව තියාගෙන බුදියගත්තේය. තව කාලකණ්නියෙක් 10ට විතර රජාව ඇහැරෙව්වේය. 

මඩයා: යකෝ බට අරන් වරෙල්ලකෝ. 

රජා: අරං වරෙව් ගිහින්. මම බුදිනේ යකෝ...

මඩයා: උඹනේ මේ පැත්ත දන්න එකා අරං වර...

නිදිමර ගාතේ වැනි වැනී වෙඩික්කාරයා හා තව හිට්මෑන්ද මොකෙද්ද එකෙක් එක්ක පාරට ගියෝය. හීනෙන් වගේ ගිහින් හීනෙන් වගේ ඇවිත් ආයේ නිදාගත්තේය. හොදට නින්ද ගියා විතරය. සුද්දාගේ පොට් එකේ වැඩ කරන උන් දෙන්නෙක් ඇවිත් අපිව ඇහැරුවේය. 

උන්: පැටියෝ...නැගිටහල්ලා. උඹලා ගෙවල් වලට යන්නේ නැද්ද? කට්ටියම ගිහින්. නැගිටහල්ලා.

අපි: අපි මෙතන බුදි...අපි යන්නෑ අද...

ඌ: තව ටිකකින් රැල්ල ගහනවා පුතේ...නැගිටහල්ලා...

මඩයා: කොහෙද යකෝ මෙච්චර මෙහෙ රැල්ල එන්නේ...මූද කොච්චර ඈතද...

ඌ: උඹලා ඕන මගුලක් කරගනින්...

පොරට තද වෙලා ආපහු ගියේය. ඌටත් ලෙසටම වැදිලාද කොහෙදය. මටනං මූණවත් මතක නැත. ඌ අපිව ඇහැරෙව්වත් හරි හුළගේ සීතග දැනෙන්න පටන් ගත්තේය. දැන් කකුල් දෙක කිටි කිටි ගාලා වෙව්ලන්නේය. අරෑ ආයේ ටිකකන් ආවේය. 

ඌ: අනේ පැටව්නේ නැගිටහල්ලා බං... ආදරේටනේ කියන්නේ. ඇවිල්ලා අර ඔරුව ගාවින් නිදාගනිල්ලා. අපිට දුකයි බං උඹලා ගැන. මෙතනින් ඉදහන්. බොසා ගිහාම ඇතුලෙන් තැනක් දෙන්නං. ආයේ ඔරුව ගාව නිදාගත්තෙමු. ලස්සනට නින්දගියා විතරය. අර හිවලා ආයේ අපිව ඇහැරෙව්වේය. ඒ හෝල් එකේ නිදාගන්න කියන්නය. අපි හෝල් එකට ගියෙමු. හප්පේ සීතල නම් අඩුවෙලා ගියේය. ඒත් අම්බානට මදුරුවෝය. ඒ අස්සේ උන් රයිස් එකක් දෙන්නත් කතා කලේය. හිටියේ අම්බානට බඩිගින්නේය. මොකෙක්හරි එකෙක් එපා අයියේ කීවේය. මට කියන්න කිසිම දෙයක් මතක් උනේ නැත. අනිත් පැත්ත හැරිලා නිදාගත්තා පමණය. 

6ට විතර ඇහැරිලා බලනකොට අළුතෙන්ම ගත්තු සෙරෙප්පු දෙකත් නැත. බැරිම තැන හෝටලේ තිබ්බ දෙකක් දාගෙන බෝඩිමට එන්න පිටත් උනේය. අරෑ කිව්වා හරිය. උදෙද් බලනකොට කලින් නිදාගෙන හිටපු තැනට රැල්ල ගහලාය. එතන බුදියන හිටියානම් එහෙම මෙලහකට අන්දමන්ද දූපත් වලය. අපරාදේ ෆ්‍රී ටුවර් එකක් යන්න තිබ්බ චෑන්ස් එකය. බල්ලෝ වගේ වැලි නාගෙන සෙනග නැති බස් එකකින් ගද ගගහා දෙහිවලින් නැග්ගෙමු. ආයේ උදේ ගල්කිස්සට එනකොට කඩ ඔක්කොම වහලාය. සබන් කෑල්ලක් ගන්න තැනක් නැත. ඉරිදා හින්දා ගල්කිස්සේ පොලත් එක්කය. පොල අස්සෙන් රිංගලා ගිහින් ටූත්පේස්ට් + සබන් ගත්තෙමු. බෝඩිමට ඇවිත් හොදට වැලි යන්න නා ගත්තෙමු. 

