Thursday, May 30, 2013

මේ දවස් වල මාර බිසි - Very busy in these days.

කියන්ඩ නං කතා ඕසෙටය. සීන් එක කියන්නේ එකක්වත් ලියාගන්නට වෙලාවක් නැති එකය. ගෑල්ලමයින්ගේ වෙසක් කලාප වල කතා, දන්සැල් කන්ඩ කැලෑ වල රිංගපු කතා, අරවා මේවා නහුතෙට හෙන ගහන්නැහැ මතකයේ කැකෑරෙමින් ඇත. 

බිසි කියන්නේ මේක මාරම බිසියක්ය. සරණාගත කදවුරක් හදන්න ත්‍රිකුණාමලේ යනකොට වයිවා එකක් දෙන්න ගල්කිස්සට එන්නලුය. ඒක ඉවරවෙනකොටම ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ ප්‍රෝග්‍රෙස් රිපෝට් දෙන්නලු. අන්තිම මොහොතේ ඔහොම කියනකොට ඉතින් අපිට වෙන්නේ අර රෑට ඇදේදි චූ බර හැදිච්ච එකාට වෙන එකය. ලස්සනට ඇද හදලා...නෙට් එක දාගෙන. නිදාගන්න සෙට් වෙන හොදම පොසිෂන් එකක් හොයාගෙන...කොට්ටේ හදාගෙන නිදාගන්න හදනකොටම හෙන චූ බරක් ආවාම කෝමද එන හැගීම? මටනං කපලා දාන්නම හිතෙන්නේය. ඇයි යකෝ...ආයේ අර නෙට් එකෙන් බැහැලා ඇද අවුල් කරගෙන එද්දි... හාෆූ.....

මාරම කේස් එක කියන්නේ මේ පාර කොපි පේස්ට් කරන්න බැරි එකය. අතින්ම ටයිප් කරන්න වෙලාය. පර සුද්දෝ අමන මගුලක් අටෝගෙනය. කොහෙන් හරි පොඩි දෙයක් ඉස්සුවත් උස්සපු තැන, පීඩීඑෆ් එක පවා පෙන්නන්නේය. දැන්නම් සුද්දට සීනී බෝල වලින් වෙඩි තබා කූඹි කා මැරෙන්න කූඹි ගුලකට දමන්න හිතී ඇත. 

වැඩිය කියවන්න වෙලාවක් නැත. ඉක්මනට සරණාගත කදවුර හදන්න ඕනෑය. නැත්තන් සරණාගත කදවුරේ ඇන්ටිලා ටික මගෙ ඔළුව කන්නේය. එහෙම උනත් කමක් නැත. ඇන්ටිලාගේ දූවරු ටික තරහ උනොත් මල මගුලය. එහෙනං... පස්සේ එන්නං.

-අපේ වැඩේ යන හැටි-

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, May 16, 2013

චන්ගුමීගේ අසික්කිත කොණ්ඩකටුව - Changumis Awkward Hair-pin

චන්ගුමී ගැන වෙනම ගුණ වර්ණනාවක් මම දෙන්නට ඕනේ නැත. ඌ මෑත කාලයේ ලංකාවේ හිටියානම් ඔය ගියැයි කියන අටමගලයෙන් එක කොටසක් හෝ බලා තිබිය යුතුමය.රජත් ඕක බැලුවේ එහි මොකක් හරි වචන කෑල්ලක්වත් අල්ලගන්නටය. වැඩිමනක් කොටස් දෙකක් බලන්න ඇතිය. මට නිකන් ඔක්කාරෙට ආවේය. ඇයි හත්තිලව්වේ ඒක හඩකවන ගෑණු ළමයි ස්ටුඩියෝ එක ඇතුලේ සුරාන්තයට ලං වෙනවාද කොහෙදය. හැම වෙලාවෙම ආ...හ් ඌහ්... අනේ.... ම්ම්ම්හ්... යකෝ ටීවී එක වැඩිකරගෙන ඒක බැලුවොත් එහෙම ගෙදර උන් හිතන් මූ ටීවී එකේ වැලක් බලනවා කියලාය. ඒ ගැන මම කියන්න ඕනේ නැත. දන්නෝ දතිතිය. 


සතිපොල ගැන කතා කරනවා නම් පොලත් සමග බැදුනු සෑහෙන අතීතයක් රජාට ඇත්තේය. අපේ රවුමේ පොළ තියෙන්නේ බදාදාය. අගහරුවාදා හවස 6ට විතර වගේ පොළ පටන්ගන්නේය. ඉස්සර අපේ ගෙදර කස්ටිය ගැන්සිය පිටින්ම පොලට බහින්නේ අගහරුවාදා රෑටය. පොළ වටේම ගිහින් එක එක ඒවා අරන් ගෙදර යනකොට කොහොමත් රෑ 8,9 වෙන්නේය. ඔය වෙලාව අතරතුර රජාට නොමිලේ ඇපල්, මිදි ගෙඩි එහෙම හම්බෙන්නේ පිය රජාගේ යාළු මුදලිලාගෙන්ය. 

පසුකාලීනව ඔය එළවළු කඩ සීන් එක ආවේය. තැන් තැන් වල හෙන සරුවට කඩ දාගෙන කට්ටිය වෙළදාම පටන්ගත්තේය. කට්ටිය පොලට යන එකත් හෙමින් හෙමින් අඩුවී ගියේය. ඇපල් හම්බෙන එකත් එහෙම්මම පාෂාණ භූතවිය. ඒ හම්බුන ඇපල් ගෙඩි වල ඇට හිටෙව්වා නම් මම දැන් ඇපල් වත්තක හිමිකාරයෙක්ය. දැන් මාස දෙක තුනක ඉදන් අපේ මව්තුමිය ආයෙත් පොලට යන්න පටන් අරන්ය. ඒකත් මහ දවල් බදාදා පොලටය. තනියමත් නෙමේය. රජාත් එක්ක බයිසිකල් කට්ටේය. 

වෙනදාට නම් රජා කරන්නේ පොල ලග තියෙන ගහක් යටට වෙලා පුටාර් එක නවත්තාගෙන මව්තුමිය එනකන් ඉන්න එකය. ඒකත් එක්තරා කලාවක්ය. බස්වලින් බැහැලා එන, පොලට ගිහින් ආපහු යන සුන්දර ජනතාව ගෑල්ලමයි දෙස බලාසිටීම හැමෝටම කල නොහැකිය. කලාව උනත් හැමදාම කරද්දි එපා වෙන්නේය. ඒක හින්දා රජා පොල භූමියට පය ගැහුවේය. යන කොටම පොල මැද්දේ පාරේ එකෙක් අර පොඩි පොඩි ගැජට් කෑලි විකුණන්නේය. පොර නිකන් පුරුදු නමකින් ගෑගසමින් සිටියේය. ඒ චන්ගුමීය. 

