Monday, December 23, 2013

සයිබර් මෙගා බඩකඩිත්තුව - Cyber Mega Beach Party 2013




ගියපාර ගම්පහ ගෙට්ටුවෙන් පස්සේ බ්ලොග්කරුවන්ගේ ගෙට්ටුව මේ ඊයේ පෙරේදා පැවැත්තුනේය. ඒ වෙරළ සාදයක් ලෙසය. ගල්කිස්සේ........ගල් අස්සේ.... තියෙනවා කිව්වට ඒ හරියේ එක ගල් කෑල්ලක්වත් තිබ්බේ නැත. හැබැයි ෂුදු පාට ගල් කැබලි කීපයක් නම් තිබුනේය. යකෝ බලාගෙන ගිහාම සුද්දිගෙ පොටෝවක් ගන්න බලන් ඉදලා තියෙන්නේ රජා විතරක් නොවේය. කොහෙද අපිටත් ලැජ්ජා නැත. එක සැරයක් සුද්දියක් පස්සේ ගිහින් අහගත්තා මදි වෙලාය. රජා සුද්දිට ඇහැ දාගෙන ඉද්දී තවත් ඇහේ පොට යවාගන්න හදන උන් දෙතුන් දෙනෙක් මාට්ටු උනේය. ඒ ස්පීඩියා සමග නාඩියාය. වහාම හොම්බ දිග කැමරාවක් හොයන්න හදද්දිම සිහින අයියා “ආ...හරි බං මමත් දැක්කා..“ කියාගෙන මේ පැත්තට ආවේය. බලාගෙන ගිහාම... එක්කෝ ඕනේ නැත!

සුද්දිව කොපි කිරීම
ඇයි උෂාන් අයියගේ චිත්‍ර වල හිටපු කිරිටොයි කෑලි ටික... හම්මා සුද්දියෝ ටික පරාදයි. ඒවා මේවා අස්සේ මාළු දැලකුත් අදින්නේය. එහෙමත් තනියම අදින්න දෙන්න පුළුවන්ද? රජයි උෂාන් ගොයියයි දැල අදින්න දිව්වේය. ඔන්න ඉතින් අනිත් උනුත් ටික වෙලාවකින් වැලට සෙට් උනේය. කට්ටිය රජාව සංවිධායක මණ්ඩලේටත් දාලාය. ඇත්ත වශයෙන්ම මම කරපු ඇති මෙලෝ මල දානයක් නැත. පොඩ්ඩක් කෑම බෙදන්නයි, තරග තියන්නයි උදව් උනා විතරය. කණ්ඩායම වලට කට්ටිය බෙදපු විදිහනම් පට්ටය. හිටියේ නරියා, බල්ලා, පූසා, කුකුළා/එළුවා, කපුටා ද කොහෙදය. රජා බාරව හිටියේ පූසා කණ්ඩායමය. අපෝ..........නොදකින් මුන් නම් පුසියොම තමාය. එක තරගයක් දිනා ගන්න බැරි උනානේ හැබෑට. ලොල් :D

ඇදපාන්...
නයාගෙ නැට්ට අල්ලන තරගෙත් පට්ටය. තරගෙ පටන් ගන්නකොටම ගෑණු ළමයි වැලි කෑවේය. සමහරු වැල කඩාගෙන පරාද උනේය. නයාගෙ නැට්ටට කෙල්ලෙක් සිටි අවස්ථා බොහෝමයකදී කොල්ලෝ වැල කඩාගත්තේය. දෙවනියට තිබ්බේ පොල්ල වටේ කැරකෙන තරගෙය. කැරකුනේ වට පහක් පමණය. මේකෙ නම් වට 10ක් අනිවා කැරකෙන්නම තිබුනේය. දහය කැරකුනානම් පට්ටම ආතල් එකක් ගන්න තිබුනේය. පහ කැරකිලත් චන්දන අයියා එහෙම තව ඩිංගෙන් නවතින්නේ මාලදිවයිනේය.



ඔය ඒවා මේවා අස්සේ අර ෂුදු පාට ක්‍රිකට් ගහන මාමා මේ පොඩි උන්ට පැණි බීම පෙව්වේය. හාපෝ.........හරිම නරකය. ඇයි තව සාස්තර කියන ආච්චිලා ඇවිල්ලා රජාට මොනවදෝ කිව්වේය.මට මතක නැත. ඔතන තව හතර පස් දෙනෙක් හිටියේය. උඹලාට මතකද ඈ??? රජා හෙන මනමාල මොක්කෙද්ද එකෙක් කීවේය.  ජනවාරි 21 ඉතාමත් සුභ දෙයක් වෙනවා කීවේය (තව කෙල්ලෙක්???). තව අකුරු 3 යාළුවෙක් ගැනත් කිවේය. හෙනම මාන්දමිකය. 

