පුළුවන්නම් ඇය වෙනුවෙනුත් උපකාරයක් කරන්න. ඇය මගෙන් කල ආයාචනයයි. සිනහසෙන්නන් සමග සිනහසෙන්නත්, අඩන ඇත්තන් සමග අඩන්නත් හැක්කේ උණුවන හදවතක් ඇත්තෙකුට පමණමය. අපි එකසැරයක් එකතු වී හසංගි අක්කා වෙනුවෙන් පෙල ගැසුනෙමු. ඇයගේ ශල්‍යකර්මය වෙනුවෙන් උදව් කලෙමු. ඇගේ ශල්‍යකර්මය සාර්ථක වුන බව ඇසුනු මොහොතේ පටන් සිතට දැනුනේ පුදුමාකාර සතුටකි.
ඇය නමින් යශෝධා ජයරත්නය. වයස අවුරුදු 24කි. ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවනියාය. සාමාන්‍ය දරුවෙක් ලෙස උපත ලැබුවද ලියුකේමියා රෝගයේ අතුරු ආබාධයක් ලෙස ඇයට ඇවිදීමේ වාසනාව අහිමිව ගියාය. 5 වසර ශිෂ්‍යත්වයෙන් උසස් ලෙස සමත්ව ඉදිරිය දකින්ට ඇයට නොහැකි වූවාය. ඇගේ ඉනෙන් පහල අප්‍රාණිකව ගියේය. වරසකට අධික කාලයක් එක්තැන් සිටීමෙන් පීඩන තුවාල පවා ඇගේ හටගත්තේය. 1999 වසරේ සිට ඇයට රෝද පුටුවක වාඩිවෙන්නට වූ ඇයගේ මේ වන විටත් ඉනෙන් පහල අප්‍රාණික තත්වයකය.
2005 වසරේ සිට යශෝධාගේ කොදුඇට පේලිය නැමෙන්න පටන් ගත්තේය. උකුල් ඇටයේ වැරදි පිහිටීමත්, කොදුඇට පේලිය එන්න එන්නම නැමීමත් හේතුවෙන් කෙතරම් දොස්තරලගෙන් බෙහෙත් ගත්තද ඇය සුව නොලැබුවාය. දැන් අසනීප තත්වය දරුණුවටම හැරී ඇත. scoliosis රෝගයේ උච්චතම අවස්ථාව වන Kyphoscoliosis නම් රෝගී තත්වයට ඇය ගොදුරුව ඇත. මේ වන විට ඇයට හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇතිවී ඇත.
වරෙක යශෝධා ලංකාවට පැමිණි ඉන්දියානු වෛද්‍යවරයෙකු මුණගැසුනාය. ඉන්දියානු ඇපලෝ රෝහලේ සජාන් හෙජ් මහතාගෙන් ඇයට ලැබුණේ සතුටුදායක පිළිතුරකි. නමුත් ශල්‍යකර්මයට අවශ්‍ය මුදල ඇසූ විට එම සතුට සුණුවිසුනු වී ගියේය. ඇයව නැවත යථාතත්වයට ගෙන ඒමට ආසන්න වශයෙන් ලක්ෂ 45ක මුදලක් අවශ්‍ය බවද හැකි ඉක්මනින් ශල්‍යකර්මයද කරන මෙන් වෛද්‍ය උපදෙස් ලැබුනේය.
කඩවත ජීවත්ව සිටි ඔවුන්ගේ ජීවිත වලට කනකොකා ඇඩුවේය. 2010 වසරේදී ඇගේ පියා යශෝධාගේ මවගෙන් දික්කසාද වුනේය. ඔහු තම නිවස බෙදා පිටුපස කොටස මොවුන්ට ලබාදී ඉදිරි කොටසේ විසුවේය. ඔහුගේ නොමනා හැසිරීම බලා සිටීමට බැරිම තැන අම්මා, යශෝධා හා නැගණිය නිවසින් එළිබැස්සේය.
