මේ දවස් වල අපිට සූ ගාලා වැඩය. කැම්පස් එකේ ගෘප් ප්‍රොජෙක්ට්ද, ඉස්කෝලේ බ්ලොග් සංගමේ පොඩි උන්ගේ වද දීම්ද, අළුත් සාමාජිකයන්ගේ තදබදයද අරවද මේවද ලොවෙත් නැති ප්‍රශ්න ඔක්කොම
වැටෙන්නේ මහා කැත විදිහටය. සංගමේ වැඩ කරලා, ගෘප් එකට වැඩ කරලා
බුදියගන්නකොට කොහොමත් 12වත් වෙනවාය. ආයේ මහ කැත කළු පාන්දර 5ට නැගිටිනවා
කියන්නේ නම් දුක්ඛදෝමනස්සයක්ය. ඔය වෙලාවට ෆෝන් එකේ එලාම් එක වැදුනත්
පොඩ්ඩක් හයියෙන් පයින් පාරක් දුන්නම ඌත් බල්ලා වගේ සද්දේ වහලා මට තවත්
නිදාගන්න දෙන්නේය.
ඔහොම
නිදාගන්න ගිහින් වැඩිපුර පැය බාගයක් විතර සැපට නින්ද ගියේය. ඒකත් ඇහැරුනේ
උදේ පාන්දර මව්තුමිය ඇවිල්ලා ජාතිය අමතනකොටය. දැන් ලෑස්තිවෙලා පාරේ බස් එකේ
ගියොත්නම් රජාට අනිවා කෝච්චිය මිස් වෙන්නේය.
අම්මේ......ස්කූල් බස් එකේ ඉඩ තියෙනවද දන්නෑ නෙහ්???
දන්නෑ...අංකල් ආපුවාම අහලා බලනවා...
කමක් නෑ...ඉඩ නැති උනත් මම යනවා. පරක්කුවෙලා හොදටම...
ආ...ඇත්තද? තව ටිකක් රෑ වෙලා නිදාගත්තනම් හරි...
දඩ බඩ ගාලා ලෑස්තිවෙලා ස්කූල් බස් එක අල්ලගන්න ගේ ඉස්සරහට දිව්වෙමි. බස් එකට නැගලා ඉස්සරහම සීට් එකේ ඉදගෙන එහෙම ඩ්‍රයිවර් අංකල්ගෙන් ඉඩ තියෙනවද ඇසුවෙමි. ලැබුනේ සතුටුදායක පුවතකි. අවුරුද්දකට විතර පස්සේ ආයෙත් ස්කූල් බස් එකේ යන්නේ අදය. දැන් බස් එකේ රත්නාවලියේ කෙල්ලෝ එහෙම ගොඩා...ක්ය. මම උන් දෙස නම් ඇහැක් ඇරලා බැලුවේ නැත. 2002 ඉදන් 2010 වෙනකන් පුරා අවුරුදු 8ක් ගම්පහට ගිය පාරවල් අස්සෙන් ඔහේ ඇදෙද්දී ඒ සොදුරු මතකය ටික ටික ඇවිස්සුනේය.
ඉස්සරම වෑන් එක එලෙව්ව වයසක සීයා කෙනෙක්ය. එයා අපේ පියරජාගේ මාමා කෙනෙක්ය. ආතල් ඩයල් එක කියන්නේ ලොවෙත් ෆන්ය. කියන කතා වලට මැරෙන්න හිනාය. පොර පොරටම නමක් දාගෙන හිටියේය. අපි නම අහපුවා කියන්නේ ඔය නමය. ඒ කිරිපූර්වක නම් නම්බු නාමයය. තාම අපේ යුවරජා සීයට කියන්නේ ඔය නමය. වෑන් එක එලෝන හැටි දැක්කම හුස්ම හිරවෙන්නේය. මොකක් හරි වාහනයක් ඉස්සර කරනකොට සීට් එකෙන් ඉස්සරහ බර වෙලා ස්ටියරිවීල් එක උඩ නැගගෙන හෙන ගේමක් දෙන්නේය. ඉස්සර කරලා ඉවර උනාම ආයෙත් හේත්තු වෙන්නේය.
