Sunday, November 25, 2012

ආයෙත් මම බල්ටි ගැසුවෙමි....


දිනය දැන් හරියටම දවස් දෙකකට උඩය. සිද්ධියට කලින් දවස රෑ අම්බානට වැස්සේය. අතීත හා වර්තමාන දත්ත අනුව රාජ සයිට් එකේ කොන්ක්‍රීට් එකක් යනු අනිවා එදාට කොළඹට වහිනවාමය. මෙවරත් එසේමය. හිටගෙන පශ්චිම යාමය හෝදන්න වැස්සේය. 

පහුවදා කොම්පැණියේ පරණ සුපිරින්ටන් මහත්තයෙක් අපේ සයිට් එකට වැඩට ඇවිල්ලා තිබුනේය. මං රජා ඉන්න සෙක්ෂන් එකේ ලොක්කා වගේ ඉන්නේ මිනිහාය. මිනිහා රජා එක්ක කයියට වැටුනේය. වල්පල් ටිකක් කියෙව්වේය. වැඩට බැස්සේය. හදමින් පවතින 20 වන තට්ටුවේ අපි බීම් බදිමින් සිටියෙමු. අළුත් ලොක්කා නැවත මං ලගට ආවේය. මිනිහා මට මල්ලි කියා කතා කලේය. මට මල්ලි කිව්වට එයා අපේ තාත්තටත් වඩා වයස බව  ටක්කෙටම සුවර්ය.

ලොක්කා - මල්ලි.... බීම් ලේ අවුට් එකක් දෙන්න.

රජා දැන් ෆයිල් එකේ කොල එහෙ මෙහෙ පෙරලන්නේය. කොලේ නැත. මේ ලොක්කගෙන් ලකුණක් දාගන්න තියෙන චාන්ස් එකය. රජා දැන් පුක කැඩිච්ච කඩියා වගේ ස්ලැබ් එක පුරා ඇවිදිමින් ඩ්‍රෝවින්ග් එක හොයන්නේය. එක් වරම අරලිය ගහ මන්දිරයට ඉහල අහස දෙදරා ගියේය. මං රජාය කියන පුද්ගලයා ලොක්කාගේ දර්ශන පථයෙන් ඉවත් වී තිබුනේය.  ඌ බීම් එකක් අස්සේ නිදාගෙන සිටියේය. හෙල්මට් එක උඩී.....න් ප්‍රක්ෂිප්තයක් ලෙසින් අඩි කීපයක් ඈතට විසිවෙනවා ඌ දැක තිබුනේය. 

යකඩ නෙත්ති දෙකක රජාගේ දකුණු කකුල හා වම් කලව පැයට සැතපුම් 150 ක වේගයෙන් දඩෝ.....ස් ගා වැදුනේය. මට රිදුනේ නැත. කකුල් දෙකම හිරිවැටී තිබුනේය. ලොක්කා හිතුවේ රජා ඉවරම තමා කියාය. මම ක්ෂණිකව නැගිට්ටෙමි. කොලේ සොයා ලොක්කට දුන්නෙමි. තාමත් ලොක්කා තුෂ්නිම්භූත වෙලාය. 

ලොක්කා - බලහන් මල්ලි කකුල... අමාරුද?

රජා - නෑ... නෑ... මහත්තයා... අවුලක් නෑ...

අවුලක් නෑ කිව්වට ටොපිය හම්බෙන්න ගත්තේ පැයකට විතර පස්සෙය. අර කාටූන් වල වගේ  ඉදිමෙච්ච පාර කලිසම හිල් කරගෙන ඉස්සරහට ඇවිල්ලා තිබුනේය. ඒක ඉස්සරහා මයිල් ගස්ද දෙකකි. කලවයත් අම්බානට රිදෙන්නේය. කෝකටත් සාක්කුවට අත දාලා කලවෙ මසාජ් කලෙමි. ඒත් එක්කම නිකමට වගේ ෆෝන් එකත් අතට ගත්තෙමි. රජා සිහිමූර්ජා විය. අයියෝ.......නොකා නොබී ඉතුරු කරලා ගත්තු X8 එක. ඩිස්ප්ලේ කුඩුය. බැක් කවර් පැලිලාය. බැටරියත් ඇද වෙලාය. සුනාමියට අහුවුනා වගේය. දැන් කකුලටත් වඩා හිත රිදෙන්නේය. 

