Tuesday, March 5, 2013

බඩ අත්තා - The Biggest BADA I have Ever Seen

ඒ කා‍ලේ දැන් වගේ නොවේය. සරල සුකම අතීතයකි. දැනුත් සුන්දර නැත්තේම නැත.  නමුත් ඉස්සර මෙච්චර ෂෝ එකක් නැත. රජා පැටිය කාලේ ගම වටේ හිටි මාමලාට එක එක නම් දැම්මේය. මාලිගාව එහා පැත්තේ මාමා හෙන මහතය. කලුය. රජා ඉස්සර මේ මාමට හෙන බයය.  එත් වැඩිපුරම එල්ලෙන්න යන්නෙත් මෙයා සමගමය. එයට මම දාපු නම උනේ බක් මාමාය. තවමත් හිටි ගමන් මම ඔය නමින් ඔහු අමතන්නේය.

තවත් මම නම් දැමු අයෙක් වුයේ අපේ අම්මාගේ තාත්තය. එනම් මගේ අත්තාය (සීයා). මේතාක් මම දැක ඇති තඩිම බඩ තිබුනේ අපේ අත්තාටය. එයාට මම දැමූ නම උනේ බඩ අත්තාය. ඉස්සර චුටි රජාට ඔහුව පෙනුනේ යෝධයෙක් වගේය. කට්ට කළු තඩි බඩ ගෙඩිය, හෙන උස මේ මහා දැවන්තයා හරියට Ben 10 එකේ ඩයිනොසිරස් වගේය.


බඩ අත්තා
එක එක්කෙනාට නම් දැම්මට මොකෝ ගමේ කෙල්ලන්ගෙන් රජාටද නම් වැටුනේය. ඉස්සර මේ රජා හදිස්සියට චූ කරන්න දිව්වේ මහ මාලිගාව ඉස්සරහ වූ ජෑම් ගහ යටටය. ජෑම් ගහ තිබ්බේ මීගමු පාර අයිනේමය. පාරේ යන ඕනෙම එකෙකුට මම චූ කරනවා පෙනෙන්නේය. රජා ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලා හින්දා මටත් ගානක් නැත. මාලිගාව ලගම කඩේ අක්කා කෙනෙකි. දවසක් මම චූ කර කර ඉන්නකොට අක්කා පාර දිගේ යන්නේය. පාර අයිනේ ඉඳන් මට කොචෝක් දැම්මාය. රජා කලේ තව ටිකක් පාර පැත්තට හැරිලා චූ කිරීමය. හයියෙන් හිනා වෙමින් අක්කා කෑගහන්නීය.

අක්කා: අපෝ... ඔය මොකෙද්ද ඔය?

රජා: මේ මගේ ජොලිබෝලේ... 

අන්න එලෙසින් රජාට ජෝලිබෝලේ යන නම යෙදුනි. එය පුරුද්දක් කර ගත් අක්කා පාරේ යන හැමවිටම මම පේන්න හිටියොත් ආ...ජෝලිබෝලේ.....කියන්න ගත්තේය. එවිට පුරුද්දක් ලෙස රජා කලේ ක්ෂණිකව කලිසම ගලවා අක්කට පෙන්වීමය. ඒත් මෙයා හැදුනේ නැත. හැමදාම ඕක කළේය. 


රජා ඉස්කෝලේ යන්න පටන් ගත්තහම නම් අක්කා මට ජෝලිබෝලේ කියන එක නැවැත්තුවේය. එත් දැන් ඉඳල හිටලා හම්බුනාමත් මට ජෝලිබෝලේ කියන්නට ඇය අමතක නොකරන්නේය. දැන් උනත් කලිසම ගලවන්න හිතුනත් එය කල නොහැකිය. මන්ද ඇය චූටි කෙලි පැටික්කියෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් නිසාවෙන්ය. 