අපෝ...මෙයා කීන එව්වා!
කට්ටිය මූදට පැනලා ආතල් ගන්නේය. අපිටත් එහෙම පුටුවක ඉන්න පුළුවන්ද? බෑ............ තව පොඩි එකෙක් එක්ක දූවගෙන ගිහින් ජබුක් ගාලා වතුරට පැන්නේය. එතකොටම අර හෙනකද මලියා රජාව වතුරේ එබුවේය. පෝං එකයි කැමරාවයි සාක්කුවේය. මානසිකව වැටිලා හිටපු මගෙ හද සන්තාන මාරුතය සුනුවිසුනුව විනාස වෙලා ගියේය. දැන් ඒකේ ගන්න දෙයක්  නැත. තෙමිච්ච රිලවා වගේ ආයේ පැය බාගයක් විතර මුහුදට වෙලා පොඩි ආතල් එකක් ගත්තේය. ඒ මුහුද නම් හෙන නරකය. අපිට ඇගවල් උඩ නැගලා බල්ටි ගහන්න දුන්නේම නැත. හෙන පත රැලි එවලා අපිව බිම පෙරලන්නම හැදුවේය. 

ආතල් ඈ..
බෝලෙන් කකුලට ගහන තරගෙකුත් ඔය අස්සේ පටන් ගත්තේය. රජාට වටකරගෙන ගහපු උන්ට පුරා සතියක් වැලිබඩ යන්න ශාපවිය යුතුය. සිහින අයියා එක්ක වැලි මාලිගාවක් හදන්න පටන් ගත්තා විතරය. මුන් ඒකටත් කෙලෙව්වේය. රජාගේ ඉංජිනේරු දක්ෂතාවය මනාව ප්‍රයෝජනවත් දේකට යොදාගැනීමට මුන්ට තේරෙන්නේ නැත. අර ශම්මියාගේ මනුස්ස රුවනා පව්ය. කවුදෝ පිරිසක් උගේ පතිවත කෙලෙසවේය. හැබැයි උගේ පියයුරු යුවල නම් සිලිකන්ය. පොඩ්ඩ බැරි වෙනකොට පැලෙනවාය. 

වැලි මාලිගා
අන්තිම හරියෙදි මගෙ ලව් එක අටමා සෙට් උනේය. ගම්පහදි වගේම මේ පාරත් තව පොඩ්ඩෙන් ඒ අඩු දෙකට අහුවෙලා දෙකට කැඩෙනවාය. පළවෙනි පාරට මාතලන් හමුඋනේය. හිතාගෙන හිටිය රෑප ස්වභාවය නොවන බව කිව යුතුය. හෙන සුදු බෝල මාමෙක්ය. ^_^ අන්තිමට ඉවර වෙලා කට්ටිය නිවෙස් බලා ගියෝය. සමහරු තැන් ෂිෆ්ට් කලෝය. ඔය අස්සේ අර අටමා, රජාට ශරීර කෘත්‍ය කර ගන්න දුන්නේ නැත. කොහොමහරි අහවල් එකක් බලන්න ඇවිත් ජෝජෝ එකේ ටොයිලට් එකේ ලොක් එකත් පටෝස් ගාලා කැඩුවේය. ඔන්න අපිනම් ඕවට නැත. 

තම්මැට්ටං, ඩෝල බෝල උස්සගෙන කට්ටිය බීච් එක දිගේ අක්කගේ පොට් (සන්සෙට් - දෙහිවල) එක හොයාගෙන ඇදෙනවාය. සමහරු වැනෙනවාය. බීච් එක දිගේ නිදහසේ යන්නවත් නැත. බෝට්ටුකාරයෝ අපිට කතා කරන්නේ බෝට්ටුව ගොඩට අදින්නය. උන් ටික ආ ඕං... කියලා වෙර අල්ලද්දී අපේ උන් නෑදෑකම්වලින් ඇල්ලවේය. සීයේ..... ආච්චියේ..... නැද්දේ.... මාමේ..... හම්බෝ හිනාවෙලාම ඉවරයක් නැත. ඒ අස්සේ පත මාළුවෙකුත් වෙරළට ගහලාය. 

