Wednesday, December 12, 2012

12-12-12 අමතක නොවෙන්නම ( රිලවෙක්ගේ ලෝක විනාශය)

2012-12-12 ආයේ එන්නේ නෑ කිය කිය කට්ටිය මර ලතෝනි දෙන්නේය. ඉතින් ඕක ඔච්චර කෑගහන්නත් දෙයක්ද? හා දැන් කියහල්ලා 2011-11-11 ආයේ එනවද? නෑනේ...... ලෝකෙට හෙන ගැහුවත් රජා සුපුරුදු පරිදි නැගිට්ටේ අළුයම 8ටය. ඒ මේ දවස් වල රාජ සයිට් එක නිවාඩු හෙයින්ය. දත කට මැදගෙන පොල් සම්බෝල සමග ඉදිආප්පත් බයිට් එකට වඩේකුත් කකා කට පුල් කිරි කෝප්පෙකුත් බඩට හලා ගත්තෙමි.  හැරෙන තැපෑලෙන් රජා අඩවිගත උනේය. වැසියෝ කීපදෙනෙක් මට බයේ කමෙන්ට් කරලාය. උන්ට මොනාහරි කියන්න මම යන්න හැදුවා විතරය. 


අම්මා - ලොකු රජෝ.....  අන්න තාත්තා ප්‍රීකාස්ට් ලෝඩ් එකක් පටවන්න වැඩපොළට යනවා.. ගිහින් උදව් වෙන්න.

රජා - ඇයි වැඩකරන උන් නැද්ද?

අම්මා - දෙන්නයි ඉන්නේ... අනිත් ඔක්කොම කිරිදිවැල වැඩට එක්ක ගිහිල්ලා...

රජා - හපුයි....

පියරජා බූම් ට්‍රක් එකේ ගියේය. යුව රජාටත් ඉස්කෝලේ නිවාඩු හින්දා ඌත් පස්සෙන් ගියේය. ඒ මදිවට මව්තුමියත් ඒකේය. මට යන්න ඉඩ නැත. අපිත් සෙකන්ඩ් වෙන්න කැමති නැත. ක්ෂණිකව නංගිව එළියට ගත්තෙමි. ඔක්කෝටම කලින් රජා යාඩ් එකේය. පාරේ හිටපු උන් පවා රජා යනවා දැක තිබුනේ නැත . ඒ තරම් ස්පීඩ් ඌ පිඹලා තිබුනේය. 

මට අඩගැහුව එකටත් පාඩුය. වැඩ කරන උන් දෙන්නා බූම් එකට කේබල් දදා ප්‍රීකාස්ට් බඩුකෑලි ලොරියට පටවන්නේය. රජා කරන්නේ නංගිව නාවන එකය. නංගියා මාසෙකින් නාලා නැත. ගියමාසේ ගෙදර ඇවිල්ලා නෑව්වට පස්සේ එකෙක් මගේ සුදූ ගැන හොයලා බලලා නැත. පණ තියෙන එකෙක් ගෙනාපු දාටත් ඉතින් ඔය සෙතේමය. රජා තාම සින්ගල් ඉන්නේ අන්න ඒකය. 

ගුජුප්සාජනක ජුජුබ්ස් සීන් එකය. වැඩපොල තියෙන වත්තට රිලවු පැනලාය. හතර මායිමක කැලේකුත් නැත. මේ හතරවරං සෙට් එක කොහෙන් පාත්වෙලාද මන්දාය. මේ අතර වැඩ කරන අයියෙක් ටොයිලට් එකට ගිහින්ය. මූ එකපාරට කෑගැසුවේය...

අයියා - ලොකු රජෝ...පොඩි රජෝ.... මෙහෙ එන්න බඩුවක් පෙන්නන්ඩෝ....

අෆ්ෆා හුක්සු... යකෝ මේවා අස්සෙත් බඩු ඉන්නවද? නංගිව හෝදන එක පැත්තක දැමූ රජා පණ කඩාගෙන දිවගියේය. 

