Friday, March 1, 2013

බිම නොතෙමා චූ කරපු හොරා - The Amazing Thief



අපේ පිය රජ්ජුරුවන්ට කොන්ක්‍රීට් වැඩපලක් ඇත. ඒකේ ඉතින් ඔය එක එක ඒවා විකුණන්නේය. මේ ලග දවසක ඉදන් වැඩපොලේ කම්බි බාර්, මිටි, කියත්, බල්බ් වගේ පොඩි පොඩි ඒවා නැතිවෙන්න පටන් ගත්තේය. අපේ මව්තුමිය වැඩකරන අයියලාවත් සැකකර කර හිටියාය. ඇයි තව වැඩපොල ලග හැමදාම හවසට ෂොට් එක ගහන එකෙකුත් ඇත. ඌවත් අපේ මව්තුමියගේ දැවැන්ත සැකයට බදුන් වූ එකෙක්ය.

අනිත් මොනවා නැති උනත් කම්බි කූරු ටික නැතිවෙද්දි වැඩකරන උන්ට වගේම අපේ ගෙදර උන්ටත් අම්බානට මල පැන්නේය. මේවා උස්සන එකා අල්ලන්න දවස් ගානක් හැංගිලා බලන් හිටියේය. ඒත් ඩයල් එකනම් අල්ල ගන්න උනේ නැත. සති දෙකක් පමණ මෙසේ ගෙවී ගියේය. 

වෙනදා මෙන්ම රජා යුව රජත් එක්ක කාටූන් බල බල හිටියේය. පෝගෝ චැනලයේ යන චෝටා බීම් කාටූනය අපේ සිත්ගත් කාටූනයයි. මිනිහගෙ වැඩකෑලි ටික පට්ටය. ඌ කවදාවත් ගුටිකන්නෙත් නැත. නමුත් හැම එකාටම ගහනවාය. ලොවෙත් කාටූන් එකය. වෙලාව හවස 6ට පමණ ඇත. මේ දවස්වල හවස 6 කියන්නේ මහ දවල් වගේය. ඉර සැගව ගොස් නැත. හොදට එලියය.  කෝල් එකක් ආවේය. ගත්තේ මලයාය.

යුවරජ: හලෝ.......  ඈ.....  තාත්තේ.......

පියරජ: හලෝ.... එහෙමද????

පියරජා දැන් ගේවටේ දුවන්නේය. කෝ මේ වාහනේ යතුර...හොද වෙලාවට යතුර කෑම මේසේ උඩ තිබුනේය. වහා යතුර ගත් තාත්තා මට කෑගැසුවේය.

දාගන්නවා ඉක්මනට ශර්ට් එකක්... අන්න හොරා වැඩපොළ ඇතුලෙලු.

අම්මා හුක්ෂු... මටත් නිකන් කොහේදෝ තිබ්බ මොරාල් එකක් ඇගට ආවේය. තාත්තා කියන පරක්කුව විතරය. මම ලොරිය ගාවය. එතකොටම වාගේ බලුතඩියාගේ හවස් වේල වන කිඹුල් තඩියා රැගෙන අම්මත් එතනය. මමත් එනවා.....අම්මත් නැග්ගේය. අපි වහාම වැඩපොලට ඇදුනෙමු. 

ඒ අතරතුර කෝල් එකේ සිද්ධිය තාත්තා කීවේය. වැඩපොල ඉස්සරහා නැන්දා එකෙක් වැඩපොලේ ඉන්නවා ගේට්ටුව අස්සෙන් දැකලාය. ඇය ඒ ක්ෂණයෙන් අපිට කෝල් එක දීලාය. 

