Wednesday, July 24, 2013

හොරු සමග හෙළුවෙන් - Naked with Thieves


රාජ වැඩපොල තියෙන්නේ දඹදෙණිය ටවුමට කිට්ටු වෙන්නය. ඔය හරියේ ගෙවල් එහෙමත් එච්චරම නැත. ටයිට් කණු දෙකක් අතර දුරකින් වගේ එක ගෙදරක් හොයා ගන්න පුළුවන්ය. හැබැයි රාජ වැඩපොල ඉස්සරහ ගෙදර නං ටිකක් ලොකුය. හොද පරණ සල්ලි බාගේ එහෙම තියෙන ගෙදරක්ය. අර එදා අපේ වැඩපොලට හොරු පැන්න වෙලාවේ කෝල් කලේ මේ ගෙදර අක්කලා ටිකය. අපේ පියතුමා දක්ෂයා හින්දා එදා නං හොරාව අල්ලා ගත්තේය. අල්ලා ගත්තා විතරක් නොව චූ පාරෙන් අභිරහස විසදුවේ ප්‍රේක්ෂක ජනතාව අන්ද මන්ද කරමින්ය. 


කැතම සීන් එක කියන්නේ ඒ අක්කලාගේ ගෙදරට හොරු පැනලාය. මේ ඇසළ පෝය දවසෙමය. මේක නං ලොවෙත් රොබරියක්ය. ෆුල්ම සුද්දයක් දීලා තිබ්බේය. පෝය දවසේ දඹදෙණි මහජන ක්‍රීඩාංගනේ තොරණක් තිබ්බේය. මාරක ලිද, මෙරිගෝ රවුන්ඩ් එහෙමත් ඉතින් ඔය වගේ පොට් වල වරදින්නේ නැත. මේ ගෙදර කට්ටියත් එදා රෑ ඕක බලන්න ගිහින්ය. ආපහු එනකොට ගෙදරට බඩු පැකට් වෙලාය. එදා රෑ 11.30 ට විතර රජ ගෙදරට කෝල් එකක් ආවේය. බොරු මොකටද රජා හිටියේ කෙල්ලෙක් එක්ක චැටක් දාගෙනය. මව්තුමිය නිදිමරගාතේ නැගිටලා ආවේය. 

අම්මා: හලෝ........මොනවා??? එහෙමද??? හරි හරි අපි එනවා දැන්....

අම්මා දුවගෙන දුවගෙන ගිහින් තාත්තාට කතා කලාය. එයත් නිදිමර ගාතේ ඇවිත් මූණ හෝදගන්න ගියේය. මට නිකන් දැන් තෝන්තුව වගේය. මේ වෙන්නේ මොකද්ද? මට කිසිම අයිඩියාවක් නැත. 

රජා: මොකද අම්මේ සීන් එක?

අම්මා: අන්න වැඩපොල ඉස්සරහා ගෙදරට හොරු පැනලා....

රජා: නෑ...... ඔය යන්නද හදන්නේ? මාත් එනවා....

අම්මා: එතකොට මල්ලි?

රජා: නිදි නිදි... අපි යං...

දඩ බඩ ගාලා ලොරියට නැගලා අපි වැඩපොල ලගට ගියෙමු. යනකොට කට්ටිය ලබ්බට හෙන ගහලා මූණ හදාගෙන ඔහේ බලාගත්තු අත බලාගෙනය. තාම පොලිසියවත් ඇවිල්ලා නැත. 

තාත්තා: කෝල් කලාද පොලීසියට?

එයාලා: ඔව් ඔව්..දැන් එයි...

පොලිසිය එන්න කලින් අපි ගේ ඇතුලේ රවුමක් දැම්මෙමු. රොබරියේ තාක්ෂණේ කොහොමද කියනවානං මුන් හෙන සැලසුම්සහගතව ගේම දීලාය. හැම අල්මාරියක්ම කඩලාය. දොර රෙදි කෑලි කෑලි වලට ඉරලාය. කුස්සියේ තිබ්බ පිහි ඇදවල් උඩය. ඒ මදිවට මුළු ගේ හැමතැනම මිරිස්කුඩු ඉහලාය. මේක දැකලා නිකන් මට මොකද්ද මොකද්ද වගේය. 

රජා: මොකෑ මේ මිරිස් කුඩු හැමතැනම??

තාත්තා: ඔය මිරිස්කුඩු ඉස්සහම පොලිස් බල්ලන්ට ඉව එන්නේ නෑ...

රජා: අම්මටසිරි එහෙමද?

ඔන්න රජා වැදගත් කරුණක් ඉගෙන ගත්තේය. අපේ බලුතඩියටත් මිරිස්කුඩු පාරක් ගහලා බලන්න ඕනෑය. ටික වේලාවකින් පොලිසිය ආවෝය. දැන් ඉතින් එතන අපිට කරන්න වැඩක් නැති හින්දා අපි ආපහු ගෙදර ඇවිත් හොදට දොයියගත්තෙමු. එතකොට වෙලාව 1ටත් කිට්ටුය. 

සුපුරුදු පරිදි පාන්දර 10ට විතර රජාට ඇහැරුනේය. මුණකට හෝදලා කිරි එකක් ගහන්න හදනකොටම අම්මා මාව කුලප්පු කලාය. 

අම්මා: අන්න... ඇගිලි සලකුණු ගන්නවලු. පොලිස් බල්ලෝ එහෙමත් ඇවිල්ලලු. ගිහින් බලනවා ඕනෙනම්. 

හහ්...ඔය වගේ ඒවා මිස් කරනවද මම? දුම් දාන කිරි එක එක උගුරට ගහපු මම බයික් එක අරන් සිං...ගාලා වැඩපොලේය. හතර වටේ මිනිස්සු ටිකත් ගෙදරට ඇවිල්ලාය. මමත් ඉතින් එහෙන් මෙහෙන් හොම්බ දාලා පොඩ්ඩක් ලගට වෙලා බලන් හිටියෙමි. හෙන බඩමුදලාලි කෙනෙක් වගේ එකෙක් ඇගිලි සලකුණු හොයන්නේය. පොලිස් බව්වෝ දෙන්නෙක් හති ඇර ඇර තව මුල්ලකය. අනේ ඒ බව්වෝ දෙන්නනං හෙන ෂෝයිය. මට ගෙදර අරන් යන්න හිතුනේය. අත ගාන්න හිතුනත් මට මුන්ව ෂුවර් නැත. අපේ දඩෝරියත් මට කාපු එකේ මුන් කෑවොත් එහෙම මම ඉවරය. 


කොච්චර මිරිස්කුඩු ඉහලා තිබ්බත් හොරුන්ට එක පිහියක මිරිස්කුඩු ගාන්න අමතක වෙලාය. එක බව්වෙක් ඒ ඉව පාර දිගේ දුවන්න ගත්තේය. අහල පහල මිනිස්සුත් ඌ පස්සෙන් දුවන්න ගත්තේය. හැබැයි අඩි ගානක් පස්සෙන්ය. කට්ටිය එක එක අදහස් දෙන්නේය. 

1 - මූ කෑවොත් එහෙම විනාසයි...
2- මාර ඉවක් නෙ....
3- මූ බල්ලෙක්ද? වලහෙක්ද?

එහෙම කියනකොට මට අපේ බැච් එකේ එකෙක් මතක් උනේය. ඌ අපේ බලුස්ට කියන්නෙත් වලහා කියලාය. අනේ උන් එහෙම නැත. මට නං බල්ලෝ තරම් සෙට් වෙන ජාතියක් ලොවෙත් නැත. බල්ලා හති දාගෙන නියරක් මැද්දෙන් දුවලා දුවලා අන්තිමට වෙල පිටිපස්සේ ඇල ගාවින් නතර උනේය. හරි බබා හම්බෙලාය. හොරා ඇලෙන් පැනලා ගිහින්ය. බල්ලාගේ ඉව ලොස් උනේය. 

බල්ලා ආපහු එන්න හැරුනේය. පස්සෙන් දුවපු උන් ටිකත් බල්ලෝ ටික වගේ බිම බලාගෙන ආපහු ආවේය. හාපෝ...රෙදි නැත. මදෑ හොරු ඇල්ලුවා. :D

ආපහු ගෙදරට ආවට පස්සේ ඔය එහෙන් මෙහෙන් කනප්පු කතාවක් ඇහුනේය. කනප්පුවක් දැම්මොත් නං සුපිරිය. මම තාම ඕකක් ලයිව් දැකලා නැත. අනේ........ගෙදර මිනිස්සුන්ගේ කනප්පු අදහස ස්ථිර වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

මල හත්තිලව්ව කියන්නනෙ, මේ පෝය නං මහ අමුතුම පෝයක්ය. උදේ පාන්දර තනි තනක් එළියෙ දාගෙන එක මල හෝන්තුවක් දවස විකාර කලේය. මහ රෑ හොරු නින්ද කෑවේය. 

