Friday, September 13, 2013

පව්කාරයෙකුගේ සේනාසනාගමනය - නාවිමන ආරණ්‍ය සේනාසනය | Nawimana Forest Monastery


සාමාන්‍යයෙන් අපේ ගෙදර කට්ටියට කොහෙන් හෝ මාස දෙක තුනකට සැරයක් නම් දානයක් සෙට් වෙනවාමය. ඔය වැඩකටයුතු අස්සේ රජාත් පස්සෙන් දුවන්නේ දානෙට උදව් කරන්නම නෙමේය. බඩ පැලෙන්න දානේ කන්නය. දානේ කාලා කාලා ඌරා වගේ මහත් වෙලා ආයේ සති ගාණක් නිරාහාරව ඩයට් කරන්න සිදුවීම වෙනම කතාවක්ය. ඒත් කන්න තියෙන වෙලාවට බුරිය උල් වෙන්න කන්න ඕනෑය. ඔන්න ඔය තියරිය මත පැලපදියම් වීම හේතුව මතම එදා තරුපහේ හෝටලේකුත් දින කීපයකට බංකොලොත් උනේය.

මේ පාර දානේ දෙන්න යන්නේ හෙන නම අහලා පුරුදු පන්සලකටය. ඒත් මතකේ හැටියටනම් මීට කලින් එහෙ ගිහින් නැත. එහෙන් මෙහෙන් කටින් කොනින් ආරංචිය ආපු හැටියට නම් මේක ආරණ්‍ය සේනාසනයක්ය. හහ්..... ගහක්, ගලක්, කන්දක්, කැලයක් කිව්වොත් ඉතින් අපි නවතිනවද ගෙදර???? ඉම්පොසිබල් යා....ර්!!! :D

මේක එසේමෙසේ පොඩි සේනාසනයක් නොවේය. අක්කර 50කට කිට්ටුවෙන්න පිහිටි භූමි භාගයක්ය. පිහිටලා තියෙන්නේ විලිකුලාකන්ද වන රක්ෂිතයේය. වරකාපොලින් අඹේපුස්ස කෑම්ප් එක පැත්තට කිලෝමීටර් 2ක් විතර එනකොට රක්ෂිතේ දැකගන්න පුළුවන්ය.කැලේ පටන් ගන්න තැනින්ම තියෙන පාරෙන් හැරිලා ආරාමෙට යන්න පුළුවන්ය. යනවා කිව්වට එහෙමත් ලේසියෙන් යන්න බැරිය. කන්ද තියෙන්නේ මේමය. මේම කිව්වම හිතාගත යුතුය. හපුතලේ කන්ද දැකලා බඩ දෑවේ ගොනාගේය. මේ කන්ද දැකලා බඩ යන්නේ ඩීමෝ බට්ටන්ටය. මේක ඩීමෝ බට්ටා අද්දන්නේ නැති දාර කන්දය. ඒයව් අස්සේ දහඅට වංගුවේ වගේ වැලමිට වංගු දෙකක්ද තුනක්ද තිබ්බේය. 

මෙතනින් ඇතුලට
විලිකුලාකන්ද රක්ෂිතය


පාර දිගේ
රාජ බූම් එක සුපිරි ටර්බෝ භාණ්ඩේ හින්දා ගින්නක් නැතුව කන්ද ඇදගෙන සෙනසුනට ආවේය. හම්මා...සුපිරිය. අම්බානට වහින්නේය. කැලේ අස්සෙන් එන වතුර පාරවල් හැම තැනමය. ඒ අස්සේ හුලං පාරත් එක්ක එන සීතල උහුලන්න බැරිය. නිකන් නුවරඑළි ගිහින් වගේය. කවදාවත් නැතුව අඹේපුස්සෙදි කන්දෙකත් අගුල් වැටිලාය. වෙලාව හවස 6ට විතර වෙන්නට ඇත. සීතල උහුලන්නම බැරි තැන කට්ටියට කෝපි හැදීමේ භාරදූර කාර්යය කිරිඅම්මා විසින් භාරගත්තාය. රජා සමාන්‍යයෙන් මේ වගේ ගමන් එන්නේ කන්නමය. එක කෝපි එකක් ඉවර වෙනකොට තව එකක් ආදී වශයෙන් කෝපි කෝප්ප 5ක්වත් නම් මම බොන්න ඇත. හෙට උදේට සිදුවන විපැත්තිය ගැන මෙලෝ සිහියක් මට නැත. ඒ තරමට සී.........ත........ල....ය!!!