හයියූ.... චාටර් සීන් එකය. රිලා මොටෙක් ඇස්බැස්ටෝස් සීට් එකක් අස්සේ බුදිය. අත්දෙකයි කකුල් දෙකයි පද්ද පද්ද සිටින්නේය. ඌව දැක්ක ගමන් අපි ඔක්කොටම බකස් ගා හිනා ගියේය. අනිත් වැඩකරන අයියත් සමග අම්මලත් මෙතෙන්ට ආවෝය. අපි හිතුවේ මූ ආතල් එකට මෙතන බුදි කියලාය. අයියෙක් මුගේ එක කකුලකට පටා....ස් ගා ෂොටක් දුන්නේය. මූ කකුල ඉස්සුවා පමණය. තව එකක් වැදුනි. මූ එපා!!!! කියන්න මෙන් අල්ල අපි දෙසට හැරෙව්වේය. මූ මෙතන හිර වෙලා යයි හිතාගන්නට අපිට වැඩි වෙලාවක් ගියේ නැත.

හිරවෙලා හිටි තැන
මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ විය. යකඩ බට, කැති පොරෝ රැගෙන හතර වටින් රාජ පුරුෂයෝ වට වූහ. හෙමින් සැරේ වහලේ උස්සලා රිලා මල්ලිව බිමට ගත්තේය. බිමට ගත්තා කිව්වට චොහ්.....ගා බිමට පත බෑවුනේය. පෙනුමේ හැටියට මූ දවස් ගානක් මෙතන හිරවෙලා ඉදලාය. ඇවිද ගන්නවත් බැරිය. කන්නත් නැතිව නිකන් හාමත් වෙලා වගේය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ අපි ඌට වතුර පෙව්වෙමු. බත් ටිකක් ගෙනාවෙමු. වත්තේ කොනකට ගෙනිහින් ඌට නිදහසේ බත් කන්නට තබා ඈත්වුනෙමු. 

තාත්තලා ලෝඩ් එක අරං පිටත් උනේය. රජා සමග අම්මා මාලිගාවට සැපත් විය. මූව මතක හිටින්න පොටෝ එකක් ගන්න රජාට ඕනෑ විය. ක්ෂණික ක්‍රියාත්මක වූ මං නංගියා පිට නැගී ජිම්පප්පා විසි කල හෙල්ල වගේ බෘස් ගා වැඩපොළට සේන්දු උනේය. රිලා මොටා ළගට ගියෙමි. හයියෝ.... මාගේ හද සන්තානය දෙදරා ගියේය. බත් එකේ මූණ ඔබාගෙනම රිලා මල්ලියා අවසන් ගමන් ගිහින්ය. ඇස් දෙකත් ඇරගෙනම. 





සුභ ගමන් යාළුවා!!! ගිහින් වරෙන්!!!

ප/ලි:
▄█░ █▀█ ░░ ▄█░ █▀█ ░░ ▄█░ █▀█
░█░ ░▄▀ ▀▀ ░█░ ░▄▀ ▀▀ ░█░ ░▄▀
▄█▄ █▄▄ ░░ ▄█▄ █▄▄ ░░ ▄█▄ █▄▄

12.12ට
රජා මොකද කලේ?

අළුයම - පස්ස උඩ දාගෙන දොයි
දවල් - උයන්න උදව් වෙන්න පොල් ගානවා

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

103 comments:

  1. උබ දුන්නු බත් එක කෑවට පස්සේ රිලවට හිතෙන්න ඇති ජිවත් වෙනවට වඩා මැරෙන එක හොදයි කියලා.. ...

    ReplyDelete
  2. අපරාදේ.. කෑම එක රජ අම්මට දෙන්න කියන්න තිබ්බේ.. දැන් ඉතින්.. රිලවෙක් මැරු පාපකර්මයට... හසු වෙලා. ඉවරයි.. එක රාජ උදහසටත් අන්තයි ආ ..


    අතුරු ප්‍රශ්නයක්.. මේ එතකොට ඔය මරුනේ රිලවෙක්ද රිලවියක්ද... අර.. එක්කෙනෙක් කිවුව කිවුවේ.. එන්න බඩුවක් පෙන්නන්න කියලා....