ප/ලි:

ජොලියට වගේ මේකත් අහගෙන යන්ඩෝ...ඔය අපේ තාත්තගෙ යාළුවෝ කට්ටිය එහෙම පාටි වලට සෙට් උනාම කියන ප‍ට්ට සින්දුවක්. බොහොම අමාරුවෙන් හොයාගත්තේ. මුල මතක නැතුව ඉදලා ^_^

 මාදු ගගේ මම නාන වෙලාවේ....
ගැඹුරු දියේ සිට ආවා.....නේ...
මේම හුංගා.... ආවානේ මේම හුංගා.... 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, July 23, 2013

තනි තනේ කතාව 18+ - One BOOB Story 18+


අපේ ගෙවල් පැත්තෙත් ඉන්නේ මරු මරු චරිත තියෙන උන්ය. ඒවා වෙන වෙනම විස්තර කරන්න බැරිය. එක එක විදිහේ උන්ය. කලිනුත් ඔය චරිත දෙක තුනක් ගැන මම ලිව්වාද කොහෙදය. එකක් ලියන්න ගිහින් අවුරුදු ගානකට කලින් තිබ්බ නමක් ආයෙත් රෙජිස්ටර් උනේය.  

සාමාන්‍යෙයන් මම ගෙදර ඉද්දී මෙලෝම වැඩක් කරන්නේ නැත. හැබැයි කලොත් එතන මොකාක්ම හෝ නොහොඹිනා දෙයක් සිද්ධ වෙනවාමය. රජාලගෙ ගෙදර උඩම තට්ටුවට නැග්ගම ටිකක් විතර මුළු හතර වටේම පෙනෙන්නේය. ඒක තාමත් හදමින් පවතින නිසා වැඩි පුරම යොදාගන්නේ රෙදි වැනීමටය. මේ පෝයදවසේ  කවදාවත් නැතුව වොෂින් මැෂින් එකේ තිබ්බ හේදුන රෙදි ටික වනන්න රජා උඩට ගියේය. 

එහා ගෙදර අක්කා එයාගෙ පොඩි බබාට කිරි දෙන්නේය. දැන් මට ඒ රූප රාමුව රෙදි වැල අස්සෙන් පෙනෙන්නේය. අනේ ඉතින් ඕවා දිහා බල බල ඉන්න තරම් අපිට මෝල් නැත. මම නිකන් දැක්කා විතරය. අක්කගෙ අනිත් පොඩි එකා වත්තේ එහාට මෙහාට දුව දුව සෙල්ලන් කරන්නේය. නංගි එන්ඩෝ....කිය කිය කෑගන්නේය. අක්කගෙ අම්මා පැත්තක පොඩි පුටුවක ඉදගෙන දහ අතේ කල්පනා කරන්නීය. අක්කත් නිකන් පොඩි එකාට කිරි දුන්නට ඉන්නේ වෙනම කල්පනාවකය. ඒක නිකන් මුණ දැක්කාම ඕනේ එකෙකුට කියන්න පුළුවන්ය. 

මම තාමත් හෙමින් හෙමින් රෙදි ටික පිළිවෙලට, ලස්සනට වනන්නේය. එක පාරටම අර කිරි බිබී හිටපු පොඩි කෙල්ල බොන එක නවත්තලා එක පාරටම අනිත් පොඩි එක ඉන්න දිහාට දිව්වේය. දැන් ඉතින් හරිනං අර අක්කා කිරි දුන්න තිසරෙ අරන් ඇතුලට දාගත යුතුය. ඒත් කැතම සීන් එක කියන්නේ එහෙම කලේ නැති එකය. පොඩි එකා දුවන දිහා ඔහේ බලාගෙනය. තනේ එලියෙය. අර උඩ ඉදන් රෙදි වන වන හිටපු මටත් නිකන් විලි ලැජ්ජාවේ බැරිය. ඇයි හත්තිලව්වේ මේ මොන මගුලක්ද? නිකන් හුලං වදින්න නියුඩ් බීච් එකකට ගිහින් වගේය. මට අර වන වන හිටපු සරමක් පපුව වැහෙන්න විසිකරන්න හිතුනේය. ඒ අස්සේ මට මැරෙන්න හිනාය. ඇයි යකෝ ඒ හිටපු පෝස් එක දැක්කනං වහ කන්නේය. උඩ බලාගෙන එක තනක් එලියේ දාගෙනය. හාපෝ...රෙදි නැත. 

අක්කා
ඕක ගේ ඇතුලේ ඉදන් එලියට ආපු අක්කගේ මහත්තයාකාරයා දැක්කේය. ෂුවර් ඌට නං මලම පැන්නේය. හෙන ගොරෝස් කටහඩකින්

ඩිල්කා......ඩිල්කා......

අක්කා සින් ගාලා බැලුවේය.

මොකෑ ඔය???

මරුමුස් පිට අරෑ ඇහුවේය. මං හිනාවෙනවා අක්කට ඇහුනද මන්දාය. නැවත පියවි සිහියට ආවා වගේ මූඩ් ගහපු අක්කා දඩි බිලි ගාලා ඇතුලට දා ගත්තේය. තන් ජවනිකාව එසේ නිමාවිය. 

අයියාස් රිඇක්ෂන්
ඊලගට එලඹියේ අතුරු කතා වාරයය. මම තාමත් උඩට වෙලා මෙතන යන ලොවෙත් නැති සීන් ටික දිහා බලාගෙනය. අක්කා පොඩි උන් දෙනා ලගට ගෙන්නා ගත්තාය. 

අක්කා: හා දැන් මේක තමා ඉස්කෝලේ.......දැන් හැමෝම සින්දු කියමූ. ඔයාලා තමා ශිෂ්‍යයෝ...හරිද???

ළමයි: හා........

පොඩි එකෙක් සින්දුවක් කියන්න පටන් ගත්තේය. කියලා කියලා අන්තිමට පුටුවෙන් බිමට බැහැලා ආච්චිට කතා කලේය.

පොඩ්ඩා: ආච්චී......ආච්චී.......

ආච්චි: මොකද ලමයෝ??

පොඩ්ඩා: දැන් ඔයා සින්දුවක් කියන්න....

ආච්චි: මම??? බෑ බෑ මට දැනෙන්නේ නෑ....

පොඩි එකාගෙන් බේරෙන්න බැරිම තැන ආච්චි සින්දුවක් කිව්වේය.

සුරතල් නංගියේ අපේ අම්මා....

එයාගේ කටේ දතුත් නැත. සින්දුව කිව්ව හැටි අහලා මට මැරෙන්න හිනාය. හම්බෝ....මතක් වෙද්දිත් බඩ කොරවෙන්නේය. මේ ආච්චිට මරු ඉංගිරීසි වචන ටිකක් තියෙන්නේය. 

සීසර් කරනවා - සීත කරනවා
ෆ්‍රිජ් එක  - පිරිජ් එක
ක්ලිනික් - කිලිනික්
බ්‍රහස්පතින්දා - බුරාස්පතින්දා

ඔය අක්කගේ පොඩි එකා ගත්තේ සීසර් කරලාය. ආච්චි ඇවිල්ලා අපිත් එක්ක කිව්වේ සීත කරලා ගත්තා කියලාය. මං රජා නිකන් ෆුල් හොල්මන්ය. සීත කරලා ළමයි ගන්නත් පුළුවන්ද කියලා ආච්චි ගියාට පස්සේ මම අම්මගෙන් ඇහුවේය. ඇයි යකෝ එහෙම එකක් ඇහුවෙත් එදාමය. 

අම්මා: සීත නෙමේ ළමයෝ...සීසර්...