අපේ වැඩපොල තියෙන්නේ වෙලක් අයිනෙය. ලොරිය වැඩපොලට ලංවෙනවත් එක්කම මම ලොරියෙන් බැස නියර දිගේ වැඩපොළ ඇතුලට රිංගුවෙමි. අම්මා ගේට්ටුව ලග රැක්කේය. තාත්තා අනිත් පැත්ත වැටලුවේය. අම්මා ගේට්ටුව ලගට එනකොටම මිනිහා එහා වත්තට පයිනවා මම දැක්කෙමි. මම නම් හිතුවෙම මිස් උනා තමා කියලාය. වෙලාවට පියරජා ඩයල් එක අල්ලගෙනය. අඩෝ නැවතියන්...කියා කෑගහගෙන මම පස්සෙන් දුවද්දි තාත්තා උගෙ බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන ආවේය. 

යුධ සැලැස්ම

අයියෝ හොරාය. මේකා හෙන පොඩි එකෙක්ය. ඕන්නං මගෙ වසය ඇතිය. තාත්තා දැන් මූට නෙලන්න හදන්නේය. 

පියරජ: කියපිය තෝ මොනවද ගත්තේ?

හොරා: අනේ නෑ මාමේ... මම මොකුත් ගත්තේ නෑ...

පියරජ: එහෙනම් තෝ මේක ඇතුලෙ මොකද කලේ?

හොරා: මම... මම... මම ලැට් එකට ගියේ...

පියරජ: ඇයි තොට වෙන ඒවා ඇත්තෙම නැද්ද යන්න... උඹ අර පාර අයිනේ ඉදන් මේ කෙලවරේ තියෙන එකටම ආවා? වරෙන් යන්න බලන්න.

තාත්තා මූවත් ඇදගෙන වැසිකිළිය වෙත ආවේය. අපිත් දැන් පස්සෙන්ය.

පියරජ: කෝ තෝ දැන මේකේ මොකද කලේ? වතුර ගහලද? කෝ මේක තෙමිලා...

හොරා: මම.... චූ කරන්න ආවේ...

පියරජ: තෝ චූ කරා නම් කෝ මේකේ පාරක්වත්... ඇත්ත කියපන්....

මට දැන් බකස් ගාලා හිනා යන්න එන්නේය. මම බොහෝම අමාරුවෙන් තද කරගෙන හෙන මරුමුස් ලුක් එකක් මවාගෙන සිටියෙමි. මව්තුමියත් ගොරවන්න ගත්තේය.

මව්: ඇත්ත කියනවා... පොලිසියට අල්ලලා දෙන්න කලින්....

හොරා: අනේ නැන්දේ... පොලිසියටනම් කියන්න එපා...

මූ නෑ........ම කියන්නේය. වැන්දේ නැති ටික විතරය. හෙන වෙලාවක් මූව බය කිරීමෙන් අනතුරුව මූ ඇත්ත කිව්වේය. මූ උස්සපු බඩු ඔක්කොම සල්ලි පොලියට දෙන එකෙක් ගාවට දීලාය. ඌව අපේ තාත්තත් හොදට අදුරන්නේය. උගේ නම නිලමෙය.  තාත්තා හොරාවත් ඇදගෙන ඌ ලගට ගියේය. දුන්න බඩු ඔක්කොම ආපහු ගත්තේය. හොර මල්ලා කියන විදිහට මූ ඒ බඩු උස්සලා තියෙන්නේ උගේ කීමටය. 

හොරා ප්‍රාදේශිය සභාවේ කුණු ලොරියේ වැඩකරන එකෙක්ය. ඌ හැමදාම වැඩපොළ ඉස්සරහින් යන එකෙක්ය. අපේ අම්මා ඌට පට්ට දඩුවමක් දුන්නේය. 

මව්: මෙච්චර කාලෙකට මේ වැඩපොලේ එක ගල්කැටයක් නැති උනේ නෑ...ආයේ මොනවාහරි නැතිඋනොත් තමුසෙව තමා අල්ලගන්නේ....ඊලග දවසේ ඉදන් තමුසේ පාරේ යනකොට වැඩපොල පැත්තෙන් යන්න බෑ...මෙතනදි පාරෙන් එහා පැත්තට පැනලා ඒ පැත්තෙන් යන්න ඕනේ. මේ පැත්තෙන් ගියෝත් අඩු කැඩෙන්න ගහනවා...

හොරා: හා... නැන්දේ හා...

