Monday, October 7, 2013

ඔළුව නැතුව දඩ කෑවෙමි - No Helmets??? Take this...you IDIOTS


 මේ දවස් වල හෝ පට ගාලා X BAN එකට අපි කාගෙන වැඩ කරන්නේය. ඕල්ඩ් බෝයිස්ලා වශයෙන් මොනවාහරි කලේ නැත්තන් වැඩකුත් නැත. මේ තාක් X BAN වල වෙච්ච නැති මොනවා හරි අළුත් දෙයක් කරන්නත් ඕනෑය. අපේ ඉස්කෝලේ ආදි බ්ලොග් ලියන සෙට් එක එදා ගම්පහ තානායමට සෙට් උනේ ඕක සෙන්ටිමෙන්ටල් කර ගන්නය. කොහොමින් කොහොම හරි දවස් දෙක තුනක් ඉස්කෝලෙට බඩ ගාලා IT එකේ මිස්ට වැද වැටිලා ඉඩකුත් වෙන් කර ගත්තේය. දැන් තියෙන්නේ කරන එක ගැන පොඩි වැඩිදුර සාකච්ඡාවක් දාන එකය. ලීෆ්ලට්ද, බැනර්ද, ටී ෂර්ට් ද අරවද මේවද ලොවෙත් නැති ඒවාය. 

ඇයි හත්තිලව්වේ...ටී ෂර්ට් එක ඩිසයින් කරද්දි කියන ඒවා. මේවා රට්ටුන්ට එහෙම ඇහුන නම් එහෙම අපේ රෙදි නැත. එම්බොයිඩර් කරන්නලු. ප්‍රින්ට් කරන්නලු. තව බ්ලොගර්ද මොකද්ද එකක අතේ ගහන්නලු. නෑ නෑ...අතේ ප්‍රින්ට් කරන්නලු. ටී ෂර්ට් එක දෙන්නේ නත්තලටලු. නත්තල කිට්ටු වෙලා අතේ ගහන්නලු. නෑ නෑ...අතේ ප්‍රින්ට් කරන්නලු. හාපෝ...එක විකාරයය. 

ඊළගට ලීෆ්ලට් ඩිසයින් එකය. හැමෝගෙම බ්ලොග් වලින් තියෙන ලස්සනම, අමුතු පෝස්ට් වලින් කෑලි උස්සලා ගහන එකය. රජාගෙන් නම් ඕකට කිසිම සපෝට් එකක් ලැබෙන්නේ නැති බව උන් දන්නේය. මොකද මේ තියෙන ඒවා දැම්මොත් එහෙම ප්‍රදර්ශනේ බලන එක පැත්තක තියලා බ්ලොග් එක කියවන්න පටන් ගන්නවාය. පෝස්ටු ඒ තරම් ලස්සනය, සභ්‍යය, සම්භාව්‍යයය. මොන්ටිසෝරි යන පොඩි එකෙකුට උනත් තේරෙන්නේය. ^_^

ඔය කලබල අස්සේ රජා ඉස්කෝලෙනුත් අස් උනේය. ඒ කියන්න අස්වීමේ සහතිකේ ගත්තේ එදාය. චරිත සහතිකේ ගන්න ඔක්කොට ෆෝම් පුරෝලා, අත්සන් අරගෙන ඔක්කොම කරලා දීලා ආවේය. තාම චරිතේ ආවේ නැත. දැන් පච උනාට, ඉස්කෝලෙදි ඩීසන්ට් කොල්ලා වගේ හිටපු හින්දා පත්ති භාර මිස් චරිතෙ නම් ලස්සනට කඩ්ඩෙන්ම ලියලා දුන්නාය. හිටපු නැති සොසයිටි වල නම් හිටන් දාලා තිබ්බේය. 

ඔක්කොම ඉවර වෙලා ඉස්කෝලෙන් එලියට බැස්සේ ආපහු ගෙදර ඇවිත් හොද නින්දක් දාන්න බලාගෙනය. වෙනදට හෙල්මට් එකක් වැඩිපුර ගේන මට අද ඒක අමතක උනේය. ඒක නම් දෛවයේ කුරිරු සරදමක්ද කොහෙදය. අපේ තනිවූ ගවේෂකයා ඉන්නේ ඉස්කෝලේට හූවයි බල්ටියේ දුරෙන්ය. ඌට හෙල්මට් නැතුව ඌවත් දාගෙන රජා දැන් ඉදිරියට ඇදෙන්නේය. 