ඇයගේ නැගණිය නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක උසස්පෙල අංශයේ ඉගැනුම ලබන බැවින් ජීවත් වෙන්නවත් තැනක් නැති වූ ඔවුන් නුවර පදිංචියට ආවෝය. ඇගේ විභාගය අවසන් වන තුරු ඔවුන් දැන් ජීවත්ව ඉන්නේ නුවරය. ඒත් කුලියට ගත් නිවසකය. ඇගේ මව විශ්‍රාමික ගුරුවරියකි. එදිනෙදා ජීවත්වෙන්න මුදල් හදල් තිබුනද ඇයට මේසා විශාල මුදලක් සොයාගැනීමේ කිසිම මාර්ගයක් නැත.
අම්මාගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන ඔවුන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන්නේ යශෝධාගේ අක්කාය. විවාහා වී සිටියද ඇය ඇගේ සතුට ගැනවත් නොසිතා මොවුන්ගේ සතුට වෙනුවෙන් සියල්ලම කරන්නීය.
අසාමාන්‍ය ලෙස පිහිටි උකුල් ඇටය |
ඇගේ කොන්ද |
________________________________________________
ඇය නැවත හිනැහෙනවා දකින්න
එකතු වෙන්න අප සමග
Jayarathne Diyunugalge Yashodha Samindri
Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය : 273-2-001-4-0000208
මහජන බැංකුව, කඩවත.
PSBKLKLX (Swift code)
ගිණුම් අංකය : 8150914277
කොමර්ෂල් බැංකුව, මහනුවර නගර ශාඛාව. CCEYLKLX (Swift code)
ගිණුම් අංකය : 8150914277
කොමර්ෂල් බැංකුව, මහනුවර නගර ශාඛාව. CCEYLKLX (Swift code)
වැඩිදුර විස්තර සදහා
0775262396 / 0728571983
yashodha.jayarathne@gmail.com
yashodha.jayarathne@gmail.com
ප/ලි:
මේ අවුරුද්දේ චැරිටි වර්ක් එකක් විදිහට බ්ලොග් අවකාසේ අපිට මේක ගන්න බැරිද??? මම යෝජනා කරනවා....
සභාපතිතුමා, ලේකම්තුමිය මෙය සැලකිල්ලට ගනිත්වා!!!
මේ අක්කලා ටිකට් වගයක් ගහලා විකුණන්නයි හදන්නේ. මම ටිකට් පොත් ටිකක් අරගන්න යනවා. විකුණලා දෙන්න පුළුවන් උන් ඉන්නවනම් කියහල්ලා. ලැබෙන්න සලස්වන්නම්.
මෙන්න පොටෝව.. පුළුවන්නම් බ්ලොග් එකේ එල්ලගෙන සප් එකක් දෙමු.
විජට්ටුව සදහා HTML Code එක:
<a href="http://harshana-bc.blogspot.com/2013/03/yashoda-needs-you.html" target="_blank">
<img src="http://img834.imageshack.us/img834/897/60207710200828806188303.jpg" width="210" height="300" border="0" alt="HOPE YASHODA" />
</a>
මෙන්න පොටෝව.. පුළුවන්නම් බ්ලොග් එකේ එල්ලගෙන සප් එකක් දෙමු.
විජට්ටුව සදහා HTML Code එක:
<a href="http://harshana-bc.blogspot.com/2013/03/yashoda-needs-you.html" target="_blank">
<img src="http://img834.imageshack.us/img834/897/60207710200828806188303.jpg" width="210" height="300" border="0" alt="HOPE YASHODA" />
</a>
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේක මචෝ වෙනම බ්ලොග් එකක් හදලා ලස්සනට කරානම් නේද හොඳ..? රාජ්ට කතා කරලා බලන්න අපිත් උදව්වකුත් කරලා බ්ලොග් එකේ එල්ලන්නම්..
ReplyDeleteඔන්න විජට්ටුව තියෙනවා!
Deleteකල හැකි දෙයක් කරමු
ReplyDeleteඅනිවාර්යෙන්!
Deleteඅපි කොහොම හරි උදව් කරමු බං....
ReplyDeleteඔව් බං...
Deleteබොහොම හොඳයි. මාත් කීයක්හරි දෙනව.බ්ලොගේ එල්ලන්න ගැජට්ටුවක් හැදුවොත් දියං.
ReplyDeleteගැජට්ටුව තාම මග එනවා.. සිංගප්පූරුවේ ඉදන්
Deleteහොද වැඩක් රජෝ... මටත් ගැජට්ටුව දියන්...