මේ සිද්ධිය 15ක් විතර වැඩකරන උන් බලාගෙනය. සෙට් එකම දැන් රජා වටේ වට වෙලාය. එක එකා මරු මරු ප්‍රශ්න අහන්නේය. පඩි ටෝක් දෙන්නේය.

1 - මහත්තයා... මේ බෝඩ් වල තෙල්... පරිස්සමට අඩිය තියන්න.

2 - මහත්තයා මිටීනේ... ඔය ඕපනින් වලින් පයින්න යන්න එපා..

3 - කොහෙද මහත්තයා වැදුනේ?

4 - කෝ බලන්න කකුල...

රජා යටතේ ඉන්න ගෘප් එකේ සුපවයිසර් අර සෙට් එකම ඉස්සරහා ඉදිමුම බහින ප්‍රශ්නයක් ඇහුවේය. මට උඩ ඉදන් කෙලී...න්ම ජබුක් ගාලා මුහුදට පයින්න හිතුනේය.

5 - මහත්තයා... තුන්මුල්ල එහෙම වැදුන්නෑනේ??

රජා - නෑ....නෑ....^_^ 

වැඩකරන උන් ඔක්කොම හිනාවෙන්නේය. අනේ අම්මපා.... මට අරූගේ තුන්මුල්ල කාගෙන කාගෙන යන්න හිතුනේය. ඒ අතර මම උන්ට ෆෝන් එක පෙන්නුවේය. අනේ..... මෙච්චර වෙලා මගෙ කකුල හදන්න හදපු උන් දැන් වැඩත් නවත්තලා පෝන් එක හදන්න යන්නේය. මං එතන මලත් උන් දන්නේ නැත. 

පෝස්ටුව ලියද්දිත් කකුල ඇදුම් කන්නේය. සේෆ්ටි බූට් දෙක ඇන්ටි ස්ලිප් කිව්වට ඒ ලෙස්සපු ලෙස්සිල්ල දැක්කනම්, බූට් හදපු එකා බෙල්ලේ වැල දාගන්නේය. 

ප/ලි:

අන්තිම ට්‍රිප් එකේ හොම්බතලා ගත්තු හැටි මෙතනින්..... ඒකනං පොටෝත් ගහලා කනාවට :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Thursday, November 22, 2012

සුදු කරවල - අතිශයින්ම 21+ (ඡායාරූප සහිතය)

රාජ සයිට් කතා ලේබලය යටතේ තඩි බිල්ඩිමේ චව් සීන් ඔබ වෙත ගෙන ඒමේ මහත් වෑයමක මං රජා මේ මොහොතේ යෙදී සිටින්නේය. කොටන්න තියෙන සීන් කොටාගන්න වෙලාවක් නැත. එහෙයින් ඒවා අතීතයේ  කොන්ක්‍රීට් යට වැලලී යන්නේය. දැන් දැන් රජා චොර සිද්ධි හදුන්වා දෙන්නෙත් කොන්ක්‍රීට් අනන ආකාරයටය. එනම් අනුපාත ක්‍රමයටය. මේ සීන් එක ගූ 7යි වැලි 2කේ  කේස් එකකි. වැලි නැති ගූ 7 සීන් එකක් පසුවට ගෙන එමි. 

මේකත් අර සුදු ඇපල් කෑවා වගේ සීන් එකක්ය. එන්න එන්නම රසවත්ය. හැබැයි මේ ඇපල් නොව කරවලය. අමුවෙනුත් කෑ හැකිය. හැබැයි ලුණු වැඩිය. ඒ මගේ ප්‍රකාශයක් නොව කෑ උන්ගේ එකක්ය. එක එකාගේ දිව එක එක හැඩ නිසා නියම රසක් සොයා ගත නොහැකිව ඇත. 

