Tuesday, August 20, 2013

හිරිමල් එතනා සොයා කළුන්දාවට ගියෙමු (අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව)

අපේ අප්‍රසිද්ධ රජමහා විහාර ප්‍රොජෙක්ට් එක නිවාඩු හිගතාවය මක එහෙන් මෙහෙන් කූරියා ගැහුවේය. නමුත් මේක එහෙමත් විනාස වී යන්නට ඉඩදිය නොහැකිය. වෙනදට යන එකෙක්වත් අද ආවේ නැත. මම අපේ යුව රජ මලයා සමග ගමන ආරම්භ කලෙමි. 

දෙවන පරාක්‍රමබාහු රජතුමා ගැන වැඩි විස්තරයක් කියන්න අවශ්‍ය වන්නේ නැත. මේක කියවන හුග දෙනෙක් සිරි පැරකුම් ෆිල්ම් එක බලන්නට ඇත. රජතුමාගේ කුඩා කාලය ගෙවුන හැටි, අගබිසව වෙච්චි ගෑණූ දරුවා සෙට් උන හැටි එහෙම අගේට ෆිල්ම් එකේ ඇත. පොළොන්නරු රාජධානියේ බිදවැටීමත් සමග ලංකාවේ ඊලග රාජධානිය උනේ දඹදෙණියය. රජාගේ බොක්කේ සෙට් එක රජ ගෙදර සවාරිය වෙලාවේ දඹදෙණි රාජධානියේද සංචාරයකට එකතු උනේය. දෙවන පැරකුම් රජතුමාගේ මාලිගාව හදලා තිබ්බ මාලිගා ගල එහෙම බලලා ඒ ලගම තිබ්බ පිට්ටනියක ක්‍රිකට් එහෙම ගහලා ෆුල් ෆන් දවස් දෙකක් අහවර කලෙමු. 


කළුන්දාව ගම මැදින්
පරාක‍්‍රමබාහු කුමාරයාගේ ළමා කාලය ගෙවූ කළුන්දාව නම් ගමේය. ඔහු එහි හැදුණේ ගම්පතිගේ නිවසේ දාසයකු ලෙසය. අප්පුවා ලෙස නම් ලද පරාක්‍රමබාහු කුමාරයාට පෙම් කරන්නට ගම ගෙදර වැඩිමහල් දියණියවූ කළු එතනා පැකිලුනාය. ආඩම්බරවූ ඇය ඉබේ කඩාපාත්වූවකු ලෙස සැලකූ අප්පුවාට පෙම් කරන්නට උත්සාහ නොකළාය. කුමරුට අනුකම්පා කළේ බාල දැරියවූ හිරිමල් එතනාය. 

අවසානයේ විජයබාහු රජතුමා පරලෝ සැපත්වූ පසු මගුලැතු සරසවා වීදි සංචාරය කරවූ අවස්ථාවේ මගුලැතු කුමරු සොයා ආවේය. කුමරා හිරිමල් එතනා සමග රජවාසලට යාමට ඇතුපිට නැංගේ මන්ද කළු පින් නොකළේ යි කළු එතනාට කියමිනි. මන්ද කළු පින් නොකළේ යන කියමන පසුකාලීනව කළුන්දාව පින්නපොලේ වූ බව ජනවහරයි. කළුන්දාවට ළඟම ගම පින්නපොල නමින් අදද එහි වෙයි.

අපි ගම වටේම ඇවිද්දෙමු. බලන බලන අත වෙල් යායවල්ය. මෝටර් සයිකලේ පැදගෙන යන අපේ මූණ බල බල ගැමියන් සිනාසුනේය. අපි ගමේ උන් නොවන බව උන් සහසුද්දෙන්ම දන්නේය. පරාක්‍රමබාහු කුමාරයා කොයිතරම් ලස්සන ලමා කාලයක් ගෙවන්න ඇත්ද යන්න අදටත් එහි යන ඕනෑම කෙනෙකුට සිතාගත හැක. මන්ද  ඒ ගම්මානය අදටත් ඒ තරමට ලස්සනය. ඒ ඇවිදිල්ල අතරමැද කළුන්දාව පන්සලටත් ගොඩ වදින්නට අපි අමතක නොකලෙමු. 








කොහොමින් කොහොම හරි දැන් මේ ගම්මානය මැද්දෙන් කටුනායක-යාපනය අධිවේගී මාර්ගය ගමන්කිරීමට නියමිතය. අදියර හතරක් යටතේ මාර්ගය ඉදිකෙරේ. අපේ පැත්තේ කට්ටියට දම්පෑලැස්ස පිවිසුමෙන් නුදුරේදීම අධිවේගී මාර්ගයට පිවිසීමේ අවස්ථාව උදාවෙනු ඇත. සමහරවිට ලංකාවේ හිටියොත් රජාද පාර හදන්නට සෙට් වීම වැලැක්විය නොහැක. පාරේ යන උන් පරිස්සමින් යා යුතු වෙනු ඇත. 

ගමන්මාර්ගය: 

ගිරිගුහාරමයට යන පාරමයි. බාර් එක ගාවින් හැරිලා කිලෝමීටර් 1 1/2 ගිය තැන හම්බෙන බස්හෝල්ට් එකෙන් වමට තියෙන පාර කෙලීන්ම කළුන්දාවට. 
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Friday, August 16, 2013

වැල Vs ඇත්ත තත්වය (18+) - Porn Sex Vs Real Sex (18+)


මේ වගේ පෝස්ට් ඉතින් වැඩිය ලියවෙන්නෙත් නැත. ලිව්වහම කියවන්නත් අය ඕනේ තරම්ය. හැබැයි ලියන්න, පෙන්නන්න එකෙක් නැත. ලිව්වම ලිව්ව එකාට වලා වලා ගාන්න නම් කට්ටිය ඕනේ තරම්ය. ඒත් මොකෙක් හෝ එකෙක් මේවා කිව යුතුය. ඔන්න ඔහෙ වෙනදා වගේම මේකත් මම ම කියලා දානවාය. විනාස වෙන්න කාඩ් එකක් නැත. තිබ්බෙත් නැත. ඉස්සරහටත් නැති හින්දා ගානක් නැත. 