    කොහොම උනත්.. නිවන් පුරේ පලයන්.. සුදු රිලවු මෝටා ... :D

    ReplyDelete
    Replies
    1. ඕං බලහල්ලා උඹලගේ කැත හිත... හිටහල්ලකෝ මං වගේ සභ්‍ය විදිහට :)

      Delete
  3. ලොකු පිනක් අවසාන මොහොතේ හරි මලයට නිදහසේ මැරෙන්ඩ සැලැස්සුව එක.

    ReplyDelete
    Replies
    1. ඌට තිබ්බ කරදර වැඩි උනාද මන්දා :(

      Delete
  4. රජතුමෝ සුභ ලකුණක් නං නෙවෙයි ඕං ඔය දැක්කේ.. පෙරනිමිති..
    පව් අෆ්ෆ අසරණ සතා.. :( @ අම්බානක කම්පා වී

    ReplyDelete
    Replies
    1. ඒ එහෙම කියන්න එපා බං... මට බය හිතෙනවා! :0

      Delete
  5. යකොඕ, උඋත් මෙච්චර කල් නොකා නොබී නොමැරී ඉඳල තියෙන්නේ රජාගේ මුඋන බලන්නද.., එහෙනම් ෂුවර් එකට සන්සාරී පතාගෙන ආපු එකෙක්ද කොහෙද.....

    ReplyDelete
  6. රජා පුණ්‍යකර්මයක් කරගෙන තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසෙට ලගයිනේ.. :)

      Delete
  7. හයියෝ රිලවා.... අපරාදේ රජා මලා..
    වැරදුනා...හයියෝ.......රජා..පව් අනේ රිලවා.. පොටෝ ටික දැක්කම නම් තරාත් ගියා රජා එක්ක.. මෙච්චර වෙනස් දවසක අඩවපු එකට.. :( කෝම හරි හොද වැඩක් අන්තිමට කරලා තියෙන්නෙ බත් ටිකක් කන්න දීලා..

    ReplyDelete
    Replies
    1. අඩෝ.....ව්!!!! :)

      මම ඉතින් කොච්චර නරක උනත් හොද වැඩකරන එකානේ

      Delete
  8. ඌට ඒ බත් එක කෑවට පස්‍සෙ හිතෙන්න ඇති රජෙක් කන්නෙ මෙහෙමනං මං ජීවත්වෙලා වැඩක් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. හිකිස්... :)

      ලුණුයි බතුයි...

      Delete
  9. මදැයි,

    පව් අසරනයා,
    උඹත් ඕවා ආදර්සෙට අරන් ඔය ඕන්නේ නැති තැන් වල රින්ගන්නේ නැතිව හිටු. එහෙම නොවුනොත් උඹටත් වෙන්නේ මේ ටිකම තමයි

    ReplyDelete
    Replies
    1. හි හි... අන්න ඒක තමයි...

      රිලවා ගැන නම් දුකයි...
      හැබැයි උඹලා අනිත් රැළම එලෙව්වේ ගල් ගහලා නේද...?

      Delete
    2. අපේ අම්මත් කිව්වා!!! :)

      @හිරු අක්කා - මෙයා කෝමද ඒක දන්නේ?

      Delete
  10. පව් අසරණයා...පපු කැනැත්ත කඩලා ගියා මේක දැම්මම...නිවන් සුව රිලා මොටෝ...

    ප/ලි : රජගෙයි රිලා මොටාගෙයි කෙස් ගහේ වෙනස... ඒකනෙ මල්ලි කියලම කතා කරලා තියෙන්නේ...අපිට මාරි බිස්කට් දෙන්න වෙයි කියල වෙන්න ඇති මෙහෙම ගොඩින් බේරලා තියෙන්නේ...හුහ් !!! අපි නොදන්නා රජා...