මං රජ: බුහහහා... ඒක මිසක්.... මං හිතුවේ බබා හම්බුනාට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා කියලා :D

කලින් තන් කතා



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, July 15, 2013

බෑ බෑ...මුන් එක්ක ඉන්න බෑ!!! - It's Impossible to spend time with these Bastards


හම්මා... අපි කට්ටිය එදා ගලදාරිය සුද්ද කරන්න සෙට් උනාට පස්සේ ලෙක්චර්ස් ආවේ අදය. වෙනදා වගේම මොකාක් හෝ චාටර් වැඩක් සෙට් වෙන බව මට ඉවෙන් මෙන් දැනුනේය. හුගක් වෙලාවට ඉරිදට වැටෙන්නේ ස්ට්‍රක්චරල් ලෙක්චර් එකය. ගිය සතියේ වගේ මේ සෙනසුරාදත් ටොයිලට් ගැන ඉගෙන ගන්න ආවාට තිබ්බේ වෙන ලෙක්චර් එකක්ය. අද මුළු දවසම ස්ට්‍රක්චරල්ය. උදේ ලෙක්චර් එකනන් ටිකක් විතර බෝරින්ග් ය. එතන තිබ්බේ සර් ගාන දෙනවා...එයාම හදනවා... අපි ලියා ගන්නවා වගේ සීන් එකක්ය. ඒ අස්සේ සමහරු රජාගේ එක්ස්ටර්නල් එක උදුරගෙන ෆිල්ම් හිටන් කොපි කරනවා වගේ ලාවට දැක්කේය. එලෙසින් උදේ ලෙක්චර් එක අහවර උනේය. 

රුපියල් 100ට තියෙන ප්‍රයිඩ් රයිස් 2කුත් අරගෙන අපි බත් කන්න සෙට් උනේය. අනිත් උන්ගේ බතුත් එක්ක ඔක්කොම බත් පැකට් 6ක් 7ක් තියෙන්නට ඇත. සුපුරුදු පරිදි සරණාගතයෝ වගේ කන්න පටන් ගත්තේය. ලොකු ලොකු ඇන්ටි පාරවල්, ලස්සන අක්කා කෑලි සුපුරුදු පරිදි අපි දිහා කට ඇරගෙන බලාගෙනය. අපිට දැන් ඒවා පුරුදුය.

ඕ මයි ගෝඩ්... 
අර බලන්න අනේ..... 
අපේ පොඩි එක්කෙනත් ඔයිට වඩා හොදට කනවා...
අපරාදේ බත්....

මෙවැනි වදන් දැන් ඇහිලාම අපට පුරුදුය. මේ සංස්කෘතිය වෙනස් කරන්න හැමදාම අපි ප්‍රසිද්ධියේ එකට කන්නේය. ඕක හැමදාම දකිනකොට උන්ටත් ඕක පුරුදු වේවිය. ඔය සීන් එක තියෙන්නේ ඉරිදට විතරය. MBA කරනවා කියලා උන් ඉන්නේ හෙනම එකෙන්ය. ඇවිදින්නේ නැත. දැහැනකට සම වැදිලා පාවෙනවාය. ටීවී එකේ ප්‍රවෘත්ති කියන අක්කා කෙනෙකුත් අපි දිහා බලාගෙනය. 

දුලියා: අද රෑ ප්‍රවෘත්ති බලහල්ලා...

රජා: ඒ මොකටද බං...

දුලියා: අපි කන හැටි අද රෑට ප්‍රවෘත්ති වල යනවා බං. 8ට කියන්න එකට දාන්නේ බලහන්කෝ... :D

කාලා ඉවරවෙලා ආයෙත් ලෙක්චරේට ගියෙමු. MBA ලෙක්චර් එකක් ඉවරවෙලාය. ඒත් තාම කෑලි හතර පහක් සර් වට කරගෙන ප්‍රශ්න අහන්නේය. අපිටත් මොකද....අපිට ලෙක තියෙන්නේ මේ හෝල් එකේය. අපි කෙලගෙන ඇතුලට ගිහින් ඉදගත්තෙමු. ප්‍රශ්න අහ අහ හිටපු කෑල්ල දැකපු කට්ටිය ඇසි පිය නොසලා ඒ දිහා බලාගෙනය. ඒ අතර කවුදෝ එකෙක් උගේ එක්ස්රේ විෂන් එක දාලා ඇදුම් හරහා බලලාය.

කවුදෝ එකා: අඩෝ...ඒකි ඇදන් ඉන්නේ අර පැත්තට කප් එක තියෙන බ්‍රා එකක් ඕයි...

රජා: තෝ ඒකත් බැලුවද????

එකා: නැත්තන්උඹලා බැලුවේ මොනවද???

රජා: නෙදකින්...!!!

ඒකා: කොහොමද ඒකි ඇදගෙන ඉන්නේ ජී ස්ට්‍රින්ග් එකක් නං....
හම්මා.........චක චක චක චක

අපි: :D :D

දැන් වෙලාව දවල් 1ය. උදේ 9ට පටන් ගත්තු ගාන තාමත් හදන්නේය. හති දාගෙන අපිත් හදන්නෙමු. සමහර තැන් වල නං ලාචෝරුය. සුළු කිරීම කරන්න කැල් එකත් ඉඩ මදි වගේය. ඔහොම එපා වෙලා බෝඩ් එක දිහා බලාගෙන ඉන්නකොට බාගෙට ඉවර වෙච්ච වතුර බෝතලයක් රජා ගාවට ආවේය. 

රජා: මොකටද යකෝ මේක මට එව්වේ???

එකෙක්: ඕකෙ කට ඉඹලා බලහන්කෝ....ස්ට්‍රෝබෙරි සුවදයි බං... අරකිගෙ ලිප්ස්ටික් එකේ....

රජා: අම්මට ඔව් යකෝ....හම්මා...සුවද!!!

කාවින්ද: ඒකිගේ විදුරුමස් දියවෙලා ගද ගහනවා ඇති බං.... ඒකයි ඕවා ගාන්නේ. තොපි ඉඹිනවා දාගෙන. ක්ෂය රෝගයද දන්නෙත් නෑ....

රජා: අවුලක් නෑ.... තොපි ඔක්කොම ඉම්බනේ.ඔක්කොටම තමා හැදුනොත්. 



හවස 3.30ට තේ ඉන්ටවල් එකය. සිං ගාලා නෙස්කැෆේ මැෂින් එක ගාවට දිව්වෙමු. ගොජ ගොජ ගාලා කෝපි 2ක් දාගෙන ඉදගෙන පොඩි වට මේස සාකච්ඡාවක් දැම්මෙමු. ඒක අස්සේ කැන්ටිමේ ටීවී එකේ රගර් මැච් එකක්ය. දැන් කට්ටිය රගර් ගැන කතාවය. 

ගයාශාන්: අඩෝ අර කාල්ටන් 7 සුපිරි නේ බං...කවද්ද තියෙන්නේ?

රජා: සිරාවට කවද්ද බං ෆයිනල්???

හසියා: මතක නෑ බං....

ගයාශාන්: එතකොට ඒ ටීම් එකේ 7යි නේ බං??? 

කාවින්ද: ඔව් බං... එතකොට නිකන් එකේ කීයක් ඉන්නවද? 16ද

හසියා: වෙන්ඩ ඇති බං...

ගයාශාන්: මොකද්ද යකෝ... තෝ රගර් ගැහුවා නේද?

හසියා: ඕවා මතක කාටද බං...අපි බෝලේ එන්නැති මුල්ලක් අල්ලන් අයිස ගහපු උන්නේ.

ඒවා අස්සේ රගර් ටීම් වල නම් ගැන කතාවය. 

ගයාශාන්: අඩෝ මහ අමුතු නම් නේ බං තියෙන්නේ. අපිත් හදමුද ටීම් එකක්. 

කාවින්ද: මොකද්ද දාන නම???

කට්ටිය එක එක අදහස් දෙන්නේය. එක එකාගෙ ගමේ නම දාලා කියන්නේය. හිනා කාලා මැරුනේය. මේ ඒ ටිකක්ය. 


අංගොඩ මොංගල්ස්
ගම්පොල ලබ්බ බසාස්
ගිරෑලු ගෙම්බෝ
හංවැල්ල මඩකරි
පානදුර පරයි
කැළණි කිඹුල්ලු

කොහොමහරි උදේ 9ට හදන්න ගත්තු ගාන හවස 5 වෙනකනුත් හැදුවේය. ඒත් ඉවර නැත. මේවා විභාගෙට ආපුවාම කොහොම හදන්නද මන්දාය. හැබැයි අන්තිම පැය කීපයේ බොක්කෙන්ම ගණන් හදපු හින්දා රජා ස්ට්‍රක්චරල් සමග පෙමින් බැදුනේය. සිරාවටම මාරය!

ඔක්කොම ඉවර වෙද්දී අමිල අයියාට හෙම්බිරිස්සාව උග්‍ර වෙලාය. යන ගමන් කතාව ඒ ගැනය. 

අමිල අයියා: ඉක්මනට යමන්... මට රුපියල් 3000 ක විතර බේත් ගන්න තියෙනවා.

ගයාශාන්: එච්චර යනවද බං හෙම්බිරිස්සාවට???

අමිල අයියා: නැතුව...ඩොකා හම්බෙන්නම 1000යි. බේත්වලට 2000යි. 

