Wednesday, September 18, 2013

බෝල්ගාඩ් නැතුව ගහපු ක්‍රිකට් - Playing Cricket with out the Ball Guard


මේ වගේ මුළු දවසම හෝදාපාළුවට ලක්කරමින් වහින දවස් නම් ලාචෝරුය. ඒ මදිවට මේ වෙලාවට ගෙදර ඉන්න එක තරම් කාලකණ්නි වැඩක් තවත් නැත. දෙකටම නැති වෙලාවට හොදට පොරෝගෙන නිදාගන්න එකත් හරි නැත. හරි නැත නෙමේ. නින්ද යන්නේ නැත. බුක් ෆෙයා ගියෙ නැති අපිට කියවන්න වට්ටම් තියා තට්ටම් වත් තියෙන පොතුත් නැත. බයිස්කෝප් සයිට් එකේ ෆිල්ම් එක දානකොටම බාලා බලලත් ඉවරය. දැන් බලන්න ෆිල්මුත් නැත. අළුතෙන්ම ආපු එක තාම ඩවුන් වෙනවාය. ඒක ඩවුන් වෙනවා කියන්නේ වැඩිය නෙට් එකේ සැරිසරන්න බැරිය. ඒ තරම් සිරිලංකා නෙට් ස්පීඩ්ය. 

පරණ පොටෝ ඇල්බම් ඇදගෙන පෙරළ පෙරළ ඉන්න හිතෙන්නේ මෙන්න මේ වෙලාවටය. ඔය අතරවාරයේ මෙන්න මේ වගේ බ්ලොග් පෝස්ට් වලට මතකය අවදි වන්නේය. රජා පොඩිකාලේ 3 වසරේ ඉදන් ටීටී ප්ලේයර්ය. හැබැයි කවදාවත් ෆස්ට් ප්ලේස් එකක් නම් ගත්තේ නැත. එක්කෝ දෙක, නැත්තම් තුනය. යකෝ...මාර සීන් එක කියන්නේ. මම ඉස්කෝලේ ක්‍රිකට් ගහපු බවට සාක්ෂි ඒ ඇල්බම් වල තිබ්බේය. ඔළුව හාරලා හාරලා අඩියේ තිබූ ඒ මතකය නැවත මතුපිටට ගත්තෙමි. 

සිස්සත්තේ එහෙම ගොඩ දාගෙන ගම්පහ පැත්තට වාෂ්ප උනාම හෙන කික් එකක් මට ආපු බව නොරහසක්ය. ඉස්කෝලේ තිබ්බ හැම ස්පෝට් එකකටම වගේ ඇප්ලයි කලේය. හැබැයි ඕවට ගාස්තු ගෙවන්න අපේ මව්තුමිය සල්ලිනම් දුන්නේ නැත. ටීටී පොඩිකාලේ ඉදන් ගහපු හින්දා ඒකටයි, ක්‍රිකට් වලටයි යන්න විතරක් සල්ලි දුන්නේය. 2002, 2003 වලදි මතක විදිහට ක්‍රිකට් වල මාසික ගාස්තුව 150ක්ද කොහෙදය. අම්මෝ... කට්ටිය අළුත්ම පිට හින්දා ඒ දවස් වල ක්‍රිකට් වලට සූඌඌඌඌ.... ගාලා සෙනගය. ප්‍රැක්ටිස් තියෙන දවස් වලට පිට්ටනිය නිකන් කාර්නිවල් එකක් වගේය. මොකෙක්හරි බෝලයක් උඩ දැම්මොත් ඒක අල්ලන්න දහයක විතර රොත්තක් වටවෙන්නේය. 