    ReplyDelete
    Replies
    1. පව් අප්පා... :(

      කවුද මාරි දෙන්නේ...
      අපි දෙන්නේ හාලීස් රස්ක්... (නම හරි නේ) :)

      Delete
  11. පව් අහිංසක සතා , නොකා නොබී දවස් ගානක් උ ජිවත් වුනා, උබේ මුණ දැක්ක විතරයි උට හිතෙන්න ඇති උගෙන් පස්සේ උ වගේම එකෙක් ඉන්න නිසා මැරෙන්න ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. රජාව දැක්ක ගමන් උට අමාරු වැඩි උනාත දන්නෙත් නැහ්

      Delete
    2. මම මොනවාහරි කිව්වා කියලා හිතාගනින්කෝ!

      Delete
  12. රාජාත් පිං අතේ වැද කරනව නේහ් එහෙනම් . හොඳා හොඳා.. තිරිසන් ලෝකෙන් නික්මුනු ඌට හොඳ ආත්මයක් ප්‍රර්ථනා කරමු

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... එහෙම පතමු!!

      Delete
  13. අර රිලවට මොකවත් හොයන්නේ බලන්නේ නැතුව ගහපු බුරු පුතාට කියපං ඔය කතාව. සතෙක්ට ගහන්න වුනත් හොඳ හේතුවක් තියෙන්න ඕනේ කියල ඒකට කියල දීපං. තේරෙන්නේ නැතිනං ඔබාපං කටේ කොන්ක්‍රීට්.

    ReplyDelete
    Replies
    1. ඌ ජෝගියට ගැහුවේ.... මුලින් අපිත් හිතුවේ ඌ නිදි කියලා
      පස්සෙනෙ දන්නේ සීන් එක. පව් බං! :(

      Delete
  14. කීප සැරයක් බැලුවත් මට පේන්නෙම උබ
    12-12ට පස්ස උඩ දාගෙන පොල් ගෑව කියල තියනව වගේ

    ඊයේ නම් මමත් රිලවෙකුට බත් දුන්නා, රිලවෙක් කිව්වට බබෙක් හම්බවෙන්න ඉන්න රිලා අම්මෙකුට. ඌ අපිට වඩා හොදට දකුණු අතින් බත් කෑව. පොටෝ කෑල්ලක් බුකියට දැම්මා වගේ මතකයි.

    මියගිය රිලා සහෝදරයා ගැන බලවත් කනගාටුව.

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ පස්සෙන් පොල් ගෑවේ?

      මෙයත් හොද ළමෙක් එහෙනං ඈ ;)

      Delete
  15. අඩෝ අහිංසක රිලව පන ගැට ගහන් ඉන්න ඇත්තේ වැදගත් කෙනෙක් ඇවිත් බෙර ගන්න කන් නේ....

    මම හිතන්නේ ඌ මැරෙන්න හේතුව කෑම දිරවා ගන්න බැරි වීම.මොකද කියනවනම් හාමතේ ඉන්න කෙනෙක් එකපාරටම ගොඩක් කෑම ගත්තොත් මැරෙන්න පුළුවන්.(රජා දීපු හින්ද රිලවා දිවිනසා ගත්තා වෙන්නත් පුළුවන්)

    ReplyDelete
    Replies
    1. ඌ එච්චර කන්න නැතුව ඇති බං... ඌ හෙන අමාරුවෙන් හිටියේ

      Delete
    2. රැජිනියනි...
      රිලා තෙමේ මැරී සිටින්නේ ඔබතුමියගේ කෑම කමින් සිටි අවස්ථාවේදී බව පැහැදිලිය...
      ඒ අනුව සුවර් එකටම එහි රසය වැඩිකමට හෝ ඔබතුමියගේ අත්ගුණය නිසාවෙන් මෙම ඉරණම අත්ව ඇති බැව් ප්‍රත්‍යක්ෂය...
      කෙසේ වෙතත් මැරී සිටින ආකාරයට දුක සිතෙන්නේය...

      Delete
  16. පවු බං, අහිංසක සතෙක්.

    මම නම් අළුයම 12.12 ට පස්ස උඩදාගෙන කමෙන්ට් කොටනව, දවල් 12.12 ට මහ පාරෙ. අද දවසෙ නම් ඔය කියපු තරම් ගතියක් නෑ බං, වෙනද වගේම තමා, සා .....ටර්.