ReplyDeleteඔන්න ගන්න...
Deleteඋදව් කරන්න පුළුවන් කීපදෙනෙකුට කියල බලන්නම්.
ReplyDeleteපින්!
Deleteඑල කිරි ඒක හොඳ යෝජනාවක් රජෝ
ReplyDeleteකීයක් හරි දාහන්!
Deleteඅපිත් සපෝට් කරන්නම් රජෝ....
ReplyDeleteදියන් අපිටත් ගැජට්ටුව.
එලාස්... ඔන්න මචන් තියෙනවා!
Deleteබ්ලොග් සැණකිලිය දාටත් මුදලක් එකතු කර ගන්න පුළුවන් වෙයි.
ReplyDeleteඒකතමා අපිත් බැලුවේ!
Deleteඅවුරුදු උත්සවේ දාට ටිකට් පොත් ටිකක් අරගෙන එන්න. ඒ වගේම කැමති කෙනෙකුට ආධාර කරන්න පුළුවන් විදියට අවස්ථාවක් ලබා දෙමු.
Deleteඅන්න එල...
Deleteඒ මල්ලී මොකද්ද බන් මේ ගැජෙට්ටුව කියන්නේ?
ReplyDeleteසිරාවට තේරුනේ නෑ අපි ඉතිං කලින් ජෙනරේෂන් එකේ අන්කල්ලනේ.
ඒ ගැජෙට්ටුව කියන එක දුන්නම මේ ළමයට ගානක් ලැබෙනව වගේ සීන් එකක්ද?
අර ෆේස්බුක් එකේ ෆොටෝ ශෙයා කලාම ඩොලර් සතගානක් දෙනවා වගේ?
අහ් මාත් හෙට අනිද්දට ලංකාවට එනවනේ. ආවහම මේ එකවුන්ට් එකට ගානක් දාන්නම්
පින් සිද්ද වෙන වැඩක් ඈ බොලා කෙරුවේ . . !!
ඒ මෙච්චර කල් බ්ලොග් ලියලා ඒක දන්නෑද්ද මාමේ? ;)
Deleteඋදව් කළ යුතුයි අපි හැකි විදියට... මේ විදියට අසරණ වුණ අය තව කොයි තරම්ද?
ReplyDeleteහ්ම් හ්ම්... :(
Deleteමගේ බ්ලොගේ මේක එල්ලුවා.
ReplyDeleteඑල කිරි...
Deleteහරි තේරුනා. අර හසන්ගිගේ සෙන් එකේදි වගේ ගැජට් එකක් බ්ලොග් එකේ දාන එකනේ. . .:D
ReplyDeleteඔන්න එකක් තියෙනවා.. එල්ලගමු :)
Deleteඉදුකො ටිකක්, මක්ක කරි කොරමු පුලු පුලුවන් විදිහට
ReplyDeleteඑල!
Deleteහම්බෝ හතුරෙකුටවත් වෙන්න එපා මේවගේ දේවල් නං.
ReplyDeleteසිරාවට නේ බං :(
Deleteමමත් ගැජට් එක එල්ලුවා. තව පුළුවන් උදව්වක් කරන්නම්.
ReplyDeleteඅනිවාර්යෙන්!
Deleteගැජට් එක එල්ලුවා. තව පුළුවන් දේවල් බලමු
ReplyDeleteඅවුරුදු උත්සවේ දවසට කීයක් හරි දියන්
Deleteපින් සිද්ද වෙන වැඩක්. හැමෝම එකතු වුනොත් වැඩේ අමාරු නැහැ.
ReplyDeleteඅනිවා!
Deleteඅපිට බැරි වෙන්නැ මල්ලි . අපිට පුළුවන්
ReplyDeleteපුළුවන් පුළුවන්..
Deleteමමත් ආපුවාම මුදලක් දාන්නම්
ReplyDeleteනියමයි!
Deleteමමත් එල්ලගන්නම්. දකින අය එකතු වෙයි.
ReplyDeleteඑල!
Deleteමම මේ පණිවුඩය මුහුණු පොත හරහා බෙදා හැරියා. ඇයට මුළ්‍ය ශක්තියක් වෙමු
ReplyDeleteඅනිවා!