ඔය දවස් වල හතරක් එහෙම ගහනවා බොරුය. මොකද මේකත් නිකන් අර ගම්පහ ගෙට්ටුවේ ගහපු මැච් එක වගේය. බෝලේ බිම වැටෙන්නවත් තැනක් නැත. ඒ තරමට ෆීල්ඩර්ස්ලා තොගයක්ය. අපේ කෝච්ට හිටියේ නිකන් සුද්දෙක් වගේ ඩයල් එකක්ය. බාගවිට සුද්දෙක් මොනවාහරි කරලද දන්නෙත් නැත. මට නම නං මතක නැත. අපිත් එක්ක ක්‍රිකට් ගහපු උන් නම් ඒ ගැන හොදට දන්නේය. 

මිනිහා හැම තිස්සෙම කියවන්නේ දිල්හාර ප්‍රනාන්දු ගැනය. මොකද පොර දිල්හාරගෙ කෝච් වෙලා හිටියාලුය. නෝ බෝල් පප්පා කිය කිය බනින්නේය. අපිට ඕකම අහලා අහලා එපා....වෙලාය. ප්‍රැක්ටිස් එනවානම් පොරගේ නීති මාලාවට යටත් වෙන්න උනේය. ප්‍රධානම නීති දෙකක්ය. 

1. ජොකෙක් ඇදගෙන ඒම අනිවාර්යයි.
2. නියපොතු හැපීම සපුරා තහනම්.

ඔක්කොමත් හරි කියමුකෝ. හැබැයි නියපොතු කන එක කෙසේනම් නවත්තන්නද? ඉපදුන දවසේ සිට මේ දක්වා නියපොතු කන එක මාගේ විනෝදාංශයය. සෑහෙන දවසක් යනකන් මූ මේ නියපොතු කන්න එපා කියන්නේ ඇයිදැයි මට වැටහුනේ නැත. කැචින් ප්‍රැක්ටිස් පටන් ගත්තේ ඔය කාලේදීමය. අන්න එතකොට මට සීන් එක තේරුනේය. බෝලේ වෙඩිල්ල වගේ ඇවිල්ලා ඇගිල්ලේ ඉස්සරහා කෑල්ලේ වැදුනම චූ බර හැදුනේය. ඒ දවස් වල හැම ඇගිල්ලකම වාගේ කළු පාට ලේ ඩොට්ය.

එදා ඉස්කෝල නිවාඩු කාලේය. ක්ලාස් එකක් ඇරිලා එන ගමන් ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේය. වෙනදා වගේම ඔක්කොම බඩු පැක් කරගෙන ආවෙමි. අද තියෙන්නේ නෙට් එකේ බැටින් ප්‍රැක්ටිස් හින්දා ෆෙෂ් පිට බැට් කරන්න පැවිලියන් එක ලග ෂවර් එකෙන් නාලා එහෙම සුදු ෂෝට ගහගන්න ගියෙමි. අම්මටසිරි....කාලා වරෙන්කෝ. ඔක්කොම ගෙනාවත් වැඩිපුර ජොකෙක් ගෙනාවේ නැත. නෑවේ ඇදන් ආපු එක පිටින්ය. තෙත එක අදින්න විදිහකුත් නැත. මොනවා කරන්නද ඉතින්. ජොකෙක් රහිතව ක්‍රිඩාංගණයට අවතීර්ණ උනෙමි. 

මගේ වාරය එනකන් නෙට් එකේ එල්ලිලා අනිත් උන් බැට් කරන දිහා බලාගෙන හිටියෙමි. කැතම සීන් එක කියන්නේ බැට් කරන්න ඉස්සරලා ජොකා දාලාද? බෝල්ගාඩ් දාලාද? කියලා කෝචා අහන එකය. ජොකා නැත්තන් සොරි ඩොට් කොම්ය. බැට් කරන්න දෙන්නෙම නැත. එහෙම එකෙක් දෙන්නෙක් ආපහු ගෙදර ගියේය. 

