Sunday, January 6, 2013

මෙච්චරකල් දැගලුවට දැනුයි ඕං ලීගල්... (යන්තන් 21+)


මීට වසර 21කට කලින් හෙවත් එක්දහස් නවසිය අනු දෙකේ අද වැනි පින්බර දවසක ඇතුගල්පුර පෞද්ගලික රෝහලක කිරි කැටි පුත් කුමරෙක් උපන්නේය. ඉපදෙනකොටම බ්ලොග් ගලක් බදාගෙන ඉපදුන මේ පුත් කුමාරගේ ඒකායන බලාපොරොත්තුව උනේ ගල් තොප්පියක් ගෙන බිල්ඩින් උඩ හිටගෙන සිටීමය. ඌ දැන් එම සිහිනය සැහෙන දුරට ඉටු කරගෙන ඇත. එත් තාම සම්පුර්ණ නැත. තවත් මේ වගේ දවස්  2කට කලින් ඒ ඔක්කොම සීන් ඉවර කරදැමීම මේ පුස්ගලයාගේ ඊලග බලාපොරොත්තුවය.  

යන යන තැන එක එක චරිත මවා ගැනීමට මේ කොලු ගැටයට පුළුවන. 1 ඉදන් 5 වසර වෙනකන් මේ කොලුවා ඉතා අහිංසකය. අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු කරන විට ඩෙස් පුටු දාලා යන්න බැරුව ඩෙස් පුටු බදාගෙන ඇඩුවෙය. මොහුගේ අනර්ඝ ක්‍රියා කලාපය හේතුවෙන් උගන්නපු ටීචලට ඔහුව තාමත් මතකය. සම්පුර්ණ නමෙන්ම මතකය. වැරදිලා වගේ ඉස්කෝලෙට ගිහාම ටීචලා ඔහුව වට කර ගන්නේ හෙන හැන්සොමේ නළුවෙක් වට කරගන්න කෙල්ලෝ රැලක් වගේය. 

6 වසරෙන් පස්සේ ගිය ඉස්කෝලෙත් මම හෙන අහිංසක කොලු බට්ටේක්ය. අපේ පවුලේ මම තරම් හොද කොල්ලෙක් ලොවෙත් නැත. හැමෝටම ආදර්ශ දෙන්න උදාහරනෙට ගන්නේ මාවය. මම ගමේදී ඇවිදින්නෙත් මම ඇවිදීම හේතුවෙන් පොලවට රිදේවි යන සංකල්පනාවෙන්ය. නමුත් අපේ යාලු මාලු සෙට් එක අස්සේ මම වෙනම චරිතයක්ය. එතනත් ඉතින් නොමැකි ඇති එකම දෙය අහිංසකකම පමණය. මොහුගේ මුණ බලන ඕනෙම කෙනෙක්ට ඌ හොඳ සංයමයකින් යුතු කොලු ගැටයෙක් බව සුටුස් ගා මීටර් වෙන්නේය

හේ තෙමේ උපතින් වසර 20කට පසු සෛබර් අවකාශයට පැමිණ එතනත් කුජීත කරමින් සිටි.  **අපේ ජීවිත කතාව අපිම ලියාගමු** කියමින් ඌ තම ජීවිතයේ වෙන, වෙන්න තියෙන, වුන, හද්ද චොර සීන් ටික අකුරු කරමින් සිටී. පණ කෙන්ද තියෙන තාක්කල්, උගේ වාග් මාලාවේ පීචං වචන ටික අමතක වෙනකං ඒවා සයිබරයේ කැරකේවි.


කෝමද නිකන්
ලෝඩ් පකීර් වගේ නෙහ් ^_^

දැන් මං මේ කියන්න ආවේ..... 
අද මගේ උපන්දිනේ බං.
21කුත් වෙලා.... :)


ප/ලි:

අද ඉරිදා හින්දා හැමදාම දෙන කිරිඅම්මලෑ බාරේ හෙටට කල්ගියා. කැවුම් එහෙම ඕනේ කස්ටිය හෙට මේ පැත්තට ඔළුව දානවා හොදා ඕං!