කියන්න කියලා ආවාට කියන්න මොකුත්ම දෙයක් නැත. කරන්න තියෙන්නේ බලා සැනසීමය. ඔය ඩේටා ඩේටා කිය කිය නොබලා මග හරින්න එපාමය. මේක නුදුරු අනාගතේට වැදගත්ය. බැදපු උන්ට වැඩක් නැත. ඒක හින්දා ඒ පාර්ශවය මේක නොබලා ඩේටා ඉතුරු කරගත්තාට කම් නැත. 



 
තවත් වටින්නේ මේක සවුන්ඩ්ස් එක්ක බලනවානම් තමාය. එතකොට දැකෙක හැගීම මාරය. 

බලපු උන් කට වහන් තොලොංචි වෙයල්ලා...
   
තේරුන නැති දෙයත් එහෙම තියෙනවා නම් රාජකීය පණ්ඩිත මං රජාගෙන් විමසා සැක දුරු කර ගත හැක. 

ප/ලි:

ඕක සිංහලෙන්ම කියවන්න නම් පොතක් තියෙනවලු. මේ පොත ඉස්කෝලෙදි කියෝලා පුස්තකාලෙදි ගුටිගාපු අය එහෙමත් ඉතින් අපි අතර ඉන්නවලු. 

මෙන්න අන්තිම පිටුවලු... රජා ලගනම් මුළු පොතම තියෙනවලු. හිනා වෙන්න ඕනේ වෙලාවට මම කියවන්නේ මේකලු. ලොල්...හැත්තෑවයි. ^_^

 
අවශ්‍ය අය පොත මෙතනින් බා ගන්න  

දෙවනි කොටස මෙතනින් බා ගන්න



ලයික් හිගා කෑම...

 

අපිට මේ තරගෙ දිනන්න මෙතනින් ගිහින් බුකියේ ලයික් එකක් දාන්න. 
දින්නොත් කාටද ආඩම්බර ඉතින්.. ;)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, August 13, 2013

එක දවසක්.. ගමන් ගොඩක් - Construct 2013/ Harbour/ Provincial T20


මේක නං මාරම දවසක්ය. කරුමයක් පටිසන් දුන්න දවසක්ද එහෙමත් නැත්තන් පින පලදුන්න දවසක්ද කියලා හිතාගන්න බැරිය. එක එක සිද්ධි දාමයක් එකට පැටලිලා, මිශ්‍ර වෙලා, මෙව්වා වෙලා, කම්බයින් වෙලා, අරහෙම වෙලා තිබ්බ මහා අමුතුම දවසක්ය. 

උදේ පාන්දර 7ට ඇහැරුන රජා හෙමින් හෙමින් ලෑස්ති වෙලා BMICH එක පැත්තට ගාටන්න 154ක නැග්ගේය. 154 විදින්න ඕනේ කරුමය ගැන ආයේ කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නැත. දන්නෝ දනිතිය. මට පුට් සයිකලයක් තිබ්බානං බස් එකට කලින් එතනය. කොහොම හරි 8.45 වෙනකොට මම එතනය. අපේ අනිත් උන් එතනය. පොකුණ උඩ ඉදගත් රජා එස්එම්එස් ක්‍රියාවලිය ඇරඹුවේය. ගෑණු ළමෙකුත් උදේ පාන්දර වද දුන්නා වගේ මතකය. ඒත් නැද්ද කොහෙදය. 

රජා: කොහෙද යකෝ උඹලා?

දුලියා: BMICH එක ගාව

රජා: වරෙන් යකෝ...මම පොකුණ උඩ

දුලියා: ලොල්... නෑ යකෝ අපි තාම බොරැල්ලේ...

රජා: නොදකින්...

ටිකකින් උනුත් එතනට කඩන් වැටුනේය. ඒ අළුත් සාමාජිකයෙක් සමගය. නම තෙසරුය. අද පටන් මුගෙ නමත් අඩවියේ යාවජීව වනු නියතය. ආපු ගමන් කට්ටිය BMICH  එකෙ වැසිකිළි වල පුරවා Construct ප්‍රදර්ශනේ බලන්න ලෑස්ති උනේය. තාම පටන් අරගෙනත් නැත. අපි පඩිපෙලක් උඩ ඉදගෙන ඔහේ කියෝ කියෝ සිටියෙමු. 9.45ට විතර ටිකට් දෙන්න පටන් ගත්තේය. ටිකට් අරන් ඇතුලට ගිහාම මෙලෝ වන සතෙක් ඇතුලේ නැත. අද ප්‍රදර්ශනේ විවෘත කලේ අපිද කොහෙදය. ප්‍රදර්ශනේ එක තැනක තිබ්බ ටයර් කඩයක් නම් දාලා තිබ්බේ රජාට අපහාස කරන්නමය. ඒකේ තිබ්බ ටයර් මටත් වඩා උසය. අපි වටේම කැරකිලා එලියට එනකොට නං ඔන්න සූ ගාලා 100ක් විතර ඇවිල්ලා හිටියේය. 

