Sunday, August 11, 2013

රජෝ උඹ ඉවරයි...අපි උඹව හැක් කලා!!!! :D


හහ් හහ් හා...අද තමා රජාගේ රෙදි ගලවන දවස. ඕකා පෝස්ට් ලියන ස්ටයිල් එකෙන් නං අපිට ලියන්න බෑ. ඒ උනාට මූ අපිට මඩ ගහන විදිහට මූට මොනවා හරි කරන්නම ඕනේ. හැක් කලා කිව්වට එහෙම්මමත් එකක් නෙමේ. අපි උගේ ලැප පැහැරගත්තා වගේ සීන් එකක් තියෙන්නේ. 

වැඩි වෙලාවක් නෑ. විනාඩි 30යි උපරිම. දැන් වෙලාව හරියටම දවල් 12.00යි. අපිට ඉන්ටවල් එක දීලා තියෙන්නේ. රජා ගියා බෝඩිමට. කෑම එකකුත් අරගෙනමයි එන්නේ. අපිට ලැප දීලා ගියේ බලාගන්න කියලා. රාජකීය එක්ස්ටර්නල් හාඩ් එකත් තියනවා. මේක 12.25 වෙද්දිවත් ලියලා ඉවරවෙලා පබ්ලිශ් කරන්නත් ඕනේ. ඕකට වෙච්චි පජාත සීන් ටිකක් මේකෙ ලියන්නත්  ඕනේ. පටා........න් ගමු.

බ්ලොග් එක කියන කොටම අපිට ඉස්සරලාම මතක් වෙන්නේ ඕකාගේ ප්‍රේම පුරාණය. කෙල්ලෙක්ට මැසේජ් දානවා, කෝල් කරනවා හෝ.... ගාලා. ට්‍රිප් එකක් යන්නත් නෑ ෆෝන් එකේමයි එල්ලිලා හිටියේ. අනේ මන්දා ඉතින්. මූ ඒකිව දාගෙන හිටියේ කියලා හිතාගෙන හිටියට ඇත්තටම ඒක සෙට් වෙලා නෙමේ ඉදලා තියෙන්නේ. ඊයා යකෝ රෙදි නෑ. මූ ඒකාලේ හිටිය හැටි මතක් වෙනකොට අපිට සිරාවටම දුකයි බං.

අපි අර සයිට් විසිට් එක ගිය වෙලාවේ මූ ඔය ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒකේ අපේ කෝඩිනේටර් අක්කා ගැනත් මොනවද ලිව්වනේ. ඕක එයා කොහොමහරි දැකලා රජාව සතියක් විතර හෙව්වා. මොකටද දන්නෙ නෑ... ඕක දැනගත්තු වෙලාවේ ඉදන් රජා කැම්පස් එක ඇතුලේ හොරා පොලිස් කලා. අක්කා එනකොට මූ ලොවෙත් නෑ. ඔෆිස් එක ඇතුලට මලාට යන්නේ නෑ. ලෙක්චර්ස් වලට එන්නෙත් හැංගි හැංගි. අපි බොරුවටත් ඌව බයකරනවා අන්න උඹට ඔෆිස් එකට එන්න කිව්වා කියලා. මූ මලාට යන්නේ නෑ ඉතින්. අම්මෝ...ඌ ඒ කාලේ දුන්න ආතල් එකක්. මුගේ මූණ බලන්න ඕනේ ඒ වෙලාවට තමා. දැන්නම් වැඩේ ෂේප්. අක්කට අමතක වෙලාද කොහෙද. ඔය දැන් යන්නේ ඔෆිස් එකටත්. 

(රජෝ ඇවිල්ලා මෙතන්ට සයිට් විසිට් ලින්ක් එක අප්ඩේට් කරහන්...අපිට හොයාගන්න බෑ :D )

රජා තමා අපේ බැච් එකේ ඉන්න උසම එකා. ඕකා චූ කරන්න ගිහාම තමා ආතල් එක. වොෂ් රෑම් එකේ තියෙන සාමාන්‍ය උස යූරිනල් ඔක්කොම අපි දුවලා ගිහින් ඒ ඔක්කොම අල්ලගත්තම රජාට හම්බෙන්නේ උසම ඒවා. ඌට ඉතින් ඒවට උස නෑනේ. බල්ලා වගේ බලන් ඉන්නවා අපි චූ කරලා ඉවර වෙනකන්. අපි පැය ගානක් චූ කරලා තමා ඌට දෙන්නේ. ලොල් සීන් එක. අරෑ ඇඹරි ඇඹරි බලාගෙන ඉන්නවා. 