    ReplyDelete
    Replies
    1. වෙනදටත් වැඩිය සා.......................................ටර් බං.
      මෙලෝම රහක් නෑ. මම වැඩට නොගිහිනුත් හිටියා :/

      Delete
  17. අඩේ! පවු ඕයි! රජාට වඩා සිරියාවන්ත රිලා මොටා!

    ReplyDelete
  18. රාජ සොහොයුරාට නිවන් සුව...

    ReplyDelete
  19. අයියෝ.... පව් අහිංසක සතා..... :(

    ඔයාලා කරලා තියෙන්නේ නම් බොහොම පිං අතේ වැඩක්. අන්තිම මොහොතේ හරි උට වතුර ටිකක් හරි ලැබුනානේ.......

    ReplyDelete
  20. ඌට දුක හිතෙන්න ඇති ලෝක විනාශේ ගැන...ඒකයි

    ReplyDelete
  21. රාජකීය වෙදදුරන් කොහෙද බන් හිටියේ? මූ පැනපු පැනිල්ලට හිරවුනා කියලා කියෙව්වම මට මතක් උනේ රජාත් පනින්න කිහින් තුන්මුල්ල ඇනගත්තු හැටි. :D

    ReplyDelete
  22. කවන්න ගිහින් ඌ හැපුවා නම් තමයි කෙලිය..! මොනවා උනත් ඌ දැක්කම නම් පව් කියල හිතෙනවා.

    උඹලා උගේ කොන්ඩෙත් පීරුවද බං ? :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. ඒ උනාට බෙකම් තියලා වගේ නේ? :)

      Delete
  23. ඇත්තටම පවු රජෝ

    ReplyDelete
  24. නිවන් සුව රිලා පැටියෝ

    ReplyDelete
  25. මෙතන වෙලා තියෙන්නෙ අනිවාර්යෙන්ම දවස් ගණනාවක් බඩ ගින්නේ හිටපු එකා එක පාර කෑම ගොඩාක් කාපු එක. එහෙම අය කන්න ඕනේ පොඩ්ඩ පොඩ්ඩ, ඉස්සෙල්ලා දියර ආහාර තමයි ගන්න ඕනේ. මේක හොඳ පාඩමක් හැමෝටම.

    ReplyDelete
  26. දැක්කහම දුකයි රජෝ....

    ReplyDelete
  27. පින්තුර දැක්කම පව් කියල හිතෙනව නේද සහෝ.


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  28. දුක සීන් එකක්නෙ බන්...

    ReplyDelete
  29. අනේ අපොයි...අසරණ සතා....
    බලපන් රජෝ උබ ඒකට කන්න දීල තියෙන දේවල්....
    බත් විතරනෙ බොල...ඔහොම කෑවහැකිද මනුස්සෙයක්ටවත්...
    අර 12 හයි 12 හයි 12 හයි කියල මටත් වෙනසක් නෑ බං...
    වෙනද වගේම තමයි...
    මමත් මේ අපේ මවු තුමියට අවුරුදු ගානක ඉදන් කියා කියා ඉන්නෙ නන්ගියෙක්වත් ගමු කියල....
    කෝ ඉතින් තාම ඒ බලපොරොත්තු ඉටු උනේ නෑනෙ...
    මොටා රිලාට නිවන්සුව ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ බුරියානි එකක් දෙන්න කියලද?

      Delete
  30. ඌ මැරෙන්න ඇත්තේ කෑම හිරවෙලා

    ReplyDelete
  31. "රිලා රාජා වල් රාජා සමඟ පැවති ද්වන්ධ සටනකින් අනතුරුව මියයයි "
    සිරසෙ බ්‍රේකිං නිවුස්වලට කිව්වෙ.. අනිව මේ රජා රිලව මරාගන්න ඇති අනාගතේ තමන්ට තර්ජනයක් වෙයි කියල.
    ඇයි අෆ්ෆා කුමරියක් ටෝක් කරන්න ගියත් වැටෙන්නෙ මූට නෙවෙයි රිලවටනෙ :P

    ReplyDelete
  32. පව් අප්පා....ඒ මේ උඹේ මූණමනේ බං තියෙන්නේ.....ඈ...