අක්කාගෙ මාර්ග සිතියම
මම කියන්න ආවේ ඒක නෙවේය. ඒ අපේ බඩ අත්තා ගැනය. රජා ඉස්සර වැඩි පුරම ඉන්න ආස කලේ අපේ මව්තුමියගේ මහ මාලිගාවේය. හොරොම්බාව කියන ගමේ (නාරම්මල) එය පිහිටියේය. බඩ අත්තා කලේ පුත්තලමෙන් ලුණු ගෙනත් මෙහෙදි අයඩින් මිශ්‍ර කරලා පැකට් කරලා කඩ වලට දාන එකය. ලුණු පැකට් කරන මඩුව හෙන දිගට තිබුනේය. රජා ගමේ ගිහාම ආතල් ලෝකයය. මඩුව පුරා ලුණු අතුරලාය. වැඩ කරන අය අයඩින් ඉහිනකන් රජා ඔය ලුණු ගොඩ දිගේ එහෙ හෙමේ දුවන්නේය. මම තව ආසම වැඩක් නම් අර ටැංකියෙන් අයඩින් ඉහින එකය. තවත් එකක් නම් ලුණු පැකට් කිරීමය. කිරිඅම්මා (ආච්චි) ලුණු පැකට් කරන තැන ලුණු කිරමින් දමන්නීය. පැකට් එක සීල් කරන්න තියන්නේ පොඩි ගැජට් එකකින්ය. ඒක කරන්ට් එකෙන් රත් වෙන්නේය. කකුලෙන් පෑගුවාම අර රත් වෙච්ච දාරේ කවරේ වැදී පැකට් එක සීල් වෙන්නේය. ඕක කකුලෙන් පාගන එකත් රජාගේ තවත් විනෝදාංශයක්ය.

අත්තට පරණ BMC ලොරි තුනක්ම තිබ්බේය. අත්තා මට කොච්චර ආදරේද කිව්වොත් ලොරි වල වීදුරුවේ ගැහුවෙත් මගේ නමය. ඔය ලොරි වල එහෙ මෙහෙ යන එකත් ඒ දවස් වල පට්ට ආතල් සීන් එකක්ය. පාරේ යනකොට ලොරියෙන් මුළු පාරම වැහෙන්නේය. ආයේ නිකන් පාර බදු ගත්තා හා සමානය.

රජා ලොරිය උඩ
රජාගේ කරේ පංචායුධේ බැන්දෙත් මගේ බඩ අත්තාය. එයා පංචායුද බැන්දහම ඒ ළමයට හෙනම කික් එකක් එනවා යයි ඉස්සර අපේ පවුලේ මතයක් ගොඩ නැගී තිබුනේය. අහල පහල මාලිගා වල අය පවා තමන්ගේ දරුවාට පචායුද බැද ගත්තේ අපේ අත්තාට කියලාය. එත් බඩ අත්තගේ එක නරක පුරුද්දක් තිබුනේය. ඒ බොන එකය. හැමදාම හවසට කන සාක්කුවේ වැටෙන්න බිව්වේය. එත් වලි නැත. ඉඳල හිටලා එකක් දෙකක් ගියාට එහෙම වෙන්නෙත් කලාතුරකින්ය. ඉස්සර අත්තගේ ඇදුම් වලින් ආවේ මජං සුවදය.  ඒ අර කබල් ලොරි එක්කම ඔට්ටු වෙන නිසා විය යුතුය. තාමත් ඒ සුවදට රජා මාර විදිහට ආසා කරන්නේය.
රජාට පංචායුධ
බඩ අත්තා මැරෙනකොට මම 3 වසරේය. යුව රජා ඉපදෙන්න මාස ගානක් තියෙනකොට අත්තා අපි අතරින් සමු ගත්තේය. ඒ වෙන මොකවත් ලෙඩකින් නොවේය. අධික බිමත්කමය. අර වකුගඩු දිය වෙලා, මුණ කළු වෙලා, බඩ ඉදිමිලා වෙන සීන් එකය. අත්තා මැරුනයින් පස්සේ ලොකුම පාඩුව උනේ මටය. වෙනදා වගේ අපිව බලන්න එනකොට ටොපි, මිදි කිලෝ ගණන්, චෝකෝ පෙට්ටි පෙට්ටි ගෙනත් දෙන්න කෙනෙක් මට අහිමි උනේය. අපි හැමදාම අත්තා මැරුණ දවසට ලොකු දානයක් දෙන්නේය. එය නොකඩවා අවුරුදු 14ක් සිදු විය. ඉදිරියටත් සිදුවේවි. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

83 comments:

  1. නියම මැප් එක රජෝ

    ReplyDelete
  2. uba maara map kaarayekne, google ekata apply karala balahan

    ReplyDelete
    Replies
    1. මම ගූගල් එක්ක තරහයි බං...

      ඌ අපේ ගේ ලගටම පට්ට ක්ලියර් පෙන්නනවා. අපේ ගේ හරියට පෙන්නන් නෑ කියහන්කෝ :/

      Delete
  3. උබ අර ජොලි බෝල පෙන්නන්න ගිහිං බෝලෙ පලාගත්තු නිසා නේද උබට අඩවි රැජින කියන්නේ දැං???????????
    බඩ අත්තාට නිවන් සුව!!!!!!!!!!!