රජා: යකෝ... මටත් එකක් තියහන් @#$%

අපි: ඉතින් $%^ පලයන් වෙන එහෙකට

රජා: ඔය ටික තමා තියෙන පාතම ටික :/

අපි: බුහහහා...

රජාගේ හාඩ් එක තමා හාඩ් එක. අපේ බැච් එකේ හැම එකාගාවම තියෙන වැල ටික මුගේ එක්ස්ටර්නල් එකේ තියෙනවා. 250 GB තිබ්බ වැල ටික දැන් නම් 150 GB වලට බැහැලද කොහෙද... ඇයි බයිස්කෝප් එකට අළුතෙන් එන හැම මූවි එකක්ම ආපු ගමන් මූ බානවනේ. ඉතින් ඉඩ නෑ. ඒ අතින් නම් ඉතින් එල කොල්ලා...


මුගෙ හාඩ් එකේ, ඔන්න ඔය රවුම් කරලා තියෙන හිඩ්න් ෆෝල්ඩරේ තමා බඩු තියෙන්නේ. කාටහරි හාඩ් එක හම්බුනොත් චෙක් කරලා බලන්න හොදේ... ලොල්!

1- අඩෝ අරෑට කෝල් කරහන් කොහෙද කියලා අහලා..

2- උඹ කොහෙද බං...අපිට බඩිගිනී...

රජා - හරි හරි බං...අපි මේ එන ගමන්...හංදියේ ඉන්නේ!

2- යකෝ අරෑ හංදියෙලු. ඕක ලියලා දාපන් ඉක්මනට. 

අම්මටසිරි වෙනවා. අරෑ තව විනාඩි 5න් මෙතන. අපි මොකුත් කලේ නෑ ඔන්න...මේක පබිලිශ් කරලා රජාගේ එකවුන්ට් එකෙන්ම ෂෙයා කරනවා. ගෘප් වල දාන්න වෙලාවක් නැති වෙයි. රජාගේ තරහකාරයෝනේ මේකෙ ඉන්න ඔක්කොම. ඔන්න මේක උඹලා ඔය ගෘප් වලට පෝස්ට් කරහල්ලා හොදේ...

ප/ලි: 

දැන් ඉතින් බලන්න එපා බ්ලොග් නොලියන උන් කොහොමද මේක ලිව්වේ කියලා. අපිත් කාලයක් එකක් ලිව්වා. දැන් වැඩිය ලියවෙන්නෑ. මෙන්න තැන 

මේක මේ පැය බාගෙන් ලිව්ව එකක් නෙමේ. අපි සෙට් එක මේ මගුල ගෙදරින් වර්ඩ් එකක ලියාගෙන ඇවිල්ලා මෙතන සෙට් කලේ. මේක රජා දෙල් කිරීමේ පුරා මාසයක් විතර ඇදුන දැවැන්ත සංවිධානාත්මක මිෂන් එකක්. :D :D

දායකත්වය...
ලව් එක ගැන -  අශාන්
සයිට් විසිට් එක - ගයාෂාන්/කාවින්ද
යූරිනල් එක - දුලියා

මීට රජාගේ අතිජාත කල්‍යාණ මිතුරු කැල,
දුලියා, ගයියා, අශාන්යා, හසියා සමග කාවින්දයා

රජෝ උඹ මේක ඩිලීට් කරලා විතරක් අහුවෙන්න එපා...
අර අපි ස්ක්‍රීන් ෂොට් ගත්තා...
ඩිලීට් කලොත් ස්ක්‍රීන් ෂොට් ටික අර නංගිට යවනවා හරී...

බඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!

164 comments:

  1. මඩ නා ගත් කල රජා මොකටෙයි සුදුසු ඈ

    ReplyDelete
    Replies
    1. කොටියොම කාපියව් තොපිම..... මේ පිළිබදව මට කෝල් එකක් දී දැනුවත් කල යෂිකයාට මාගේ ප්‍රණාමය!!!

