Thursday, January 31, 2013

එන්න එන්න!!!! තව ගහගම්මු!!! - මඩ පොටෝ Season 2

Season 1 -  ගෙට්ටුවේ කැතම කැත කතා කරන පොටෝ!!!

 


 
 
 





  සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, January 30, 2013

ගෙට්ටුවේ කැතම කැත කතා කරන පොටෝ!!! - Live & Exclusive

සාමාන්‍යයෙන් සෑම ගෙට් එකකටම පසු මෙවැනි කතා කරන පොටෝ පොස්ටු එලි දැක්වෙන්නේය.  මෙවර එය කරන්න එකෙක් නැත. ඒ හේතුවෙන් මං රජා සුවෙච්චාවෙන්ම ඒ රාජකාරිය බාරගත්තෙමි. ඔන්න පොටෝ නම් නහුතෙට ඇත. එව්වා කතා කරලත් ඇත. හැබැයි තරහ වෙන්න ඔට්ටු නෑ ඔන්න ආආආ...... :)



















 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


Monday, January 28, 2013

මේ පොටෝ කා ළගවත් නැත!!! - බ්ලොග් ගෙට්ටුව 2013


පුතේ! නංගි පිටේ ඩබල් දාලා යන්න එපා. දැඩි අවවාද මැද මම ගෙදරින් එලි බැස්සෙමි. විල්වත්තෙන් ගවේෂකයව පටවා ගත යුතුව තිබුණි. මම 7.30 වෙද්දී එතනය. එත් මූ තාම නැත. මූණ හෝදන්න ගත්තෙත්  මම පසුය. පැය ගානක් අව්වේ හිඳීමෙන් අනතුරුවද මට ව කැන්ඳන් ඒමට උගේ ගේ ළඟටම යන්නට විය. යන පාරේ මැද සිටි කෙල්ලෙක් රජාට සමච්චලේට හිනා උනාය. මම කෝකටත් කලිසමේ සිප් එකවත් රිලද බැලුවේ මමත් හදිස්සියට වගේ ගෙදරින් පැන්න නිසාවෙන්ය. 

මීරිගම, මල්ලැහැව, වේයන්ගොඩ, කලගෙඩිහේන හරහා වූ කැලෑ පාරෙන් අපි ගම්පහට සේන්දු උනෙමු. මගදී ගවේශකයා ගෙනා කිරිත්ද කා මල් වත්ත ලඟට ගියෙමු. අප්පා ගේට්ටුව ළඟ හද්ද පෝලිමය. මමත් අස්සෙන් නංගියාව එබුවෙමි. එතනත් එක්තරා සාටර් සිද්දි දාමයක් සිදු වූ බව එතන සිටි උන් දැක්කේය.

කට්ටිය මල් වත්ත ඇතුලට එනකන් අපි පුටාර් වල ඇතුලට ගියෙමු. එතකොටම වගේ කහ කුරුල්ලා වගේ සිරා අයියාත් සම්ප්‍රාප්ත විය. සිරා මට කලින් නංගිව හදුනා ගෙන ඇත. කොහෙද ඉතින් එකම ඉස්කෝලේ කොල්ලොනේ. හදන්න බෑ.... ඇහැ යන්නෙම  කාන්තා පාර්ශවේටමය.

ඉස්සෙල්ලාම කට්ටියම එක්ක මල්වත්ත වටේ රවුමක් ගියෙමු. ලංකාවේ ප්‍රථම රබර් ගස ලග නැවතුනෙමු. සිරා අයියා ගහේ මුල උඩ හිටගෙන රබර් නයි ඇරියේය. බෝඩ් එකේ තිබ්බ ඒවා බලාගෙන එයා හොයාගත්තා වගේ කිව්වේය. මේ අතර රත්ගමයා සහ සිහින මදාරා අතර කතාවකි.

මදාරා අක්කා - මේ ඔයාගේ උස කීයද?

රත්තා - අඩි 6යි... ඇයි?

මදාරා අක්කා  - නෑ.... මම මේ බැලුවේ මමයි දිනේෂ් අයියයිත් මේ වගේ ඉදීද කියලා.... එයත් අඩි 6 ගානක් උසයිනේ.... :)

බොක්කෙන්ම ආ සිනහව පිටවීමට පෙර මම වහාම ඒ දර්ශන පතයෙන් ඉවත් උනෙමි. මන්ද ඒ හිනාව පැන්නේ නම් මුළු ගම්පහම හෙල්ලෙන එක ටක්කෙටම සුවර්ය.

අඩෝ තිබ්බ මැච් එකනම් පංකාදු පහය. බැට්ස්මන්ලා 2යි ෆිල්ර්සලා 22යි. හප්පේ ඇඩෙනවා!!! බොලේ වැටෙන්නවත් තැනක් නැත. හැබැයි ඉතින් නාඩියා, නිශාන් වගේ කැච් පෝලිමට ත අරින සුපිරි පන්දු රකින්නෝ හිටපු හෙයින් මැච් එක නැගලම ගියේය. රජා සමග ගවේෂක ලකුණු 0ක් රැස් කළේය. ඉන්පසුව තව කණ්ඩායම් දෙකක් සෙල්ලම් කලද රජා පන්දු රැක්කේ ලෝන්ග් ඕන් කලාපයේ හෙවනක වූ බංකුවක් මතය. නිදහසේ ඉදගෙනවත් ඉන්න නොදුන් සිරා අර මුළු මල් වත්තටම ඇහෙන්න මම කපල් පොටෝ ගානවා යයි හෙන හයියෙන් කිවේ මාව කුජිත කිරීමට බව ඉහල ආරංචි මාර්ග රජා සමග පැවසුවේය.


මේ අතර වෙඩික්කාරය සැමාගේ සපත්තු දෙක ගල් කරලාය. සැමා නාහෙන් අඩන්නේය. රජා දුවගෙන ගොස් අයිස් අක්කා හමු උනේය. අක්කේ සැමාගේ සපත්තු දෙක නැතිවෙලා හොයා දුන්නු කෙනෙකුට තෑගි දෙනවා කියන්න. අයිසා වැඩේ ලෙසටම දුන්නාය. රජා සමග වෙඩ්ඩා කැන්ටිමට ගොස් හිස් බිස්කට් පෙට්ටියක් න්න ආවෝය. සපත්තු දෙක හංගපු තැන තක නැතුව එක හොයන්න හෙන ගේමක් දෙන්නට විය. පසුව අර ගෙමැද්දේ වූ පෙට්ටියෙන් සපත්තු දෙක අරන් ප්‍රසිද්දියේ දාගත් සැමා වැඩකරු වගේ එහෙ මෙහෙ යමින් උන්නේය.