රජාගේ මතකය කස කස ගාලා අතීතයට දිව ගියේය. ඔය චන්ගුමියා දවසකුත් මට හෙනම ලයින් එකක් දැම්මේය.ඒ අවුරුදු කට උඩ තියලා ඇදුම් ගන්න ගිය දවසේය. වෙලාවට එතන හිටියේ චන්ගුමී පිස්සුව ගහපු බවලත් පාර්ශවයේ කච කච ටිකක් පමණය. සීන් එක මෙහෙමය. 

*ස්ථානය - තිලකවර්ධන / නිට්ටඹුව
*වේලාව - ප.ව 3.30
*ගරු රගපෑම - අදුරන ගෑල්ලමෙක්

ගෑල්ලමයා - අයියේ චන්ගුමී කොණ්ඩ කටු නැද්ද?

අයියා - ඉවර උනා මිස්... ඩිසයින් නැති ප්ලේන් කට්ට නම් තියෙනවා...

ගෑල්ලමයා - අයියෝ...

රජා - මොන #$%@???



චන්ගුමී කටු

ටික වෙලාවක් යනකං නිකන් මුළු ලෝකයම මා වටේ කැරකෙමින් තිබූ හැගීමෙන් මිදුනු මම නැවතත් පියවි ලෝකයට ආවෙමි. ආවා...ආවා...චන්ගුමී කටු ආවා...වෙළෙන්දා ගිරිය පුප්පන් කෑගහන්නේය. අම්මත් මමත් පොල වටේම ඇවිදලා එළවළු එහෙම අරගත්තෙමු. ඉස්සර හියපු මාමලා ටික දැක්කම මට ඇඩුනේය. හත්තිලව්වේ මුන් වයසට ගිහිල්ලාය. ඉස්සර වගේ මට ඇපල් දෙන්න එකෙක් නැත. උන් ඔක්කොම කියන්නේ...අනේ....පුතාගෙ ලොකු!!! කියලාය. රජාගේ ප්‍රතිචාරය සුපුරුදු පීචන් හිනාවය. 

කියන්න ආවේ ඒක නොවේය. ඒ දෙනෝදාහක් දෙනා මැද තව ඩිංගෙන් රජාගේ බුරිය ඉදිමිලා, බොක්ක ඇදවෙලා, දවල් කාපුවා උස්මුරුත්තාවට ආපු සීන් එකක්ය. හෙල්මට් එකෙන් මූණ වහගෙන බොහොම අමාරුවෙන් එතනින් මාරු උනෙමි. හෙනම කුප්ප සීන් එක කියන්නේ, මව්තුමිය මට එහාපැත්තේය. 

එච්චරට මෙච්චර නං, මෙච්චරට කොච්චරද කියලා බඩු ටික අරගෙන ආපහු එනකොට අර චන්ගුමී මුදලාලි ලග පොඩි ට්‍රැෆික් එකක්ය. හේතුව ලොක්කව වට කරගත් ගැහුණු ළමෝ සමූහයක්ය. සීන් එක මෙහෙමය.....

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා....

මූ යටි ගිරියෙන් කෑගහන අතරතුර රජත් ටිකක් නැවතී බැලුවේ මොකද්ද ඔය ගැජට් එක කියලාය. ඒ අතරම එහා පැත්තෙන් ටිකක් වයසක කපල් එකක් බඩු මල්ලක් උස්සාගෙන ඇදී ගියේය. 

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා....

බඩුමල්ල උස්සගත් අන්කලුත් ඇහුන දෙයින් නිකන් ෆුල් හින්දුස්ථාන් වෙලා ගියේය. ඒක ටක්කෙටම සුවර්ය. මම මිනිහාගේ මූණ ලෙසටම දැක්කෙමි. යනගමන්ම මිනිහා යමක් කියාගෙන ගියේය.

අන්කල්: චන්ගුමී කටු??? කොහෙ ගහගන්නද?

රජාට හිනාව තද කරගෙන ඉන්න බැරි වෙලා තොල්පෙති අස්සෙන් කෙලත් විසිඋනාද කොහෙදය. අර කටු තෝර තෝර හිටපු කෙල්ලෙක් සිං ගාලා හැරුනේ ඒක විය යුතුමය. ඔය අස්සේ අරූ තාමත් බෙරිහන් දෙන්නේය. 

වෙළෙන්දා 1: ආවා.....ආවා.....චන්ගුමී කටු ආවා....චන්ගුමී කටු ආවා...

ඕක බලන් හිටපු එහා පැත්තේ මුරුක්කු කඩේ එකා ඌට නොදෙවෙනි සද්දෙන් කෑගැහුවේය.

වෙළෙන්දා 2: ඔයා කටු ගෙනාවට චන්ගුමීව ගෙනාවේ නෑනේ.....

ක්ෂණිකව පිළිතුරක් ලැබුණි.

වෙළෙන්දා 1: චන්ගුමීව ගෙනාවනම් ඔයාලා අද බිස්නස් කරන්නේ නෑනේ....

මුන් දෙන්නා ඕක කිව්වේ ඔය තිත් පේලි තියෙන තැන් හොදට ඇදලාය. රජාට තව දුරටත් සිනහව පාලනය කරගත නොහැකි උනේය. ඔලුවට දාන හෙල්මට් එක වහාම කට ලගට ආවේය. තව පොඩ්ඩෙන් වයිසර් එකට කටත් කැපෙන්නේය. පුටාර් එක තියෙන තැනට එනකන් මමයි අම්මයි ආවේ හිනා වෙවීය. 


ප/ලි: 

අර තිලකවර්ධන එකේ සීන් එක බුකියේ දාපුවම එකෙක් පට්ට කමෙන්ට් එකක් දාලා තිබ්බා. 

මිස්...චන්ගුමී කටු නං ඉවරයි... චන්ගුමී පාන් කපන පිහි ඇවිත් තියෙනවා දෙන්නද? :D :D

ඕං අඩවි වැසියෝ හින්දම අර ගෑල්ලමයාගෙන් චන්ගුමී කට්ටක් ඉල්ලන් ඇවිත් පොටෝ එකකුත් ගහගත්තා. ඔය උඩ තියෙන්නේ ඒකලු. ඕක ගහන හැටි පෙන්නනවකෝ පොටෝවක් ගන්න කිව්වට ඇහුවේ නෑනේ. ඔය චාටු දදා ඉල්ලන්නේ බ්ලොග් එකේ දාන්න කියලා මාව එලෙව්වා කියහල්ලකෝ!