      බඩ වේවා??? @$ බල්ලෝ... =D>

      Delete
    2. සොරි රජා.... බුහහා... :))

      Delete
    3. ඇයි බං මෙහෙම කලේ... මම උඹලගෙ යාළුවා නේද? :((

      Delete
    4. අම්මප මේක මරු ඇඩ් එකක්..

      Delete
    5. තාම පිළිගන්නෑ මුං.. :-O

      Delete
  2. හිහි. රජා හා මඩ. පව් යකෝ. ඔහොම කරන එක හරිද අර අසරණ වල් රජාට. බඩ වේවා... ඇ‍‍ෙඬෙනවා. රජාට මේක දැක්කොත් බඩ වෙනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. මට එකෙක් කෝල් කරලා කිව්වේ යකෝ... බඩ ගියා :(

      Delete
  3. මේ වාගේ පෝස්ට් තව දෙක තුනක් දකින්න වාසනාව ලැබේවා.....!!!!
    :D

    ReplyDelete
    Replies
    1. හීනෙන් තමා. ආයේ ලැප ගෙනියන්නේ නෑ :))

      Delete
  4. :)) එල ඕයි.. මේක කරපු උන්ට උම්මා එකක් දෙන්න ඕනේ... එල.... මටත් ඕකා ගැන කියන්න දේවල් තිබුන... මටත් ඔහොම දෙයක් කොරන්න මාර උමනාවක් තිබුනේ.... උඹල ටිකට thanks අහ්... මට පිත්තු වගේ.... උසම එකා... (අපි නොදන්නවයැ ඒ වග) මල් කැඩිල්ල හෙළි කොලාට thanks.....

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ මල් වලට ඔච්චර ආසද?

      Delete
  5. බඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!

    පට්ට ෆොටෝ එක
    AD Only කියන්නේ වෙළද දැන්වීම් වෙන්නෑ? :P

    රජෝ උඹ මේක ඩිලීට් කරලා විතරක් අහුවෙන්න එපා...
    අර අපි ස්ක්‍රීන් ෂොට් ගත්තා...

    අසරණෙත් උපරිම එක :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රජට ගැසූ මඩ හා මල්

      10. රජෝ උඹ ඉවරයි...අපි උඹව හැක් කලා!!!! :D

      දැන් හරිනේ? ඉඩ තියාගෙනම හිටියන්නේ?

      Delete
    3. ඇයි ලකයගේ එක දාලාත් නෑ ඕකේ. දාන්න පුළුවන්ද බං ඒවා? :))

      Delete
  6. තව ලියන්න ඕන ඒව තියනව නම් කියහල්ලා..මේ ටිකයි දැම්මෙ...ලොල්...
    මම මූව මකෝනව අපිව පජාත කරපුවට හරියන්න.. වල් රජා :D :D :V :V

    ReplyDelete
    Replies
    1. දෙන්නං උඹලට වරෙන්කෝ ලෙක ඉවර වෙලා b-(

      Delete
    2. සිරාවට බං... මූව කමු අපි

      Delete
    3. raja waradilawath aai lap eka nag genne na icbt 1ta :P

      Delete
    4. උඹලට ෆිල්ම් දෙන්නෑ... හිටපල්ලකෝ :((

      Delete
  7. නාවලාද? එහෙම නැති නම් ඇඳගෙන නාලද?

    ReplyDelete
  8. රජො මෙ වගෙ වෑඩක් කලින් රත්ගමය කලා සයින් ඔෆ් කරන්න බෑරිවෙලා මල්ලි රින්ගල දාන විදියට

    ReplyDelete
    Replies
    1. යා යා... අයි නෝ දැට්. මම උඩම කමෙන්ට් කරලත් ඇති

      Delete
    2. ඕක දැකලා තමා බං අපි ගේම දුන්නේ... සොරි රජා.. ලොල්

      Delete
  9. මූ අපිව අන්දනවද නැත්තං මේකට ඇත්තටම ගේම සෙට් වෙලාද? එහෙමං උනානං ඔය සෙට් එකට මීට වැඩිය ලියන්න කරුණු නැතිවෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කරුණු නම් තියෙනවා අයියේ. සිංහලෙන් ලියලා පබ්ලිශ් කරගන්න තිබ්බ වෙලාව හෙන පොඩීනේ. මේ යකා ආවානේ ඉක්මනට

