Wednesday, February 20, 2013

හසංගි නීඩ්ස් යූ මචන්!!! - Hasangi Needs You Machan!!!



ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..

කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..

අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා.. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?

Facebook එකේ, බ්ලොග් අවකාසේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා..

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..

මෙය කිසිම ආකාරයේ අසත්‍ය තොරතුරක් නොවන අතර ඉදිරියේදී එම සහතික ඔබට ඉදිරිපත්කිරීමට අප සූදානම්.. එහෙයින් යමක් පිළිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..



විමසිය හැකි අය..

නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
 නිමේෂ් ගමගේ - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
හෝ
අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina


මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

MEDICAL REPORTS OF HASANGI
Click Here 

හැකි හැමෝම මෙය SHARE කර අනෙක් මිතුරන්ව දැනුවත් කරන්න.. ඔබ සැමටම ස්තූතියි..

ප/ලි:

අපි නිකරුනේ වැය කරන රුපියල් 100කින් 200කින් මේ අක්කගේ ජිවිතේ බේරගන්න පුලුවන්.මොහොතක් හිතන්න.පුළුවන්නම් මේ වෙනුවෙන් දායක වෙන්න....

මේක අනිත් උන් රනවා වගේ බොරුවක් නෙමේ මචන්... පෝස්ටුව දාලා මමත් කෙලින්ම ගියේ බැංකුවට...

 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

46 comments:

  1. ස්තුතියි මලේ...:)

    ReplyDelete
  2. හරි බං.. හෙට බෝතලයක් ගහන්න තියෙන දාහ මම දාන්නං... අද දවල්ට.. එකවුන්ට් නම්බර් එකට ඉස්සරහින්ද බං අර සාකා අංකේ දාන්න ඕන.. ඉක්මනට කියාපිය. මම දොළහට සෙට්ටපෝච්චි වෙන්න කලින්..

    අර උඹේ සපත්තු දෙක ගන්න සල්ලිත් ඕකට දාපං.. හෙක්...

    ReplyDelete
    Replies
    1. සාකා අංකේ ඕන්නෑ බං සල්ලි දාන්න...
      මම හිතන්නේ...
      කෝකටත් ලියාගෙන යමන් පුරවන්න තිබ්බොත් දාහන්...
      මට මතක විදිහට ඒක ඕන්නෑ!

      Delete
    2. ශාකා අංකය අත්‍යාවශ්‍ය නෑ.
      ඕනම සම්පත් බැංකුවකින් ඒ අංකෙට දාන්න
      ගිණුම් අංකය - 100953703167
      නම - N.R.R.Gamage

      Delete
  3. තැන්ක්ස් ම්චන් ශෙයරින් එකට. එකතු උනොත් අපිට මෙක ාමාරු නැ. ජය වෙවා

    ReplyDelete
  4. මමත් එකතු වෙන්නම්. ඔන්ලයින් බෑන්කින් වලින්... මේ නංගියාට ඉක්මනට සුවවෙන්න පතනවා...

    ReplyDelete
    Replies
    1. සල්ලිකාරයොනේ.... ටිකක් වැඩිපුර දානවා ඈ!

      අපිට පුළුවන්ගාන තමා මේ :)

      Delete
  5. මේ මගේ නංගි.. ස්තුති රජෝ ...

    ReplyDelete
  6. සහයෝගයක් දෙන්නම් මචං..

    ReplyDelete
  7. මෙහෙවරට තුති!

    ReplyDelete
  8. හරි රජෝ..........!!

    ReplyDelete
    Replies
    1. දුවනවා ඉක්මනට බැංකුවට! :)

      Delete
  9. මමත් බැනර් එකක් උඩින් දාලා මේ පෝස්ට් එක ලින්ක් කලා කමක් නෑ නේද?. ගොඩක් පින්!

    ReplyDelete
    Replies
    1. පින් සිද්ධ වෙච්චාවේ!

      Delete
  10. අනිවා කරන්න ඕනේ දෙයක් මචං! මේ මගෙත් යාළුවෙක්.....

    ReplyDelete
  11. අනිවාර්යෙන්ම උදව්වක් කරන්නම්.
    දැනුවත් කිරීමට ස්තුතියි

    ReplyDelete
  12. හෙට උදේම උදවුවක් කරන්නම්.

    ReplyDelete
  13. මමත් එකතුවෙන්නම්.මේ අක්කාට ඉක්මණින් සුවවෙන්න පතනවා.

    ReplyDelete
  14. බොහෝම පිං රජෝ.........

    ReplyDelete
  15. කීයක් හරි දාන්ඩෝ!!!!!

    ReplyDelete
  16. දැන්වුවාට ස්තුති.

    ReplyDelete
  17. රජත් ඉඳලා හිටලා වැඩක් ඇති වැඩත් කරනවා නේද?

    ReplyDelete
  18. හැකි උදව්වක් කරන්න බලන්නම් මචං. අපේ ළඟම යාළුවෙක්ගෙ අම්මගෙ මොළයේ සැත්කමක් කරන්න අපි මේ දවස්වල හැම සතයම එකතු කරනවා.. මේ අක්කටත් රු; 100,200 ක මට පුළුවන් විදියක උදව්වක් කරනවා..
    අර ඇන්ටිගෙ බෙහෙත්වලට දවස ගානෙ 3000ක් ඕන..

    ReplyDelete
    Replies
    1. එහෙමත් සීන් එකක්ද? :0

      Delete
  19. හැමෝම එකතු වෙලා පොඩි දෙයක් කලත් ඒ ලොකු ගැන එකතු කරගන්න අමාරු නැහැ..

    ReplyDelete
  20. මේක රජාගේ රජ වැඩක්

    ReplyDelete
  21. මේ බ්ලොග් එක නිසා තමා බ්ලොග් අඩවියේ ඔයාලව මට අදුනගන්න පුලුවන් උනේ. ඔයාලා හැමෝටම ගොඩාක් පිං මේ කරන සමාජ මෙහෙවර වෙනුවෙන්. ඔයාලගෙ හැමදේම සාර්ථක වෙන්න, ඔයාලට හැම සතුටක්ම ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා. බුදුසරණයි.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)