Photo Coming Soon!!! 

මැච් එකේ අවසන් තරගයට පෙර කට්ටිය නමන්න සුදානම්ව සිටියෝය. සමහරු නමින් සිටියෝය. මේ අතර කවුදෝ එකෙක් පැමිණ රජාව බදා ගත්තේය. අම්මටසිරි අටමා!!!! මූට ලෙසටම වැදිලාය. මාව බදාගෙන එක එක ඒවා කියන්නේය. සැමාගේ කාර් එක වටේ සිටි ඔක්කොම කට්ටිය සිද්දිය බලාගෙනය.

අටං - අඩෝ උ ලියන විදිහ හරි රහයි බං

රජා - එහෙමද? :)

අටං  - ඔව් බං. මට හරි ස හිතෙනවා.... උ මෙන්ට් දාන විදිහත් මරු බං. හෙන හුරතල් බං...  ඒ ලියන විදිහට මට කොල්ලෝ ගහන්න හිතෙනවා... නේද නලින් අයියා!

ඒ වචන දෙක තුන ඇහුන ගමන්ම වටේ පිටේ හිටපු උන් ඔක්කොම අටමා ළඟින් අඩි 2, 3ක් පස්ස ගියේ මෙන්න මූ කොල්ලෝ ගහනවලු කියා කෑගසමින්ය.



සුමිත් අයියා ශක්ති කට බොමින්
අටමා - ඒ මල්ලි උ පොටෝ වලට හෙන ලස්සනයි එත් දැන් හෙන කැතයිනේ බං.

රජා - ශේහ් ඔහොමත් කියනවද බං මුටම. මම මූණ ඇඹුල් කරමින් කීවෙමි

රජා සමග වෙඩ්ඩා සැන්ඩි ගෙන්න හන්දියට එන්න ආවේය. සික්කා අක්කට කියා අපි එලියට ආවෙමු.

රජා - අපි පොඩ්ඩක් එලියට යනවා. ඉක්මනට එනවා.

සික්ක අක්කා - අනේ පුතේ මට යෝගට් එකක් ගෙනත් දෙන්න.
ඇය රුපියල් 30 දුන්නාය. 

හප්පුච්චියෝ!!! අක්කා කිව්වටත් පාඩුය. මෙන්න මෙයා මට පුතේලුය. සැන්ඩි ගත් කඩේ යෝගට් නොවුයෙන් ඒවා සොයා ඇවිදින්නටද අපිට සිදු විය.

ඊලග පට්ටම සීන් එක ගීතයෙන් ගීතය තරගයය. පොඩි සැමගේ සින්දු ටිකනම් ලොවෙත් නැතිය  සින්දුවට වඩා රගපෑම උපරිමය.  උමා අක්කගේත් ගායන හැකියවනම් උපරිමය. කියන්න වදන් නැත්තේය. කෙසේ හෝ සැමා තරගය ජය ගත්තේය. මෙන්න සැමා තෑගි ලබන්න යන්නේය. උමා අක්කගෙන් තෑග්ග ලබද්දී සැමගේ මූනේ වූ සිරියාව මට තාම මතකය. සැමා හැම විටම සිටියේ පොඩ්ඩක් අක්කා පැත්තට බර වෙලාමය. ඒ ඇයි කියා කියන්න දන්නේ නම් ම පමණය.  

සැමාගේ ගරු රගපෑම
සින්දු කියා අවසානයේ රජා පොඩ්ඩක් පුටාර් එක පැත්තට ආවේය. මට සසර කලකිරුනි. අනිත්‍ය බව කෙමෙන් වැටහුණි. මගේ බොක්ක! අටමා! අනේ මගේ සුදා! බිම ඉඳගෙනම බත් කන්නේය. මගේ හිත උණු වී බිම වැටුණු හෙයින් අටමගේ ඔලුවද අතගා ඉස්සරහ පැත්තට ආවෙමි.

පවු බං මූ!!!
ටික වෙලාවකට පසු

අඩේ අප්පා මෙන්න ටමා සමුගැනීමේ ගීතය ගයන්නේය. පොරට හෙන අවුලක්ය. අන්තිම මොහොතේ කෙල්ලෝ ටික නැත. හිටියේ ශම්මියා පමණය. අටමා ශම්මියාව අල්ලාගත්තේය.

අටං  - නංඟි උ උඹේ  නම මොකද්ද? ආ!!! ශම්මි මට උ ගැන ආඩම්බරයි මට පේනවා හැමදාම මුණු පොතේ. මම උබේ බ්ලොග් එකේ කොමෙන්ට් කරලා නෑ එත් මම හැමදාම එනවා. මට ඩම්බරයි නංඟි

ශම්මි - අයියෝ!!! අපේ තාත්තා ඉන්නවා.
අහල පහල ඉන්න අයට විතරක් ඇහෙන්න ශම්මියා ඇස දෙක ලොකු කරමින්, වට පිට බලමින් කෙදිරි ගෑවේය. 

වෙලාවට වගේ පැත්තක සිටි රජාටත් ඕක ඇසුණේය. සැමා හිටියේ මට එහා පැත්තේය.

රජා - අඩෝ අර ශම්මියගේ තාත්ත ඉන්නවලු. අරෑට ඕක නවත්තන්න කියහන්.

සෑමා - අම්මට උඩු එහෙමද?

කෙසේ හෝ මයික් එක උදුරා ගැනීම හේතුවෙන් ශම්මියගේ චරිතය ඝාතනය වීම නැවතුණි තව පොඩ්ඩෙන් බඩු බනිස්ය.

යෙත් යන්න හදද්දී අටමා මාව අල්ල ගත්තේය. ඒ පාරනම් මම හිතුවේ රජා දෙකට කැවී කියාය. ඒ තරමට මාව දාගෙන සිටියේය.