වෑන් එක මීරිගමට එනකන් එන්නේ මාළදෙණිය පාරෙය. උදේට ඔය පාරේ වෙල් යායවල්වල කොක්කු රෑන් රැන් පිරිලාය. අපි කරන්නේ වෙලක් ලගින් යන වෙලාවට යටිගිරියෙන් කෑගහන එකය. එතකොට වෙලේ ඉන්න කොක්කු ඔක්කොම එකපාරට ඉගිලිලා යන්නේය. ඒක නම් පට්ට ලස්සනය. අන්තිමට වෙල් යායවල් හතරක් පහක් පහු උනාම කට්ටියගේ උගුරු බල්ලෝ කාලා වගේය. කෑගැස්සෙන්නෙත් නැත.
ඉස්කෝලේ ඇරිලා ආපහු එනකොට කරන වැඩේ නම් මාලදෙණිය පාරේ දෙපැත්තේ තියෙන ගස්වල කොළ කැඩීමය. වීදුරු වලින් මුළු කදම එළියට දාගෙන එක විකාරයක්ය. කඩන කොළ නවතින්නේ කෙල්ලන්ගේ ඔළුව උඩය. දවසක් ඔහොම අත පය එළියට දාගෙන ගිහින් රජාව පොලිසියෙන් ඇල්ලුවේය. මිනිහා එදානම් මට හොදවයින් ටිකක් කිව්වේය. එදා හිටගෙන ඉද්දි කකුල් දෙක ගැහුනා වගේ මට ලාවට මතකය.
පාරෙ යන වෑන් වලට වතුර ගහන එක ඉස්සර හෙන ආතල් වැඩක්ය. දවසක් වෙන වෑන් එකකට වතුර ගහලා උන් අපිව ෆලෝ කලේය. සීයා වෑන් එක අතුරු පාරවල් වලින් දදා වතුර ගහපු එකාව බේරගන්න හෙන ගේමක් දුන්නේය. අනිත් වෑන් එකත් අත අරින්නේම නැත. පස්සෙන්ම එනවාය. කොහොමහරි වතුර ගහපු අයියව මගින් බස්සලා අපි දිගටම ගියෙමු. මෙන්න බොලේ අර වෑන්කාරයා පාර මැද හිටගෙනය. අපිට වෑන් එක නවත්තන්න උනේය. අනිත් ඩ්‍රයිවරයා ජාතිය අමතලා පිටත්ව ගියේය.
සල්ලි දාලා අයිස්, කලගෙඩිහේනෙන් රඹුටන්, ගඩුගුඩා කන එකත් ඉස්සර හෙන විනෝදාංශයක්ය. ඉස්කෝලේ ඇරිලා එන ගමන් සල්ලි දාලා ඕවා අරගෙන මුළු වෑන් එකම කන්නේය. දවසක් අයිස් අරගෙන පැකට් දෙකක් වැඩිවෙලාය. කන්න එකෙකුත් නැත. එදා නම් උනේ පට්ට සීන එකය. සීයා ඉස්සරකරනකොට ඉස්සරහට බර වෙද්දිම එකෙක් අයිස් පැකට් එකක් සීයාගේ ෂර්ට් එක අස්සට දාලා පස්සට දිව්වේය. තප්පර 10කින් විතර සීයා හොදම හුනුහබ්බෙන් සට පට ගාලා බනින්නේය. හම්බෝ......අපිට හිනා වෙලාම බඩ කොරඋනේය.