Deleteඔයාලගේ මේ වචන, උනන්දුව මට ජීවත් වෙන්න ලොකු ශක්තියක් දෙනවා. ඔයාලට ගොඩාක් පිං.
ReplyDeleteඋදව් ඕනේ කෙනෙකුට උදව් කරන එක යුතුකමක්නේ අක්කේ :)
Deleteරජාගෙන් සිරා වැඩක්.
ReplyDeleteඔන්න මාත් ගැජට්ටුව එල්ල ගත්තා...
අකමාට ජය!
Deleteපුළුවන් සහයෝගයක් දෙමු..
ReplyDeleteඅනිවා බං
Deleteහසංගිට හසරැල්ලක් වූ අපට... යශෝධාටත් සහනයක් වෙන්නට හැකි වේවා..
ReplyDeleteජය !
ඔව් බං...
Deletewhat all I can do is to find a place very close by apollo hospital Chennai...Currently Im also living in chennai, came for the treatments of my mother..so I wont be able to help with money I guess.But there are certain things I could do.. if they come here I can arrange accommodation very close by hospital. if any thing you can drop me a message to my facebok. here is the link http://www.facebook.com/sarangansp
ReplyDeletethen I can give my number to you or I can call you. It is bit hard to live in chennai these days with the current situation here in chennai..But I guess I can help you with that.
Thanks. BuduSaranai!!! God Bless!!
Thanks for the information!
DeleteBudu Saranai!!! God Bless!!
thanx for the information brother. i'll send u a FB request. busu saranai
Deleteඊයේ පෝස්ට් එක දැක්කත් කමෙන්ට් කරේ නැත්තේ සල්ලි දෙන්න විදිහක් හොයාගන්න බැරිඋන නිසා, අද බොහො දුරට පුලුවන් වෙයි. සමි අයියට කිව්වා..
ReplyDeleteමල්ලි ඔයාට ගොඩාක් පිං මේ කරන වැඩ වලට.
ඔයාලටත් පිං..
Deleteගොඩාක් පිං ඔයාට
Deleteමමත් පෝස්ට් එක තාත්තාට පෙන්නන්නම් රජෝ,, බලන් ගියාම බොලා හෙන හොදයිනේ.. (උඩින් යන්න එපා ඇ)
ReplyDeleteහොදයි හොදයි... පෙන්නලා කීයක් හරි දෙන්න කියන්න
Deleteඒ මාව පාවෙනවා වගේ බං ;)
බොහොම පිං
Deleteමාත් රුපියල් 500 ක් දැම්ම.
ReplyDeleteතව දන්නා දන්නා හැමෝටමත් කිව්ව.
පිං මචන්...
Deleteබොහොම ස්තූතියි.
Deleteකළහැකි දේ උපරිමෙන් කරමු.
ReplyDeleteඑල...
Deleteමුදල් ගිණුම් ගත කරන ලදී....
ReplyDeleteබොහොම ස්තූතියි.. පිං මචන්!
Deleteබොහොම ස්තූතියි.
DeleteGOOD JOB GUYS I WILL DO WHAT EVER I CAN TKS FOR THE INFO
ReplyDeleteදුක හිතෙන කතාවක් බං..මොනව හරි කරන්න ඕන..!
ReplyDeleteක්‍රමයක් තියෙනවා... මම කියන්නම්!
Deleteමචන් වැඩේ ඉවර වෙන්න ඕනෙ දවසක් කියලා නැත්තම්, අවුරුදු උත්සවේට ටිකට් පොත් ටිකත් ගෙනෙන්. ඒ ඇරෙන්න අපි කරන්න පුලුවන් උපරිමය කරමු
ReplyDeleteඅනිවා ගේන්නම්...
Deleteකාරුණික ඔබගේ අවධානයට මෙය යොමු කරන්නේ හුදෙක්ම ජීවත් වීමේ ආශාව මාහට ද නොමඳව ඇති බැවිනි.
ReplyDeletehttp://www.scribd.com/doc/132937273/A-plea-for-the-Kind-hearts
එල මමත් හෙල්ප් එකක් ඩෙනව,,,,,
ReplyDeleteඑලකිරි බං..