    ReplyDelete
  4. සුභ වේවා... රාජ සම්පත් ලැබේවා කියන්නේ පොඩි කාලේ ඉඳන් රජා වගේ ඉන්න නිසා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඕක මේ ලගදි දාපු වචනයක්නේ :)

      Delete
  5. බඩ අත්තා දැක්කම ඇත්තටම බය .එහෙත් ඔහු තුල සුන්දර මනුෂ්‍යෙයකු සිටි බව ඔබේ සටහනින් පෙනි යයි.හොඳ මිනිසුන්ට ආයුෂ අඩුය.බිමත්කම රකුසෙකු මෙන් ජිවිත සොරා ගනි. රජාගේ බඩ අත්තාට හොඳ තැනක ඇත.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  6. ඇත්තටම මටත් අපේ සීයව මතක් උනා එයා මැරුනෙත් බීලා.

    ReplyDelete
  7. //රජාගේ කරේ පංචායුධේ බැන්දෙත් මගේ බඩ අත්තාය. එයා පංචායුද බැන්දහම ඒ ළමයට හෙනම කික් එකක් එනවා යයි ඉස්සර අපේ පවුලේ මතයක් ගොඩ නැගී තිබුනේය. අහල පහල මාලිගා වල අය පවා තමන්ගේ දරුවාට පචායුද බැද ගත්තේ අපේ අත්තාට කියලාය.//

    මේ ටික දැක්කාම පප්පා(අම්මගේ තාත්තා) මතක් වුනා අපේ,,එයත් ඒමයි,, අදටත් ඒ පැත්තේ ළමයි ඉපදුනාම පංචායුධේ බදින්නේ පප්පා තමයි.. :D

    ReplyDelete
    Replies
    1. ජිම් පප්පද? සූර පප්පද? නැත්තම් ලොකු පප්පද? ^_^

      Delete
  8. ඔය ජාතියේ මැප් තියෙනවා ෂර්ලොක් හෝම්ස් පොත්වල.

    ReplyDelete
    Replies
    1. අම්මපා? මම ඕකගෙ පොත් කියවන්නේ නෑනේ :)

      Delete
  9. මොකද්ද බං මාලිගාවල් අස්සෙ "කඩවල්"! දාපිය "සල්පිල්" කියල.
    සුබ වේවා රාජ සම්පත් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. හෙහ් :)

      සල්පිලක් තිබ්බා ගිය අවුරුද්දේ :)

      Delete
  10. මටත් මහ රජට කියලා මැප් එකක් අන්දවගන්ට හිතයි. මාර ලස්සනයිනේ. ඒ වගේම හොඳ අදහසකුත් දෙනවා ඒ කාලේ තිබුනු රාජධානියා ගැන, රජ මාලිගා සහ රජ කාලේ තිබුනු මංමාවත් ගැන එහෙම. :D

    ReplyDelete
    Replies
    1. අයියෝ සිම්පල් වැඩක්නේ :)

      බ්ලොග් කියවන අයට දැනුමක් දෙන්න එපායෑ ^_^

      Delete
  11. මගෙන් නම් සීයාලා දෙන්නම මං ඉපදෙනකොට මැරිලා... මට හිටියේ ආතා විතරයි.. ආච්චිගේ තාත්තා.. එයාව මතක් උනා...

    ReplyDelete
  12. මට මතක් උනේ මගේ අත්තව නැතිවෙලා අවුරුදු 3යි මම ඒ ලෙවල් කරල ඉවරවෙනකන්ම හැම නිවාඩුවකටම මාව ගමේ එක්කන් යන්න ආව .. අන්තිම කාලේ එයාගේ හැම වඩක්ම මගේ අත් වලින් කාරන්න මට වාසනාව ලැබුණා.. අදටත් ලග ඉන්නවා වගේ ... රජාගේ අත්තටත් මම නිවන් සුව ප්‍රාර්තනා කරනවා ....

    ReplyDelete
  13. සීයා කියනකොට නම් කියාගන්න බෑ හට හිටපු එකම සීයාත් කියාගන්න බෑ 1 වසරේ සිටිනවිට අප අතරින් වෙන් වුවේය... :(

    රජා හට ඒ කාලේ රජ සැපනේ?