      Delete
    2. සිරාවට බං.. HND එකේ උන් ටික ඉන්න තිබ්බේ

      Delete
    3. උම්මා හොදේ...දරුණු ඒවා නොලිව්වට! :)

      Delete
  10. මටත් හිතෙන විදියට මූ අපිව අන්දනවා.කලිනුත් පෝස්ට් එකක් දැම්මේ මුගේ දඞුමොනරේ ගත්ත දවසේ

    ReplyDelete
  11. චැහැ මේක රජා තමාව මාකට් කර ගැනීමට යොදාගත් කූට උපක්‍රමයකි අපි අහුවෙයි ඕවට

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවද මගෙ ගැට්ට කහනවා කියලා මටම මඩ ගහගන්න? පිළිගනින් මේ වෙලා තියෙන විනාසේ :((

      Delete
    2. අඩේ මේවා මඩ නෙවේ. මඩ ගහනවා කියන්නේ මෙහෙමද? මට නම් පිළිගන්න බෑ මයි.

      Delete
    3. මේ මඩ නෙමේද? :-O

      Delete
  12. රජෝ,
    මං කලින් හිතුවෙම මේක උබේ ගොං ආතල් එකක් කියලා.

    මේක ඇත්ත නම්....
    සිංහල බ්ලොග් අවකාශයේ අපගේ සාතිශය සංවේගය!

    ප:ලි කියන්න බෑ.ඔය "බුහාහා" කියන වචනය මුගේ එකක්! මූ අපිව අන්දනවද කොහෙද !!!!

    ReplyDelete
    Replies
    1. නෑ මචන්... ඔය වචනේ අපේ සෙට් එකම දානවා. රජාට ඕක බෝවුනේ අපෙන්! :)

      Delete
  13. මොකුත් කියන්න බෑ,මේක රජාවම මාකට් කරගන්න දීපු ගේමක් නං අපි අහුවෙලා...හැබැයි ඇත්තටම නං රජාට අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. ඒ අපි හෙන අමාරුවෙන් ලිව්වේ බං... ඇයි පිළගන්නේ නැත්තේ :/

      Delete
    2. සිරාවට මාර ගේමක් දෙන්න ඇති නේ

      Delete
    3. ඕං බලහන් මුං මේක ප්ලෑන් කරන් ඉදලනේ..

      Delete
  14. හෑ .... රජාට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද. :-O

    හික් .. හික් .. මොනද බං මේ ලියල තියෙන්නෙ. රජාවම රජා හැක් කොරත් ඔයිට හොඳ ඒව ලියයි. හොඳා හොඳා කමක් නෑ. ඒ උනත් වැඩේ කැතයි බං, චාන්ස් එකක් ලැබුච්ච වෙලාව ඇත්තටම රජා බඩ වෙන්න ලියන්න තිබුනෙ. දාපන් මචංල පහක් d-)



    මූ අපිව මීයො කරන්න හදනවවත් ද, :-?

    ReplyDelete
    Replies
    1. මීයා මාව කාලා තියෙන්නේ :((

      Delete
  15. මේ පෝස්ට් එක දාපු අයට රාජ සම්පත් ලැබේවා !
    හැක හැක හැක

    ReplyDelete
  16. හැක කොරල වෙන්න බෑ ..... එහෙම එකක් උනානම් මේවගේ හුරතල් කථා ටිකක් විතරද රජාගේ යාලුවනේ බොලාට ලියන්න තිබුනේ ??????????
    කොහොම උනත් වෙලා තියෙන වෙලාවක අපේ පැත්තෙත් ඇවිල්ල යනවා හොදයි
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
  17. පට්ට පාජාතයි රජෝ

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං.. මං යනවා යන්න

      Delete
  18. මේක උඹම ලියාගත්ත එකෙකේ රජෝ........