Deleteයැවුවා. හැබැයි වෙබ් මගින් යවනකොට බැංකුව ගන්නෙ ගිණුම් අංකයට ඉලක්කම් දොලහක් විතරයි.. අග දොලහ-2-001-4-0000208 දැම්මා හරිද මන්දා. හැමෝම එකතු උනොත් අමාරු වෙන්නෙ නෑ.
ReplyDeleteබොහොම ස්තුතියි. බැංකුවෙන් නම් කිවේ 273200140000208 මෙම අංක සියල්ලම ඇතුලත් කල යුතුයි කියලා. පුලුවන්නම් ඔබ මුදල් තැන්පත් කල විස්තර 0775262396 / 0728571983 අංකයකට හෝ yashodha.jayarathne@gmail.com වෙත ලබා දෙන්න. මම බැංකුවෙන් පරික්ෂා කරලා බලන්නම්.
Deleteපිං... සරත් අයියේ
Deleteහසංගී සුවපත්වූ බව ඇසීම සතුටට කරුණකි.. යශෝධාවත් සුවපත් කරගැනීමට අපට හැකිවේවි.
ReplyDeleteඅනිවා...
Deleteඅපිත් හැකි යමක් කරනවා
ReplyDeleteබොහොම ස්තූතියි.
Deleteමමත් විජෙට් එක දැම්මා. කලින් දැක්කේ නැහැ. බ්ලොග් පෝස්ට් දෙකක් විතර ලිව්වට බ්ලොග් කියවන්න බැරි වුනා පහුගිය සති දෙකේම. අද තමයි දැක්කේ සිද්ධිය.
ReplyDeleteයශෝධාට බුදු සරණින් ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තූතියි.
Deleteමමත් පොඩි උපකාරයක් කලා.බැංකු රිසිට් එක යශෝධගෙ ඊ මේල් එකට යැව්වා.
ReplyDeleteඑය මට ලැබුනා. බොහොම ස්තූතියි.
DeleteDear Daugher Yashoda,
ReplyDeletePublishing your story in this Blog is good but it is not sufficient. Since you also send comments to this blog , I assume that you read it regularly.
I think you must have an action plan so that you could collect the required amount of money.
The things that you could do are as follows.
1. Contact Electronic media or Print media and get their help to publish your story.
2. Start a e-mail complain , with pictures and your story , first send it to few friends and them to forward it to their friends and so on.
3. Work with a e-mail forwarding company who distribute bulk e-mail for a fee. Cost 5,000/= -10,000/=.
4. Contact social service non government organizations. Eg. Lions Club , Rorary club.
5. Publish a news paper advertisement about you story. ( Talk to news paper and ask for a discount)
6. Publish your story in News web sites. Use the contact us e-mail address for initial contact the web administrator.
7. Obtain help from Local big companies , Banks . Write to them.
You can collect the required amount. Do not loose courage.
This comment has been removed by the author.
Deletethanx a lot for this valuable massege.
Deletei already done the thing in below as u said
2. Started a e-mail complain
4. Contacted Lions Club , Rorary club.
5. Published a news paper advertisement.
and i have listed the addresses of banks & lot of companies. already sent mails. in next week i start to post the letters.
if you have any contact details of any e-mail forwarding company, non government organizations and Local big companies please let me know.
thanx again for your kindness
budu saranai
Yashoda Duwa,
DeleteRead this newspaper reports , where people ask for help.
http://www.sundaytimes.lk/130113/plus/oh-for-a-pair-of-hands-again-28101.html
Asking Help for Rs. 4 Million.
http://www.sundaytimes.lk/110213/Plus/plus_01.html
Asking Help for 5.3 Million.
First Contact the below person who wrote these Articles.
Editor :- Kumudini Hettiarachchi
You can telephone or fax to the editor direct on
Tel: 2326247, 2328889, 2433272-3. Fax: 2423922, 2423258 from the Sri Lanka
About sending e-mails, First search on Google using “bulk email marketing system lanka”. There are companies send bulk e-mail ( 350,000 e-mails in a day for Rs. 5000/= ) You may have to do the art work or pay Rs. 750/= to them to do it. Also remember some of these e-mail (50%)get blocked as Spam. Also some people delete with out reading (for another 25%). Finally about 80,000 people would read your story and your cost for that is Rs. 5,000/=.
thanks a lot Mature IT Guy for these information.
