Thursday, October 24, 2013

කුප්පියකට නයිටක් ගහන්නේ කෙසේද?? - The Most Easiest Assignment Ever!!!


ඔය හිටපු ගමන් තියෙන නිදහස් ෆන් කාලය නැත්තටම නැතිවී දූරිම්භූත වී යන්නේය. ඒ වෙලාවට ඉතින් අර ජොලියේ හිටපු වෙලාවත් එක්කම එපා වෙලා යන්නේය. එක සැරයක් ත්‍රිකුණාමලේ සරණාගත කදවුරක් ගහන්නට ගිහින් කොහෙදෝ මන්දා ඉරා ගත්තේය. ඒවා මේවා ඉවරකරගෙන සම්භාව්‍ය ලෙස ඉදිරියට යද්දී ස්ට්‍රක්චරල් මොඩුයලය අපිව විනාස කරන්නට ආවේය. පණ්සිය පනස් ජාතක පොත වගේ EURO කෝඩ් පොත බදාගෙන ලෙක්චර්ස් යන්න වෙලා තියෙන්නේ අර ඒ ලෙවල් කරන කෙල්ලෝ ටියුට් මිටිය පපුවට තුරුළු කරන් යනවා වගේය.

මේ තාක් කාලෙකට ආපු අමාරුම එසයිමන්ට් එක මුහුණ දීමට අපිට සිදුවිය. උගන්නන්නේ පේරා ලෙක්චර් කෙනෙක්ය. මේක අඩුම තරමේ පේරා සිවිල් උන්ටවත් දෙන්නේ නැති තරමේ අමාරු එකක් යැයි පොර කිව්වේය. මං හිතන්නේ මිනිහටත් මේක අමාරු වෙලාද කොහෙදය. අපි අහන ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නෙත් නැත. ඔන්න ඔය වෙලාවට ඉතින් සුද්දගේ ආච්චිට...........හුරුල්ලෝ අරන් දෙන්න හිතෙනවාය.  හුරුල්ලෝ අරන් දෙන්නේ මේ දවස් වල උන් හෙන ගණන් නිසා මිස වෙන මොකටවත් නොවේය. 

අපි ඉතින් ස්ට්‍රක්චරල් එක්සෑම් වලට 100න් 100ම ගත්තු කොල්ලෝ උනාට... කොච්චර ට්‍රයි කලත් මේක නං හදාගන්නම බැරිය. දවස් දෙක තුනක් සෙට් උනත් එක්කෝ කැම්පස් ඇවිත් ෆිල්ම් බලනවාය. නැත්තන් වෙන මොකක්හරි වැඩක්ය. අර කලින් දවසකුත් කිව්වා වගේ අපිට වෙන්නෙම මහා නොහොඹිනා වැඩය. සම්බිට් කරන්න දවස් 2කට කලින් උදේ පාන්දර වැඩේට සෙට් උනෙමු. උදේ ඉදන් ගාන හදනවා හදනවා ඉවරයක් නැත. සමහරු පණ දා ගෙන ටයිප් කරනවාය.  ඔය දාගෙන ටයිප් කලාට තාම එසයිමන්ට් එකෙන් 5% වත් ඉවර නැත. ඒ ටයිප් කරන්නේ Introduction එකය. වෙලා තියෙන්නේ තාමත් නිකන් මේක ලත් තැනම ලොප් වෙලා වගේ සීන් එකක්ය. 

කොහොම හරි හවස 5ට විතර ළකුණු හම්බෙන පාර්ට් එකේ ගාන හදන්න ගත්තෙමු. A4 කොළ බලාගෙන ඉද්දී ඉවර වෙනවාය. ඒ අස්සේ කම්මැලි කමට ලැප් වලින් සින්දුත් දාගෙනය. ඒකත් මහ අමුතු ක්‍රමේකටය. එක සින්දුවක් ඉවරවෙනකොට අනිත් සින්දුව දාන්නේ වෙන එකෙක්ය. දුලියා, රජා සමග මඩයා මේ සත් ක්‍රියාව වෙනුවෙන් සින්දු වලින් දායක උනේය. හැබැයි හොද සින්දු මික්ස් එකක් නම් නොලැබුනාට සැකයක් නැත. 

ඇරඹුමම ලොප් වෙලා!!!
ඔය අස්සේ මඩයට, අර දුව දීගෙක යන සින්දුවක් මතක් වෙලා ඒකම කියෝනවාය. ඌට ඒකේ මුල් පද ටික අමතක වෙලාය. ටයිප් කරන එක පැත්තක තියලා ඒක හොයනවාය. විනාඩි කීපයක් දගලලා දගලලා ඒක හොයාගෙන හෙන හයියෙන් ඇහුවේය. සින්දුව “එදා මෙදා තුර“ එකය. 