තට්ටෙන් එන සද්දේ මරැ
අපි යනකොට කට්ටිය සෙට් වෙලාය. පොඩ්ඩක් එහෙන් මෙහෙන් අපිත් සහභාගි උනෙමු. ටිකෙන් ටික කට්ටිය හැලුනේය. ඔය අස්සේ දෙන්නෙක්ට අහම්බෙන් මලක් හම්බෙලා දාගෙන ඔතනවාය. කරුවලේ ටෝච් එකක් ගහගෙන උන් වින්දේ පුදුම දුකක්ය. රෑ 7  විතර වෙනකොට රජාට ඉන්නම බැරිය. ඔළුව පැලෙන්න වගේය. අර පොඩි හට් එකක් ඇතුළට වෙලා බුදියගෙන හිටියේය. මුං නිදහසේ බුදියන්නවත් දෙන්නේ නැත. පාප මිත්‍රයෝය. ආයේ නැටුම් තෙල් වක්කරගත්තේය. 9 විතර වෙද්දි බ්ලොග්කාරයෝ ටික විසිර ගියෝය. ඒත් අපි වැල්ලේය. 

එහා පැත්තේ සුද්දාස් ප්ලේස් එකෙත් අපේ මඩයාගේ උන් කට්ටියක් වෙනම සෙට් වෙලාය. අපි කෙලින්ම ගියේ එතෙන්ටය. රජාට කෙලින් ඉන්න බැරිය. මේ බීච් එක ඇදය. හේතුව ඒකය. උඹලා ඕක මගුලක් කරගනින් කියලා රජා ඔළුවක බොල්ලැවට ඔළුව තියාගෙන බුදියගත්තේය. තව කාලකණ්නියෙක් 10ට විතර රජාව ඇහැරෙව්වේය. 

මඩයා: යකෝ බට අරන් වරෙල්ලකෝ. 

රජා: අරං වරෙව් ගිහින්. මම බුදිනේ යකෝ...

මඩයා: උඹනේ මේ පැත්ත දන්න එකා අරං වර...

නිදිමර ගාතේ වැනි වැනී වෙඩික්කාරයා හා තව හිට්මෑන්ද මොකෙද්ද එකෙක් එක්ක පාරට ගියෝය. හීනෙන් වගේ ගිහින් හීනෙන් වගේ ඇවිත් ආයේ නිදාගත්තේය. හොදට නින්ද ගියා විතරය. සුද්දාගේ පොට් එකේ වැඩ කරන උන් දෙන්නෙක් ඇවිත් අපිව ඇහැරුවේය. 

උන්: පැටියෝ...නැගිටහල්ලා. උඹලා ගෙවල් වලට යන්නේ නැද්ද? කට්ටියම ගිහින්. නැගිටහල්ලා.

අපි: අපි මෙතන බුදි...අපි යන්නෑ අද...

ඌ: තව ටිකකින් රැල්ල ගහනවා පුතේ...නැගිටහල්ලා...

මඩයා: කොහෙද යකෝ මෙච්චර මෙහෙ රැල්ල එන්නේ...මූද කොච්චර ඈතද...

ඌ: උඹලා ඕන මගුලක් කරගනින්...

පොරට තද වෙලා ආපහු ගියේය. ඌටත් ලෙසටම වැදිලාද කොහෙදය. මටනං මූණවත් මතක නැත. ඌ අපිව ඇහැරෙව්වත් හරි හුළගේ සීතග දැනෙන්න පටන් ගත්තේය. දැන් කකුල් දෙක කිටි කිටි ගාලා වෙව්ලන්නේය. අරෑ ආයේ ටිකකන් ආවේය. 

ඌ: අනේ පැටව්නේ නැගිටහල්ලා බං... ආදරේටනේ කියන්නේ. ඇවිල්ලා අර ඔරුව ගාවින් නිදාගනිල්ලා. අපිට දුකයි බං උඹලා ගැන. මෙතනින් ඉදහන්. බොසා ගිහාම ඇතුලෙන් තැනක් දෙන්නං. ආයේ ඔරුව ගාව නිදාගත්තෙමු. ලස්සනට නින්දගියා විතරය. අර හිවලා ආයේ අපිව ඇහැරෙව්වේය. ඒ හෝල් එකේ නිදාගන්න කියන්නය. අපි හෝල් එකට ගියෙමු. හප්පේ සීතල නම් අඩුවෙලා ගියේය. ඒත් අම්බානට මදුරුවෝය. ඒ අස්සේ උන් රයිස් එකක් දෙන්නත් කතා කලේය. හිටියේ අම්බානට බඩිගින්නේය. මොකෙක්හරි එකෙක් එපා අයියේ කීවේය. මට කියන්න කිසිම දෙයක් මතක් උනේ නැත. අනිත් පැත්ත හැරිලා නිදාගත්තා පමණය. 