කලින් කී සුදු කරවල කතාව මෙතනින්

18+ WARNING
|
|
|
|
|
|
|
|
කොටු කොටු කොටු කොටු කොටු කොටු  කොටු කොටු කොටු කොටු කොටු කොටු  කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු  
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
කොටු කොටු කොටු  කොටු කොටු කොටු කොටු කොටු කොටු  
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

කොටු කොටු කොටු කොටු කොටු
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
කොටු කොටු කොටු
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|



ඊළග කෑල්ල තවත් රසවත්...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

Sunday, November 11, 2012

ට්‍රේනින් සොයා වටේ ගියෙමු.

මං රජා දැන් හෙන බිල්ඩිමක කට්ට කන බව මේ බොගේ කියවන මාගේ අතිජාත අඩවි වස්සෝ දන්නේය. එහේ උන චව් සිද්ධි කීපයකුත් නිවාඩු වෙලාවල දැම්මේය. අද මේ කොටන්නේ ට්‍රේනින් සොයා ගිය ගවේෂණ චාරිකාවේ සවිස්තර වාර්තාවය. 

සිවිල් කෝස් එක සාර්ථකව අවසන් කිරීමට නම්  මාස හයක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් අප ලබා ගත යුතුය. 4 වන සෙමෙස්ටරය වෙන් වී තිබෙන්නේ මේ සඳහාය. අපි කලින් ඉඳන්ම මේ සදහා සුදානම් උනෙමු. අපි කියන්නේ ගවේෂක, වැලයා, නිශාන් සමග රජාය. මුලින්ම ගියේ ලොකු ලොකු අතු අල්ලන්නටය. 

චීන වරාය කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙත පිය නැගුවෙමු. ඒකත් එසේ මෙසේ දුරක් නෙවේය. ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 32 වන තට්ටුවේය. ලිෆ්ට් එකේ මේ දුර ගියාමත් හෙන මහන්සිය. එහෙට ගිය පලවෙනි දවසය. ලස්සන අක්කා කෙනෙක් ඉස්සරහම ඉඳගෙන සිටින්නීය. පළමුව ඇගේ පංචකල්‍යානය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඇයගෙන් අදාල විස්තර ලබාගත්තෙමු.

ඇය අපිට ආස හිතෙන ලොකු ටොපියක් දුන්නේය. අපිට චීනේ ඩිග්‍රිය කරන්න සිස්සත්ත දෙනවාය...අරකය මේකය. අපි පසුදිනම  සීවී ලබාදුන්නෙමු. ඒ වන විට අපි හිතෙන් හෙන ලොකු මෙව්වා එකක් මවාගෙන හිටියෙමු. චීනේ ගිහින් ඩිග්‍රිය කරලා, සුදුම සුදු චීන කෑල්ලක් දාගෙන, සුදු පාට ඇස් හීනි චීන බබ්බු හදලා.... අම්මා බැට් එකෙන් ගහපු පාර බෝලෙත් එහා වත්තෙය. එත් ටික ටික දවස් ගෙවී යද්දී එතන ජොබ සෙට් නොවන වාතාවරණයක් ගොඩ නැගෙන බව අපිට වැටහෙන්නට විය. වහාම වෙන තැනකට ගියෙමු. 

ඒ රජාගේ තාත්තා අදුරන කොම්පැනියක්ය. එකේනම් අපිව ගත්තේය. සයිට් එක අනුරාධපුරයේය. එතන පැදියක් දෙන්නේ නැත. කලින් කිවේ නම් 20ක් දෙනවා කියලාය. පස්සේ කිව්වේ ඇලොවන්ස් එකක් පමණි කියාය. අපිට පඩිය කියන එක සැහෙන වටින්නේය. එක එකාට එක එක ආසාවන්ය. මන් රජා රට යන ටිකට් එකට සල්ලි එකතු කරන්නේය. උපාධි අවුරුද්ද තාත්තා ගානෙය. ටිකට් එකට සල්ලි මම හොයන්නේය.