තනි: ඒ පොලිසියෙන් ඉදීද බං...

රජා: අනේ මන්දා බං.. යමන්කෝ. ස්කූල් ටයිම්නේ ලියන්නේ නැති වෙයි. 

තනි: ඇල්ලුවොත් එහෙම හෙල්මට් නෑ තමා ඇයි අවුල්ද??? කියලා අහමු. 

රජා: අනිවාර්යෙන්...

අම්බානට ට්‍රැෆික්ය. අපි අස්සෙන් අස්සෙන් දාගෙන දැන් නොසැලී ඉදිරියටම යන්නේය. හැබැයි පොඩි බම්ප් දෙක තුනක් ලග මුළු සර්වාංගෙම සැලුනේය. ඒ තරමට බයික් එකේ ෂොකට් හොදය. අති සාර්ථක ලෙස එක බාප්පෙක් පහුකලේය. ඌ අපි දිහා කන්න වගේ බැලුවේය. අපි ඌ දිහා පීචන් විදිහට බලමින් ලෙස්සා ගියෙමු. හැබැයි පුතේ දෙවනි බාප්පා ලගදී පට්ට පජාත වී ගියේ නොසිතූ විරූ ලෙසය. 

බාප්පා සිටියේ මිශ්‍ර පාසලක් ලග කහ ඉර උඩ වාහන හසුරුවමින්ය. කෙල්ලෝ රොත්තක් පාරෙන් එහා පැත්තේ පාර පයින්න බලාගෙන සිටියෝය. අපි දැන් අස්සෙන් අස්සෙන් දාගෙන කහ ඉර ලගට එනවත් එක්කම බාප්පා අපිව නැවැත්තුවේය. කඩාගෙන පෙරලගෙන ලගට ඇවිත් බයික් එකේ යතුර උදුරලාම ගත්තේය. 

බාප්පා: අයින් කරනවා බයික් එක. 

රජා බල්ලා වගේ බයික් එක තල්ලු කරගෙන කඩයක් අයිනට ආවේය. ඒ මදිවට දැන් ඒ කඩේ හිටපු උන් අපිව නිකන් පීචන් කරමින් කතාව දාන්නේය. මේ බොක්ක කූල් වෙලා ඉන්න වෙලාවේ කට වහන් හිටුකෝ. කීයක් දඩ ගහයිද දන්නෑ. මට අරුන්ව මරාගෙන මැරෙන්න හිතුනේය. අර කලින් අහනවයි කිව්ව ඇයි අවුල්ද ලොකු සීන් මොකුත් නැත. ඇටි කෙහෙල් කාලා බෙට්ට හිරවෙච්ච උගුඩුවෝ දෙන්නා වගේ කඩේ ඇතුලෙය. දැන් අරූ ළමයි පාර පන්නවලා ඉවර වෙනකන් පැය කාලක් විතර අපි හිටගෙනය. හෙන වෙලාවකට පස්සේ පොර ආවේය.

බාප්පා: කෝ හෙල්මට්?? පොඩ්ඩක් නීතියට ගරු කරන්න බැරිද?

අපි: මේ ප්‍රදර්ශනේ වැඩකට යන්නේ. පොඩි හදිස්සියක්. 

බාප්පා: කලින් එක්කෙනා නැවැත්තුවේ නැද්ද?

අපි: නෑ...ඒ හින්දා ආවා ඉතින්. 

බාප්පා: ආ...නැවැත්තුවේ නැද්ද? ආනේ පව්.

රජාගේ ශෝක විලාපය මැද අර හිකනලා දඩ කොලේ ලිව්වේය. ලයිසන් එක අරන් අවුරුදු 3ක් ගියත් හරි මම මේ දඩයක් කෑවමය. කෑවා වගේ නෙමේ දැන් මේක ගෙවන්න දන්නේ නැත. අනික මූ මොන පොලිසියෙද කියලා අහන්නත් බැරි උනාය. මිරිස්වත්තද? ගම්පහද? ආ... කාලා වරෙන්කෝ. රජා තනියව බස් හෝල්ට් එකෙන් දාලා ටිකක් එහාට ගිහින් බයික් එක හරෝ ගත්තේය. ආපහු එනකොටම වගේ බාප්පා බයික් එකේ නැගලා යන්න ගියේය. රජා පොරව ෆලෝ කලේය. ගියේ ගම්පහ පොලිසියටය. වැඩකරු වගේ ෆලෝ කලාට මොකද මේ තනියම පොලිසියක් ඇතුලට යන්නේ පලවෙනි පාරටය. රථ වාහන අංශය කියලා ලොකුවට ගහලා තියෙන හින්දා ෂේප් එකේ ඇතුලට රිංගුවෙමි. කෝකටත් හෙල්මට් එක දාගෙනම ගියෙමි.

