Wednesday, May 6, 2020

කොල්ලන්ගේ ඇස් රතු වෙන්නේ ඇයි - Why boys have red eyes? 18+++

දැන් සීන් එක මෙහෙමය. අපි ඕනේ තරම් ඇස රතු වෙච්ච කොල්ලෝ දැකලා ඇත්තේය. ඇස් රතු වෙන්න හේතු කාරනා බොහෝය.  හඳට යන උන්ගේත් ඇස් රතු වෙන්නේය. ඒත් ගෙදර ඉන්න උන්ගේ ඇස් රතු වෙන්නේ මෙහෙමය. ඒත් ඒකෙන් බේරෙන එකම එක ක්‍රමයක් ඇත්තේය. එකම එක උත්තුංග කාරණයක් ඇත්තේය. 

අත් හොදපන් මිනිහෝ............. අත් හෝදපන් 











සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Friday, April 24, 2020

රත්තරන් බබයි රත්තරන් කරත්තෙයි - Golden cart and the golden baby


මේ කොරෝනා හුටපටේ ඇවිල්ලා රටටම ඇදිරිනීතිය දාන්න දවස් දෙකකට කලින් දවසක්ය. රජාට හදිස්සියේ මඩකලපුවේ යන්න සෙට් උනේය. දවල් 12.30ට විතර කඩවතින් අපි ගමන් ඇරඹුවෙමු. මඩකලපුවට යනකොට හවස 7 විතර උනේය. අපි මේ යන්නේ මඩකලපුවේ ට්‍රේනින් ගිහින් සයිට් එකක හිරවෙලා ඉන්න රජ බිසවගේ නංගිව ඇදිරිනිතියට කලින් මුදවාගෙන ගෙදර එක්කගෙන ඒමේ මහා මෙහෙයුමටය. මෙහෙ ඉදලා මඩකලපුවට වාහනේ එලොගෙන ගිහින් දැන් රජාට හොද ගනන්ය. හොද වෙලාවට පාර තැන්න නිසා හොදය. කඩවත-කුරුණෑගල-දඹුල්ල-පොලොන්නරුව-මඩකලපුව. වැඩිය වංගු එහෙම නැති නිසා තවත් හොඳය. නංගි එක්ක උගේ කොල්ලත් අපිත් එක්ක යන්න ඇවිල්ලා හිටියේය. ඕයේ..අපි දැන් ගෙදර යන්න හදන්නේ. 12 වෙද්දී ගෙදර යන්න පුළුවන්. මං රජා හෙන සතුටෙන් වාහනේ ස්ටාර්ට් කලේය. 

රජ බිසව: මෙහ්... මේ මල්ලිව දාන්න බදුල්ල පැත්තෙන් යන්න ඕනේ. 

රජා: මොකද්ද ඕයි කියන්නේ? මොලේ හොද නැද්ද. තමුසෙම එලොනවා එහෙනං රෙද්ද @#%$#. තමුසෙලා මට කියන්නෙත් නෑ.. අන්තිම මොහොතේ මෙතෙන්ට ඇවිල්ලා කියනවා. දැන් බලනවා කොහෙන්ද යන්න පාරක් හොයන්නේ මේ මහා රෑ..

බිසව: අයි අනේ ගුගල් මැප් තියෙන්නේ. 

රජා: ඕකේ පෙන්නන ලබ්බේ පාරවල් වල යන්න බෑ ඕයි. කොහෙන් යනවද දන්නේ නැ. අලි ගහලා මැරෙන්න වෙන්නේ. 

බිසව: හරි හරි දැන් යන්කො කෑගහන්නේ නැතුව. මේ මල්ලිලාගේ අම්මලාටත් කිව්වා ගෙනත් දානවා කියලා...මේ පාරක් තියෙනවා. 

හා යමන්කෝ. මං රජට දැන් පුල් මලය. ඇයි යකෝ මොන රෙද්දක්ද. අර මහා රැ බණ්ඩාරවෙල, හපුතලේ පැත්තේ වංගු වල එලවාදී කොහොමද තියෙන සැප. මේ ගෑනුන්ට මේවා තේරෙන්නේ නෑනේ. උන් හිතන් ඉන්නේ වාහනේ ඉදගත්තම ඔටෝ ඕනේ තැනට යනවා කියලාය. මඩකලපුවේ ඉදන් මැප් එකේ පෙන්නුවා පාරෙන් අපි ආවේය. හම්මා සැප කනේය. ඒක හදන පාරක්ය. කිලෝමීටර් 60ක් ම තඩි අලි නවන වලවල්ය. ඒ මදිවට තඩි හරක් රැල් පර හරහා දැපනේ දාලා බුදිය. වැටෙන වැටෙන වලක් වලක් ගානේ රජා ගෙන් වාහනේ ඉන්න උන් බැනුම් අහන්නේය. 

රජා: කලින් කිව්වා නං මන් හොද පාරක් හොයා ගන්නවනේ. මෝඩ රැල. තොපි හොදයි අර පාරේ ඉන්න හරක් එක්ක තියලා යන්න. 

කොහොමින් කොහොම හරි අපි බදුල්ලට එද්දී රෑ 12 විතර උනේය. අර කිලෝමීටර් 60 යන්න පැය 2ක් හරියටම ගිහින් තිබුනේය. මල්ලිලාගේ ගෙදරින් කාලා එහෙම අපි අයේ 12.45 විතර කඩවත එන්න පිටත් උනේය. එහෙ ඉදලා උදේ යන්න කියල මල්ලිලාගේ මව් කිව්වාට අහන්නේ නැතුව රජා වැඩකරු වගේ ආවේය. දැන් නං රජාට බඩු පැකට් වෙලාය. හරියම කිව්වොත් දැන් නිකන්, 

මුළු ගතම වෙහෙසුනා.. දහඩියෙන් නැහැවුණා.. බඩිගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා වගේ ෆිලින්ග් එකක්ය. 