මම එහෙම පරාජය බාරගන්න එකෙකුත් නෙවේය. කොහොමහරි බෝල්ගාඩ් එක කලිසම අස්සේ රදව ගත්තෙමි. කලිසම් කකුල් දෙකේ පූට්ටුවට ගාඩ් එක යන්තමට හිර වෙන්නේය. තව ටිකක් හිරවෙන්න කියලා කලිසම බඩ මැද්දටම උස්සාගත්තෙමි. දැන් නිකන් ජිම් පප්පාගේ මිනි වර්ෂන් එක වගේය. ඇවිදින්නෙත් හරි ආමාරුවෙන්ය. වැඩිය දැගළුවොත් ගාඩ් එක කලිසම් කකුල අස්සෙන් ඩිං... ගාලා බිමය. 

හොර පූසා වගේ විකට් එකට ගියෙමි. ඕවර් දෙකක් විතර බැට් කලේය. ඒකත් මාරම අමාරුවකින්ය. ඇයි යකෝ... කොහොමද වැඩිය දගලන්නේ. එක පාරටම කෝචා කටහඩ අවදි කලේය. 

කෝචා: මදි මදි...ඔහොම බෑ පුතා...ෆුට් වර්ක් මදි.... ගෙදරදි තව ප්‍රැක්ටිස් වෙන්න. 

මම: යකෝ...මගුලක් කියනවා.... ෆුට් වර්ක් කලොත් බෝල් ගාඩ් එක අල්ලගන්නේ උඹද??? (හිතෙන්)

ඕක කියන්න ගිහින් බැට් එකක් බස්සවගන්නේ මොකටද කියලා මම ශේප් එකේ නෙට් එකෙන් එලියට ආවෙමි. 

ඒ දවස් වල තනිකරම ක්‍රිකට් පිස්සුවය. ගේ ඇතුලේ ඇවිදිනකොටත් ක්‍රිකට් ෂොට්ස්ය. ඉස්කෝලේ තිබ්බ පෑඩ්ස් වල ගද ඉවසන්න බැරිම තැන හා, ඒ බැට් හෙන බර වීම හේතුවෙන් රජා වෙනම කිට් එකක් ගත්තේය. රජා එහා ගෙදර ඇන්ටිලෑ ගෙදරටත් යන්නේ ඕක දාගෙන බැට් එක අතේ තියාගෙනය. තාමත් ඔය බැට් කටුව අපේ ගේ මුල්ලේ ඇත. දැන් ඕකෙන් යුව රජා ක්‍රිකට් ගහන්නේය. ලෙදර් බෝලයක් සතොසෙන් උස්සගෙන ඇවිත් ගෙදර වලං මුට්ටි හිටං හිල් කරලා අම්මාගෙන් ගුටි කන්නේය. අර පිස්සෝ ටික අපේ ගෙදර ආපු වෙලාවේ ඔය බැට් එක උස්සගෙන පිස්සුවක් නැටුවේය. බැට් එක, එක එකාට තෑගි කර කර පොටෝ ගැහුවේය. 




ඔය මොන බයිලා ගැහුවත් රජා එච්චර බැටා නෙමේය. අඩුගානේ ටීම් එකටවත් සිලෙක්ට් උනේ නැත. 6 වසරෙන් පටන් අරන් 9 වසර වෙනකන් ප්‍රැක්ටිස් ගියේ කිරිකට් වලට තිබූ ආසාව නිසාමය. අන්තිමට අම්මාගේ දැඩි විරෝධය මත ක්‍රිකට් නැවතුන අතර උ/පෙ දක්වා ටීටී කරගෙන ගියේය. 

Raja's Profile

Batting: Right Hand Bat
Bowling: Left Arm Off Spin
Average: 20.3
Best Bowling:  3/12

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

79 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Anda uda batting puluwanda malli ?

      Delete
    2. පුළුවන් අයියා... මොන ෂොට් එකෙන්ද ඕනේ? :))

      ඉන්සයිඩ් අවුට්????
      ඕර්............
      හුක් ෂොට්??? =))

      Delete
  2. Cricket kiwwama ape Cricket Kapila wa kohoma amathaka karannada??

