Monday, December 2, 2013

වරෙන් යන්න අපිත් එක්ක....කන්න බොන්න හිනාවෙන්න... - Cyber Mega Beach Party 2013




ආදරණිය බ්ලොග් සහෘදයන් එකට එකතුවෙන තවත් දවසක් ඔන්න ආයෙමත් ඇවිල්ලාය. කාලෙකට පස්සෙ ආයෙමත් ගෙට්ටුවක් පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙන්නේය. මෙවර බ්ලොග් ගෙට්ටුව අනික් හැම පාරකටම වඩා ලොකු විශේෂත්වයක් තියනවාලුය. ඒ තමයි මෙවර තියෙන්නෙ Beach Party එකක්ය. බ්ලොග් කරුවන් අතර සහෝදරත්වය , එකමුතුකම වර්ධනය කරන්න , මිත්‍රත්වය අලුත් කරගන්න , නොදුටු මිතුරන් මුණ ගැහෙන්න, මඩ පාරක් කන්න මේ සාදය හරි අපූරු තෝතැන්නක් වනවාට කිසිම සැකයක් නැත. ලංකාව පුරා විසිරි ඉන්න බ්ලොග් අවකාශයේ මිතුරන් විතරක් නෙමෙයි ලෝකය පුරාම බ්ලොග් අවකාශය වටා එකතුවෙලා සිටින ආදරණිය ශ්‍රී ලාංකීය මිතුරන් හැමෝම එදාට එකතුවෙනවාලුය..
 
*දිනය - 2013.12.21 වෙනි සෙනසුරාදා

 
*ස්ථානය - ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )


*වෙලාව - උදෑසන 10.00 සිට හවස 4.00

 
*ජෝ ජෝ'ස් ප්ලේස් වෙත පිවිසිම සඳහා ගමන් මාර්ගය සිතියම - මෙතනින්...  http://goo.gl/maps/MdRGp

වෙරල ක්‍රිඩා සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් විනෝද වෙන්න , සතුටු සමීචියෙ යෙදෙන්න එදාට බ්ලොග් ලියන , කියවන අපි හැමොම එකතුවෙන්න දැන්ම ඉදලම සූදානම් වෙන්නලු..

*දුර බැහැර අපේ හිතවතුන්ට හවස 4ට නික්ම යා හැකි අතර එදින මුළු රාත්‍රිය පුරා අපිත් එක්ක රැදෙන්නට කැමති හිතවතුන්ට හිතවතියන්ට මුහදු සුලඟ විඳිමින් ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්නත් පුළුවන්ලු..

මොකා හිටියත් නැතත් රජ වාසලේ සෙට් එකම (7ක් ඉන්නවා) බීච් එකේ නයිට ගහනවලු..... ^_^

*ආහාර පාන සඳහා වන වියදම් , ස්ථානය සඳහා වන වියදම් සහ අනිකුත් වියදම් සලකා බලලා එක් අයකුගේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රු.350ක මීලක් නියමව තිබෙනවාලු.


මෙන්න මෙතනින් පැමිණීම තහවුරු කරන්න.....
https://docs.google.com/forms/d/1HRVk_3wzPw4GU0LIDtHAc8-a7F2YW4aiAG8uFe-RSfQ/viewform


ඔන්න මේ........පේනවනේ. අපිට ආරාධනා කරන්නෙත් මඩ සදහාම තමයි. මොකද හැමඑකාම දන්නවා රජාට මඩ වලට ආචාර්ය උපාධියක් තියන වග..

 මේ පාරත් ගිය පාරවල් වල වගේ මහා මඩ ව්‍යාපෘතිය නැගලම යනවා... එන උන් සංවරව හැසිරියල්ලා හොදේ..!!! :D :D


 ගම්පහ ගෙට්ටුවේ කතා කරන මඩ පොටෝ




කතා කරන මඩ පොටෝ - සිහින උළෙල 2013 


දෙවනි දිගහැරුම 


කවුද දැන් එන්නේ......???????? :P :P
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

69 comments:

  1. අඩේ අනිව මම එනව... උබත් එනවනෙ....

    ReplyDelete
    Replies
    1. එනවා එනවා... මොන වැඩේ තිබ්බත් එනවා :)

      Delete
  2. අපි එන්නෑ උබ එනවනං >_<

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මුදියෝ යන්නේ නැත්තේ

      Delete
    2. මනුස්සය එන්ඩ දෙන්නෑලු බන් දැන් ඉතින් පවුල් කාරයොනෙ :D

      Delete
    3. ගිහින් ඇවිත් මූ දාන පෝස්ට් එක දැක්කම තේරෙයි ! :3

      Delete
    4. හහහා.... සමීයට මීට කලින් අත්දැකීම් තියෙනවනෙ. නැද්ද බං :))

      Delete
  3. ආයේ පිස්සුවැක් ඇතෑ උබත් එක්ක තමා එන්නේ :D c-)

    ReplyDelete
  4. මං එන්නේ උඹ මඩ ගහන හන්දා

    ReplyDelete
    Replies
    1. උඹ ගියසැරෙත් වැඩිපුර රජා ලඟ හිටියලු නේද?

      Delete
    2. මේ සැරේ නං ගහනවා එපා වෙන්නම =))

      Delete
    3. @රාජ් අයියේ: ඔව් ඔව්... බදාගෙනමයි හිටියේ :))

      Delete
  5. මං මේ අලුත ආව පුංචි එකෙක්...මේකටනම් එන්නමයි හිතිලා තියෙන්නේ.ඒත් ආවට කවුරුත් අදුනන්නෙ නැති එක තමයි පොල්ලකට තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අදුරගන්ඩ තමයි යකෝ එන්ඩ කියන්නෙ

      Delete
    2. වරෙන් බං ආතල් එකේ. අපි අදුරගම්මු...