ඕක දැන් උ/පෙ කෙල්ලන්ගේ ස්ටයිල් එකක් වෙලාලු. කට්ට ගහන් යන්නේ අඩි දෙකක් විතර උඩින්ලු. චන්ගුමී කට්ට රට්ටුන්ට හෙනම ඇණයක්ලු. බස් එකේ යද්දි ඕක මූණේ ඇනෙනවලු. 

අති විශේෂ: 

දැන් කියහල්ලා කට්ට ඉල්ලගත්තේ රජාගේ කෙල්ලගෙන් කියලා. ඒක කමෙන්ටුවක් විදිහට බාරගන්නේ නෑලු. අර ඩූඩ් මාමා කියනවා වගේ යල් පැනපු විහිළුවක්ලු. 

මගෙ කෙල්ල ඔය ස්ටයිල් කරන්නේ නෑලු. එයා මෙන්න මෙහෙම කෙනෙක්ලු. 


වපර පෙම්වතී

ඇවිදින කොට ඈ බකල් ගසයි...
කතා කරනකොට කෙල විසිවෙයි...
මූණ නොසෝදන දත් නොමදින ඈ...
මගේ පෙම්වතී....ඈ මගෙ පෙම්වතී....
ඈ මගෙ බකල පෙම්වතී.... ♥ ♥

මුළු ගීතය



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, May 13, 2013

කෝඳුරුවාපොල ටැම්පිට විහාරය (අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව)

අප රටේ විහාරස්ථාන අතර ටැම්පිට විහාර වාස්තු විද්‍යාත්මකව ඉමහත් වැදගත්කමක් හිමිකර ගනී. කුරුණෑගල දිස්ත්‍රික්කය මහනුවර යුගයට අයත් එවැනි ටැම්පිට විහාර රාශියක් දැකිය හැකි ප්‍රදේශයකි. එහෙත් ඒ අතරින් වැඩි විහාර ප්‍රමාණයක සිදුව ඇති පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා පෞරාණික අගය හීනවී ගොසිනි.මේ අතරින් කෝඳුරුවාපොල විහාරය වැදගත් වන්නේ එය පුරාවිද්‍යාත්මක අගය සුරැකුණු රක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් නිසා ය. මෙය ඉදිකරවූ බව සඳහන් වන්නේ මීගස්තැන්නේ අදිකාරම (දුම්බර නිලමේ) විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස විසූ මෙම අදිකාරම විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළේ ටැම්පිට විහාර රාශියක් ඉදිකරවන ලද බව හෝ පිළිසකර කරවන ලද බව සඳහන් වේ. ඔහු නැවතී සිටි බව සඳහන් වන්නේ කුලියාපිටිය කෝන්ගහගෙදර ගමේ ය.

ගමන් මාර්ගය

කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ පැමිණ නාරම්මල සිට කි.මී. 10 ක් පමණ ගොස් ගණන්ගමුව හන්දියෙන් වමට හැරී තවත් කි.මී. 2ක් ගමන් කළ යුතු ය. 



කෝඳුරුවාපොල යන නම ඇති වූ අන්දම පිළිබඳව ප්‍රදේශයේ පැතිර ඇති ජනප්‍රවාදයක් නම් පුරාණයේ විහාරය ඉදිකර ඇති ගල්තලාව මත මැති ඇමතිවරු රහස් සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ නිසා එයට කෙඳිරුම්පොල යන නම ලැබී ඇති බවත් පසුව කෝඳුරුවාපොල වූ බවත් ය

තවත් ජනප්‍රවාදයකට අනුව ගමේ පිහිටි මසුරන් කෝට්ටේ නමින් හැඳින්වෙන වැව (මේ වැව මෑතක දී ප්‍රතිසංස්කරණය කර තිබේ) හා ටැම්පිට විහාරයේ ආරම්භය අතර සම්බන්ධයක් පවතී. වැව ඉදිකරන සමයේ වැව් බැම්ම කෙතරම් ශක්තිමත් අයුරින් ඉදිකළත් කිහිප වරක්ම කැඩී යන්නට පටන් ගෙන ඇත.


නැකත්කරුවකු එයට හේතුව ලෙස පවසා තිබෙන්නේ වැව තැනීම ආරම්භ කළ නැකත අසුභ බවත් එය මඟ හැරීම සඳහා ගමේ ගල් තලාව මත විහාරයක් ඉදිකළ යුතු බවත් ය. ඒ අනුව ගල් තලාව මත අදිකාරම විසින් විහාරය ඉදිකරවා එහි වැවට නෙත් යොමු වන සේ හිඳි බුදු පිළිමයක් නිර්මාණය කරවා තිබේ. ඊට පසු වැව තැනීමේ වැඩ කටයුතු සාර්ථක වූ බව එම ජනප්‍රවාදයේ පැවසේ. කෝඳුරුවාපොල විහාර භූමියට පිවිසෙන විටම පර්වතය මත පිහිටා ඇති ටැම්පිට විහාරය ධර්ම ශාලාව සහ නව විහාරය අප නෙත ගැටේ. නව සංඝාවාසය පිහිටා ඇත්තේ පහල බිමේ ය. පර්වතය හරහා ගමන් කර විහාර මළුවට පිවිසීමට මෑතක දී වාහල්කඩක් සහිත මාර්ගයක් සකසා තිබේ.










විහාරය ඉදිකර තිබෙන්නේ පර්වතය මත සිටවූ අඩි 2ක් පමණ උස ගල්ටැම් 11ක් මත ය. පර්වතය සමතලා කර ගැනීමට පදනමක් ඉදිනොකර සෘජුවට කලුගල් ටැම් ඒ මත සිටුවා තිබේ.

පර්වතයේ ස්වරූපය අනුව ගල්ටැම්වල උස වෙනස් වේ. ඒවායේ ඝනකම ද එකිනෙකට වෙනස් ය. විහාරයට පිවිසීමට ඉදිරිපසින් කලුගල් කුට්ටි යොදා පියගැට පෙළක් නිර්මාණය කර ඇත. 

විහාරයේ ඉදිරිපසින්ම ඇති උළුවස්ස අලංකරණවලින් තොර ය. ඊට පසු හමුවන දෙවන උළුවස්ස සහිත බිත්තිය මකර තොරණකින් අලංකාර කොට තිබේ. චන්ද්‍ර වංකය සහිත චාම් උළුවස්ස පළල අඩි 3ක් සහ උසින් අඩි 5 අඟල් 4 ක් වේ.මෙහි පිහිටි මකර තොරණෙහි කීර්තිමුඛය කැඩී විනාශ වී ඇත. දෙපසින් කඩු අතින් ගත් දොරටු පාල රූප දෙකකි. මකරා මත දේව රූප නිර්මාණය කර ඇත. මකර තොරණෙහි සායම් මැකී ගොස් තැනින් තැන තීන්ත මතුවී පෙනේ.