8.30 විතර උහුලගන්න බැරි බඩිගින්නක් ආහු හෙයින් කට්ටියම කෑම කඩයක් හොයාගෙන එළිබැස්සෙමු. කඩේ හලාල් රහිතත් විය යුතුය. ගල්කිස්ස හන්දියේ සිංහල කඩයක් හොයාගෙන ගියෙමු. සෑම සියළු දෙනාගේ එකගතාවය මත කොත්තුවලට වග කියන්න ගත්තේය. හැමෝම වගේ එක මස් ජාතියකින් කද්දී කාවින්දයා විතරක් අමුතු මස් ජාතියක් ඕඩර් කලේය. අන්තිමට අතුරුඵලය උනේ ඌට වැඩිපුර අතින් කයිට් උන එකය. හැබැයි කොත්තුව නම් පට්ට පජාතය. කොත්තු කෑලි තාම අමුය. 

කට්ටිය මූණ අතපය හෝදන්න යන්නේ කාලා එහෙම ඇවිල්ලාය. ඒ අපේ උන්ගේ හැටිය. ඔක්කොම සිද්ධ වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටය. ඔන්න එකෙක් එක පාරටම පශ්චාත් පොරෝ පාර එළියේ දාගෙන ලැබ් එකෙන් එලියට දිව්වේය. රජාගේ කැමරාව ඔය වගේ සිද්ධි ඔටෝ ඩිටෙක්ට් වන “පැපරාසි ඩිටේක්ෂන්“ මෝඩ් එකකින් සමන්විතය. ටික් ගාලා ඒවා වීඩියෝ ගත වන්නේය. පහල වීඩියෝවේ සිද්ධිය ඇත. 

ඔය දිව්ව එකාම ටික වෙලාවකින් ලැබ් එක ඇතුලට ආවේය. 

ඌ: බලහන් හැකියාව.... ජොකා තෙමන්නේ නැතුව නෑවේ....

අපි: සිරාවට??? 

ඌ: හෙළුවෙන් නෑවේ ඕයි...

වොශ් රෑම් එකේ ෂවර් එක තියෙන්නේ එළියෙය. මූ නාලා තියෙන්නේ එළිපිටය. බැරිවෙලා හෝ සික්කා ආවානම් වෙන්නේ මල ජූලියක්ය. අපිට අහිංසක කොළුවෙක් අහිමිවෙනවාය. :D :D ඇයි ඒ විතරක් නම් කමක් නැත. කොත්තුවේ ආනිසංශ හැමෝටම ලැබෙමින් තිබී ඇත. එකෙක්වත් සද්ද නැත. අඩෝ ඊයේ කොත්තුව අප්සට් යැයි කියන්නේ පහුවෙනිදාය.

කොහොමහරි ඔය සිද්ධිදාමයක් අස්සේ ගාන හදලා ඉවරවෙනකොට පාන්දර 4.30ය. එහෙම්මම ලැබ් එකේ ප්‍රොජෙක්ටරේ ගහලා හෝල් එකේ වාගේ WHITE HOUSE DOWN බලන්න ලෑස්ති උනා විතරය. කරුමේ කියන්නේ අටමගල් මැෂින් එකේ සවුන්ඩ් වැඩ කරන්නේ නැත. හෙන ට්‍රයි එකක් දුන්නද හරි ගියේම නැත. ඔක්කොම පැත්තක දාලා පොඩි ඇලට් එකක් දැම්මෙමු. 

පාන්දර 5ට විතර කට්ටිය විසිර ගියේය. රජා, අමිල අයියා සහ කාවින්දයා කොටුව පැත්තට ආවේ 5.45 වවුනියා ට්‍රේන් එක අල්ලගන්නය. මග දිගට එනකම්ම බස් එකේ දැපලාය. හම්මෝ....ට්‍රේන් එකේ හෙන ගහන්න සෙනගය. මොකද එදා දවස් 3ක නිවාඩුව හම්බෙන දවසය. මදැයි කොලා...ආවේ හොදට කෝච්චියේ බුදියගන්න හිතාගෙනය. සිද්ධ උනේ මීරිගමට එනකන් ෆුට් බෝඩ් එකේ එල්ලිලා එන්නය. සීතල හුලං පාර වදිද්දි නින්ද නොගිය ටික විතරය.