මාව දෙකඩ වෙයි අටමෝ!
අටං - උ ඉංජිනේරුවා උනාට කමක් නෑ. බාස්ලට පාට් දාලා අහුවෙන්න එපා. එහෙම උනොත් මේ මේ මම ඉන්නවා හරිය?

රජා - හරි හරි... :) 


පලවෙනි වතාවට හමුවුන උන් එක්ක ගෙවුණු සුන්දර දවසක් එසේ නිමාවට පත්විය. සමහරු අපිට මගසන්න බලාගෙන ඇත්තේය. බ්ලොග් එකේ ලියන තරම් කුප්ප නෑ කියලාය. මම කොහොමත් ජනතාව ඉදිරියේ සම්භාව්‍ය ලෙස හැසිරෙන්නේය. යේ උනෙත් ඕකමය. දැන් බලහල්ලා අන්න ගෑණු ළමයි මට ඇවිත් හිටපු අහිංසකම ලමයාලු! 

එකම ඉස්කෝලේ බ්ලොග්කරුවෝ
(සිරා, පවනි, සුපුන්, වෙඩික්කාරයා, රජා)

ප/ලි:

* ෂෙහ්!!! කතා කරන්නම ඕනේ කියලා හිතාගෙන හිටපු ගෑණු ළමෙක් එක්ක හරියට කතාකරන්න බැරි උනානේ... :(

** දිනේෂයයි, මදාරා අක්කයි මාව දෙවෙනි මනමාලයට ගන්නෑලු. උස මදි කියලා... :)



 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Saturday, January 26, 2013

අප්පුහාමිට සූස් නෑ!!! අපිට විතරයි සූස්!!!



මාස තුනේ ට්‍රේනින් පිරියඩ් එක නිමවා අපි සයිට් එකෙන් සමු ගැනීමේ දිනය උදා වී තිබුණි. උදේ පාන්දරම සයිට් ගත වූ අපි හැන්දෑවේ හතර වෙනකන් 24වෙනි තට්ටුවේ ඉඳන් බිම් මහල දක්වාම වූ සියලුම හිතවත් බාසුන්නැහෙලා හමුවෙමින් ඔවුනට අපි යන බව සැල කරමින් දවස ගෙවා දැමුවෙමු. 

අද අයින් වෙනවා කියලා කිව්වම, වැඩකරන උන් ඇස් උඩ දාගෙන ඇයි මහත්තයා යන්නේ කියලා අහ අහ ෆෝන් නොම්බර ඉල්ලද්දි සයිට් එක දාලා එන්න හිතුනෙම නැත. ඔච්චර පඩි ටෝක් දෙන චමිල් විමුක්තිටත් සයිට් එකේදි ඇඩුනේ ඒකය.... සයිට් එකේ ගබඩාවට ගොස් අපි ලබාගත් සියලුම බඩු බාර දුන්නෙමු. එයින් ලබා ගත් ලියුමද රැගෙන ප්‍රොජෙක්ට් මැනේජර්තුමා හමුවීමට ගියෙමු. එතුමා අපිව   හෙන කතාවකට අල්ලා ගත්තේය 

දැන් මොනවද කට්ටිය ඉගෙන ගත්තේ?

සැහෙන දෙයක් ඉගෙන ගත්ත සර් 

ඒ කියන්නේ?

අපි සද්ද නැත.

දැන් උඹලා බැනුම් අහන්න ඉගෙන ගත්තද?

ඔව් සර්. අපි හිනා මුසු මුහුණෙන් පැවසුවෙමු මක් නිසාද යත් ඒ වන විට අපි එක එකාගෙන් කතා අසා තිබුනෙමු. 

උඹලා ඕව ගණන් ගන්න එපා. එකත් ට්‍රේනින් එකේ කොටසක් තමයි. අපි බැනුම් ඇහුවේ ඔහොම නෙමේ. දැන් උඹලා ඇයි බැනුම් අහලා බිල්ඩිමෙන් බිමට පැන්නේ නැත්තේ? නැත්තන් බෙල්ලේ වැල දා ගත්තේ නැත්තේ?

මේ කියවන්නේ මොනාද? අපිට පුල් හොල්මන්ය 

සර්තුමා ලැපේ බල බල සිටි ගොසිප් ලංකා ටැබ් එක ඕපන් කළේය.

මේ බලහල්ලා අම්මා බැනීම හේතුවෙන් දුව බේල්ලේ වැල දා ගනී. අපරාදේ බං උඹලටත් දා ගන්න තිබ්බේ සර් හිනා වෙමින් කිවේය. උඹල හිතන්න එපා “අප්පුහාමිලට සුස් නෑ අපිට විතරයි සුස් කියලා“ ඒකට තමා ට්‍රේනින් එක කියලා කියන්නේ හැම දේම පුරුදු වෙන්න ඕනේ

අපි හතර දෙනාගේ මුණු අමුතු වූ බව එතුමාට පෙනෙන්නට ඇත. 

කට්ටිය ඒ කතාව දන්නේ නැද්ද?

නැනේ 

සර්තුමා ඔපීසියේ උන්ගෙනුත් අහන්නේය දන්න එකෙක්වත් නැත

උඹලා මොනවද බං දන්නේ?  එතුමා කතාව කියන්නට පටන් ගත්තේය
කතාව අවසන අපි ඔපීසියේ  තේ හදන කොලුවට පවා කතා කර ඇඩෙන සිතින් එලියට ආවෙමු. 

බෞද්ධ මිනිස්සු වාහනවල යද්දි පන්සල් ළගදි පොඩ්ඩක් නැගිටින්නේය! ක්‍රිස්තියානි අය පල්ලි ලගදි නැගිටින්නේය! හින්දු අයත් එහෙම කරනවා මම දැක ඇත! ඒ වගේම Hyatt Regency - Colombo එක ළගදි පොඩ්ඩක් නැගිටින්න තීරණය කලේ මගේ වෘත්තීය ජීවිතේ ආරම්භ කරන්න උදව් කරපු පළවෙනි ගොඩනැගිල්ල හින්දාය!!! :)

අතුරු කතාව 

අප්පුහාමිට සුස් නෑ අපිට විතරයි සුස්!!! 