සිද්ධිය එසේ අවසන් විය. දන්න කියන හැමෝම කිව්වේ ඌව පොලිසියට අල්ලලා දෙන්න කියලාය. ඒත් අපේ තාත්තා කිව්වේ ඌ පොඩි එකෙක් හින්දා සමාව දුන් බවය. අනික ඌ එතන වැද වැටුන විදිහට ඌට තාත්තා ගැහුවෙත් නැත. 

මෙදාම උදේ පට්ට සිද්ධියක් වෙලා ඇත. අර නිලමේ කියන එකා නියර දිගේ යන්න ඇවිත් ඇත. එතන බැදලා හිටපු එළදෙන මූට අනින්න එලවලාය. වැඩකරන අයියලා කෑගැහලා ඌව බේරා ඇත. අපේ අම්මානම් කියන්නේ ඒ අපිට ඉගියක් දුන්නා කියලාය. නැත්තන් ඔතනින් කීදෙනෙක් ගියාද... මූටම අනින්න පැන්නේ???

ප/ලි:

ඔන්න කට්ටියට කොන්ක්‍රීට් බඩු, පෙරසවි ස්ලැබ්ස් (අඩු වියදම්), ගොඩනැගිලි කොන්ත්‍රාත් එහෙම තියෙනවනම් අපේ පියරජා අමතන්න ඈ...

*** මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. 

එකෙක් බඩු ගන්න ආවා... :)

පුංචි දගකාරියේ....ලු :)


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

137 comments:

  1. //තෝ චූ කරා නම් කෝ මේකේ පාරක්වත්...//
    හික්.... හපොයි දෙයියනේ.... පිය රජතුමා මාර මොළ කාරයනේ.........

    ReplyDelete
    Replies
    1. ෂරලොක් හෝම්ස් ගෙ අයියා :)

      Delete
    2. මම හිතුවේ වෙන වැඩක් කොරා කියලා.

      Delete
    3. ෂරලොක් හෝම්ස් ගෙ අයියා මයික්රෝෆ්ට් නේ :P

      Delete
    4. අෆ්ෆට උඹලා උගෙ ජාතකේම දන්නවද? ^_^

      Delete
    5. හයියෙන් කෑ ගසා සිනා යන ලදී...! පියරජතුමාගේ මොළයෙන් කාලක් වත් උරුම වෙලා තිබුණා නම්!

      Delete
    6. ලගපාත කවුරුත් හිටියේ නෑනේ? :) :)

      Delete
  2. අඩෝ උබලා කස්ට මස්ලව කානුවේ දාලද පිළිගන්නේ ඈ...
    තාත්තා කොන්ක්‍රීට් වැඩපලට අරං තියෙන්නේ මරු කොන්ක්‍රීට් පුතෙක්ව....

    ReplyDelete
    Replies
    1. බලහන්... කොක්ක්‍රීට් මාලෙකුත් දාලා තියෙන්නේ :)

      Delete
  3. අර ත්‍රිවීල් බුවා වළලු අස්සෙන් රිංගන්න පුරු‍දු වෙන්න ගිහිංද?

    අපොයි රජාගෙත් බ‍ඩු උස්සනවනං ඌ ලෝක හොරෙක් වෙන්න එපැයි. පියරජතුමා අල්ලගත්තට පස්සෙවත් ඌට චූ ගියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඌට චූ යනවා අපේ තාත්තගෙන් කනේ පාරක් කෑවනම්... මම කෑවනේ දවසක්! :)

      Delete
  4. ඉතිං හොරා ආයෙත් ආවේ නැද්ද? අනේ යසයි ආයෙත් වෙන හොරෙක් ආපිනම්

    ReplyDelete
    Replies
    1. වෙන උන් ආවොත් දන්නවනේ ඉතින්... ;)

      Delete
  5. උන් හොරුන්ගෙත් හොරු නෙමෙ රජුන්ගෙත් හොරු machn aruta licen dunne kauda danne na ne ban

    ReplyDelete
    Replies
    1. පව් බං ඌ.... මිනිහට නින්ද ගියාලු... මම ඇහුවනේ :)

      Delete
  6. හික්ස්! මේ පොයින්ට් එක මට හරියට කියපන් බලන්න..යන එන වෙලාවක ඇවිත් යන්න...