8-9 වෙනකන් යෙදී තියෙන්නේ ධර්ම සාකච්ඡාවය. මොන පින් වැඩේ කලත් බණ අහන එක තරම් (ගාථා කියවන එක නෙවේ... බණ) අකමැති වැඩක් මට ලොවෙත් නැත. ඕකට අපේ මව්තුමිය කියන්නේ “ඕවා හදන්න බෑ...තමුන්ගෙ තියෙන පව්කාරකම කියලාය“ බොහොම අමාරුවෙන් පැයක් වාඩි වෙලා හිටියේය. අන්තිම පැය බාගේ නම් මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්නය. ආච්චිලා සෙට් එක හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්න ඇහුවම මට සසර කලකිරුනේය. අම්බෝ.... මේ ආච්චි අම්මලාට තියෙන්නේ මහා දැවෙන ප්‍රශ්න කන්දරාවක්ය. මට පොළවේ තිබ්බ ටයිල් කාගෙන කාගෙන යන්න තරම් මෙව්වාය. ඒ ප්‍රශ්න අහන හාමුදුරුවන්ටත් හිනා යන්නේය. අපි ගැන කවරනම් කතාද? ඕවා එක එක වයස් වල වැරදීන්ය.

බුදු කුටිය
බණ අහලා ඉවර වෙලා ක්ෂණික කුස්සියට ගිහින් බත් බෙදාගෙන කෑවෙමු. දැන් තියෙන්නේ මහ කැලේ නයිට ගහන්නය. හෙන ගහන සීතලේ වකුටු වෙලා නිදාගත්තෙමු. ඒ අස්සේ කොහෙදෝ හිටපු පූස් පැටියෙක් අපි අස්සේ කැරකෙන්නේය. බැරිම තැන සෙනසුනේ කැපකාර මහත්තයා ඌව එලවා දැම්මේය. 

පසුදින උදෑසන හා දවල් දානේ දෙකම අපිටය. උදේ දානේ 6 වෙනකොට තියන්න ඕනෑය. රජා ඉතින් සුපුරුදු පරිදි ඇහැරෙනකොට 7ත් පහුවෙලාය. ඇයි අප්පා සීතලට ෂෝක් එකට නින්ද යනවාය. කොහොමහරි දවල් දානේ දීලා ඉවර වෙන්න කලින් ඇහැරුන එක ගැන මට ඇත්තේ මහත් සතුටක්ය. නැත්තන් ඉතින් අම්මාගෙන් කනක් ඇහිලා ඉන්න නැත. 

අප්පට සිරි... අදින්න ගෙනත් තියෙන්නේ එදා අර පිස්සෝ එක්ක මාලිගා ගල ගාව පිට්ටනිය බෝල ගහන්න ඇන්ද ගල් ෂෝටය. තනිකර තුත්තිය විමානයක්ය. කරන්න දෙයක් නැත. හදිස්සියට දාගත්තම ඔහොම ඒවා වෙනවාය. 10ට හාමුදුරු කෙනෙකි බණට වැඩියේය. 11 බණ ඉවර කලේය. ඒ වෙනකන්ම රජා කලේ කලිසමේ තුත්තිරි ගලවපු එකය. කොච්චර තුත්තිරි තිබ්බාද කිවහොත් බණ අවසානයේ මං වටේ පොළවට හිම වැටිලා වගේය. 