ඔන්න ගමේ අප්පුහාමියි එයාගේ යාලු මුස්ලිම් යාලුවෙකුයි ගමේ ලියද්දක් දිගේ ඇවිදගෙන යනවලු. ඔහොම යනකොට එක පාරටම පාර හරහා තලගොයෙක් පැන්නලු. අප්පුහාමිත් මස් කන්න පෙරේතයා හින්දා පැනපු ගමන් තලගොයා අල්ලගත්තලු. මුස්ලිම් යාලුවත් එක්ක පොඩි අඩියකුත් දාලා  එහෙම බයිට් එකට තලගොයාව ගත්තලු. මුස්ලිම් පොරටත් හෙන ආස හිතුනලු මස් ටිකට. දවසක් මේ පොර පාර දිගේ ඇවිදගෙන යනකොට  කලින් දා මරන් කෑවා වගේ එකෙක් දිව්වලු. මිනිහ ලගට ගිහින් ඌව අල්ලන්න හදනකොටම මු සුස් ගානවලු. ආයේ ටිකක් ලගට යනකොට  මූ සුස් ගානවලු. මේක බලන් හිටපු මුස්ලිමයා යකෝ මූත් අප්පුහාමිට සුස් නෑ අපිට විතරයි සුස් කිව්වලු.

පස්සේ බලද්දී අරෑ තලගොයා කියලා අල්ලන්න ගිහින් තියෙන්නේ කබරගොයෙක්ලු. :)

අඩෝ මේ මේ කතාව දන්නවනම් කට වහන් හිටපන් මාව මරන් කන්නේ නැතුව ඈ!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

Monday, January 21, 2013

ආ එන්න....කට්ටිය පෝලිමේ එන්න!!!


රට වටේ සිටි මා මිතුරු කැල හඩවමින් ලියවුනු ඇති උත්කෘෂ්ට වූත් තනි ඇහැට ඇඩෙන්නා වූත් රමණීය බූට් කතාවක් සමග කරලියට පැමිණි තහනම් අඩවිය පටන් ගෙන අදට වසරකි. 

ඒ වන විට බ්ලොග් අවකාශය බදු අරන් සිටි සෙට් එක අඩවි රජා නම් පොඩි එකා හදුනා ගත්තේ සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රථම වරට දිගහැරුන චිත්‍ර කතා මාලාවත් සමගය. ඉන් නොනැවතුනු මොහු තෑගි දෙනවා යයි පවසමින් අරම්භ කල තෑගි තරගයටද පාඨක ජනයා උඩ දාගෙන උත්තර හෙව්වෝය. සිරාවටම තෑග්ග දෙන්න හදද්දී ජයග්‍රාහිකාව අතුරුදන්ය (බෝවිටියා මල් දම්මි) 

අනිත් උන් කොමෙන්ටුවට පස්සේ ජය!!! කියලා ගහද්දි රජා හෙනම ලයින් එකක් දැම්මේය. සුභ වේවා රාජ සම්පත් ලැබේවා. මේක ලියද්දි වෙලාවකට මටම හිනා යන්නේය. අවුලක් නැත. හැමතිස්සෙම හිනා වෙලා ඉන්න එක ඇගට ගුණය.

හුදෙක් තහනම් අඩවිය කියවන්නට එන උන් බලාපොරොත්තු වෙන්නේ සිගිති ආතල් එකක් මිස මතවාද ගොඩනැගීමක් නොවන බව ඕනෙම වසු පැටියෙකුට වැටහෙන කරුණක්ය. නමුත් ඇතැම් උන් රජාට මඩ ගැසුවේය. නමුත් ඌ සැලුනේ නැත. සැලෙන්නේත් නැත. සලන්නත් බැරිය. කොච්චර බැන්නත් මොනවා කිව්වත් මම කරන්නේ මට ඕනේ දෙය පමණය. 
එච්චරයි!

පෝලිමේ එන්න කිව්වේ වෙන දෙකට නෙමේ. මට සුභ පතලා යමන් කියන්න. :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Tuesday, January 15, 2013

කොට්ටෙන් පයින්න බැරුව කොහෙද ඕයි කන්දෙන් පයින්නේ???


අපේ සයිට් එකේ වැඩකරන උන්ට නිවාඩුව හම්බෙන්නේ පඩියෙන් පස්සෙය. ඒකට කියන්නේ ෂට් ඩවුන් එක කියාය. මුළු සයිට් එකේම උන් ගෙවල් දොරවල් බලා යන්නේය. ගෙයක් නැති අපි වගේ උන් විතරක් සේවයට වාර්තා කරන්නේය. කම්බි වැඩ බලන්න මහත්තුරු හෙන සෙට්  එකක් හිටියත් අද හිටියේ 3 දෙනාය. ඒ මං රජත් සමගය. අපිට පැවරී තිබුණු රාජකාරිය නම් ලිෆ්ට් එකේ බිත්ති වලට අවශ්‍යකරන කම්බි කුඩු හා කොලම් ටික 11,12,15 තට්ටු වල සිට 23 වන තට්ටුවට ගැනීමය. අපි තුන්දෙනාගෙන් දෙන්නෙක් උඩ ඉද්දි රජා වෝල් ටික එවන්න ක්‍රේන් එකේ හෙල්පර් කොලුවා සමග පහලට ගියෙමි. එක වෝල් එකක් යැව්වේය. අනිකත් යවන්න හදද්දී උඩ ඉන්න දෙන්නා ක්‍රේන් එක වෝල් එක තියන්න අරගෙනය. ආපහු ඒක එනකන් එහෙට මෙහෙට කැරකි කැරකි සිටියෙමු. එතකොටම වගේ අපේ සහෘද වැලයා අපි ඉන්න තට්ටුවට ආවේය. 

වැලයා : මොකද යකෝ මෙතන කරන්නේ?

රජා: වෝල් ටික යවන්න ආවා බං 

මූ දැන් අපිත් එක්ක කතාවය. අපේ සාකච්චාවට ක්‍රේන් එකේ හෙල්පර් කොලුවත් සප් එක දෙන්නේය.

වැලයා : අඩෝ... ඔන්න අද චාන්ස් එක. නැගපන් ක්‍රේන් එකට. මම නැග්ග ගිය ශට් ඩවුන් එකේ. පට්ට යකෝ!! මුළු කොලඹම පේනවා...

රජා : අඩෝ බයයි බං.... බලකො අර පඩිපෙලේ යන්නේ කෝමද කියලා....