6ට විතර ඇහැරිලා බලනකොට අළුතෙන්ම ගත්තු සෙරෙප්පු දෙකත් නැත. බැරිම තැන හෝටලේ තිබ්බ දෙකක් දාගෙන බෝඩිමට එන්න පිටත් උනේය. අරෑ කිව්වා හරිය. උදෙද් බලනකොට කලින් නිදාගෙන හිටපු තැනට රැල්ල ගහලාය. එතන බුදියන හිටියානම් එහෙම මෙලහකට අන්දමන්ද දූපත් වලය. අපරාදේ ෆ්‍රී ටුවර් එකක් යන්න තිබ්බ චෑන්ස් එකය. බල්ලෝ වගේ වැලි නාගෙන සෙනග නැති බස් එකකින් ගද ගගහා දෙහිවලින් නැග්ගෙමු. ආයේ උදේ ගල්කිස්සට එනකොට කඩ ඔක්කොම වහලාය. සබන් කෑල්ලක් ගන්න තැනක් නැත. ඉරිදා හින්දා ගල්කිස්සේ පොලත් එක්කය. පොල අස්සෙන් රිංගලා ගිහින් ටූත්පේස්ට් + සබන් ගත්තෙමු. බෝඩිමට ඇවිත් හොදට වැලි යන්න නා ගත්තෙමු. 

8.30 ලෙක්චර්ස් පටන් ගත්තේය. පොඩ්ඩක් වෙලා ඉදගෙන හිටියෙමි. තාම වෙරිද කොහෙදය. ඇගපත කඩාදාලා වගේය. 11 පුටුවෙන් නැගිටලා ගෙදර ආවෙමි. ගෙදර එනකොට අම්මලා වෙඩින් එකකට ගිහින්ය. ගේ පිටිපස්සේ කොන්ක්‍රීට් බංකුව උඩ හොදට නිදාගත්තෙමි. ඕක දැකපු එහා ගෙදර ආච්චි ළගට ආවේය. 

ආච්චි: මොකද පුතේ??? ඔයා ගියා නැද්ද මගුල් ගෙදර...

රජා: නෑ ආච්චි ඔළුව රිදෙනවා. දැනුයි ආවේ. 

ආච්චි: පෙනඩෝල් දෙකක් දෙන්නද?

රජා: බිව්වා ආච්චියේ...

ආච්චි ගියේය. විනාඩි දෙකක් ගියේය. අක්කා ක්‍රීම්සෝඩා බෝතලේකුත් එක්ක දුවගෙන ආවේය. 

අක්කා: මෙන්න මල්ලි මේක බොන්න. 

රජා: ආ.......ටැංකියු ඈ...

අක්කා: හිහි...

ඒක හම්බුනේ වෙලාවටය. හිටියේ අතේ සතේ නැතුවය. මල ජරාව කාලා බීලා කටත් හම ගිහින් වගේය. මොනාද ඉතින් එක උගුරට බෝතලේ ඉවරය. හවස් වෙලා ගෙදර කට්ටිය ආවේය. රජා පියවි සිහියෙන් වගේය. ඒත් හොදටම නොවේය. ඒත් ඒ වගේ ගරු රගපෑමක්ය. මොනවා උනත් පට්ට දවසක්ය. අළුත් උන් අදුන ගත්තේය. හොද ආතල් එකක් ගත්තේය.  හොදට පාඩු කරගත්තේය. පනස්දාහකට විතර කෙළඋනේය. 

සිදුවූ පාඩුව

මඩ කැමරාව ඉවරයි
පෝං එක ඉවරයි
ඔරලෝසුව ඉවරයි
සෙරෙප්පු දෙක ඉවරයි
වකුගඩු නෑ

පොඩිද අපහාසේ ?????