    ReplyDelete
  19. aiyo rajoo... Raaja sinhasanayema thiyala redi galawalane bn.... Lol... :p

    ReplyDelete
  20. අනේ පව් අහිංසක පාටයි කිවුවට මන් හිතුවා ,,, හි හි

    ReplyDelete
    Replies
    1. //පව් අහිංසක පාටයි //

      නංගි දන්නැ , මූ එකපාර කෙල්ලෝ දෙන්නෙක්ව චූ කරනඩ එක්ක යනවා ,

      මේ නංගිලා‍ දන්නැ ඔව්වා , කවුරුහරි දාහල්ලකෝ බං අර ෆෝටෝ ටිකට ලින්ක් එකක්

      Delete
    2. kello muwa chu karanna ekka yana siddiyak thiyenne machan icbt1 nam. mu koi kote iranneth harahata kiyana niyayenne inne :P බුහාහා

      Delete
    3. මම අහිංසකයි අනේ අක්කේ....

      වෙන කවුරුවත් ඕක හොයන්නේ නෑ අටං..

      මෙන්න ආ ---- http://3.bp.blogspot.com/-8mMLBVr6024/UXTfT9qRBbI/AAAAAAAAECc/hxxzRGOuXBY/s1600/310824_10200804494382322_290297506_n.jpg

      Delete
    4. ඉකේ .... අටම් අයියේ පව් ඈ මල්ලි දැන් ඉතින් මේ මඩ ටික හේදෙන්නත් එක්ක මොනා හරි කරන්න ඉක්මනට

      Delete
    5. ඒක තමා අප්පා... මට මේකට එන්න හිතෙන්නෙත් නෑ!

      Delete
  21. රජෝ ඔබ මේ ගත් අහිංසක උත්සාහය සාර්ථකවේවා.

    ReplyDelete
    Replies
    1. මුන්ට පිස්සුද කොහෙද

      Delete
  22. අපොයි රජාට ඇපත් නැතිවෙලා තියෙන්නේ .. ඔන්න නියම යාලුවො :v දැන් ඉතින් මඩ රජා කිව්වනම් හරි :P

    ReplyDelete
    Replies
    1. මඩ රජා කියලා කලිනුත් කියනවා...

      http://harshana-bc.blogspot.com/2013/04/2013.html

      Delete
  23. මඩ සෝදාගත් කල රාජා ද ගොවිතැනට සුදුසුයි කියලා අයේ ලියමු ඈ ..

    ReplyDelete
  24. කාල වරෙන්කො.. අන්න ලිඳ ගාව පනිට්ටුවයි සබන් කෑල්ලයි තියල ඇති... සැක්.. නැට්ටේ ඉඳන්.. ගොම..

    ReplyDelete
  25. පට්ටම පෝස්‍‍ට් එක අඩවියෙ තියෙන.පට්ට ඈ.ලියපුූන්ට මූ ආමි එක දම්මල වෙඩි තියවයිද දන්නෑ.රජ පරම්පරාවෙ එකෙක්නෙ.ලොල්.Ad Only කියන්නෙ වෙළඳ දැන්වීම් විතරක් වෙන්ටැ :v බඩ වේවා.දරු සම්පත් ලැබේවා¡¡¡¡

    ReplyDelete
    Replies
    1. ලොල්.. බලහන් මුන් ඒවත් දාලනේ.

      නොදෝමකින් :))

      Delete
  26. මඩ කියලා මෙහෙමත් මඩ ගහනවැයි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතින් ඕවා

      Delete
  27. අනේ රජා බලු වෙලා ඕන ඕකනේ බන් කියන්නේ මද ගහන්න එපා කියලා

    ReplyDelete
  28. බඩ වේවා, දරු සම්පත් ලැබේවා, හැක් හැක්,
    පෝස්ට් එක නම් ආතල්.
    හැබැයි මේක කට්ටියම සෙට් වෙලා කරපු වැඩක්. බ්ලොග් දෙකක්ම මාකට් කොරල වැඩේ සාර්ථකයි. මෑතකදි රත්ගමයත් මෙහෙම දෙයක් කොලා වගේ මතකයි. තව දේශපාලන ලිපි ලියන මහත්තැන් කෙනෙකුත් මෙහෙම දෙයක් කොලා.
    මොනව උනත් පෝස්ට් එක සුපිරි හින්ද ළකුණු තියනව ඇ

    ප.ලි
    ඒ මදිවට මේක බුකියෙත් මාකටින් කොරනව.
    කමක් නෑ ඇඩ් දැම්ම කිව්වනෙ. :D

    ReplyDelete
    Replies
    1. මුන් ඕවා බලලා තමා මට කෙලෝලා තියෙන්නේ :(

      Delete
  29. අප ගේ සාතිශය සංවේගය!