කොලුවා : යන්න මහත්තයා.... ගිහින් බලල එන්න....

වැලයා : පලයන් යකෝ බය නැතුව....

රජා : බෑ බන්. අඩෝ මේ? උඹ හෙන ටෝක් දෙන්නේ උඹට මේකට නගින්න පුලුවන්. අර කිරිගල්පොත්තේ හෙන බැවුම අස්සෙන් තමයි යන්න බැරි නෙහ්?

වැලයා : හික්  :)

මේක අහන් හිටපු කොලුවා මැද්දට පැන්නේය.

ඕකට තියෙනවා මහත්තයා මරු කතාවක්. මෙන්න මෙහෙම. මිනිහා කතාව කියන්න පටන් ගත්තේය. සිද්දිය මෙසේය.
“ඔන්න ලස්සන ගෑල්ලමෙක්ට හද්දා පිටිසට ඉස්කෝලෙකට ගුරු පත්වීමක් හම්බුනාලු. මුළු ඉස්කොලෙටම උගන්නන්න ඉන්නේ මේ ටීච විතරලු. ටිචට නවතින්න පොඩි කාමර කෑල්ලක් ඉස්කෝලේ පිටිපස්සෙම තියෙනවලු. ටික දවසක් යද්දී තව අලුත් සර් කෙනෙක් පත්වීමක් අරන් මෙහෙට ආවලු.

දැන් තමා කැත සීන් එක. සර්ට නවතින්න තැනක් නෑ. ටීච ඉන්න කාමරේම එළිපත්තට වෙන්න ඇදක් දාල දුන්නලු. ඔහොම ටික දවසක් ගෙවිලා ගියාලු. වැහි කලෙත් ආවා. දැන් සර් හිරිපොදේ තෙමීගෙන ඔලුවේ ඉඳන් පොරෝගෙන නිදිලු. ටිචට දුක හිතිලා සර්ව එයාගේ කාමරේට ගත්තලු. අරගෙන මෙහෙම කිව්වලු.

අපි දෙන්නම මේ ඇදේ නිදා ගමු. හැබැයි ඔයා මේ කොට්ටෙන් මෙහාට එන්න බෑ.

එහෙම කියලා ඇද මැද්දෙන් කොට්ට දෙකක් තිබ්බලු. අනේ ඉතින් අර සර් මයිලක්වත් ටිචගේ ඇගේ නොගෑවෙන්න නිදාගත්තලු. සති ගානක් වැහැපු හින්දා දෙන්නම හිටියේ එකම කාමරේලු.

ඔහොම ඉද්දි ඉස්කෝලෙන් විනෝද චාරිකාවක් ලෑස්ති කලාලු නුවරඑළියේ. ලස්සන කන්දක් උඩට කට්ටියම ගියාලු. එතන සැහෙන්න හුලන්ලු. අර ටීච ලඳ වගේ අල්ලාගෙන හිටපු කුඩේ එක පාරට හුළගට ගියාලු. කන්දෙන් පල්ලෙහාටම. එක දැකපු සර් ටීචගෙන් ලකුණක් දාගන්න හිතාගෙන එකපාරටම දුවගෙන ඇවිත් මෙහෙම ඇහුවලු. 

මිස්... මිස්... මම පහලට පැනලා කුඩේ අරන් දෙන්නද?
ඔරොප්පු මුණක් දාගත්තු ටීච මෙහෙම කිව්වලු.

සතියක් තිස්සේ කොට්ටෙන් පැනගන්න බැරි තමුසේ කොහොමද ඔයි කන්දෙන් පයින්නේ?

හම්මේ...... ඊට පස්සේ ආපු හිනා සද්දෙට අන්න කම්බි වගේකුත් ඇදවෙලා කියලා තමයි ආරංචිය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, January 13, 2013

පිරිමින්ගේ පඩිය පෙන්නන්න එපා - මේක හෙන ප්‍රශ්නයක්!!!



“පිරිමින්ගේ පඩිය පෙන්නන්න එපා“ ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින්!

සමහරක් එහෙම කියන්නේ ඇයි?
පඩිය කියන එක තමන්ට ලැජ්ජයිද?

මේක මට හෙන ප්‍රශ්නයක්!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, January 9, 2013

මම ගේනවා යකෝ ලැම්බෝගිනියක් - සුට්ටක් 18+


මේ දවස් වල මුළු දවසම වාගේ අපේ පැත්තට චුරු චුරු වැස්සය. රජාටත් ගෙදරට වෙලා ඉඳලම එපා වෙලාය. හොර නිවාඩු දමා ගෙදර හිටියා දැන් ඇතිය. හෙට උදේම සයිට් එකට වාර්තා කල යුතුය. සිරිපොද වැස්සේ මුතු කුඩෙන් යංද නංගෝ කියලා මමත් මගේ නංගියව ගෙයින් එලියට ගත්තෙමි. වැඩකුත් නැති එකේ පොඩි රවුමක් ගහන්න හිතාගෙන ටවුම පැත්තට ගියෙමි. ටවුමේ එක තැනක කොල්ලෝ සෙට් එකක් මගේ දිහා වකුටු වූ දෙනෙතින් යුතුව බලාගෙනය. 

මට ඔරවන මේ හපුටු කොල්ලෝ සෙට් එක කවුද? මමත් ඇස් දෙකේ බාගයක් වැහෙන්නම පහලට වැටි තිබු හෙල්මෙට් එක ටිකක් උඩට උස්සා බැලුවෙමි. හත්වලාමය...... මගේ පුරාණ අතිජාත ගැඩවිලුන් සෙට් ඒකක්ය. හනේ අම්මේ.... මුන්ව දැක්කේ A/L වලින් පස්සෙය. ක්රීස්.... ගා බ්‍රේක් පාර වැදුනි.  බස් ස්ටෑන්ඩ් එකේ හිටපු කෙල්ලෝ පුල් හොල්මන්ය. බ්‍රේක් පාර ඒ තරම් දරුණුය.

රජා : අනේ අම්මේ බං තොපිව දැක්ක කල් 

පිරිස : ඒකනේ බං.. උඹලා ඉතින් දැන් ලොකු මිනිස්සුනේ. අපිව මතකත් නෑ  නේ...