රජා: යකෝ...අපේ ගෙදර යමන් ආයේ. මම අරන් දෙන්නං ගෙට එහා පැත්තේ ලේඩි ඩොක්ටගෙන්. ඔයිට බාගයක් අඩුවෙන් යයි. ලස්සන ඩොක්ට..

අමිල අයියා: එහෙම හරින්නෑ බං. මගෙ මේ විසබීජයක් කැරකෙනවලු. ඒකලු මෙහෙම වෙන්නේ...

ගයාෂාන්: ඕක අල්ලන්නද 3000ක් ගන්නේ? මම ඕක අල්ලලා දෙන්නං. මට 3000 දියන්....

හසියා: උඹ නහයෙන් රිංගනවද?

ගයාෂාන්: ඔව්... හැබැයි උඹ එහෙම රිංගන්න එපා... උඹේ තඩි බඩ හිරවෙයි.

රජා: බුහහහා....ඔව් බං!!

ගයාෂාන්: කොහොමද නහය ඇතුලේ පඩයක් යැව්වොත්....??? ඕක කොහෙන් පිටවෙයිද දන්නෑ....

අපි: බුහහහා....අම්බෝ!!!!! :D :D

අමිල අයියා: කන් දෙකෙන් යයි නේ මෙහෙම මෙහෙම.... අත් දෙකෙන් දුම පෙන්නමින් කීවේය. 




බෝඩිම ගාවට යනකන් එකම හිනා ලෝකයය. පාරේ හිටපු උන් අපි දිහා බැලුවා වගේ යන්තමට මතකය. තාමත් නිකන් බුරියේ උල් ගතිය බැහැලා නැද්ද මන්දාය. 


තවත් මොංගල් දවසක් එසේ නිමාවිය.....

කලින් මොංගල් දවස්

1) ළමයි හදන හැටි (ලිව්ව තුන්වෙනි පෝස්ට් එක...අන්න කාව්‍යා අක්කට ප්‍රථිපලත් හම්බෙලාලු ^_^ )


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, July 10, 2013

වැසිකිළි කතා (හිරිකිත හිතෙන අය කියවීමෙන් වළකින්න) - Toilet Stories (Please don't read, if you feel disgusting )


අපේ ඩිග්‍රි කෑල්ලේ එක විෂයක එක උප කොටසක් වෙන්වී ඇත්තේ අපවිත්‍ර ජලය කළමණාකරණය හා ජලය පවිත්‍ර කිරීම (Waste Water Management and Water Treatment) පිළිබදවය. ඕක උගන්නන්න එන්නේ පේරා ඩොකෙක්ය. සිරාම ඩයල් එකය. කියලා දෙන එක බොක්කෙන්ම කියලා දෙන්නේය. මිනිහට තියෙන එක්පීරියන්ස් ලොරිය දැක්කහම මුළු සර්වාංගෙටම ඇඩෙන්නේය. කොහොමහරි මේ ඊයේ පෙරේදා තිබ්බ ලෙක්චර් එකේදී ඉගැන්නුවේ ටොයිලට් ගැනය. සමහර ඒවා ඇහුවම ලෝකෙ ගැන දුක හිතෙන්නේය. අනිත්වට මැරෙන්න හිනා යන්නේය. ඒ උගන්නන අස්සේ වටපිටේ ඉන්න උන් කියන ඒවා, හම්බෝ...හිනා වෙලාම බඩවැලුත් ඇදවෙලාය. 

අපේ සර් මහත්තයා දෙයියනේ කියලා ලෙක්චර් එක පටන් ගත්තේ පට්ට ලැට් කතා දෙක තුනකින්ය. 

ඒක පුත්තලම පැත්තේ සුපිරි හෝටලයක්ලු. ස්විමින්ග් පූල් එහෙමත් තියෙනවලු. හැබැයි ටොයිලට් එක දැක්කම ඇඩෙනවලු. තියෙන්නේ තල් කොළ වලින් වට කරපු කොමඩ්ලු. ඒකත් හෝටලේ පිටිපස්සට වෙන්න බීච් එකේලු. ඒ ඇයි කියලා අහපුවාම හෝටලේ උන් කිව්වලු “මේක මේ ග්‍රීන් කන්සෙප්ට් එකට හැදුවයි“ කියලා... :D

ඕකට මරු මරු උත්තර පසුපස පේළි වලින් ඇසුණි...

අඩෝ පුකට හුළං පාර වදිනවා ඇති නේ මරුවට...
හුළගට බෙට්ට විසිවෙයිද දන්නෑ යකෝ...

දෙවනි කතාව සර් කරපු රිසර්ච් එකකින්ය. මේ සීන් එක වෙලා තියෙන්නේ නාවලපිටිය පැත්තේ කොළණියකය. කොළනියට වැසිකිළි පහසුකම් නෑලු. කට්ටිය යන්නේ ලග තියෙන දොළ පාරවල් වලටලු. කැතම සීන් එක කියන්නේ දොළවල් දෙකක් වෙන් කරගෙනලු තියෙන්නේ ගෑණු ඇලයි, පිරිමි ඇලයි කියලා...ඔය කොළණියෙම සමහරුන්ට අහස පේන්නේ නැතුව බෙට්ට වැටෙන්නෙත් නෑලුනේ. :D 

එදා තවත් පට්ට සංවිධානයක් ගැන දැනගන්නට ලැබුනේය. ඒ ලෝක වැසිකිළි සංවිධානයයි. [World Toilet Organization (WTO)] අම්බෝ...මුළු හෝල් එකේම උන් හිනා උනේය. සර්ටත් හිනාය. මරු කතා ටිකක් ඇහෙන්නේය.

අඩෝ කොහොමද මම වැඩ කරන්නේ ලෝක ලැට් සංවිධානේ කියනකොට... 
බුහහහා...
කට්ටිය රෙන දිහා බලාගෙන ඉන්න තමා තියෙන්නේ...


තවත් තියෙන පජාතම සීන් එක නම් පාවෙන වැසිකිළි හෙවත් Flying Toiletsය. මේකෙදි කරන්න තියෙන්නේ ෂොපින් බෑග් එකකට කරන එක කරලා පුළුවන් තරම් ඈතට විසි කරන එකය. මේ පුළුවන් තරම් ඈතට විසිකරනවා කියන්නේ ජීවත් වෙන ප්‍රදේශයෙන් ඈතට ගෙනිහින් දානවා කියන එකය. අපේ උන් ඕක තේරුම් ගත්තේ වෙන විදිහකටය. 

කොහොමද නිකන් අර ෆිල්ම් වල වගේ මේම මේම ඔළුව වටේ කරකෝලා ෂින් ගාලා විසි කරනකොට... කට්ටිය එතන රගපාන්නේය. වැඩේ හොදය. හැබැයි ඉතින් හතර වටේ ඉන්න උන් ටික ඉවරය. කරකෝනකොට බොග කටට උනත් යා හැකිය. 

තවත් තැනකදී ඇලකට බොග බාන කාපීරි දෙන්නෙක්ගේ පින්තූරයක් පෙන්නුවේය. හයියෝ සංසාරේ....පින්තූරේ කොච්චර සම්භාව්‍යයද කියනවානම් සමහර උන් ඔළුව බිත්තියේ ගහගත්තෝය. ඒ පින්තූරයම රජා හෙන කුණු ගේමක් දී ගූගල් දෙයියාගේ සරම අස්සේ තිබී මෙසේ හොයාගත්තේය. 



මේක දැකපු ගමන් රජාගේ බෝඩිමේ ඉන්න නයිජීරියන්කාරයෝ අපේ උන්ට මතක් උනේය. පින්තූරය දැකලා ස(ර්)රුත් හිනා වෙද්දී... කවුදෝ එකෙක් මෙහෙම කිව්වේය. (තඩි හසියාද කොහෙද)

අඩෝ අර චුට්ටක් එලියටත්  ඇවිල්ලා.... :D :D

අපිත් ඒක දැක්කේ ඌ කිව්වාට පස්සෙය. අම්බෝ මට බෑ... මට ලෙක්චර් එකෙන් නැගිටලා යන්න හිතුනේය. ඇයි යකෝ මෙහෙමත් හිනා වෙන්න පුළුවන්ද? ඒ අස්සේ පින්තූරේ ඉන්න උන් දෙන්නා කියන දේ හඩ කැවීමකට ලක්උනේය. 

අඩෝ අන්න අරුන් පොටෝ ගහනවා...
බලහන් නිදහසේ රෙන්නවත් නෑනේ...මගුල...