    ReplyDelete
    Replies
    1. මට මේක කියෝගන්න බෑ... ^_^

      Delete
  14. අනේ මේකා ඉස්සර ඉඳලම වල් නේ යකෝ! පුහ්! ජොලිබෝලේ!!! වෙන නැතිවට!
    මැප් එකනම් ලෙසටම ඇඳලා තියනවා! හිටු මාලිගාව ළඟදීම ආක්‍රමණය කරන්න!

    ReplyDelete
    Replies
    1. කලින් කියලා ආක්‍රමණය කරහන් ඈ...

      ආ.. මේ... වැරදිලා වෙන මාලිගා වලට පැනලා, ගුටිකාලා, මගෙන් යුධ ආධාර එහෙම ඉල්ලනවා නෙමේ ඕං :)

      Delete
  15. යකෝ දැන් ලේසි නෑ නේහ්? සිතියං හෙම ඇඳලයි කතාව කියන්නෙ.

    උඹ මේ ලඟදිත් කොඹළ බිල්ඩිමක් උඩ ඉඳලා පහල තියෙන ස්විමිං පූල් එකකට චූ කරන්න ට්‍රයි කරලා මොකක් හරි කේස් එකක් ගියාද හුළ‍ඟේ පැත්ත මාරු වෙලා?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඈ... දැන් අදින්න පුළුවන් හැම එකටම අදිනවලු ඈ... ;)

      නෑ...නෑ... ඒ මම නෙමේලු!

      Delete
  16. රජ මැප් එකක්නේ බොල.මාළිගාවල් අස්සෙ කඩ කොහෙද යකෝ

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තන් අපි බඩු ගන්නේ කොහෙන්ද? :)

      Delete
  17. මාළිගාව ළග කඩේ අනවසර එකක්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... පූර්ණ අවසර මත :)

      Delete
  18. අපේ සීයව නම් මට දකින්නවත් හම්බ වුනේ නැහැ බන්.උඹවත් සීයගෙන් පාඩමක් ඉගෙන ගනින් වැඩිය බොන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං... මම බොන්නෙම නෑ! ^_^

      Delete
  19. ජොලි බෝලේ :D
    ඒ කාලෙත් තිබිල තියෙන්නේ වලත්ත කටක් නේ මේකට :p

    ReplyDelete
    Replies
    1. හික්... හයියෙන් හූ... ;)

      Delete
  20. මූ දැන් කතාවත් එක්ක සිතියම නොමිලේ දානවා..

    හිටු මම අක්කව අල්ලගන්න...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... සිතියම් ෆ්‍රී ;)

      අඩෝ අක්කා අම්මා කෙනෙක් ඈ...

      Delete
  21. බද අත්තා මාර පොරක් වගේ පළාතේ.

    ඇයි බන් මැප් දාන්නේ. අපි එයි කියලා හිතුවද දැම්ම පලියට? හුහ්.. එව්වා හඳේ...

    ReplyDelete
    Replies
    1. උඹ ආවාත් ගන්නේ නෑ... :)

      Delete
  22. ආ ජොලි බෝලේ..!

    පෙන්නහන් බලන්න පුළුවන් නම්. :D

    ReplyDelete
  23. මං කිව්වේ නැද්ද මේ රජා හෙන වලා කියල.පාරේ යන මිනිස්සුන්ට කලිසම ග්ලෝ ග්ලෝ පෙන්නන එක රජ වැඩක් කියල හිතේ

    ReplyDelete
    Replies
    1. හක්ක හක හකකකකකක :)

      නැත්තං... ඒකට හෙන අධිෂ්ඨාන ශක්තියක් තියෙන්න ඕනේ බොලව් :)

      Delete
    2. ඒකට ඕනි අධිෂ්ඨාන ශක්තිය නෙමෙයි බොල ආත්ම ශක්තිය....

      Delete
  24. රජෝ, මේ පොඩි එවුන් දාන නම් රෙජිස්ටර් වෙන එක මටත් හරිම කරදරය. මගේ අක්කලා තුන්දෙනාගෙම එවුන් අද කසාද බන්දලා ළමයිනුත් ඉන්නවා. උන් මගේ ඔඩොක්කුවේ චූ කරපු කාලේ ඉඳලා මට කිව්වේ I මාමා කියලා. අදටත් එහෙමමයි කියන්නේ ප්‍රසිද්ධියේම. බලන්ඩකො රජෝ මේ අවනඩුව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  25. රජා ජොලි බෝලේ කිව්වෙ ඒකෙන් ජොලියට බෝල ගැහුවවත්ද? ;)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... කොහෙන ආව වචනයක්ද කියලා ;)

      Delete
    2. ඒ අක්කට ඒවා දකිද්දී හෙන ජොලි ඇති :p

      Delete
  26. පුදුමයි ඒ අක්ක පහුවෙලා හරි කසාද බැදපු එක. උබේ ඕක දැකල සසර කලකිරෙන්නේ නැතුව

    ReplyDelete
  27. නෙද්දකින් වැල රජා ඒ කාලෙත් වල්......................