එතකොටම වගේ අශානයාගේ තාත්තාගෙන් කෝල් එකක් ආවේය. ඒ උන්ගේ කැබ් එක එනවා කියලාය. අපි කොහොමත් හිටියේ ඊලගට අළුත් වරාය කෑල්ල බලන්න යන්නය. වෙලාවට වගේ අන්කල් මාමා ආවේය. අම්මෝ... බොහෝම පෙරැත්ත කරලා කැබ් එකේ පිටිපස්සට හතර දෙනෙක් නැග ගත්තේය. ඇන්ටි නම් කිව්වේ ඕක පොලිසිය අල්ලන වැඩක් කියලාමය. පොලිසිය ඇල්ලුවොත් අපි බේරලා දෙනවා කියලා දුන් පොරොන්දුව මත අව්වේ කර වෙමින් වරයා බලා ඇදුනෙමු. යන අතරමග කට්ටිය අන්කල්ට පින් දෙන්නේය. නිකන් නෙමේය. මුළු හත්මුතු පරම්පරාවටමය. 

අංකල්ව හදා වඩා ගත්තු දෙමාපියන්ට, මේ ජොබ් එක ගන්න ඉගැන්නුව ගුරුවරුන්ට, ජොබ් එක ඉන්ටවීව් කරලා තෝරගත්තු එකාට  පින්සිද්ධ වේවා...කොටින්ම රජයේ වාහන වලට ජය වේවා... මේ තරම් හොද වාහන ලොවෙත් නෑ!!!!

අනේ අම්මියෝ.....ඒක බලන්න ඉන්න පෝලිම දැක්කම රජා ඇතුළු පිරිසට උණසන්නිපාතය වගේ හදුනානොගත් ලෙඩක් වැලදුනේය. ඒ තරමට සෙනගය. වෙලාවට අපි ගියේ රජයේ වාහනයකය. නිකන් වීඅයිපී වගේ සින් සින් ගාලා ඇතුලෙය. කොහොමත් වාහන වල එන උන්ට ඇතුලට යන්න පුළුවන්ය.  මූදු හුලන් කාගෙන, අව්වේ පිච්චි පිච්චි , පොටෝ ගගහ පාර දිගේ ඔහේ ගියෙමු. මේක බලන්න මිනිස්සු පෝලිම් වල ඉදලා ඇවිත් ආයේ පයින් ඇවිදලා විදින දුක දැක්කහම මුළු සර්වාංගෙන්ම දුක හිතෙන්නේය. බලන්න කියලා ඇති දෙකුත් නැති තරම්ය. අර නයිටීන් එකේ කෑගගහ කියන යකඩ අස්සයෝ දෙතුන් දෙනානම් ලොකුවට පේන්න තිබ්බේය. 


ඒ අව්ව නම් ඉවසන්නම බැරි තරම්ය. 

තෙසරු: ගහක්වත් නැති හැටි බලහන්කෝ...

කාවින්ද: වරායේ කොහෙද යකෝ ගස්...

ගයාෂාන්: ඒ උනාට පොල්ගස් දෙක තුනක්වත් හිටවන්න තියෙන්නේ බං...@#%$ අව්වයිනේ

රජා: සිරාවට බං... අඩුගානේ තණකොල ගහක්...


වරායට ආපු තඩී නැවක් නම් අපි ලගීන් ගියේය. ඒක දිහානම් කට ඇරගෙන බලාගෙන හිටියෙමු. වෙන බලන්න දෙයක් නම් ඉතින් නැති තරම්ය. ඔහොම නෙමේ...වරාය උඩ වරායවල් ගහලා, ඒ වරාය උඩ එයාපෝර්ට් එකක් ගහලා, ඒක උඩ ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැහුවත් රජාට නම් මහ රජාව පළමුවත් දිරවන්නේම නැත දෙවනුවත් නැත තෙවනුවත් නැත.

අපි වාහනේ හරෝගෙන ආපහු ආවෙමු. හවස තියෙන T20 බලන්න කොටුවට යන්න ගලදාරිය ගාවෙන් බැස්සෙමු. දුලියා සමග තෙසරුවා කොටුවෙන් හැලුන අතර රජා,ගයාෂාන් සමග කාවින්දයා කෙත්තාරාමේ බලා ඇදුනෝය. මැච් එක පෙන්නන්නේ නිකන්ය. ආයේ මොනාද ඉතින්. ලෙසටම බලන්න Block A එකේ හොදම සීට් එකක් බලලා ඉදගත්තෙමු. ගෙනාපු බත් දෙක දිගඇරගෙන කාලා එහෙම පෙප්සියකුත් බිව්වෙමු. කාලා බීලා ඉවරවෙනකොටම ලෝක පූජිත සංගා කොළුවා බැට් එක උස්සන් අපි ඉස්සරහටම ඇවිල්ලා පුහුණුවීම් පටන් ගත්තේය. අපි වෙනකොහෙවත් බැලුවේ නැත. ඒ දිහා ඇසිපිය නොහෙලා බලා සිටියෙමු. ඒ තරම් ලස්සන ෂොට්ය. 


මැච් එක පටන් ගත්තේය. තරංගයා සට පට ගාලා ඕෆ් එකෙන් හතරේ ඒවා වනන්න ගත්තේය. විකට් එකක් වැටුනෙන් සංගා විකට් එකට ආවේය. ඒ වෙලාවේ ඉදන් අපි මැච් එකට බැහැලා තිබුනේය. සංගට කොහෙට දැම්මත් ෂොට් එකක් ඇත. මාරම ගතිය. හයේ ඒවා දෙක තුනකුත් බැස්සේය. සංගා දැන් 49ය. 

කාවින්ද: අඩෝ සංගට 50 ගහනවා කියන එක ගේමක් නෑනේ බං....

රජා: ඔව් බං...

ගයාෂාන්: ඌ දැන් ලකුණු මැෂිම බං...

කතාව ඉවර වෙන්න උනේ නැත. සංගා කැච් එක දීලා අවුට් උනේය. සියළු දෙනෙත් කාවින්දයා පැත්තටය. 