ප/ලි: 

අප එහි වන්දනාවේ යෙදුනේ පෝය දිනක නොවේය. පන්සලේ කිසිවෙකුත් අපිට මුණගැසීමට නොහැකි විය. එබැවින් ටැම්පිට විහාරය ඇතුලත ඡායාරූප ගැනීමටවත් වැඩිදුර විස්තර සොයා ගැනීමටවත් නොහැකි විය. නැවත වරක් එහි සංචාරයේදී අනිවාර්යෙන්ම ඡායාරූප මෙහි අප්ඩේට් වනු ඇත. 

අතීත කතාවේ විස්තර ගත්තේ බුදුසරණ පත්තරේ ලිපියකිනි.

ටැම්පිට විහාර යනු මොනවාද?

ටැම්පිට යන වචනයෙන් ම අරුත් ගැන්වෙන පරිදි ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් යන්න මින් අදහස්‌ වේ. බොහෝ විට සිදුවන පරිදි මෙම කුළුණු ගල් ටැම් විය. 

දිස්‌ත්‍රික්‌කය හා ටැම්පිට විහාර සංඛ්‍යාව

                                


කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම ටැම්පිට විහාර සොයා යාම අපගේ අභිප්‍රාය වේ. 

විස්තර උපුටා ගැනීම මෙන්ම, වැඩිදුර විස්තර මෙතනින්.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, May 9, 2013

ලෑන්ඩ්මාස්ටර් මතක - Land Master Memories


ලෑන්ඩ් මාස්ටරය කියු සැනින් බොහෝ දෙනාගේ මතකෙට නැගෙන එක රූප රාමුවකි. කළු පාට දුම දාගෙන පාරේ ට්‍රැෆික් එක වැඩි කරගෙන කොට කොට යන රෝද හතරේ පොඩි ජිල්මාට් එකක්ය. ඔය ජිල්මාට් එක හොයා ගත්තේ ලංකාවේ ඩයල් එකක් බව දන්නෙත් සුළුතරවයක්ය. කවුරු කොහොම මොනවා කිව්වත් තාමත් ග්‍රාමීය ප්‍රදේශ වල ලක්ෂරි වෙහිකල් එක මේකය. එක වෙලාවකට බස් එකත් මේකය. ලොරියත් මේකය. ෆුල් එයාර් කන්ඩිෂන් කාර් එකත් මේකමය. 

අපේ පියතුමා බිම් මට්ටමේ සිට අඩියෙන් අඩිය දියුණු වූ අයෙක්ය. මං රජා ඉපදෙන්න ඉස්සෙල්ලා තිබ්බේ චූටි චැලියක්ය. රජා ඉපදෙනකොට 125 බෙන්ලියක්ය. ඔහොම වැඩටික කරගෙන යනකොට අර එදා ත්‍රීවීල් එක බල්ටිගහපු කොන්ක්‍රීට් වැඩපලේ වැඩපල වලට පොඩි වාහනයක අවශ්‍යාතාව දැඩිවම දැනුනි. දැන් වගේ ඩීමෝ බට්ටෝ, ලොක්කෝ ඤන් පචන් එකෙක්වත් ඒකාලේ හිටියේ නැත. ලොරි ගන්න සල්ලිත් තිබ්බේ නැති එකේ අඩුවට තිබ්බ එකම වාහනේ ලෑන්ඩ්මාස්ටර් එකය. 

ලෑන්ඩ්මාස්ටර් එක ගේන්නත් යනවා මට මතකය. සල්ලි සල්ලි කියලා බලන් නැතුව අරන් තිබ්බෙත් Si-Fang ලෑන්ඩ්මාස්ටරයක්ය. මං හිතන්නේ හොදම, බර අදිනම එක ඕකද කොහෙදය.   මොකද මම එතකොට දෙක හෝ තුන වසරෙය. දවසක් යනකොට ලෑන්ඩ්මාස්ටරේට ටේලරේ ගහන්නේය. ඕක දිහා කට ඇරගෙන බලන් ඉන්න ගිහින් ඇස් දෙකට ලී කුඩු යවාගෙන උඩ පැන පැන දිව්වා වගෙත් ලාවට මතකය. දැන් වැඩකරු වගේ ගත්තට මොකද මේක එලවන්න දන්න එකෙක් නැත. තාත්තා ඕක වැඩිය අල්ලන්න ගියෙත් නැත්තේ කවදාවත් එලවලා නැති නිසාමය. 

මාස්ටරේ ගෙදරට අරන් එන දවසේ වෙච්ච වැඩේ නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැත. මේ අටමගලේ එලෝගෙන ආවේ වැඩපොලේ වැඩකරන අයියෙක්ය. ඌටත් හරියට එලෝගන්න බැරිය. ඔහොම ඔහොම ලඩ ලඩ ලඩ ගගා එනකොට පොඩි කන්දක මුදුනට ඔන්න මෙන්න තියා ලෑන්ඩ්මාස්ටරේ හිටියේය. මමයි තාත්තයි කෝකටත් බැස්සෙමු. අයියාකාරයා නැවතත් ස්ටාර්ට් කලේය. ජවනිකාව පටන් ගත්තේ එතකොටය. 

එකපාරටම ලෑන්ඩ්මාස්ටරේ හොම්බ උඩ ගියේය. ඩක ඩක ඩක ඩක ගගා පාර හැමතැනම කැරකුනේය. අයියා කාරයත් දැන් බිමය. ඌ හැන්ඩ්ල් එකෙන් අල්ලගෙන ලෑන්ඩ්මාස්ටරේ පස්සෙන් දුවන්නේය. දැන් ඒකට ලෑන්ඩ්මාස්ටරේ කියන්න බැරිය. ඒක දැන් හෙලිකොප්පරේය. ෆුල් හින්දුස්ථාන් වෙච්ච මමයි තාත්තයි පාර අයිනට වෙලා කට ඇරගෙනය. කොහොම හරි මීටර් 100ක් විතර හොම්බ උඩට හරෝගෙන සිග් සැග් ගිය ලෑන්ඩ්මාස්ටරේ නැවත පොළවට සමාන්තර කරගෙන නවත්තාගන්නට අයියාකාරයා සමත් උනේය. තව පොඩ්ඩෙන් කිරි කිරි ලෑන්ඩ්මාස්ටරේ කුඩේ කුඩුය. 