    ReplyDelete
    Replies
    1. නිකන් එන්නේ මොකටද? එනවනම් මොනවාහරි ගන්න වරෙන් :)

      Delete
  7. යකෝ කොහෙද බොල උඹේ වයසේ විතර පොඩි උං ඉන්නේ? උඹත් කතාව පිටින් දාලා නිකං පොඩි එකා වෙන්ඩ නේද හදන්නේ.යකෝ උඹ පොඩි එකා නෙමෙයි...කොට එකා....

    ReplyDelete
    Replies
    1. ඔහොම කතා කියනවද දොස්තර මහත්තයෙක් මූණ බල බලා ? උස යන්න බෙහෙත් ටිකක්වත් කියන්නෙ නැතුව...

      Delete
    2. කටේ දත් ටික හැලියන්... නකුටා!!!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. rajo oyage wachana nam maru...mansika awpeedanayen inna welawakata oyage kathawak idala hitala kiyewunama mara joly...by the way nice story

    ReplyDelete
    Replies
    1. හැක්ස්... එහෙමත් අවපීඩන ඇතිවෙනවද? ^_^

      Delete
  10. ඉතිං පොඩි හොරාට ලැට් බර වෙන්න ඇත්තෙ උඹලගෙ හත්මුතු පරම්පරාවම එතන ඌව වටකර කත්තම... ලැට් එක බලල වැඩක් නෑ, උගේ කලිසම තෙමිලද කියල බලපං...

    ReplyDelete
    Replies
    1. යන්න ඔන්න මෙන්න තිබ්බේ :)

      Delete
  11. ෂික්කා..චූ කරපු පාරත් බලලා...හි හි හී

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හොරු අල්ලන්නේ :) :)

      Delete
  12. රජා ලර්නර්ස් එකක් ලගවත්ද බන්?

    ReplyDelete
    Replies
    1. නින්ද ගියාලු බං :)

      Delete
  13. පව් යකෝ හොරා.. චූ කරන එක වරදක්ද යකෝ???

    අර පොටෝව නම් පට්ට ඈ !

    ReplyDelete
    Replies
    1. ඉතින් ඌ චූ කරලා නෑනේ! :)

      Delete
  14. පුංචි දඟකාරි වැටිලද අර?? බොලාලා ගියේ පොඩි එකා තනියම ගෙදර දාලාද?? :/

    ReplyDelete
    Replies
    1. මිනිහා කාටූන් බලනවා! :)

      Delete
  15. මරු මරු.අර ට්‍රිවිල් කාරය පාරේ යද්දී රජාව දැකල තමා ඔය කානු අස්සේ රිංගල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මම හිටියේ නෑ පැත්ත පලාතේ :)

      Delete
  16. දැන් යන ඇඩ් බැලුවම මේක ටිකක් විතර සාර්ථක එකක්.. ප්‍රථිපලත් දාලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එක බඩුවක්වත් කැඩිලා නෑ... වීල් එක කුඩු! ;)

      Delete
  17. අඩේ කතාවට වඩා ෆොටෝ එක ආතල්. හිකිස්

    ReplyDelete
  18. ///කෝ තෝ දැන මේකේ මොකද කලේ? වතුර ගහලද? කෝ මේක තෙමිලා...///

    අපරාදේ මේ වගේ කොල්ලෝ දෙන්නෙක් ඉන්න තාත්තට රහස් පරීක්ශක වැඩක් පටන් ගන්න තියෙන්නේ :p

    ReplyDelete
    Replies
    1. හු හූ.... කියලා බලන්න ඕනේ :)

      Delete
  19. හයියෝ අර ත්‍රී වීල් එක...... ඔහොමද කස්ටමර්ලට සලකන්නේ පියරජා... තව මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් ලු... මේ ෆොටෝ ටික දැක්කම කිසි කෙනෙක් පාරේ ඔය පැත්තෙන් යන එකක් නෑ.... හොරැ පමණක් නෙවෙයි... හි හි

    ReplyDelete
    Replies
    1. මේවට තමා කියන්නේ හොරු සමග හෙළුවෙන් කියලා.