      Delete
  6. හාපෝ මඩ රජා.තෝ එනවනම් අපේ එම ගැන නැවත සලකා බලන්න ඕනේ :p

    ReplyDelete
    Replies
    1. සලකලාහරි කමක් නෑ වරෙන්කෝ :))

      Delete
  7. රජෝ මේකෙ දාලා තියෙන්නෙ 10ට එන්න කියලා.ඒත් http://cyberfestival.blogspot.com/2013/11/set.html දාලා තියෙන්නෙ 8ට කියලා.මොකක්ද හරි එක??

    ReplyDelete
    Replies
    1. එනවනං ඔය 2 එකතු කරල දෙකට බෙදල වරෙං... y-)

      Delete
    2. හරේ හරේ.....මාත් එනවෝ...රජා දැකීමට විසේස අසාවක් ඇත

      Delete
    3. උඹලා හරි වෙලාවටම එනවා වගේ කතාව... අනේ යකෝ...!! :))

      Delete
  8. 8 ඉඳන් එන්න... 10 ටවත් පටන් ගන්න

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඕව් ඔව්!!! :)

      Delete
  9. එන්න වෙන්නේ නැහැ රජෝ... හැම පාරම වගේ මේ පාරත් පොල්ල හොදේ :(

    ReplyDelete
  10. පලවෙනි ගෙට්ටුව .. එන්නමයි හිතෙන්නේ අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.. කට්ටිය ඉන්නවා ගොඩක් :)

      Delete
  11. කොහොමහරි කරලා මේ පාර එනවා.

    ReplyDelete
  12. අනේ තොටම මඩ වැදියන්, ඔක්කම එකතු වෙලා උබටමයි මඩ ගහන්ඩ ඕන :P

    ReplyDelete
    Replies
    1. ගින්නක් නෑ... මුහුද ලගයිනේ :))

      Delete
  13. ඔව් ඔව් උබ හරි කැමතියි නේ.පොස්ට් දෙක තුනක්ම ගොඩ දාගන්න බැරිය

    ReplyDelete
    Replies
    1. අනිවා. කෙලින්ම 3ක් ගොඩ...

      Delete
  14. Replies
    1. එහෙම කරන්න එපා මෙයා :)

      Delete
  15. හනේ...මමත් එන්න ආසාවෙන් ඉන්නවා කොලු පැටියවත් උස්සගෙන සුට්ටක් පෙනිල යන්න හරි එනෝ......

    ReplyDelete
    Replies
    1. එල එල එන්න එන්න... ළගනේ ඉන්නෙත් :)

      Delete
  16. මට එන්න වෙන්නෙ නෑ

    ReplyDelete
  17. අපි උඹට ගහන්න දැන්ම ඉදන් මඩ එකතු කරනවා රජෝ :3

    ReplyDelete
    Replies
    1. හෙන ගහන්න ඕනේ යකෝ!

      Delete
  18. එල එල ... කස්ටිය මොනවා කොරගනිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අසරණ වෙනවා ඔන්න බලහන්කෝ :))

      Delete
  19. shoi wedak.... ela kri wage wede sarthaka wenna kiyala man wish karanawa..... :)

    ReplyDelete
    Replies
    1. අක්කේ ඔයාට එන්න බැරිවෙයිද පොඩ්ඩක් ඉදලා යන්න?

      Delete
  20. Replies
    1. රජාගේ මඩ වලට අසු නොවී සිටින හැටි

      Delete
    2. අහු නොවී ඉන්න බෑ පුතා... කොහෙන් උනත් වදිනවා  :))

      Delete
  21. මේපාර මටත් මඩක් ගහපං... මට පිං සිද්ද වෙච්චාවෙ... =D>

    ReplyDelete
    Replies
    1. නිවන් සුව අත්වේවා!!!

      Delete
    2. බොටත්... රාජකීය ගොරව මැද...

      Delete
  22. එන්න වෙන්නෑ කියන්නනෙ කොමෙන්ටුව කොටන්නෙ මේ..)))

    ReplyDelete
  23. මේ අවුරුද්දෙ මුළ ගම්පහ වැඩේ සංවිධානය කරද්දි රට උන්නු ඇත්තො කිව්වෙ...අපිට ඉරිසියයි බොල ඕකට එන්න විදියක් නැති එක ගැන කියලා....බලහං දෛවයේ සරදමකට වගේ මාස ගානක් ඇතුලෙදි මටත් ඒ කථාවම කියන්න උනානෙ...මෙවර සුපිරි මඩ ෆොටෝ ටිකක් බලාපොරොත්තු වෙමි...අටමා සහ පවනි නගා පරිස්සම් කරගෙන ගෙදර ඇරලපන්...හැමෝටම ජය !

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි අප්පා

      Delete
    2. කාලය මැව් වෙනසක කරුමේ!!!! :(

      Delete
  24. ඇයි රජෝ මෙව්වා කොලඹම තියෙන්නේ. මන් කොලඹ එන්න දන්නේ නෑ බොලව්. ටෙක්නිකල් හන්දියෙ බහින්න විතරයි දන්නේ අප්පා.... ඕන් නුවර තිබ්බා නම් එනවා ඈ.....

    ReplyDelete
  25. අනේ අපි නම් ඕවට නෑ ඕන්.....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)