    ReplyDelete
  30. පිං දියන් අපි උඹේ අර සක්කිලි පොටෝ එහෙම දැම්මෙ නැතුවට.. උස යූරිනල් එකේ උඩ පැන පැන චූදාන ඒව එහෙම.. ලොල්..

    ReplyDelete
    Replies
    1. muu ara achchi kenek badagena train eke nida inna photo1 hoyala danna thibbe ban

      Delete
    2. අඩෝ... කට කට... මේ ගහලා තියෙන ටික ඇති!!! :((

      Delete
  31. හම්මියෝ... මේක ලියපු අතිජාත මිතුර කැළ සදා දිනේවා.. කරන කරන දේවල් හරි යන්න ඕනේ ඇස් වහක් කටවහක් නෑ,, කාගේ දරුවෝ වුනත් හරි පිංවන්තයි,( අම්මපා මූට මඩ ගහගන්න විදියක් නැතුව හිටියේ,දැන් ඔය දීලා තියෙන්න )

    තැන්කූ වේවා..
    *රජා ඇද්ද බොට, ඔය දීලා තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. මේකි බලාගෙන හිටියේ මට මඩ වදිනකන් නෙහ්? ඔන්න බලහන් යාළුවෝ.. :((

      Delete
    2. නැතුව, ආයෙත් අහලා, සයිබර් ෆෙස්ටිවල් එකේදියි, ගෙට් එකේදියි බොලා මට ගහපු මඩවල හැටියට මට මේ පෝස්ට් එක පුදුම සංතෝසයක් ගෙනත් දුන්නේ බොලව්, සැහ්, ප්‍රින්ට්අවුට් අරන් බිත්තියේ ගහගන්නෝනි.. :D

      Delete
    3. ප්‍රින්ට්අවුට් එකක් මටත් එවහන් ලැට් එකේ ගහගන්න. එතකොට බලාගෙන ඉද්දි බඩ බුරුල් වෙයි :))

      Delete
  32. 250GB වැල ??? මයෙ අම්මෝ . . . .

    ප.ලි.
    මයිලක් කෙලිං කරගන්නවත් මදි ගිගා 250ක වැල

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙනං ලෙඩක්

      Delete
    2. හරි ඉතින්... ඔය දැන් තත්වය ගැන කියනවා ඇත්තේ. ලොල් :))

      Delete
    3. ඕනෙයා, ගනිං වියාග්‍රා. රජෝ උඹත්...

      Delete
    4. මට මොකටද? මගෙ වැඩ හොදට :))

      Delete
  33. සැක් ඉතරක්! හැක් කෙරුවටත් පාඩුයි. මක්කැයි බං මේ දාල තියෙන එව්වා. දාන්න එපැයි රෙදි ගැලවෙන්නම.

    ReplyDelete
  34. අඩේ මුගෙ ලැපේ තිබ්බ ඓඵ් එක ග්හන්නනෙ තිබුනෙ.... එහෙනං අපිත් බලනවනෙ AD only!

    ReplyDelete
    Replies
    1. ඓඵ් කියන්නෙ IP එකට හොඳේ....

      Delete
    2. ආසයි නෙහ්? :))

      Delete
  35. ආයේ වරෙන්කො බලන්න අපිව චාටර් කරන්න බ්ලොග් කොටා.. මූට සාධරණ කොටා කියන්න බෑනේ. එකයි මූට කැම්පස් එක පුරාම බ්ලොග් කොටා කියන්නේ.. පරණ පත්තර මිටියක් ඕනෙද උඩ නගින්න කොටෝ.... :P

    ReplyDelete
    Replies
    1. මිටියක් එපා...පත්තර කොළයක් අරන් වරෙන්කෝ :((

      Delete
  36. කොයි රජාටත් අන්තිමට වෙන්නෙ මේ ටිකම තමා... (ළඟින්ම ඉන්න උන්ගෙන් තමා ගේම) :P