      Delete
    2. ඇයි හිරු අක්කලා ගිහින් තිබ්බේ... :) :)

      Delete
  20. අඩේ ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවා වගේ. උඹට දෙන්න පුළුවන් ජෝකර්ගේ කැරැට්ටුව. ෆිල්ම් එකේ බුවා පියරජ, හැබැයි ගෝඩ් ෆාදර් කම දෙන්න වෙන්නේ මව්තුමියට. යුවරජාට උඹ කැමති එකක් දියං.

    අර සිතියම නං මරු ඈ..

    ReplyDelete
    Replies
    1. ඒකත් එල බං තත්වේ හැටියට :)

      Delete
  21. අඩේ රජා නම් මාර මොළකාරයෙක්නේ.හැබැයි රජා කිව්ව එකනම් හරි චූ පාරක්වත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ ඉතින්... චූ කලානම් තියෙන්න එපැයි :)

      Delete
  22. අපරාදේ කාටුන් එක...

    ReplyDelete
  23. පියතුමා මාරයිනේ.මොන කටුන්ද බලන්නේ

    ReplyDelete
    Replies
    1. මොන කාටූන්ද කියන්නේ? ඒවා සුපිරි කාටූන් :)

      Delete
  24. ඈ.. මොන ලර්නස් එකෙන්ද දන්නේ නෑ ඩ්‍රයිවින් ඉගෙන ගත්තේ.. එහෙම නැත්තම් ඔය ආපු කස්ටර්මර් සර්කස් එකක වැඩ කරන පොරක්ද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඒකනම් කොහොමද දන්නේ නෑ :)

      Delete
  25. මෙන්න පනිනව නම් පට්ට ප්ලේස් එක
    දැන් කවුරු පැන්නත් යන්නේ නිලමෙගෙ එකවුන්ට් එකටනේ :D

    ReplyDelete
  26. :D උඹලා සෙට් එක දැක්කම ඌට චූ කලිසමේ ගියාද දන්නේ නැහැ.උඹලා බලන් ගියාම අපේ බිස්නස් එකට සමාන එකක් ආ කරන්නේ :)

    ReplyDelete
    Replies
    1. හෑ...? උඹලෑ එක මොකද්ද? :)

      Delete
  27. හතර දෙනාම සූරයෝ... අපරාදේ බං දෙන්න තිබුනේ දෙකක් පු* පැලෙන්න.

    ReplyDelete
    Replies
    1. අයියෝ පුක කියන්න කැත වචනයක් නෙමේ...

      කොහොමද බුකියේ පුක පේජ් එක??? බුරිය ඉදිමෙනකන් හිනාඋනෑකි :) :)

      Delete
  28. රාජ උදහසට ලක් වූ හොර තෙමේ ගේ කතා වස්තුව..!

    මේ රජෝ. ලිං වළල්ලක් ගන්න කොට ත්‍රී විල් එකකුත් දෙනව ද බං.. :)

    ReplyDelete
    Replies
    1. ජයග්‍රාහී පලවෙනි කස්ටමර්ට විතරයි ඈ... (මේක විතරනේ තියෙන්නේ)

      Delete
  29. වෙලාවට මැප් එක දුන්නේ. (එළදෙන ඇරෙන්න බල්ලෝ එහෙම නෑ නේද?)

    යකෝ මාත් වෙලාවකට බයික් එකේ යද්දී චූ කරන්න ඕනි උණාම අතුරු පාරවල්වලත් යනවා. සමහර ඒවා ප්‍රයිවට් පාරවල්. මටත් ඔහොම වෙයිද දන්නේ නෑ. නේ. ඈහ්?