දනට වඩිමින්
කැලේ ඉන්න වදුරු සේනාවනම් පට්ටය. ගාණට දානේ වෙලාවට එතනය. එතකොට කැපකාර ඩයල් එක කරන්නේ උන්ට කැටපෝලෙන් ගල් විදින එකය. රජා සමග යුව රජ පොරට ගල් සැපයුවේය. ඒකත් ආතල් රස්සාවය. එකසැරයක් රිලවෙකුගේ බඩට බොක් ගාලා ගලක් වැදුනේය. කැපකරු ඩයල් එකට පට්ට හැපිය. කට කනේය. මං හිතන්නේ මෙච්චර කාලෙකට විදපු ගලක් රිලවෙකුට වැදුනාමද කොහෙදය. මූ ඒක විනාඩි 5ක් විතර කියෙව්වේය. ඒකනං රිදෙන්න ඇති.... බඩටම වැදුනා නේ.... ආයේ එන්නේ නෑ පැත්ත පලාතේ. මගේ කන් දෙකත් රිදෙන්නේ මුගේ වරුණාව අහලාය. 

කැටපෝල පාරවල්
අයියේ කන්න දෙයක්???
අන්තිම වශයෙන් අපි කැලෑ පාර දිගේ භාවනා කුටි තියෙන පැත්ත බලන්න ගියෙමු. මටත් ඒ වගේ කැලයක් මැද්දේ ගෙයක් හදන්න මාර ආසාවක් පහල උනේය. ඇයි අප්පා වැහි කාලෙට එහෙම මරුය. හතර වටෙම පෙනෙන්නේය. ගස්වලින් පොඩි බාධාවක් ආවාට අස්සෙන් එහෙන් මෙහෙන් එබුනාම හොද වීව් එකක් හොයා ගන්න බැරිකමතුත් නැත්තේම නැත.

තහනම්!!


වෙහෙර වහන්සේ

සොයාගත් දර්ශනය

කැලේ ඇතුලෙන්

ප/ලි: 

පුරා දවස් එක හමාරක් සෙල්ලම් කරමින් අපේ පාළු මැකූ පූස් පැටියා ආදරයෙන් සිහිපත් කරන අතර කැලේක හිටියට සතෙක් දැක්කා කියන්නවත් අවසාන මොහොතේ ගහක් දිගේ බඩගාගෙන කඩා පාත්වූ මුදු කරවලාට මාගේ ප්‍රණාමය. (ඌ නම් පට්ට ගති!!!)


මේකා ගසුත් යනවා
වතුර පාරවල් අස්සේ රිංගන්නට ගොස් කිහිප වතාවක්ම ලෙස්සා බිම ඇදවැටුන යුවරජාගේ පස්චාත්බාග වේදනාව ඉක්මනින් සුව වේවා!!!

වතුර පාරක් පේන්න බෑ....
අඹේපුස්ස දුම්රිය ගේට්ටුව හදපු උත්තමයා ආදරයෙන් සිහිපත් කල යුතුය. කෝච්චිය එන්න පැය කාලකට විතර කලින් ඉදන් ටං ටිං ගගා බෙල් එක වදින්නේය.  ගේට්ටුව ලගම වාහනේ නවත්තන් ඉදලා මේ පෝස්ටුව ලියන වෙලාවෙත් නිකන් ටං ටං ගාලා සද්දයක් කන ඇතුලෙන් ඇහෙනවා වගේය. 


බැරිම තැන පියරජ: කෝච්චිය තව මරදානේ.... මෙහෙ බෙල් වදිනවා!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

61 comments:

  1. මොනා වුනත් රජා පිංකමක් කරගෙන ඇත... ඒ පිනෙන් අන්තඃපුරයක් දාගන්ට ලැබේවා... ^_^

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!