පට්ට නිදිමත හින්දා වාහනේ හිටපු උන්ට රජා එක්ක කතා කර කර යමල්ලා කිව්වට මුන්ට කිසිම ගානක් නැත. උන් ටික හොදට ගොර ඇද ඇද බුදිය. හැබැයි බිසව නං ඇහැරිලා හිටියේය. හපුතලේ පල්ලමත් පහුවෙනවා වගේ මතකය. ටික වෙලාවකින් අපේ වාහනේට ඉස්සරහින් රත්තරන් පාට කරත්තයක් යනවා රජාට පෙනෙන්නේය. එක පස්සෙන් රත්තන් අර බබෙකුත් ඇවිදගෙන යන්නේය. වාහනේ වේගෙන්ම, පාරේ හැඩේට ම එකත් යන්නේය. 


රජා: මේ ඕයි.. මට අර ඉස්සරහින් රත්තරන් කරත්තයක් පෙනුනනේ. බබෙකුත් හිටියා. 

බිසව: මොකක්.. තමුසෙට හීන පේනවද?

රජා: එහ්.. නින්ද ගියාද කොහෙද ඕයි...

වෙලාව පාන්දර 2ට විතර වෙලාය. රජා එවෙලේම වාහනේ නතර කරලා පැය දෙකක් විතර හොදට නිදා ගත්තේය. පැය දෙකක් නිදා ගත්ත කියලවත් ගණනක්වත් නැත. ඒ තරම් සැපට නින්ද ගියේය. නැගිටලා පාරේ තිබ්බ කඩේකින් කොපි එකක් එහෙම ගහලා උදේ 7ට විතර කඩවතට යහතින් එන්න පුළුවන් උනේය. රත්තරන් කරත්තෙටයි බබාටයි පින් සිද්ද වෙන්න රජා පාර දිගේ ආවේය. නැත්තන් එහෙම අර හෙන හෙලක තාම වැටෙනවාය. 

වැටුනානම් එහෙම මොන දෙයියන්ට කියන්නද නෙහ්.. රජෙක්නේ....


සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ප/ලි: රජ බිසවගේ මව් නං කියන්නේ දෙයියෝ බේරලද කොහෙද කියලාය. ඇයි හත්වලාමේ කොහේ තියෙන කරත්තද ඒවා. 

Thursday, April 16, 2020

හතර හන්දි හිරි වැටෙන ලදී - Creepy Scary Stories on Site


ඒ දවස් වල මං රජා හිටියේ හබරාදූවේ සයිට් එකකය. ABC කොම්පැනියට සෙට් වෙච්ච මුල්ම දවස් ටිකය. මේක පට්ට පතරංග සයිට් එකක්ය. සයිට් එක වටෙ යන්න ත්‍රීවීල් එකක් ඕනේය.  සයිට් එක වටේ වැටේ දිග විතරක් 2km විතර තිබ්බේය. එතන තියෙන්නේ ආන්ඩුවේ මිනිස්සුන්ට අඩුවට දෙන්න කියලා හදපු ගෙවල් සෙට් එකක්ය. සෙට් එකක් කිව්වට පොඩි ගානක් නෙමේය. ගෙවල් 600ක්ය. කරුමේ කියන්නේ එකම එක ගෙයක්වත් විකුන ගන්න බැරිවෙලා තියෙන එකය. අපිට කරන්න තියෙන්නේ එතන තියෙන ගෙවල් ඔක්කොගෙම දොරවල් ජනෙල් ගලෝලා අලුතෙන් ඒවා හයිකරලා ටයිල් අල්ලලා කිරි ටොයියා වගේ ලස්සන කරලා බාර දෙන එකය. අපේ ABC කොම්පැනියට තිබ්බේ පුදුම හදිස්සියක්ය. අච්චර ලොකු සයිට් එකට මොකෙක්වත් එවන්නේ නැතුව රජාව විතරක් යැව්වේය. සේෆ්ටි ඔෆිසර්, සුපවයිසර් එකෙක් දෙන්නෙක් මොකෙක්වත් නැත. ගෙවල් ටික කඩන්න බිදින්න සෙට් එකක් ආවේය. හබරාදූව කිට්ටුවම සෙට් එකක්ය. ආයේ නිකන් යක්කු වගේ ඩයල්ය. සයිට් එකේ බිල්ඩින්ග් 7ක් ද කොහෙද තිබ්බේය. 


සයිට් එකේ එක පැත්තකට මායිම කොග්ගල කලපුවය. ඒක හින්දා සයිට් එක මැද්දේ තිබ්බ පොකුණු දෙකේ තඩි ගැට කිඹුල්ලුත්  හිටියේය. 

ඒ හරියෙන් යද්දී පරිස්සමට යන්න මහත්තයා..

සයිට් එකේ කොල්ලෝ හැම තිස්සෙම වගේ රජාට උපදෙස් දුන්නේය. රජා ඒවා ටක්කෙටම පිළිපදින්නේ කිඹුලන්ට ඇති බය නිසා එහෙම නෙමේය. 

රෑට එහෙම තනියම මේ හරියේ ඇවිදින්න එන්න එපා මහත්තයා. සුනාමිය වෙලාවේ මිනිස්සුන්ගේ බෝඩිස් තිබ්බේ මේ පොකුණු වල. සමහර දවස් වලට සුදු ඇදගත්තු උන් මේකේ ඇවිදිනවා මහත්තයා... 

ඒ සයිට් එකේ සික්කන්ගේ කතාවය. අම්මපා මට මුන්ගේ දත් ඇන්ද යටි බඩේ හිරවෙන්න ගහන්න හිතෙන්නේ ඒ වෙලාවටය. අවජාතක හැතිකරේ. ඇයි යකෝ මං  මේ පොකුණ ගාවිනුත් ඈත් වෙලා යන අස්සේ මුන් හොල්මන් ගැන කියවන්නේය.