    පුංචි දඟකාරිගෙත් පස්සේ වම පැත්තේ පච්චයක් කොටලා තියෙන්නේ චූ කරන එකක්. :D

    ReplyDelete
    Replies
    1. අම්මපා මමත් ඕයි... ගිහින් හොද ගහක් හොයාගන්නවා. ගහ හැදෙන්නත් එපෑ :)

      අඩෝ ඒක මමත් දැන් දැක්කේ ^_^

      Delete
  30. චොට්ටා බීං කියන්නෙ අර ලඩ්ඩු පෙරේතයා නේද? හික්ස්.

    මරු සිතියම බං. අර ත්‍රී වීලර් එක ගැන ඇඩි විස්තර නොකියන්නෙ ඇයි උඹ?

    ReplyDelete
    Replies
    1. අන්න හරි..... ඌ තමා!!!! ඒ කියන්නේ මෙයත් බලනවා. අයියෝ ඩූඩු :) :)

      ඌ පව් හින්දා ;)

      Delete
  31. සුන්දර සටහනක්. මේ වගේම එකක් චන්දනත් ලියලා තියෙනවා. මේ වගේම කිව්වට වෙනස් කමුත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මේක සමකය වටේ අලවන්න තිබ්බ කමෙන්ට් එකක් බං. පොඩ්ඩක් මඤ්ඤං!

      Delete
  32. ඉතා ලොල් සහගතයි...ඒත් උඹේ වයසේ පොඩි එවුන් කොහේද බොල ඉන්නේ?

    ReplyDelete
  33. නොදකින් තොපි හදන්නේ කොන්ක්‍රීට් නේද ඔය කානුව වැහෙන්න දාපියකෝ කොන්ක්‍රීට් ලෑල්ලක් මිනිස්සු අමාරුවේ දාන්නේ කුන්කම නැතුව. තව ෆොටෝත් ගහලා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ

      Delete
    2. හොදට තිබ්බ පාර ආයේ කාපට් කරනවා. අර පසුත් අළුතෙන් දාපුවා.. තිබ්බ කැට අයින් කලා උන්. ඉතින් අපි මොනවා කරන්නද? :)

      Delete
  34. මම ඊයේ Coming to America ෆිල්ම් එක බැලුවා. මට එක පාරටම මතක් වුනේ මේ කොන්ක්‍රීට් රජාව.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ??? හොයලා බලන්න ඕනේ :)

      Delete
  35. යකෝ රජ ෆැමිලි කොයිකත් එකවගේනේ බලන් ගියාම, චතුරංගනී සේනාව පරාදයි. වලියක් හෙම සෙට්වුනොත් කෝල් එකක් දෙන්නම්, පවුල පිටින් වරෙන් ගේමට බහින්න.

    මොනාද බං, ගහෙන් වැටුනු එකාට ගොනා ඇන්නැහෙ අර මනුස්සයගේ ත්‍රීවිලර් එක කානුවෙ වැටිල උනු අලාභෙට වැඩිය වැඩියිනේ බොලාගෙ ඔය කොන්ක්‍රීට් වළලු තඩිය ඒක උඩට පතබෑවිල වෙච්ච අලාභෙ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම............. අම්මව ගෙන්න ගම්මු කලින්ම

      Delete
    2. අපි මොනවා කරන්නද යකෝ... ඌ රින්ගන්නේ ඒවා අස්සේ...

      @කේන්දර: උඹෙත් අඩු කඩයි ඈ! :)

      Delete
  36. තව පොඩ්ඩෙන් පොල් ගෙඩි අටේ කෙස් එක වගේ කේස් එකක් වෙන්නත් තිබුනා .

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. පිය රජ්ජුරුවෝ හොද පොළිසියට.. බලහං ලංකාවේ පොලිසියටවත් බෑ බං චූ කරපු පාර බලලා හොරු අල්ලන්න.. නැද්ද මං අහන්නේ..

    ReplyDelete
    Replies
    1. සිරාවට සිරාවට... ඇත්ත කතාව :)

      Delete
  39. අපෝ මේකෙන් බඩු ගන්න හතුරෙක් වත් යවන්න නරකයි....