    ReplyDelete
    Replies
    1. අනේ අම්බේ....සිරාවට නේ බං? සුපිරිම බුවෙක්!! :)

      Delete
  3. අපේ මලයාත් කිරිකැට් පිස්සා රජෝ... අපේ මලයා රජාගේ ඉරියව්වේ හිද ගත් පොටෝ කීපයක්ම මා සන්තකයේ ඇත

    TT යනු ටේබල් ටෙනිස් වේ :)

    ReplyDelete
    Replies
    1. තව එකක්... මට ක්‍රිකට් ඇලජික්ය... කර ඇත්තේ කරා‍තේ හා ටෙනිස් විතරකි :)

      Delete
    2. ක්‍රිකට් ඇලජික්????
      උඹ ගිය ආත්මේ හිටියේ ඉතියෝපියාවෙද? 

      Delete
  4. ෂා..... මරු ෆොටෝ ටික .....ඈ රජෝ අර අනිතිම ෆොටෝ එකේ ගෑලු ළමය කව්ද? බොලාගේ පොඩි කාලේ අන් තප්පුරේ බිසවක්ද?;)

    ReplyDelete
    Replies
    1. හා හා... කට කට... ඒ අපේ නංගි! :)

      Delete
  5. හේ උබ මගුලක් කියනවා මට බෝල් ගාර්ඩ් දාන්න ගොඩක් වෙලාවට අමතකවෙනවා.මැච් ගහලා තියනවා ඇති තරම් බෝල් ගාර්ඩ් නොදා.:D එක මැච් එකක් ගැහුවා මතකයි ගාර්ඩ් නොදා එකේ 79 ද කොහෙද ගැහුවා .මේ ඊයේ ගහපු එකකත් බෝල් ගාර්ඩ් දැම්මේ නෑ කියලා මතක් උනේ පිට්ටනියට ගියාට පස්සේ ඉතින් එදත් නොදා නිකා හිටියා.තව දවසක් පැක්ටිස් මැච් එකක බැට් කරන්න ගියා ෆෝන් එක සාකුවේ දාගෙන.:D තව කවදාවත් හෙල්මට් දානෙම නෑ

    ReplyDelete
    Replies
    1. ඔක මොකක්ද උබට කියන්න මචන් මට බැට් කරන්න යන්නෙත් අමතක වෙනව නෙ

      Delete
    2. අනේ බෝලේ වැදිලා එක ඇටයක් තැලියන්...ඔළුව පැලියන් :))

      Delete
    3. කවර් කරගන්න මොනවත් නැතෙයි ?

      Delete
    4. ආ....හරි හරි... මුන් ගහන්නේ සොෆ්ට් බෝල්නේ :)

      Delete
  6. මට නම් ගාඩ් එක දාලත් වැදිලා තියෙනවා චූ යන්න.. මාර සනීපයක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. සනීපනම් දිනපතා බෝලෙකින් පාරක් කෑවනම් නරකද :D

      Delete
    2. හහහා... සේම් හියර්.. තප්පර ගානක් යනකං වටපිටාව නිල් වෙනවා!!! :))

      Delete
  7. හොඳ වෙලාවට උඹ ක්‍රිකට් ගහන එක නැවැත්තුවේ! නැත්නම් ඔය මාලිංගලාට එහෙම තැන නැතිව යනවනේ!

    ReplyDelete
  8. උඹ ගෙදර ගියෙත් ජොකා නැතුවද බන් :D

    ReplyDelete
  9. //1. ජොකෙක් ඇදගෙන ඒම අනිවාර්යයි.
    2. නියපොතු හැපීම සපුරා තහනම්.//

    කෝචා් මේව තහනම් කරන්න හේතුව අනිවාර්යෙන් දිල්හාර කරපු වැරදි වෙන්න ඇති.. :)

    තොගෙ නියපොතු කෑම මම දැක්කා එදා මැච් එකේදිත්.. උබ ගහන මැච්.. බෝලස් දාන සාමාන්‍ය පන්දුවක් පවා පොඩ්ඩක් පාත් වුනොත් උබට නෝ බෝල් කියල ගන්න පුලුවන් වෙයි :පී

    ජය !