දවසක් උදේම අපි වැඩ පටන්ගත්තේය. එදා මහා මුසල දවසක් උනේය. උදේ පාන්දර ගෙයක් ඇතුලට යද්දී පත කලවැද්දෙක් මැරිලා වැටිලා හිටියේය. ඌ දිරලා, කුණු වෙලා, කුඹි කාලා වෙන්න තියෙන ඔක්කොම ඒවා වෙලා තිබ්බේය. මං රජා හිතුවේ ඩයිනොසිරස් පොසිලයක් හොයාගත්තා කියලාය. මට මං ගැන මහා ආඩම්බරකය් දැනෙන්නට උනේය. 


PM ලොක්කා GM ලොක්කා එක්ක එලියට ගියේය. මං රජ කට්ටියට වැඩ ටික ලයින් කරලා දීල බිල්ඩින්ග් ටිකට කට්ටිය බෙදලා දාලා සයිට් එකේ පොඩි රවුමක් දාගෙන හිටියේය. ඉස්සරහම තියෙන යුනිට් එකට රජා අවේ අන්තිමටය. කට්ටිය ඕසේට වැඩය. එක පාරට දඩාස් ගාලා සද්දයක් ආවේය. යකෝ මුන්ට මන් කිව්වේ දොරවල් ටික ගලවන්නය. එහෙම සද්දයක් අවේ කොහොමද. මං රජා කල්පනා කරමින් කොරිඩෝව දිගේ ඉදිරියටම ඇදුනේය. 

කට්ටිය කෑගහගෙන දුවන්නේය. සික්කෝ ටික වේගයෙන් යුනිට් එක දිහාට දුවගෙන එනවා මට ජනේලයක් අස්සෙන් පෙනුනේය. මේ මොන අල ගුන්ඩුවක්ද.. රජා පොඩ්ඩක් ජනේලෙන් එබිලා බැලුවේය. හතර හන්දි හිරි වැටුනේ එතකොටය. 4 වෙනි තට්ටුවේ හිටපු එකෙක් බිම පත බෑවිලාය. අයියෝ...පොඩි කොල්ලෙක්ය වයස 19ක් උන විතරය. මං පල්ලෙහාට අවේ කොහොමද යැයි මට මතක නැත. හිතන පමාවට රජා වැටිච්ච කොල්ලා ගාව හිටියේය. 


කොල්ලව වීල් එකක දාලා කරාපිටියට යැව්වේය. ජිවිතේ බේරුනත් පොඩි එකාට ඇවිදගන්න බැරි උනේය. සිහියක් පතක් නැත. අත දරුවෙක් වගේ බිමට දාපු මෙට්ටයක් උඩය. කතා කරන්නෙත් ගොලුවෙක් වගෙය. මාසෙකට විතර පස්සේ අපි උන්ගේ ගෙදර ගියාම රජාට ඇඩුනේ නැති ටික විතරය. උන්ගේ අම්ම කියන ඒවාට පපුව පැලෙන්න වගේ එන්නේය. 

අනතුර වෙලා තිබ්බේ කෝල් එකක් හින්දාය. මූ වැඩ කර කර ඉන්නකොට කෝල් එකක් ඇවිල්ලාය. කෝල් එකේ ඉන්න ගමන් ගිහින් දිරච්ච යකඩ වැටකට හේත්තු වෙලාය. වට කඩාගෙන කොල්ලා බිමය. දුකම සීන් එක කෝල් එක අරන් තිබ්බේ උගේ අම්ම ම වීමය. අම්මට ඒ වේදනාවෙන් ගොඩ එන්න බැරි එකක් රජාට තේරුණේය. එහෙ ගිය වෙලේ ඉදන් කිව්වෙත් එකමය. 

මට මහත්තයෝ කොල්ලට කතා කරන්නේ නැතුව ඉන්නේ තිබ්බේ... 

කොල්ලගේ ගෙදරට සැහෙන කාලයක් ABC කොම්පැනිය උදව් කලේය. දැන් නම් කොල්ලට හොදවෙලද කියලවත් දන්නේ නැත. ටික දවසකින් ස්ටාෆ් එක හබරදුවට ගොඩ බැස්සේය. ඕකුන් එනකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරය. මාස 6කට පස්සේ රජා කොළඹ සයිට් එකකට මාරු උනේ ගෙදර ඉදන් වැඩට යන්න ලේසි හින්දාය. අපිට නවතින්න දුන්නේ පරණ තේ වත්තක් මැද්දේ තිබ්බ පාලු ගෙදරකය. ඒ ආතල් ටිකත් එක්ක ඊළග පොස්ට් එකෙන් හම්බෙමු.



ප/ලි: 

ගෙදරටම වෙලා හිටපල්ලා.. කොරෝනා.................................

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, July 21, 2019

එදා මෙදා තුර - The Best Boss Ever




අවුරුදු 4ක 5ක පමණ දිගු නිහැඩියාවකින් පසුව රජා නැවත බ්ලොග් එක ලියන්න කියා සිතුවේය. ඒ දවස් වල ලියන්න තිබුණු ඔක්කොම කතා ටික ඉවර වෙලා තිබුනේය. මේ අවරුදු 4,5 කාලය තුල මරු මරු සීන් උනේය. මතක් මතක් වෙන එක දෙක රජ අයෙත් ලියන්නේය. ඉස්සර වගේම එහෙන් මෙහෙන් පොඩි ආතල් එකක් දාල උපරිමෙන් කරන්න හෙනම ට්‍රයි එක දෙන්නේය. 