හම්බෝ හිනා වෙලා බුරිය උල් වෙලාය. එදා දවසට ඉගෙනගත්තු මගුලක් නැත. බෙටි කතා හා චූ කතා විතරමය. 

ඔබ දන්නවාද???

  1. ලොව බිලියන 2.5කට පිරිසිදු වැසිකිළි පහසුකම් නැති බව
  2. ලොව බිලියන 1.1ක් පාරේ දාන බව
  3. සනීපාරක්ෂාවට යොදන එක ඩොලරයකින් ඩොලර් 5ක ආදායමක් ලැබෙන බව

මෙන්න ජාතික වැසිකිළි ගීතය - Click Here

ප/ලි: 

හොදට සෙනග ඉන්න පැත්තක් බලලා මමත් ගහනවා බං හොද වැසිකිළි සංකීර්ණයක්. ඇයි යකෝ 1$ ----> 5$ ක්. ලේසි නෑ ඈ...!


ඔය ලැට් එක කියන වචනේ හැදුනේ Latrine කියන ඉංගිරීසි වචනෙන්ලුනේ.


අළුතෙන්ම එන කොමඩ් වලට වතුර ඕනේ නෑලුනේ. නැනෝ තාක්ෂණෙන් බොග විනාශ කරනවලුනේ.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Friday, July 5, 2013

රජ ගෙදර දෙවන දවස - Second Day in Royal Palace

ඇතුගල මත සිට පුත්තලම පාර සමග බස් නැවතුම

පළවෙනි දවසේ ෆන් එක මෙතනින් 

පළවෙනි දවසේ රෑ අපි හිටියේ ඇතුගල මුදුනෙය. ජාතික වීරයා ගිරිඋල්ල ටවුමේ ඉදන් කෝල් එකක් දෙනකොටත් අපි හිටියේ ගල උඩය. ඒ උනාට අපි ඌට කිව්වේ දැන් මග එනවා කියලාය. ඌට ගෙදරට එන පාර එහෙම කියලා අපි වෑන් එකට නැග්ගේ නමය වෙන්න කලින්ය. ඒ අර රෑට මොනවද කරනවා කිව්ව එකට මොනවද ගන්නය. 

කලින් දවසේ තවත් හයියෝ ඩොලර් සීන් එකක් උනේය. අර වැඩපොලේ අයියගෙන් ඉල්ලගත්තු බයික් එකේ එක සයිඩ් කණ්නාඩියක් බුරුල්ය. ඒක පොඩ්ඩක් හෙල්ලුන ගමන් දබක් ගාලා බිම වැටෙන්නේය. කරගහගෙදර අම්බලම බලලා එන ගමන් නාරම්මල ටවුමට කිට්ටු වෙන කොටම හෙන සුද්දි කෑල්ලක් පාරේ ගියේය. රජාටයි යශිකයයි ගිය බයික් එකට පිටිපස්සෙන් ආවේ දුලියා සමග ගයාෂානයාය. උන් දෙන්නා සුද්දිව පහු කරන් එන ගමන් ආයේ සුද්දිව බලන්න සයිඩ් කණ්නාඩිය හැරෙව්වේය. කණ්නාඩිය දඩ බඩස් ගාලා සුද්දිගෙ කකුල් දෙක ලගය. ගයාශානය බලු කුක්කා වගේ සීරුවෙන් සුද්දි ලගට ගිහින් කණ්නාඩිය අහුලගෙන ආවේය. හප්පා රෙදි නැත. 

අපි දැන් වෑන් එකේ ඉදිරියටම ඇදෙන්නේය. ගෙදරට යන්න තව විනාඩි 40ක් වත් යන්නේය. වීරයා ඒ වෙනකොටත් අපේ ගෙදර ලගය. කෝල් එක උගෙන්ය. 

ජාතික වීරයා: යකෝ...මම උඹලෑ ගෙවල් ලග. උඹලා කොහෙද?

රජා: අපි එන්න තව පැය බාගයක් යනවා බං. උඹ අපේ ගෙදෙට්ට යමන්...

ජාතික වීරයා: මට බෑ බං උඹලා නැතුව යන්න. මම මෙතන ඉන්නං. උඹලා වරෙල්ලා..

රජා: පිස්සුද යකෝ පාරේ???

ජාතික වීරයා: කමක් නෑ බං...

රජා: එහෙනං හිටපන් මට මොකෝ...යකෝ ගේ ඇතුලට වෙලා ඉදගෙන හිටපන්!!

වීරයා: අනේ බෑ බෑ... උඹලා වරෙල්ලකෝ!

කට්ටියක් වෑන් එක ඇතුලේ මස්ත බාල්දු වෙලාය. ඔළුවේ කැක්කුමක් අල්ලලා කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වලය. ගෙදරට කිලෝමීටර් 15ක් විතර තියෙද්දි ආයේ ජාතික වීර චමිලයාගෙන් කෝල් එකක්ය. 

චමිල්: උඹලා එන්නෙ නැද්ද බං..

ගයාශාන්: මග බං මග... තව කිලෝමීටර්....

රජා: 15යි බං 15යි...

ගයාශාන්: අඩෝ...තව 10යි.

ඔහොම හෙමින් හෙමින් අපි ඇදි ගියේය. චමිලයාට බලන් ඉන්න බැරිම තැන ගයාශාන්යාට මෙහෙම මැසේජ් එකක් එවලා තිබ්බේය. 

“උඹලා පැයට කිලෝමීටර් කීයෙන්ද බං එන්නේ???“

හම්බෝ...ඕක අරෑ වෑන් එක ඇතුලේ කියෙව්ව විදිහට අපිට වීරයා ගැන දුක හිතුනේය. අපි එනකොට මූ බස් හෝල්ට් එකේ කඩයක් ඉස්සරහා වේලෙන්නේය. කළුම කළු පාට එකකුත් ඇදගෙනය. කරුවලේ මූව පේන්නෙත් නැත. දත් ටිකෙන් මිනිහව අදුනාගත්තෙමු. 

ගෙදරට එනකොට රෑ 10ටත් කිට්ටුය. සුපිරි මැච් එකකුත් යන්නේය. මහේලයයි තරංගයයි ලෙසටම ගහන්නේය. එදා යෂිකයලෑ ගෙදර ගිය වෙලෙත් මේ වගේම සුපිරිම මැච් එකක්ය. ගහන ගහන එක හතරක් බහින්නේය. ඒ අස්සේ ඔන්න චමිලයාට මැච් එක 3D බලන්න  ඕනෑ උනේය. ටීවි එක අස්සේ තිබ්බ කණ්නාඩි කුට්ටම් දෙක අරගෙන දැන් කට්ටිය මැච් එක බලන්නේය. දුලියයි, චමිලයයි විතරක් මැච් එක බලන්නේය. අනිත් උන් මුන්ට බනින්නේය. ඇයි උන්ට පේන්නේ රෑප ඩබල් වෙලාය. 

චමිල්: අඩෝ මේකෙන් ටිකක් පේනවා ඕයි...

රජා: මැච් එක පේන්නේ නෑ බං... එකක් බාලා බලන්න ඕනේ සිරා බලන්න. 

දුලියා: නෑ බං.. අර ලාබයි බාලයි ඇඩ් එක සිරා පේනවා...

කොහොමහරි ඔහොම පච කෙල කෙල ඉන්න කොට පිරිසගේ දැඩි දෝෂාරෝපණය හමුවේ තුනඩී ඕෆ් කලේය. ඒත් චමිලයා කණ්නාඩිය දාගෙනය. ඒ අතර කට්ටිය මේ ගැන කතාවය.

අශාන්: උඹලා තාම හරි ත්‍රීඩි දැකලා නෑ බං...

චමිලයා: නෑ යකෝ...මේකෙන් මරුවට පේනවා...

දුලියා: අනේ පලයන් යකෝ බොරු නොකියා... ත්‍රීඩී ඔෆ් කලා...

පිරිස: බුහහහා... අයියෝ චමිල්!!!

එතන හිටපු අපේ පියතුමාටත් බකස් ගා හිනා ගියේය. චමිලයා එතන සෑහෙන්න නෝන්ඩි උනේය. ඌට ඒක තේරුනාද යන්න අපි දන්නේ නැත. කට්ටිය බත් බෙදාගෙන ක්ෂණිකව ආවේ ටීවී එක ලගටය. මැච් එකේ අන්තිම ඕවර් ටිකය. කට්ටිය ගහන ළකුණු ගාන කියන්නේය. 

කාවින්ද: 320ක් ගහයි ඔහොම ගහලා

චමිල්: අපෝ..ඔවුන් එච්චර ගහන්නෑ බං...