අපි වැඩිපුර හෙව්වේ පාරවල් හදන කොම්පැනිය. මොකද ඒක ආතල්ය. පාරේ යන කෑල්ලක් දිහා බලාගෙන වැඩක් කරගෙන ඉන්න පුළුවන්ය. තවත් අකුරු තුනේ රෝඩ් කන්ස්ට්‍රක්ෂන් කොම්පැනියකට ගියෙමු. එකෙනුත් අපිව ගන්න ලයින් එක තිබ්බේය. හෙට cv  ගෙනත් දෙන්න කිව්වේය. අපි සතුටු සිතින් එලියට ආවෙමු. කෝකටත් කියා දැන් ඉන්න කොම්පනියටත් ගොඩ වැදුනෙමු. 5ට කලින්  යා යුතුව තිබුණි. හිටගෙන ඵුඛ හෝදන වැස්සේ එතෙන්ට යනකොට හරියටම 5ය. අපි ඇතුලට ගියෙමු.


අපි - සර්... අපි මේ කැම්පස් එකෙන් අපිට මෙහෙ ට්‍රේනින් ගන්න පුලුවන්ද?

සර් - HND නේද? අපිට 4ක් ඕනේ... හෙට ඉඳන් වැඩට එන්න. මුළු නමයි, ID නොම්බරෙයි දීල යන්න. ආ... තව පෝන් නම්බරෙත් දීලා යන්න.

අපි - සර් අපිට 5 වෙනිදා ඉඳන් තමයි එන්න පුළුවන්...
සර් - එව්වා හරියන්නේ නෑ... ආයේ ඔයාලට මේ චාන්ස් එක එන්නේ නෑ... හෙට 7ට සේවයට වාර්තා කරන්න.

කෙලපන්කෝ හැලප කිව්වලු. හවස 7ටත් අපි තාම නාවලය. මං රජා ගිරිඋල්ලට එන්නත් ඕනෙය. ආයෙත් උදේ 7ට කොල්ලුපිටියට එන්නත් ඕනෙය. බඩ කොරවෙන සංසිද්ධියකට මුහුණ දීමටවිය. එත් අතට ආපු පිනා චාන්ස් එක මිස් කරගත නොහැකි හෙයින් උදේ 7ට අපි සේවයට වාර්තා කළෙමු. 

ප/ලි:

අයියෝ ඩොලර්....අපේ බැච් එකේ ට්‍රෙනින් හොයන්න එහෙ මෙහෙ ඇවිදින්න, කන්න බොන්න, අපි හතර දෙනා තරම් වියදම් කරපු එකෙක්වත් නැතුව ඇති.

ඒත් මං මේ කල්පනා කලේ හීන මවාගෙන හිටපු එක කොම්පැනියකටවත්, එක සයිට් එකකටවත් යන්න උනේ නෑ....කවදාවත් යන්න බැරි වෙයි කියල හිතපු හෙන ප්‍රොජෙක්ට් එකකට එක පාරට යන්න හම්බුනා. දෙයියත් මාරයි... දෙනකොට බඩු යන්නම  දෙනවා... නැතිකොට මෑ ඇටයක් වත් නෑ...



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

Wednesday, November 7, 2012

අළුත් සයිට් එකේ එක එක කතා




අපි පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්ය. අපේ සයිට් එකේ සෙට් වෙන කෙල්ලෙක් ඇත්තේම නැත. ඉන්න උන්ගෙත් ඩිකි නැත. නැත්තන් බොනට් නැත. එක්කෝ දෙකම නැත. There is no Barrier under the බුරිය කිව්වට... මේවා නං නිකන් දුන්නත් තුනී ලෑලි සංස්ථාවටවත් ගන්නේ නැත. ඔක්කොම වෙන්නේ හොදටයි කියා කියමනක් ඇති හෙයින් අපි හිත හදාගන්නෙමු. ඒත් ඉන්න තැන කොච්චර කට්ට උනත් ෆන් එකේ ඉන්න ඕනෑය. මේ සති දෙකට එක එක ලොල් සිද්ධි වැහි වැහැලා තිබුනේය. සමහර ඒවා නං මතකත් නැත. උදේ 5 ඉදලා 11 වෙනකන් නන්ස්ටොප් කට්ටක්ය. මංරජා භාරව ඉන්න ෆෝමන් මහත්තයා නං ගින්දර බුවාය. ඕනේ කුණුහබ්බයක්, ඕනේ මගුලක් ප්‍රසිද්ධ වේදිකාවේ දිග හැරිය හැක. 