ඒ දවස් වල රජා රාගම පැත්තේ සයිට් එකක ඉන්ජා විදිහට වැඩ කරන කාලෙය. රජාගේ බොසා එලම ඩයල් එකක්ය. හෙන වස පොරක් උනාට පුල්ම අතල් එකේ ඉන්න එකෙක්ය. පොර කොච්චර වස උනත් බෙස්ට් බොස් එවර් ටයිප් කියන්න තරම් හිතෙන්නේය. පොරගේ වයිෆ් කැන්සර් එකකින් නැතිවෙලා දැන් ටිකක් කල්ය. ළමයි 4ක් එක්ක පොර තනියම කල් ගෙවන්නේය. වෙලාවකට මිනිහ හෙන පව් කියලත් හිතෙන්නේය. ඒ තියෙන අවුල හින්දමද මන්ද මිනිහ ඩේලි ගහනවාය. කොච්චර බිව්වත් මේකට වදින්නෙත් නැති තරම්ය. වැදිලා වැදිලා වදින තැන් ගෙවිලා ගිහින්ද කොහෙදෝය. 

දවසක් හවසක පොර අපේ සයිට් එකට කඩන් පාත් උනේය. අද බොන්න ඕනේ. යමල්ලා.. සයිට් එකේ හිටපු උන් ටික පුල් හොල්මන්ය. අපේ ස්ටෝර් කීපර් සයිට් එකට කන්න උයන ඇන්ටිට කෝල් එකක් දීලා ඌරු මස් බයිට් එකක් දාගත්තේය. ඌ එක කලේ කොයි වේලාවේද, කාගේ කීමටද කවුරුවත් දන්නේ නැත. යකෝ මුන්ගේ මේ උනන්දුව සයිට් එකේ වැඩ වලටත් තිබුන නං මේ තට්ටු 10 බිල්ඩින් ටික අපි ඉවර කරන්නේ මාස 6න් ය. 

ගම්පහ-ජා ඇල පාරේ වෙලක් මැද්දෙන් ගිහින් යන්න පුළුවන් බන්ට් එකක් තියෙන්නේය. අම්මටසිරි ආයේ බොන්න කියපු පොට් එකය. කට්ටිය එතනට යනකොට හොදටම කලුවර වෙලාය. කාර් වල ලයිට් එළියෙන් බොන්න පටන් ගත්තේය. බෝතල් 2ක් විතර ඉවර වෙනකොට සෙට් එකට තණකොළ කාගෙන යන්න වැදිලාය. කාපන්, බීපන්, සැපේ ඉදපන්.... මේං වඩේ ගෙඩිය. අපේ බොසත් මෙන්න මේකා වගේය.

  

කට්ටිය දැන් සින්දු කියන්න පටන් ගත්තේය. ඔහොම ඔහොම සින්දු කියාගෙන ආතල් එකේ කියාගෙන ගියේය. බොසා සින්දු කියන එක නැවත්තුවේය. 

බොසා: හරි දැන් උබලා මන් කියන සින්දුව කියපල්ලා.  එදා මේද තුර කියහල්ලකෝ...

කට්ටිය සින්දුව ගැම්මට පටන් ගත්තේය.  

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා.. 
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා.. 
මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා.. 
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා..// 

කියනවත් එක්කම බොසා වතුර වල පැත්තට දුවගෙන ගියේය. මෙන්න මේකා වලට පනින්න යන්නේය. අපේ සේෆ්ටි ඔෆිසර් කොල්ලා සෙල්ලන් පිස්තොලෙන් තිබ්බ ටීක් බෝලයක් වගේ වේගෙන් ඒ පැත්තට දිව්වේය. ඒත් එක්කම ඔක්කොමලා දුවගෙන ගිහින් බොසාව අල්ලගත්තේය. 



සේෆ්ටි: සර්.. සර්.. මොකද මේ කරන්න හදන්නේ? 

බොසා: මට වයිෆ් ව මතක් උනා බං.. ඔය සින්දුව අහද්දී මට වයිෆ් ව මතක් වෙනවා බං...මට මේකට පනින්න දීපල්ලා..

සේෆ්ටි: සර් ලමයි ටිකට මොකද වෙන්නේ.. මෙන්න මෙහෙ එන්න පිස්සු නැතුව..  

රජාට නිකන් ඇඩෙන්න වගේ ආවේය. පොර මොන තරන් අවුලකින් ඉන්නවා ඇද්දෝ කියලා හිතෙනකොටත් මට නිකන් පිස්සු වගේය. බොහොම අමාරුවෙන් මිනිහව කුදලාගෙන කාර් එකට දාලා ගෙදර යැව්වේය.  

අදටත් මං පොරට හෙන ගරු කරන්නේය. ඒ අර ළමයි 4 දෙන තනියම බලාගෙන ඉන්න එකටය. පොර කොච්චර බිව්වත් මොනවා කරත් මට එක වැඩක් නැත. රජා දැන් වෙන තැනක වැඩ කරන්නේය. එත් මේ බොසා තාමත් රජා එක්ක ෆිට් ය. එකේ පිස්සු පොටෝ එහෙම එවන්නේය. එත් පොර ඉන්න මානසික මට්ටම මට තාමත් හිතාගන්නවත් බැරිය. අච්චර ආදරේ කරන වයිෆ් එක පාරට දාලා ගිහාම එන වේදනාව මට නං සිරාවටම පිස්සු වගේය. 


ප/ලි:

එදා හොදටම රෑ උන හින්දා සැන්ඩි ගන්න කඩයක් සෙට් උනේ නෑ. වතුර දාලා බං ගැහුවේ. 

රජා ඉතින් බොන්නේ නෑනේ. බයිට් කනවා විතරයි :D 

M.S ගේ සින්දුවේ තාලෙට කියන්න හොදේ. 

M.S ගේ සින්දුවේ ලින්කුව... 



සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, July 18, 2019

ඇදුම් කඩේ - The Online Clothing Store




රජ බිසව කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ ජොබක් කරන්න යන්න කම්මැලි වෙලා ගෙදර හිටියේ රෙස්ට් කරන්න ඕනෑ ගාගෙනය. දැන් අවුරුදු දෙකකුත් වෙන්න ඇවිත් එයා තාම රෙස්ට් කරනවාය. ඒ දවස් වල බිසව්තොමෝ ඔන්ලයින් ඇදුම් කඩයක් දැම්මාය. වැඩේ හොදට නැගලා යනවාය. මේ වෙනකොට 10ක පමණ සේවක සේවිකාවන් ප්‍රමාණයක් ඇය සමග රැකියාවේය. රජා ඉන්නේ හෙනම පන් එකේය. ඇයි රජා ජොබ කලාට වැඩට යන්න තෙල් ගහන්නෙත් බිසවගෙන් අරගෙනය. මට වියදමක් නැති තරම්ය. සල ලල ලා.. :P


අඩවිය කියෝන බවලත් උදවිය ගිහින් බලලා ඇදුමක් දෙකක් ගත්තාට තරහක් නැත. කොල්ලෝ ටිකත් කෙල්ලට ඇදුමක් අරන් දුන්නට එහෙම හෙන එහෙම ගහන්නේ නැත! :D :D











Facebook Page link:


ගිහින් ලයික් එකක්, ශෙයා පාරක් දාලා ගවුමක් එහෙම ගන්න ලමයි...

(මෙය මුදල් නොගෙවා බලෙන් ප්‍රචාරය කරන ලද දැන්වීමකි)



සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, July 4, 2019

මියුසික් කෙරුවාව - Musicmania



මේ දවස්වල පට්ට කම්මැලිය. ඔෆිස් එකේ කරන්න දේකුත් නැත. නිකන් ඉන්න ගමන් වාගේ මේ බ්ලොග් ගල් කෑල්ල කුරුටු ගන්න හිතුනේය. දැන් ඉස්සර වාගේ නෙමේය. රජා දැන් බැදලාය. ඉස්සර දාපු සෙල්ලන් දාන්න බැරිය. පරිනත වෙලා එන්නන් කිව්වට එච්චර දවස් කම්මලිකමේ ඉන්න බෑ බෑ වගේය. මේ කතාව මතක් උනේ රජ බිසව් තොමෝ එක්ක කොටුවේ ඉඳන් ගෙදර යන ගමන් ඉන්න වෙලාවකය. පොඩි කාලේ වෙච්ච සීන් කොන් එකක්ය. මේක බ්ලොග් පොස්ට් එකක් දාන්න ඒ දවස් වල මට අමතක උනේ කොහොමද කියන එක හෙන ප්‍රශ්නයක්ය. රජ බිසව නං මේක යේ ලියන්න ගන්න එකට කොහොමත් කැමති නැතිය. 

ආ.. යේ පටන් ගන්නද යන්නේ? 

හොදා.. පාරේ බැහැල යන්න බැරි තැනට වැඩේ කරනවකෝ. 

රට වැස්සා අපි ගැන හිතන්නේ ඔන්න ඔහොමය. එහෙම කියද්දී මට මතක් වෙන්නේ අර ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ කියන සූටි නංගියාවය. සමහර ගති නං හදන්නම බැරි සීන් එකක් තියෙනවා වාගේය. 

මං රජාට ඒ කාලේ ඉඳන් පොඩි මියුසික් පිස්සුවක් තිබුනේය. පිස්සුව තිබුනට සින්දු නං කියන්න කොහොමත් බැරිය. ඉන්ස්ට්‍රුමෙන්ට් එකක් ගහන්න ලොවෙත් බැරිය. ඉස්කෝලෙදි වෙස්ටර්න් මියුසික් ගෑනිගෙන් අම්බානට බැනුම් ඇහුවෙත් ගුටි කෑවෙත් රජාට තිබු මේ උත්කුරුස්ට වූ හැකියාව නිසාය. ඒ දවස් වල ඕගන් එකක් ගන්න මන් රජාට තිබ්බේ තිබුනේ පුදුම අමරුවක්ය. මැද්දේ ඩිස්ප්ලේ එකක් තියෙන ඕගන් එකක් ඕනේ කියා රජා ගෙදර කනපිට ගැහුවේිය. ඒ දවස් වල ඉදන් එක එක ජාතියේ ඉත්තෑවෝ ප්‍රභේද ඒ ඒ අදාල ස්ථාන වල හොදට දගලපු බව වැටහෙන්නේ දැන්ය.

රජාට ඕගන් ගහන්න උගන්නන්න සර් කෙනක් ගෙදරටම අපේ පිය රජා ගෙනල්ලා දුන්නේය. පොර ඇවිල්ලා නිකන් මණ්ඩුක භවනේ මණ්ඩුකයා වගේ ඩයල් එකක්ය. මෙහෙක් වෙච්ච කණ්නාඩි දෙකක් දාගෙන ස...රි...ග...මපා... ගාන්නේය. පොර එන්න කලින් මම තනියම නිල් අහස් තලේ ගැම්මට ගගහා හිටියේය. මේ වස්තු බීජේ ඇවිල්ලා මගේ ඒ ආතල් එක සුනු විසුනු කර දැමුවේ එක මොහොතකින්ය.

සර්: පුතා මොනවද ගහන්න දන්න සින්දු..

රජා: ආ.. මම නිල් අහස් තලේ ගහන්න දන්නවා...

සර්: ඕවා ගහලා වැඩක් නෑ පුතා.. මං කියලා දෙන්නං සුපිරි සින්දු..

අම්මට සිරි.. මං හිතුවේ පොර ඇවිල්ලා මාව නිකන් SUNFLOWER (ඒ කාලේ සහරා පෑස් තිබ්බේ නෑනේ) එකේ කීබෝඩ් ගහන එකා වගේ හදලා ගනී කියලාය. හරි... පොර දැන් පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ වත් ගහන්න උගන්නයි කියලා දත කට මැදගෙන රජා නොයිවසිල්ලෙන්ය. හිටපන්කෝ.. දෙල් ගෙඩි ටික පාරට වැටෙන්න ගහන්නේ සින්දුව ආ... රජා දැන් මනෝ පාරෙන් සර් දිහා බලාගෙනය. 