ප/ලි:

මං මඩ පොටෝ හදන්න ඕනෙද? ඕන්නෑ වගේ නෙහ්... මේ පාර ඇති වෙන්න තියනවනේ..... හා මටම ගහපල්ලකෝ. පොඩි බබාලගේ විනෝදෙනේ...

මේ සතිය පුරා මෙහෙම හැසිරිය යුතුය

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

110 comments:

  1. Replies
    1. :)) තව තියෙන බව දන්නවා

      Delete
    2. හරි හරි දුවේ ඔයා එක තමයි.. හි හි කියන්නෙත් බොහොම හොඳ කමෙන්ට් එකක්. හැබැයි අර පසුව එමි කියන එක තරම් සිරා නෑ..

      Delete
    3. මොනවද නංගි හිහි ගාන්නෙ...ගහන්නකො ඔය නිකං තියෙන අත පය විසි කරලා දුං විසිවෙන්න කමෙන්ටුවක් ඉදගෙන....

      Delete
    4. අපූරුයි ඔමායා අපූරුයි.. හිටගෙන :))

      Delete
  2. ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව අහවල් එකටද කියලා ඇහුවලු......
    මූ මෙවර දාන්නේ ඉවසන න්‍යායයි....බලමු..

    ReplyDelete
    Replies
    1. මං ගහන්නේ නෑ මඩ. අළුත් ක්‍රමයක් හොයාගන්න ඕනේ.. :)

      Delete
  3. අනේ අපොයි රජෙකුට වෙච්චි දෙයක් :(

    ReplyDelete
    Replies
    1. දුකතමා රෙප්පනී.. :((

      Delete
  4. එක ද අර නිකන්.. වැල කාපු හිවලා වගේ.... අයිනක් ගහන හිටියේ... :3 ...

    පට්ට දවසක්.. පට්ට කොල්ලෝ කෙල්ලෝ ටිකක්... ^_^

    ReplyDelete
    Replies
    1. උඹ නේද රජාගෙ බාටා දෙක ඉස්සුවෙ.

      Delete
    2. ඒ අයින ගැහුවේ මතක් වෙනකොට. අනිත් වෙලාවට එළියේ හිටියනේ සුදා :))

      Delete
  5. මාලු තඩියගේ පින්තූරයක් ගත්ත මං උඹ පයට පුට්බෝල් දාන්න ගත්තෙ කවද ඉදංද

    ReplyDelete
    Replies
    1. හෙහහ්.. සෙරෙප්පු දෙක ඉස්සුවට පස්සේ ඕක තමා දාන්නේ දැන් :))

      Delete
  6. මම 11 ට විතර සුද්දාස් ප්ලේස් එකෙන් යන්න ගියා. උඹ හොඳමට නිදි අර කොල්ලෑවට ඔලුව තියාගෙන. ඇහැරුවේ නෑ. උඹල දෙන්නෙක් සරණාගතයො වගේ නිදාගෙන ඉද්දි කොහොම ඇහැරවන්නද :D අර උඹව ඇහැරවල විටමින් කූරු ගේන්න ගිය උන් දෙන්නව මට හම්බ උනා ෆුඩ් සිටිය කිට්ටුවදි.

    ReplyDelete
    Replies
    1. ඒ මම ඇහැරිලා හෙව්වා බං කට්ටියම. මුන් ටික ගිහිල්ලා :))

      Delete
  7. අහෝ මඩ නැත.... ජාත්‍යන්තර මට්ටමේ මෙගා මඩක් අවැසිය

    ReplyDelete
  8. සිදුවූ අලාබය ගැන බලවත් කණගාටුව.....

    ReplyDelete
  9. අඩේ මේ පාර මඩ පෝස්ට් එක නැද්ද එතකොට?? මම මේ දත කට මැදගෙන බලන් හිටියේ එනකල්.. එහෙම හරියන්නේ නෑ රජෝ පීරිසියක් දාල උස්සසනවා ඕක ආවේ නැත්තම්.. මෙමරි කාඩ් එකත් ඉවරද?

    ReplyDelete
    Replies
    1. නෑ මෙමරිය තියනවා :)

      Delete
  10. අඩේ තොපි එච්චර රෑ වෙන කල් ආතල් ගත්තද? අපරාදේ කලින් ගියේ අපි

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ඉතින්...

      Delete
  11. උඹ හොඳටම මානසිකව වැටිලා නේද හිටියේ! පව් කොල්ලා...