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

115 comments:

  1. හරි! දැන් ඉතිං හොරෙන් විටමින් කූරු ඇදපු ඒවා අත ඇරලා නිත්‍යානුකුල ව ජිවිතේ ගෙවන්න බලපන්! බලාගෙන තව කොටන්නේ කී බෝඩ් එකට රිදෙයි!

    ReplyDelete
    Replies
    1. චික්!!! අපි හොද ළමයි යකෝ! :/

      Delete
  2. සුභම සුභ උපන් දිනයක් වේවා රජෝ.....

    ReplyDelete
  3. අඩේ.. හැප්පි හැප්පි බර්ත්ඩේ වල් රජෝ.... හි හි.

    මුගේ මේ කතා කියවද්දි අම්මපා අපේ මලයා හොඳයි කියලා හිතෙනවා මං... ඇත්තමයි.. හි හි

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      හික් :)

      Delete
  4. සුභ උපන්දිනයක් රජෝ... !!!

    ReplyDelete
  5. හප්පා දන් ඉතින් මේකේ අපචාර එහෙම සරුවට තියෙයි..... දැම්ම බ්ලොග් රෝලෙන් ගලවල දාන්න ඕනේ


    සුභ උපන්දිනයක් වේවා.. වල් රජෝ

    ReplyDelete
    Replies
    1. දැන් ඒවා ලීගල් ඈ ;)

      තෑන්ක් යූ!!!

      Delete
  6. රජාට මම මූණු පොතෙන් සුභ පැතුවානේ. රජා කිව්වාට තමා රජ පැටියෙක්නේ :D

    ReplyDelete
    Replies
    1. සූටි එකෙක් :)

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  7. හිතං ඇත්තෙ ලෝඩ්පකීර් කියලවෙන්ටැ...!

    සුබ උපන්දිනයක් වේවා...!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ;)

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  8. රජාට සුබ උපන්දිනයක් වේවා !

    දැං 21+ උනාට පස්සෙ මොනවද කරන්න හිතාන ඉන්න කුප්ප වැඩ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      අනේ මන්දා! :)

      Delete
    2. දැන් ඉතින් පුසන්නයෝ උඹලට අපිට වාගේ වයසක උන්ටත් මුගෙන් පරිස්සං වෙන්ඩ වෙයි

      Delete
  9. ඔයත් 92ද රජා??... මට වඩා මාස 10කටනෙ වැඩිමල්..හැහ්.. මම මූණු පොතෙන් සුබ පැතුවා... ආයෙත් හැපි කේක් ඩේ හොදේ... !!

    ReplyDelete
    Replies
    1. ඒමද?

      අඩේ සිරාවට කියන්නේ මම තාම කේක් කෑවේ නෑනේ :)

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  10. තාම 21 ද ? සුබ උපන් දිනයක් වේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා දැනුයි යන්තන් 21 :)

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  11. අඩේ දැන්ද උඹට 21 ලැබුවෙ, මූ බාලාපරාධකාරයෙක්නේ, මෙච්චරකල් ලියපුවගෙ හැටියට මම හිතුවෙ 31 ක් වත් වෙනව ඇති කියල.

    එහෙනම් ඔන්න අඩවි රජාට සුබ උපන්දිනයක් !

    කේක් නැද්ද, කැපුම් එපා.

    ReplyDelete
    Replies
    1. හා_____පූ!!!!!

      තෑන්ක් යූ ඈ!!!

      කැපුම් නෑ කැවුම් තියෙන්නේ ;)

      Delete
  12. හයියෝ..... පැඟිරි කොල්ලො....
    උඹ ඉපදෙනකොට මම දෙවනි වතාවෙ ඒ ලෙවල් කරනවා...
    කමක් නෑ... ජීවිතේ තව ගොඩක් දේවල් කරන්න තියෙනවා.. ඉස්සරහ හොඳට ප්ලෑන් කරලා වැඩ කොරාපිය... වරදින්නෙ නෑ...
    කොහොමත් ජනවාරි මාසෙ උපන් එවුන් වැඩකාරයො....