    ReplyDelete
  37. Replies
    1. අර මේනකයගෙ ක්ලේමෝ එක ඉල්ලලා දියන් මට.. :(

      Delete
  38. රාජ තේජස *කෙන් බැහැල ගිහින් යකෝ.....කාපන් වහ :D

    ReplyDelete
  39. yoko ochara wala balanna tharan me kota rajata ashaneda 250GB ., 20-20 ekathu karala muta bad**k gassamu :-D :-P

    hoda wade okata ubalata phototh ekka pajakaranna thibune :-D

    ReplyDelete
    Replies
    1. ගස්සන්න දෙයක් නෑ ඉතින්.. තියෙනවා බලනවා!!

      යකෝ ඒවා දැම්මනං එහෙම මම බ්ලොග් එක වහලා දානවා :))

      Delete
  40. onna coment ekak damma moral up wenna

    ReplyDelete
  41. හත් ඉලවුවට ගහපු කලාබරේ කිවුවලු...

    ReplyDelete
    Replies
    1. කලා බර නෙමේ මුත්‍රා බර :(

      Delete
  42. ලොවෙත් නැහැ බං..
    මේක සුපිරි..

    මම මගෙ ලැපේ පාස්වර්ඩ් සේව් කරල තියන්නෙ නැහැ මේක ආදර්සෙට අරගෙන...

    ReplyDelete
    Replies
    1. උඹටත් කෙලවෙන දවස වැඩි ඈතක නොවේ.... :))

      Delete
  43. Replies
    1. ඇඩ්වර්ටීස්මන්ට්ස් ඔන්ලි

      Delete
  44. Ado..endenawa ban.. Mata unaanam puka polawe gahagena merenawa oi.. :-)

    ReplyDelete
    Replies
    1. මට ඕක හිතිලා තියෙන්නේ ඕයි...

      Delete
  45. මඩ රජා.... හි හි...

    යාලුවෝ ටික මූට හෙන ආදරෙයිද කොහෙද... නැත්තං මෙහෙම හුරතල් මඩ ටිකක් ගහලා නිකං ඉඳියිද... ( මූ පහුගිය ටිකේ ගලධාරි එකට එක්කන් ගිහින් කන්න දුන්නේ මේ වැඩේ ගැන ඉව වැටිලද මන්දා..... හි හි )

    ReplyDelete
    Replies
    1. හොදම ඒවා කියලා නෑ වෙලාවට.. :))

      Delete
  46. Replies
    1. අදහන්න වටිනවා නේ?

      Delete
  47. හැක්ක හැක හැක හූ ඈ.............. හි හි :))

    අනේ මෙහෙම පින්වත් යාලුවො ටිකක් ඉතිං බොට ලැබුනෙ වාසනාවට මෙයා වාසනාවට ............! y-)

    ReplyDelete
  48. ඊකේයියා.. මෙව්වා මොනවද සිය ගානක් බ්ලොග් සාමාජිකයෝ අතරෙදිම ගෑල්ලමයි දෙන්නෙක්ගේම බර අදින්න ගිහින් මල්ලි කාපු චාටරේ එක්ක බලද්දි... යාළුවෝ ටික මොන්ටිසෝරි යවතැකි මේවා මඩනං.. සික්..අපරාදේ... මෙහෙම චෑන්ස් එකක් අපිට අහු උනානං අපි දනී රජා සුවාස් කොරවන හැටි...

    හැබැයි අර පහල තිබුන “බ්ලොග් කොටා“ නාමයනං හරි සුවිට් නේද බං.. මෙයිට පස්සේ අපි ඒ නමෙන් උඹට ආමණ්ත්‍රණය කොරන්නද නිකං මෙව්වා එකටත් එක්ක..?
    :D

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් සුදු මාර අයියනේ...
      වැඩිය කෑ ගහන්න එපා හොදේ... ඕක රෙජිස්ටර් වෙයි.
      උම්මා ඈ!! :))

      Delete
    2. මොක්කද යකෝ කෑ ගහන්න එපා

      බ්ලොග් කොටා

      කොටා .. කොටා ... කොටා ..... =)) =)) =))

      පත්තර කොලයක් ඕනෙයි සුදූ .... y-) y-)

      Delete
    3. ෂ් ෂ් ෂ්...........