ගෙදර ඇවිල්ලා කලේ MAN OF STEEL බලපු එකය. ලෝඩ් පකීර් වගේ නයිට ගැහුවට මොකද දැන් නිකන් බල්ලට වගේ නිදි මතය. සුපර් මෑන් ගහගද්දි මට නින්ද ගියේය. කවදා වෙච්ච සීන්ද? එහෙම්මම නිදාගෙන ආයේ ඇහැරෙනකොට හවස 6ය. ආයෙත් පාන්දර 1 වෙනකන් හදපු ගාන ටයිප් කලේය. ආයේ පාන්දර 5ට ලෙක්චර්ස් ගියේය. ආයේ එදාම පාන්දර 2 වෙනකන් එසයිමන්ට් එක සම්පූර්ණ කලේය. ආයේ පාන්දර 5ට ලෙක්චර්ස් ගියේය. එහෙම යනකොට එදා ලෙක්චර්ස් කැන්සල් කරලාය. අපිට නේද....... ඌරු ජුවල් ඩෙවල් දාලා වගේ තද උනේය. ශුද්ධ සිංහල පන්තියක් ආරම්භ උනේය. ඇයි යකෝ ගෙදරට වෙලා බුදිය ගන්න තිබ්බ වෙලාව නේද මෙහෙම විනාස කරලා දැම්මේ???

අපි එසයිමන්ට් කරන හැටි ගැන රජාගේ බටු කැමරාවෙන් කරපු වීඩියෝව:




ප/ලි:

පස්ස එලියේ දාගෙන දුවන එකාගේ දැඩි ඉල්ලීම මත කොටු කොටු දමන්නට සිදුවිය. මට ආයේ කෙල්ල මෙහෙම එන්න දෙන්නේ නැති වෙයි බං... අනේ එපා බං..... මට චාටර් වෙන්න වෙන්න වෙනවා බං...හයියූ මට ඉතින් දුක හිතුනේය.

වීඩියෝව බලපු අපේ අම්මා, හාපෝ.....මේ ළමයි බ කන්නේ නිකන් හිගන්නෝ වගේ යැයි කීවේය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය...

හැබැයි මොනවා තිබුනත් රෑ වෙලා එක ජාතියක් මිස් වෙලා මුලු දවසම වෑඩක් නෑ වගේය!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

50 comments:

  1. කුප්පි රෑට දාන්න එපා කියල කියන්නේ ඒක තමා යකුනේ... එක පුලියේ...

    ReplyDelete
  2. මටත් තියෙනවා එකක් තනියම කරන එක තමයි අවුල

    ReplyDelete
    Replies
    1. මං එන්නද එහෙනං??? :))

      Delete
  3. කවුද යකො කියන්නෙ "එදා මෙදා තුර" සින්දුව දුව දීග යන සින් එකක් කියල.යකො එකෙ කෙල්ල මැරිච්ච සින් එකක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලොල්...යකෝ මුන් බීලද හිටියේ??? :))

      Delete
  4. සිරාවට ඔයි ඔහොම කද්දී තමා ජීවතේ සැප දැනෙන්නේ බන්.
    ඔය වගේ ප්‍රොජෙක්ටරයක් ඉස්කෝලේ ප්‍රදර්සනෙකදී සෙට් වෙලා අපිත් පිලුම් බැලුවෙමු,ඒත් ඒ පිලුම් ගැන කියන්නට බැරිය :3 If u Know what I mean

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න ලයිව්!!!

      Delete
  5. දැන් මම කියෙව්ව බ්ලොග් එක මොකද්ද..... මුටද පිස්සු නැත්නම් අපිටද
    ඔය video එකේ යන සින්දුව කව්ද බන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... අළුත ආපු එකක්... පට්ට හැබැයි!!!

      Delete
  6. හලේ රාජසම්පත් ඔය වගේ නම් මම මේ ඉන්න විදියටම ඉන්නම්

    ReplyDelete
  7. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය... :)

    ReplyDelete
  8. කෝ රජෝ අර ගෙනාපු පැණි බීම ‍බෝතල් ටික. ඒව නෑනෙ වීඩියෝ එකේ. :D

    මුං මේ වගේ හැසිරෙනබව දන්නවනං එසයින්මන්ට් කියන වචනෙත් තහනං කරනව.

    ReplyDelete
    Replies
    1. ආපූ.... කවුද ඒවා බොන්නේ?

      Delete
    2. තහනම් කරනවා??? අනේ හා........................... :-f

      Delete
  9. අඩෝ සිරාවට පට්ට ගති වැඩේ තමා කුප්පි දාන එක... කොච්චර කරනව කියල හිතුවත් වැඩේ වෙන්නෙ එලිවෙන ජාමෙට.....

    අහල පහල වතුපිටි වල පලදාව එහෙම අපේ ගෙවල් වල

    ReplyDelete
    Replies
    1. හහහා... ටෘ ස්ටෝරි!!! =))

      Delete
  10. අපිටනම් ඉතින් කුප්පි ගැන අත්දැකීම් නැත.. ඒත් මේක දැක්කම විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ..

    ReplyDelete
  11. උඹලගේ වීඩියෝ එඩිටිං පොරගේ වැඩ වලට නම් මම බොහොම මනාපය... තව කාලෙකින් මේවා උඹලට බොහොම වටී...