    මටනම් අර චොටා බීම් එක පේන්න බෑ.. අපේ අක්කගෙ කොල්ල ඒව බලල පුංචි මම බීම් කියල උඩ පැනල අපිට ගහනවා... මට ඉතින් මතක් වෙනවා චෝටා බීම්ගේ පවුලම.,..

    ReplyDelete
    Replies
    1. ඇයි.. බලනවකෝ කොලිටි බඩු!

      අඩෝව්.... බීම්ට බනින්නේ නෑ... මට තදවෙනවා! :/

      Delete
  40. Replies
    1. මට දෙනවකෝ කීයක් හරි.. :)

      Delete
  41. රජෝ අර ත්‍රි විල් එක පාක් කරන්න හදලා තියෙන එක එඅගේ ලොකු ඒවා තියෙනවද? කාර් එක පාර්ක් කරන්න ගන්න.

    ReplyDelete
    Replies
    1. අයියෝ දෙන්නං... ඔයිට වඩා ලොකු ඒවත් තියෙනවා! :)

      Delete
  42. අඩේ මරු වීර ක්‍රියාව ... මොකැයි යුව රජාව වික්‍රමේට හවුල් කරගත්තේ නැත්තේ?

    ත්‍රීවීල් එකට කොන්ක්‍රීට් ආකර්ෂණය වෙනවා ඇති :P

    ReplyDelete
    Replies
    1. මිනිහා චෝටා බීම් ගෙ වීරක්‍රියා බලනවා ගෙදර... :)

      අනේ මන්දා... මං හිතන්නේ වීල් එකේ බෆල් වල කාන්දම් වලට කම්බි ආකර්ෂණය වීමක් වෙලා තියෙන්නේ

      Delete
  43. අර යුද සැලැස්ම නම් නියමයි.:D

    ReplyDelete
  44. රජෝ.. සල්ලි සල්ලි බලන්නේ නැතුව හයිකරපන් සීසීටීවී සිස්ටම් එකක් හංගලා..

    ReplyDelete
    Replies
    1. ඒකතමා දැන් කරන්න වෙන්නේ :)

      Delete
  45. අඩෝ රජෝ කොන්කිරිට් විකුනන්න කලින් පාර පොඩ්ඩක් හදපං බලපන් කස්ටමස්ලා කානුවෙනේ...

    ReplyDelete
    Replies
    1. පාර හදනවා මලින්ද මාමාගෙ කට්ටිය! ;)

      Delete
  46. පිය රජතුමත් හොරාගෙ තර්ක බිඳ දාලා තියෙන්නෙ සිම්පල් ප්ලෑනෙන්නෙ..
    ගිරිඋල්ල පැත්තෙ කිව්වා නේද..? පොල්ගහවෙල පැත්තට වගේ ආවොතින් ඇඩ් එක සලකා බලන්ම්කො..:D

    එයානම් පුංචි දඟකාරියක් නෙමෙයි වගේ.. :D :D

    ReplyDelete
    Replies
    1. අප්පේ.. ඔහෙ කට්ටිය ඕන තරම් එනවා අර ප්‍රීකාස්ට් ස්ලැබ් අයිටම් එක ගෙනියන්න :)

      Delete
  47. //..ඌව අපේ තාත්තත් හොදට අදුරන්නේය. උගේ නම නිලමෙය....//

    ඔක්කොම වල් රජාගේ රජ වාසළේ පොරවල් තමා :P

    ReplyDelete
    Replies
    1. හැක්... අපිටම කෙලවන්න ඉන්නේ ;)

      Delete
  48. ලයිසන් ගත්ත පොට් එක කොහේද දන්නෑ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇහුවේ නෑ බං ;)

      Delete
  49. අනාගත හොරුන්ට මේකෙන් ගන්න තියෙන පාඩම තමයි මීට පස්සෙ චූ කරද්දි අනිවාර්යයෙන්ම පාර හිටින්න කරන්න ඕන කියන එක ... :P

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරයි තේරුනේ... ^_^

      Delete
  50. රජ පවුලෙ වැඩ නම් නියමයි පලවෙනි පාර සමාව දුන්න එකත් හොදයි ඈ පොඩි එකෙක් නිසා ...... :D