පසුකාලීනම ඔය කියන අයියාකාරයම මේ පැත්තේ ඉන්න වේගවත්ම ලෑන්ඩ්මාස්ටර්කාරයා උනේය. ඌත් එක්ක එකෙක්ටවත් හැරෙන්නවත් බැරි උනේය. හූවයි බල්ටියක දුරින් ඌ මාස්ටරේ එලෝගෙන එනවානම් අපිට මෙහෙ ඉදන් ඌ එන බව කියන්න පුළුවන්ය. ඒ තරම් සද්දෙය.

වෙසක් එකට රට වටේ යන්න ලෑන්ඩ්මාස්ටරේ තරම් සෙට් වෙන වාහනයක් ලොවෙත් නැත. දුම කාගෙන, ටේලරේ උඩ ඔලුව වැදි වැදි, කකුල් දෙක පාරේ අතුල්ලගෙන, සින්දුවක් ගහගෙන යන එක තරම් ආතල් එකක් ලොවෙත් නැත. මේක කියෝන හුගක් අය ලෑන්ඩ්මාස්ටරේක ටුවර් එකක් ගිහින් නැති බව නම් ටක්කෙටම සුවර්ය. මොකද මේකෙ ඉන්නේ සල්පිලක් දැකපු නැති උන්නේ. ;)

ලෑන්ඩ්මාස්ටරේ ගැන කියනකොට තවත් නොකියාම බැරි චරිතයක් උනේය. නමුත් ඇය කාන්තාවකි. රජාගේ ප්‍රථම ලව් එක කිව්වත් වරදක් නැති තරම්ය. මන්ද මම ඇයට එතරම් ආදරය කලෙමි. ඇය නිවසට ගෙනආවේ ලෑන්ඩ්මාස්ටරේ ගේන්න සතියකට විතර කලින්ය. දවසක් අපි එයත් එක්ක වැඩපොළට ගියෙමු. එන්න එදා පටන් ලෑන්ඩ්මාස්ටරේ සද්දේ ඇහුනද ඇය ලෑන්ඩ්මාස්ටරේට ගොඩ උනේය. ඉස්සර අපේ මාලිගාව පැත්තේ අයට මේ දසුන එතරම් අමුත්තක් නොවුනේය. ඒත් දවසක් රජාගේ ඇස් ඉදිරිපිටම ලොරි රථයකට අසුවී ඇය අවසන් සුසුම හෙළුවාය. දෛවෝපගතව දැන් ඉන්න යාළුවාගේ කූඩුව තියෙන්නේ හරියටම ඇය වලදැමූ ස්ථානයේමය.

රජ සමග ලැසී :(

ප/ලි:

යුවරජා ඉපදෙන්න ඔන්න මෙන්න තියා මාස්ටරේ විකුණා දමන ලදී...

මේකෙත් අර අත්තගේ පරණ ලොරි  වල වගේ මගෙ නම ගහලා තිබ්බා. ඒ පොටෝවට වෙච්චි දෙයක් නෑ. කොහෙහරි මුල්ලකට වෙලා ඇති.

මේක ලියලා ඉවර උනාම මතක් උනේ අර ඇම්ඩා ලිව්ව ට්‍රැක්ටරයක් කතා කරයි කියන රචනාව... (දන්නවා නේ?) ^_^

දන්නේ නැති අයට,

ටීචර්: ලමයි හෙට ඔයාල එනකොට මොකක් හරි වාහනයක් කතා කරයි කියන මාතෘකාව යටතේ රචනාවක් ලියාගෙන එන්න ඕනි.

එක එක ලමයි විවිධ මාතෘකා ඔස්සේ රචනා ලියාගෙන ඇවිත් තිබුනා. බසයක් කතා කරයි, වෑන් එකක් කතා කරයි, ලොරියක් කතා කරයි කියන රචනා මාතෘකා අතරේ ඇම්ඩගෙ රචනාව දැක්ක ටීචර්ට ඇඩුනා.

රචනාව තිබුනෙ මෙහෙම



'ට්‍රැක්ටරයක් කතා කරයි '



ක්රීස්.....ස්ස්. චක් චක්...... 
බ්රුම් බ්රුම් බ්රුම්...ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් 

ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර

ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Monday, May 6, 2013

සීඩී සීට්ටුව



සාමාන්‍යයෙන් කොල්ලන්ට නව යෞවන විය පිස්සුව තද වෙන්නේ අට වසර අග භාගයේදීය. ඊට ප්‍රධානම හේතුවක් වන්නේ නමය වසර සෞඛ්‍ය පොතය. ඉස්සර නමය වසරට පොත් දෙනකන් ඉන්නේ පුදුමාකාර අසහනයකින්ය. හා හා පුරා පෙරලන පිටුව මම කියන්න අවශ්‍ය නැත. අපේ කාලයේ ඕනෑම කොල්ලෙක් එය දන්නේය. අනේ හැබෑටම ඒ කාලේ තිබ්බ මෝල...ඒ ගැන හිතන විට ඇති වෙන්නේ දුකක්ය. ඒ කාලේ තිබිච්ච මෝල කර වෙලා දුම කන් වලින් පවා පිට උනේය. හරියට අත්වැඩක් කරගන්නත් බැරිය. කරන්න පුළුවන්ය. නමුත් භාණ්ඩ හා සේවා ගාස්තු නැත. විදුලි කොටනවා පමණය.

නමය වසර අවසන අපේ පන්තියේ සෙට් එකකට මහ අමුතු පිස්සුවක් ගැහුවේය. ඒ සීට්ටුවක් දමන්නය. අනේ නොදකින්...මේක බාලිකා පාසලක්ද යකෝ? රජා කිහිපවිටක්ම අදාල පාර්ශවයන්ට ප්‍රශ්නය යොමු කලේය. සීට්ටුවට සහභාගිවන්නන් ගණන 5ය. එකෙක්ගෙන් 100ය. ඔක්කොම 500ය. සීට්ටුව දාන්නේ ගේම් සීඩී වලටය. රජා මේකට සහභාගී නොවුනේ මුදල් හිගතාවය නිසාමය.  

හිගතාවය කියන්නේ මෙහෙමය. ගෙදරින් දවසට රුපියල් 50ක් හෝ 100ක් දෙන්නේය. ඕක ඉවරවෙනකන් කැන්ටිමෙන් කෑම රජාගේ විනෝදාංශය විය. උදේ ගිය ගමන් රුපියල්  25ක පාන් බාගෙකට වග කිව්වේ නැත්තන් දවසම කුජීතය. ඒ කාලේ කැන්ටිම පිටිපස්සේ හෙන පත සල් ගහක් තිබ්බේය. ඒක ලග තියෙන මේසේ තරම් පොට් එකක් පාන් කන්න සෙට් වෙන්නේම නැත. පාන් එකට දෙන පරිප්පු හොද්ද ගැන කිව යුතුමය. හොද්දේ පරිප්පු ඇට සෙවීම අවුරුදු උත්සවේක තරගෙකට පංකාදුය. මන්ද හොද්ද බොර වෙනකන් පීනුවත් සමහර දවස්වලට ඇට හෙවීම නං කල නොහැකිය. 