පොලිස් කාන්තාවක් මූණටම හම්බුනේය. රජා ළමා මූණ දාලා කතා කලේය. 

රජා: මේ දඩ කොලේ....

පො.කා: කොලයක් ලියා ගෙන පෝස්ට් ඔෆිස් එකට ගෙව්වද?

රජා: තාම නෑ..

පො.කා: එහෙනං ගිහින් ගෙවලා එන්න. 

රජා කට පියාගෙන ආපහු හැරුනෙමි. කෙලින්ම ගියේ තැපැල් කන්තෝරුවටය. ගම්පහ අකුරක් නෑර දන්න හින්දම හොදාය. නැත්තන් ඉතින් පෝස්ට් ඔෆිස් එක හොයන්න වෙනම මිෂන් එකක් පටන් ගන්න වෙන්නේය. දඩ කවුන්ටරේ සොයා වටයක් කැරකුනෙමි. හෙන ගහන්න වගේ පළවෙනි එකම දඩ ගෙවන්නය. රජා කොලේ දුන්නේය. 

පෝස්ට්: මහත්තයෝ මේක පොලිසියට දීලා දඩ කොලයක් ලියාගෙන එන්න. 

ඈ... ඒ මොක්ද්ද ඒ පාර? තව එකක් ලියන්න ඕනේද? එතකොට මේ මොකද්ද? මට නිකන් තෝන්තුව වගේය. ආයේ හීනෙන් වගේ පොලිසියට ගියේය. නැවතත් අර පොලිස් කාන්තාවමය. 

රජා: දඩ කොලේ ලියාගන්න. 

පො.කා: ඇයි දෙයියනේ...ඒකනේ මම කලින් ඇහුවේ ලියාගත්තද කියලා?

රජා: කවුද දන්නේ ඔහොම එකක්. දඩ කෑවමයි මේ.

පො.කා: ආ...කෝ දෙන්න මල්ලි...

රජා: මෙන්න... (දැන් තමා ලේ ටිකක් ඉනුවේ. මං හිතුවේ ඇගට කඩන් පනී කියලා)

පො.කා: කවුද හෙල්මට් නැතුව ගියේ?

රජා: මේ යාළුවෙක්... :)

පො.කා: එහෙනං එයාටම කියන්න ගෙවන්න කියලා.

රජා: හිහි.. ^_^ 

රජා ඒ කොලෙත් අරගෙන ආයේ තැපෑලට ඇදුනේය. ගෙව්වේය. ආයේ පොලිසියට ආවේ ලයිසන් එක ඉල්ලගන්නය. අපි වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් කියන්නේ නිකන් නොවේය. මාව අල්ලපු බාප්පා බත් කන්න ගිහින්ය. 

පො.කා: අරයා බත් කන්න ගිහින් මල්ලි... ටිකක් ඉන්න වෙනවා.

රජා: ආ...හරි හරි :)

නිකන් බාල අපරාධ කරපු එකා වගේ අර පොලිසිට ඉස්සරහට වෙලා තැපලා තැපලා ඉන්නකොට බඩ උඩ දාගෙන අරූ මේ පැත්තට එන්නේය. රජා නැවතත් ළමා මූණ දාලා හිනා උනේය.
 
බාප්පා: ආ....මල්ලි ලයිසන් එක ගන්න නේ?

රජා: හී...ඔව් :)

බාප්පා: ආ මෙන්න...ආයේ හෙල්මට් අමතක කරන්න එපා.!!

රජා: හරි හරි.. ^_^


ලයිසන් එක පර්ස් එකට දාගත්තු රජා පසුපස නොබලා ගෙදර බලා ධාවනයේ යෙදුනේය. ඒකෙන් මේකෙන් උනේ දඩයක් ගෙවන හැටි ඉගෙන ගැනීමය.