    ReplyDelete
    Replies
    1. අර බංකුව උඩ ඉදගෙන නෙහ්??? =))

      අනිවාර්යෙන්......!!!!

      Delete
  10. ගාඩ් එක දැම්මත් බෝලෙ වැදුනාම හරීම සනීපයි...පාවෙනවා වගෙ දැනෙනවා...ප්‍රීතිය ප්‍රකාශ කරන්න ඕන උනත් කට ඇරියට සද්දෙ එන්නෙ නෑ...

    කැමිලස්ගෙ ගජමෑන් කතාවල තරු විසිවෙන විදිය ඇඳල තියෙන්නෙ නිකම්ම නෙමෙ කියල මම දැන ගත්තෙ ස්පින් බෝලෙකට Face කරන්න ගිහින් බෝලෙ මට Face කරපු වෙලේ...කහම කහපාට තරු දෙකක්ම එලියට පැන්න..ලස්සනේ බෑ...

    එදායින් පස්සෙ නම් headgear එක නැතිව Pitch එක පලාතේ ගියෙ නෑ..

    ReplyDelete
    Replies
    1. බුහහ හහහා........ :))

      දවසක් බෝලේ මගෙ බඩේ වැදුනා නිල් වෙන්න. අර මැජික් ස්ප්‍රේ එකෙන් චූ..ස් ගාලා දෙකයි ගැහුවේ. කොල්ලා කෙලින්!!

      Delete
  11. අපේ මල්ලිත් උඩපැනගෙන ප්‍රැක්ටිස් කලාට ටීම් එකට සිලෙක්ට් උනේ නැහැ.. ඔයා බෝල් ගාඩ් එක කියද්දී මට එකපාරට අපේ මල්ලිව මතක් උනේ.. හි හි 8 වසර ඉද්දි ඕකක් අරන් තිබ්බා ,, ගෙදරට එන මිනිස්සුන්ට පේන්න හින්දා බැට් , පෑඩ්ස් ,එහෙම සාලේ තමයි තියන්නේ ,,දවසක් බෝල් ගාඩ් එක අපේ ආච්චි අම්මා දැකලා අල්ලා අල්ලා ඉදල මගෙන් ඇහුවා මොකක්ද කියලා එයා ඒක නහයට තියලා කිඋවා ආ මේ අර නහයට දාන එකක් කියලා ,, එයා හිතුවේ මාස්ක් එකක් කියලා ,,,

    ReplyDelete
    Replies
    1. සුවද ඇති නේද? :D
      ඔහොම හිනස්සන්ඩ එපා බන්...

      Delete
    2. සුවද නෙමේ අනේ ඒකෙ හැඩේ ,,හෆෝ මාර කටවල් තමයි මේවා

      Delete
    3. මල්ලිට එකක් අරන් දෙනකොට මේකිත් එකක් ඉල්ලල ඇඬුව ලු.

      Delete
    4. හි හි හි

      Delete
    5. අම්මෝ බඩ...

      ආච්චි අම්මට නිකන් ICU එකට ගියා වගේ දැනෙන්න ඇති නේ??? :))

      Delete
    6. බුදු අම්මෝ..... බුහාහාහාහා...

      Delete
  12. හොද වෙලාවට මගදී නතර කොරල දිගටම ඉගන ගත්තෙ.

    ReplyDelete
  13. Cricket කෙරුවනම් හරිනෙ දිගටම

    ReplyDelete
  14. මම ක්‍රිකට් ගැහුවෙ නැති උනාට වතාවක් ඉස්කෝලෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් නෙට් එකේ...කිසිම ආරක්ෂක උපාංගයක් නැතුව වතාවක් එකෙක් මට වේග පන්දුවක් එව්වා...අම්මෝ මම පණ භයේ අහකට පැන්නෙ කකුල් දෙක බේර ගන්න.