අද මැච් එකේ දෝනියා සෙල්ලන් කරන්නේ නැත. හැම එකාම වගේ ඇයි බං අද දෝනියා නැත්තේ කිය කිය හතර පස් පාරකට වඩා ඇහුවේය. 
උත්තරත් ලැබුනේය. ඌට මොකද්ද ඉන්ජරියක්ය. කණ්නාඩියෙක් පජාත උන චමිලා ආයේ චොර උනේ මෙතනදිය. දෝණියා ඉන්න රෑප රාමුවකි,

චමිල්: ඇයි බං අද දෝනියා නැත්තේ???

කාවින්ද: දෝනිගේ පොඩි එකාට සනීප නෑනේ බං...

පිරිස: බුහහහා...අම්බෝ!!!!

කාවින්ද: බේත් අරන් දෙන්න ගිහින් බං...

මේ අතර කට්ටිය මැච් එකේ රෑප රාමු වලට හඩ කවන්නේය. ඉන්දියන් කෝච් අත්දෙක බඩ දිහාට කරගෙන කරකවමින් මොනාද කියන්නේය. ඒකට හඩ කැවීම ගයාශායන්ගෙන්ය

ගයාෂාන්: මේ මුන් ගහන ගැහිල්ලට බඩ යනවා බං.. මෙහෙම මෙහෙම යන්නේ. 

අම්බෝ ඒකනං...සුපිරි ආතල් එකක්ය. 

කොහොම හරි කට්ටියගේ ලකුණු අබිභවා 348ක් ගැහුවේය. බලා සිටි සැමට ඇඩුනේය. ඉනිම අවසානයේ කට්ටිය ගියේ කැමරා බෑග් අස්සේ ගෙනාපු අර මොනවද ඒවා පාවිච්චි කරන්නය. ගේ ඇතුලේ දරුණුවට මොනවත් කරන්න බැරි නිසා ගෙනාවේ පොඩි ඒවා විතරය. අනික අවුරුද්දට ගෙනල්ලා ඉතුරු බියර් බෝතල් 3කුත්, ගල් කාලකුත් තිබ්බේය. ඒකත් පාවිච්චියට ගන්න තිබ්බේය. 



ගෙදර කට්ටිය නින්දට ගියේය. රජා කෝකටත් කලින්ම කට්ටිය සෙට් වෙන වග අම්මට කියලා තිබ්බේය. අම්මලා නින්දට ගියපසු සින් සින් ගාලා බෝතල් ටික මතු උනේය. ගෙදර තිබ්බ බෝතල් ටික ඉස්සරලා ඉවර කරන්න ලස්සනට පෝලිමට තියලා තිබ්බේය. යෂිකයා අස්සයා වගේ ටීවී එක ලග ඉදන් කාමරේට දිව්වේය. දඩාස්......සල බලාන්..... ගාලා සද්දයක් ආවේය. බියර් එකක් කුඩේ කුඩුය. මුළු කාමරේ පුරාම බියර් සාගරයය. ආතල් එකේ බොන්න තිබ්බ චාන්ස් එකය. සිද්ධ උනේ මුළු කාමරේම මොප් කිරීමටය. ඒ අස්සේ අරෑගේ කකුලත් කැපිලාය. අම්මගෙන් පුළුන් ඉල්ලගෙන ඌට බේත් දැම්මේය. 



පස්සෙ අර වතුර ගොඩේ එහෙට මෙහෙට යමින් මුළු කාමරේම මඩ ගුහාවක් කරමින් කට්ටිය බියර් කෑවේය. සද්ද නැතුව දාපු කොත්තුව බිව්වේය. මුරුක්කු එක මැලෙව්වේය. රජා මැච් එක බල බල හොරෙන් හොරෙන් කාමර ගත උනේය. මෙතන නං වැඩිය කුප්ප සිදුවීම් උනේ නැද්ද කොහෙදය. යෂිකයාට කෑලි ටෝක් කරගන්න හැටි සහ ජාතික ව්‍යාපාරය පිළිබදව පමණක් කතා බහ සිදුවිය. ඔක්කොම අවසානයේ නිදාගන්නකොට වෙලාව පාන්දර 3ටත් කිට්ටුය. ආයෙත් පාන්දර 5ට නැගිටලා චමිලයාව ස්කූල් බස් එකේ වැඩට යවලා මම දොයියගත්තෙමි. 

උදේ 8ට විතර නැගිට්ට කට්ටිය මූණ එහෙම හෝදගෙන ආයේ මැච් එකේ හයිලයිට්ස් බැලුවේය. 10ට විතර මැච් එකක් ගහන්න බැට් බෝලත් අරගෙන දඹදෙණි ගියේය. මුලින්ම දෙවන පැරකුම් රජතුමාගේ මාලිගාව තිබ්බ මාලිගා ගල නැග්ගෙමු. මාලිගා ගලේ බැලුම්ගල් වලට ගහන්න බැලුම්ගල් දෙකක් මේ මුළු දඹදෙණිය රාජධානියේම නැත. ඒ තරම් සිරාවට හතරවටේ පෙනෙන්නේය. හුළං පාරත් පට්ටය. ගල උඩ පට්ට පොටෝ ටිකක් එහෙම අල්ලුවේය. ඒවා නං සිරාය.






දවල් දොලහට විතර ග‍ලෙන් බැස්ස අපි මැච් එක ගහන්න පිට්ටනියට ගියෙමු. රජා ගයාෂානයාව මීරිගමට ගිහින් දැම්මේ ඌට හදිස්සියකට ගෙදර යන්න උන නිසාය. ආයෙත් කෙලින්ම පිට්ටනියට ගිහින් මැච් එක ගැහුවේය. කඩේකින් ක්‍රීම්සෝඩා එහෙම බීලා කෙලීන්ම ගෙදර ඇවිත් දවල්ට කෑවේය. 3 කෝච්චිය අල්ලගන්න සෙට් එකම දඩබඩ ගාලා ගෙදරින් දිව්වේය. හොද වෙලාවට එලියට යනකොටම ආපු බස්එක මුන්ට නැවැත්තුවේය. කට්ටිය වාෂ්ප උනේය. රජා ගෙදර තනි උනේය. තවත් පට්ට දවස් තුනක් එලෙස නිම උනේය. 



රාජකීය පොටෝ ඇල්බමය -----> මෙතනින් 



රාජ චාරිකා සටහන් පෙළ


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, July 3, 2013

රාජකීය පිස්සන්ගේ රජ ගෙදර සවාරිය - Royal Crazies Tour of Kings Palace


සාමාන්‍යයෙන් බැච් එකක් ගත්තම එක එකා ඉන්නේ එක එක පැති වලය. වෙලාවට අපේ බැච් එකේ උන් මුළු ලංකාවම ආවරණය වෙන ලෙස විසිරී පැතීරී ඇත. එකට ගෙවිලා යන අන්තිම අවුරුද්ද හින්දා සෙට් එකේ බොක්කවල්ගේ ගෙවල් වල යන එක හෙනම දෙයක්ය. මෙච්චර කල් එකට හිටපු උන් එක්ක පොඩ්ඩක් සෙට් වෙන එක මාරය. පට්ට ආතල්ය. පරණ සිද්ධි, ලව් ස්ටෝරි ඇදිලා ආපුවාම එතන ඇත්තේ පුදුමාකාර ෆන් එකක්ය. 

අපි එක පාරක් ගාල්ලේ ඉන්න අපේ යශික බොක්කලාගේ ගෙදර ගිහින් පට්ටම ෆන් එකක් ගත්තෙමු. මාළු බැද බැද, ගිණිමැල වටේ නට නට, කණ්නෙලියේ නාලා... අම්බෝ මතක් වෙනකොටත් බුරිය උල් වෙන්න හිනා යන්නේය. මේ ඊයේ පෙරේදා කට්ටිය සෙන්ටිමෙන්ටල් උනේ රජාලගේ ගෙදර එන්නය. මෙහෙ ඇවිල්ලා ඇවිදින්න යන්න තිබ්බ තැන් තෝරගන්න තිබ්බ ගේම වෙන කිසිම ට්‍රිප් එකකදී ගහන්න උනේ නැත. යශිකයාට ගෑණු ළමෝ පස්සේ යන්න තිබූ අවශ්‍යතාවය මත ලෙක්චර්ස් ඉවරවෙලා කට්ටියටම ගෙදර යන්න තිබ්බ චාන්ස් එක අහිමි වුනේය. රජා හවස ගෙදර ගියේය. අනිත් උන් සදුදා හවස ගෙදරට සැපත් විය. 