Deletethis is for everyone,
ReplyDeletecan you please send me your email addresses? if can please send it to yashodha.jayarathne@gmail.com. I'll send you my fund raising email to you all & please be kind enough to forward it as much as you can. thank you
මමත් දැම්ම මගේ බ්ලොග් එකට
ReplyDeleteධනාගේ බ්ලොග් අවකාශය,
http://theweteye.blogspot.com/
බොහොම ස්තූතියි ඔබට
Deleteමමත් මගේ බොලොක්කෙට දැම්මා අයියේ.මේක කියවල මට කදුලු ආවා.මෙච්චරයිද අයියේ අපිට යශෝධා අක්කා වෙනුවෙන් කරන්න පුලුවන්?අක්කේ ඔයාගේ තව විස්තර ටිකක් මට එවන්න පුලුවන්ද?කොරියාවෙ ඉන්න අපේ අයට ලොකු උදව්වක් දෙන්න පුලුවන් වෙයි.අක්කාට ඉක්මනින්ම සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.මෙන්න අක්කේ මගේ මේල් එක namalmoney@gmail.com
ReplyDeleteමෙන්න මගේ බ්ලොග් එක. http://malmallk.blogspot.com/
ඒවගේම මේකේ admin රජාගෙන් අහන්න කැමතී මේ පෝස්ට් එක මගේ බොලොක්කේ එල්ලුවට කමක් නැද්ද කියලා.අඩවි රජෝ අර ක්‍රමේ කියන්න...මමයි යාලුවොයි දෙන්න පුලුවන් හැම උදව්වක්ම දෙනවා,එහෙම නැත්නම් මනුස්සයෙක් වෙලා ඉපදුනු එකෙන් වැඩක් නෑ
බොහොම ස්තුතියි මල්ලී ඔබේ කරුනිකත්වයට. මන් මාගේ විස්තර සියන්න mail කරන්නම්. ඊට අමතරව මේ links වලින් මාගේ විස්තර ගන්න පුළුවන්. තවත් විස්තර දෑන ගන්න ඕනේ නම් මාගේ FB එකට massege කරන්න.
Deletehttps://www.facebook.com/YashodhaNeedsYou
http://yashodhaneedsyou.info/
https://www.facebook.com/Yashodha.88
http://siragekamare.blogspot.com/2013/10/blog-post_16.html
ආදරණීය යහලුවනේ,
ReplyDeleteඔබලාගේ ලිපි දැකීමෙන් පසු මං ඇයව ඊමේල් මාර්ගයෙන් සම්බන්ධ කරගත්තා. ඈට මුදලින් ආධාර කරනවාට අමතරව ඈ වෙනුවෙන් පුංචි වෙබ් අඩවියකුත් නිර්මාණය කෙරුවා. (මේ මොහොත වෙන විට ඇයවත් ඒ ගැන දන්නේ නැහැ.) එහි අන්තර්ගතයට යොදා ගත්තේ ඔබලාගේ ලිපිවල උපුටන.
මෙන්න වෙබ් අඩවිය: http://yashodhaneedsyou.info
ඒ සම්බන්ධ අදහස් සහ දෝෂ ඇතොත් මේ ඊමේල් ලිපිනයට ලියන්න. yashodhaneedsyou2013@gmail.com
සමාජ වෙබ් අඩවියන්හි හැකි පමණ එය share කරන්න. ඈට සුළුවෙන් හෝ උදව් කළ හැකි අයෙක් සොයා ගැනීමට එය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.
හැමෝටම ස්තූතියි සහ පිං.
- ඇනෝ
ඇගේ නමින් තැනූවද, මෙය ඈ විසින් තනන ලද ගූගල් ගිණුමක් නොවන බව කරුණාවෙන් සලකන්න. (මෙහි ඇනෝ කොමෙන්ටු ඉදිර්පත් කළ නොහැකි නිසා මෙ ගිණුමෙන් කොමෙන්ටුව දමන්නට සිදු විය.)
Deleteනැවතත් බොහොම ස්තූතියි ඔබට
Delete