උගත් පාඩම:

පොඩි දුරට උනත් නීතියට ගරු කරන්න.

ප/ලි:

X BAN එන අය IT Unit එකේ තියෙන BC Bloggersලගේ Stall එකට එන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව රුපියල් 10ක් අරන් එන්න. ටිකක් අමුතු අයිටම් එකක් ගෙදර ගෙනියන්න පුළුවන් :P :D

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

72 comments:

  1. අප්පේ.. මමත් කෑවේ දඩේ ඔහොම එකකටම තමා! හැබැයි ඌ ඉල්ලුවේ ජරාවක්! නොසෑහෙන්න ඌ ට දෙහිත් කපලා තමා පොලිසියෙන් ඉලියට ආවේ!

    ReplyDelete
    Replies
    1. හෙහ හෙහ... මූ එහෙම එකක් ඉල්ලුවේ නෑනේ ඕයි =))

      Delete
  2. ඒක නීතිය නෙමෙයි බං අපේ ආක්ෂාව පිළිබද අවශ්‍යතාවයක්. බොලා මහලොකුවට කම්බි ටික ගේන්නත් කලින් සයිට් එකේ පත සයිස් එකෙන් ගහන්නේ මොකක්ද???



    සේෆ්ටි ෆස්ට්...

    ReplyDelete
    Replies
    1. ඒක නිකං ආතල් එකට ගහන එකක් බං.

      Delete
    2. මූ විහිළු කරනවා... :))

      Delete
  3. අඩේ එන්ඩ ඕන "බීසී බෑන්" බලන්ඩ !

    ReplyDelete
  4. කීයක් ගැහුවද ?

    ReplyDelete
    Replies
    1. 550ක් ඕයි... පර්ස් එකම හේදිලා ගියා.. :((

      Delete
  5. අනිවාර්යෙන් රජා... මම දැක්කාමයි වගේ දඩයක් ගැහුවාම ඒකට ගරු කරලා ලියපු පෝස්ටුවක් :v මොකද ගොඩ දෙනෙක් වැරැද්දක් කරලා අන්තිමට පොලිසිය වැරදි. වැරදි නැති වෙලාවල් වලටත් කාලකණ්නි ආතල් දෙන බව දන්නවා. ඒත් සමාර වෙලාවට එහෙමමත් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ගරු කිරීම දන්න හොද ළමයිනේ බං :))

      Delete
  6. කීයක් ගැහුවද ?

    ReplyDelete
  7. යකෝ දඩ කොලයක් නෙමෙයිනං අරූ උඹලට දුන්නෙ මොකක්ද? මේ පැත්තෙනං උසාවි දාන්නැති වරදක් කළොත් දඩ කොළේ ඒ වෙලාවෙම අතට දෙනව. ඒක අරං කෙලින්ම පෝස්ට් ඔෆිසියට ගියාම හරි. ඊට පස්සෙ තමයි පොලෝසියට යන්න ඕන ලයිසම ගන්න.

    ReplyDelete
    Replies
    1. මුට දෙන්න ඇත්තේ ලයිසොම අරගෙන ටැම්පරි පර්මිට් එක

      Delete
    2. මැලේ මල්ලි හරි.

      Delete
    3. ටැම්පරිය දීල දඩ කොලේ දෙන්නෙ නැත්තෙ උසාවි දාන වරදක් කළොත් විතරයි. එහෙම නැත්තං ලියපු එකාට ගානක් කපාගන්න ඕනනං විතරයි. නැත්තං දඩ කොලේ ටැම්පරියත් එක්කම දෙනව. මම අන්තිමට දඩයක් කාපු ගිය අවුරුද්දෙ දෙසැම්බර් වලනං එහෙමයි උනේ. :D

      Delete
    4. අන්න මැලේ හරි... ඒක තමා දුන්නේ. දවස් 14කට :)

      Delete
  8. ඔලුව නැති උන්ට විතරයි බං හෙල්මට් නැතුව යන්න අවසරේ දීලා තියෙන්නේ...,
    දැන් ගම්පහ පොලිසිය හොදයි වගේ ජරාව ඉල්ලනවා අඩුයි ...

    ReplyDelete
    Replies
    1. චමියො බොලාගේ හොම්බ රිවට් උනා කිව්වා නේද??

      Delete
    2. ඔව් කෙන්ජයියා.. දැන් සුට්ටක් හොදයි වගේ.. කන්ට තමයි බැරි..