    ReplyDelete
  12. කොහොමිං හරි අමාරුවෙන් වැල්ලේ හදපු වැලි මාලිගාවේ රජ පට්ටම ගන්න බැරි උනා නෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං... හදන්න දුන්නෙත් නෑනේ :(

      Delete
  13. බලං ගියාම රජානේ පව්

    ReplyDelete
  14. අඩේ උඹට මේ තරම් පාඩු කොරාද කස්ටිය.. තව ඩිංගෙන් මටත් ඕකම වෙනවා.. මාව අරං යන්න ආව කස්ටියට වැදලා වගේ බේරුණේ බිල් ගෙවන්න තියන සල්ලි සාක්කුවේ කියලා. මඩ නැතුව මෙහමත් හොදයි.... සැබෑ වෙනසක්..

    ReplyDelete
  15. මඩ දාපිය යකෝ.. මඩ මදි කියල කෑගහනවා >_<

    ReplyDelete
  16. අඩේ සිරාවටම උබේ ෆෝන් එකටයි කැම් එකටයි කෙල උනා කියල මන් දැනුයි බන් දන්නෙ, මන් ඒත් බැලුව මොකෝ උබ පොටෝ එකක්වත් ගහන් නැත්තෙ කියල...බොක්කෙන්ම මගෙ සාතිශය සංවේගය රජෝ...

    ReplyDelete
  17. නොදකින් මුන් නම් පුසියොම තමාය. එක තරගයක් දිනා ගන්න බැරි උනානේ හැබෑට. ලොල් :D

    නායකයා මානසිකව වැටුනාම අනිත් උන් ටික ඊට වඩා අන්ත වෙනවා

    මොනා උනත් මම හිතුවට වඩා මු කොටයි

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා යකෝ!!! :(

      Delete
  18. මඩ නැත්තං වැඩක් නැතිය.
    නියම ෆන් එකක් අරගෙන තියෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. අපරාදෙනේ ආවේ නැත්තේ!

      Delete
  19. හැක හැක රජෝ... හු හු . පිස්සු බල්ලෝ දෙන්නෙක් වගේ ගල්කිස්සේ ඇවිද්ද හැටි ඈ .. යකෝ මන් බට ගෙන්න තෝව දෙපාරක් ඇහැරෙව්වා.. මට මතකයි හීනෙන් වගේ අර හොටෙලේ එකා ඇවිල්ල උබේ ඔලුව අතගගා පැටියෝ පැටියෝ කියල ඇහුරුව හැටි..

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි හොදේ...හාපෝ......... =))

      Delete
  20. කල...කල දේ ..පල ...පල දේ........බොලා ගිය සැරේ සැමාගෙ සපත්තු දෙකට කොල වැඩේට..පව් පලදීලද කොහේද..?

    උඹ තවත් කොට වෙලාද බං..!

    ReplyDelete
    Replies
    1. පවු බන් රජා....රජෝ...උඹ මානසිකව වැටෙන්නෙ නැතුව හොද මඩ පාරක් ඇරලා දාපන්...හිතේ දුක තුනී වෙන්ටත් එක්කම....බොගෙන් තරං හොද මඩ ගදක් කොහෙන්වත් ලබන්ට බැරිය...

      Delete
    2. සපත්තු ගලෝපුවාම තවත් අගලක් කොට වෙලා අයියෝ!! :))

      Delete
  21. මගේ අහිංසක බලාපොරොත්තුව සුන්වී මුහුදේම ගසාගෙන යන ලදී.ඒ උනත් රජාට සිදුවූ අලාභයට සාතිසය සංවේගය...මඩ ටිකක් දාපන්කො

    ReplyDelete
  22. අපරාදේ උබට නුලෙන් ටුවර් එකක් මිස් වෙලා .....
    මඩ පාරක් ලාවට හරි දාපිය ,,,
    ඒක බලන්නමයි ආවේ

    ReplyDelete
    Replies
    1. උඹලා මහ මඩකරියොනෝ යකෝ!!

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. පෝන් එක ගැන කියලා මම කෑගහද්දී වැඩේ වෙලා හමාරය. කොහෙද ඉතින් සිහියෙන් හිටපු එකක්ක් යැ. ඔයින් ගියා මදැයි අතක් පයක් නොකැඩී.

    ReplyDelete
    Replies
    1. අයියෝ සංසාරසාගරේ...!!!