      උඹලා කවුරුවත් දන්නේ නැති කතා මේ හිත ඇතුලේ තියනවා. ඒවා කියන්නෑ මම :))

      Delete
  2. මන් හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට ලියයි කියලා ,, ෂෝක් මල්ලි .,, ඒත් අර කැටපෝල කතාව නම් පව් නේද එහෙම කරන එක ,,

    ReplyDelete
    Replies
    1. හී... :)

      යප්... ඒක ඉතින් උගේ කරුමක්කාරකම. මගෙ වගේ :(

      Delete
  3. අර කැටපෝලකාරයා නං මොන යකෙක්ද මන්ද... කොච්චර වඳුරන්ට රිලවුන්ට ගල් ගැහුවත් උන්ට වදින්න ගහන්න හිතෙන්නෙ නෑ මට නං ඉස්සර... කැටපෝලෙනුත් එහෙමයි...

    යුවරජත් දියබරියෙක්ද... අපෙත් ඉන්නව එහෙම එකෙක්... මේ මං... හි හි

    අර තහනම් බෝඩ් එක ගහලා තියෙන්නෙ නං කපල්ස් වලට වෙන්න ඕනෙ.. පුදුම කරුමයක් නේ මේක... තරුණ උන් ලවු කරන්න කියලා තියෙන පොඩි වෙලාවෙත් දැම්ම ඉඳන්ම පිං දහම් වලට යොමු වෙන්න හදනකොටත් ඒකට අකුල් හෙළනවනේ මේ නාකි උන්දැලා..

    ReplyDelete
    Replies
    1. හහ් හහ්... ඒ ආරාමේ කැපකරු උන්නැහේ. ඌ නං වදින්නමයි ගහන්නේ. හැබැයි වදින්නේ නෑ :))

      මිනිහා දිය නයා =))

      යා යා.. කපල් වලට පමණයි. කැලේ පැන්නොත් කියලලු!

      Delete
  4. මෙතැන මාරම සුන්දර තැනක් මලයා. අපේ ඉසව්වෙ තමා මේක තියෙන්නේ. ඔය කන්දෙන් අනිත් පැත්තේ තමා අපි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ෂෙහ්... දන්නවානම් කන්දෙ අනිත් පැත්තෙන් බහිනවනේ ගෙදරටම :))

      Delete
  5. රජා මල්ලි තැන නම් ලස්සනයි යන විදිහ ලබන පාර ලංකාවට අවම අහ ගන්නම්......දානේ ගැන කියද්දි මතක් උනේ මේදා පාර ලංකාවට ආව වෙලේ අපේ නෑදෑ හාමුදුරු කෙනෙක්ගේ පන්සලකට දවල් කෑමකට ගියා ගමේ මිනිස්සු මාර කෑම ජාති හදලා තිබුනේ එදානම් අපි ආණමඩුව නගරෙම කරක් ගහලා කන්න යද්දි හවස 3. නත් පහු වෙලා හාමුදුරුවන්ටයි,ගමේ මිනිස්සුන්ටයි පිං දි දි අපි කට්ටිය කෑම කෑවා.

    ReplyDelete
    Replies
    1. කෑමක් ගැන කිවුවොත් අක්කාඅ ඉන්නවා

      Delete
    2. හි...හි...හි.... ඔව් ඔව්

      Delete
    3. එල කිරි හොදේ....

      මේ පාර අම්බලම හොයාගත්තනේ අමාරුවෙන් හරි නේ? එල ආ... :))

      Delete
  6. පාර කියපං හරියට,වරකපොල ඉඳල 429 බස් එක කියපං.
    රේල් ගේට්ටු වල රස්තියාදු වෙන්න ගියෙ මොන මඟුලටද,කීනදෙනියෙ හන්දියෙන් වමට දාල මීරිගමට ගියානං ඉවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. බස් එක දන්නවානම් ඉතින් කියනවනේ. දන්නේ නැති හින්දා දැම්මේ නෑ.

      අපි ආවේ ගිරිඋල්ල පැත්තේ ඉදන්. කණ්ඩලම හන්දියෙන් වමට දාලා කෙලින්ම :)

      Delete
  7. රජා කලින් කිව්වනම් ඔය ළඟම තියන අපේ රෙජිමේන්තු මධ්‍යස්ථානයත් 'වැඳපුදාගෙන' ඒකෙ ඉන්න රෙජිමේන්තු සුරතලා සිංහයාවත් බලලා එනවානේ.