අපිව සයිට් එකේ වැඩට ගත්තේ විනය කියන එක මිශ්‍ර පාසලකට වඩා ඉහල මට්ටමක පවත්වා ගත යුතුය යන කොන්දේසිය මතය. මංරජා මතක ඇති කාලෙක එහෙම ඉස්කෝලෙකට නොගිය හෙයින් ඒක මට අදාල නැත. රජාගේ පැත්තේ වැඩකරන සෙට් එක නං සුපිරිය. වැඩ නොකලත් බුල කෙලින්න උපන් ගැන්සියය. මුං වැස්සට කියන්නේ කම්කරු දෙයියෝ කියලාය. එදා කුණාටුව තිබ්බ දවසය. අඩි 100ක් විතර උඩ ක්‍රේන් එකේ ඉන්න එකා පහල හෙල්පර්ගේ හෝකිටෝකියට මෙසේ කියන්නේය.

තව මීටර් 500යි.... 400යි...300යි...

මොනවද බං ඔය කියන්නේ?

කම්කරු දෙයියෝ එනවා මහත්තයා...මොකා???

වැස්ස එනවා මහත්තයා..වැස්ස... මුහුද දෙසින් එන සුදු පැහැ මීදුමු වලාවට අත දිගුකරමින් මූ කීවේය.
__________________________________________________

වසක්... පැසෙන්ජර් හොයිස්ට් එකේ පොඩි එකා හෙන හැපියෙන් ඉන්නේය. හේතුව සොයා බලන කල ඌ වටින කොල්ලක්ය. මූ හොයිස්ට් එකේ උදන් පහලට එනකොට එහා පැත්තේ හෝටලේ කාමරේ ජනේලෙකින් කොටු කොටු දර්ශනයක් දැක ත. මූ දැන් අපිට රකර කර කියන්නේය. කතාව අවසානය සිදුවූයේ අපේ පෝන් නම්බට දීමත්, අනිත් දවසේ ඔහොම එකක් දැක්ක ගමන් අපිට කෝල් එකක් දීපන් කීමය.

තව දවසක්... දහවෙනි තට්ටුවේ විතර පඩිපෙලක ඉදන් එකෙක් ක්‍රෙස්කැට් එක දිහාවට එබීගෙන ඉන්නේය.

මොනවද බං බලන්නේ?

නෑ මහත්තයා මේ..අද කරෝල වේලෙන්න දාලාද කියලා බැලුවේ...

හෑ... කරෝල?

ඔව් මහත්තයා... ඇයි අර පූල් එක ලග දාලා තියෙන්නේ වෙනදට. මූ ක්‍රෙස්කැට් එකේ පූල් එකට අත දිගුකරමින් කීවේය. වෙනට ඔතන සුද්දියෝ අව්ව තපින්නේය. 

ලගදි දවසටී ටයිම් එවෙලාවේ සයිට් ඔෆිස් එක ඇතුලේ එකෙක්ගේ පෝන් එකේ වැලක් ප්ලේ වෙලා තිබුනේය. ඕකටම ගියේ අර අළුතෙන් ආපු අය කියලාය. ඒ කියන්නේ අපිය. කෙත් ඉතින් වැරැද්දක් නැත. මූණෙ තියන පින් පාට හේතුවෙන් උන්ට එසේ හිතෙන්නට ඇත. එවෙලේ අපි ඔෆිස් එකේ හිටියෙත් නැත. අපි ඒක එයාලට පැහැදිලි කරලා දුන්නේය. අපි පෝන් එකේ වැල බැලුවේ 10දීය. දැන් බලන්නේ පුල් HD, 16 Inch මොනිටර් වලය. 
 ____________________________________________

මේ ඊයේ පෙරේදා මං රජා ස්ටෙයාකේස් එකක කම්බි බදිමින් සිටියේය. එකෙක් ජීඅයි බටයක් හොයාගෙන ආවේය. වැඩකරන සෙට් එක මූව බයිටට අල්ල ගත්තේය.