      Delete
  25. අහුලා හෝ මඩ ගැසිය යුතුය :y

    ReplyDelete
  26. බොහොම කණගාටුයි මලේ උඹහැට උන දේටනම්. ඒත් ඉතින් අපි කවුරුත් ඔය චාටරේ කාල තමයි ඉගෙනගත්තෙ "බොන්න සෙට් වෙනකොට කැමරා පෝන් ආරක්ෂිතව තියාගන්නෙ කොහොමද" කියල. :D

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙනවා දැන්! =))

      Delete
  27. පසුගිය සතියේ ලුමියාවක් ලැබීමෙන් පසුව මගේ පරණ N8 එකට ගනුදෙනු කරුවෙක් සොයමින් සිටියෙමි. අවශ්‍ය නම් අමතනු හැක.

    මෙය කල දුටු කල වල ඉහගනීමක් නොව, විපතේදී පිහිට වන කල්‍යාන මිත්‍ර ගුණයක් බව සලකන්න.

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමක් බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. මෙදා පොටේ ඔයාගෙ රෙඩ්බුල් නංගිට මක්කද උනේ ? නලින් අයියා ඇහැ දායි කියලා භය හිතුනද ? නැත්තං නාඩියා දරාගත නොහැකි කම්පනයකට ලක් වෙයි කියලා හිතුවද...

      Delete
    2. කම්පනයකට ලක් වෙන්න අපි වයලින් එකක් කියලා හිතුවද!

      Delete
    3. සල්ලි ගන්ඩ එපා බං ඔන්න ඕක ඔය කොල්ලට දියං , යන තැනක වැඩක් වෙන්ඩ කියලා

      Delete
    4. සුදීකයාට පව් සිදු වෙන්නට ආපු ගමන් දෙකකින් සප්පායම් උනෙමි. එහෙත් සිහිය පරිස්සම් කරගත් හැකි විය.

      Delete
    5. බලන් ගිහාම සූදීක මාමා තමා හැමෝටම පොවලා තියෙන්නේ :)) =))

      Delete
  28. අපරාදේ කියන්ඩ ඕනෙ නෑ රජෝ මේ පාරනම් උඹ පජාතයි. ඇයි යකෝ පූසෝ පැරදුනා කියන්නෙ. උඹනේ අපිට හොරකරන්ඩ දුන්නෙ. ඒකනෙ පැරදුනේ නැත්තන් ඉතින් දිනුම් තමා.

    ReplyDelete
    Replies
    1. අනේ මගෙ කට මොකටද ඉතින් :))

      Delete
  29. ඔන්න බලහං රජෝ...මම වගේ සත්ගුණවත් එකෙක් ඔය ළග පාත හිටියා නම් බොට ඔහොම අකරතැබ්බක් වෙන්ට දෙනවද ? බලහං...උඹට වෙලා තියෙන පාඩුවෙ තරම...මට වාවන්නෙ නෑ අයියෝ....මට සියරට එන කලෙක බොට මෙහෙන් පෝං එකක් ගෙනත් දෙන්ට හිතෙනවා.....අද මේ කමෙන්ටුව කොටන අවස්ථාවෙදි වගේම මම එන දවසටත් හිතුනොත් අනිවා ගෙන එමි.....මුදල් දී බඩු රැගෙන යන්ට....හක හක හක.....

    මොනා උනත් කස්ටිය රිදෙන්න ෆන් එක ගෙන ඇති බව පෙනෙයි...බ්ලොග් ලොව සමගිය / සහෝදරත්වය/සහජීවනය හා පැවැත්මට ඉවහල් වෙන මෙවැනි බ්ලොග් ගෙට්ටු වැඩිවෙන තරමට හොදය. ඊලග වසරේ සිහින අවුරුදු උළෙලට හෝ ඔලුව දාන්නට සිතා සිටිමි....නැට්ට පිටිනි අලි මැරෙනා ලෝකයක ජීවත් වන අපි එතරම් දුර දැම්ම තියා සැලසුම් කිරීම නොහොබී...අනිත් දවසෙ අති පදම් බොක ගෙදර දමා ගෙට්ටුවට යන්න......බොට ජයම වේවා....

    ReplyDelete
  30. රජතුමනි ඔබගේ මුර සෙබළුන් ඔබ ලග නිසිටියනම් කවරනම් අකර තැබ්බයකට ඔබ මූණ දෙනවද?ශික් අපරාදේ..

    ReplyDelete
  31. පොස්ටුව සුපිරිය...
    අපි මුට රු 100 ගානේ දාලා පාඩුව පියවමුද ?