    ReplyDelete
  33. ඌ උඩ ඉඳන් වැටුණු නිසා වෙන්න ඇති බන් මලේ.මොනා වුනත් පව් සිද්දිය.

    ReplyDelete
  34. මචන් ,උඹල අර දෙක්සොස් එකක් වගේ දුන්න නම් , ගොඩ යන්ද තිබ්බ බන්.කමක් නේ.වැටුන එකත් ඖලක් වෙන්දති. කමක් නෑ.කොහොමහරි උත්සහයක් වත් කරනේ...
    ජයවේවා!

    ReplyDelete
  35. බොරලුට ඔය මුසල දවසේ ගොඩාක් දේවල් නැති උනා........2012-12-12

    01 හොදම හොදම යාලුවෙක් මගේ වරදින් නැති උනා{girl}=2012-12-12 4.50pm last text eka

    02 700r.s.=2012-12-12 උදේ 10 - 11 අතර ටවුන් එකේ

    03........... L.........එක 2012-12-12 last cal eka 1 ට විතර

    මතක් කරන්න එපා ඔය මුසල දවස මටනම් ලෝක විනාසේ උනා මැරෙන් නැතුව හිටියේ බොහොම අමාරුවෙන්

    ReplyDelete
    Replies
    1. මහ චොරම දවසක් බං..

      Delete
  36. අනේ පවු බන්.. උබේ මූනමයි තියෙන්නේ..

    ReplyDelete
  37. දුක සීන් එකක් තමා, කොහොමත් රජාගේ නෑදෑයෙක්නේ. දානේ කවද්ද බන්

    ReplyDelete
  38. දවල් - උයන්න උදව් වෙන්න පොල් ගානවා "රජ්ජු පොල් ගානවා ඇහුවමයි" ;)

    අනේ පව් හලෝ ...නෑ හලෝ නෙවෙයි රජෝ :(

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හොද ළමයි :))

      Delete
  39. පව් අප්පා :/

    ReplyDelete
  40. කන්න දීලා මරලා දැම්මා නේ..කැතයි හොඳේ..:)

    ReplyDelete
  41. අපරාදේ රිලවා මළානේ... නැතිනම් රජා සයිට් යන වෙලාවක් බලලා අඩවියේ රජකමට ඌව පත් කරන්න තිබුණා..

    ReplyDelete
    Replies
    1. එනි මන්කි කැන් බ්ලොග් ලුනේ නෙහ්? :))

      Delete
  42. රජෙක් වෙලත් ඒකාට දීලා තියෙන්නෙ නිකන් බත් විතරනෙ. උට පුළුවනෑ ඒව නිකන් කන්න. ඒකයි අවසන් ගමන් ගිහින් තියෙන්නෙ. කොහොම හරි දැන් ඕකා සාප කරයි රජාට "no-the-KING කාලකන්නියා මට friedrice ටිකක් වත් දුන්නෙ නෑනෙ කියලා. ඔන්න රජතුමනි රෑට රිලවව පෙනෙයි. අපි නං දන්නෙ නෑ.
    කෙසේ නමුත් ‍රිළවාට ඊළඟ ආත්මෙදිවත් ‍රාජ සම්පත් ලැබේවා

    ReplyDelete
  43. අවසර රැජිණියනි, නංගි ගෙට වෙලයි? රාජ මල්ලිගෙන් පරිස්සම් කරගනු මැනවි... පව් රිලා කොලුව... රජවාසල කවටයට අරන් යන්නවත් තිබ්බ...

    ReplyDelete
  44. අන්තිම පින්තූර 3න් 2ක් අයින් කළානම් කියල හිතුන... 3ම උනත් කමක්නෑ වගේ... :(

    ReplyDelete
  45. එල අද ආවේ ආයෙත් එන්නම් බලන්න. සිරා කතාව ඈ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)