    ReplyDelete
    Replies
    1. හෙහ්... පව් අප්පා ඌ... මට මැවිලා පේනවා වැද වැටුන හැටි :)

      Delete
  51. මට තාම හිතාගන්න බෑ අරූ වලල්ල අස්සෙන් කොහොමද දම්මෙ කියල ඇහැරෙන්නෙ නැතුව. ඌව යවන්න තියෙන්නෙ සර්කස් එකකට. අර මැඩගස්කාර් 3 එකේ කොටියගෙ චරිතෙට

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නේ පෙරලුනාට පස්සේ සිලින්ඩරේ උඩට වැටෙන්න ඇති කියලා..හාහ් හාහ් හා..පට්ට හොරුනේ බං ඔහේ ඉන්නේ..

      Delete
    2. පැතුමා හරි...

      ඒක තමා වෙලා තියෙන්නේ. වැටට සමාන්තරව තිබ්බේ ඕක. මූ හැප්පෙනකොට කැරකිලා ඇවිත් ඒක උඩට වැටිලා :)

      Delete
  52. හොරා පොඩි එකෙක් නිසා තාත්තට පුංචි දුකක් හිතිලා.. අන්න පිය රජතුමා දරුවට හොඳ නරක කියාදීලා..

    ReplyDelete
    Replies
    1. හරියට හරි... ඒක තමා උනේ :)

      Delete
  53. හික්ස්..ඔයාගේ පිය රජතුමාම අමතන්නම්කො මොනවා හරි ගන්න වුනොත් ඈ

    ReplyDelete
    Replies
    1. එළකිරි ඈ...

      මට මේ නම පේන්නෙම පැස්බරා වගේ අප්පා ;)

      Delete
    2. මට කියවෙන්නේ අස්පරා කියල..

      Delete
  54. අර ත්‍රිවිල් එක කොහොමද බන් අරක ඇතුලට ගියේ.

    ReplyDelete
    Replies
    1. ඒක පස්සේ පෙරලිලා තියෙන්නේ උඩට! :)

      Delete
  55. අඩෝ මට හාර්ට් එතෙක් එකක් හැදුනොත් උබේ බ්ලොග් එක කියවල තමයි... එල එල.. ජය සුභ...

    ReplyDelete
    Replies
    1. හැකැස්... හෘදයාබාධ වලට වග කියනු නොලැබේ :)

      Delete
  56. බැරිවෙලා හරි හොරා රජා ඉන්න පැත්තට දුවගෙන ගියා නම් උඹලා තාම හොරා හොයනවා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඈ.. ^_^

      Delete
  57. මේ හොරා ඇර වෙන හොරු ඉන්නවද?

    ReplyDelete
  58. කොහොමද බං ඔච්චර පාර අද්දර වෙලා..කම්බි ඉස්සුවේ..!

    ReplyDelete
    Replies
    1. හවස් උනාම කළුවර වැටීගෙන එද්දි කවුරුවත් නෑනේ ඉතින් :)

      Delete
  59. මචන්, අරුට එකක් හරි ගැහුවේ නැති එකටනම් මට ටිකක් දුකය..... එක නෙවෙඉ, දැන් advertising
    පටන් අරගෙනද. ...

    ReplyDelete
  60. හැක් හැක් රාජ ආතල් ඕයි..! :D :D අර ත්‍රී වීල් පුටොව තමා මරු :)

    ReplyDelete
  61. අඩේ අර පුංචි දඟකාරී ඇයි බං කොන්ෆ්‍රීට් හයියද කියල ත්‍රිවිල් පුටාර් එකක් වද්දල බලන්නේ... උට තිබුනේ නැද්ද ටිකක් ලොකු වාහනයක් බාවිතා කරන්න ඔය කාරියට නැද්ද බෝල?=))

    ReplyDelete
  62. හපෝයි පිය රජ හින්දම හොදයි ... වෙන මෑන්ස් කෙනෙක් නන් අරූගෙ දත් ටික බඩට යවනවා...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)