      Delete
  49. Marketing :v :v :v :v

    බඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. oi uba 250GB bala bala hamadaama ath wada karanakota dan gajamatic eka sahenna gewila alle reka ehema makila athi ne... kellek yaalu kara gaththanam athatai 250GB wala walatai niwadu denna thibba

      Delete
    2. හා... කෙල්ලෙක් යාළු කරගන්නම ඕනෙද ඕක කරන්න?
      නිකන් පලයන් බං යන්න!!!

      Delete
    3. naththam ubata raata raata sarame yai..

      Delete
    4. මං ඒක හෝදගන්නන්..

      Delete
  51. බඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම බලාපොරොත්තු වෙන්නේ නිවුන්නු... :))

      Delete
  52. බ්ලොග් කොටා මල්ලිට කෙලිය එහෙනං නේද?

    ReplyDelete
    Replies
    1. :-O

      අඩේ කෑගහන්න එපා අප්පා... :((

      Delete
  53. නිකං පලයන් රජා යන්ඩ. මාකටිං ඉගෙනගෙන වරෙං අපිව අන්දන්ඩ.

    මොනව උනත් සිරා වැඩේ ඈ. රජා හැමෝටම මඩ ගහලා ගහලා උපයගත්ත දෙ තමා කමෙන්ට් වලිං පේන්නෙ.

    හැමදාම අලුත් විදියට හිතන රජාට මේං කිෂ් එකක්.

    ReplyDelete
    Replies
    1. මාකටිං ඉගෙන ගන්න යන ගමන්... :))

      මම නෙමේ යකෝ ලිව්වේ...

      Delete
    2. ඒ වුනාට මේ කිෂ් එක ගනිං බං... හොඳ බ්ලොග් කොටානෙ, මොකද්ද මෙයා...

      Delete
    3. මොකද්ද බං. ආදරේටනෙ කිෂ් එකක් දුන්නෙ. ගනිංකො මෙයා. උඹ හරි සුවීට්නෙ ඉතිං...

      Delete
  54. උඩම පින්තූරේ ඉන්නෙ උඹගෙ මාමණ්ඩි ද.. :D

    ReplyDelete
    Replies
    1. ලොල්... මුන් කොහෙන් හොයාගෙනද මන්දා ඒක :))

      Delete
  55. සුබ වේවා රාජ සම්පත් ලැබේවා!

    ReplyDelete
  56. Replies
    1. ඔව් බං... බඩ පිරී දාලා.. :))

      Delete
  57. රජා බ්ලොග් කොටා නමින් දෙවනි වර අභිෂේක වූ වගයි.....!
    මේක සැලසුම් සහගත ක්‍රියාවක්. බ්ලොග් කොටා ගේ ටිකිරි මොලේ තමා මොලේ

    ReplyDelete
    Replies
    1. අඩෝ කෑගහන්න එපා මෙයා..! :))

      Delete
  58. me post 1ta thama wadima comments tiyenne man hithanne neh..... meke part 2 1t lagadima daka ganeemata raja wada salassuwoth nam ela...........

    ReplyDelete
    Replies
    1. නෑ බං... කමෙන්ට් 200 ගහපු එකක් තිබ්බද කොහෙද මේක ඇතුලේ. 190 ගණන් වල එකකුත් තියේ

      මේකේ පාට් 2 මම ලියාගන්නවා උන් ඕනේ නෑ :))

      Delete
  59. අයියෝ රජෝ

    ReplyDelete
  60. අය්යෝ මඩ ගොඩයි :) ඇයි රජෝ ලැපට පාස්වර්ඩ් එකක් දැම්මේ නැත්තේ..........රජ උනත් බොලාලා මහ ගොං රජෙක් නොවෑ ෂැ...ෂැ.. ක්

    ReplyDelete
    Replies
    1. ඒක නම් අත්ත රජා උනාට ගොනා.:p

      Delete
  61. Ad Only ෆෝල්ඩර් එකේ තියන ඒව තහනම් අඩවියෙ දාන්න බෑද?

    ReplyDelete
  62. අය්යෝ රජ....
    බඩ වේවා දරු සම්පත් ලැබේවා
    හූ හූ හූ

    ReplyDelete
  63. නා ගත්ත නේද රජෝ?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)