සර්: හරි පුතා පළවෙනි සින්දුව.. ලොවේ සැමා එකම දැයේ

කෙලියනේ ඉතින්.. ඈ බං සර්.. මේ ලොන්ත පතුර ගහන්න කියලා දෙන්නද මනුස්සයෝ මෙහෙ ආවේ. රජාට දැන් ඌරු ජුවල් නැග්ගේය. මොනවා කොරන්නද මිතුරේ ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවා  වගේ ඒක ගගහා හිටියේය. කමක් නෑ ඊලග එක තවත් රසවත්ලු. ඉවසපන් පපුව. රජා ඉවසුවේය. තත්වය වඩ වඩාත් සෝකජනක උනේය. ඊලග සින්දුව උනේ අන්න බලන් ඉදිකඩ ලග කොක්කු රෑන වගේ ඇවිත් අම්මපා දැන් නං මේ පාලං කොකාට ඉගිලිලා යන්න එකක් දෙන්න රජාට ඕනෑය. කොහොම පටන් ගෙන මොනවා කරන්නද කියා මට වැටහුනේ නැත. සති දෙක තුනක් ගෙවී ගියේය. සංගීත මාස්ටර්ගේ දූ දරුවන්ගේ දක්ෂතා එලි දක්වන උත්සවයක් පැවැත්උනේය. රජාගේ දක්ෂතාවය කොච්චරද කියනවානං  ඒකට රජාටත් ආරාධනා ලැබුනේය. මට තිබ්බේ ලොවේ සැමා එකම දැයේ කට්ටිය එක්ක ගහන්නය. ඩ්‍රම් සෙට් එක ගහන්න එකෙක්ද, ගිටාර් එක ගහන්න තව එකෙක්ද, වයලින් ද අරවද මේවද හෙනම සීන් එකක්ය. සිරාවටම කියන්න රජ එහෙම තැනක ඕගන් එකක් ගහනවා තියා හයියෙන් විසිල් එකක් වත් ගහල තිබුනේ නැත. උන් ටික දැක්කම රජාගේ හිත මිලින වී වත සලිත වෙලා ගියේය. හරි.. දැන් එලබී ඇත්තේ ලොවේ සැමා එකම දැයේ ගහන වෙලාවය. රජ ගැම්මට ඕගන් එක බදාගෙනය. අනිත් උන් ටික උන් උන්ගේ ඒවා බදාගෙනය.



වන්.. ටූ.. ත්‍රී... ආ... ගැම්මට සින්දුව පටන් ගත්තේය. බිස්කට් කුඩු බීට් එකට සින්දුව නැගලම යනවාය. සෙට් එකක් හෝ ගාගෙන සින්දුව මලවමින් සිටියේය. හැබැයි රජ ගහන එක නොට් එකක්වත් මට ඇහුනේ නැත. මන් හිතන්නේ උන් ලොවේ සැමා ගහද්දි මම පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ ගහලද කොහෙදය. පියරජ මන් දිහා ඔරොගෙන බලන් ඉන්නවා මට ඇස් කොනෙන් වගේ පෙනෙන්නේය. අනිත් උනුත් හොරෙන් හොරෙන් මේ පැත්ත බලනවා වගේය. මොකාක් හෝ හුට්ටප්පරයක් වෙලා කියල මට තේරුණේය. ගහන නෝට්ස් ඔක්කොම වැරදි බවක් මට හැගී ගියේය. පිය රජා නෝට්ස් තියෙන තැනට යතුරක් දැම්මේය. හම්මටසිරි සින්දුවේ නෝට්ස් යන තැන හරියට රජා දැක්කේ එතකොටය. සින්දුවේ මුල් ටිකේ නෙලුම් මල් පිපෙයි පිට කසයි වගේ සින්දුව ගහලා තිබුනේය. තවත් නං චාටර් වෙන්න කොහොමත් බැරිය. රජා ඕගන් එකේ සද්දේ හොදටම අඩු කළේය. වැඩිය කවුරුත් දැක්කේ නැත.  කොල්ලා දැන් නිකන් ඕගන් එක උඩ නැගගෙන උඩ පැන පැන සෙල්ලම් කරන්නේය. අනිත් උන් සින්දුව ගහන හින්ද වැඩි සීන් එකක් නැත. විනාඩියකින් විතර සින්දුව ඉවර උනේය.

රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටය. ඇයි අප්පා චාටර් වෙනවා කියල ඔහොමත් වෙන්න කොහොමත් බැරිය. එයින් පස්සේ තිබ්බ සංගීත මේනියාව ටිකෙන් ටික හොද වෙන්න පටන් ගත්තේය. සර් කාරයව හෙමිට හෙමිට රජා මග ඇරියේ මුණ දෙන්න තිබු ලැජ්ජාව නිසා නොවේය. වෙන ලමෙකුට ඉගෙනගන්න තියෙන චාන්ස් එක නැති කරන එක හොද නැති හින්දාය. ඒ පින් බලෙන් අදටත් රජාට කිසිම සින්දුවක් ගහගන්න බැරිය.

ප/ලි: උත්සවේ පොටෝ වගයක් තිබ්බා. පස්සේ වෙලාවක දාන්නං :P 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, September 5, 2015

නිකන් මතක් වෙලා ආවේ! - Access Granted ;)





නිකන් 


මතක් 


වෙලා 


ආවේ!


:)

සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, April 22, 2014

ඉඳින් පසුව හමුවෙමු ~ Good Bye Fellas.. C U Later!