    ReplyDelete
    Replies
    1. අපරාදේ... කකුල් දෙක කුඩු වෙන්න වැදෙන්න තිබ්බේ :))

      Delete
  15. කොල්ලන්ට ඔයවයසෙඩී හැදෙන ලෙඩක් තමයි ක්‍රිකට් පිස්සුව......ඇයි ගෑල්ලමයින්ටත් එහෙමම තමා ඉතිං :D

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද??? ක්‍රිකට් පිස්සුව හැදෙනවා කෙල්ලන්ට??? :))

      Delete
  16. ඇත්තටම රජො උබ ඔය ගාඩ් එක දැම්මෙ මොකටද

    ReplyDelete
    Replies
    1. දාන්නම කිව්වනේ.. ඒකයි =))

      Delete
  17. පක්සියාද ඒ කාලයේ කිරිකට් ගැසුවෝය........ගැසුවා කිව්වට නොම්බර එකේ බෝලර් කෙනෙකි.........
    කවදාවත් මැච් එකක බැට් කොලා මතකයක් නැත.... හැ එකදිනක් බැට් කොලේය පන්දු 6 කදී ලකුණු 20ක් මහා අභීත ලෙස ලබා ගත්තා මතකය

    හැබැයි එක මැච් එකකදී අනෙක් ටීමයේ එක පිතුකරුවෙකුට මහා බව්සර් පන්දුවක් එල්ල කර ක්‍රීඩාගාරයට හරවා යැව්වද මතකය, අපගේ කඩුලු රකින්නාගේ තොලටද එදා මනරම් පන්දු පහරක් ලබා දී කුනුහබ්බ අසා කෝචර් ගෙන් අති විසිස්ඨ වච්න සැට් එකක් ද අසා ගත්තෙමි එදා පටන් බව්න්සර් මා හට තහනම් වූයේය...........

    මතකය අවදි කොලාට ස්තූතියි රජෝ ඉඳගෙන අන්න ඒකයි මම කියන්නෙ

    ReplyDelete
    Replies
    1. හහහා.... මෙයත් නිකන් දිල්හාර වගේනේ ඈ... :))

      Delete
    2. මම හිටගෙන දාපු එක බෝල යක් බැට්ස්මන්ගෙ මූනෙ අනික ඉඳගෙන උන්නු කීපර්ගෙ තොලේ ඉඳගෙන තාමත් හිනා.....කීපර් වැටිල මට අම්මා ඕනේ කියල කෑ ගැහුව හැක හැක

      Delete
  18. රජා එහෙනම් කිරිකටුත් කාලයක් ගැහුවා ඈ... ඒ දවස් වල සැහෙන්න වහින්න ඇතිනේ ,,,

    ReplyDelete
    Replies
    1. ගැහුවා නේන්නං....

      වැස්ස වැස්ස... හෙන ගහනවා දුම දාගෙන :))

      Delete
  19. ඔය ගාර්ඩ් එක නැතුව කිරිකට් ගහපු සමහර එවුන් දැන් මේ බ්ලොග් වලට කොමෙන්ට් දානවා නම ඇනෝ කියල දා ගෙන .......

    ReplyDelete
  20. ඉස්කෝලේන් නම් ගාඩ්ස් තියලා තිබුනා. හැබැයි අදින්න ජොකෙක් තිබුනේ නැහැ. පස්සේ තමයි ආච්චි එක්කන් ගිහිල්ලා Wear-Well කියන පුක එලියේ ජුන්ඩා කවර් එකක් අරන් දුන්නේ.

    ReplyDelete
    Replies
    1. පටි ජොකෙක්???