රජා/ ගයාෂාන්: මොකද්ද යකෝ කලේ....තොගෙ කට වස්ති...බලහන් උඹ කිව්වා විතරයි සංගා අවුට්. නොදකින්....

කොහෙම හරි ඕවර් ටික ගෙවිලා ගියේය. අපි ලෝක පුදුමයක් දැක්කෙමු. ඒ ටුක්ටුක්මාන්න (තිරිමාන්න) 6ක් ගහන එකය. ඒක නං මාරය. මූ අද ඇවිල්ලා තිබුනේ ලෑල්ල විසිකර බැට් එකක් අරගෙනය. අන්තිම ඕවරේදී කුලේගේ බැට්ට වැඩ කෙරුවේය. ලස්සනට 6, 4 බැස්සේය. අපිට ඇඩුනේය. අපි හිතුවේ බෝලේ අපේ ඇස් බෝල වලට කෙලවයි කියලාය. මොකද අපි හිටියේ කුලයාගේ ආක් එකේය. කොහොමහරි කදුරට උන් 159 ගැහුවේය. චේස් එක 160ය.

ගයාෂාන්: අඩෝ මැච් එක ඉක්මනට යනවා නේ බං...

කාවින්ද: ඔව් බං.... ඇඩ් පෙන්නන්නෙත් නෑනේ....

ගයාෂාන්: ඔව් නේ බං... හෑ....????

මූ නිකන් හෑ ගෑවේ පිට්ටනිය මැද්දේ වෙනදට ඇඩ් පෙන්නනවා වගේය. අම්බෝ...ඌ ඒක කියපු හැටියට අපිට මැරෙන්න හිනාය. නිකන් අර මිනියන් කෙනෙක් වගේය. උනුත් කෑගන්නේ මෙහෙමය. හෑ....??

චේස් එක කරන්න කට්ටිය පිටියට පිවිසියේය. කුලයා පැත්තට වෙලා සිගිති ආතල් එකක් ගන්නේය. මම උගෙ පොටෝ එකක් ගැහුවේය. සුපුරුදු මල් හිනවා දාලා අත වන වන මොනවදෝ කීවේය. අපිට තේරුනේ නැත. මං හිතුවේ ඌ මාව  අදුරගෙන කියලාය. ඇයි ඉතින් අපේ ඉස්කෝලේ බුවානේ. තේරුනේ පස්සෙය. මූ කියලා තියෙන්නේ පොටෝව ගහන්න එපා කියලද කොහෙදය. 


චේස් එකනං ගූ හතය. ඩිල්ෂාන්, කුසල්, මුබාරක් කට්ටියම පෝලිමට අවුට් උනේය. අපි බැහැලා එන්න ආවේමු. හිරිකිතම සීන් එක උනේ මෙතනය. කෙත්තාරාම එන්ඩ් එකෙන් බැහැපු අපි මාලිගාවත්ත එන්ඩ් ගේට්ටුව හොයාගෙන ගියෙමු. කෙලපන්කෝ හැලප....ඒක වහලාය. ආයෙත් මුළු ස්ටේඩියම් එක වටේට පයින් ගිහින් කෙත්තාරාම ගේට්ටුවෙන් එලියට ආවෙමු. ඊයා....ය. මේවා ඉතින් කාටවත් කියන්න පුළුවන් සිද්ධිත් නෙමේය. ඒතරම් චාටර්ය. 

මෙතනදී පොටෝගත උනේ ගෑණු ළමයා නොව,
ඊට එහායින් පේන සචිත්‍ර කොළුවාවය.

ප/ලි:

බුකියේ පලවූ සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්

මුළු දවසක ඔහොම හතර වටේ කැරකිලා එනකොට බෝඩිමේ වතුර නැත. නාගන්නත් නැත. බොන්නත් නැත. මොකද්ද බටයක් කඩාගෙන මුළු ඒරියා එකටම වතුර නැත. පහුවදා ලෙක්චර්ස් යන්න මූණ හෝදගන්නත් වතුර නැත. ක්ෂණික කඩේකට ගිහින් ජම්බෝ වතුර බෝතයක් අරන් ආවේ හදිසි අවශ්‍යතා සදහාය. කැතම සීන් එක කියන්නේ පස්සේ දවසේ උදේය. 

පහුවදා සුපුරුදු පරිදි කැම්පස් එකට ගිය මට කෙල උනේය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, August 11, 2013

රජෝ උඹ ඉවරයි...අපි උඹව හැක් කලා!!!! :D


හහ් හහ් හා...අද තමා රජාගේ රෙදි ගලවන දවස. ඕකා පෝස්ට් ලියන ස්ටයිල් එකෙන් නං අපිට ලියන්න බෑ. ඒ උනාට මූ අපිට මඩ ගහන විදිහට මූට මොනවා හරි කරන්නම ඕනේ. හැක් කලා කිව්වට එහෙම්මමත් එකක් නෙමේ. අපි උගේ ලැප පැහැරගත්තා වගේ සීන් එකක් තියෙන්නේ. 

වැඩි වෙලාවක් නෑ. විනාඩි 30යි උපරිම. දැන් වෙලාව හරියටම දවල් 12.00යි. අපිට ඉන්ටවල් එක දීලා තියෙන්නේ. රජා ගියා බෝඩිමට. කෑම එකකුත් අරගෙනමයි එන්නේ. අපිට ලැප දීලා ගියේ බලාගන්න කියලා. රාජකීය එක්ස්ටර්නල් හාඩ් එකත් තියනවා. මේක 12.25 වෙද්දිවත් ලියලා ඉවරවෙලා පබ්ලිශ් කරන්නත් ඕනේ. ඕකට වෙච්චි පජාත සීන් ටිකක් මේකෙ ලියන්නත්  ඕනේ. පටා........න් ගමු.