තවත් එක සයිබර් සිහිනයක් නිමාවිය. වෙනදට වඩා පට්ට ෆන්ය. ඒ අර කට්ටිය අඳුරගන්න එක වැඩි වෙන තරමට කට්ටියගේ මොන්ගල් ක්‍රියාකලාපය කෙලින්ම එලියට පනින නිසා වෙන්නටත් පුළුවන්ය. අනේ මට මෙතනින් එහාට මොකුත් කියාගන්න බෑ වගේය. මම යමි... සමුගමි... නැවත එමි... නාකි වී එමි...! 

දැං ලිව්වා ඇති වගේය. ලියන්න
ත් කම්මැලිය. අනික අපි පරිණත නැ. ආයේ පරිණත වෙලා අවුරුදු 40 පැන්නට පස්සේ ඇවිත් ලියනවාය. ඊට කලින් පරිය ණත උනොත් සමහර විට ලිවීම සැලකිය හැකිය. මම තනියම යන්නේ නැත. ඒ කාලේ ඉඳන් එකට හිටපු කෙහෙල් තරියාද මේ සමඟ සමුගන්නේය. එහෙනං අපි දෙන්නට සුභ ගමන්ය. ටටා බායි සීයූ වේවා!!!

ලිව්වේ නැති උනාට සිහින උළෙලට ගෙට්ටු වලට කෝමහරි එනවා යකෝ..!

ස්ලෝ මෝෂන් දුවන්න, දුකට වැනෙන්න, බඩිගින්නට බනිස් කන්න, කෙල්ලෙක් අතින් යෝගට් කවාගන්න, බැලුම් පුපුරවන්න, කෝච්චි යන්න වෙන කොහෙන්වත් හම්බෙනවායෑ!! xD

හා දැන් වීඩියෝ කරපු කට්ටිය ඕවා දාන්න බලන්න එහෙනං....

දුකට වැනීම
සහයෝගයෙන් දිවීම

දිවීමෙන් පසු

 
ජයග්‍රහණය එක්ව සමරමින් 


පොටෝ ගහන කෙල්ලන්ට බනිමින්
කෝච්චි යමින්

කෙල්ලන්ගේ පොටෝ අල කරමින්
ඔස්කාර් සෙල්ෆි මොනාද මේවා එක්ක


හොඳම ෂොට් 3

















වීඩියෝ කෑල්ලක් හම්බුනා



~ හරි එහෙනං නාකි වෙලා හමුවෙමු ~

සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, March 3, 2014

සූර සරදියෙල් සොයා උතුවන්කන්දට | Hike Uthuwana | Castle Rock | Uthuwan Kanda


කොළඹ නුවර පාරේ මාවනැල්ල කිට්ටු වෙනකොට පැත්තකින් ගලක් උඩ ගලක් වගේ සීන් එකක් ඔය පාරේ වටපිට බල බල යන එන අය ඕනේ  තරම් දැකලා තියෙනවා ඇතිය. අන්න ඒ අපේ ලෝකල් රොබින්හුඩ්ගේ හෙවත් සූර සරදියෙල්ගේ මර්මස්තානය හෙවත් උතුවන්කන්දය. එදා තලේගල නැග්ග වෙලාවේ ඒක උඩට පේන  කදු ඔක්කොම කවදා හරි නගිනවා කියන මොංගල් සිතුවිල්ල පහල නොවන්නට මේ කදු කවදාවත් නගින්න වෙන්නේ නැත. බතලේගලට Bible Rock කියනවා වගේ උතුවන්කන්දට කියන්නේ Castle Rock ය. ඒ ඉස්සර සුද්දට ඕක පෙනුනේ උන්ගේ මාලිගාවේ දුම් කවුළුව වගේ නිසාලුය. ගමේ මිනිස්සු නම් මේකට කියන්නේ සරදියෙල් ගල කියලාය. සීයා කෙනෙක්ගෙන් පාර අහන්න ගිහින් රජා දැනගත් දේ ඔන්න ඕකය.

රජා බයික් එක අතට අරන් යන්න පටන් ගත්ත පාර නැවතුනේ කෙලින්ම මාවනැල්ලෙය. ස්මාට් පෝන් වල ප්‍රයෝජනේ දැනෙන්නේ එතකොටය. මම උතුවන් හන්දිය පහුකරගෙන ඇවිල්ලා තිබුනේය. ගූගල් මැප්ස් පිහිටෙන් ආපහු බයික් එක හරෝගෙන හන්දියට ගියේය. අපේ මධුරංග අයියලා බතලේගල නැගලා එනකන් බෝක්කුවක් උඩ ඉදගෙන හිටියෙමි. පාරේ ගිය පිස්සෙකුට රුපියල් විස්සකුත් දෙන්න උනේය. හරි යන්නේ නැත. මෙතන ඉදන් පාරේ වාහන දිහා බලන් ඉන්න බැරිය. මම හෙමින් හෙමින් උතුවන් කන්ද පාරේ ඉදිරියට ඇදුනෙමි. ගලට යන්න පොඩ්ඩක් එහායින් සරදියෙල් ගම්මානය ප්‍රතිනිර්මාණය වෙන්නේය. තාම ඔෆීෂියලි විවෘත කරලත් නැත. ඒ උනාට බලන්න සෑහෙන පිරිසක් නම් එන්නේය. මට වෙන කරන්න දේකුත් නැති එකේ රුපියල් සීයක් දීලා ඒක බලන්න ගියෙමි. විස්තර කරන්න ගයිඩ් කෙනෙක් එහෙම හිටියේය. මිනිහා ලස්සනට වැඩේ කලේය. අහන් ඉන්න ආසය මම සරදියෙල් කතාව කියන්න යන්නේ නැත. සිළුමිණේ ලස්සනට ලියලා තියෙන්නේ කැමති නම් කියවන අය සදහාය.