    ReplyDelete
    Replies
    1. අම්මපා! ඇල්කෙමියා මට වඩා සෑහෙන වයස නොවැ. මම හිතන් හිටියෙ ඇල්කෙමියාට අවුරුදු තිහකට වඩා නැතුව ඇති කියලා! :D

      Delete
    2. මෙහෙම හිටියට පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයස....
      ඒ වුන්ට පෙනුම නං දාසයයි මාසයයි වගේ... හෙහ් හෙහ්... (වැඩත් ඒ වගේම තමයි... )
      ;)

      Delete
    3. අෆ්ෆට සිරි!!

      මට මාමේ කියන්න වෙයිද මන්දා :)

      Delete
  13. එහෙනං ලෝක විනාසෙ පටං අරං අවුරුදු විසි එකකුත් උනා ඈ..............උඹට සුභ උපන් දිනයක්.....ලෝකයට මගේ හෘදයාංගම ශෝකය.....!!!

    ReplyDelete
    Replies
    1. :) :)

      මාගේ සාතිශය තෑන්ක් යූ එක ඈ!!!

      Delete
  14. සෙලිබ්‍රේක් කොරන්ඩම එපායැ ලොක්කා. මොකද ගෙදර කට්ටියයි උඹේ යාලු මාලුවොයි උඹේ කුජීත වැඩ අවුරුදු විසි එකක්ම ඉවසාගෙන හිටියයි කියන එකම සුලුප‍ටු වැඩක්ද?
    Happy 21st B'day!
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හෙහ් :) :)

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  15. සුභ උපන් දිනයක් කිවිවා ඔං.........

    ReplyDelete
  16. කලිනුත් සුභ පැතුවා මූනුපොතේ. කමක් නෑ ආයිත් සුභ පතන්නම්කෝ...
    21 උපන්දිනේ සුභවේවා රාජ සම්පත් ලැබේවා...!

    ReplyDelete
  17. යකෝ මේකා මට මලයා නේ එහෙනම් මම හිතන් හිටියේ මේකා නාකියා කියලා.ඔය ඉන්නේ හීන්දෑරි නංඟිත් පැත්තකින්
    හැපි බර්ත් ඩේ මචන්

    ReplyDelete
    Replies
    1. එතකොට උඹයි නාකියා! :)

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  18. හැපි බත් එසේම වේවා!

    ReplyDelete
  19. චූටි මල්ලිට සුභ උපන්දිනයක් වේවා කියලා පතනවා...

    අර ෆොටෝ එකේ මල්දෙණියෝ සිමියොන් වගේ තමයි පෙනුම....රාජ සම්පත් නම් එපා...

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      කෝමද කියනවකෝ ලුක් එක ;)

      ඒවා දෙන්නෑ!

      Delete
    2. ලුක් එක සවුත්තුයි බන් ගෑණු පදින බයික් එකක්නෙ පිටිපස්සෙ තියෙන්නෙ....

      Delete
  20. අද උදේම නැගිටලා කඩේට දුවලා “සිගරැට් එකක් දෙන්න මුදලාලි දැන් මගේ වයස හරි“යි කියලා කිව්වා කියන්නේ ඇත්තද බං..?

    නාකි උනාට සුභ පැතුම්.. කල් යන්න යන්න තමයි පොල්වලත් තෙල් බේරෙන්නේ... :D

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ? බොරුඌඌඌඌඌඌඌඌඌඌ

      එහෙමලු එහෙමලු :)

      Delete
  21. සුභ උපන් දිනයක් රජෝ! පින්තුරේ හැටියටනම් 35 ක් විතර කියතහැකි.... :P

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      නොදකින් ;)

      Delete
  22. සුභම සුභ උපන් දිනයක් වේවා රජෝ!!!

    ReplyDelete
  23. සුබ උපන් දිනයක් වේවා කොලු ගැටයෝ..! :)

    ReplyDelete
  24. aya methanath wish koranta mata be bn. 12e5ta wish kara wage mathakai.

    Sudu paata hiswesume(bile eke yanakota daana eka nemei) sebe aitheya ikmaninma lebewa. Umbe heene ekane.

    Ada wath naapan.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      දත් මැදලත් නෑ බං තාම නානවා තියා :)

      Delete
  25. සුබම සුබ උපන්දිනයක් මචං. අරූ කියලා තියෙන්වා වගේ අදවත් නාපං...