නිවාඩු දෙන දවසට වතුර ගහගන්න එක සම්ප්‍රදායය. එදාට වෑන් එක ඉවරය. වතුර ඉවරවෙනකොට කාගෙ හරි ගෙදරකින් පුරවගෙන ඇවිත් ආයේ ගහගන්නවාය. දවසක් සීයා වෑන් එක නවත්තලා වතුර බෝතල් ඔක්කොම වත්තකට විසිකලේය. එදා නම් හෙනම අජූත දවසක්ය. හොරගොල්ල සමාධිය ගාව අපි නිවාඩු දවස් වලට වෑන් එක නවත්තලා ක්‍රිකට් ගැසුවෙමු. ඒ දවස් මතක් වෙද්දිත් මට නිකන් මොකද්ද වගේය.
වැස්ස දවස්වලට වෑන් එක ඇතුලට එළියට වඩා වහින්නේය. සීට් ටික ඉවරය. පහුවදාට තෙමුන සීට් ටික පට්ටම ගදය. එදාට මේකෙ යනවා කියන්නේ තනිකර කරුමයක්ය. සමහරු ඔහේ තෙත ගොඩේ ඉදගෙන යන්නේ එතන ඉන්නේ ඌ නෙමේ වගේය.
ගම්බද ලලනී සුකුමා.....ලී.....ගමටම ඔබ මනමාලී.... වගේ කෙල්ලෙක් හිටියේය. වෑන් එකේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ එයාටය. ඒත් ඉතින් කරගත්ත එකෙක් නැත. ඒලෙවල් වලින් පස්සේ ලොවෙත් නැත. දැක්කෙත් නැත. වැස්ස කාලෙට ඒ ගෑල්ලමයගේ ගේ ගාව හෙන දිය උල්පතක් මතු වෙන්නේය. හෝ ගාලා වතුර මතුවෙන්නේය. සපත්තු දෙක ගලෝලා ගිහින් ඔතෙන්ට වෙලා වතුරේ දුවන එක, උඩ පනින එක මාර හැපියක් ගෙනාවේය.
තවත් කරපු පට්ටම සීන් එකක් නම් වවුල් රොකට් එකට නූලක් ගැටගහලා පාර දිගේ ඇදගෙන එකය. හෙන මැෂින් නූල් බම්බුවෙන් බාගයක් විතර දුරය යනකන් දිග ඇරලා පාර දිගේ ඇදගෙන යන්නේය. ඒක නිකන් හරියට වෑන් එක පිටිපස්සෙන් රොකට් එකක් එනවා වගේ සීන් එකක්ය. නුවර පාරේ ඕක ඇදගෙන යනකොට පිටිපස්සෙන් එන වාහන එහෙම කන්න වගේ අපි දිහා බලාගෙනය. බයිසිකල්කාරයෝ බයවෙන්නේය. හැබැයි උන් එකෙක්වත් ඒක යටකරන්නේ නැතුව අපේ ආතල් එක අපිට ගන්න ඉඩ දුන්නේය. හැබැයි මාලදෙණි පාරේ ඕක පියඹාගෙන යනකොට සෑහෙන අකරතැබ්බ වෙන්නේය. ලොකු වංගු වලින් හරෝනකොට රොකට් එක ගස්වල පැටලිලා නූල කඩාගන්නේය. ආතල් එකත් එතනින් කුඩුය.
ඔය අතරමැද කාලය තුල වෑන් එක දෙතුන් පාරක් ඇන ගත්ත අවස්ථාද නොතිබුනාම නොවේය. ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බා නම් කියලා මට කියන්න ඕනේ නැත. මොකද, ඕනේ කිව්වට යන්න බැරි හින්දාය.
වෑන් එකේ සෙට් එකට තිබ්බ නම් ටික -
නරියා, පගරයා, රීජන්ට්, ලොරියා, පොළගා, එළුවා, කළුවා, සීනි, ඔසාමා බින් ලාඩන්, ගෙම්බා, කොඩ්ඩා, පොල්ගහ, ඇටකිච්චි, පොඩිතැන, ජහුටි, ජහුටා... :D :D

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!