      අප්‍රසන්නයි ඕයි!!! :))

      Delete
  21. අඩේ වැඩේ කියන්නේ නියපොතු කන එක මටත් නවත්තන්න බෑ නේ. මට දවසක් අපේ මිස් කෙනෙක් කිව්වා නියපොතු කන්නේ මානාසික ලෙඩ තියන උන් කියලා

    ReplyDelete
    Replies
    1. නැහැ හීන මානේ ,,

      Delete
    2. හරි ඉතින් ඇත්ත තමා :))

      Delete
  22. ඇවරේජ් 20.3 කියන්නේ උස අඟල් වලින්ද?

    ReplyDelete
    Replies
    1. අඩෝ ඒ කියන්නේ මම සෑහෙන්න උසයිනේ :)

      Delete
  23. මේ වගේ සිද්ධි ගොඩක් එක පාරට මතක් වුණා. දැන් තමයි ඔය බෝල් ගාඩ් එක නිකම්ම එන්නේ. ඉස්සර ඕකට ස්ට්‍රප්ස් ගොඩක් තිබ්බා. ඔක්කොම ලෙදර්, බකල් යකඩ. ඒවාට අහු වුණාම තරු පේනවා.

    ReplyDelete
    Replies
    1. හෑ....??? බකල් යකඩ???

      හම්මෝ...!!! :-O

      Delete
  24. මේ වගේ හෙඩිමක් දැම්මම යකෝ කෙලින්ම කරන්න තියෙන්නේ ස්ක්‍රොල් කරගෙන ඇවිත් “උඹේ ඇට දෙක තාම තියෙනවද“ කියල අහන්න විතරයි. තුක් විතරක් මෙහෙම රජවරු..

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තන් උඹේ දෙක දෙන්නද? :))

      Delete
  25. පහේදි හයේදි විතර ඔය බැට්එකක් වැනුව මිසක්ක මමනං ක්‍රිකට් ගැහීම කොහෙත්ම කරල නැත. අදටත් ක්‍රිකට් මැච් බැලීම මගේ විනෝදාංශයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ හොදේ... අපිටනං ක්‍රිකට් කිව්වොත් බතුත් එපා! :)

      Delete
  26. අනේ උඹ ගහන කිරිකට්

    ReplyDelete
    Replies
    1. ආ..... ඇයි අපිට බැරිද? :))

      Delete
  27. Cricinfo යවන්න වෙයි profile එක update කරන්න :D

    ReplyDelete
  28. kawda me rajata ko chok karana nangi

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඒ අපේ නංගි කෙනෙක් බං :)

      Delete
  29. මම එක දිගට බලපු එකම මැච් එක තමා වර්ල්ඩ් කප් එක... මම මැච් බලන්න ආස නෑ බොල.. කම්මැලියි නෙ.....

    ReplyDelete
    Replies
    1. හාපූ.. මේ මොකෙද්ද මේ? :)

      Delete
  30. ඒ ඒක මරුනේ බං , බෝල පාරක් මැද්දට වැදෙනකොට නිකන් මාර අතල් එකක් ඇති නේද....

    ReplyDelete
    Replies
    1. උඹට වැදිලා නැද්ද? පට්ට යකෝ... සැප කටේ!!! :))

      Delete
  31. ක්‍රිකට් හොදයි ටී ටී හොදාආආආආයි ^_^

    ReplyDelete
  32. ඔය ජොකා සීන් එක මටත් උනා බං..
    හොකී මැච් එකක් අතරතුර..
    ඒක පස්සේ බ්ලොගේ දාන්නං..
    බයිද වේ අර පස්සෙං තියෙන්නේ උබලෑ තාත්තා බොට ඉස්කෝලෙ යන්නම ගත්ත වෑන් එකද???
    මට සුපුන් කිව්වා විස්තරේ... ^_^ නෙදකිං පොඩියා....

    ReplyDelete
    Replies
    1. යා යා.. ඒක තමා. ඇයි මම කියලා තියෙනවා කලින් පෝස්ට් වල!!

      පොඩියා නෙමේ යකෝ... පොඩ්ඩියා :))

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)