බට දෙන්න එපා කියලා තියෙන්නේ මේ මහත්තයා... ඔන්න ගෙනියනවනං ටක්ගාලා ගෙන්න ඕනේ. එකෙක් කීවේය.

හාකෝ කියූ අරූ බටේ ගෙනිහින් විනාඩි දෙකක් යන්න කලින් ආපහු උස්සන් ආවේය.

අයියෝ.... මෙයාට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ... අර මාළු බාන එකාට උනා දේ තමයි මූටත් උනේ...හිනාවෙමින් අරුං කීවේය.

මටත් නිකන් සෝට් වගේය. මොකද්ද යකෝ ඒ මාළු කතාව. මම ඇසුවෙමි.

ඇයි මහත්තයා දන්නේ නැද්ද? මෙහෙමයි සීන් එක....

“ඔන්න මාළු බාන එකෙක් හිටියා.. මිනිහට දවසක් මෙන්න මේ සයිස් මාළුවෙක් අහුවුනා. මාළු බාන එකා එහා පැත්තේ හිටපු එකාට කිව්වා මේ නං දෙයියන්ටම දෙන්න අහුවුන මාළුවෙක් කියලා. පස්සේ මිනිහට කල්පනා උනා දෙයියෝ මාළු කන්නේ නෑ නේද කියලා. ඌම කිව්වා... දෙයියන්ට මොකටද මාළු කියලා. එතකොටම මාළුවා අතෙන් පැනලා වතුර වැටුනා. කට ගොරකා ගෙඩිය කරගත්තු මිනිහා, අයියෝ... දෙයියන්ට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ කියලා කිව්වා.
__________________________________________________

මේ දවස් වල අපි සයිට් එකේ ඉන්න උන්ව හැමදාම අනුකරණය කරමින් පවතී. නමයට ඕෆ් වෙන දවස් වලට 8 විතර බුල ගහන්න පටන් ගන්නා අපි, ලොකු සීන් දෙන ස්ටාෆ් එකේ උන්ට නම් හදන්නෙමු. උන් ඇවිදින හැටි... කතා කරන හැටි අනුකරණය කරමින් 19 තට්ටුව මත නොමිලේ රගදක්වන්නෙමු. කෙල්ලන්ව අනුකරණය කරන එක තරම් ආතල් එකක් තවත් නැත. තව පොඩ්ඩෙන් කැට් වෝක් දාන්න ගිහින් ඇටත් තලා ගන්නේය. 

සයිට් එකේ වැඩ කරන වසයක උන් අපි කියන සමහර ඒවා ගනන් ගන්නේ නැත. මොකද අපි අළුත් හා පොඩි උන් වීම මත උන් අපිට බය නැත. සමහර උන් දෙන ලොකු ලයින් දැක්කහම ගඩොලකින් ගහලා මරන්න තරම් කේන්තිය. ඒත් බහුතරය නම් ආතල් සෙට් එකක්ය. 

ගාලුපාරෙන් යන උන් ක්‍රෙස් කැට් එක ඉස්සරහින් යන ගමන් ඊට ඉස්සරහ හදන බිල්ඩිමේ උඩ....ම තට්ටුව දිහා බලලා හූවක්වත් කියාගෙන යමල්ලා ඈ... නැත්තං මට කම්මැලීනේ :)

ප/ලි: 
ලින් පෝස්ටුවෙදි පොටෝ ගහලා දාන්න කිව්වට ක කරන්න බෑනේ සනා... සේෆ්ටි ඔෆිසර් කෙනෙක් දැක්කොත් මට රෙදිත් නැතුව මා ගෙදර එන්වෙන්නේ

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!