8.30 ලෙක්චර්ස් පටන් ගත්තේය. පොඩ්ඩක් වෙලා ඉදගෙන හිටියෙමි. තාම වෙරිද කොහෙදය. ඇගපත කඩාදාලා වගේය. 11 පුටුවෙන් නැගිටලා ගෙදර ආවෙමි. ගෙදර එනකොට අම්මලා වෙඩින් එකකට ගිහින්ය. ගේ පිටිපස්සේ කොන්ක්‍රීට් බංකුව උඩ හොදට නිදාගත්තෙමි. ඕක දැකපු එහා ගෙදර ආච්චි ළගට ආවේය. 

ආච්චි: මොකද පුතේ??? ඔයා ගියා නැද්ද මගුල් ගෙදර...

රජා: නෑ ආච්චි ඔළුව රිදෙනවා. දැනුයි ආවේ. 

ආච්චි: පෙනඩෝල් දෙකක් දෙන්නද?

රජා: බිව්වා ආච්චියේ...

ආච්චි ගියේය. විනාඩි දෙකක් ගියේය. අක්කා ක්‍රීම්සෝඩා බෝතලේකුත් එක්ක දුවගෙන ආවේය. 

අක්කා: මෙන්න මල්ලි මේක බොන්න. 

රජා: ආ.......ටැංකියු ඈ...

අක්කා: හිහි...

ඒක හම්බුනේ වෙලාවටය. හිටියේ අතේ සතේ නැතුවය. මල ජරාව කාලා බීලා කටත් හම ගිහින් වගේය. මොනාද ඉතින් එක උගුරට බෝතලේ ඉවරය. හවස් වෙලා ගෙදර කට්ටිය ආවේය. රජා පියවි සිහියෙන් වගේය. ඒත් හොදටම නොවේය. ඒත් ඒ වගේ ගරු රගපෑමක්ය. මොනවා උනත් පට්ට දවසක්ය. අළුත් උන් අදුන ගත්තේය. හොද ආතල් එකක් ගත්තේය.  හොදට පාඩු කරගත්තේය. පනස්දාහකට විතර කෙළඋනේය. 

සිදුවූ පාඩුව

මඩ කැමරාව ඉවරයි
පෝං එක ඉවරයි
ඔරලෝසුව ඉවරයි
සෙරෙප්පු දෙක ඉවරයි
වකුගඩු නෑ

පොඩිද අපහාසේ ?????

ප/ලි:

මං මඩ පොටෝ හදන්න ඕනෙද? ඕන්නෑ වගේ නෙහ්... මේ පාර ඇති වෙන්න තියනවනේ..... හා මටම ගහපල්ලකෝ. පොඩි බබාලගේ විනෝදෙනේ...

මේ සතිය පුරා මෙහෙම හැසිරිය යුතුය

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, December 11, 2013

යූරිනල් ජනතාව - ඔබ මොකෙද්ද? - 12 types of PEOPLE you find in URINALS - Which one are you?

සාමාන්‍යයෙන් යූරිනල් එකක් පිහිටට එන්නේ අර ස්වභාවධර්මයෙන් එන කෝල් එකකට උත්තර දෙන්නය. ඔය කෝල් එකට එක එක උන් උත්තර දෙන්නේ එක එක විදිහටය. සමහරු ලස්සනට, තාලෙට, සද්ද නැතුව ආන්සර් කරන අතර සමහරු දාගෙන ගාගෙන නාගන්නේය. ඔය ඔක්කොම සිද්දි ටික මෙන්න මෙහෙම ලස්සනට පින්තූර ටිකකට දාගන්න පුළුවන්ය. බලාගෙන ගිහාම හරියට උත්තර දෙන එකෙක් හොයාගන්න එක සෑහෙන අමාරු වැඩක්ය. :D :D







ඔය යූරිනල් වලට සූ කරන්න ගිහින් ඉස්කෝලේදි එහෙම සෑහෙන අකරතැබ්බ වලට කට්ටිය මුහුණ දීලා ඇතිය. අපේ උන නම් හොද කට්ටවල් කාලා ඇත. චූ කර කර ඉන්නකොට පිටිපස්සෙන් එකෙක් ඇවිල්ලා මුළු සරුවාංගෙම හෙල්ලිලා යන්න උරපත්තෙන් අල්ලලා හොල්ලන්නේය. වතුර පාර ඇග හැමතැනමය. නැත්තන් ඔතනින් යන ගමන් පිටට හොද තල්ලුවක් දාගෙන යන්නේය. රජා නම් ඒ දවස් වල හෙන බයෙන් හිටියේ කොයි වෙලාවක හෝ මල්ලියාගේ ඔළුව යූරිනල් එකේ වැදිලා චොප්ප වෙලා යයි කියලාමය. ඒ හින්දාම ඉස්සර කට්ටිය එක්ක සූ කරන්න යන්නෙත් බොහොම කලාතුරකින්ය. ඇයි ඉතින් අපි අනිත් උන්ට ඕක කරලාම උන් බලන් ඉන්නේ අපිට කෙලවන්නය. අදුරන එකෙක්වත් නැති හද්ද ඩොටේ තියෙන ටොයිලට් එකක් හොයාගෙන ගිහින් වැඩේ කරලා එන්නේ ඒ නිසාමය.  