සතියකට සැරයක් විතර හාල්මැස්සෝ හොද්දක් එන්නේය. හාල්මැස්සෝ නැතත් හොද්දට මාළු මිරිස් කෑල්ලක් නම් සෙට් වෙනවාමය. බාග වෙලාවට ඔය මාළු මිරිස් කෑල්ල අස්සේ ඉතා කුඩා හාල්මැස්සෙක් ඉන්නේය. අන්න එදවස එම හොද්ද අයිතිකාරයාගේ වාසනාවන්තම දවසය. නමුත් හාල්මැස්සාගේ අවසානයය. මන්ද ඒ හාල්මැස්සා කැන්ටිමේ එහා කෙලවරේ සිට මෙහා කෙලවර දක්වා වූ ජනී ජනයාගේ බඩ පුරවන නිසාය. බැරි වෙලා හෝ  හාල්මැස්සාට බඩේ අමාරුවක් තිබ්බේ නම් ඉස්කෝලේ කොල්ලෝ 15කට 20ක් සදා සොත්තිය.

ඉතුරු 25න් හවසට තෝසේ 3කට වග කියන්නේය. 100ක්  හම්බුන දවසට කිරිහලේ එළකිරි වීදුරු දෙක තුනකටත් බඩ හොදට ඉඩය. තෝසේ හොද්දට මොකුත් කිව නොහැකිය. මන්ද එය කන්න වෙන්නේ අංශු වශයෙන් නිසා රසක් කිව නොහැකිය. පිගාන කැන්ටිමෙන් ගන්නවා පමණක් පෙනෙන්නේය. තප්පර කීපයකින් පිගානත් නැත. කාපු උනුත් නැත. (පදුරු තැලීමකි)

ආ...සීට්ටුව දැන් මෙහෙමය...සීට්ටුවේ භාණ්ඩාගාරික සිටියේ රජාට අල්ලපු පුටුවේය. රජා සීට්ටුවට සහභාගි නොවුනේ හම්බෙන ගේම් ඔක්කොම රජා ලග තිබුණු නිසාවෙන්ය. V Cop, Delta Force, NFS Hot Pursuit ඒ කාලේ මේ ගේම් ගහලා නැත්තන් ඌ ලොවෙත් නැත. ගහපු එකා හෙන පොරය.


තුන්ඩු දාලා එහෙම දවසක් සීට්ටුව පටන් ගත්තේය. භාණ්ඩාගාරිකයාට ආවේ නොම්බර එකය. හහ්...රජත් දැන් වෙන්නේ මොකද්ද කියා බලාගෙනය. සතියකින් විතර අදාල සීඩී 5ක් මූට ලැබුනේය. ඉස්සර ගේම් සීඩී රුපියල් 100ට තිබ්බෙය. ඉන් කිරි කිරි දිලිසෙන සීඩී පහක්ම දැන් මූ අතේය. අඩෝ අපේ ගෙදර යන්ද කට්ටියම? යෝජනාව භාණ්ඩාගාරිකතුමාගෙන්ය. යක්කල පන්ති යනගමන් හය දෙනෙක්ගෙන් සමන්විත සෙට් එකක්ම මුගේ ගෙදරට කඩන්පාත් උනේය. ගෙදර උනුත් හොල්මන්ය.    

කට්ටියම දැන් මැෂින් එක වටේට ඉදගෙන සීඩී දදා බලන්නේය. ආ මචන්....ඕකේ එක සීඩී එකක තියෙන්නේ ෆිල්ම් හොදේ...ගෙනාපු එකා කීවේය. මොනවද දන්නෑ තියෙන්නේ? දන්නෑ බං...මං පැකින් කැඩුවෙවත් නෑ. ගෙනාපු ගේම් නම් ඔක්කොම වැඩය. අන්තිමට තියෙන්නේ ෆිල්ම් සීඩී එකය. ඒකත් චෙක් කරන්න දැම්මේය.

ආව් ආව්....මචන් ෆිල්ම් 5ක් තියෙනවා! 

සුපිරි ආ... දාහන් දාහන් මොනවද බලන්න.

දැන් එකින් එක ප්ලේ වෙන්නේය. පලවෙනි දෙක කාටූන්ය. තුන්වෙනි එක ප්ලේ කලේය. අහා....ආහ් ඌයි.... බෆල් වලින් මහා වේදනාත්මක ශබ්ද වගයක් පිටඋනේය. ඩෙල්ටා ෆෝස් ගගහා වෙලාවය. නිකන් සිරාවටම යුද්දේ ඉන්නවා වගේ දැනෙන්න සබ් වූෆර් සෙට් එක තිබ්බේ නහුතෙටම වැඩිකරලාය.

පුතේ...කවුද ඒ? මොකද්ද උනේ? ඒ අරූගේ අම්මාගේ කටහඩද කොහෙදය.

මැෂින් එක වටේ හිටපු එකෙක්වත් පේන්න නැත. එකෙක් පුටුවක් උඩ පොතක් දිග ඇරගෙනය. එකෙක් මොනිටරේ ඔෆ් කරන්නේය. අනිකා රී ස්ටාට් බටන් එක ඔබනවාය. තව එකෙක් කර්ටන් එකක් අස්සේ හැංගිලාය. රජා මේ සියල්ල දැක්කේ ගෙදරින් එළියට දුවන අවස්ථාවේය. මම කෙලින්ම නැවතුනේ ගේ ඉස්සරහා මාළු පොකුණ ලගය. නිකමට වගේ පොකුණට එබී සිටියෙමි.

ෂා....ලස්සන කාෆ්ලා ටික. මම නැවතත් ගෙට එන ගමන් කීවෙමි. නැන්දා ඒවෙන කොටත් මැෂින් එක ලගය.

ඒකේ කාෆ්ලා නෑ පුතේ. නැන්දා කීවේය.

ආ එහෙමද? මම සිවිලිම දෙස බලමින් කීවෙමි.

කවුද ඒ කෑගැහුවේ? නැන්දා භාණ්ඩාගාරිකාගෙන් ඇසුවාය.

නෑ අර අරූ කකුල වද්දගත්තා පුටු කකුලක. 

පුටුව උඩ පොතක් කියෝ කියෝ හිටපු එකාව මද්දට අහුකලේය. 