    ReplyDelete
    Replies
    1. ඒ එඩිටින් පොර මම තමා බොලං... :)

      සිරාවට නේ... මටත් හිතෙනවා ඒක!!!

      Delete
  12. නිදි මරලා පහුවදාට ඇහැරන් ඉදලා ඇහැරන් හිටපු වැඩේ කැන්සල් කියලා දැනගත්තාම හප්පේ ඇගට දැනෙන සනීපෙ........
    :@ :@

    ReplyDelete
    Replies
    1. ඔව් යකෝ... වෙඩි තියාගන්න හිතෙනවා බං =D>

      Delete
  13. වීඩියෝව නම් විලිලැජ්ජාවේ සංතෝසෙ බැරිය.

    මේ පොටෝව උබ කලින් බුකියේ එබුවා නේද?

    ReplyDelete
    Replies
    1. යා යා.... එදා රෑම දැම්මනේ :)

      Delete
  14. රජා මේ පෝස්ටුව කලින් දාලා තිබිලා delete කරලාද ආඵු දැම්මෙ..?

    ReplyDelete
    Replies
    1. එක පාරක් දැම්මා...එක පබ්ලිශ් වෙලා නෑ. කට්ටිය කිව්වමයි දන්නේ :)

      Delete
  15. thopila hariyata ithiypiyawe kanna nathi untath hapan ne... yako kaama eka niwi sanasille kaapallako ballo balalu wage pora kaa ganne nathuwa ( pandi talk dunnata mamath iskole yana kaale ohomai ban..)

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් කොහොමත් ලොකු සීන්නේ :))

      Delete
  16. කොත්තුවේ ආනිසන්ස ලෙස බඩඑලියක් සෙට්වූ රජා අන්තිමට නෑවේ ජොකා පිටින්ලුය, අන්තිමට තෙත ජොකා බෑග් එකේ දාගෙන ට්‍රේන් එකේ ආවේ හොන්ඩා ජුලවමින්ලුය :P
    විශ්වාසදායී ආරංචි මාර්ගයකින් දැනගත් පුවතකි :D

    ReplyDelete
    Replies
    1. හොන්ඩා ජුලෝලා එකක නැගලා ආවේ යකෝ!!! =))

      Delete
    2. විශ්වාසදායී ආරංචි මාර්ගය??? ඒ මොකාද කියහන් බලන්න? b-(

      Delete
  17. video eka nam kalin dala thibunanee.. fatta fun........ lapata sinhala na ban mey tike

    ReplyDelete
  18. කෝ බන් අර කොත්තු වල මස් නැද්ද බන්? සිකේ උබලා කොත්තු බාගද බන් කෑවේ

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා.... හංගගෙන ඉන්නේ. නැත්තන් කන්න වෙන්නෙ නෑ :))

      බාග???? යකෝ ෆුල් කෑවනම් බඩ ගිහින් මැරෙන්නේ =))

      Delete
  19. කුප්පි නං කමන් නෑ කියමුකෝ... ඒත් ඇසයිමන්ට් ! අම්බෝ මරාල !!!

    ReplyDelete
  20. ////වීඩියෝව බලපු අපේ අම්මා, හාපෝ.....මේ ළමයි බ කන්නේ නිකන් හිගන්නෝ වගේ යැයි කීවේය. ///////

    අම්මාගේ කටේ මසුරන් දාන්න ඕන......මට ඕක හිතුනේ ගලධාරි එකේ කන හැටි දැකලා.

    ReplyDelete
  21. ඔය අන්තිමට බොට අම්මාි කියපු එක කිසි වෙනසක් නැතුව අපි කනව දැකලා අපේ අම්මත් කිව්වා ඕයි -_-

    ReplyDelete
    Replies
    1. අම්මලා ඔක්කොම එකයි බං... :)

      Delete
  22. digatama liyanna .....suba pethum magen

    ReplyDelete
  23. හප්පේ ඔය කරන වැඩ කන්දරාවෙ හැටියට ඔහොම කාල මදි. එහෙම කාලත් ඔය තරමට ඉන්න එකත් පුදුමයි. ඇත්තටම රාජ සම්පත් ලැබිල ඔහොම නං අපි මේ විදින්නෙ දිව්‍ය ලොක සැපනෙ රජෝ...

    ReplyDelete
    Replies
    1. හහහා :))

      කොච්චර කැවත් ඔච්චරයි බං...

      Delete
  24. ඉස්කෝලේ ප්‍රදර්ශනයකට අපේ කට්ටිය සෙට් වෙලා මුත්තයි වත්තේ කුරුම්බා සේරම බිලා.ඒ මදිවට රෑ බැලුවේ නැද්ද වැලක්.......හැබැයි කට්ටිය පහුවෙනිදා එක් එක් තැන්වල නිදි කිරනවා ....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)