    ReplyDelete
    Replies
    1. මේ රෙජිමේන්තුව අඹේපුස්සට ගෙන ඒමත් සමඟ වෙනිවැල්වත්ත හා ඒ අවට ගම්මානවල ජන ජීවිතය මුළුමනින්ම වෙනස් වුණානේ. ලියන්නකෝ විචාරක තුමා ඒ ගැනත් කතාවක් දෙකක්. ඔය නිල නිවස්නයේ බොහෝ සොඳුරු සැඳැවන් මාත් ගත කොට තිබෙනවා.

      Delete
    2. නලින් මට ඒ ගැන නම් දැනුමක් නැහැ. හොඳක්ද නරකක්ද ඒ පැත්තේ ජනතාවට වුනේ?

      Delete
    3. මට තාම බැරිඋනානේ ඔය සිංහ තඩියව හම්බෙන්න යන්න. වෙලාවක යන්න ඕනි :)

      @නලීන් මාමේ.... මොකද්ද ඒ සීන් කෝන් එක?

      Delete
  8. ස්තුතියි රජෝ දැනුවත් කරාට.

    ReplyDelete
  9. මේ උඹ මාව පිස්සු වට්ටනවා බන්! ඩිග්‍රිය අත ඇරලා ගෙදර හිටියනම් හරි මේ තැන් වල යන්න!

    ReplyDelete
    Replies
    1. හහ්හහ්හා... බය වෙන්න එපා පුතා. අපිටත් තමා මාස 3යි ඔක්කොම සෙල්ලම් දාන්න තියෙන්නේ :((

      Delete
  10. අද ලංකාවේ පෝයද ??? මම හිතුවේ පෝයට පමණයි කියල රජ මේවා දාන්නේ

    ReplyDelete
    Replies
    1. පෝය??? මම පෝයට බණ කතා දානවද? :-O

      Delete
  11. සා .. හරිම සුන්දර පලාතක් නෙහ්.. ඉස්තූතියි තොරතුරු ටිකට..

    ReplyDelete
  12. කොපි බොන්න එපා බන් පුක ආඩම්බර වෙනවා.......... ෆොටෝ ටිකනම් ෆට්ට ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් යකෝ... පහුවදා කොන්ක්‍රීට්!!!

      Delete
  13. බොලාගෙන් තමයි ඉතින් මෙවැනි සුන්දර ගමනක විස්තරයක් දැනගන්න ලැබෙන්නෙ.

    ReplyDelete
  14. නා විමන ගැන මමත් දන්නවා..හැබැයි ගිහිල්ලා නෑ...අපේ නැන්දා කෙනෙක් ඉන්නවා අඹේපුස්සෙ තලගම...එහෙ ගිය වෙලාවක යන්න..මේ තොරතුරු දත්ත ගබඩාවේ සුරක්ෂිත කර ගතිමි. බොට ජයම වේවා...යුව රජාගෙ පුක හොද වේවා !

    ReplyDelete
    Replies
    1. ආ... ඔය ලගමත් තව එකක් තියෙනවා. කිණිතුල්ලාගම ආරණ්‍ය සේනාසනය හරි මොකක්හරි. කොහොමහරි නමට කිණිතුල්ලා කියලා තියෙනවා :))

      Delete
  15. ලස්සන තැනක් යන්න ආසා හිතුන බං..!

    ReplyDelete
  16. සිරා පොට් එක බන්... ආසාවෙ බෑ යන්න... කොහෙද මල ඉලවු ජොබ් එකයි... ක්ලාසුයි නිසා මුකුත් කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. අපිටත් තව ටික දවසයි පුතා..!! :((

      Delete
  17. කෝච්චිය තව මරදානේ.... මෙහෙ බෙල් වදිනවා!!! හාහ් හා...