බ්ලොග් එක කියන කොටම අපිට ඉස්සරලාම මතක් වෙන්නේ ඕකාගේ ප්‍රේම පුරාණය. කෙල්ලෙක්ට මැසේජ් දානවා, කෝල් කරනවා හෝ.... ගාලා. ට්‍රිප් එකක් යන්නත් නෑ ෆෝන් එකේමයි එල්ලිලා හිටියේ. අනේ මන්දා ඉතින්. මූ ඒකිව දාගෙන හිටියේ කියලා හිතාගෙන හිටියට ඇත්තටම ඒක සෙට් වෙලා නෙමේ ඉදලා තියෙන්නේ. ඊයා යකෝ රෙදි නෑ. මූ ඒකාලේ හිටිය හැටි මතක් වෙනකොට අපිට සිරාවටම දුකයි බං.

අපි අර සයිට් විසිට් එක ගිය වෙලාවේ මූ ඔය ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒකේ අපේ කෝඩිනේටර් අක්කා ගැනත් මොනවද ලිව්වනේ. ඕක එයා කොහොමහරි දැකලා රජාව සතියක් විතර හෙව්වා. මොකටද දන්නෙ නෑ... ඕක දැනගත්තු වෙලාවේ ඉදන් රජා කැම්පස් එක ඇතුලේ හොරා පොලිස් කලා. අක්කා එනකොට මූ ලොවෙත් නෑ. ඔෆිස් එක ඇතුලට මලාට යන්නේ නෑ. ලෙක්චර්ස් වලට එන්නෙත් හැංගි හැංගි. අපි බොරුවටත් ඌව බයකරනවා අන්න උඹට ඔෆිස් එකට එන්න කිව්වා කියලා. මූ මලාට යන්නේ නෑ ඉතින්. අම්මෝ...ඌ ඒ කාලේ දුන්න ආතල් එකක්. මුගේ මූණ බලන්න ඕනේ ඒ වෙලාවට තමා. දැන්නම් වැඩේ ෂේප්. අක්කට අමතක වෙලාද කොහෙද. ඔය දැන් යන්නේ ඔෆිස් එකටත්. 

(රජෝ ඇවිල්ලා මෙතන්ට සයිට් විසිට් ලින්ක් එක අප්ඩේට් කරහන්...අපිට හොයාගන්න බෑ :D )

රජා තමා අපේ බැච් එකේ ඉන්න උසම එකා. ඕකා චූ කරන්න ගිහාම තමා ආතල් එක. වොෂ් රෑම් එකේ තියෙන සාමාන්‍ය උස යූරිනල් ඔක්කොම අපි දුවලා ගිහින් ඒ ඔක්කොම අල්ලගත්තම රජාට හම්බෙන්නේ උසම ඒවා. ඌට ඉතින් ඒවට උස නෑනේ. බල්ලා වගේ බලන් ඉන්නවා අපි චූ කරලා ඉවර වෙනකන්. අපි පැය ගානක් චූ කරලා තමා ඌට දෙන්නේ. ලොල් සීන් එක. අරෑ ඇඹරි ඇඹරි බලාගෙන ඉන්නවා. 

රජා: යකෝ... මටත් එකක් තියහන් @#$%

අපි: ඉතින් $%^ පලයන් වෙන එහෙකට

රජා: ඔය ටික තමා තියෙන පාතම ටික :/

අපි: බුහහහා...

රජාගේ හාඩ් එක තමා හාඩ් එක. අපේ බැච් එකේ හැම එකාගාවම තියෙන වැල ටික මුගේ එක්ස්ටර්නල් එකේ තියෙනවා. 250 GB තිබ්බ වැල ටික දැන් නම් 150 GB වලට බැහැලද කොහෙද... ඇයි බයිස්කෝප් එකට අළුතෙන් එන හැම මූවි එකක්ම ආපු ගමන් මූ බානවනේ. ඉතින් ඉඩ නෑ. ඒ අතින් නම් ඉතින් එල කොල්ලා...


මුගෙ හාඩ් එකේ, ඔන්න ඔය රවුම් කරලා තියෙන හිඩ්න් ෆෝල්ඩරේ තමා බඩු තියෙන්නේ. කාටහරි හාඩ් එක හම්බුනොත් චෙක් කරලා බලන්න හොදේ... ලොල්!

1- අඩෝ අරෑට කෝල් කරහන් කොහෙද කියලා අහලා..

2- උඹ කොහෙද බං...අපිට බඩිගිනී...

රජා - හරි හරි බං...අපි මේ එන ගමන්...හංදියේ ඉන්නේ!

2- යකෝ අරෑ හංදියෙලු. ඕක ලියලා දාපන් ඉක්මනට. 

අම්මටසිරි වෙනවා. අරෑ තව විනාඩි 5න් මෙතන. අපි මොකුත් කලේ නෑ ඔන්න...මේක පබිලිශ් කරලා රජාගේ එකවුන්ට් එකෙන්ම ෂෙයා කරනවා. ගෘප් වල දාන්න වෙලාවක් නැති වෙයි. රජාගේ තරහකාරයෝනේ මේකෙ ඉන්න ඔක්කොම. ඔන්න මේක උඹලා ඔය ගෘප් වලට පෝස්ට් කරහල්ලා හොදේ...