ඔය එක කරදරයක්වත් නැත්තේ මෙන්න මෙහෙම ඔය කෝල් එකට උත්තර දෙන උන්ටය.

තරු පහේ හෝටල් වලදි ඔය කෝල් වලට සමූහ වශයෙන් ආන්සර් කරන්නේ “මෙන්න මෙහෙමය“.


ප/ලි:

හා දැන් ඉතින් රජා අංක 6 තමා කියාගෙන වරෙල්ලකෝ... යූරිනල් එකක ඔබලා මරන්නේ. 

 ඔබේ අංකය කුමක්ද පින්වත???

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, December 2, 2013

වරෙන් යන්න අපිත් එක්ක....කන්න බොන්න හිනාවෙන්න... - Cyber Mega Beach Party 2013




ආදරණිය බ්ලොග් සහෘදයන් එකට එකතුවෙන තවත් දවසක් ඔන්න ආයෙමත් ඇවිල්ලාය. කාලෙකට පස්සෙ ආයෙමත් ගෙට්ටුවක් පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙන්නේය. මෙවර බ්ලොග් ගෙට්ටුව අනික් හැම පාරකටම වඩා ලොකු විශේෂත්වයක් තියනවාලුය. ඒ තමයි මෙවර තියෙන්නෙ Beach Party එකක්ය. බ්ලොග් කරුවන් අතර සහෝදරත්වය , එකමුතුකම වර්ධනය කරන්න , මිත්‍රත්වය අලුත් කරගන්න , නොදුටු මිතුරන් මුණ ගැහෙන්න, මඩ පාරක් කන්න මේ සාදය හරි අපූරු තෝතැන්නක් වනවාට කිසිම සැකයක් නැත. ලංකාව පුරා විසිරි ඉන්න බ්ලොග් අවකාශයේ මිතුරන් විතරක් නෙමෙයි ලෝකය පුරාම බ්ලොග් අවකාශය වටා එකතුවෙලා සිටින ආදරණිය ශ්‍රී ලාංකීය මිතුරන් හැමෝම එදාට එකතුවෙනවාලුය..
 
*දිනය - 2013.12.21 වෙනි සෙනසුරාදා

 
*ස්ථානය - ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )


*වෙලාව - උදෑසන 10.00 සිට හවස 4.00

 
*ජෝ ජෝ'ස් ප්ලේස් වෙත පිවිසිම සඳහා ගමන් මාර්ගය සිතියම - මෙතනින්...  http://goo.gl/maps/MdRGp

වෙරල ක්‍රිඩා සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් විනෝද වෙන්න , සතුටු සමීචියෙ යෙදෙන්න එදාට බ්ලොග් ලියන , කියවන අපි හැමොම එකතුවෙන්න දැන්ම ඉදලම සූදානම් වෙන්නලු..

*දුර බැහැර අපේ හිතවතුන්ට හවස 4ට නික්ම යා හැකි අතර එදින මුළු රාත්‍රිය පුරා අපිත් එක්ක රැදෙන්නට කැමති හිතවතුන්ට හිතවතියන්ට මුහදු සුලඟ විඳිමින් ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්නත් පුළුවන්ලු..

මොකා හිටියත් නැතත් රජ වාසලේ සෙට් එකම (7ක් ඉන්නවා) බීච් එකේ නයිට ගහනවලු..... ^_^

*ආහාර පාන සඳහා වන වියදම් , ස්ථානය සඳහා වන වියදම් සහ අනිකුත් වියදම් සලකා බලලා එක් අයකුගේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රු.350ක මීලක් නියමව තිබෙනවාලු.


මෙන්න මෙතනින් පැමිණීම තහවුරු කරන්න.....
https://docs.google.com/forms/d/1HRVk_3wzPw4GU0LIDtHAc8-a7F2YW4aiAG8uFe-RSfQ/viewform


ඔන්න මේ........පේනවනේ. අපිට ආරාධනා කරන්නෙත් මඩ සදහාම තමයි. මොකද හැමඑකාම දන්නවා රජාට මඩ වලට ආචාර්ය උපාධියක් තියන වග..

 මේ පාරත් ගිය පාරවල් වල වගේ මහා මඩ ව්‍යාපෘතිය නැගලම යනවා... එන උන් සංවරව හැසිරියල්ලා හොදේ..!!! :D :D


 ගම්පහ ගෙට්ටුවේ කතා කරන මඩ පොටෝ




කතා කරන මඩ පොටෝ - සිහින උළෙල 2013 


දෙවනි දිගහැරුම 


කවුද දැන් එන්නේ......???????? :P :P
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!