සරදියෙල් ගම්මානය

අම්බලමේ ඉදන් දෝලාවෙන් එන එකා පිළිගනිමින්
පිංචොහාමි ඉස්සර හෙන කෑල්ලලු. රාජසිංහ රජ්ජුරුවන්ගේ අන්තපුරෙත් හිටියය කියන්නේ
ප්‍රභූ නිවස මේ කලගෙඩි වල ජෝ ටික පට්ට!!
කෑලි ටිකක් නානවා! අර ඉන්නේ සරදියෙල් අර අර!!!
සරදියෙල් සුද්දට *ක පෙන්නලා දිව්වලු
මාවනැල්ල ගඩොල් පාලම දිගේ සරදියෙල් හා මරික්කාර් බෝගම්බරට
සරදියෙල් එල්ලා මරනු දුටුවෙමි
අන්න අර ගලේ සෑර් ඕකා ඉන්නේ
සුද්දා යන ගල්
සංවාරකයන්ට නවාතැන්
ගැමි කැවිලි
කට්ටිය එනකන් ගම්මානේ ඇවිද ඇවිද හිටපු මම ඊට ටිකක් එහායින් වූ පාරේ හෙවන ගහක් යටට වෙලා හිටියෙමි. අව්ව හොදටම සැරය. මී හරකෙක් වෙලේ මඩ නාන්නේය. ටික වෙලාවකින් උගෙ අයිතිකාරයා ඇවිල්ලා මූව ඇදගෙන රජා ඉන්න පැත්තට ආවේය. මූ මං ලගට ඇවිල්ලා නැවතිලා මගේ දිහා බලාගෙන හිටියේය. මට නිකන් හීන් දාඩිය වගේ දැම්මේය. ඇයි යකෝ උගේ අං දෙක මේම... මේමය.... ඇන්නන් එහෙම බොකු බඩවැල් අං දෙකේය. මම ෂේප් එකේ පැත්තකට උනෙමි. අයිතිකාරයා අරෑගේ ළණුවෙන් දාගෙන අදින්නේය. මූ මං දිහා බලාගෙන එක පාරට එතනින් දිව්වේය.

අයිිකාරයා ~ ඌ මල්ලිට බය වෙලා... හෙහෙ..!!

රජා ~ ආහ්.. හෙහෙ!

මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටය. ඇයි යකෝ නිකන් මැරුනා වගේද හරකෙක් අතින් මැරුන් කන එක. මොන නව නිංගිරාවක්ද. මං හිතන්නේ ඌ බය උනේ The King is here කියන ටී ෂර්ට් එකටය. ඌ හිතලා තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවෝ වෙලට සම්ප්‍රාප්ත වෙලා කියලාය. ලොල්..!!!

මධුරංග  අයියලා සෙට් එක ආවේය. අපි ගමන පටන් ගතිමු. එක එක ටෝක්ස් ගොඩය. හම්මේ.... සරදියෙල් හොරෙන් හරි මේවා අහන් හිටියනම් ඌටම වෙඩිතියාගන්න දෙපාරක් හිත හිත ඉන්නේ නැත. අව්වට වේලිලා වේලිලා ගිය පොළවයි කර වෙලා ගිය කොලයි හින්දා අඩිය තියෙන තැන් වහා ලෙස්සන සුළුය. පරිස්සමට යන්න වෙනවාය. අනික ඉතින් අපේ ෆිට්නස් එහෙම සුපිරි නිසා අඩි දෙක යනකොට දිව ටයි පටිය වෙලාය. ඔය යන අතරේ සිරාම කතාව කිව්වේ මධුරංග අයියගෙ යාළුවාය.

අපි ගිය ආත්මේ සුද්දෝ වෙලා මූව අල්ලන්න එන්න ඇති බං එකයි මේ අපි ආයේ මේක නගින්නේ...


ගමනේ එකම එක තැනක පොඩි රිස්ක් එකක් තියෙන්නේය. ගල් පොත්තක් බදාගෙන ගහක් අල්ලගෙන තණකොල පදුරු වල එල්ලිලා නගින්න ඕනැය. හිත සැනසෙන්නේ මුදුනට ගිහාමය. අලගල්ල, අම්බුලුවාගල, තලෙගල, ඔක්කොම පෙනෙන්නේය. සතුට කියන්නේ ඒ ඔක්කොම නැග්ගා වීමය. උඩට ගිහින් වැඩිය සද්ද දාන්න බැරිය. මොකද දොන්ත සයිස් මීවද ගොඩක් තියෙන්නේය. උන් ඇවිස්සුනා නං වෙන දේ උන්වත දන්නේ නැත. සදා සොත්ති වෙන බං නං ටක්කෙටම ෂුවර්ය. මුදුනෙම තියෙන ගල්කෑලි ටික හරියට මිට මොලවන් ඉන්න අතක් වගේය. ඒක නං මාරම පිහිටීමක්ය.

මීයෝ


ටික වෙලාවක් උඩ පොටෝ අල්ලපු අපි බහින්න පටන් ගතිමු. ඒ අස්සේ එකෙක් ලොකු අම්මාට කෝල් එකක් ගන්නේය. අපි හෙමින් බහින්නේය. අරෑ කෑගන්නේය.

ඉදහල්ලා මම එනකං... අවසාන කෝල් එකද දන්නෙ නෑ. මතක තියාගනිල්ලා ලොකුඅම්මට ඈ ගත්තෙ අන්තිමට...



මධුරංග අයියා සහ රජා!!


කෝමහරි කිසි අවුලක් නැතිව අපි පහලට ආවෙමු. බැසයන ඉරයි උතුවන් කන්දයි මහ අමුතු දර්ශනයක් මවා පෑවේය. සරදියෙල්ට සමුදුන් අපි නැවත ගෙවල් බලා ඇදුනෙමු.


FB පොටෝ ඇල්බමය මෙතනින්
 
රොබින් හුඩ් වගේ ලක්දිව පල උන නමයි...
උතුවන්කන්දේ සූර සරදියෙල් මමයි... සූර සරදියෙල් මමයි...!!!
රාජ චාරිකා පෙල
 














සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!