    ReplyDelete
  32. දුකයි ! කැමරාවයි ෆොන් එකයි ගැන

    ReplyDelete
  33. ////පළවෙනි පාරට මාතලන් හමුඋනේය. හිතාගෙන හිටිය රෑප ස්වභාවය නොවන බව කිව යුතුය. හෙන සුදු බෝල මාමෙක්ය. ^_^ ///

    හා......හා...... කොළුවෝ බලාගෙනයි!!!

    ReplyDelete
  34. හඃ හඃ හඃ ආතල්. මඩ කෝ රජෝ මඩ ?

    ReplyDelete
  35. නියමයි රජෝ!!! ලබන පාරවත් සෙට්වෙමු...අතගාලා බලහන් උඹේ ඇට දෙකද තියෙන්නේ වෙන එකෙකුගේ දෙකක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. හෙට කියන්නම් හරියටම!

      Delete
  36. අනේ සාදු හොද වැඩේ

    ReplyDelete
  37. හනේ බං මට මාතලං වයි සුදීකයවයි මග ඇරිලා නේ. මොනව උනත් ගූප් පොටෝ එකට තැන්කිව් ඈ... මාන්දමිකව නොහිට දාපං මඩ පාරක් උඹේ තරං මඩ වෙන කොහෙද බං?

    ReplyDelete
  38. සිරාවටම වැලි බඩයාම latest News එකක්ය. සිරාවටම දුකයි මලේ උඹේ කැමරා එක ගැන.

    ReplyDelete
  39. //පහ කැරකිලත් චන්දන අයියා එහෙම තව ඩිංගෙන් නවතින්නේ මාලදිවයිනේය. // ලොල් ඕයි... :v

    ReplyDelete
    Replies
    1. දැක්කනේ ගිය විදිහ.. හම්බෝ... =)) =))

      Delete
  40. කමක් නෑ බං අඩු තරමේ පතිවතවත් බේරුණානේ.රජාට ආධාර පිණිස කැට ව්‍යාපාරයක් වත් පටං ගමුද?

    ReplyDelete
    Replies
    1. මගේ සම්පූර්ණ සහය දෙමි!

      Delete
  41. හික් හික්, මෙදා පොටේ මඩ කන්නේ රජා :v
    පාඩුව සම්බන්ධව සාතිශය සංවේගය,සාස්තර මෙව්වා එක්කෙනා ගැන කියනවනම් සුබපැතුම් රජෝ,අපිට ආරංචි :3
    මෙදා පොටේ එන්න බැරි උනාට ලබන පාර සැට් වෙමු.

    ReplyDelete
  42. රජාගේ චින්තයේ අවුලක් තියෙන බව මෙයින් ප්‍රකාශවේ

    ReplyDelete
  43. මම සත්තලන්ට රජාව අදුන්නලා දුන්නේ කුපාඩි රජා කියලා සත්තලන් මට බැන්නා එහෙම කියනවද මිනිස්සුන්ට කියලා මම මේ පෝස්ට් එක උන්දැට කියවන්න දුන්නා ඊට පස්සේ ඇහුවා ඌට ඒ නමත් හොද වැඩී නේද කියලා...

    ReplyDelete
    Replies
    1. අඩේ සිරාවට එහෙම කිව්වද? රෙදි නෑනේ ඉතින් :))

      Delete
  44. මුන් හොර ගල් අල්ලල තියෙන්නෙ අර සුද්දියො එක්ක ෆොටෝ එක ගන්න නෙව් .. දැන් දන්නෙ

    ReplyDelete
  45. අනේ රජෝ අපිට මේ පාර එන්න බැරිවුනා..අම්මපල්ලා රෑ දහයටත් නැටුම් තෙල් ගන්නව කියල දන්නවනම් ඔක්කෝම පැත්තක දාල අම්මප එනව...ලබන සැරේ කද බඩ ඔක්කෝම සූජානම් කොරගෙන උඹල, වැල්ලෙ නෙමේ බැද්දෙ සංවිධානය කොරත් ජෙමත් එනවමයි..

    ReplyDelete
  46. රජට කලින් මඩ ගහල නොවැ වෙන අය :-))

    ReplyDelete
  47. කැට ව්‍යාපාරයට මගේ නොමද සහයෝගය....

    ReplyDelete
  48. මට එන්න බරි උනානෙ........
    ලබන පාර නම් අනිවා එනවා....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)