සෙට් එකම ඇවිල්ලා හොදට නෑවේය. ඕමි සමග කැරම් ගැසුවේය. කෑවේය. වෙලාව රෑ 11ටත් කිට්ටුය. තාම යශිකයා ඇවිත් නැත. කොටුවෙන් 9.30 කෝච්චියෙ ආපු මේකව එක්කන් එන්න අපිට ඒ මහ රෑ මීරිගමට යන්න උනේය. මග දිගට “අනේ මට කන්න ඉතුරු කරපල්ලා...ටිපිටිප් එකයි කාලා ඉන්නේ දවසටම“ කිය කිය ආවේය. ඇයි තෝ ගියේ... කන්න අරන් දුන්නැද්ද??? රජාගේ ප්‍රතිචාරය විය. පරක්කු වෙලා ආපු මූට කන්න කෑමත් හිග උනාද මන්දාය. මට මතක නැත. මහ රෑ වෙනකන් කලේ කාටූන් බලන එකය. අම්බෝ...ඒවනං නාකි වෙනකන් උනත් බලන්න පුළුවන්ය.


එදා රෑ හිරු එකේ අදිසි 10 යනවාය. කාවින්දයට ඒක බලන්නම ඕනෙලුය. මූ නිකන් අපිව ඒක බලන්න පෙළඹුවේ හිටගෙන චූ යන්න බයහිතෙන කතාවක් විදිහටය. කොහොම හරි කතාව පටන් ගත්තේය. හාපෝ.....හැමතිස්සෙම මෙය සත්‍ය කතාවකි. ඔච්චරමය. ඒ උනාට හිටපු කෑල්ල නම් සුපිරිය. බැලුවේ ඒක හින්දාමය. ඊයා ඕයි....ඇදන් ඉන්න නයිටිය අස්සෙන් පේනවාය. තව පොඩ්ඩෙන් එකෙක් ටීවී එක කඩාගෙන යන්නේය. 



හය දෙනාටම බුදියන්න රජාගේ රාජකීය සිරියහන් ගබඩාව වෙන් කර දුන්නේය. රජාට සිදුඋනේ අර මාරක කාමරේ බුදියන්නය. මං හිතන්නේ වෙලාව හොදය. පහුවදා උදේ මට පණ පිටින් ඇහැරුනේය. පහුවදා උදේම මැද්දේපොළ පන්සල, පනාවිය අම්බලම, කරගහගෙදර අම්බලම බලන්නත් හවස් වරුව කුරුණෑගල ගිහින් නාලා ඇතුගලට නැගලා එන්නත් යොදාගත්තේය. 



දැන් සෙට් එකට එහෙ මෙහෙ යන්න වාහන නැත. රජාගේ බයිසිකලෙයි, නාඔටුවගෙ වීල් එකයි ඇත. තව දෙන්නෙක්ට ඉඩ නැත. බයික් එකක් තිබ්බොත් නම් ගොඩේ ගොඩය. රාජ වැඩපොලේ වැඩකරන අයියා කෙනෙක් ගෙන් බයික් එකක් ලැබුනේ  වෙලාවටය. කට්ටිය ෂින් ෂින් ගාලා ෂෙඩ් එකක් හොයාගෙන ගියේය. සීය සීය දාලා වීල් එකටයි, බයික් වලටයි තෙල් ගැසුවේය. ඉල්ලගත්තු බයික් එකේ තෙල් ගහන්න පියන ඇරෙන්නේ නැත. ෂෙඩ් එක ඇතුලේ හෙනම ගේමක් දුන්නේ ඒක ඇරගන්නය. වැඩ කරන උනුත් වට වෙලා අපි දිහා බලාගෙනය. 




දුලියා: යකෝ අපිට හම්බුනොත් හම්බෙන්නේ ඔහොම එකක්මනේ...

යෂිකයා: උඹලා චෙක් කරලා නෙමේද යකෝ ගෙනාවේ?

ගයාෂාන්: මේකේ බ්‍රේකුත් නෑ බං...

රජා ක්ෂණිකව අයියට කෝල් එකක් ගත්තේය

රජා: අයියේ මේකේ පියන අරින්නේ කොහොමදෝ.....????

අයියා: පොඩ්ඩක් සීන් ඕක. ඔයාලා පන්සලට ගිහින් එන්න. තෙල් ඇති. එනගමන් වැඩපොලෙන් නවත්තන්න. මම ඇරලා දෙන්නම්

රජා: හා හා..එල!!

අපි කෙලීන්ම පන්සල හොයාගෙන ගියෙමු. පාර දිගේ බෘ....න් ගාලා ගියේය. බයික් වල පිටිපස්සේ යන උන්ට සයිකෝ ගහනවද කොහෙදය. එක එක සද්ද කටින් එන්නේය. හූ.......අයින් අයින්...පීක් පීක්. හප්පා...ප්‍රාථමික අංශය වගේය. හොද වෙලාවට හද්ද කැලේය. වැඩිය මනුස්පයෝ පේන්න නැත. අනේ මන්දාය. අපි ගියාට පස්සේ පන්සලත් නිකන් එළිය වැටුනා වගේ එකක් උනාය. පන්සල වටේ ඇවිදලා පොටෝ ගහලා එහෙම අපි ආයෙම අම්බලම් බලා පිටත් උනෙමු. 



පැය කාලක, බාගෙක විතර රවුමකින් අනතුරුව අපි සුප්‍රකට පනාවිටිය අම්බලමට කඩාගෙන පතිත උනෙමු. එතකොටම වගේ පට්ට වැස්සක් වැටුනේය. පැය කාලක් විතර වහින්න ඇතිය. ටයිමින් හොදකම නිසා අපි නෑවේ නැත. කැටයම් වල පොටෝ වැදුනේය. රාජකීය අම්බලමේ පවර්ස් රජාට ලැබුනේය. මම නිකන් යමාමහ පෙළහර සංදර්ශනයක් එතනදී දුන්නෙමි. නරඹන්නන්ට සෑහෙන අමාරු උනේය. කොදු නැත. අම්බලම ඉස්සරහ කඩේ අංකල් ඒකට බය උනේය. 




අංකල්: පුතාලා ඇයි ඔච්චර දගලන්නේ? දගලන්නැතුව පොටෝ ගන්නකෝ.

අපි: හා හා...

රජා: ඒ මුගෙද දන්නෑ අම්බලම...බලහන්කෝ @#$%

ගයාෂානයා වැටිලා තිබ්බ වැටමාර පොල්ලක් අහුල ගත්තේය.

ගයාෂාන්: අඩෝ ගහමුද කියහන්කෝ..ගහමුද? එහෙම කොහොමද?
විහිළුවට වගේ (දන්නවනේ අර බොරුවට ලයින් එකක් දෙන්නේ)

අපි මිනිහව අල්ලා ගනිමින් අඩෝ එපා බං...එපා!!!

ටිකකින් අපි ගයියාව අත ඇරියෙමු...

ගයාශාන්: එහෙම කොහොමද බං...ගහමු!!!

අමිල අයියා: ආ...ගහපන් ගිහින්.. ගහපන්!!!

ගයාශාන්: එහෙම කරන්න එපා ඉතින් ^_^

අපි එතනින් මාරු වෙලා කරගහගෙදර අම්බලම බලන්න ගියෙමු. ඒකෙ ගල් බෝල බලන්න කට්ටිය හෙන ආසලුය. අපි බයික් දෙකේ විදගෙන ගියෙමු. ඔටුවාගේ වීල් එක පරක්කුය. රජාගෙ බයික් එකේ පිටිපස්සේ යෂිකයාය. මේකට නං මොංගල් තද වෙලාය. අපි දෙන්නා ගියේ නිකන්  ඇමති ආරක්ෂකයෝ වගේය. මේක පිටිපස්සේ ඉදන් ටිපර් වලට හිටන් පී...ක් පී..ක් කියන්නේය. හයියූ....හද්ද පජාතය. 




දැන් ඔටුවා එනකන් අපි මග නවත්තන් බයික් එකේ ඉදන් පොටො  ගැසුවෙමු. ඕක බලන් හිටපු ඒ ළග තිබ්බ ගෙදර කෙල්ල එළියට ආවේය. 

කෙල්ල: අයියේ ඔයාලා ලස්සනට පොටෝ ගැහුවා ඈ....

අපි නිකන් ෆුල් හින්දුස්ථාන් වෙලා ගියේය.

රජා: ටැන්කියු ඈ....

ඒ ටැන්කියු කිව්ව එකාගේ බයික් එක ක්ෂණයකින් එතනින් අතුරුදහන් උනේය. ඇයි යකෝ ගූ හතයි වැලි දෙකේ සීන් එකය. ඊයා!