රජා : අඩෝ එහෙම එකක් නෑ බං. මේ තාම හොර නිවාඩු ඉන්නේ බන් 

එහෙම මෙහෙම අතරින් පතර එකිනෙකාගේ හොට් හොට් විස්තර සමගින් කාලය ගෙවී ගියේය. මේ අතර රවියට හෙනම ප්‍රශ්නයකි.

රවී : අඩෝ උඹ මොකේද බං වැඩට යන්නේ? 

රජා : මම බෝඩ් වෙලා යකෝ ඉන්නේ. ගල්කිස්සේ... 

රවී : ඇයි යකෝ බයික් එකේ යමන්කෝ... 

රජා : පිස්සුද බන්.... අම්ම කෑගහනවා...

සමී : ඕක තමා බං මටත් අවුල... අපේ අම්මත් කේස්  ඕයි!! 

රජා : ඉදහන්කෝ මම ගන්නවා මගේම කියල බයික් එකක්. එතකොට ඔය කාටවත් බෑ මාව නවත්තන්න. මම හෙන මොරාල් එකකින් කීවෙමි.

මුල්ලකට හේත්තුවී සිටි ලයියා පිචන් හිනාවක් දැම්මේය. 

ලයියා : අනේ උඹ ගන්න බයික්. උඹට කොහෙන්ද යකෝ ඔච්චර සල්ලි?

රජා : ඇයි ඩෝ... මම ගන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට.... 

ලයියා : හෙහ් හෙහ්.... අනේ උඹ ගෙවයි මාසෙන් මාසේ. අපි දන්නේ නැද්ද රජාගේ හැටි. උඹට ඇට දෙක දීලා තමා බයික් එක ගෙන්න වෙන්නේ....

අපේ කතාව කට අරගෙන අසාගෙන සිටි ලකියා බලාපොරොත්තු දැල්වුණු නෙතින් තම හඬ අවදි කළේය. 

ලකියා : අඩෝ.... මම ඇට දෙක දීල ගේනවා හොනට් එකක්....

කට්ටිය ලාවට හිනා වෙද්දී සෙට් අතර සිරි තදීම තඩි ජිම් බතලයා හෙවත් සමීරයත් අත් දෙක ගුවනට විසි කරමින් කෑගැසුවේය. 

සමීර : මගේ දෙක දීල මම ගේනවා යකෝ ලැම්බෝගිනියක්.... මගේ දෙක ලොකුයිනෙ... එක හින්ද මට වැඩිපුර හම්බෙනවා.... 

හනේ අම්මේ. එතනින් පසුව හා හූ හඩට ටවුම මැද්දේ බෝ ගහෙ කුඩු හද හද හිටපු කොක්කු සෙට් එකම ශුස් ගා අහසට විද්දේය. තැන් තැන් වල එක එකා යටි බඩ අල්ලාගෙන ඇඹරෙන්නේය. උන්ගේ කට කනට පොඩ්ඩක් පහලින් වූ කන් පෙත්ත අසල වූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් රජා සමග පැවසුවේය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


Sunday, January 6, 2013

මෙච්චරකල් දැගලුවට දැනුයි ඕං ලීගල්... (යන්තන් 21+)


මීට වසර 21කට කලින් හෙවත් එක්දහස් නවසිය අනු දෙකේ අද වැනි පින්බර දවසක ඇතුගල්පුර පෞද්ගලික රෝහලක කිරි කැටි පුත් කුමරෙක් උපන්නේය. ඉපදෙනකොටම බ්ලොග් ගලක් බදාගෙන ඉපදුන මේ පුත් කුමාරගේ ඒකායන බලාපොරොත්තුව උනේ ගල් තොප්පියක් ගෙන බිල්ඩින් උඩ හිටගෙන සිටීමය. ඌ දැන් එම සිහිනය සැහෙන දුරට ඉටු කරගෙන ඇත. එත් තාම සම්පුර්ණ නැත. තවත් මේ වගේ දවස්  2කට කලින් ඒ ඔක්කොම සීන් ඉවර කරදැමීම මේ පුස්ගලයාගේ ඊලග බලාපොරොත්තුවය.  

යන යන තැන එක එක චරිත මවා ගැනීමට මේ කොලු ගැටයට පුළුවන. 1 ඉදන් 5 වසර වෙනකන් මේ කොලුවා ඉතා අහිංසකය. අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු කරන විට ඩෙස් පුටු දාලා යන්න බැරුව ඩෙස් පුටු බදාගෙන ඇඩුවෙය. මොහුගේ අනර්ඝ ක්‍රියා කලාපය හේතුවෙන් උගන්නපු ටීචලට ඔහුව තාමත් මතකය. සම්පුර්ණ නමෙන්ම මතකය. වැරදිලා වගේ ඉස්කෝලෙට ගිහාම ටීචලා ඔහුව වට කර ගන්නේ හෙන හැන්සොමේ නළුවෙක් වට කරගන්න කෙල්ලෝ රැලක් වගේය. 

6 වසරෙන් පස්සේ ගිය ඉස්කෝලෙත් මම හෙන අහිංසක කොලු බට්ටේක්ය. අපේ පවුලේ මම තරම් හොද කොල්ලෙක් ලොවෙත් නැත. හැමෝටම ආදර්ශ දෙන්න උදාහරනෙට ගන්නේ මාවය. මම ගමේදී ඇවිදින්නෙත් මම ඇවිදීම හේතුවෙන් පොලවට රිදේවි යන සංකල්පනාවෙන්ය. නමුත් අපේ යාලු මාලු සෙට් එක අස්සේ මම වෙනම චරිතයක්ය. එතනත් ඉතින් නොමැකි ඇති එකම දෙය අහිංසකකම පමණය. මොහුගේ මුණ බලන ඕනෙම කෙනෙක්ට ඌ හොඳ සංයමයකින් යුතු කොලු ගැටයෙක් බව සුටුස් ගා මීටර් වෙන්නේය

හේ තෙමේ උපතින් වසර 20කට පසු සෛබර් අවකාශයට පැමිණ එතනත් කුජීත කරමින් සිටි.  **අපේ ජීවිත කතාව අපිම ලියාගමු** කියමින් ඌ තම ජීවිතයේ වෙන, වෙන්න තියෙන, වුන, හද්ද චොර සීන් ටික අකුරු කරමින් සිටී. පණ කෙන්ද තියෙන තාක්කල්, උගේ වාග් මාලාවේ පීචං වචන ටික අමතක වෙනකං ඒවා සයිබරයේ කැරකේවි.