ප/ලි: 

දැන් ඉතින් බලන්න එපා බ්ලොග් නොලියන උන් කොහොමද මේක ලිව්වේ කියලා. අපිත් කාලයක් එකක් ලිව්වා. දැන් වැඩිය ලියවෙන්නෑ. මෙන්න තැන 

මේක මේ පැය බාගෙන් ලිව්ව එකක් නෙමේ. අපි සෙට් එක මේ මගුල ගෙදරින් වර්ඩ් එකක ලියාගෙන ඇවිල්ලා මෙතන සෙට් කලේ. මේක රජා දෙල් කිරීමේ පුරා මාසයක් විතර ඇදුන දැවැන්ත සංවිධානාත්මක මිෂන් එකක්. :D :D

දායකත්වය...
ලව් එක ගැන -  අශාන්
සයිට් විසිට් එක - ගයාෂාන්/කාවින්ද
යූරිනල් එක - දුලියා

මීට රජාගේ අතිජාත කල්‍යාණ මිතුරු කැල,
දුලියා, ගයියා, අශාන්යා, හසියා සමග කාවින්දයා

රජෝ උඹ මේක ඩිලීට් කරලා විතරක් අහුවෙන්න එපා...
අර අපි ස්ක්‍රීන් ෂොට් ගත්තා...
ඩිලීට් කලොත් ස්ක්‍රීන් ෂොට් ටික අර නංගිට යවනවා හරී...

බඩ වේවා!!! දරු සම්පත් ලැබේවා!!!

Thursday, August 8, 2013

ගලධාරි සුද්දය (කාලා මැරෙමු) - Galadari Buffet (Let's Eat & Die)


හැමදාම රංජි අයියගේ බත් කඩෙනුයි, සීයේ රයිස් කඩෙනුයි, කැන්ටිමෙනුයි කන එකේ අපි සෙට් එක තරු පහ පොට් එකකින් බඩ කට පුරෝ ගන්නට ගියෙමු. හැමදාම රචනා ලියන එකේ අද ගේම ගහන්නේ විරිදුවෙන්ය. 


සකල සිරින් පිරි සිරි ලංකාවේ, ගලධාරිය නම් හෝටලයේ...
අඩුවට තියෙනා බුෆේ බුදින්නට, දවසක් අපි ටික සෙට්වූයේ...
දුලියා යෂිකයා කාවින්දයා හා, ශිහාරා එන බව පැවසූයේ...
එලකිරි වාගේ අශානයත්, උඩ පැනගෙන අත්දෙක ඉස්සුවනේ...

එදා හවස තුන හමාර වෙනකොට, සෙට් වෙන්නට කතිකා කෙරුනේ...
රුපියල් දාහක් පර්ස් එකේ ගෙන, හෙමි හෙමිහට ඒ පැත්තට ඇදුනේ...
මේයව් අස්සේ අශානයා හට, බැක්පැක් ගන්නට ඕනේ උනේ...
රජා සමග ඌ බම්බා වලින් බැස, එම්.සී එතුලට රිංගුවනේ...

එම්සී ඇතුලේ කැරකෙන විටදී, යෂිකයා එතනට පාත්උනා...
අපි තුන්කට්ටුව බෑග් සොයා, හෙමි හෙමිහිට පියවර එසවූවා...
අම්බෝ ඒවගේ ගණන් ඇසූ විට, රජාට සිහිසුන් නැති වූවා...
මාවත් ඇදගෙන අශානයා හා, යශිකයා එතනින් යන්න ගියා...

එලියට ඇවිදින් පට් පට් ගාලා, ප්‍රයිවට් බසයට ගොඩ වූවා...
රුපියල් දොලහක් කොන්දට දීලා, ගලධාරිය ලග බැහැගත්තා...
කාර් එකක ආවා වාගේ අපි, පාක් එක හරහා ඇවිද ගියා...
සික්කා ඉද්දී අහක බලාගෙන, හෝටලේ ඇතුලට පාත් උනා...

දුලියා සමගින් කාවින්දයලා, හෙන තඩි පුටුවක ඉද සිටියා...
අපි සෙට් එක ඉද ගත් පමණින් එය, ඉණ ගාවට එරිලාම ගියා...
ඉදගත් පමණින් අකුණු ගැහුවා සේ, දුලියගේ කැමරා පත්තු උනා...
අහල පහල සිටි වේටර් කොලුවොත්, ඒ හෙන එළියට බය වූවා...

හතරට එළබුණ ශ්‍රී සුභ මොහොතින්, බුෆේ බකට් ටික විවර උනා...
දඩි බිඩි ගාලා නැගිටලා පුටුවෙන්, කෙල පෙර පෙර අපි ඇදී ගියා...
පළවෙනි වටයට පිගාන පුරවා, පාන් ජාති හොරකම් කෙරුවා...
කියන්න ලැජ්ජයි මෙලෝ රහක් නෑ, ගත්තු හින්දා කාලා දැම්මා...

ගින්දර වාගේ දෙවනි වටේටත්, අපි සෙට් එක පියවර තැබුවා...
පිගාන පුරවා ෂෝටීස් සමගින්, සොසේජස්ද පුරවා ගත්තා...
එහා පැත්තේ වූ අයිස් කෝපි, වීදුරු දෙක දෙක මුන් අරන් ගියා...
ඒක බලන් හිටි වේටර් මාමා, තනියම අඩනවා මම දැක්කා...

කනවට වැඩියෙන් පොටෝ ගහනවා, මම නං දැක්කේ මෙහෙදි තමයි...
අතට ගන්නවා කටට දානවා, බඩටත් යනවා මුන් ගැහුවයි...
අහල පහල සිටි අක්කලා නංගිලා, මෙදෙස බලාගෙන හිනාඋනයි...
නැවතත් පුටුවෙන් නැගිට ගිහිල්ලා, ස්ට්‍රෝබෙරි පුරවා ගත්තයි...

ගෙවනා මුදලට අඩුවෙන් කෑවේ, යෂිකයා කියලයි පැතිර ගියේ...
උගුරේ අන්තිම ගැටිත්ත වෙනතෙක්, එක එක අයිටම් බඩට ගියේ...
හෙට උදේට වන බඩේ අමාරුව, නැතිකෙරුමට උණු කෝපි තිබේ...
ගොජ ගොජ ගාලා උතුරන වතුරෙන්, කෝපි තුනක් මුන් ඇද බෑවේ...