      Delete
  9. අඩේ මමත් දවසක් දඩයක් කෑව... කාලකන්නි කම කියන්නෙ මම ගෙදරින් එලියට දාන්න උනේ නෑ කියපන්... අල්ලපු ගෙදරට ආපු එකෙක්.... දැක්ක විතරයි... මුගෙ අම්මට හුරුල්ලො තම්බන්න ගැහුවනෙ දඩේ... යකෝ ඌ දඩේ ලිවුවෙ ගේ ඉදිරි පිට... මම ඌට කිවුව මම බයික් එක එලියට දැම්මෙ යන්න නෙමේ කියල... මූත් එක්ක ඇරගත්ත.. ඒකෙ මලට තමා මූ වැඩි හරියක් ලිවුවෙ.....

    කාලකන්නි හැත්තවල්....

    ReplyDelete
    Replies
    1. බුහහහා... ඕකට තමා කියන්නේ ගෙදර ඇවිල්ලා ඇරලා යනවා කියලා :))

      Delete
  10. බත් කන්න ගිහින් හිටි නිසා හොඳය වෙන දියුටියකට එහෙම ගිහින් හිටියානම් සොරිම තමාය .

    ReplyDelete
    Replies
    1. සිරාවටම..එහෙනං මට ආයේ එන්න වෙනවා!!

      Delete
  11. අප්පා බං මමත් තව පොඩ්ඩෙන් පලවෙනි දඩේ ගෙවනවා පොලිසියට. කවුද දන්නේ තැපැල් කන්තෝරු සීන් එකක්. මම අතේ සල්ලි තියාගෙන පොලිසියේ දඩ කොළ පෝලිමේ හිටියා. පෝලිමේ හිටපු එකෙක් තමයි කියල දුන්නේ.

    ReplyDelete
    Replies
    1. හහහා... කවදා කාපු ටකරන්ද නේ බං???

      Delete
  12. හෙල්මට් එක නැතුව යද්දි වැ‍ටුනා නම් තමයි බං හෙල්මට් එකේ අගේ තේරෙන්නේ. මම නම් ඔය හෙල්මට් නීතියට කැමතියි. උඹ දන්නවද මේ රටේ හෙල්මට් දාන්න ඕනෙ නෑ, නමුත් බයික් එකක දෙන්නයි උපරිම, පොඩි ළමයි වුනත් දෙන්නෙක් බෑ. පොඩි දරුවෙක් එක්ක යනවානම් සෙෆ්ටී බෙල්ට් එකක් තියෙනවා දරුවව බඩට බැඳගන්න.

    ReplyDelete
    Replies
    1. ඇහ්? සිරාවට...??? මමත් එනවා ඔය රටට...

      ගෑණු ලමයි බඩේ බැදන් යන්න බැරිද දන්නෑ.. :))

      Delete
  13. දඩයක් ගෙවන එකත් දඩයක් වගේ :)

    ReplyDelete
  14. යකෝ...... තනි පොලිස් කාරයා නම් හිටියේ මොකටද නැවැත්තුවේ?

    ReplyDelete
    Replies
    1. යකෝ ඌ බයික් එකට පැනලා යතුර උදුරලා ගත්තම පියාඹන්නද කියන්නේ? :))

      Delete
  15. මෙහෙනම් දඩකොල හරිම සෝයි ලේසියෙන් අතට දෙන්නේ නැ (දෙන ඒවත් තියෙනවා) කෙලින්ම තැපෑලේ වාහනේ අයිතිකාරයාගේ ගෙදරට එනවා ( අපේ නම් කොම්පැනියට ) එතකොට තමයි දන්නේ එහෙම වරදක් කරලා කියලා

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. "බ්ලොගර්ද මොකද්ද එකක අතේ ගහන්නලු" :o
    බයික් එක අපේනම් ඔලුවත් අපේනම්,ජීවිතෙත් අපේනම් කාටත් ඇයි වේදනා කියල අහන්න තිබ්බේ ^_^
    කොහොම උනත් රජා රජ පාඩම ඉගෙනගෙන තියෙනව් ;)

    ReplyDelete
    Replies
    1. අහෙනං උඹලට අද මේක කියවන්න වෙන්නෑ :))

      Delete
  18. දවසක් යහළුවෙක්ගෙ බයික් එකක යත්දි අපිටත් වුනා ඔය කේස් එකම. හැබැයි අපි දෙන්නටම හෙල්මට් නෑ. මෑන් ගත් කටටම ඇහුවෙ "තොපිට අලියෙක් ගන්න සල්ලි තියෙනවා හෙන්ඩුවක් ගන්න තමා සල්ලි නැත්තෙ නේද?" කියලා. දෙහිත් කපලා මදි අඩුපාඩුවට දඩෙකුත් ගැහුවා.