    ReplyDelete
    Replies
    1. පල පල... සුරුට්ටුවා! :)

      Delete
  28. අඩේ උඹට ඔය බෝලේ විතරද තිබ්බේ ඒ කාලෙ ඉඳලා...

    ReplyDelete
    Replies
    1. නෑ තව අමතර එකක් තිබ්බා! :)

      Delete
  29. රජාගෙ රජකම අද ඊයෙ පටන්ගත්තු එකක් නෙමෙයි එහෙනම්,
    මම කිව්වෙ අර මාළිගාව ලඟ කඩේ අක්කටත් පෙන්නලා තියන්නෙ, ඒකත් රජකමක්ද? :D :D
    අත්තට නිවන් සුව ප්‍රාර්තනා කරනවා..!

    ReplyDelete
    Replies
    1. නැත්තන්... ඒකට කොච්චර ගටක් ඕනේ කියලද හිතන්නේ? ඔයාලට හිතාගන්නවත් බෑ ^_^

      Delete
  30. 'වැඩ කරන අය අයඩින් ඉහිනකන් රජා ඔය ලුණු ගොඩ දිගේ එහෙ හෙමේ දුවන්නේය' ඒ දුවනකොට චූ බර හැදුනොත් ඔය ලුණු වලට අයඩීන් වලට අමතරව යූරියත් දානවලු රජා.

    එතකොට රජාට එක බෝලයයිද තියෙන්‍නෙ.

    ReplyDelete
    Replies
    1. එතකොට රහ වැඩීනේ මෙයා..... :)

      නෑ නෑ... තව එකක් තිබ්බා!

      Delete
  31. කිරි කිරි බෝලේ..

    ReplyDelete
  32. අයියෝ.. බීමත්කම හින්දා තවත් කාලයක් ඉන්න පුළුවන් මනුස්සයෙන් නැති වුනා

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... නැතිවෙනකොට වයස 54යි :(

      Delete
  33. අතීතය...සොඳුරු නමුත් දුක්බර මතක.

    ReplyDelete
  34. යකෝ මූට පට්ට වයසයි වගේ..!

    බඩ ආත්තගෙ අහලකින් තියන්නබෑ රජාව. 7ය්4රේ පොරක්නෙ.

    උඹ අක්කට ඕව පෙන්නන්න යන්න එපා..!!!

    ReplyDelete
    Replies
    1. පට්ට වයසයි??? බොරුවට නාකි කරන්න එපා යකෝ ;)

      ඒක ඇත්ත ඈ!

      Delete
  35. අත්තට නිවන් සැප !!!! අපෝ මේ වගේ එකෙක්.. බලාගෙන මල්ලි දැන් මේ පරණ කතා මතක් වෙලා පාරෙ යන අයට ආපහු ජොලි බෝල පෙන්නනව එහෙම නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මට ඉතින් අක්කේ.......... ^_^

      Delete
  36. ජොලිබෝලේ...කිව්වම මට මැවිලා පෙන්නේ ජිල් බෝල (1 ක්) බන්..

    ReplyDelete
    Replies
    1. ඇයි ජිලේ දැක්කම උඹට ජොලිද? ;)

      Delete
  37. අත්තලා අත්තම්මලා තමයි දරුවන්ට වැඩියෙන්ම ආදරේ.. දැන් ඉතින් තාමත් ඔය ලොරිවල රජාගෙ නමද ගහල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දැන් ඒ ලොරි විකුණලා.. :(

      Delete
  38. මචං ඒ කාලෙමට ජෙලි බෝල දෙකෙන් එකක් නැති වුනේ. පරණ පුරුද්දට වෙනත් කෙනෙකුට පෙන්වන්න ගිහිං.

    ReplyDelete
  39. Adoooo..........maaligawa thiyenne pannala needa rajoooo.....????????

    ReplyDelete
  40. මටනම් හිතෙන්නේ රජෝඕ අර අක්ක උඹට ජෝල්ල්ය් බොලේ කියන්නේ... උඹේ බොලේ බලන්න තියන අසවටමි.... :-p

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා =))

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)