කාලා බීලා අන්තිමේදී අපි, හෝටලේ ඇතුලේ ඇවිද ගියා...
පූල් එකේ සිරි නරඹන අටියෙන්, ලිෆ්ට් එක ඇතුලේ පියෑඹුවා...
එතන මුරට සිටි කාන්තාව හට, ශිහාරා කඩුවෙන් බැට දුන්නා...
අන්තිමේදී ඒ පොඩි නැන්දා, මුන් ටික පූල් එකට ඇතුල් කලා...

ගෝල්ෆේස් එක දිහා බලාගෙන, අපි පොඩි කයියක් ඇරඹුවා...
එහා පැත්තේ තිබු පුටු වල ඉදගෙන, සුද්දෝ කපල් සිරි නැරඹුවා...
එක පාරට ආ හුළං පාර දැක, සුද්දී හොදටම මෝල් උනා...
බෙල්ල බදාගෙන පුටුව පෙරලගෙන, සුද්දී සුද්දගේ කට කෑවා...

මේක බලාගෙන ඉන්න බැරුව අපි, ආපහු එන්නට පිටත් උනා...
රජා සමග ආ ශානයා ඇවිදන්, මහ ලේකම් දුම්රිය පලට ගියා...
පානදුරේ යන දුම්රියේ එල්ලි, බෝඩිම දක්වා ගමන් කලා...
තව ඩිංගෙන් උන් සෙනගට හිරවී, බුෆේ කෑලි එලියට පැන්නා...

වෙනත් එවුන් එක දෙක ගෙන කන විට, අපි සෙට් එක පහ හය කෑවා...
ස්ට්‍රෝබෙරි හා අයිස් කෝපි, මම වීදුරු හතක්ම ඇද බෑවා...
හෝටලේට ෆුල් පාඩු කරලා අපි, තව දවසක් එන බව කීවා...
අන්න එලෙස ගලධාරී සුද්දය, සැම තුටු කරමින් නිමා උනා... 



ප/ලි:



සම්භාව්‍ය පොටෝ ඇල්බමය මෙතනින්

තාලෙ දන්නේ නැති අයට මෙන්න තාලේ....මේ තාලෙට තමා කියන්නේ. වෙන තාල දාගෙන නාගන්න එපා...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, August 3, 2013

නිවරැදිම කෙල්ල තෝරා ගන්නේ කෙසේද? - How to choose the perfect GIRL

දැන් සීන් එක මෙහෙමය. රජා වගේ හැන්සම්, හුරුබුහුටි, හුරතල් කොල්ලෙක් ගත්තම ඌට සූ....ගාලා කෙල්ලොය. මොන කෙල්ල තෝරගන්නද කියලා හිතාගන්න එක හද්ද අමාරුය. කරන්න තියෙන්නේ බොක්කේ සෙට් එකේ එකාට එක ගානේ බෙදලා දෙන එකය. ඒ බෙදලා දෙන්නත් හොදම කෙල්ල අපි ලග තියාගන්න ඉන්න ඕනෑය. නැත්තන් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවාය. අර මොකෙද්ද රිලා පැටියෙක් සල්ලි වලට කරන්න දෙයක් නැතුව කියන සින්දුවකුත් තියෙන්නේ,

ගිය ගිය තැන යන යන තැන කෙල්ලෝ අපිට පිස්සු වැටෙනවා...
කොහේ ගියත් කවදා උනත් කෙල්ලෙක් අපේ පස්සෙන් එනවා...


මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නොවේය. අනාගතය ගැන සෑහෙන සංකීර්ණ ප්‍රශ්නයක්ය. මේක විසදිය යුත්තේ බොක්කෙන්ය. ටිකක් විතර මොලෙත් ඕනෑය. සමහරු නිකන් වැරදිලා වගේ මොලේ උඩ ඉදගෙන ඉන්නවා නම් ඒ පිරිස මේ පොස්ටුව කියවිය යුත්තේ හිටගෙනය. නැත්තම් පස්සේ තේරුනේ නෑ කිය කිය කන්කෙදිරි ගෑම තහනම්ය. ඉදගෙන කියෝලත් තේරුනේ නැත්නම් ඒ අයත් හිටගෙන කියවා පරීක්ෂා කල යුතුය. මන්ද ඔවුන් තමන් මොලේ උඩ ඉදගෙන සිටියා යැයි නොදන්නවා වෙන්නට පුළුවන. 

උදාහරණ ලෙස ගෑණු ළමයි 5 දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න මං වගේ කොල්ලෙක් ගමු... දැන් මට ඕනෑ වෙන්නේ මට ගැලපෙනම කෙල්ල තෝරා ගන්නටය. පල්ලෙහා ඉන්න ගෑල්ලමයින්ට අදාල මාක් එක මතක තියාගෙන පහලට එන්න. පොටෝ එක දිහාම වැඩි වේලා බලා සිටීම ඇස් වලට අහිතකරය. 


දැන් මෙහෙමයි......

අපි මේ ගෑල්ලමයිට ලකුණු ක්‍රමයක් මගින් හිමි තැන ලබා දිය යුතුය. ළකුණු දිය යුත්තේ පහත සදහන් ගුණාංග සළකා බැලීමෙන් අනතුරුවය. 

1. ඔබ ඇගේ අහිංසක බවට අශා කල යුතුය. ඇය දකින විට ඔබේ සිතට සතුටක් දැනිය යුතුය.