කෝමද නිකන්
ලෝඩ් පකීර් වගේ නෙහ් ^_^

දැන් මං මේ කියන්න ආවේ..... 
අද මගේ උපන්දිනේ බං.
21කුත් වෙලා.... :)


ප/ලි:

අද ඉරිදා හින්දා හැමදාම දෙන කිරිඅම්මලෑ බාරේ හෙටට කල්ගියා. කැවුම් එහෙම ඕනේ කස්ටිය හෙට මේ පැත්තට ඔළුව දානවා හොදා ඕං!


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Wednesday, January 2, 2013

එහෙනං මෙහෙම පටා..........න් ගමු


වෙනදා වගේම 2013 කම්මැලිකමෙන් පටන් ගත්තේ නැත. මං රජා හිටියේ අම්බානට උණ ගැනිලාය. උණ ගැනිලා කිව්වට උණ නම් හොදය. ඒ උනාට හිතට උණය. මොනවා උනත් අවුරුද්දේ පළවෙනි දවසේ නිකන් ඇද උඩට වෙලා උඩ බලාගෙන ඉන්න එක එච්චර සභ්‍ය නැති හෙයින් මහ පාන්දර අවදි වී සයිට් එක බලා ගෑටුවෙමි.

විශේෂයෙන්ම සයිට් එකට ගියේ අවුරුද්දේ පළවෙනි දවස නිසාම නොව නිකන් දෙන ටී ෂර්ට් එකයි කැලැන්ඩර් දෙකයි කුදලගෙන ඒමටය . අවුරුද්ද පුරාම ඔය කැලැන්ඩරේ ලොකුවට ගෙමැද්දේ ගහපුවාම එන එන හැම එකාම වපර ඇහෙන් ඕක දිහා බලන්නේය. බලලා නිකන් ඉන්නේද නැත. හා........නේ....... ලොකු රජා දැන් වැඩ මේකෙද? හොදයිනේ ඈ......මටත් නිකන් ප්ලේස් එකක් හැදෙන්නේ ඕකෙන්ය.

පාන්දර 4 කෝච්චියෙන් මම ගල්කිස්සට ඒමට මීරිගමට ආවෙමි . මොකද්දෝ හේතුවකට මම ටිකට් ගත්තේ කොටුවට පමණය.  2013ත් දුම්රිය දෙපාර්තුමේන්තුවට පාඩු වෙන එකත් අහන්න දෙයක් නොවේය . අපි කොටුවට ටිකට් අරං ගල්කිස්සටම යන්නේය. වේයන්ගොඩ දිහාට එනකොට මම ගස්බව්වා වගේ සීට් එකේ දපනේ දාගෙන දොයිය. ඇදට වඩා සැපට නින්ද ගියේය. කෙසේ හෝ 6 වනවිට බෝඩිමට ලගා වූ රජා නැවත වතාවක් බඩ එහෙම හිස්කර ගනිමින් සයිට් එක බලා පිටත් උනේය.

උණ හේතුවෙන් සති 2ක් පමණ සිටීමෙන් සයිට් එකේ බාසුන්නැහැලාට මාව අමතක වෙලා ඇති යැයි සිතා සතුටු වෙමින් ගේට්ටුවෙන් ඇතුලට අඩිය තිබ්බෙමි. හයියෝස්...පොල් සම්බෝලස්.....ය වැඩ කරන උන්ට පිස්සු හැදිලා වගේය. සුභ අළුත් අවුරුද්දක් මහත්තයා.... කියාගත්තු ගමන්ය අතට අත දෙන්නේය. ලබ්බට හෙන ගැහුවා වගේ මූණටම සුභ අළුත් අවුරුද්දක් කිව්වහම ආපහු කියන්නේ මොකද්ද කියලවත් මට මතකයක් තිබ්බේ නැත. එසේම වේවා... කියලා කියන්නත් මීටර් උනේ ටික වෙලාවක් ගිය පසුය.

උදේ කට්ටිය වැඩ කරලා 9.45 වෙනකොට ඔෆිස් එකට එන්නයැයි ඉහලින් උපදෙස් ලැබුනේය. එහෙ මෙහෙ කැරකි කැරකි ඉදලා සයිට් එකේ හැමෝටම වගේ සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා උඩම තට්ටුවට යන කොට 8ට කිට්ටුය. වෙනදා වගේ වෙලාව ගියෙත් නැත. වෙනදාටනම් උඩට ගියා, පල්ලෙහාට ආවා, තේ බිව්වා, ආයේ උඩ ගියා ,පල්ලෙහාට ආවා, බත් කෑවා, ආයේ උඩ ගියා, අයිසක් ගැහුවා වගේ රවුමක් යන්නේය ඊයේ නම් තනිකරම අයිසය. බෝර දාලා කඩන්න තරම් අයිස්ය. ඒ අයිස් කුට්ටි බේරේ වැවේ ගිල්ලුවත් දිය නොවන සයිස්ය.

9.30 වෙනකොට අපි ඔපීසියට රිංගුවෙමු. අම්මට උඩුය... ගංවතුර ආධාර පෝලිම වගේ කට්ටිය පෝලිමේය. මීටර් 200කට වැඩි බව නම් ටක්කෙටම සුවර්ය. ත්‍රාස්‍යජකන ෆිලුං එහෙක වගේ පිරිස අතරින් රිංගාගෙන දෙකට නැවීගෙන ඔපීසියේ දොර සොයාගත්තෙමි. පෙර කරුමෙකට ඇතුලට රිංගාගත් හෙයින් තැලෙන්න තිබූ අවස්ථාව මග හැරී ගියේය.