කොහොම හරි අපි අනිත් අම්බලමටත් සැපත් උනෙමු. සුපුරුදු පරිදි ඒකත් උස්සන්න හදලා බැරිම තැන එතනම තියලා ආවෙමු. සාමාන්‍යයෙන් ඕක උස්සන එක රජාට ගේමක්ම නැත. ඒත් මේවා ආරක්ෂා කල යුතු ස්මාරක නිසා එතනම තබා ආවෙමු. 



එනකොට මගෙ නංගිව එලෙව්වේ යෂිකයාය. හා......පෝ ආයේ නම් මගෙ ජීවිතේට ඕකා එක්ක නං බයික් එහෙක යන්නේ නැත. තව ඩිංගෙන් මේ සුදු රජා ටිපර් එකකට අඩයක් වෙන්නේය. මේකා අසූවටත් වඩා වේගෙන් යන්න හදන්නේය. සයිකෝ එකෙත් හොදම එකය. බොහොම අමාරුවෙන් ගෙදරට ආවේය. මට ලේ ටිකක් ඉනුවේ එතකොටය.  අපේ යෑම ගැන ඒ වෙනකොටත් අපේ අම්මාගේ කනට වැටිලාය. මොකෙක් හරි අපේ වැඩකරන අයියා කෙනෙක් ඕක දැකලාය. 

කස් කස් ගාලා බත් කෑවෙමු. කුරුණෑගල යන්න වෑන් එකක් දැන් ලග ලගම එන්නේය. ටිකක් වෙලා හිටපු අපි වෑන් එකට නැගලා ඉදගත්තෙමු. යෂිකයා ඉස්සරහම සීට් එකේය.

අශාන්: ඒ යෂික...උඹ දන්නවද දැන් යන පාර? ඔය අයියට කියහන් ඈ..

දුලියා: අයියේ මෙයාගෙන් පාර අහගන්න ඈ...

වෑන් එකේ ස්ටිකරය අපේ ගමනේ සාර්ථකත්වය කියා පෑවේය. 



නාරම්මල දිහාට යනකොට ලව් ස්ටෝරියක් ඇදිලා ආවේය. ඒ යෂිකයාගේ ට්‍රයි එකක් ගැනය. කොච්චර ඇහුවත් කැමති වෙන්නේ නැහැල්ලුය. ඒ අස්සේ අශානයා මුගෙ ළමයින්ට දාන්න නම් හිටන් හදලාය. ඒ දෙන්නගෙ නම් මික්ස් කරලාය. 

අශාන්: උඹලා දන්නවද මුගෙ ළමයි දෙන්නගෙ නම්?? 

අපි: කියහන් බලන්න...

අශාන්: යලණි, කෂික. 

අපි: බුහහහා.....


කාවින්ද: නෑ බං...අපි ලොකුපුතාට දාමු කාණු කියලා

රජා: මොකා??? 

අමිල අයියා: කාණු බං කාණු... ට්‍රෙන්ච්!!

ගයාෂාන්: එහෙනං දුවට දාමු වැහිපීලී කියලා

රජා: අම්බෝ...කාණුයි වැහිපීලියි... පට්ට යකෝ!!! 

ඔහොම ටික වෙලාවක් ඉස්සරහට ගියේය. පාර හදන නිසා ට්‍රැෆික් එක වැදිලාය. එතනම පන්සලක්ය. ලෙන් විහාරටක්ය. කරලා තියෙන්නේ වළගම්බා රජතුමාය. 

දුලියා: යකෝ ලෙනක් තිබ්බද ඒක වළගම්බා...

ගයාෂාන්: බොරු වෙන්නැති බං... කියනවට කියනවා!!

රජා: යකෝ වළගම්බට පිස්සුද බං... බලහන් දැන් මීරිගම, ගිරිඋල්ල, නාරම්මල වටේම මූ ලෙන් හොය හොය ගිහින්. වෙන වැඩක් තිබිලා නෑ....

ගයාෂාන්: ඩයල් එක අන්ත:පුරෙත් එක්ක කොටු පැන්න තැන්ද කොහෙද බං.... 

අපි: බුහහහහා...සිරා ඕයි!

කොහොම හරි කුරුණෑගලට ලගා වෙමින් තිබුනේය. මුළු දවසෙම මොකාක් හරි පජාත කතාවක්, වැඩක් කරපු යෂිකයාම ආයෙත් වැඩේ කෑවේය. 

යෂික: ඒ අපි දැන් මේ යන්නේ කුරුණෑගල නේ බං... එතකොට අර ඇතුගල්පුරද කොහෙද තියෙන්නේ කොහෙද බං???

ඩ්‍රයිවර් අයියටත් හිනා ගියේය. 

අපි: ඒක තමයි #$%^ මේ....අනේ උඹනං!!!



කුරුණෑගල වැව එහෙම බලලා වටේ කැරකිලා එනකොට මහාම කැත බඩිගින්නක් ආවේය. ආප්පම කන්න ඕනේ හින්දා කැරකිලා කැරකිලා ග්‍රේඩ් බී කඩේකට රිංග ගත්තෙමු. අනේ වේටර්ට හිටියේ හෙන වයසක සීයා කෙනෙක්ය. අහිංසක මූණය. හැබැයි සර්විස් නම් හද්ද පරක්කුය. පැයක් විතර ඉදලා බිත්තර ආප්ප එකකුයි, නිකන් ආප්පා දෙකකුයි කාලා ටී එකක් ගහලා සල්ලිත් දීලා ආවෙමු. තව පොඩ්ඩෙන් සීයගෙ ටිප් එකට තිබ්බ රුපියල් 10ත් ටොපි කන්න හැදුවේය. 

දවසේ අවසාන වශයෙන් කරන්න තිබ්බේ ඇතුගල නගින එකය. රෑ උන හින්දා ගල මුදුනට වෑන් එකේම ගියෙමු. දෙපැත්තේ ඝණ කැලෑවය.  දවසේ කතාව සිදුඋනේ මෙතනදිය. 

ගයාශාන්: ඇයි බං මේකට ඇතුගල කියන්නේ? 

නාඔට්ටා: මේක නිකන් ඇතෙක් වගේ....අපි දැන් මේ යන්නේ ඇතාගේ නැට්ට දිගේ...

ගයාෂාන්: ඒ කියන්නේ අපි ඇතාගෙ පුක දිගේ යන්නේ....

කාවින්ද: ඒක තමා මේ දෙපැත්තෙ මෙච්චර කැලේ...ඇතා ෂේව් කරලා නෑ හරියට. ඇතින්න කැමති නැතුව ඇති!!

බඩ නං කොර උනේය. බුරියටම හිනාවේ සැර වැදුනි. වෑන් එක එහෙට මෙහෙට හෙල්ලුනේ ඇතුලේ හිටපු උන් පෙරළි පෙරළි හිනා උන හින්දාද කොහෙදය. 

ගල උඩ රෑට හද්ද සීතලය. කට්ටියට ඔලුවේ කැක්කුම හැදෙනකන්ම සීතලේ ඉදලා ගලෙන් පල්ලෙහාට බැස්සෙමු. සමහරු පොඩි ලයිට් කණුවක් බදාගෙන, බටඋඩ නැග නැග පොටෝ ගැසුවෝය. අර හෙන බුදු පිළිමේ දිහා බලාගෙන මුන් කුණුහරපෙන් බැනගන්නේය. අනේ මන්දාය. නිකන් බීලා වගේය. 



ගල උඩදී එකෙක්ගෙන් කෝල් එකක් එන්නේය. ඒ ජාතික වීර චමිලයාය. 

ජාතික වීරයා: මචන් මම දැන් ගිරිඋල්ලේ ගෙදෙට්ට එන පාර කියපාන්....

රජා: යකෝ අපිතාම කුරුණෑගල...

ජාතික වීරයා: රෑට මොනවාහරි කරනවා නේ???

රජා: අපි අරන් එන්නං. තෝ ගෙදරට පලයන්...

ජාතික වීරයා: හා හා... උඹලා වරෙන්කෝ!!

රෑ නමය වෙන්න කලින් ෆුඩ් සිටියක් හොයාගෙන ඇදුනෙමු. මගදී පොඩි කඩයක් සෙට් විය. ඒකෙන් මොනවාහරි සමග කොත්තුවක් අරගෙන කෙලීන්ම රජ ගෙදර බලා මාරු විය. කැමරා බෑග් අස්සේ කැමරා නොවීය. කැමරාව අතේ විය. 

රාත්‍රිය සමග දෙවන දවස හා පොටෝ ඇල්බමය ඊළග කොටසට 

 රජ ගෙදර දෙවන දවස - Second Day in Royal Palace (click here)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!