2. ඇය තරමක් ලස්සන විය යුතුය. අනිත් කොල්ලෝ හැමෝම එයාට කැමති නිසා ඔබ ඇයව තෝරා නොගත යුතුය. එහෙම තෝරගත්තොත් වෙන්නේ නිකන් උඹේ ප්‍රසිද්ධිය සදහා එයාව ගත්තා වගේ සීන් එකක්ය. 

ලස්සන අර්ථ දැක්වීම - There's no Barrier, under the Buriya කිව්වට... දැක්කම වමනේ යන ඒවා හරියන්නේ නැත. මට නං ඇය පැහැපත් විය යුතුය. කළු දොදොල් තමා රහ කිව්වට මං කන්නේ කිරි අළුවා විතරය. 

3. ඇය නිකන් අමුතුම ශෛලියක කෙනෙක් විය යුතුය. 

අමුතුම ශෛලිය අර්ථ දැක්වීම - අමුතුම ශෛලිය කිව්වම ඉතින් මේකි වේස කෑල්ල වගේ එකක් නොවිය යුතුය. ඔය කියන අමුතු එක නැටුම් කරපු ගෑල්ලමයිගේ, රේඩියෝ ස්ටේෂන් වල කෙල්ලන්ගේ තියෙන්නේය. අනිත් අයත් නැතුවාම නොවේ. කොහෙන් හරි ඇයට අමුතු ශෛලියක් තිබිය යුතුය. 

4. තමන්ගේ කොල්ලා ලග ඉන්නකොට අනිත් කොල්ලෝ එක්ක වැඩිපුර භජනෙට යන එක්කෙනෙක් නොවිය යුතුයි. කොල්ලට සෙකන්ඩ් වෙන්න ඉඩ නොදෙන කෙනෙක් විය යුතුයි

5. ඇය පිරිසිදුව ඉන්න කෙල්ලෙක් විය යුතුයි. හොදට නාලා කරලා, ඔළුව පීරලා එහෙම

ආ....ඔය ඇති. වැඩිය කියන්න ගියොත් මෙතන මොනවා ලියවෙයිද දන්නේ නැත. දැන් කරන්න තියෙන්නේ ළකුණු දීමය. ඒකට මෙන්න මෙහෙම රේටින්ග්ස් තියෙන කොලයක් අරන් පිරවිය යුතුය. 


මේකෙදි වෙන්නේ සැසදීමක්ය. 1-2, 1-3, 1-4, 1-5, 2-3, 2-4, 2-5, 3-4, 3-5, 4-5 පිළිවෙලටය. 

දැන් උඩ වගුවේ වගේ ‍දෙවෙනි ගෑණු ලමයට වඩා පළවෙනි ගෑණු ළමයට ගොඩා....ක් කැමතී නම් ළකුණු 7ක් දෙන්න. ගොඩක් කැමතී නම් 5ක්, ටිකක් නම් 3ක්. දෙන්නටම එක වගේ කැමතී නම් 1යි. 

පළවෙනි ගෑණු ළමයට වඩා දෙවනි ගෑණු ළමයට කැමතී නම්, පාට කල යුත්තේ දෙවනි ගෑණු ළමයගේ පැත්තේ 7 ඉලක්කමය.

අන්තිමට.. ළකුණු ඔක්කොම වගුවකට අරන් එකතු කරලා ප්‍රතිශතයක් බැලිය යුතුය. 


මෙහෙමයි හරිද... 2ට වඩා 1ට කැමති හින්දා, 1ට ලකුණු 7යි. එතකොට... 1ට වඩා 2ට කැමති 1/7යි. හරිද??? අන්න ඒ වගේ පැත්ත මාරු වෙවී වගුව පිරවිය යුතුය. අන්තිමට එක එක්කෙනාගෙ ළකුණු එකතු කරලා % අගය හොයාගෙන වැඩිම ප්‍රතිශතේ තියෙන එක්කෙනා තමන්ගේ කර ගත්තම වැඩේ ගොඩ!!!

මේකෙ හැටියට 

1- 11.2
2- 10.3
3- 15.3
4- 6.5
5 - 2.3

එතකොට වැඩිම ප්‍රතිශතේ එන්නේ තුන්වෙනි නංගිට - 
15.3/45.6 *100
= 33.5%

හරි... දැන් උඩට ගිහින් බලමු. කවුද තුන්වෙනි නංගි කියලා!!!

අම්මටහුඩු...
කෑල්ල නෙහ්? ඇඩෙනවා....

එයා මට හොදා...

දැන් ඉතින් කියහන් ඕකට යකෝ ඔච්චර මැරෙන්න ඕනෙද කියලා. එහෙම තමා ඩෝ...ගෑණිව තෝරගද්දි රිසර්ච් එකක් කරලා තෝරගන්න ඕනේ. මෙච්චර ගේමකුත් ගහලා...අර හදහනේ යෝනි පොරොන්දම් ද මොනවද ගැලපුනේ නැත්තන් ඉතින් පුතේ මම නෑ....


ප/ලි: 

මචන්ස්ලා... අපේ සෙට් එක පොඩි තරගෙකට ඉල්ලුම් කරලා තියෙන්නේ. පොඩි අන්තර් විශ්වවිද්‍යාල පොටෝ තරගයක්. වැඩිම ලයික්ස් තියෙන පොටෝව දිනනවා. රුපියල්ම 10000ක් දෙනවා. රජාලගේ පොටෝව දිනවන්න ලෝබ නැතුව ලයික් එකක් දානවලකෝ....පොටෝව ලොවෙත් ඉතින්. මේ තියෙන්නේ.... ඔය කට්ටිය විසිවෙන්න පවර්ස් දාන්නේ රජාලු ඉතින් :)



මෙතන ක්ලික් කරලා  ගිහින් ලයික් එකක් දාන්ඩකෝ අනේ.....
(මේවට හිගාකාලා පුරුදු හින්දම හොදා ඉතින්)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!