    ReplyDelete
  26. "ලෝඩ් පකීර් " කියන්නෙ මොකාද බං ? ඌත් උඹ වගේ නසරාණියෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඌ මචන් හෙන සම්භාව්‍ය පොරක්! :)

      Delete
  27. සුභ උපන්දිනයක් වේවා රජෝ! මගේ යාළු අයියෙක් ඉන්නවා දිනේශ් කියලා. එයාගෙත් උපන්දිනේ අද.( එයාටත් මේ වගෙම තමයි. විසිහයට තිස්පහක් විතර පේනවා! ;) )
    එහෙනම් දැන් වයස සම්පූර්ණයි නේ?

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      හෑ?????? :(

      Delete
    2. ඇස් පේන මිනිස්සු ඉන්නවනෙ බං

      Delete
  28. සුබ උපන් දිනයක් වේවා මහරජාණනි....!

    ReplyDelete
  29. සුභ උපන් දිනයක් වේවා රජෝ..

    ReplyDelete
  30. කිරි එරෙන පැණි වැක්කෙරෙන කොටහළු මගුලක් වේවා........

    ReplyDelete
    Replies
    1. යකෝ මම ගෑණියෙක් නෙමේ!

      Delete
  31. ලෝඩ් පකීර් වගේම තමා..
    උබ ගැන සීන් ටිකක් මං ගාවත් ඇති සුපුනයා කියපු...
    පස්සේ ඇදලා ගන්නං සේපර් එකේ..
    හැපි බර්ත් ඩේ ඈ.....

    ReplyDelete
    Replies
    1. හා හා හා____ කට හොල්ලනවා නෙමේ ඈ!

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  32. Happy b'day rajoo..wedi wedi athal lebewaa..saadu saadu..

    ReplyDelete
  33. සුභ උපන්දිනයක් රජෝ..

    ReplyDelete
  34. පරක්කු උනත් සුබම සුබ උපන් දිනයක් වේවා :)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ!

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  35. අයියට සුභ උපංදිනයක් වේවා! මේ සැරේ එක්ස්-බෑන් නේද? එනවනේ?

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      අපි නැතුව මොන එක්ස්-බෑන්ද බං! අනිවා එනවා :)

      Delete
  36. සුභ උපන්දිනයක් වේවා රජතුමනි..කවුරුත් සින්දුවක්වත් හැදුවෙ නැද්ද?!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      මොන සින්දුද මෙයා ;)

      Delete
  37. සුභ උපන් දිනයක් රජෝ ...! (මේ ..ඇවිදිනකොට හැබෑටම පොලවට දැනෙන්නේ නැද්ද ඇ ..ඇඟ දැක්කම නම් ඒබව පේනවා )
    :D

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      හෙහ් හෙහ් :)
      මම මෙහෙම හිටියට බර නෑ
      කිලෝ 65යි!

      Delete
  38. යකෝ සඳුදා කිරි අම්මලෑ දාන දෙනවද ? කෙම්මුර දවස් වලනේ දෙන්නේ...? සුභ උපන්දිනයක් වේවා ඈ.. පස්වාන් දහසකට වල්කම්

    ReplyDelete
    Replies
    1. මන්දන්නෑ බං ඕවා! ඕං අද තිබ්බා

      තෑන්ක් යූ ඈ!!!

      Delete
  39. සුභ උපන් දිනයක් රජතුමණි !!!

    බාල වයස්කාරයෙක් නේ රජ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      හෙහ් හෙහ් :)

      Delete
  40. පරක්කු උනා එන්ට පස්වාන් දහසකට සොරි වෙන්න ඔනේ..
    සුභ උපන් දිනයක් වේවා..
    දැන් ඉතින් ඔන මගුලක් එලිපිට..

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      එකෙන්ම එකෙන්ම :)

      Delete
  41. සුබ උපන් දිනක් මහරජානනි ටිකක් විතර පරක්කු උනා එන්න ඒක නෙමෙයි බයිසිකයේ පෙට්‍රල් කොච්චර කරනවද ?

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      අනේ මන්දා! ඉවර වේගෙන එනකොට ගහනවා, දුවනවා :)

      Delete
  42. පරක්කු උනාට කමක් නෑ
    සුභ උපන්දිනයක් වේවා රජෝ.....!!
    අඩේ උඹ තාම වයසින් පොඩියි නේ ඕයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!!