    ReplyDelete
  18. මේක කියවනකොට මට මතක් උනේ අපි ලෙල්ලොපිටියෙ ආරණ්ණ්‍යෙ දානෙ දෙන්න ගිය ගමන.
    පට්ට ආතල් හැබැයි රෑට බණ අහගෙන ඉන්න ගියාම තමයි ටිකක් හරි එපා වෙන්නෙ.

    අර යුවරජාට ජලසන්නිය නටනවද බං.

    ReplyDelete
    Replies
    1. මට නං බෑ අප්පා බණ අහන්න. සිරාවටම :(

      හහහා... ඌට මඤ්ඤං =))

      Delete
  19. මේක නම් ආරණ්‍ය සේනාසනයක් වෙන්න බෑ.. ඒවයෙ කොහෙද බං සත්ව හිංසා.. මෙතන සත්ව හිංසා දෙකක්ම දැක්කා..

    සමාන්‍යයෙන් නියම භාවනානූයෝගී භික්ෂුන් ඉන්න තැනවල සත්තුත් බොහොම නිවිච්ච උන්... මේ කියන්නේ අත්දැකීමෙන්මයි..

    ReplyDelete
    Replies
    1. අර කැපකාරයා මුන්ව කුලප්පු කරලා තියෙන්නේ :))

      Delete
  20. පින් අතේ වැඩක් කර ගත්තට සුබ පැතුම්!

    ReplyDelete
  21. රජෝ....උඹත් හොඳ හොඳ තැන්වල නේද යන්නේ?

    ප.ලි.........Monastry ද? Monastery ද? උඹද මමද වැරදි?

    ReplyDelete
    Replies
    1. උඹ හරි... මම වැරදී...!!!

      ටැංකෝ ඈ වැරැද්ද පෙන්නුවට :)

      Delete
  22. ක්මෙන්ට් එක අමතක වුනා බොල අර යුවරජාගේ වැඩ දැක්කාම..

    ReplyDelete
    Replies
    1. ඌට ඉතින් ටිකක් අස්පට් කියලා බොලාලා දන්නවනේ :))

      Delete
  23. //ආච්චිලා සෙට් එක හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්න ඇහුවම මට සසර කලකිරුනේය.//

    අපරාදේ රජාට ඒ වෙලාවෙම මහණ වෙන්ට තිබුනේ...:(
    :D:D:D

    ReplyDelete
    Replies
    1. මට හරියන්නෑ ඒක....

      අනික ආච්චිලා ඒ ප්‍රශ්න ඊලගට අහන්නේ මගෙන්නේ. පිස්සු හැදෙයි... =))

      Delete
  24. රජා යන තැන් නම් මරෙ මරු..

    FreewareHut.cu.cc

    ReplyDelete
    Replies
    1. එහෙම තමා පුතා අපි :))

      Delete
  25. මොනවා උනත් නෑදෑකම් අමතක නොකර අයියේ කියල කතා කරපු නෑදෑයා ගැන ආඩම්බරයි රජෝ.. නිකම්ටවත් පිනක් කරගත්ත පාටක් නං නෑ. සත්තුන්ට ගහන්න ගල් හොයන එක ඇර..

    ReplyDelete
    Replies
    1. හහහා... ඒකනේ පව්කාරයා කියලා හෙඩිම දැම්මේ :)

      Delete
  26. අද පත්තරේ තියෙන්නේ ඔය සේනාසනය වහල දැම්මයි කියලා..

    ReplyDelete
    Replies
    1. පත්තරේට වැරදිලාවත්ද? :))

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. මේක බලන්න දෙන්නෙ දහවල් 11-12 අතර විතරයි කියලා තියෙද්දි දවස් එක හමාරක් හිටියෙ කොහොමද? :O
    එහෙම අවුලක් නැද්ද, ඉක්මන් පිලිතුරු අවශ්‍යයි.
    අපිත් හෙට අනිද්දම යන්න කියලා හදන්නෙ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)