    - ප්‍රියා.

    ReplyDelete
  19. අර රුපියල් දහයක් අරන් එන්න කියන්නේ උඹේ දඩේ ෂේප් කරගන්නද?

    ReplyDelete
    Replies
    1. ලොල්... එපා එපා අපි දැන් ඒවා නොමිලේ දෙනවා..!! :)

      Delete
  20. ඔන්න මම නම් දන්නේ නෑ .. ඔව්වා .... :P

    ReplyDelete
    Replies
    1. තොට ඉතින් මම කියන්නෑ... =))

      Delete
  21. හොද වැඩේ බොලාලට :P

    ReplyDelete
  22. අපරාදේ හෙල්මට් 2කම නැතුව යන්න තිබ්බේ එහෙනම් රජා දැන් උසවියේය

    ReplyDelete
  23. //හිටපු නැති සොසයිටි වල නම් හිටන් දාලා තිබ්බේය. //
    මෙක දැක්කම මතක් උනෙ.මගෙ යාලුවෙකුට ඔය විදියට නොකරපු සෙල්ලමක ටිම් එකෙ හිටිය කියල දිල තිබුන.ඉන්ටර්වීව් එකකදි අහල එ සෙල්ලමෙ ටිම් එකක කි දෙනෙක් සෙල්ලම් කරනවද කියල.මු දන්නෙ නැ.එතන පජාතයිලු

    ReplyDelete
    Replies
    1. හහහා... සිරා සීන් එක!!! :))

      Delete
  24. උඹේ නංගි පිටේ යද්දිද දඩේ කෑවෙ...පොරොන්දුව මතකනෙ...ෆොටෝ ටික දාන්ට ඕනෙ...හොද කොලුවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා....

      අනිවා අනිවා... විනාඩි 10ක විතර වීඩියෝ එකකුත් කරන්න ඉන්නේ... :)

      Delete
  25. රජ කාලේ මාර්ග නීති තිබුන එකක්යැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං... අපි දන්නවයෑ ඕවා!!!

      Delete
  26. තාම දඬයක් කාල නැති හන්දා ඉතින් දන්නේ නෑ කියන්න.. අර මං බේරුනා වගේ බේරෙන්න එපැයි බං ශේප් එකේ..

    ReplyDelete
    Replies
    1. හරි ගියේ නෑ බං... මම පොඩ්ඩක් කිව්වා. උගේ මූණ දැක්කම බය හිතුනා!!

      Delete
  27. ආදර්ශමත් නායකයෙක් රජ වුනත් දඩ ගෙවුවේ එකනේ.. රාජ්‍ය බලය අයුතු විදිහට භාවිතා නොකර.. :P

    ReplyDelete
  28. දැන් දඩ ගෙවන හැටි දන්නවද?

    ReplyDelete
    Replies
    1. හහ්... ලෙසටම පුළුවන් :)

      Delete
  29. හයියූ.. හරි පව් වැඩේ :P

    ReplyDelete
  30. මගෙන් 10ක් ගන්නේ නැතුව අයිටමේ දියන්..............

    ReplyDelete
  31. 1989 දී හෙල්මට දාගෙන යනවුන් ඇල්ලුවා.

    ReplyDelete
  32. දවසක් අපේ වාහනේ හයි ස්පීඩ් ඇල්ලුවා.වැඩිය නෑ 65 .ඒ එක්කම අවා කාර් එකක් 80 වේගේ පොලිසියෙන් .නැවැත්තුවා.කාර් එකේ හිටපු පොර ඇහුවා ඇයි කියලා .පොර මීටරේ පෙන්නුවා අහවලාගේ ගෙදරට ඇවිත් ලියන්න කියලා ගියා.අනේ පොලිසියේ මහත්තයා ලයිසොම නිකම්ම දුන්න.....ඔන්න ඔහොමයි තත්වේ ...

    ReplyDelete
  33. ඔබට මලක් දී ඇත. http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)