      ඔව් ඕයි! ;)

      Delete
  43. සුභ උපන් දිනයක් වේවා රජෝ..!!

    ReplyDelete
  44. සුභම සුභ උපන්දිනයක් වේවා රජෝ.... තව තව රාජ සම්පත් ලැබේවා...

    ReplyDelete
  45. හේ හේ අයියේ සුබම සුබ උපන් දිනක් වේවා....!!! (පසු වූ)

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට! මම අයියද?
      හැබෑටම මට අයියේ කියන්න ඉන්නේ කීදෙනාද මේ බ්ලොග් ගල් අවකාසේ?
      ඇඩෙනවා :)

      තෑන්ක් යූ ඈ!!!

      Delete
    2. අපොයි ඔවු.. මම මල්ලියෙක් තමා.. හික් හිකිස්...

      මට හම්බෙලා තියෙන්නෙ නම් මල්ලිල එක්කෙනයි...

      Delete
  46. බුකියේ විශ් කලාට මේක දැන් නේ දැක්කේ...

    සුභ උපන්දිනයක් වේවා... දැන් එහෙනම් ලීගල් උන එකේ උඹ................................... ( හිතාගනින්..)

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!! :)

      මොනාද හිතාගන්නේ බං? මට එක එක ඒවා හිතෙනවා!

      Delete
  47. උඹ දැන් නාකියි..නාකි රජා.. හැපි නාකි ඩේ එකක් වේවා...

    ReplyDelete
  48. සුබ උපන්දිනයක් වේවා කොල්ලෝ !
    ඔන්න රාජ සම්පත් නම් එපා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ ඈ!!! :)

      දෙන්නෑ!

      Delete
  49. ෆේස් බුක් එකේ සුභ පැතුවනේ රජෝ . . ඒ මදෑ නේ

    ReplyDelete
  50. නාකි අවලන් කොලු ගැටයා ...දැන් ඉතින් විටමින් ඇදීමටද අවසරය ලැබුනා ඈහ්..

    ReplyDelete
    Replies
    1. චැහ්! අපි හොද ළමයි යකෝ :)

      Delete

  51. සුබ කේක් දවසක් වෙව !!!!!!!!!
    රෝග දුරු වේවා !!
    මනස එල වේවා !!

    ඔටුන්නට තව මැණික් කෑලි සෙට් වේවා !!

    ReplyDelete
  52. happy birthday after 2days!
    රජා උනාට හෙන ලාමක බුවෙක්නේ....(වයසින් විතරයි)

    ReplyDelete
  53. හා හා ලෝර්ඩ් පකීර් හෙමිට අඩිය තියපන් අර කියුවත් වගේ පොළොවට රිදෙයි......

    happy b'day ral wajoooo...


    ReplyDelete
    Replies
    1. හික්! :)

      තෑන්ක් යූ ඈ!!! :)

      Delete
  54. හලේ...මෙව්වා ‍ලියන්නෙ වයස 60-70 ක අන්කල් කෙනෙක් කියලා හිතුවෙ.. රජාට මගෙනුත් සුබ පැතුම්..
    කළු සුදු

    ReplyDelete
  55. හැපීම හැපී උපන් දිනයක් ගිය සතියට වේවා!!!

    පරක්කු උනාට සමාව බාජනේකට දාලා රාජ සම්පත් එක්කම දෙන්නකෝ...

    දැන්වත් අර ඇඟිලි අස්සෙන් බලාපු ඒවා ඇඟිලි අහක් කරල බලහං. 21+ කියන්නේ සුළුපටු වයසක්යැ. ඒ අර පස්සෙන් ඉන්න නංගියා මටත් ටිකකට දීහන්කෝ බන් පදින්න. :D

    ReplyDelete
  56. එල එල..... හැප්ප්ය් බොද්දී ලොක්ක.. අන්තිමට තියන පොටෝ කාල්ලේනම් නළුවා වගේ ටමි....

    ReplyDelete
  57. සුබ උපන් ඩිනයක් අඩවි රජ තුමනි!!!
    සුබ වීවා!!! තව තවත් රාජ සම්පත් ලබීවා

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)