කෝ බලන්න පුතා... නැන්දා ඒ පැත්තට ඇදුනේය. 

ලොවෙත් සීන් එක අරූ නැන්දා එක්ක හිනා වෙන එකය. යකෝ කකුල වැදුනා. අපි පිටිපස්සේ ඉදන් අරූට රහසින් මෙන් කියන්නෙමු. කෙසේ හෝ නැන්දාගෙන් බේරී පාරට බැස්සේ පන්තියට ගොඩවෙන්නය. ඒ යන අතරමග පිටුපස කලාපයෙන් මෙවන් වදන් සමූහයක් ඇසුනේය.

මොකද්ද යකෝ ඒ දැම්මේ? වැලක් නේද? තව පොඩ්ඩෙන් මාට්ටු තොපේ අම්මට...

ඒ වැලක් නෙමේ බොල....ගෑණියෙක්ව රේප් කරන්න හදන සීන් එකක් ෆිල්ම් එකේ...

එහෙනං තෝ මොකටද මැෂින් එක වැහුවේ?

තොපි මොකටද පණ කඩන් දිව්වේ? මාවත් බය උනා උඹලා දිව්ව දිවිල්ලට.

එතකොට ඒක වැලක් නෙමේද? අම්මෝ...වෙලාවට නැත්තන් මගෙ අධිෂ්ඨානේ කැඩෙනවා!

හෑ...ඒ මොකද්ද?

ඒ ලෙවල් ලියලා ඉවර වෙනකන් වැල නොබැලීම...(මෙහෙම කියපු ඌ අද...? )

එකිනෙකා මුහුණ දෙස බලාගනිමින් පන්තියට ගොඩවැදුනි.

පසු කාලීනව සීට්ටුව නැගලම ගියේය. පන්තිභාර සර්ට මාට්ටු වී පස්දෙනා පන්තිය ඉදිරියේ පජාත වීම එකල ඉතාමත් ගුජුප්සාජනකම සංසිද්ධිය විය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, May 4, 2013

රහතුන් වැඩි රෑනගල (අප්‍රසිද්ධ රජමහා විහාර ගවේෂණය) - Renagala Temple

අප්‍රසිද්ධ රජමහා විහාර ගවේෂණය යටතේ අපේ මීලග නැවතුම උනේ අලංකාර වට පිටාවකට හිමිකම් කියන ගල්තලාවක් මත පිහිටි රෑනගල රජමහා විහාරයයි. 



ගමන් මාර්ගය

A6 පාර 
අලව්ව පොල්ගහවෙල අතර යාන්ගල්මෝදර හන්දියෙන් හැරී (මහමෙව්නාව ප්‍රධාන අසපු මාර්ගය) කිලෝමීටර් 8ක් පමණ ගමන්කරන්න. හමුවන හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් 1ක් ගියතැන,

A5 පාර 
ගිරිඋල්ල නාරම්මල අතර දම්පෑලැස්ස හන්දියෙන් හැරී කිලෝමීටර් 4ක් පමණ ගොස් රෑනගල හන්දියෙන් වමට හැරී කිලෝමීටරයක් ගිය තැන,

කුරුණෑගල පොතුහැර හරහා වදාකඩට පැමිණ එතැන් සිට කිලෝමීටර් 2ක් පමණ ගිය තැන රෑනගල රජමහා විහාරය හමුවේ.





රෑනගල පිහිටා ඇත්තේ පැරණි රජ මාර්ගයක සුප්‍රසිද්ධ සන්ධිස්ථානයකය. සිරිවර්ධනපුරයට, අනුරාධපුරයට, කුරුණෑගලට හා කන්ද උඩරටට විහිදි මාර්ග මේ අසලින් වැටී ඇත. කෝට්ටේ 4වන පැරකුම්බා රජ දවස යාපා පටුන ජය ගැනීම සදහා සපුමල් කුමාරයා ගියේද මේ රෑනගල අසල මාර්ගයේ බව වංශකතාවල සදහන්ය. එහි යන අතර රෑනගල විහාරයද වැද අතරමග තිබූ මුගුනු ගසකට දුන් කඩු පහරක් මෑතක් වන තුරුම වදාකඩ පාරේ “සරක්කුව“ නම් ස්ථානයක දක්නට ලැබුණි. 

මෙම විහාරයට රෑනගල යන නම යෙදෙන්නට හේතු වූ කාරණය නම් විහාරයේ බෝධීන් වහන්සේ අසල සිට චෛත්‍යය දක්වා ගල් තලාවේ පිහිටි සුදු පැහැති රෑනක් බදු ලකුණක්ය. මේ ගල්රෑන උසින් අගල් දෙක තුනක් වේ. 

ගල මුදුනේ දාගැබට යාබදව ගලෙහි සැදි ලිදකි. එය නිධන් වලක් ලෙස සැලකේ. ගල් ලිදෙහි බිත්ති මනාව කපරාරු කල බිත්තියක මෙන් ඔපමට්ටම්ය. එහි ඇතුළු තැනක බ්‍රාහ්මීය අක්ෂරද ඇති බව කියැවේ. මෙය පුරාවිද්‍යා අධ්‍යයනයකට යොමු කලහොත් තවත් විස්තර අනාවරණය වනු ඒකාන්තය. මෙම නිධන් වලෙහි වස්තුව කවර කාලයක කවරෙකු විසින් ගත්තා දැයි සදහන් කිරීම අපහසුය. 



දිවයිනේ බොහෝ පෙදෙස් වල “අත්තාපලේ“ ගැසීම නම් ක්‍රීඩාවකි. එහි ප්‍රකට කවියක් වන්නේ,

අත්තාපල් මුත්තාපල්
රෑනගලේ ගල කෙටුවත් මා නම් අල්ලන්න බැරුවාමයි බැරුවාමයි..

මේ අතර ජන කවි වල පවා රෑනගල ගැන සදහන්ය. 

රෑන පිට රෑන වන මල් පිපෙන්නයි
රෑන රෑන ගොක් රෑනෙන් සැදෙන්නයි
රෑන කෙටූ ගල ඉහලට නගින්නයි
රෑන ගලේ ගල් දාගැබ වදින්නයි

වළගම්බා රජ සමයේ මාතලේ අළු විහාරයේදී බුද්ධ ධර්මය තල්කොල පත් වල ලිවීම ඇරඹුණි. මේ සදහා තල් කොල ලබාගෙන ඇත්තේ රෑනගලට නුදුරින් වූ “ගල්තරේ“ නම් තල් උයනෙන්ය. ඉන් ලබාගත් තල් කොල රෑනගලදී තම්බා පදම් කරගෙන ඒවා පිරිත් කොට අළු විහාරය දක්වා පෙරහැරින් වඩම්මාගෙන ගිය බව කියැවේ.