කිරිබත් කාලයි අපි වැඩ අඹරන්නේ... කියලා බඩ පැලෙන්න කෑවෙමු . අළුත් ටී ලබා ගත්තෙමු. ඊලගට තිබ්බේ බෝල ගහන්න යන්නය. අපිට කොතන ගියත් ස්පෙසොල් සැලකිලිය. අනිත් උන් වාහන වලින් ග්‍රවුන්ඩ් එකට යද්දී අපි පයින්ම ගියෙමු. වැඩි දුරක් නැත. මලින්ද මාමාගේ මන්දිරේ පිටිපස්සේ මැටිපාක් ග්‍රවුන්ඩ් එක අපේ මර්මස්ථානය විය. අපි ගාට ගාට යන විටත් කට්ටිය පිල් බෙදිලා එහෙමත් ඉවරය. ට්‍රේනින් උන් වෙනම ටීම් එකක් හදාගෙනය නම ට්‍රේනී කණ්ඩායමය. අපි ආ පසු එය ඕල් අවුට් කණ්ඩාමය යයි නම වෙනස් කරන්න ගියද එතකොට පරක්කු වැඩිය.
ග්‍රවුන්ඩ් එකට පේන අපේ බිල්ඩිම
තරගය පටන් ගත්තේය. කණ්ඩායම් 14කි. අපේ තරගය තිබ්බේ මැද හරියෙය. ඒක පටන් ගන්නකන් අපි ගංගාරාම පන්සල පැත්තට ඇවිද ගියෙමු. පන්සලේ සූ.... ගාලා සෙනගය. ඇතුලට යන්න සපත්තු ගලවන්න ඕනෑය. මේ සේෆ්ටි ෂූස් ගලවා ස්වසන ආබාධ හදිසි මරණ වලට වග කිව නොහැකි හෙයින් ඒ අදහස අත්හැර නැවත පිට්ටනියට ආවෙමු. බැරි වෙලා හෝ අපි එතන සපත්තු ගැලෙව්වා නම් නහය නිල් වීමෙන් සිහි සුන්ව බේරේ වැවට ඇද වැටුනු කිහිප දෙනෙක්ගේ මල ගම් අද ටීවී එකේ පෙන්නනවා සිකුරුය.

අපේ මැච් එක පටන්ගත්තේය. මුලින්ම බැටින් අපිය නියමිත ඕවර් 3ට ලකුණු 60ය. අළුතෙන් ආපු ට්‍රේනි බුවෙක් 6 ඒවා වගා කලේය. උගේ පිහිටෙන් ලකුණු නම් ආවේය. ඊලගට බෝල රකින වැඩේය. රජා කීපර්ය .අපේ බෝලර්ස්ලගේ සියළුම අංග චලන මට නියමෙය විස්තර කල හැකිය. රජාට අත ඇරුන බෝලයක විස්තරය මෙසේය.

“X... දිව එනවා පන්දු යැවීමට. වමතින් වේග පන්දු යවන මොහු උඩ පැන දකුණතින් පන්දුව පිරිනැමුවේය. මැද ඉන්නට චුට්ටක් මෙහෙන් පතිත වූ පන්දුව පා ඉන්න හරහා භ්‍රමණය වී පන්දු රකින රජා වෙත යොමු වුනේය . පාරේ යන ඇන්ටියෙක් දෙස නෙත් යොමාගෙන සිටි ඔහුට පන්දුව අත ඇරුනේය. පිට්ටනියේ කොනක සිටි තුන්වෙනි කොළුවා හති හලමින් දූවගෙන ඇවිත් බෝලේ අහුල ගත්තේය. ප්‍රතිවාදීන්ට ලකුණකි.“

මෙන්න තෑගිස්
කෙසේ හෝ අපි දිනුවෙමු. නමුත් සෙමි ෆයිනල් එක අලංකාර ලෙස අනුභව කලෙමු. ඒක නම් මාර රහය. මෙවර හයේ පාරවල් සීනිබෝල රහය. පිට්ටනියේ බැල්කනි කෑල්ලට ගිහින් බලාගෙන හිටියෙමු. අඩේ අප්පා...... අර කලින් දැක්ක ඇන්ටි කෑල්ලද මන්දා මේ පැත්තට ඇදෙන්නීය. කෝකටත් පොට ගිය ඇහැ උල්කර බැලුවෙමි. නෑ... නෑ..... මේ වෙන එකක්ය. මික්ස් ටයිප් එකක්ය. තායිලන්තෙන් ඉම්පෝට් කරපු ට්‍රැනී අක්කෙක්ය. ඇය හරි හරියට කොල්ලොත් එක්ක නැටුවාය. හවස් වරුවෙම ෆන් එක මෙයා විය.




හෙඩ් ඔෆිස් එකේ කණ්ඩායම අවසන් තරගයේ ජය ලබාගත්තෝය. අපිට හුලංය. දවල්ට කන්නත් නැත. බොරුවට දගලලා උණ දෙපිටින් යන හැඩ මට තේරුනේය. ගුණසිංහපුර බස්ටෑන්ඩ් එකට ආපු මම කුරුණෑගල බස්කෑල්ලක් අල්ලාගත්තෙමි. ෂෝයි අක්කා කෙනෙකුත් ලගින් වාඩි උනේය. ඇය දිවුලපිටියට යනකම්ම මං ලගය. අක්කාගේ සුවදට මගේ ඔලුවේ කැක්කුමත් වාස්ප වී ගියේය. වත්තල හරියේදී මට නින්ද ගිහින්ය. මම අක්කාගේ ඇග උඩවත්, අක්කා මගේ ඇග උඩවත් හිටියේ නැත. මම ඉතා නිවරැදි ලෙස මගේ සීට් එකේ ස්ථානගත වී සිටියෙමි. මේ හොටු කෙල්ලෝ සීට් එහෙක බුදියන්න දන්නේ නැත. හැන්ඩ්සම් කොල්ලන්ගේ ඇගේම එල්ලෙනවාය.

රෑ 8 විතර වෙනකොට රජා මාලිගාවට සැපත් විය. පළවෙනිදා පන්සලක් ලගින් ගියේය. අම්මලා පන්සල් යන්නේ නැතුව මට කෑගහන්නේය. මං හින්දා යන්න බැරි උනාලුය. ඒකටත් පලි මේ අහිංසක රජ පැට්ටාය . 2013ත් එලෙස අසික්කිත කුජීත අලංකාර ආකාරයෙන් ආරම්භ උනේය. තව දවස් 364ක් එහෙම්මමය. ඒවටත් මේ සෙතේම අල්ලන්නේය. ඒක ජලයේ ඇදි ඉරක් මෙන් සුවර්ය.


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!