දඹදෙණියේ දෙවනි පැරකුම් නමින් රජ වූ කුමාරයා කළුන්දාවේ ගම ගෙදර තරුණීයට පෙම් බැද රෑනගල දෙවොලට පූජාවක් ඔප්පු කර ඇත. විවිධ අරමුණු ඉෂ්ඨ කරගැනීම සදහා අදද මෙම දොවොල මහත් ප්‍රසිද්ධියක් උසුලයි. 

රෑනගල වෙහෙර වන්දනාවට අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා අහසින් වැඩ ගල උඩ සිටින විට මුළු පර්වතයම ඈතට කසාවතක් සේ දිස්වූ බව සදහන්ය. රෑනගල ගල් පර්වතය පාමුල ඇති බෝධියද ඉපැරණිය. මහා වංශයේ සදහන් පරිදි දේවානම්පියතිස්ස රජතුමාගේ ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා සිටවීමේ වැඩ පිළිවෙල යටතේ මෙය රෝපණය කර ඇත. 



රෑනගල ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය, දඹදෙණි පැරකුම්භා, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් කල බව ඉතිහාසයේ සදහන්ය. දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩම කල පසු රෑනගලට අයත් ගම්වල දායක වරුන්ගෙන් දළදා වහන්සේට පුද සත්කාර ලැබී ඇත. රෑනගල විහාරය අසල පිහිටි පැරණි අම්බලමද එම මාර්ගයේ පෞරාණිකත්වය මනාව පිළිබිඹු කරයි.  විහාරයට නුදුරින් වූ “සරක්කුව“ නම් ස්ථානයේ පැරණි නටඹුන් ගොඩනැගිල්ලකි. එය යුධ සංවිධානය කිරීම සදහා රජු විසින් යොදාගත් සංචාරක මාලිගාවක් යන්න පුරාවිද්‍යා  මතයයි. 

පැරණි චෛත්‍යයේ නටඹුන් පාදක කරගනිමින් නව චෛත්‍යය ඉදිකර ඇත. අතීතයේ අවස්ථා ගණනාවකදී මින් බුදුරැස් විහිදුනු බව පැවසේ. දාගැබේ කොත් වහන්සේ කිහිප වරක්ම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වුවද එයට හානියක් කිරීමට නොහැකි වීම ආශ්චර්ය්‍යයකි.


මීට අවුරුදු දෙතුන්සීයකට පෙර මෙහි දැවපිට විහාරයක් තිබූ බව පැවසේ. දැන් එය අභාවයට ගොස්ය. තවද ගල මත ශෛලමය විහාරයක් තිබූ බවද පැවසේ. රෑනගල පර්වතය මත දැනට ඇති විහාරයට අමතරව ගල යට තවත් විහාරයක් ඇති බව කියවේ. එය ගල යට විහාරය නම් වේ. නමුත් ඊට පිවිසෙන මාර්ගය වැසී ඇති නිසා එය අද දැකගත නොහැක. 








විශේෂ ස්තූතිය - බුද්ධික සිරිවර්ධන සොයුරාට

විස්තර ලබාගැනීම - රෑනගල පිළිබද ලියවුනු පොත් පිංචකිනි (ඓතිහාසික රෑනගල රජමහා විහාර වර්ණනාව - එව්. එම් සිරිවර්ධන)


අප්‍රසිද්ධ රජමහා විහාර වන්දනාව

1) ගිරිගුහාරාමය - Giriguharamaya


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, May 2, 2013

බූරුවාගේ වෘෂණ අල්ලා වෙලාව කීම - ලාවට 18+


එකමත් එක රටක (ලංකාවේ නෙමේ) ස්මිත් නමින් ගොවියෙක් සිටියේය.  මිනිහා තමන්ගේ රැකියාව ලෙස කලේ ගොවිපලක් පවත්වාගෙන යෑමය. ස්මිත්ට බූරුවෙක් හිටියේය. බොහෝ වෙලාවට බූරුවා සමග කාලය ගත කිරීම ස්මිත්ගේ පුරුද්දක් විය. එක දිනක් ඔවුන් දෙදෙනා සිටින තැනින් අමුත්තෙක් ගමට ආවේය. ඔහුගේ ඔරලෝසුවේ වෙලාව වැරදිය. ඔහු ස්මිත්ගෙන් වෙලාව ඇසුවේය. 

අමුත්තා: ඒ...මේ මෙයා...දැන් වෙලාව කීයද? 

අමුත්තා දෙස බැලූ ස්මිත් බූරුවාගේ වෘෂණ ඇල්ලුවේය. 

ස්මිත්: වෙලාව 10.10යි.

දුටු දෙයින් මඤ්ඤන් වී ගිය අමුත්තා සුවර්ම දැයි ඇසුවේය. නැවතත් වෘෂණ ඇල්ලූ ස්මිත් ඔව් යයි පැවසුවේය.  අමුත්තා තම ඔරලෝසුවේ වෙලාවත් හදාගෙන ස්මිත්ට ස්තූති කරමින් නැවත ගමන ඇරඹුවේය. 

පසුදින ආපසු පැමිණෙන අමුත්තා ස්මිත්ගෙන් නැවත වෙලාව ඇහුවේ මොහු හරියටම වෙලාව කියන්නේ කොහොමද කියා දැනගැනීමටය. 

අමුත්තා: දැන් වෙලාව කීයද?

ස්මිත්: අදත්.... ම්ම්හ්...

නැවතත් බූරුවාගේ වෘෂණ ඇල්ලූ ඔහු වෙලාව කීවේය.

අමුත්තා: ඒ හරියට හරි...මාරයි...ඔයා කොහොමද බූරුවගෙ වෘෂණෙ අල්ලල හරියටම වෙලාව කියන්නේ?

මද සිනහවක් නැගූ ස්මිත් මෙහෙම පැවසුවේය. 

ස්මිත්: මේ බූරුවා ඉන්න තැනට පිටිපස්සෙන් ඈතට වෙන්න ගමේ ඔරලෝසු කණුව පේනවා. මුගේ වෘෂණ වලට ඒක වැහිලා. පොඩ්ඩක් උස්සපුවාම ඒක පේනවා. 

ඒක අහපු අමුත්තට එතන ඇඩුනා පින්වතුනි....!


ප/ලි: 
රාජ අවවාදය

පිටින් පෙනෙන දෙය විශ්වාස නොකරන්න.

අඩවි වැසියන් වෙනුවෙන්ම සිද්ධිය අලලා පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් කලා. ඔන්න බලනවානම්,

video


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!